06 April 2010

මෙය කාගේද..?

ආදරෙයි නම් මා හට ඔබ ඇයි
රිදවන්නේ මෙතරම්..
කී දෙයක් කිසි විටකත් බොරු නොව
ඇත්තමයි එතරම්..
ආදරෙයි මා ආදරෙයි මා
මුළු ලෝකයක් තරම්..

ජීවිතේ මගෙ මා සතු නොම වෙ
එය ඔබගෙමයි කියා..
කීවෙ මා සොඳුරියෙ මගෙ පණ නල
ඔබ සන්තකේ තියා..
ඉතින් අසනු මැන මගෙ හද රිද්මය
ඔඛෙ නමින් සැලෙනා..

දහසක් හැගුමන් සහසක් පැතුමන්
අහසට වඩා තනා..
ජීවිත ගමනේ තනිව යන්න බැහැ
ඔබ නැති කල මතු දා..
ඉතින් අසනු මැන මා සුන්දරියේ
මා ආදරෙයි සදා...
මා ආදරෙයි සදා...

26 comments:

  1. මෙච්චර ආදරේ වෙලත් මොකද එයාට ඈහෙන්නෙ නැත්තෙ ....

    ReplyDelete
  2. ඈත්තටම එයා හරිම ලස්නයි චතුෂ... මේ පද ටිකත් එයා වගේම ලස්සනයි. ගීතයකට නම් කියාපු පද වැල්.ලස්සන දකින ඈහැකුත් දැන් අපිට පේනව නෙව.

    ReplyDelete
  3. wath...
    උත්තරෙ වෙනුවට මම තව කතාවක් කියන්නම්.

    මම කාලයක් සීටීබී කොන්දොස්තරත් වෙලා හිටියනේ.
    එහෙ ඉද්දී එක දවසක් මම වැඩ කරන බස් එකත් ඇතුළුව බස් කීපයක් දුන්නා එක්තරා පාසලක පෞද්ගලික ගමනකට.
    එදා ඒ ගමන යද්දී මම හිටපු තැනට සීට් දෙකක් විතර ඉස්සරහින් ගෑනු ළමයෙක් හිටියා.
    පුදුම ලස්සනයි, අහින්සකයි,මම යන එනකල් බලාගෙන ගියේ මෙ ළමයා දිහාම තමා.
    වැරදියට හිතන්න එපා. ඇත්තටම ආදරෙ හිතෙනවා දැක්කම.
    ඒ ළමයත් මා දිහා බළලා හිනා වෙනවා ඉදලා හිටලා...බොහෝම අසරණව..
    මටත් ඉතින් කරන්න දෙයක් නැහැ.
    ගමන පැය කීපයයි. කඩුවෙල පැත්තේ මළ ගෙදරකට ගියේ. පාසල දළුගම තිබුනේ.
    අපේ වැප් සහෝදරයා නම් පාසල දන්නවා ඇති මගෙ හිතේ...
    මම කිවුව කතාව හරියටම තේරුම් ගන්න නම් පාසල මොකක්ද කියලා දැන ගන්නම ඔන.
    ඒ පැය කීපයක ගමන වසර 12කට විතර පස්සෙත් අදටත් මට අමතක නෑ..

    ReplyDelete
  4. පාසලේ පිහිටීම හරියටම කියනවා නම්..
    කැළණි සරසවියයි කන්ට්‍රාස් සිනමා හලයි අතර පල්ලමෙ සරසවිය පැත්තටම වෙන්න තිබුනේ..

    ReplyDelete
  5. wath...
    ඔයා අද නේද ඒ දේවල් දැක්කේ..

    ReplyDelete
  6. ලස්සන සින්දුවක් අර කිව්වත් වගෙ. මාරයියා මාර සින්දු මාරයෙක් නෙ.. ලස්සනයි ලඟදිද ලිව්වෙ නැත්නම් පරණ ලියපු සින්දුවක්ද..

    ලස්සනයි ඇත්තටම...

    ReplyDelete
  7. "කීවෙ මා සොඳුරියෙ මගෙ පණ නල" හිතු ගත් කොටස

    ReplyDelete
  8. මාරයියා.. මම ඔය පින්තුර ටික ගොඩක් කාලෙකට කලින් දැක්කෙ.. දන්නවානෙ මගෙ හැටි ශර්ලොක් රවා හොම්ස්.. මට එවෙලාවෙ හිතුනා ඔයා හරි කියලා.. ඔයගෙ හිතෙ දුවන දෙවල් අනුමාන කරන්න උත්සහා කරා..
    ඔයා මට වැඩිය වයසින් වැඩි කෙනෙක්.. හිතුවක්කාර දඩබ්බර කෙනෙක්.. නමුත් මට දුකයි මෙ හිතුවක්කාර කම ඔයාව තවත් අදුරෙ දාමාවිද කියලා. මම ආදරෙ කරපු කෙනත් ගොඩාක් ලස්සන කෙනෙක්. මම ලඟ ඉද්දි මගෙ යහලුවො කියන්නෙ "අන්න තැඹිලි කොම්බෙට කාක්කෙක් වහලා ඉන්නවා බලහල්ලා" කියලා..මාවත් තනි උනා.. එත් මම එයා වෙනුවෙන් ජිවිත කාලෙම බලන් ඉන්න එකක් නැහැ. මම එයාටත් ගොඩක් ආදරෙයි.. එත් මමත් මනුස්සයෙක්.. මම හදවතට ලොකු වංචාවක් කරගෙන ජිවත් උනත් මැරෙන දවසකට මට සතුටෙන් යන්න පුළුවන් කියන දෙ මම ලබාගන්නවා කොහොම හරි..මෙ ලොකෙ ඉපදුනු සතෙක්ගෙ තියන ලොකුම දෙ වටිනාම දෙ වැදගත් ම දෙ එ සතාගෙ නම, ගුණ සුවඳ ගෙනියන ඌගෙ පැටියා කියන එක.. එ වෙනුවෙන් ඔනැම තරමක රැවටිමක් දරාගන්න පුළුවන්.. අපි මනුස්සයොනෙ..
    දුකයි කියලා ඇතට වෙලා ඉන්න එපා.. ගින්නට පනින්න, පැනලා පිච්චිලා බලන්න ආපහු පාරක්...

    මම හිතනවා මෙ ලොකෙ කිසිම මනුස්සයෙක් තනිකමින් දුකෙන්, ඉන්න හොද නැහැ කියලා.. මම නම් දුකට බොන්නෙත් නැහැ.. හැබැයි බොන වෙලාවට පැලෙන්න බොනවා..වමනෙ ගිහිල්ලා ඇදගෙන වැටිලා බඩ ගාගෙන යන තරමටම..

    ReplyDelete
  9. අම්මෝ...දැක්කෙ නැති දවස් දෙක තුනට මෙයා වෙනස් වෙලා තියෙන තරමක්.අවතාරෙත් වෙනස් වෙලා.....ප්‍රේමණීය කවිපද ගොතනවා...මොනතරමක් වෙනස් ද?

    පැලෙන්න සතුටුයි මාරයියේ...දිල්ගෙ ඇස්වලට කඳුළුත් ආවා...
    පණ්ඩිතයා වගේ දැන් කියවන්න එපා අර පරන තැටිය " අනේ නගේ බැඳීම් එපා....." :o හොදඳ

    ReplyDelete
  10. මාරයා අයියේ මට හිතෙන්නේත් රවා අයියා කියනදේ හරි කියලා.මං ඔයාගේ බ්ලොග් කියවනවා.මට වෙලාවකට තරහත් යනවා අයියෙ ඔයත් එක්ක.ඇයි ඔයාගේ ජිවිතේ ඔයතරම් විනසකරගන්න දගලන්නෙ.හොදට ඇස් ඇරලා වට පිට බැලුවොත් තේරෙයි ඔයාට ගොඩාක් අදරෙ කරන කෙනෙක් ලගම ඉන්නවා කියලා.ඔයා තනි වෙලා නෑ කියලා.
    "ඔයා ආදරේ කරන කෙනාට වඩා ඔයාට ආදරේ කරන කෙනාට ආදරේ කරන්න"

    ReplyDelete
  11. මම,
    ඒක ඇත්ත.මම 9 වසරේ ඉඳන් මගේ හොඳම යාළුවන් අතර එක ගැහැණු ළමයයි හිටියේ.අපි දෙන්නගේ යාළුකම නිසා ඒකට යටින් කාටත් හොරා ගලාගෙන ගිය එයාගේ ආදරය මම තේරුම් ගත්තේ අවුරුදු හතරකට පස්සේ.අදවනවිට මගේ හොඳම යෙහෙළිය,සහොදරිය,පෙම්වතිය ඇයයි.

    ජිවිතය දිහා සුන්දරව බලන්න අයියේ.අපි නොදැන අපිට ආදරය කරන අය අප ළඟම ඉන්නවා.

    ReplyDelete
  12. බලන් ගියහම ලස්සන දේවල් අමතක වෙන්නෙ නැහැ නෙව. ඒකත් ඉතින් පින තමයි.
    මේ ආත්මෙ කැවුමක්වත් පූජා කරන්න වෙයි වගේ ලබන ආත්මෙ ලස්සන වෙන්න කියල.

    මම මේ කාටත් දැන ගන්න කියන්නෙ. රවා හරිම ලස්සන පුංචි කොල්ලෙක්.ඕනම ලස්සන කෙල්ලකට ( බාහිරව) ගැලපෙනව.

    චතුෂ මම මේ පින්තූර දැක්කෙ ඔයා යන්නම යනව කියල ගිය දවසෙ. ඒ පින්තූර මට පෙන්නුවෙත් වෙන කෙනෙක්. මම කොහොමත් හැමදේම සොයන කෙනෙක් නෙමෙයි කියල ශයා දන්නව ඈති කියල හිතනව.

    ඒ ගතිගුණය ගොඩක් වෙලාවට මගේ අවාසියට හිටිනව. දේවල් ගැන ගන්න කොට හැමවෙලේම මම පරක්කු වැඩියි.

    ඒත් පුද්ගලයා හිතට ගොඩක් ග නම් හොරෙක් මිනීමරැවෙක් වුනත් යාළුකම දිගටම තියා ගන්න කෙනෙක් මම.

    පුද්ගල බද්ධ දේවල් මට වැඩක් නැහැ.

    ReplyDelete
  13. යාළුකම ආදරයක් වෙනව කියන්නේ කිරි හැලියට ගොම බින්දුවක් වැටුන වගේ කියල මට හිතෙනව. මොකද එතකොට ​කෝ යාළුවෙක්....?????

    ReplyDelete
  14. රවා...

    හිමින් සීරුවෙ මට කාක්කා කිවුවද මන්දා..? හා හා කමක් නැහැ.
    මෙක කවදා ලිවුවද කියලා මම දන්නේ නැහැ. හැබැයි ගිය අවුරුද්දේ තමයි.
    මගේ කේන්දර බලන කොට පාවිච්චි කරන කටු සටහන් පොතක තිබිලා ඊයේ හම්බ උනේ.
    මං හිතන විදියට හොදටම බීලා වැඩි උන වෙලාවක ලියපු එකක් වෙන්න ඔන.

    අනිත් උපදෙස් පිළිබඳව කියනවනම් ඉතින් මං බීරි අලියා

    ReplyDelete
  15. මම : මෙච්චර ආදරේ වෙලත් මොකද එයාට ඈහෙන්නෙ නැත්තෙ ....

    මාරයා : මම කිවුව කතාව හරියටම තේරුම් ගන්න නම් පාසල මොකක්ද කියලා දැන ගන්නම ඔන.

    එතකොට ඒ ස්කෝලෙ ගොළු බිහිරි පාසලක් ද?

    ReplyDelete
  16. wath...

    ම් සුභ උදෑසනත් වෙවා..
    උදෙන්ම මෙ පැත්තේ ඇවිත් වගේ...
    ඇත්ත යාළුකම ආදරයකට පෙරලීම සුන්දර උනාට.. දවසක තමන්ට යාළුවයි ආදරයයි දෙකම අහිමි වීම කියන භයානක අත්දැකීමට මුහුණ දීමට පාර කපා ගැනීමක්.

    ReplyDelete
  17. wath...

    ඔයාගේ උත්තරය සාර්ථකයි.
    ඒ පාසල බිහිරි දරුවන්ගේ පාසලක්.

    ReplyDelete
  18. වැප් ...

    වැප් මචා දන්නවා නේද මම කියපු පාසල.
    මගෙ හිතේ ඒක "එන්.ජී.ඔ" එකකින් ආධාර මත කරගෙන ගියේ...

    ReplyDelete
  19. දිල්...

    හා හා නගේ බලාගෙන.
    පැලෙන්න එපා. හොඳේ..

    ඔක ප්‍රේමණීය වගේ කියලා හිතෙනවද..?
    අනේ මන්දා.. අපි දුකට ලියපු දේවළුත් දිල්ට සතුටට කරුණු වෙලා.

    ReplyDelete
  20. මම...

    මට සගේ අවට වෙන දේවල් නොපෙනෙනවා නොවෙ.
    ඒත් මීට කළිනුත් එහෙම පේන දේට, දැනෙන දේට, සංවෙදී වෙන්න ගිහින් තමයි මට උන තරමක් දේවල් උනේ..

    මම ළං වෙනවට වඩා මට ලං වෙන අය වැඩියි. ඒත් අන්තිමට ජීවිතේට එන්න පාර ඇරලා දැම්මට පස්සේ ඒ අය ඇවිත් මගේ හැම දේමත් සොරාගෙන යන්නම යනවා. මොකද අර ඇරලා දාපු දොර මට වහලා දාන්න අමතක වෙනවා.
    ඒ නිසා මෙ හොදා..

    ReplyDelete
  21. ගලා...

    සුභ පතනවා මල්ලියේ උඹට.
    හැමෝගෙම කතාව එකම අවසානයකින් ලිය වෙන්නේ නැහැනේ.
    ඉතින් මගේ කතාව ඉවර වෙන්නේ ඔයාගේ කතාව වගේ නෙවෙයි.
    "ඉක්බිති.. කතා නායකයා හැර අන් සියල්ලෝ සතුටින් සිටියහ කියලා" තමයි.
    ඒත් මදෑ...

    ReplyDelete
  22. මාරයා අයියේ...
    ඔයාට එහෙම වෙලා ඇති...ඒ ඔයා ආදරේ කලාට ඔයාට ආදරේ නොකල අයවලුන්ගෙන්.මං කියන්නේ...ඔයාට අදරෙ කරන කෙනෙක් හොයා ගන්න කියලානේ...ඔය දොර තව එකම එක පාරක් ඇරලා බලන්න.බයවෙන්න එපා.හරියන්න හරි අයෙමත් වරදින්න හරි අභියොගය බරගන්නවද මගේ...
    "ප්‍රාර්තනා කරනවා මරයා අයියට අදරේ කරන්න සොදුරු සිතක් හමුවෙන්න..."කියලා

    ReplyDelete
  23. This comment has been removed by the author.

    ReplyDelete
  24. "ඉක්බිති.. කතා නායකයා හැර අන් සියල්ලෝ සතුටින් සිටියහ කියලා"

    මොකද්ද අර මෛත්‍රීපාල සිරිසේන කිව්වේ එක දවසක්.....????

    ReplyDelete
  25. මාරයියා ම හිතපුදෙ හැරි එහෙනම් මෙක ඔයා ලියපු පරණ එකක්.. නෙද...? හරි කමක් නැහැ ඔයා දොරවල් වහන් ඉන්නෙ ඇයි කියලා ඔයා කියන්න කලින් දන්නවා මම... අයියා මම උඹට මෙච්චර ආදරෙන් කතා කරන්නෙ වෙන මුකුත් නෙමෙ උඹට වුනු දෙම තමයි මටත් උනෙ.... මමත් වෙදනාව හංග ගන්න උත්සහා කරාට බැහැ එක කරන්න.. එහෙන් මෙහෙන් එලියට එනවා.. අපිත් මනුස්සයොනෙ.. වරදිනවා වැටෙනවා නැගිටිනවා.. කාමරෙ දොර වහෙගෙන ජනෙලෙන් එලියට ඔලුව දාගෙන පාරෙ යන අයට මොනවද මෙ කියන්නෙ... එලියට ඇවිල්ලා පාරට බැහැලා...බලන්න එක කෙනෙක් ඔයාව කකුල් ගැට දාලා වට්ටද්දි තව දහ දෙනෙක් ඉන්නවා ඔයාව අත දිලා නැගිට්ටවන්න..බැදීම් කියන එවා හදවත්ටත් හොරෙන් ඇතිවෙන දෙවල්....මොන දෙ උනත් බලාපොරොත්තුවක් හිතෙ ඇති කරගන්න ඔනා තමුන්ගෙම කියලා පැටියෙක් මෙ ලොකෙ ඉන්න ඔනා තමුන් මෙ ලොකෙන් යද්දි.. ලැයිසන් අරගෙන හරි ලැයිසන් නැතුව හරි කමක් නැහැ...හික් ...හික්..

    ReplyDelete