04 April 2010

වැහි අඳුර මැදින්...

එක පාරටම නැගිටලා වට පිට බලන කොට තමයි දැක්කේ ඔරලෝසුවෙ වෙලාව 6.45යි. ඒකත් හවස...
උදේ ඉදලම ඇවිදලා ඇවිත් මහන්සියට නාල කරලා නිදා ගත්තේ හවස තුනට විතර ඒ වෙලාවෙමයි වැස්ස පටන් ගත්තෙත්.
හොද සනීපෙට නින්ද ගියා...
උදේම ගෙදර ඇවිත් මෙ පැත්තේ ඇවිත් එහෙට මෙහෙට උත්තර බැඳලා නෙට් එකෙන් අහක් උනා.
ඊට පස්සේ රෙදි ටික එහෙම හෝදලා දාලා පුංචිලගේ ගෙදර ගියේ මගේ සල්ලි වගයක් දෙන්න එන්න කියලා තිබුනු නිසා.
ගිහින් ඒකත් අරගෙන තවත් පුංචි කෙනෙකුගේ ගෙදර ගියා.
දවස් ගානක්තිස්සේ එහෙ එන්න කියලා නංගී කෝල් කර කර කෑ ගහනවා ඉවරයක් නැති නිසා අද දවල් කෑමටත් එක්ක එහෙ එන්න පොරොන්දු වෙලා හිටි නිසා ගිහින් එන්න ගියා.
පුංචි කෙලි පැටික්කියෙක් ඉන්න නිසා
අනම් මනම් කැවිලි ජාති කීපයකුත් එක්ක අර චොකෝ වැනිලා කලවම් අයිස් ක්‍රීම් කප් එකකුත් අරන් ගියා ඉතින්..
ආ තව කෙල්ලගේ කේන්දරෙත් හදලා තිබුනා ඒකත් අරන් ගියා.
ගිහින් දවල්ටත් සප්පායම් වෙලා ටික වෙලාවක් ඉදලා ආවා...
හරිම වෙහෙසකරයි... ඒ පැය කීපය...

මිනිස්සු ජීවත් වෙන්නේ මොන තරම් අපිළිවෙලටද කියන එක දැකලා මට එපා උනා..

කිසිම පිළිවෙලක් නැහැ මිහිපිට අපාය කියලා කිවුවොත් මම නිවැරදියි.

ඇත්තටම ගෑනු කෙනෙක් ඉන්න තැනක මීට වඩා දෙයක් මම බලාපොරොත්තු වෙනවා.
දරුවෙක් එක්ක අමාරු තමයි. ඒත් මෙ තරම් අපිළිවෙලක්..?

මම මුකුත් නොකිවුවට පුංචි අම්මා දන්නවා මගේ හැටි.
ඒ නිසාදෝ මම වට පිට බලනකොටම මෙ අපේ දුවගේ වැඩවල හැටි තමයි කියලා කියලා දැම්මා..
මට පවු කියලත් හිතුනා.
කොහොම හරි හවස් වෙනකල් නොයිදම මම ආවා.

ඇවිත් නාලා නෙට් එකට එන්න හදන කොටම අකුණු ගහ ගගහා වහින්න ලෑස්ති උන නිසා ඔක්කෝම නවත්තලා දාලා නිදා ගත්තා.
ආයෙමත් ඇග පත හෝදගෙන තේ එකක් හදා ගෙන බීලා... රෑට කන්න මොනවා හරි ගේන්න හන්දිය පැත්තට ගියා.
එතකොටත් පොද වැස්ස..
කාලෙකට පස්සේ බයිසිකලේ නැතිව පයින් ගියේ..
ගිය ජනවාරිවල ආයතනයෙන් තිළිණයක් ලෙස ලැබුණු කුඩෙ ඔන්න අද තමයි දිග ඇරලා බැළුවෙ.
ඒක හොඳයි.
සෑහෙන අඳුරක් පාර පුරා පැතිරිලා..
ඒ මදිවට මඳ වැස්ස අමුතුම හඩක් නගමින් කුඩෙ මතට පතිත වෙනවා..
තරමක් අබලන් තාර පාර මත තැන තැන කුඩා වතුර කඩිති..
විටින් විට එන වාහන වල එළියෙන් හිමින් හිමින් ගෑටුවා..
වාහන රෝද වලට අසුවුන ජල පහරවල් වලින් ගැලවීම සඳහා හොඳ අවදානයෙන් යා යුතුයි.
මට මතක් උනේ අමරදේවගේ කබාය ඉරිලා ඊට කමක් නැහැ ගීතය..
ඇත්තටම අද ගේ හරියේ අරක්කු බින්දුවක්වත් නැහැ.
හවස එන ගමන් ගේන්න හිටියත් මොකක්දෝ හේතුවක් නිසා ඒකත් අමතක උනා.
මම ඉන්න හරියේ බීම හලක් නැති එක නම් හරි පාඩුවක්...
නැත්නම් මටත් අර ගීතයම මුමුණ මුමුණ හීනි අඩියක් දාන්න යන්න තිබුණා...
ටවුන් එකට කිලෝ මීටර 6ක් විතර යන්න ඔන.. දැන් මෙ වැස්සේ බයික් එක පදින්න බැහැ..
ඒ අදහස අතහැරලා දැම්මා..

හන්දියට ගියේ කොත්තුවක් හරි බිත්තර රොටී දෙකකුත් එක්ක පරාට කිහිපයක් හරි අරන් එන බලාපොරොත්තුවෙන්..
අද ඉරිදා නිසා නයිට් කඩෙත් වසා ඇත...
එපා වෙනවා...
ඒ ගමන මොනවා කරන්නද..? කවදත් මෙ වගේ අවස්ථාවලට පිහිට මැගී අක්කා තමයි.
නූඩ්ල්ස් පැකට් දෙක තුනකුයි බිත්තරයි අරගෙන මුරුක්කු ටිකකුත් හප හප ආපහු ආවා...

වැහි අඳුර මැදින් එන ගමනේදී පුදුමාකාර සිතිවිලි රාශියක් සිතේ ඇඳිලා ආපහු මැකිලා යනවා මට මතකයි.
ඒත් ඒ කිසිම දෙයක් මතක හිටියේ නැහැ..
ජීවිතේ ගලා ගෙන යනවා..
දවස් ගෙවිලා යනවා..
තව ටික දවසකින් මගේ උපන් දිනෙත් එනවා.
අළුත් අවුරුදුත් ඔන්න මෙන්න..
ඒත් අවුරුද්ද නම් මට ඒ තරම් වෙනසක් නැහැ.
අම්මා බලලා එන්න හෙට අනිද්දා ගිහින් එන්න ඔන.
අන්තිමට ගියේ ගිය අවුරුද්දේ අප්‍රියෙල් 8 වැනිදා..
මෙ අවුරුද්දෙත් එහෙම වෙවී.
මල්ලී ගෙදර නැති වෙලාවක් දැන ගෙන ගිහින් ගොඩ වෙලා ආපහු එන්න ඔන.
ප්‍රශ්න හදා ගන්න ඔන නැහැ.
මම ගෙදර ආව කියලා දැන ගත්ත ගමන් මිනිහා බලන්නේ දේපල ගැන මම මොනවා හරි කිවුවද කියලා දැන ගන්න මිසක් මම හොදින්ද කියලා දැනගන්න නෙවෙයි...
තණ්හාකාරයා.. මම මොකටද මිනිහාගේ හිතට ගින්දර දෙන්නේ...
ගිහින් ඉක්මනට අම්මවත් බලලා.. පොඩි එකාවත් බලලා ආපහු එන්න ඔන.
පණ තිබුණොත් ආයෙමත් ලබන අවුරුද්දට තමයි.

අළුත් අවුරුදු දවස් වලත් අපිට දවසක් ඇර දවසක් වැඩ.
ඒක හොඳයි. මට මෙ මාසේ වැඩ වැටෙන්නේ ඔත්තේ දවස්වල... 11..13..15..ඒ අනුව මම වැඩ.අනිත් අයගේ ඉල්ලීමක් තිබුනොත් 12..14..16 උනත් මම වැඩපලේම නවතිනවා.
උන් පවුල් කාරයෝනේ...
මට ගෙදර ඉදන් රූපවාහිනියේ අවුරුදු සිරිත් විරිත් බල බල ඉන්නවට වඩා වැඩ පොළට වෙලා නිදා ගෙන හිටියත් කමක් නැහැ.
අවුරුදු කන කට්ටිය ඒ දේවල් කර ගත්තදෙන්..
අන්තිමට මම අළුත් අවුරුදුදකට ගෙදර හිටියේ මට මතක විදියට 2000 අවුරුද්දටත් කලින්ද මන්දා ඒ ගැන මට හරියට මතකයක් නැහැ. කොහොමටත් මම කරපු රැකියාවල මට නිවාඩු තිබුනේ නැහැ අවුරුද්දට ගෙදර ඉන්න.

ඊට පස්සේ මහණ වෙලා හිටපු කාලේ...
ගම වටෙම රතිඤ්ඤා සද්දේ මම අහගෙන ඉන්නවා පන්සලට වෙලා. හුගාක් ලංකාවෙ පන්සල් වලට අවුරුදු දා දානේ වරදිනවා.
අපේ මහා බෞද්ධ උපාසක මහත්වරු අවුරුද්දේ ඉස්ඉස්සෙල්ලා පිනට දෙන්න අකමැතියි.

ඒත් මට හිටියා නොනගතේ වෙලාවෙත් කෑම ටික වරද්දන්නේ නැති උපාසක මහත්තයෙක්.
ඒ විතරක් නෙවෙයි, නැකතට කිරිබත් ටික කන්න කලින් මගේ පංගුව ඛෙදාගෙන පන්සලට දුවගෙන එන උපස්ථායක මහත්තයෙකුත් හිටියා.
නැකැත් වෙුන ගමන් පන්සලට හතර අතින් දානේ ගේනවා.
හුගාක් පන්සල්වලට එදාට වැඩියෙම ලැඛෙන්නේ කිරිබත් තමයි.
ඒත් මට එදාට දානේ වෙනදා වගේම ලැඛෙනවා
හුගාක් අම්මලා මා ගැන බැළුවා.
කොහොම හරි අවට පන්සල් වලටත් එදාට මම දානේ ඛෙදලා යවනවා.
සමහර පන්සල් වලින් කතා කරලා අහනවා.
"දානේ ලැබුනද "කියලා ඒ අයට දානේ නැතිව බව මම දන්නවා.
"අපේ හාමුදුරුවනේ මම දැන් ත්‍රීවීල් එකක ඔය පැත්තට දානෙ ටිකක් එවුවා"
කියපුවහම අනිත් පැත්තෙන් ඇහෙන වචන ටික හිතට ගෙනාවෙ පුදුම සතුටක්.
මම මහණ වෙන කාලේ අපේ පන්සලට දිනපතාවත් දානේ ලැබුණේ නැහැ. දවසක් ඇර දවසක් තමයි යන්තම් දානේ අරන් කවුරු හරි පන්සලට ගොඩ වෙන්නේ..
මම මහණ වෙන්න කලින් දවස්වල හිටපු හාමුදුරුවරු පුදුම දුකක් වින්ඳා..
හුගාක් දවස් වලට උදේ වෙල පිරිමහ ගත්තේ පන්සල් වත්තේ ගහකින් කඩා ගත්ත තැඹිළි ගෙඩියකින්..
දවල්ට පන්සලේ තියෙන පිරිකරක් විකුණලා ලැඛෙන මුදලින් මම සුදු හාල් ටිකක් ගෙනත් පරිප්පු හොද්දක් හදනවා,කරපිංචා කොළ ගොඩාක් දාලා. තව ඉතින් පොල් සම්බෝලයකුත් හදනවා.
ඒක ඉතින් ඒ දවස්වල හිටපු හාමුදුරුවරු තුන්දෙනාට දිව්‍ය බෝජනේ වගේ තමයි.
එහෙම තමයි ඒ දවස්වල බොහොම අමාරුවෙන් අපි කාලේ ගෙවුවෙ.

අවුරුද්දක් විතර එහෙම ගත උනා ඒකාලේ හාමුදුරුවන්ගේ සා ගින්දර නිවුව පිනම මට ඇති.
මම බොහොමයක් වෙලාවට ඔය කාලේ ගැන අපේ දායක මහත්වරුන් ට පින්කම් වලදී මතක් කරනවා.
ඒ වෙලාවට මගේ ඇස්වලින් කඳුළු වැටෙනවා මට නොතේරෙනවා නෙවෙයි. හරියට මෙ දැන් වගේම.

ඇත්තටම අන්තිමට මම මහණ වෙලා පන්සලට අයත් ගෙවල් තුන් හාරසීයක ගෙයක් ගෙයක් ගානේ පයින් ඇවිද්දා.
එහෙම ඇවිදලා මුළු ගමම සංවිධානය කරලා අරගෙන නැත්තටම නැතිවෙලා තිබුණු පන්සල කෙලින් කටින් හිටෙවුවෙ.

ඒ දවස්වල මාත් එක්ක ගෙයක් ගෙයක් ගානේ යන්න හිටියේ එකම එක කොල්ලයි.අද ඒ කොල්ලා හොඳ ලේඛකයෙක්.
විජය ආයතනයේ වැඩ කරන.
මම දන්නවා ඒකටත් කවදාවත් වරදින්නේ නැහැ.
වැඩිය තැළිලා පොඩිවෙලා නොහිටිය ඒ ළමයා මට පුදුම ශක්තියක් උනා.

ඒවගේ දුෂ්කරව තිබුණු පන්සල අළුත් අවුරුද්දට අවට පන්සල් වලටත් දානේ සරි කරලා දෙන මට්ටමට ගෙන ආව සතුට මට අදටත් තියෙනවා.

මෙ අකුරු ටික ලියද්දී මගේ ඇස් බොඳවෙගන යන එක නවත්තන්න මට බැහැ.
අතීතය කියන්නේ බොහෝම ලස්සන කාලයක්..
ඒ තුළ දුක සතුට මිශ්‍ර වෙලා තියෙනවා..

හෙට අනිද්දටත් අළුත් අවුරුද්දක් ඒවි.
වෙනදා වගේම අනිත් අය අවුරුදු කන හැටි බලලා මම සතුටු වෙනවා.
මෙ විදියට තව කොයි තරම් කාලයක් ජීවත් වෙන්නද කියන එක මමදන්නේ නැහැ..

ඇත්තටම වැස්සේ තෙමි තෙමි හරි ගිහින් ඛෙහෙත් බෝතලේ ගෙනාව නම් අද හුගක් විඳින්න තිබුනා කියලා මට හිතෙනවා.. මෙ මතකත් එක්ක...

අඳුරු අහස.. සීත සුළග..
සිහින් සරින් වැටෙන වැස්ස..
අතීතයට මා කැඳවයි..
මතක පොතේ පිටු අතරින්..
හිස් වී ඇති මී බඳුනේ..
අඩුව මකාලන්න නැතිව..
සැදෑ සමය ගෙවී ගියා..
රාත්‍රියේ අඳුර මැදින්...

23 comments:

  1. මතක පොතේ පිටු ගැලවී සුළඟෙ ගියාවේ
    ඔබයි මමයි තනි රකිනා නිහඬ විමානේ

    ReplyDelete
  2. මාර වැඩේ චතුෂ. මගෙ උපන් දිනෙත් මැයි මාසෙ... අම්මෝ දැන් මම නාකි .

    ReplyDelete
  3. ඔන්න ඉතින් දැන් මතක් වෙන්නේ
    "කබාය ඉරිලා" ගීතය නෙවෙයි..
    "කොළොම්තොට නැත මහළු වී ..
    අවන් හල නැත පැරණි වී.."

    මැයි මාසේ උපන් අපි වැනි නාකි තනිකඩ උදවිය එකතු වෙලා සංගමයක් පිහිටවමු නේ..

    ReplyDelete
  4. හෙන නාකි ඩබල.... මෙ තාම අවුරුදු 30 හයි .. හිතන් ඉන්නෙ දැන් හෙන අද්දැකිම් බහුල.. පරිනත පොරවල්, පොරිවල් කියලා.. හැබැටම මුන් දෙන්නව මුණට මුලිච්චි උනොත් ගහනවා.. "අම්මො.. මම බඳින්නම්... ගහන්න එපා රවා මාමෙ" කියනකම්. හීනි කොටුවක් කඩා ගෙන දෙන්නෙ... කකුල් දෙකෙ පාර හිටින්න... මුන් තාම දරුවො.. මුන්ගෙ කරදඩූ මහත් උනාට තාම තනියම පාරෙ අරින්න බැහැ...හික් හික්..හික් හික්..හික් හික්..හික් හික්..

    ReplyDelete
  5. රවා...

    අනේ මගෙ කට..
    උඹයි උඛෙ කෝටුවයි..
    අහුවෙයන්කෝ...

    ReplyDelete
  6. මේ හතර දෙනා, අනම් මනම් නෙමෙයි... ජූනි මාසේ සෙට් වෙමු හරි...? මම නයිටක් ගහනවා...මට නිදාගන්න අඩි පහමාරක ඉඩක් තිබුනනම් ඇති... ඕන බීම ජාති කියහල්ලා... හැම්දාම සෙට් වෙන එකක්ය... මූ කතා ගෝනියක්නේ...
    රවා උඹලා තාම සෙට් වුනේ නැද්ද බං....! හරි සුද්ද බුද්ද කරං හිටහල්ලා... ඔය වත් නංගිට යන්න කරන්න ක්‍රමයක් සෙට් කරමු ... නැත්නම් අපේ ගෙදර ඔක්කොම සෙට් වෙමු හරි... මග හැරියොත් දන්නවනේ, සුදු වෑන් තමා... උඹලා අර දිල් නංගිගේ අඩවියේ දාපු පාට් (පුලුන් අතේ තබා පිඹීම, තාප්පේ පාප්ප ගා එල්ලීම) no chance හරි...

    ReplyDelete
  7. හරි හරි තිස්ස අයියා ඔයා ඉන්නවනම් .. මම බය නැහැ.... ඔනා තැනකට එනවා... හැබැයි එක පොරොන්දුවක් මාරයා මම කියන කතාවලට මරන්න එලවද්දි ඔයා මාව හංග ගන්න ඔනා.. හරි...

    ReplyDelete
  8. මරන්න.. මෙ මම..
    ඒ ඉතින් මට ඉතුරු උනොත්නේ..
    චන්දෙන් පස්සේ ඉතුරු උනොත් බලා ගමුකෝ...

    ReplyDelete
  9. නව කතාවක් කියෙව්ව වගෙ...
    ඒත් මං දන්නව මේක ඇත්ත කතාවක් කියල...
    හිතට දැනෙන දේවල් ලියවෙන්නෙත් නෑ...
    මං වැඩිය මාරයිය ගැන දන්නෙ නෑ...
    හැබැයි දන්න ටික හොඳටෝම ඇති කියල හිතෙනව...
    හැබෑවටම මාරයිය මහ පුදුම මනුස්සයෙක් නොවැ...
    අදහන්න වටින...

    ReplyDelete
  10. sansarasidu...

    ජීවිතේ කියන්නේ නව කතාවකටත් වඩා ලස්සන මහ දිග කතාවක් මල්ලී...

    ReplyDelete
  11. කොහොමද ඩිපෙන්ඩ්‍ර් හතරකින් එහෙම බැහැලා මාරයව හොයද්දි..ඔයාගෙ ලිපිය ගැන වැදගත් යමක් ලියන්න තියනවා මම එක පස්සෙ ලියන්නම්.. ඔයා දැනගන්න ඔනා මම එක දන්නවා කියලා..

    ReplyDelete
  12. අනේ මම නම් දන්නේ නෑ

    ReplyDelete
  13. ලංකාවෙ දානය දෙන්නෙත් පංගු බේරුවට මාරයියෙ...... කොළඹ පන්සල් වලට ලැබෙන්නෙ දාන නෙවෙයි රාජ බෝජන..... කමක් නෑ කෙනෙක් එහෙම දුන්නට.. ඒත් ඊට කලින් හිතනවනම් හොඳයි දානෙට පාන් කෑල්ලක්වත් නැති හාමුදුරුවරු ඈත පලාත් වල ඉන්න බව...... මාරයියගෙ මේ ලිපිය මට ඒ වගේ හුඟක් කතා මතක් කලා...

    ReplyDelete
  14. මොනවා නැතත් ඇත්තම ලියනවා නේද ? මම හරිම කැමතියි අයියගෙ ඒ අවංක කමට...

    ඒක නෙමේ මාරයියේ ඔය වයසට යන්නෙ නැතුව නවත්තගන්න ක්‍රමයක් නැද්ද ඇත්තටම ?

    ReplyDelete
  15. දිල් ටත් වයස ප්‍රශ්නයක් වගේ

    ReplyDelete
  16. මම කොහොමද කොළඹ එන්නෙ. මම ඉන්නෙ ගොඩක් දුර. ගිය පාර ඇවිල්ලත් එක්කෙනෙක් කෝල් කරල ඇහුව දැන් කොහොද ඉන්නෙ කියල හිතා ගන්න බැරිවුනා. දැන්වීම් ලෑල්ලක්වත් නැහැ බලා ගන්න. පස්සෙ ලඟ ඉන්න කෙනෙක්ගෙන් අහල කීවෙ...අනේ මන්ද මට එන්න බැරි වෙයි අයියා.....

    ReplyDelete
  17. OK plan C: රවා... මාරයා... place එක මාතර... transport මගෙන්... හරි නංගී ප්‍රස්නේ විසඳුනා....

    ReplyDelete
  18. මට මෙ ලංකාවෙ ඇතුලෙ ඔනැම තැනකට විසා තියනවා... ඔනා එකක් ඔට්ටුයි.. මෙ මාරයා ව මට ෂුවර් නැහැ..
    වෙන්වෙද්දි දැනෙන දුකට මාරයා බයයි නෙ..
    මිනිස්සුන්ට ලං වෙන්නත්, ලං වෙනවටත් මාරයා බයයි..
    යකො මු පුදුම මාරයෙක් නෙ..

    එයි සිඟිති මාරයා...

    ඇඩ්‍රස් එක, ටෙල්පොන් නොම් එක.. මුකුත් දුන්නෙ නැහැ..

    නැත්තම් මෙලාහටත් මගෙන් බොතල් පාරක් ඇණගෙන බඩට..

    හික්...හික්..හික්...

    (ආදරෙට කරන අපහාස උපහාස)

    ReplyDelete
  19. සුළඟ ට /

    තාම නෑ. ඒත් මම අපේ මාරයියගෙ වයස ගැන දුක්වෙනවා. මොකද අපේ වයස හරියද්දි එයාට අඩගහන්න එයා යහතින් ඉන්න ඕනෙනෙ...නැද්ද මම අහන්නේ ?

    ReplyDelete
  20. දිල් අක්කට වයසට යන්නෙ නැති වෙන්න ඔනා නම් බෙහෙතක් තියනවා මා ලඟ හැමදාම තරුන වෙලාද ඉන්න ඔනා....

    ReplyDelete
  21. ඉතින් කට්ටිය මෙ පැත්තේ ඇවිත් ගිහින් වගේ...
    දැන්නේ ඉතින් මට එන්ට අවසර ලැබුනේ...

    විශ්මි...
    ඔයාගේ කතාව සහතික ඇත්ත..

    දිල්...
    ඇත්තම කියන එක බොරු කියලා පස්සේ ඒවා වහන්න තව බොරු හද හද මහන්සි වෙනවට වඩා හුගාක් පහසුයි...
    වයසට යන එක නවත්තන්නේ මොටද දිල්... වයසට යන්න යන්න මම මටම තව ළං වෙනවා නෙව..

    සුළග...
    හ්ම් හ්ම් ඒ වගේ නේද..?

    වත්...
    ඒ ගැන නම් කියලා වැඩක් නැහැ..
    අන්තිමට අපිට වෙන්නේ අතරමං වෙච්ච අය හොය හොය ඉන්න තමයි.

    තිස්ස අයියා...
    මෙන්න මාත් අත් දෙකම ඉස්සුවා...

    රවා...
    උඹට නම් දැන් මම වෙලාවක තැපෑලෙන් බෝම්බයක් එවනවා..

    දිල්...
    බය වෙන්න එපා කොහොම උනත් මම වෙලාවට ඇවිත් ඇති..

    රවා...
    දැනටම නාකියි...
    දැන් ඛෙහෙත් කරලා වැඩක් නැහැ.
    ආච්චිව ලමිස්සී කරන්න පුළුවන්ද..?

    ReplyDelete
  22. උබ ගැන මම දන්නේ නැහ වැඩිය. ඒත් උබෙ බ්ලොග් එක කියවනවා. වැඩිය කොමෙන්ට් නම් කරන්නේ නැහ කොල්ලො. උබ ගැන ආඩම්බරයක් දැනෙනවා.

    හිතෙන දෙවල් නම් හුඟාක් කොල්ලො. ඒත් ලියන්න බැහ.
    උබට සුබ පතනවා.

    ReplyDelete