16 April 2010

සේකර නුඹ තවත් වරක්...

යන්තම් අද උදේ ගෙදර කඩං පාත් උනා.
ආව ගමන් මෙ පැත්තේ ආවත් මුකුත් ලියන්න බැරි උනා.
ලිපි කීපයක් කියවලා මහන්සියයි,තෙහෙට්ටුවයි නිසා එහෙමම නිදා ගත්තා.

ඊට පස්සේ කිරිඳිවැල ගිහින් එන්න ගියා.
එන ගමන් ආවෙ රදාවාන හන්දිය හරහා.
උදේ මෙ පැත්තේ ආව වෙලාවෙ අපේ රසික වික්‍රමනායක සහෝදරයා පළ කරනු ලබන මහගමසේකර නමින් වූ අඩවියේ තිබූ සටහනක් මතක් වූ බැවින් මොහොතක් රදාවාන තුන්මන් හන්දියේ නැවතුනා.
ඇත්තටම ඒ ලිපියේ සටහන් වූ පරිදිම රදාවාන ගම් වැසියන් සේකරට ඒ තරම් උසස් ස්ථානයක් ලබාදී නැති බව මට නැවත වතාවක් තේරුම් ගියා.
සේකරගේ පිළිරුව දැන් ඇත්තටම එම ස්ථානයට බරක්දෝයි මට හැගීගියේ ඇයිදැයි කියන්න මට තේරෙන්නේ නැහැ.
එම ස්ථානයේ තබා තිබූ මර්වින් සිල්වාගේ කටවුට් එකට සේකරට වඩා තැනක් ඇති බව නම් කිව මනායි..

මගේ මෑණීයන්ගේ නිවස තිඛෙන්නේ තුන්මන් හන්දියේ සිට මීටර හාරසීයයක් පමණ දුරින් වූවද..
ඇත්තටම මව හා පවුලේ උදවිය අතර පවා සේකර පිළිබඳව හරි හමන් කතා බහක් කිසිවිටක ඇති වී නැති බව නම් කිව හැකියි.
සාමාන්‍යයෙන් අප කවුරුත් පාහේ අපේ ගම් පළාත් වල ඇති විශේෂත්වයන් පිළිබඳව ඉස්මතු කරමින් කතා කරනු ලබන අවස්ථා බොහෝමයි..
නමුත් රදාවාන ප්‍රසිද්ධ වූයේ සේකර හා කේ.ජයතිලකයන් නිසා වෙතත්.. එගම් වැසියන් තම ගමට කීර්තියක් ගෙනදුන් මෙ මහා කලා කරුවනට නිසි ගෞරවය ලබා දී නොමැති බව නම් කණගාටුවෙන් වූවද සටහන් කරන්නට සිදු වෙනවා.
මා දන්නා තරමින් රදාවාන මහ පන්සල ආශ්‍රිතව පමණක් මොවුන් හා සම්බන්ධ යම් යම් සංවිධාන කිහිපයක් ගොඩ නගා ඇති අතර වසරකට වරක් පැවැත්වෙන සමිති වාරයක් පැවැත්වීමට වඩා එහා ගිය කටයුත්තක් ඔවුන්ගෙන්ද සිදුවනවාදැයි නොදනිමි.

මෙ තත්වයට හේතුව කුමක්ද..?
ඇත්තටම මෙ සඳහා එක් දිනක් මගේ පියා පැවසූ කථාවක් යන්තමට මගේ මතක මායිමෙ රැඳී ඇත.
ඒ අනුව නම් සේකරට නිසි තැන ඔහුට නොලැබීමට හේතුව ඔහුගේ කුල ගොත් නිසා වූ දෙයක්ය යන්නයි.
ඒ කතාවෙ ඇත්ත නැත්ත දැන ගැනීමට නම් සේකර කුමන කුල පරම්පරාවකට අයත් දැයි දැන ගත යුතු මුත්..
ඒ පිළිබඳව මා සොයා නැත.
නමුත් තාත්තා කියූ දෙය යම්තාක් දුරට සත්‍යයක්ය යන්න පිළිගත හැක.
වසල සූත්‍රය එළිඋන වෙලේ පටන් රෑ වන තුරු කියෙවූවද..තාමත් අප සමාජයෙහි කුල මල බේද ඉතා තදින් පවතී.
නාගරික සමාජයෙන් බැහැරව ග්‍රාමීය සමාජය වෙත ලං වත්ම මෙම තත්වය වඩ උග්‍ර වන බව කිව හැක.
නාගරික සමාජයද පිටතින් නොපෙන්නූවද ඇතුළතින් ගැමියාට වඩා වෙනස් බවක් මට නොපෙනෙන්නේ තවමත් මංගල කටයුතු වලදී මෙය ප්‍රමුඛ කාරණාවක් කරගෙන ඇති බව මා විසින් ඉතා හොදින් ප්‍රත්‍යක්ෂ කරගෙන ඇති කරුණක් බැවිනි.
විවිධ අවස්ථාවලදී මගුල් යෝජනා සඳහා අතරමැදියකු ලෙස කටයුතු කර පළපුරුද්දක් ඇති මා හට මෙ පිළිබදව ඉතා හොද අත්දැකීම් ඇත.

ඉඳින්..
සේකර වැන්නකු කුමන අන්දමෙ යුග පුරුෂයකු වූවද..
මා ඉහත දැක්වූ කරුණ අනුව නම් ගම් වැසියන් ඔහුහට නිසි තැන් නොදීමට හේතුව කුල ප්‍රශ්නය මිස..
උක්ත ලිපියෙහි සඳහන් පරිදි සේකර ගමට බෝක්කු සාදා නොදීම විය නොහැකිය..

අදටත් ඔහු බලා සිටී..
තුන්මන් හන්දියේ මුල්ලකට වී ඔහු බලා සිටී..
නමුත් අදටත් ඔහු දෙස බලනා අය දුලබය...
සිටියද ඒ යනෙන රථ වාහනවල සිට ඔහු දෙස බලමින් යන ගම් වැසියන් නොවන අයයි.

ඇත්තටම ඒ ස්ථානයේ ඡායාරූපයක් ගන්නට සිතුවද.. පසුව මා එම අදහස අතැර දමන ලදි...
රටක් වටින.. රටක් නැලවූ,හැඩවූ... අදටත් නැවත නැවත උපදින.. සේකර හා ඔහුගේ නිර්මාණ...
පිළිබඳ පෙම් බැඳි සහෘද කැලකට එම ස්ථානය පෙන්වා මා හට ලද හැකි සතුටක් නොවෙ...

විශේෂයෙන්ම මෙම ලිපිය ලියන්නට මා හට සිත් වූයේ අහම්බයෙන් වූ බැවින් කරුණු කාරණා ඉතා ගැඹුරින් අධ්‍යයනය කර නොමැති බවත්.. උපන් දා සිට සේකර පිළිබඳ මා ඇසූ දුටු දේත්..අදට වෙමින් පවතින දේ දැකීමත් හරහා උකහා ගත් කරුණු බවත් කිව මනාය...

18 comments:

  1. ඒ වගේ මුළු සිංහල ජන කොටසටම අයිති මිනිස්සුන්ව පොඩි ගමකට කොටු කරන්න යන එකනෙ වරද. ඔය පිළිරුව හිටවන්න ඕනැ, ජාතික පුස්තකාලයේ, ගෝල්ෆේස් එකේ වගේ සැමට පොදු තැනක.

    ReplyDelete
  2. මම හිතන්නේ පිළිරුවට වඩා සේකර යනු කවරෙක්ද යන වග හැදෑරීමට ඇති ඉඩ කඩ වැඩි දියුණු කළ යුතුයි කියලයි.
    විශේෂයෙන්ම ඉගෙනුම ලබන දූ දරුවන්ට මෙවන් කලා ශිල්ප රාශියක දක්ෂතා දැක්වූ ප්‍රබුද්ධයෙකු පිළිබඳ මීට වඩා අවබෝධයක් ලබා දිය යුතුයි කියලයි.
    එවිට හණමිටි කාරයින්ට කුද ගහගන්න කියලා අනාගත පරම්පරාව හරි ඔහුට නිසි තැන හිමිකර දේවි..

    ඊළග දවසේ මම ෆොටෝ එකක් නෙත් දාන්නම්.
    හැබැයි එතනම තියලා තියෙන මර්වින් සිල්වගේ බෝඩ් එක අහක් කලාට පස්සේ..

    ReplyDelete
  3. මම හන්දියේ අන්දර ගහ යටට වී බස්රිය එනතුරු තනියම බලා සිටිමි.තුංමංහන්දිය මෙතනින් පාරවල් තුන තුන් අතකට විහිදී යයි.එක් පාරක් ආපහු ගෙදරට යන පාරය.අනිත් පාර දිගේ ගියොත් ගම්පහට යාමට මට පුලුවන.තුන්වන පාර කාර්මික විද්‍යාලයට.
    (තුංමංහන්දිය)

    මම නම් කියන්නේ පිළිරූ කොහෙ තිබ්බත් වැඩක් නැහැ. ඒවායින් ප්‍රයොජන ගන්නේ කුරුළු කොබෙයියො විතරයි. විඩා නිවා ගන්න ජරාවක් දාන්න. මිනිස්සුන්ගෙ හිත් වල රෝපණය වෙන්නෙ නැත්තම් රත්තරන් වලින් පිළිරූ බැන්දත් මොකටද?

    ReplyDelete
  4. අර කිව්වත් වගේ ඔය පිළිරූ හැදුවට ඒවායින් ප්‍රයෝජනය ගන්නේ කපුටො තමා. හිතක් අතුලෙ ඇතිවෙන මතකය සහ ගෞරවය තමා වඩා වැදගත්වෙන්නේ...ඒත් ඉතින් මිනිස්සුන්ට ඉකමනින් හැමදෙයක්ම අමතකවෙනවනෙ........

    ReplyDelete
  5. මගෙ අම්මෙ ඔයා ආවද..? දැන් සනීපද..?
    අනිත් ඔක්කෝටම කිවුවා ඔයාට විතරයි බැරි උනේ...

    සුභ අළුත් අවුරුද්දක් වෙවා..!

    ReplyDelete
  6. ඔව්නෙ..යන්තම් අද ආවා....මටත් ඉතින් ඔයාල කාටවත් සුබ පතන්න නම් බැරි උනා...ආව ගමන්ම කලේ එකයි..
    ඔයාටත් මේ ලැබුවාව් අවුරුද්ද සුබම සුබ අවුරුද්දක් වේවා !

    ReplyDelete
  7. සෙකරයන් මිනිසුන්ගෙන් බලාපොරොත්තු වුනෙ බොහොම ස්වල්පයක් යන්න මට දැනිලා තියන්නෙ, එතුමාගෙ නිර්මාණ වලින්. සේකරයානන් තරමටම නොවුනත් මම බ්ලොග් අතර දකින සුලු පිරිසක් ඉන්නවා අව්‍යාජව තම හැගිම් එලියට දමන, සේකරයන් රටට දැයට එතුමාගෙ නිර්මාණ තිළින කර අප අතරින් වෙන් වී ගොසින් හමාරයි. සේකරයානන් පහර දුන් මිනිසුන්ගෙ පුහු ආටොප, ආකල්ප වලට කිසිවක් සිදුවෙලා නැහැ. සේකරයන් පෙන් වු මාර්ගයෙ යැම අපහසුයි. වෙදනාවන් තුලින් දැනෙනා වු සුවය ,අපුර්වත්වය සේකරයන් බොහො තැන් වලදි ව්‍යංගයෙන් අපිට දුන්නා. අපි එකට ස්තුති කරනවා..දුක් වෙන්න,කණගාටු වෙන්න දෙයක් නැහැ, සේකරයන්ට ආදරය කරන මිනිස්සු ලොකෙ පුරාම විසිරිලා ජිවත් වෙනවා. සේකරයන්ගෙ පිළිම වලට හැමදාම කාක්කො ආචාර සමාචාර කරනවා.

    හොදට බලන්න අයියා. අපි අතරින් කිදෙනෙක් ඉන්නවද සේකරයන් තරමට බස සියුම් ලෙස හැසිරනොවුවත් ලස්සන්ට තමුන්ගෙ අත්දැකිම් එක්ක ලස්සනට පුහු ආටොප වලට පහර ගහන. අපි එ මනුස්සයින් ව ඉස්සරහට ගන්න වචන දෙමු. සේකර ජිවත් වෙන්නෙ මිනිස්සුන්ගෙ හදවත් තුල.. කාක්කෙකුටවත්, තවත් ජඩ මිනිසෙකුට වත් බැහැ එකට කැලලක් කරන්න, මිනිස්සු හැමදාම බිහිවෙනවා සේකරට ආදරය කරන, සේකරව රැකගන්න.. බය වෙන්න එපා, දුක් වෙන්න එපා එක ගැන..

    ReplyDelete
  8. අද ගෙදර නැහැ වගෙ... දිල් ගෙ බ්ලොග් එකෙ වලියක් ඇදලා තියනවා නෙද...?

    ReplyDelete
  9. මෙවන් ලිපියක් ගෙන ආ ඔබට මගේ තුතිය. සේකරයන් ගැන මෙන්ම ගුණදාස කපුගේ ශූරීන් ගැන ලියවුන මෙවන් විස්තර ගොඩාක් එකිනෙක පේලි ගැහුණා හිතේ, එනිසාම මෙ පොස්ට් එක උණු උණුවේම කියෙව්වත් සටහනක් ලිවීම පමා කලෙමි.

    සාහිත්‍යය හොදාපලුවකට ලක්ව ඇති කලෙක, මෙ ශූරින් ගැන බ්ලොග් හරහා ඉටුවන සේවාව ඉමහත්, ඒත් එයම ප්‍රමාණවත් නැහැ. මෙහෙම ගියොත් චේර්කොව්ලාව දන්න සේකරයන්, මහින්ද හිමියන් අගන්තුකයින් වන සමාජයක් බිහිවේවි.

    හරි‍යට ෂඩ්භාෂා පරමේෂ්වර වචනය තෙරුම් කරා කියනවා වගේ.

    ReplyDelete
  10. මහා කලාකාරයෝ ගැන වර්තමාන පරපුරට දැනුම ලබා දීමේ මූලිකත්වය දෙමාපියන් විසින් භාර ගන්න ඕන මචං.

    සාමාන්‍යයෙන් හැමෝම විශේෂ හේතුවක් නැතුව පැරනි කලාකරුවන් කලා නිර්මාණ ගැන උනන්දු වෙනවා අඩුයි.

    දෙමයිපියෝ හරි වැඩිහිටියෝ හරි ඒ ගැන වර්ණනා කරලා ඒවායේ නියම වටිනාකම පෙන්නලා දෙනවා නම් තමයි ඕනෑම කෙනෙක් ඒවා දිහා විෂේශ උනන්දුවකින් බලන්නේ. . . .

    අපි ඒ අඩුව පුරවමු. අලුත් පරම්පරාවට ඒ දේවල් වල වටිනාකම පෙන්නලා දෙමු. "රසික" ට හා ඒ අකාරයේ කටයුතු කරන සියලුම දෙනාට මගේ ආචාරය . . . !

    ReplyDelete
  11. රවා...
    වලියක් නම් ඇද්දා ඒත් නුවර කෙල්ලෝ අපිට බයයි.
    වැඩි සද්ද බද්ද නැහැ.

    ReplyDelete
  12. ගල්මල්...
    අපේ ළමයි තාමත් යන්තම් හරි දන්නේ මිහින්තලා ගල මුදුනට වැඩි මහින්ද හිමියන් පමණයි.
    වෙන්න ඔන දේ දැනටම වෙලා ඉවරයි.

    ReplyDelete
  13. දුකා...
    ඇත්තටම අපි රසිකව අගයනවා මදි කියලා මට හිතෙනවා.
    අපි අපේ බ්ලොග් දිහා බලාගෙන කටයුතු කරන අතරෙ ඔහු කරමින් පවතින සේවය ඉතා වැදගත් බව කිව යුතුමයි.
    අර සොඳුරු ත්‍රස්තවාදියාව ඔය දැනුමෙන් පෝෂණය කරපන්..
    හැබැයි ඒකාට දවසක ඌගේ අප්පාගේ කලාව ගැනත් වෙනමම ඉගෙන ගන්න තියෙනවානේ..

    ReplyDelete
  14. මාරයියගේ පරණ post ටික ඔක්කෝම කියෝගෙන ආවා..ඒත් ඒ හැම එකකටම කමෙන්ටුවක් දැම්මේ නැත්තේ ලියන්න හිතට යමක් නොදැණුන නිසා නොව මේ GPRS එක්ක මුකුත් කරන්න බැරි නිසා..ඒත් මේ post එකට නම් මුකුත් නොලිය යන්න හිතුන් නෑ..අපේ මිනිස්සුන්ට අපේ දේ අගයක් නෑ..මම අහංගම..
    කි.ම් 4ක් විතර ගාල්ල පැත්තට ආවාම තමා කොග්ගල හමුවෙන්නේ...ඒ කියන්නේ හෙළයේ මහා ගත්කරුවාගේ ගම...ඒත් මේවයි ඉන්න මිනිස්සුන්ට ඒක ඒ හැටි කාරණයක් නෙවි..ලංකාව හතර වටෙන් එතෙනට මිනිස්සු(ගොඩාක් ම පසැල් ළමයි ) ආවත් මේ අවට කීයෙන් කී දෙනාද ඒ කෞතුකාගාරවත් බලන්න ගිහින් තියෙන්නේ... මාත් සා/පෙ වෙනකන් ඉස්කෝලෙ ගියේ මෙහේ..ඒත් කවදාවත් අපිව පාසලෙන් එහේ එක්කන් ගිහින් නෑ..මෙහේ ඉස්කෝලවල උන්ට ඒ මනුස්සයගේ වටිනාකමක් නෑ.. මේවයි සාමාන්‍ය මිනිහෙක් ගත්තොත් අඩුමගානේ කොග්ගල කියන්නෙ මාර්ටින් වික්‍රමසිංහයන්ගේ ගම කියලා දන්නේ කීයෙන් කී දෙනාද???
    ඇත්තට ම ඒ ගැන දුකයි...
    ජයවේවා!!!
    පරණ post එකක් උනත් කමෙන්ටුවක් නොදා යන්න හිත දුන්නේ ම නෑ..

    ReplyDelete
  15. මල්ලී හිමින් හිමින් ..අමාරුවෙන් මගේ පෝස්ට් ටික කියවගෙන එන බව මට තේරෙනවා..
    ස්තූතියි මලේ...
    "GPRS"වලින් විතරක් නෙවෙයි මලේ මෙ උලවු "3G"වලින් උනත් මෙ වැඩෙ ලේසි නැහැ.

    සේකරයන්ට,වික්‍රමසිංහයන්ට විතරක් නෙවෙයි මලේ ලෝකේ කොයියම්ම ශ්‍රේෂ්ඨයෙකුට උනත් උපන් ගමෙ තැනක් ලබා ගැන්ම පහසු නැහැ.
    ඒ මිනිසුන්ගේ තියෙන කුහකකම නිසා වෙන දෙයක්...

    ReplyDelete