20 April 2010

භාරත ගී වින්දන සමග...

මොනවා හරි ලියන්න කියලා හිතාගෙන කොම්පීතරව පණ ගන්වන ගමන් රූපවාහිනී උන්නැහේගේ ස්විච් එකත් ඔබලා දැම්මා.
මට ඉතින් අමුතුවෙන් වෙනම ටීවී නැහැ නෙව.
කොමාටම හයි කරලා තියෙන කොම්බෝ පෙට්ටි කෑල්ල නේන්නං කෝකටත් තෛලෙ.
ඉස්සරනං ටීවී කාඩ් ඇත්තෙක් මෙකට හයි කොරාන හිටියත් පස්සේ ඒක ගලවලා විසික්ක කොලා.
ඒ හුචක්කුව හින්දා කොමා මල්ලිවත් තව පොඩ්ඩෙන් ගහලා යනවා.
ඉතින් කියන්ට ගිය කාරණාව මෙකයි.
මට මෙ තියෙන කොරමෙ යටතේ කවදාවත් ටීවී බලන එකයි, කොම්පීතර මල්ලී එක්ක ගණුදෙනු කොරන එකයි එකට කොරන්ට හම්බු වෙන්නේ නැතුවා ඔං.
ඉතින් කොම්පීතර උන්නැහේට පණ ආපු ගමන් ටීවී උන්නැහේ ඔෆ් කරන්ට හිතාගෙන තමයි හිතුවෙ..
හරි හත් ඉලව්වයි නෙව.
අර සුවාධීන රූපවාහිනියේ ඉදං අපේ රංජිත් මහත්තයා පටන් අරන් නෙවද භාරත ගී වින්දන..

ඉතින් මක් කරැන්ටැයි...
ඒක බල බල හිටියොත් මෙක ලියන්ට වෙන්නෑ..
මෙක ලිය ලිය හිටියොත් ඒක බලන්ට වෙන්නෑ..

අර මොකාටද වෙච්ච දේ තමයි මටත් උනේ..
අන්තිමෙදී වැඩිය නෑ එකම එක ගීතයක් බලලා මෙක ලියනවා කියලා හිතුවා..

ටජ්මහල්...
අමරණීය ප්‍රේම වෘතාන්තය සිහිපත් කරමින් රංජිත් උන්නැහේ දුන්නේ නැද්ද එළ ටෝකකුත් එක්ක
ජොවාදා කියා තෝ.. නිභානා පඩෙගා...

මං ඉතින් කොර වෙලා නොයයිද...
අනේ ඉතින් තව එකම එකක් බලනවා කියලා හිතුවා.

හම්රාස් චිත්‍රපටයෙන්..
නීලගගන් කෙ චලේ....
කාලා වරෙංකෝ...
මෙ මගූල හරියන්නේ නෑ.. හිත ගලක් කරගෙන මෙ පැත්තට ආවා..ඒ ගීතයක් අහලා ඉවර වෙන කොටම.

අන්තිමට මට ලියන්න හිතාන උන්නු දේවලූත් අමතක උනා.
දැන් ඉතින් ලියන්න වෙන්නේ හින්දි උන්මාදය ගැනම තමයි.

ආයේ චුට්ටක් ඒ පැත්තට ගියා...
මනඩොලේ.. මෙරෙ....
හරියන්නේ නැහැ... ඒකත් බැළුවා.ආපහු ආවා.

ආයේ පාරක් දාන කොට ගීතය නම් මම දන්නේ නැහැ.. නර්ගීස් අක්කා රිදී තිරය දෙවනත් කොරනවා නෙව.
මම ආසම නිළියක් වෙච්චි එකේ අතෑරලා දාලා එන්නේ කොහොමද...

ඇත්තටම මෙ රංජිත් මහත්තයා නං දෙයියෙක්.
දැනට නොවුනත් වෙන්න දෙයියෙක් නං තමා...

මට මතකයි අපි පුංචි කාලේ අපේ ගෙදර ටීවී නැහැ නෙව.
ඒ දවස්වල අපේ ලොකුම මාධ්‍ය සහකරු උනේ රේඩියෝ පොජ්ජ තමයි.
පරණ පිලිප්ස් මෙගා සයිස් රේඩියෝඑක පස්සෙන් පහුකාලෙක මගේ බාස් වැඩ හින්දම සෙත්තපෝච්චි වෙනකල් යස අගේට අපිට පිහිට උනා.
වෙළඳ සේවය.. ස්වදේශී සේවය..තමයි ඉතින් ඒ දවස්වල නැගලා යන්නේ..
බැහැලා යන්නවත් වෙන සේවාවන් තිබුනද කියලවත් මම දන්නේ නැහැ..ඔය රුහුණු සේවය,රජරට සේවය එහෙම අපිට හරියට ඇහෙන්නේ නැහැ නෙව.

අද ටෙලිවිසොන් කාරයෝ වගේ අංක එක වීමෙ බලූ පොරයක් ඒ දවස්වල තිබුනේ නැහැ.
සේවා දෙකම එක හා සමානව අපිට සේවය සැලැස්සුවා ඔං.

මුවන් පැළැස්ස..ගුවන්විදුලි රගමඩල..යකාගේ වංගුව..බවර්ගේ අනුග්‍රහයෙන් ගෙන එන ගුවන් විදුලි මාලා නාටක..
ෙඓතිහාසික නාටක..
ඒ අතරෙ අමරසෝම සමරක්කොඩි ලගේ විහිළු කතන්දර..
ඇනස්ලි බර්ටි සැමුවෙල් රජතුන් කට්ටුව..
ලතාගේ කතාව..මධුරසාංග..
ඒ අතරෙ සුවිශේෂි මතකය
භාරත ගී වින්දන...

අද වගේ නෙවෙයි ඒ දවස්වල අපි හුගාක් රෑ වෙනකල් ඇහැරගෙන ඉන්නේ නැහැ.
උපරිම රෑ නවයහමාර තමා. රෙඩියෝවෙ කයි කතන්දර අහවර උන ගමන් නිදි පැදුරට තමා.

ඒ සොඳුරු මතකය නැවත සිහියට ගෙන එන භාරත ගී වින්දන වැඩසටහනට මෙන්ම එදා වාගේම අදටත් එය කරගෙන එනු ලබන රංජිත් මහත්තයාට දීර්ඝායුෂම ලැඛෙන්ට ඔන.
ඇත්තටම එම වැඩ සටහන මෙ තරම් රසවත් ඔහු නිසාමයි.

ඉතින් තව තවත් මෙක ලිය ලිය ඉන්ට බැහැ මම යනවා ඒක බලන්ට.
පස්සේ වෙලාවක අද ලියන්ට හැදුව දේ මතක් උනොත් ලියන්නම්.

8 comments:

  1. මමත් ආසම කරන තැනක් තමයි භාරත ගී වින්දන....

    ReplyDelete
  2. What is this second film? Hamras or AAmras? I am also used to listen Gee Ama Dhara was on radio presented by Ravilal Wimaladharma.(Yashodha's father)

    ReplyDelete
  3. අපූරු ලියමන, ගුවන් විදුලිය ගැන රසවත් මතකයන් ගෙනාවාට බොහෝම ස්තුතියි.

    අහලා තියේද ප්‍රේමකීර්ති ද අල්විස් මහතා ඉදිරිපත් කර "සැරිසර ගුවන් විදුලි සඟරාව" ගැන.

    අපේ ගුවන් විදුලි සේවයේ තවත රසවත් තැනක්: දශක කිහිපයකට පෙර ඉන්දියාවෙ තිබුනෙත් All India Radio නැමැති එක් සේවාවක්ලු. ඒකාලයෙ දකුණු ඉන්දීය වැසියන් අතර (තමිල් නාඩු, කේරල ප්‍රාන්තවල) ඉතා ජනප්‍රිය වැඩසටහන අපේ ගුවිසේ ඉදිරිපත් කර හින්දි ගී වැඩ සටහන් බව කටපුරා අපේ රටේ හොඳ කියන කේරළ පවුලකින් දැනගන්න ලැබුනා.

    ශ්‍රීලංගුවිසේ ගැන රසවත් තොරතුරු දැනගන්න මෙතැනින්:

    http://en.wikipedia.org/wiki/Radio_Ceylon

    එදා අපේ ගුවිසේ ගැන මෙසේ සඳහන් විය:
    ' Soon after conquering Mount Everest half a century ago, Edmund Hillary and Tenzing Norgay turned on their transistor radio – and the first thing they heard was an overseas broadcast of Radio Ceylon, from more than 3,000 kilometres away. They joined millions of people across the Indian subcontinent who regularly tuned in to these broadcasts. A pioneer in broadcasting in Asia, Radio Ceylon for decades informed and entertained an overseas audience many times the population of Ceylon, now Sri Lanka....' (Panos)

    ඒත් අද?

    ReplyDelete
  4. මුවන් පැළැස්ස..ගුවන්විදුලි රගමඩල..යකාගේ වංගුව..බවර්ගේ අනුග්‍රහයෙන් ගෙන එන ගුවන් විදුලි මාලා නාටක..
    ෙඓතිහාසික නාටක..
    ඒ අතරෙ අමරසෝම සමරක්කොඩි ලගේ විහිළු කතන්දර..
    ඇනස්ලි බර්ටි සැමුවෙල් රජතුන් කට්ටුව..
    ලතාගේ කතාව..මධුරසාංග..

    ඔක්කොම මමත් අහල තියෙනවා.. ඒ කාලේ අපේ ගමට ලයිට් නැ. ලාම්පු එලියේ මද අදුරේ මුවංපැලැස්ස එහෙම අහගෙන ඉද්දි හිතේ මැවෙනවා. මතක් වෙද්දිත් ආසයි නේ...

    ReplyDelete
  5. අය්යෙ, නියමයි...
    මේ වගේ දේවල් ඔයා අතින් ලියවිලා කියවද්දි පුදුමත් හිතෙනව...
    ඔයා දැන් මාර විදියට වෙනස් වෙලා ඒත්...
    හොඳ අතට නිසා හොඳයි...

    ReplyDelete
  6. මේක නම් ඇත්තම ඇත්ත. ඉස්සර අපිට ගන්න දෙයක් තිබුණා හැම වෙලාවෙම.
    දැන් ඒකට
    ලංකාවේ අංක 1,
    පවුලේ නාලිකාව
    පවුලගේ නාලිකාව

    ඉතින් තරඟය මිසක් වෙන මුකුත් නෑ...
    ඒ මදිවට ප්‍රවෘත්ති බලන්න වෙලා තියෙන්නෙත් පුංචි ඉඩක...
    මම මේ ගැන් ලියන්න හිටියේ....
    එල මුල පිරීමක් දැම්මට....

    /බිඟුවා...!

    ReplyDelete
  7. ප්‍රත්චාර දැක්වූ සියළුම හිතවතුන්ට...

    ස්තූතියි.
    ඇත්තටම අපි හැමෝම වගේ අද මොනවා කරන අය වූවත්, අපි හැමෝගෙම අතීතය එක් යුගයකදී සමාන්තරව ගත වෙලා තියෙනවා කියන එක පැහැදිලියි.
    ඒ මිහිරි අතීතය සමග එක්වූ සියල්ලන්ටම නැවත වතාවක් ස්තූතියි..

    චේජනා...

    ඔයා මගේ පරණ ලිපි කියවලා නැහැ නේද..?

    බිඟුවා...!

    අන්න නියම වැඩෙ.. මට වඩ බිගුවා තමයි ඔය වැඩෙට දස්සයා... අනිවාර්යයෙන් මම බලන් ඉන්නවා..කරමු කරමු...

    ReplyDelete
  8. බිඟුවා...!

    "පවුලගේ නාලිකාව"
    අන්න නාලිකාව..

    ReplyDelete