12 April 2010

බරපතල වැඩ නැතිව ඇතුලට...

ඔන්න ඉතින් ඉස්ඉස්සෙල්ලාම හැමෝටම සුභ නව වසරක් වෙවා! කියලා පතනවා.
මෙ ප්‍රාර්ථනය ඉතින් කල යුත්තේ අද නොවන බව නම් මම දන්නවා..
ඒත් මක් කොරන්ටද..?

අද රෑ සිට කිරියාත්මක වන පරිදි අඛණ්ඩ සේවයෙහි නිරත වෙන්න මාරයාටත් සිද්ධ වෙලා නෙව..
ආරක්ෂක අංශවල රාජකාරිය කියන්නෙත් හරියට අර මොකක්ද එක බැද ගත්තා වගේ තමා ඔං.

අනිකුත් ආයතන සේවක මහත්වරුන් සහ නිලධාරී පැලැන්තියේ උදවිය තම නිවෙස් වලට වෙලා ජයටම අවුරුදු කන විට අපි වගේ උදවිය ඉතින් ආයතනය රැක බලා ගෙන ලගා ගහගෙන ඉන්ට එපැයි.

ඔන්නං ඉතින් විධායක බලතල පාවිච්චි කරලා වෙනදා වගේම දවසක් ඇර දවසක් උනත් රාජකාරි කරන්ට බැරුවා නොවෙ..

ඒත් ඉතින් අපේ ආරක්ෂක නඩෙ එකම තනිකඩයා මම වෙච්චි.
අනිත් උදවිය පවුල් පන්සල් වෙච්චි උදවිය නෙව.. ඒ හින්දා පුළුවන් තරම් බර මම කරට අරගෙන පුළුපුළුවන් විදියට අනිත් අයට නිදහස දුන්නා.
මාත් තව දෙන්නෙකුත් ස්ව කැමැත්තෙන්ම ලබන්නා වූ අළුත් අවුරුද්ද ආයතනය තුළම ගෙවා දාන්ට තීරණය කොළා.
නරක නැහැ නෙව..

පොඩි පරහකට තියෙන්නේ ඉතින් මෙ බොලොග කෑල්ල ලියන්ට ඉඩ කඩ අඩු වීම තමා..
ඒත් ඉතින් අනිද්දා දිහාවට පැයකට දෙකකට ගෙදර පැත්තේ මංගච්චන්ට ඉඩ කඩ හදා ගන්ටනං බැරිවෙන එකක් නැතුවා.
එහෙම එන්ට ඇහැකි උනොත් බැරියෑ මොනවා නමුත් කොටලා යන්ට...

මෙ දවස්වල ඉතින් කරන්ට බරපතළ වැඩ එහෙම නම් නැතුවා ඔං.
වත්ත වටෙ හක්කලං කොරන්ට දෙතුන් දෙනෙක් දමාලා. කයියක් කතන්දරයක් කියාන ඉන්ට තමයි තියෙන්නේ..
කොහොමටත් ඉතින් මගේ අවුරුදු ඉතින් හැමදාම මෙහෙම තමා.. මොනවා කොරන්ටදැ...?
පතාගෙන ආපු හැටියට නෙව ඔතාගෙන යනවා කියන්නේ...
ඉස්සරනං ඉතින් අළුත් අවුරුද්දට අපිත් මොන මොනවා නමුත් කොරනවා.
දැන් ඉතින් ඒවා සුම්මා.
එක පාරක් මාර උන්නැහේ නැග්ගේ නැද්ද ලිස්සන ගහේත්..
මට ඉතින් කොරන්ට අමාරු වැඩ සුවල්පය අතරින් එකක් තමයි ඔය ගස් බඩ ගෑමත් ඔං.
උවමනාවකට නං ඉතින් බැරි නැහැ.
ඒත් ඉතින් කප් ගහපු පයිලට්ලා සෙට් එකක්ම ඒ දවස්වල අපේ ගැන්සියේ හිටියා නෙව.
ඉතින් අහවල් ලබ්බටැයි මම ඔය ගුවන්ගත වෙන්න දගලන්නේ..
ගහටත් නැගලා කුරුම්ඛෙත් කඩලා ලගටම නෙත් දෙන්නත් ගෝල බාලයෝ හිටී නං ඉතින් ආයේ අහවල් එකක් කොරන්ටද බීලා දානවා ඇර..
එහෙම කිවුවාම තමයි මතක් උනේ ඒ දවස්වල බිවුව හොර කුරුම්බා තොගය මතක් උනේ..
මගෙ අම්මේ ඒවා පොල් වෙන්ට ඇරියා නං දළ දේශීය ආදායම කොයි තරංනං ඉහල යන්ට තිබුනාද..?
අපිත් කොළ අපරාද..
කොහොමින් කොහොම හරි නිකං ඉන්ට බැරුවටත් එක්ක මායි තව අපේ ඇම්බැට්ටයෝ දෙතුන් දෙනෙකුයි අපේ ගමෙ කෙරවළක තිබුන අවුරුදු උත්සවෙකට ගිය වෙලාවෙ.. කොරන්ට කියලා හරි හමන් කිරීඩාවක් නොතිබුනු නිසාම(ඇත්තම කිවුවොත් ඉතින් කොරලා දිනන්ට ඇහැකි එක කිරීඩාවක් වත් තිබුනේ නැහැ නෙව.) කස්ටියත් එක්කම තීරණය කොලේ නැද්ද එතෙක් වෙලා මැස්සෝ විතරක් කැරකැවි කැවි හිටිය ලිස්සන ගහ දිගේ බඩ ගාන්ට..

කොහොමින් කොහොම හරි කොට කලිසං කෙටියකුත් පටලාන අනිත් එවුනුත් එක්ක මාත් නැගපි නේද..
අපරාදේ කියන්න බැහැ මං ඉතින් වෙගෙන් නැගගෙන නැගගෙන යනවා නැගලා නැගලා පහළ බලද්දී කකුල් දෙක බිම ගෑවෙනවා.(මං ඒ තරමට උසයි ඔං.. ආයේ වෙන මොකවත් හිතනවා එහෙම නෙවී)
කොහොමින් කොහොම හරි පැය තුන හතරක් ගාටලා ගත්තේ නැද්ද කොඩිය අතට..(මං නෙවී වෙන ගොබිලෙක්)

ඉතින් රොම්බ හැපී..
වෙන මොකටවත් නෙවී මෙ උලව්ව අහවර වෙච්ච එකට..
මොකද කියනවානං පණ්ඩිත කමට නගින්න පටන් ගත්තට මොකද අපේ උන් හැමෝටම මෙක ඇති වෙලා තිබුනේ..
අහල පහළ ගං හතේම උනුයි..දන්න කියන ගැටිස්සියෝ ඔක්කෝමයි කට ඇරාන බලාන ඉන්න නිසා නවත්තලා දාලා යන්ටත් බැරුවා..
ඇගේ තිබුනු හයි හත්තියත් බින්දුවට බැහැලා උඩට යන කොට කකුල් දෙක මැඩ්ලින් ගහනවා..
දැන් වැටෙයි.. දැන් වැටෙයි.. කියලා පරාණ බයේ ඉහළට යන කොට පහළ ඉන්න උන් නෝන්ඩියටද මන්දා කෑ ගහනවා
කමෝන්...............අයියා...
කමෝන්...............අයියා...
බම්බුව තමයි... මට ඇති වෙලා ඉන්නවා මුන් මගුලක් කියෝනවා..

කොහොමින් කොහොම හරි වැඩෙ අහවරයි....
නරකම නැහැ හැමෝටම සබන් කෑල්ල ගානේ හම්බ උනා.. තව ඒ දවස්වල හැටියට රුපියල් පණහා පණහා ගානෙත් සහභාගී වෙච්ච හැමෝටම ලැබුණා වගේත් මතකයි.

හැබැයි ඉතින් මට මෙ සිදුවීම හරි වටින මතක සටහනක්..
මොකද කියනවා නම් එදා ලිස්සන ගහේ නැගලා ඇග පුරා ග්‍රීස් ගාගෙන ඇවිත් ලාම්පු තෙල් බෝතලයක් විතර ඇග පුරා අතුල්ලගෙන අර තෑග්ගට දුන්න ලයිෆ්බෝයි කැටෙ ගාලා නා ගත්තට දවස් දෙක තුනකට පස්සේ අවුරුදු දෙක තුනක ඉදන් ඇගපුරා තිබුනු අළුහම් ටික නිට්ටාවටම හොද වෙලා ගිය නිසයි.
ඊට කලින් මෙ අළුහම් නිසා මට මාර කරදරයක් තිබුනේ නොකරපු ඛෙහෙතක් නැහැ..
පුදුම වදයක් වින්දේ...
හැබැයි ඉතින් මෙ වැඩෙන් පස්සේ මට පුදුම සතුටුයි ඒ ලෙඩෙ ඉවරයි...

දැන් ඉතින් ඔය අළුහම් හැදිලා ඒවට ඛෙහෙත් හොයන උදවිය දන්නවනේ හොදම ඛෙහෙත
ග්‍රීස් කාලක් අරගෙන ඇගපුරා ගාගෙන
පැය දෙක තුනකින් ලාම්පුතෙල් බෝතලයක් සහ ලයිෆ්බෝයි සබන් කැටයක් ඉවර වෙනකල් ගාලා නාගත්තම වැඩෙ ඉවරයි..
හැබැයි ඉතින් වඩාත් හොද ප්‍රතිඵල සඳහා ග්‍රීස් ටික ඇගේ ගාගෙන ඉන්න පැය කීපය තුල පුවක් ගහකටත් නැග්ගනම් බඩුම තමයි..
(ගුරු මුෂ්ටි තියාගන්නේ නැතිව මෙහෙම කරුණු කාරණා කියලා දෙන වෙන අය ඉන්නවද අද කාලේ..මං ඇර...)

35 comments:

  1. සුභ නව වසරක් වේවා...!
    හොඳ අත්දැකීම නේද?
    :D

    ReplyDelete
  2. සුබ අළුත් අවුරුද්දක් වේවා මාරයියෙ..... හි හි හි නියමයිනෙ ලබල තියෙන අත්දැකීම්....

    ReplyDelete
  3. සුබ අලුත් අවුරුද්දක් වේවා අයියෙ.

    ඉස්සර ගමේ අවුරුදු උත්සවේ තියෙද්දි මාරම ආසාවෙන් නරඹපු ක්‍රීඩා දෙකෙන් එකක් තමයි ලිස්සන ගහේ නැගීම. අනික තමයි කොට්ට පොරේ.
    එකවතාවක් ගමේ පොඩිඋන් සෙට් එකක සංවිධානය කරපු අවුරුදු උත්සවේක තරඟකරුවෙක් බාගයක් දුර නගිද්දිම ලිස්සන ගහ කඩන් වැටිල පොඩි අකරතැබ්බෙකුත් උනා. වෙලාවට පොඩි උන්ගෙ එකක් නිසා ලිස්සන ගහත් පොඩි එකක් තිබ්බෙ.

    අලුහම් හොඳ උනාද එහෙමත් නැත්නම් ග්‍රීස් හරියට හේදෙන්නෙ නැතිව අලුහම් ටික වැහිල ගියාවත්ද?

    ReplyDelete
  4. ලබන්නා වු නව වසර සාමය සතුට පිරි වසරක් වේවායි වැපා එක සිතින් පතමි ..............

    ReplyDelete
  5. සුභ අලුත් අවුරුද්දක් වේවා...!!!

    ReplyDelete
  6. ඔබටත් ජය සතුට සාමය සපිරි, සිතුම් පැතුම් ඉටුවන සුබ නව වසරක් වේවා!!!

    ReplyDelete
  7. සුබ ම සුබ අළුත් අවුරුද්දක් වේවා කියලා ඔන්න මමත් ප්‍රාර්ථනා කරනවා.

    ඔබට ජය

    ReplyDelete
  8. ඕං ආයුබොවන් අපිත් මේ පැත්තට ආවා.

    නරක නෑ ග්‍රීස් බෙහෙත. භූමිතෙල් තැලුම් වලටත්, ග්‍රීස් කැපීම් වලටත් බෙහෙත් හැටියට බාස් උන්නැහේලා පාවිච්චි කරනවා නොවැ, නිට්ටාවටම හොඳ වෙනවා කියන්නේ.

    ඔබටත් සුභ අලුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  9. Ansh Lucky Sri Jay...
    නැහ්නං..
    ඔබටත් සුභ නව අවුරුද්දක් පතමි.
    හැබැයි රජෝ පාත්තයෝ මැරීම නම් සපුරා තහනම්..

    විශ්මි...
    නැතුව නැතුව..
    සුභ අළුත් අවුරුද්දක්..සුභ අළුත් අවුරුද්දක්..

    Raven...
    එසේම වෙවා මලේ...
    අපහාස කොරනවාද මන්දා...

    වැප්...
    ආයේ එක සිතින් මෝකෝ.. සිත් දෙක තුනකින්ම වැප්ටත් සුභ පතමි...

    Grey...
    ඔබටත් ලබන්නා වූ නව වසර ජය සතුට සැනසුම සපිරි නව වසරක් වෙවා..

    roylyfernando...
    මලයාටත් සුභ අළුත් අවුරුද්දක් ප්‍රාර්ථනා කොරමි...


    ගල්මල්-Coral...
    සතුටුයි මෙ පැත්තේ දකින්න ලැබීම ගැන..
    ඔය කියපු ඛෙහෙත් මාත් පාවිච්චි කරලා තියෙනවා අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.
    ජය වෙවා...

    ReplyDelete
  10. හා පැටික්කිත් හා හදින්ම ප්‍රාර්ථනා කරනව.
    අයියට සුභ අලුත් අවුරුද්දක් වේවා!!!!

    ReplyDelete
  11. නියම අත්දැකීමක් නොවැ.ඔයා අනිත් සගයන් ගැන හිතලා කළ කැපවීම හුඟාක් අගය කරන්න ඕන.අද කාලේ අනුන් ගැන හිතන අය හරිම අඩුයි.
    සුභ අලුත් අවුරුද්දක් වේවා.. !

    ReplyDelete
  12. සුබ අළුත් අවුරැද්දක් මාරයියාට

    ReplyDelete
  13. සුභ අලුත් අවුරුද්දක් වේවා...!!!

    කාලෙකට පස්සෙ ලිස්සන ගහෙ ආපහු නැග්ගා.. අවුරුදු 4 රකට කලින් අපි කස්ටිය එකතු වෙලා නැග්ගා.. එකත් මෙ වගෙම තමයි වෙනසකට තියන්නෙ.. අලුහම් සීන් එක විතරයි..

    ReplyDelete
  14. ඔයාටත් සුභ අලුත් අවුරැදක් අපිට එක එක දේවල් ලිව්වට අපි ඒවා ගනම් ගන්නැ එත් වැරදි හදා ගන්නවා ස්තුති ඔබට

    ReplyDelete
  15. හපොයි!!! අයියාටත් වෙච්චි දෙයක්..... ඒත් කමක් නෑ අයියා හිතේ සතුටින්නේ පවුල් පන්සල් වෙච්චි උදවියට ඉඩ දීලා ඔය බර අදින්නේ..... රාජකාරි මැද උනත් මේ අවුරුදු සිරි අසිරිය විදගන්න අයියාටත් අඩුවක් නැතිව ලැ‍බෙන්න කියලා සමනලී ප්‍රාර්ථනා කරනවා!!!!!

    ReplyDelete
  16. අළුහම් යන්න ගස් බඩගාන්න ඕනෙ නැද්ද හැබෑට? මම හිතුවෙ ඔය ප්‍රතික්‍රියාව වෙන්න ග්‍රීස් ගාගෙන දාඩිය ටිකක් එහෙම දාන්න ඕනෙ ඇති කියලයි.
    ඔබතුමාටත් සුභ අලුත් අවුරුද්දක්ම වේවා!

    ReplyDelete
  17. සුභ අලුත් අවුරුද්දක්ම වේවා!

    ReplyDelete
  18. සුබ අලුත් අවුරුද්දක් මාර අය්යේ. උබ බැරි මර ගාතේ හරි කරගත්තු වැඩෙන් අලුහම් සනීප උන එකම මැදිය.

    ඒක නෙමෙයි.. අවුරුද්දට කලින් මොකුත් ගෙන ත් තිය ගත්තේ එහෙම නෑ ?

    ReplyDelete
  19. සුභම සුභ අළුත් අවුරුද්දක් වේවා 120 ට 220 ක් ආවඩා ආයු බොහෝ වේවා !!!

    ReplyDelete
  20. මාරයා පසෙකලූ, ජීවිතයට මගපෙන්වන ඔබට සිත් සැනසිල්ල ලඟාවේවා...

    ReplyDelete
  21. මාරයාට සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මමත් ප්‍රාර්ථනා කරනවා, කිව්වට මොකෝ තනියෙන් අවුරුදු සමරන්නේ මාරයා විතරක්ම නෙමෙයි ඕං....

    ReplyDelete
  22. සුබ අලුත් අවුරුද්දක්ම වේවා..අනුන් වෙනුවෙන් කැපවීමට තරම් සොඳුරු ඔබ සිතට සතුට සැනසුම ළඟා වේවා...

    ReplyDelete
  23. නිකම ට වගෙ මමත් හැමදාම මෙ පැත්තෙ එනවා..
    ආපහු සුභ අලුත් අවුරුද්දක් වෙවා..
    ආපු වහාම මොනවා හරි කොටලා දාන්නත් එපැ...

    ReplyDelete
  24. හා පැටික්කි (MS)...
    උදුපියළිය,කන්කුන්,කැරට් වලින් ඉතිරී පැතිරී යන සුභ නව වසරක් වෙවා අපේ හා පැටික්කිට..!

    Naya...
    ඔබටත් එසේම වෙවා..!
    ආ බිත්තර වගේ ජාති වලින් සපිරුණු අවුරුද්දක් ප්‍රාරිථනා කරනවා...!

    මිස්සක...
    මලයාටත් සුභම සුභ නව වසරක් වෙවා..!

    රවා ...
    ගග වෙගයෙන් ගලා බසින සුභ නව වසරක් වෙවා..!

    නිදහසේ බ්ලොග් ලිවිම...
    වැරදි හදා ගැනීම නම් බොහෝම හොද දෙයක්..
    ඒත් ඔබ කවුදැයි කියා නම් මට හරියටම මතකයක් නැහැ..සමාවෙන්න ඔන.
    ඔබටත් සුභ නව වසරක් වෙවා..!

    ReplyDelete
  25. punchisamanalee...
    නගාටත් වැඩි වැඩියෙන් මල් පැණි ඉතිරෙන සුභ නව වසරක් වෙවා...!

    nadeesthoughts...
    එසේම වෙවා..!එසේම වෙවා...!

    Prasanna...
    සුභම සුභ නව වසරක් වෙවා...!

    ReplyDelete
  26. පිස්සා පලාමල්ල...
    අවුරුද්දටය කියලා මා වෙනුවෙන් ඉස්ඉස්සෙල්ලාම අරන් තියා ගත්තේ ඒවා තමයි...
    වැඩෙ කියන්නේ අතට ගත්ත දේ කටට දා ගන්න වෙලාවක් නැති එක තමයි..
    එක දිගට ඩියුටි නිසා බොන්නවත් වෙලාවක් කෝ...
    මෙ රාජකාරි ටික අහවර වෙච්ච හැටියේ දෙනවා රිඹ යන්න...

    Hasitha...
    අනෙ අප්පේ 120ක් වෙනකොට යන්න වෙන්නේ හොම්ඛෙන් තමයි..
    එහෙව් එකේ 220ක් උනොත්...?බඩුම තමයි...

    ඔබටත් වාසනාවන්ත සුභ නව වසරක් වෙවා..!

    තිස්ස දොඩන්ගොඩ...
    අයියාටත් අක්කාටත්..
    තිස්ස පැටවු දෙන්නාටත් ..
    එක නිවසක එකට වැටී..
    සතුටින් කල් ගෙවිය හැකී.. සුභම සුභ අළුත් අවුරුද්දක් වෙවා..!

    ReplyDelete
  27. නිශාචරයා Nishacharaya...
    මොනවා නම් කරන්නද..ඔහොම යං ඔහොම යං..
    සුභ නව වසරක් වෙවා..!

    චේජනා...
    ඔබටත් සතුට සැනසුම සපිරි සුභ නව වසරක් වෙවා...!

    ReplyDelete
  28. රවා...
    ඒ ආපහු එක මම 2011ට තියා ගන්නම්කෝ...

    ReplyDelete
  29. යන්තම් පැය දෙකකට විතර ගෙදරට පැන ගත්තා තව ටිකකින් යන්න ඔන..
    ඒ අස්සේ මෙ පැත්තෙත් ඇවිත් යන්න එපායෑ..

    සියළුම ලොක වාසී සියළු සත්වයින් හටම සතුට සැනසුම සපිරි..
    අන් අයගේ හිංසා පීඩාවන්ට ගොදුරු නොවන..
    සැනසිලිදායක සුභ අළුත් අවුරුද්දක් වෙවා...!

    ReplyDelete
  30. සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා මාරයියාට.

    ReplyDelete
  31. Raven...
    ඔබටත් සතුට සැනසුම සපිරි සුභ නව වසරක් වෙවා...!

    ReplyDelete
  32. ලැබුවා වූ නව වසර...
    සාමය, සතුට සපිරි...
    මාරයියාගේ සියළු පැතුම් ඉටුවන සුබ නව වසරක්ම වේවා !!!

    ReplyDelete
  33. මාරයියාටත් සුබම සුබ අළුත් අවුරුද්දක් වේවා!

    ReplyDelete
  34. හික් හික්... ඒකත් ඇත්තනේ. රාජකාරි වෙලාවේ ඔව්ව කරන්න බැහනේ.

    ReplyDelete
  35. කො මුකුත් සද්දයක් නැහැ නෙ... ඩොං, ඩොං ,ඩොං ඔන්න මම ඇවිල්ලා සද්දයක් දාලා යනවා... අවුරුද්ද කොහොමද..

    ReplyDelete