08 April 2010

එන්නේ කවදාද යන්නට මා කැන්දා...

හෙට දින හිරු සමග යළි පායා එන්න..
අද දින යා යුතුය ගමනක් මා යන්න..
මෙතුවක් කලක් නොදුටුව ලොව දැක ගන්න..
වහ වහ මෙහි ඇවිත් මා කැඳවා යන්න...

උපන් දා සිටම මෙතුවක් කල් යැවුවා..
තවත් බල බලා ඉන්නට සිත් නැතුවා..
කුමක් හෝ වෙසින් විගසින් මෙහි කැඳුවා..
නුඹත් සමග යන්නට ඉවසිලි නැතුවා...

දුටුවෙ මිරිගුවකි බැළු බැළු සතර අත..
වින්දේ දුක තමයි සැමදා සෑම විට..
නින්දේ පවා නුඹ ඒ යැයි සිතාගෙන..
වින්දේ මා දුකක් නොව සතුටකි මිතුර...

බඳවා යුගත් දෑගිළි ලය මත රන්දා..
පියවා නෙතු සොඳින් වත කළු පැහැ ගන්වා..
හඩවා සිත් සතන් මෙතුවක් කළ නින්දා..
එන්නේ කවදාද යන්නට මා කැන්දා...

27 comments:

  1. එල මචං..
    නියම ආරාධනාව....
    බලාගෙන ඉක්මනටම ඒවී...

    /බිඟුවා...!

    ReplyDelete
  2. කවි ටික නම් ලස්සනයි... ආරාධනාව ගැන නම්........
    අනේ මංදා ලස්සන නිර්මාණයක් අයියේ.....

    ReplyDelete
  3. මෙන්න බැඳීම් සසර දුකයි කියන කෙනා බැඳීමක් හිත ඇතුලෙ තද කරගෙන දුක් විඳින තරම.......

    බලාගෙන ඉන්න එක මට නම් සතුටක් අයියේ....ඒවි ඒවි...ඔන්න ඔහෙ උන්න වගේම තව ටිකක් කල බලාගෙන ඉන්නකෝ............

    ReplyDelete
  4. දිල්...

    බලන් ඉන්නවා නෙවෙන්නම්...

    මෙ ඒක නෙවෙයි නගෝ කෝ මෙ කස්ටිය..?
    චන්දෙ වැඩට ගිහින් උස්සලාද..?
    කවුරුවත්ම අළුතින් මුකුත් ලියලා නැහැ නෙව.

    ReplyDelete
  5. බිඟුවා...

    ස්තූතියි...

    හා පැටික්කි...

    හා පැංචිටත් ස්තූතියි.

    ReplyDelete
  6. කට්ටියම ගමේ ගිහිල්ල ඇති අයියේ...දිග නිවාඩුවක් නේ....මාත් කම්මැලි කමට නොයා උන්නේ. ලගදිත් ගිහින් ආව නිසා. ආයෙමත් ඉරිදට යනවා ඉතින්....

    මගෙ සේනාධිපතිත් පේන්න නම් නෑ......
    ඡන්ද ගනන් කරන්නවත් ගිහිල්ලද දන්නෙත් නෑ :D

    ReplyDelete
  7. වෙන්න බෑ සේනාධිපතිට වැඩිම ගාණ ගන්න පුළුවන් දහයට විතරයි.

    ReplyDelete
  8. අනිත් අයටනම් කොහොම තේරුනාද මංදා.මාරයියේ මට පේන්නේ මේක නිකන් මරනයට අරාධනාවක් වගේ කියලා.ඔයාම කියන්නකො කාටද මෙ ආරධනාව කියලා...

    ReplyDelete
  9. මම...

    දැන් මෙ ළමයාටත් යමක් කමක් තේරෙනවා නෙව...

    ReplyDelete
  10. අයියෝ මාරයියේ ඔයාවනම් හදන්න බෑ අනේ.ඔයා හැම වෙලෙම හිතන්නේ මහ පිස්සු විදිහටනේ

    ReplyDelete
  11. මම...

    පිස්සෙක් ඉතින් පිස්සු විදියට හිතන්නේ නැත්නම් ඌ පිස්සෙක්ද නගා..?

    හරි හරි මම මෙහෙම කියන්නම්කෝ..
    ඔයාටනම් තාමත් යමක් කමක් තේරෙන්නේ නැහැ..

    ReplyDelete
  12. ඔව් ඔව්...තේරෙන් නැත්තම් හොදයි කියලා මටත් දැන් හිතෙනවා.
    ඔය පේන්නේ කරුනු කරනා හොදට තේරේන කට්ටියගේ සිතුම් පැතුම්..

    අනේ මංදා...කිව්වා නාහන ගුරු උඩින් ගියත් එකයි බිමින් ගියත් එකයි.

    ReplyDelete
  13. මම කැමති නැහැ අපෙ එකෙකුට කවුරුවත් පිස්සා ... පිස්සා කියලා කියනවට... කියනවා නම් තොපි ඔක්කොටම පිස්සු කියලා කියන්න ඔනා...

    මාරයියා කවි ටික එල.. තව ටික දවසකින් බඩුම තමයි.. කොහෙටද යන්න ඔනා.. කොහෙටද යන්න ඔනා, ඇමරිකාවටද පින්ලන්තයටද.. නැත්තම් ඉතියොපියාවට...ද .. යන හැටි දන්නවත් ඇතිනෙ පංසලෙ ඉදලා තියනවා නෙ..?

    ReplyDelete
  14. ඔයාට යන්න ඕන තැනට හෙවත් ඔයා පුලා පුලා කැන්දන් යන්න එන්න කියන කෙනා ලඟට පහසුවෙන් හා ලෙහෙසියෙව් යන්න සෑහෙන මාර්ග තියනව. ඒත් බලාඉන්න එකෙත් අමුතුම ම් ම් ම් මොකක්ද කියන්නෙ ඒකට... අමුතුම ගතියක් තියනව....
    වේදනාවත් මිහිරක් ලු...

    හාබැයි ඉතින් අර ඔයාගෙ අතිජාත මිතුරාව දිනපතා ඉතා තදින්ම ආශ්‍රය කරන එකත් ඔයාගෙ කැන්දන් යාම ඉක්මන් කරාවි.....

    පසුව ලියමි

    දයාබර රවා මලයට පින්සිදු වන්නට on line ආ බව සතුටින් පුකාශ කරමි.

    ReplyDelete
  15. තාම මතක් කෙරුවේ නෑනේ අර මෛත්‍රීපාල සිරිසේන කියපු එක....! මෙතනටත් හරියනවා....!

    ReplyDelete
  16. මරණය පිවිතුරුය හිත හොඳ මිනිසුන්ට
    එය ගෙන දෙන්නේ දුක් කඳුලැලි ප්‍රිය නෙතට
    මරණින් මතුව හෝ ඔබ ඈය හමු වෙන්න
    පතනව මිතුරියක ලෙස මම ඔබෙ සිත් ගත්ත

    බෝ දුර වුනත් එන්නෙමි දෙණ දැක ගන්න
    සුදු මල් වඩම් නැත ඔබ හට ගෙන එන්න
    අවසන් වතාවට ඔය මුව සිප ගන්න
    අවසර දෙන්න මිතුරිය මම පිළිගන්න

    දැන් ඉතින් මේක කියවල අපි දෙන්නව ජෝඩු කරන්න හිතන් ඉන්නව නම් කරුණාකරල ඒ අදහස් අතහැර ගන්න.

    තේරැම් ගැනීම කියන්නෙ මහපුදුම දෙයක්.
    හරියට තේරුම් ගන්න බැරිනම් අනුමාන ලෙස සලකලා comment කරන්න එපා....(පුංචි ඉල්ලීමක්)

    ReplyDelete
  17. මම...
    මමද ගුරු..?
    මගේ ගුරුද..?

    රවා...

    හා හා උඹ කේන්ති නොගෙන ඉදින් මලේ..ඒ දැරිවිගෙත් ආසාවනේ..

    තිස්ස අයියා...

    බම්බුව හෙම නෙවීනේ නේද..?

    ReplyDelete
  18. wath...

    "දැන් ඉතින් මේක කියවල අපි දෙන්නව ජෝඩු කරන්න හිතන් ඉන්නව නම් කරුණාකරල ඒ අදහස් අතහැර ගන්න."

    අම්මෙ ඒ වචන ටික නම් සෑහෙන්න වටිනවා.
    දැන් ඉතින් කරපල්ලකෝ මට කරදර... මාවත් අනෙ අම්මෙ ඔවට පටල ගන්න එපා..

    ReplyDelete
  19. wath...

    ඔයාට කියන්න තියෙන්නෙත් ඔයාගේ බ්ලොග් එකේ කවි ලීව මට කියපු දේම තමයි.

    නැවත නොඉපදෙන විලසින්
    මිය යනවා නම් විගසින්
    ඊට වඩා සැපක් ලොවෙ
    මා හට නැත තවත් ඉතින්...

    ReplyDelete
  20. කස්ටියට ම පුදුම විදියට අනුමාන කරනවා නෙද... ස්වර්න පාල මෙතඩ් එක දන්නවද..?
    හරි මම කැමති නැහැ කවුරුත් , තනියම දුක් වෙවි ඉන්නවාට.. එකයි කියන්නෙ බය වෙන්න එපා තව කෙනෙක් ව ලං කර ගනින් කියලා. එකත් ගියොත් යන්න දිලා තව කෙනෙක් ව ලංකර ගනින්.. දුකයි තමයි .. කරදරයක් තමයි .. ඉතින් ජිවත් වෙන එකත් එ වගෙනෙ.. මම කැමති නැහැ තවත් තුංමං හන්දියෙ එන අබිලිං මාමා කෙනෙක්ව දකින්න.. එ ගැන ආහන්න.. ඌත් මැරුනෙ සිකියුරිටි ජොබ් එකකට ගිහිල්ලා.. තමයි....හක් හක්.. මල් යහනාවකි ලොකෙ...

    ReplyDelete
  21. කාටද මෙ ආරධනාව ?

    ReplyDelete
  22. “බඳවා යුගත් දෑගිළි ලය මත රන්දා..
    පියවා නෙතු සොඳින් වත කළු පැහැ ගන්වා..
    හඩවා සිත් සතන් මෙතුවක් කළ නින්දා..
    එන්නේ කවදාද යන්නට මා කැන්දා... “
    මෙන්න මාරයා, මාරයටම ආරාධනා කරගන්නවා...

    “මෙතුවක් කලක් නොදුටුව ලොව දැක ගන්න.. “
    ඇත්තටම මාරයියේ කොහාටද යන්න කැමති...
    තවිතිසාවට ද... තාවතිංසයට ද... අවීචි මහ නරකාදියට ද..?

    ReplyDelete
  23. ඔජායෙ....
    මගෙන් මටම

    sansarasidu...
    අකනිටා බ්‍රහ්ම ලෝකයට

    ReplyDelete
  24. මාරයා මැරුණොත් හැමදාම ජීවත් වෙන්න පුලුවන්. මේ මේකගෙ බොරු. මාරයා කියල නම දාලා තියෙන්නෙ ඈයි දන්නවද? මාරයා අනිත් අයව මැරුවට මාරයව මරන්නත් බෑ මැරෙන්නෙත් නැහැ... අපි අහුවෙයි ඕවට .....

    ReplyDelete
  25. මොකද්ද මේ ආරාධනාව? ඇත්ත සිඩුවීමක්ද? ඇඬෙනවා!! එල කයිය

    ReplyDelete
  26. මොකද්ද මේ ආරාධනාව? ඇත්ත සිදුවීමක්ද? ඇඬෙනවා!! එල කයිය

    ReplyDelete
  27. මැරියන් ගවුරුවාන්විතව යමක් වෙනුවෙන් ජිවිත කැප කරලා.

    ReplyDelete