22 April 2010

අදත් දවසක්...සහ මුරුංගා හොද්ද...

සුපුරුදු ලෙසින්ම උදේ ගෙදර ආවා..

දෛනික කටයුතු ටික.

රෙදි සේදීම..
උයාපිහා ගැනීම..
ස්නානය..
ගේ අතුපතු ගා අස්පස් කර ගැනීම..
බ්ලොග් එක පැත්තේ කරක් ගසා බැලීම..
උයන අතරතුරම උදෑසන ආහාරය සදහා බත් මිටක් ගිල දැමීම..

ඒ ටික ඉවරයි.

දැන් දෙවන අදියර.

සාදාගත් බැදුමක් තසිමකට දමාගෙන..
ගල් බෝතලෙන් හා සෝඩා බෝතලයෙන් මගේ පදමට සකසා ගත් මිශ්‍රණය වීදුරුවක් තුල බහා..
කම්පියුටරය තබා ඇති මෙසය පසෙක තැබූ කුඩා ප්ලාස්ටික් ස්ටූලය මත තබාගෙන..
බිෙඳන් බිඳ දියරය ශරීරගත කරනා අතරම දිවට දැනෙන සැර ගතිය මකා දමනු පිණිස බැදුමෙන් ස්වල්පයක් සපමින්..
නැවතත් අන්තර්ජාලය තුල සැරි සැරීම ආරම්භ කලා.

දැන් ප්‍රශ්නය...?
ලියන්නේ මොනවාද..?

අතීතය.. ම්හ්..
හමුවූ මිනිසකු පිළිබඳව..? ඒත් බෑ..
නැතිවූ ප්‍රෙමයක් ගැන..? හරියන්නේ නෑ...
මොනවා හරි සිද්ධියක් ගැන..? මතකයට එන්නේ නෑ..
දේශපාලනය...? මෙලෝ රහක් නැහැ..
ජොතිෂ්‍යය...? දැන් ඉන්න තත්වෙ හරි නැහැ...

හත් ඉලව්වෙ මොනවද ලියන්නේ....?

කවියක්..?..... තවම පදම මදි...
කාලා වරෙංකෝ... මගේ සිතිවිලි ගග හිඳිලද..?

මොන පිස්සුද...?ලියනවනම් මොනතරම් දේවල් තියෙනවද...?
මං කල රැකියා ගැන, එහිදී හමු වූ විවිධාකාර වූ මිනිසුන් හා මුහුණ දුන් සිදුවීම් ගැන, මෙන තරම් නං මතකයන් ගොඩක් තියෙනවද..?

මම දායක ඇත්තොත් එක්කාසු කරාන හුගක් අය බෑ කියද්දිත් මාස දහයක් ඇතුලත ලක්ෂ දහසයක් වියදම් කරලා චෛත්‍යය හදපු හැටි.. ඒ සම්බන්ධ අතුරු කතා..
මගේ ගුරු හාමුදුරුවන්ගේත් ගුරු හාමුදුරුවෝ වෙච්ච ලොකු හාමුදුරුවෝ හිටි හැටියේ වසර පහළවකට පස්සේ ලංකාවට කඩං පාත් වෙලා මට දාපු බකට් ටික.. මම ඒවා පයිසෙකටවත් මායිම් නොකර මගේ අරමුණ කරා ගිය හැටි.

ගරා වැටී තිබූ පන්සලත්, දහම් පාසලත් ගොඩදාපු හැටි..

සුනාමිය වෙලාවෙ අපේ පළාතේ අනිත් හාමුදුරුවරු ලොකු ලොකු වැඩ කරන්න අමුඩ ගගහා ඉද්දී, ඒවා පස්සේ කරන්න බැරියෑ කියලා හිතාගෙන සති තුනක් ඇතුලත පොතුවිල් වල මුහුදු මහා විහාරෙ හාමුදුරුවන්ව සම්බන්ධ කරගෙන දෙපාරක්ම එහෙ ගිහින් තාවකාලික නිවාස දෙකක් සාදා දුන් හැටි සහ ඒ සඳහා මගේ ගෝල බාලයෝ ටික නැහීගෙන වැඩ කරපු හැටි...
අන්තිමට මහා පරිමාණ නිවාස සහ ගෘහ උපකරණ ලබාදීම සඳහා සාකච්ඡා කරමින් සිටි පළාතේ අනිත් හාමුදුරුවරු ටික එම සැලසුම් තාමත් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධව...

පැවිදි ජීවිතයේ මිනිසුන් නොදකින පැති පිළිබඳව...

මගේ පාසල් දිවිය හා මම අනාගත් හැටි ගැන වූ විස්තරය...

එක තැනක වැඩි කාලයක් එක විදියකට ඉන්න බැරි මගේ අරුම පුදුම රෝගය පිළිබඳව...

මොන තරම් දේවල් තව තියෙනවද ලියන්න,කියන්න...

ඒත් ඒ කිසිම දෙයක් දීර්ඝව විස්තර කරන්න මට දැන් කම්මැලියි.
ඇත්තටම මෙක කොටන්නයි කම්මැලි.
මම දන්නවා ඒ එක කථාවක් හරි ඇද ගත්තොත් මාගල් සයිස් ලිපියක් ලියන්න වෙන බව.
කම්මැලියි අප්පා..
මට බැහැ.

අද මම උයපු දෙයක් ගැන කියන්නම්.
ඒ තමයි මුරුංගා හොද්ද..
මෙ තමයි මම මුරුංගා උයපු දෙවෙනි දවස.
මීට කළින් එක පාරක් මම පන්සලේ ඉද්දී මුරුංගා ඉවුවා. ඒත් ඒක එචිචරම රසට තිබුනේ නැහැ.
ඒත් අද නම් වැඩෙ ගොඩ.

මම කන්න ආස කෑම අතරින් එකක් තමයි මුරුංගා හොද්ද..
හැබැයි කරවල බැදුමකුත් ඔනෑමයි...

ඉතින් ඒ දෙකම අද හැදුවා. මදි පාඩුවට ඉතින් අර මම මීට කළින් දවසක් ලියපු රසවත් කෑමත් හැදුවා.

මෙ බ්ලොග් අතරෙ මම කැමති අඩවියක් තමයි "කමුබොමු" සටහන.
මටත් ආසයි ඒකට සම්බන්ධ වෙන්න ඒත් මම දන්නේ නැහැ ඒක කරන්නේ කොහොමද කියලා.
කෑම බීම ගැන මටත් ලියන්න කියන්න ගොඩාක් දේවල් තියෙනවා..
හැබැයි ඉතින් ගොඩෙ කෑම සහ අපේ පංතියේ කෑම බීම ගැන සහ විශේෂයෙන්ම ආහාර වර්ග ගැලපීම ගැන.

චුට්ටක් ඉන්න වීදුරුව නැවත පිරවීම සඳහා මුළුතැන් ගෙට යාමට සිදු වී තිබේ..

හා දැන් හරි..

දෙවන වටය..

ඇත්තටම ජීවිතේ සුන්දරයි.
නරකම නැහැ ඒත් මරණය මීට වඩා සුන්දරයි කියලා මට හිතෙන්නේ ඇයි කියලා මම දන්නේ නැහැ.
මොකද මැරුනු කෙනෙක් ගෙන් අහලා දැන ගන්න කියලයෑ..

හා ඒකෙන් වැඩක් නැහැ.

මම මෙ ලිපිය ලියන්න පටන් ගන්න කොටම මාතෘකාව හැටියට දැම්මෙ "අදත් දවසක්..." කියලා විතරයි ඒත් දැන් බලාගෙන ගියහම ලියලා තියෙන්නේ මුරුංගා ගැනනේ...
දැන් ඉතින් මාතෘකාව වෙනස් කරන්න වෙනවා.
දැන් මදෑ ලියලා තියෙන හරිය..
මට දැන් සොමතිලක ජයමහගේ "අපි ආයෙත් හමු නොවුනා නම්..." කියන ගීතය අහන්න ඔන.
එහෙනම් මම නැවතුනා.
ජය වෙවා...

38 comments:

  1. මේ දෙයක් අහන්න හිතුනා ?

    ඔය ඔක්කොම දේවල් කරන්න කලින් " මඤඤං " වත් කෑවද කියන්නකෝ ..... ;)

    ReplyDelete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. Anusha Nadun Ranaweera...

    මල්ලී මෙ ඔවා තියා ගන්න එපා හරිද..?
    එනවා මෙතන "හිකිස් "ගාන්න..

    ReplyDelete
  4. අයියෝ...මඤඤං අනේ....
    කෑවද කියන්නකො. මොකද ඒවා කාපුවම තමා ඔහොම වෙන්නේ ..... හික්ස්

    ReplyDelete
  5. මෙන්න මෙයා මාව බයිට් කරන්න හදනවා..
    අපි අහුවෙයි ඔවට.. පුහ්.
    (මෙ ඒවා රසද..?)

    ReplyDelete
  6. රස නම් මන්ද ...හැබැයි කෑවට පස්සෙ වෙන දේ නම් දැන් දැක්කා. පේන්නේ නැද්ද ඔයා ලියලා තියෙන දේවල් ;)

    මම තාමත් කියව කියව හිනා වෙනවා

    ReplyDelete
  7. ලියන්න තියෙන කම්මැලිකම පැත්තකට දාලා උඩ තියෙන ඒවායින් රසවත් විස්තර ටිකක් ලියන්න. අපි ආසයි කියවලා රස විඳින්න.

    ReplyDelete
  8. ම්ම්ම්...මුරුංගා හොද්ද....මමත් ආසම කෑමක් තමයි ඒක...හැබැයි ඒ අම්ම උයපුවාම තමයි. කඩවල උයලා තියන විදියටනම් මුරුංගා කෑම එපා වෙනවා.

    ReplyDelete
  9. උඹට සෑහෙන්න දේවල් තියෙනවා බං ලියන්න . .

    මුරුංගා වගේ දේවල් නෙමෙයි බං වෙන ලස්සන කාට කාටත් වැදගත් වෙන දෙයක් ලියපන් මචං . . .

    තරහා වෙන්න එපා හොඳේ . . . හැකියාව අති අය ඒ දේ කොරන්න ඕන කියලයි මම කිව්වේ . . .

    ReplyDelete
  10. "මම දායක ඇත්තොත් එක්කාසු කරාන හුගක් අය බෑ කියද්දිත් මාස දහයක් ඇතුලත ලක්ෂ දහසයක් වියදම් කරලා චෛත්‍යය හදපු හැටි.. ඒ සම්බන්ධ අතුරු කතා..
    මගේ ගුරු හාමුදුරුවන්ගේත් ගුරු හාමුදුරුවෝ වෙච්ච ලොකු හාමුදුරුවෝ හිටි හැටියේ වසර පහළවකට පස්සේ ලංකාවට කඩං පාත් වෙලා මට දාපු බකට් ටික.. මම ඒවා පයිසෙකටවත් මායිම් නොකර මගේ අරමුණ කරා ගිය හැටි.

    ගරා වැටී තිබූ පන්සලත්, දහම් පාසලත් ගොඩදාපු හැටි..

    සුනාමිය වෙලාවෙ අපේ පළාතේ අනිත් හාමුදුරුවරු ලොකු ලොකු වැඩ කරන්න අමුඩ ගගහා ඉද්දී, ඒවා පස්සේ කරන්න බැරියෑ කියලා හිතාගෙන සති තුනක් ඇතුලත පොතුවිල් වල මුහුදු මහා විහාරෙ හාමුදුරුවන්ව සම්බන්ධ කරගෙන දෙපාරක්ම එහෙ ගිහින් තාවකාලික නිවාස දෙකක් සාදා දුන් හැටි සහ ඒ සඳහා මගේ ගෝල බාලයෝ ටික නැහීගෙන වැඩ කරපු හැටි...
    අන්තිමට මහා පරිමාණ නිවාස සහ ගෘහ උපකරණ ලබාදීම සඳහා සාකච්ඡා කරමින් සිටි පළාතේ අනිත් හාමුදුරුවරු ටික එම සැලසුම් තාමත් ක්‍රියාත්මක නොකිරීම සම්බන්ධව...

    පැවිදි ජීවිතයේ මිනිසුන් නොදකින පැති පිළිබඳව...

    මගේ පාසල් දිවිය හා මම අනාගත් හැටි ගැන වූ විස්තරය..."




    මාරයියා කතා සාගරයක්නෙ... ලියන්නකො ඔය ලබපු අපූරු අත්දැකීම් ..... ඒවගේ කාට කාටත් ගන්න දෙයක් තියෙයි කියල හිතෙනවා.....


    උයන හැටි කියන එකත් මරු....... මොකද මේ ජංජාලෙ කැරකෙන හුඟක් දෙනා තනිකඩ බෝඩින්කාරයෝනෙ......... :)

    ReplyDelete
  11. දිල්...

    හරි ලොකු නෝනා..ඔයා අදට දිනුම්..
    අපි පස්සේ වෙලාවක බලා ගමු හොදද..?

    ReplyDelete
  12. ඔයා හොඳ කතා ටිකක් උඩින් පල්ලෙන් මතක් කරගෙන ගිහින්නේ තියෙන්නේ අයියා. ඒවා අපිට ඉදිරියේදී කියවන්න දැම්ම නම් තමා හොඳ...

    ReplyDelete
  13. Praසන්ன...

    අනිවාර්යයෙන්ම ලියනවා..රැදී ඉන්නවාට ස්තූතියි..

    ReplyDelete
  14. චමිදේවා...

    ඇත්ත ඇත්ත...
    සමහර කෑම කඩවල්වල තියෙන විදිය නිසා ඒ කෑම ජීවිතේටම කන්න එපා වෙන වෙලාවලුත් තියෙනවා...

    ReplyDelete
  15. දුකා...

    මට තේරෙනවා දුකා කියන දේ..
    මම ඒ හැම දෙයක්ම ලියනවා.
    එකක් නෑර ලියනවා.
    මෙ බ්ලොග් කෙරුවාව මගේ අතින් කෙරෙන තාක් කල් මගේ හැම සිතිවිල්ලක්මත්, මතකයක්මත්, අකුරු බවට හැරවෙනවා...

    හැබැයි මුරුංගාත් වැදගත් දෙයක්.
    (ඒ මගේ බත් වෙලට)

    ReplyDelete
  16. විශ්මි...

    ලියනවා නගෝ අනිවාර්යයෙන්ම ලියනවා.
    අපි හැමෝම හොද කතා කාරයෝ තමා...
    ඒකනේ අපි මෙතන ඉන්නේ..

    මගේ විනෝදය පිණිස කරන දේවල් අතරින් මම කැමතිම එකක් තමයි උයන එක.
    විශේෂයෙන්ම කෑමක් හදලා ඒක රස විදිද්දී එයින් නැගෙන රසය හා සුවඳ.. එම කෑම මගේ තාත්තා අතින් සැදූ විට තිඛෙන රසයට හා සුවඳට සමානයි නම් එය තමා මගේ ලොකුම සතුට..

    ReplyDelete
  17. Hasitha...

    නුඳුරෙදීම බලාපොරොත්තු වන්න...

    ReplyDelete
  18. මුරුංගා හොඳ අවුසදයක් කියන්නේ.... නමුත් බොටයි මටයි මේ ඉන්න තත්වේ හැටියට වැඩක් නෑ මයේ හිතේ

    ReplyDelete
  19. තියන අද්දැකීම් සහ හැකියාව එක්ක බලද්දි අයියා ලියල තියන ප්‍රමාණය නම් තරමක් අඩුයි කියල තමයි මටත් හිතෙන්නෙ අයියෙ. සෑහෙන පරාසයක සෑහෙන අද්දැකීම් තියෙන මනුස්සයෙක්නෙ උඹ. උඹ කම්මැලියෙක් කියල හිතන්නත් බෑ.

    ලියමු ලියමු මේ ඔක්කොම..

    ReplyDelete
  20. තිස්ස දොඩන්ගොඩ...

    හැබෑටම...
    ඈ බන් අයියේ ඇත්තටම මක්කටෙයි මෙක හොඳ..?)

    ReplyDelete
  21. Raven...

    මගේ කම්මැලිකම පිළිබඳව මටත් හිතා ගන්න බෑ මලයා..
    අවුරුදු දහ හතර පහළව වෙනකොට එක තත්පරයක් නිකන් ඉදපු නැති එකෙක් මම..
    ඒත් අද වෙනකොට බලන් ඉන්නවා ඇර ඒ හැටි වැඩක් කරන කෙනෙක් නෙවෙයි මම..

    හැබැයි ඒ දවස්වල මම මෙ ලෝකේ දැක්ක විදියට නෙවෙයි අද මමදකින්නේ..
    ඒ දවස්වල නොතිබූ පුදුමාකාර සහනයක් නිවීමක් මගේ හිත තුල අද තියෙනවා.

    වගකීම් අඩුවෙන්න අඩු වෙන්න..
    බලාපොරොත්තු අඩුවෙන්න අඩුවෙන්න..

    හිතට දැනෙන සහනය හුගාක් වැඩි වෙන්න පටන් ගන්නවා..

    ඇත්තටම මෙ හැම කතාවක්ම කියන්න ඔන කියලා මම දන්නවා.
    ඒත් එක දිගට කොටනකොට මටම එපා වෙනවා.
    නැත්නම් මෙලහකට මම හුගාක් දේවල් කියලා ඉවරයි...

    ReplyDelete
  22. ජොතිෂ්‍යය ගැනත් කියන්නකො මාරයියෙ. සෑහෙන්න කාලයක් තිස්සෙ මන් බලන් ඉන්නව ඒ ගැන මොනා හ‍රි කියයි කියලා. ම්හු... කෝ තාමත් නෑනෙ.

    ReplyDelete
  23. මේ අයියෙ මෙච්චර ලියන්න දේවල් තියෙනවනම් ලියන්නකෝ. මොනාද අප්ප. මුරුංග හොද්ද හදන්න දෙන්න බැරියැ අපේ කාන්තා පාර්ශවයට. ඔයා කියන්න සුදූ ලස්සන කතාවක් දෙකක් අපටත් යමක් ඉගන ගන්න.

    ReplyDelete
  24. ත‍රිඳු...

    හපෝ මලේ කාන්තා පාර්ෂවෙට දීලා ඔක හදව ගන්න බෑ. වැඩෙ කනවා.
    (ඔන්න දැන් මට පේනවා කීප දෙනෙක්ම කඩු පොළු අරගෙන සෙට් වෙනවා..)
    මට කිය කිය ඉන්නේ නැතිව අර දින පොත ආපහු පටන් ගනින්...

    ReplyDelete
  25. අනුරාධ ...

    ඔහොම ඉන්ටකෝ මලේ හෙට අනිද්දට මම පොඩි වැඩක් සෙට් කරගෙනයි ඉන්නේ...

    ReplyDelete
  26. මාරයා අයියගෙ කෑම වට්ටෝරු ටික දැකලා මට නිකන් පිස්සු වගේ... අපි මොනවද කන්නේ, එක්කෝ මසුයි බතුයි බිත්තරයි එහෙමත් නැත්තන් බතුයි බිත්තරයි මසුයි ඒත් නැත්තන්... ඉතින් ඒත් ඒවම තමයි... හී හී.. :D ඉඳලා හිටලා පරිප්පුත් හැදෙනවා හැබැයි ගොඩක් වෙලාවට කිරිත් නෑ රම්පෙ, කරපිංචා, අමු මිරිස් මොනවත් නෑ... අන්න වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම නියම pio පරිප්පු... :)
    කටට රහට පොල් සම්බෝලයක් කන්න ඉතින් ගෙදර යන්න පුළුවන් වෙන දවසක් එනකන්ම ඉන්න වෙයි.
    අර කතා Set එකත් කොහොම කොහොම හරි ලියමු නේ දෙකක් දාගෙනම...

    ReplyDelete
  27. නිශාචරයා...

    බඩුම තමා...

    ReplyDelete
  28. මොනවද අප්පා... ඔය තියෙන්නෙ ලියන්නකො නිකං අත දිග ඇරලා. වැරදුනා කී බෝර්ඩ් එක දිග ඇරලා.

    මුරුංගා කිව්වමත් දකිනකොටත් මට මතක් වෙන්නෙ පුංචි කාලෙ මං කියවපු පොතක්. නම මතක නෑ. පුංචි දුප්පත් කොල්ලෙක්ගෙ කතාවක් ඒක.
    එයාට කියල හරි හමං ගෙයක් නෑ. හැදුණෙ කොළඹ කොහේදෝ මාර ගහක් යට පුංචි ටකරං කෑල්ලක් හෙවණෙ.අම්මයි එයයි විතරයි හිටියෙ. තාත්ත නෑ. එයාල කන්නෙ මාර ගහ ගාව නවත්තන ලොකු කාර් වලින් බහින ලොකු ලොකු නෝනල මහත්තුරුංගෙන් මොනව හරි ඉල්ලගෙන. නැත්නම් ඔය පිනට හම්බවෙන මොනව හරි උගුරෙන් පහළට දාගන්න පුළුවන් දෙයක්.
    දවසක් අම්ම කොහෙන්දෝ හාල් මිටක් ගෙනැත් ඒක ඉව්වා. එදා මට මතක විදිහට මොකක් හරි විශේෂ දවසක්. සමහරවිට එයාගෙ උපන් දිනේ වෙන්න ඇති. අම්ම මුරුංගා කරලකුත් කොහෙන්දෝ හොයං ඇවිත් හොද්දක් හදල තිබුණා.
    පොතේ තිබුණ වාක්‍යය ඒ විදිහටම මතක නැතත් තිබුණෙ මෙන්න මේ වගේ එකක්.
    "මං බෙලෙක් පිඟාන අතට අරං බත් කන්න පටන් ගත්තා. සුදු බත් උඩට පිඟාන පිරෙන්න මුරුංගා හොදි බෙදල තිබුණා අම්ම.හුඟ දවසකට පස්සෙ කන මේ බත් පිඬක් ගානෙ මට දැනුණෙ පුදුම රසයක් "
    එදා මම පොත කියවනකොට මට ඒ රසය දැනුණා පුදුම විදියට. ඒ වෙනතුරු මම ජීවිතේට මුරුංග කාල තිබුණෙ නෑ. එදායින් පස්සෙ මුරුංගා හොද්ද මගේ ප්‍රියතම කෑමක් උනා. පොතේ අන්තර්ගතය පුංචි කාලෙ මට නොතේරුණත් අදටත් ඒ පොතට මං හරිම ආසයි. කවුරු හරි නම දන්නවනම් කියන්න. මට ඒක හොයාගෙන අයෙත් කියවන්න පුදුම ආසාවක් තියෙන්නෙ.

    ReplyDelete
  29. කොස් තම්බලා මුරුංගා හොදි එක්ක කන්න. හරිම රසයි.

    ReplyDelete
  30. සී ටී යොගට් කොලුවා.... ඉතින් කොහොමද මුරුන්ගයි බතුයි.. උඹ හැමදාමත් ලියන්නම් ලියන්නම් කියලා කියනවා මිසක් ලියන් නැහැනෙ... මොකද කරන්නෙ.. මෙ ටිකෙ.. වැඩයි ගෙදරයි නෙද... රැට ආපු වෙලාවෙ ඉදන් ගසනවා.. හරිම ලස්සනයි කාල ක්‍රියාව...චැ.. හරිම කැතයි.. තමුන් හම්බ කරපු සල්ලි තමයි.. එත අල්ලපු ගෙදර කොලුවටවත් අඩගහපන්.." අයියා පොඩ්ඩක් සෙට් වෙමුද කියලා" හරිම කැතයි..

    හිමිට හිමිට txt ෆයිල් එකක ලියන්න.. පස්සෙ කොටස් වශයෙන් එක බ්ලොග් එකට එකතු කරන්න..

    ReplyDelete
  31. freedom...

    මටත් ඔය වගේම මතකයක් තියෙනවා චිජය පත්තරෙ පළ උන කතාවක ලියැවුනු පාරු බතක් ගැන.
    ඒ කථාවෙ විදියට යාළුවෝ දෙන්නෙක් ගෙදරින් පැනලා යන ගමන් පාරු කාරයෝ ටිකකට එකතු වෙනවා. ඒ පාරුවෙ යන අතර තුර පාරුවෙදීම හදන පාරුබත පුදුම විදියේ ආසාවක් සිතේ ඇති කළත් අදටත් පාරු බත කොයි වගේද කියලා කියන්න අවස්ථාවක් ලැබුනේ නැහැ.
    හැබැයි වාඩි බත නම් කාලා තියෙනවා.
    ඒ ඔය බාසුන්නැහැලත් එක්ක සෙට් උන කාලෙදී..
    ඒකත් නරක නම් නැහැ.

    සුළඟ...

    කොස් එක්ක මුරුංගා හොදි රහයි තමය්..
    ඒත් මම කැමති කොස් තම්බලා කිරිහොදි හදලා හාල්මැස්සනුයි මිරිස් කරල් බැදලයි කන්න තමයි. හාල් මැස්සෝ වෙනුවට කාරල්ලෝ බැදලත් නියමයි.
    මැල්ල කොල බැදුමත් පංකාදුයි..

    රවා...

    අල්ලපු ාගදර කොළුවා..හිහ් ඌට ඔවා කරන්න කථා කලොත් උන්ගේ අම්මා මාව කයි.
    මම මගේ පාඩුවෙ ඉන්න එකා..
    අල්ලපු ගෙදර උන් මං කවුද කියලවත් හරියට දන්නේ නැහැ.

    ටික ටික පල කරන්න නම් පුළුවන් ඒත් හිමිහිට ලියන්න තමයි අමාරු..

    ReplyDelete
  32. රවා...

    මොකක්ද බන් අර ආමන්ත්‍රණය..?

    ReplyDelete
  33. මමත් ඔන්න අවා ඔයාව බලලා යන්න අයියේ...

    ReplyDelete
  34. මම...
    අප්පරමාණ සංතෝෂයි...

    ReplyDelete
  35. මීට කලින් ගොඩ වැදුණට මුලින්ම කොමෙන්ට් කරන්නෙ අද. ඔබ ලිපියේ ඉහත සඳහන් කල දේ ගැන ලියාවි යැයි බලපොරොත්තුවෙන් නැවත එන්නම්. ජය..

    ReplyDelete