24 April 2010

සෙනෙහස සොයමිද කෙලෙසින්..

සිහින් සරින් මුමුණ මුමුණ..
යාන්තමින් අසළ රැදෙන..
සිහින් සිනිඳු සරින් ඇසෙන..
නුඹෙ කවිය සිත් පාරන..

ගලාන ගිය කඳුළු වැලක..
මිලාන වූ පෙම් පුවතක..
වැළලූ පෙර දින මතකය..
නැවතත් පාරයි හදවත..

කිසිදා කිසි දිනක යළිත්..
කියවන්නට නොහැකි ලෙසින්
බොඳවී ඇති පිටු අතරින්..
සෙනෙහස සොයමිද කෙලෙසින්..

28 comments:

  1. නොඑන බව දැන දැනත්
    ඔබ ගැනම සිතනෙමි තව වරක්
    දුක දරාගන්නට හිත හදාගෙන
    ඕන වෙයි දිගු කාලයක්
    (ශකුවි, පාරමිතාව)

    ReplyDelete
  2. ඇවැසි වන්නේ දිගු හුස්මක් හා මුදා හැරීමක් පමණි..

    ReplyDelete
  3. හ්ම්.. ලස්සන පද පෙලක්.

    ReplyDelete
  4. වෙනදා වගේම ඉතින් ලස්සනට පද ගලපලා තියෙනවා.ඒක ඉතින් මං අමුතුවෙන් ලස්සනයි කියන්න දෙයක් නෑ.ඒ වගේම දුකත් ගැබ් වෙලා තියෙනවා පුරුදු පරිදිම නේ මාරයියේ.

    ReplyDelete
  5. Ansh Lucky Sri Jay...

    ස්තූතියි සහෝදරී...

    මම...

    හ්ම්ම්...
    ඔයා මා ගැන දන්න කෙනෙක්ද..?
    මම අහන්නේ මාව පෞද්ගලිකවම අඳුරන කෙනෙක්ද...?

    ReplyDelete
  6. දුකක් දැනුනා කියවද්දි.. මාරයියා... කියන්න මුකුත් නැහැ.. හිත ගොලුවෙලා අද.. මම පස්සෙ එන්නම්.. ඇවිල්ලා යන්න..

    ReplyDelete
  7. පොලිතින්ය
    මතකයන් සමහර
    කොයි තරම් ගැඹුරක
    වැළලුවත්
    නොදිරන

    හිතට දැනුනා දැනුනා මේ පදපෙළ තදින්.

    ReplyDelete
  8. බොඳවී ගිය මතක සිහින
    හැමදාමත් හද පාරන
    කවියක්වී ඇසේවි නම්
    තනුවක් විය හැකිය සබඳ

    ReplyDelete
  9. ඉස්සර වෙලාම කියන්නකො මරයියා ඔයා ඇයි මෙහෙම අහන්නේ කියලා

    ReplyDelete
  10. මම ගොඩක් වෙලාවට බැක් අප් එකක් තියාගෙන තමා සOවේදී දේවල් හිතන්නෙ....ඒත් ඇනෙන වෙලාවල් එනව ගනන් ගන්න එපා බොසා....ඉස්සර කාලෙ පුස්කොල පැපිරස් වල ලියපුව අතරෙත් අරව මේව හොයා ගන්න එකේ ඔයාගෙ...බොඳවූ පිටු අතර වැදගත් දේවල් හොයන්න පුලුවන් වෙය්....සෙනෙහස නැතිව වෙන දෙයක් ගහල සර්ච් කරපන්....එය්...මගෙ කමෙන්ට් එක ටැමිල් මල ගෙයක් වාගෙ උනාට සොරි(ටැමිල් මල ගෙවල් වලත් බෙර ගහල නටනවා)......

    ReplyDelete
  11. පෙරදා මහ රෑ...
    ඈ සිහිලැල් උරමඬලේ....

    ReplyDelete
  12. ඉරා දමාපන්....!
    ඒ බොඳ වූ පත් ඉරු...
    සොයාපන් අබැටක්...ගෙයකින්
    ඉලව්වක් නොකෙරුණු...
    කියාපන්..මටත්..
    මමත් එන්නම්....
    උඹේ තනියට.......!

    සුලා..

    ReplyDelete
  13. බොඳ වී ඇති පි‍ටු අතරින්..
    සොයා නොයනු මැන සෙනෙහස....
    ඒත් නුඹේ සිත් පතුලෙන්
    සොයා ගන්න ඒ සෙනෙහස.....

    ReplyDelete
  14. අර සුලා අයියා කිව්ව වගේ හැම හිතකම විරහව විතරමයි. කවදා හරි කොතැනක හරි කෙනෙක් මේ ආදරය නිසාම දුක දරාගෙන ඉන්නවා.....

    පද ටික නම් නියමයි මාරයියේ...හිත ඇතුලටම දැනුනා

    ReplyDelete
  15. රවා...

    මොනවා හරි අවුලක්ද රවා..?

    Raven...

    හොඳ සංකල්පනාවක්...

    ReplyDelete
  16. සුළඟ...
    නැවුම් පද වැල් ගොතාලන්නට..
    සොදුරු තනුවක දවටමින්..
    ගයන්නට නව මියුරු ගී සර..
    මට නොහැක සිත හදා ගන්නට..

    ReplyDelete
  17. මම...

    ඇයි කියන්න මම දන්නේ නැහැ..
    ඒත් මට දැනෙනවා..
    මොනවාම හරි දෙයක්..තියෙනවා..
    මට ඒක තේරෙන්නේ නෑ..
    සමහර විට මට වැරදිලා ඇති..

    ReplyDelete
  18. indi...
    අවුලක් නැහැ.
    ඇත්තටම මළ ගෙවල්වල නටන්න බැරිනම් සින්දු කිවුවත් මට අවුලක් නැහැ.
    කොහොමත් අනිත් අයගේ වගේ නෙවෙයි මම කැමතියි මගේ මළ ගමට නැටුම් ගැයුම් තියෙනවා නම්..
    අව උනත් මංගල්ලයක්නේ..

    ReplyDelete
  19. තිස්ස දොඩන්ගොඩ...

    ඇත්තටම..

    ReplyDelete
  20. සුලා...
    සතුටක් දැනෙනවා මෙ පැත්තේ ආව එක ගැන..
    දුකක් දැනෙනවා ඔබව කියවන්න විදියක් නැති එක පිළිබඳව...

    තිස්ස අයියගේ සටහන් අග පමණි තවමත් මා ඔබ දැක ඇත්තේ..

    ReplyDelete
  21. චේජනා...
    බොඳවී ඇත්තෙත් එයම තමා..

    ReplyDelete
  22. දිල්...
    අද ඔයාගේ කවි පෙළත් මම බැළුවා ඒ ගැනත් මට කියන්න තියෙන්නේ ඒකම තමයි...

    විරහව සුන්දරයි කියලා කියලත් බෑ නොකියත් බෑ..

    ReplyDelete
  23. දිල් ...
    මම මෙහෙම කියන්නම්..
    විරහව යනු අරක්කු වැනි දෙයකි..

    ReplyDelete
  24. හිතට දැනෙන පද පෙලක්........ අපූරු නිර්මාණයක් මාරයියේ....

    ReplyDelete
  25. බොද වෙන්නට තරු අතරින්
    පාව යන්න සිත් අහසින්
    තලා දමන්නට විරහින්
    ඇයි නුඹ ආවේ මෙලසින්

    ReplyDelete
  26. විශ්මි ...

    ස්තූතියි..නංගියේ..

    ReplyDelete