26 April 2010

පරසතු මල් වල සුවඳ අතීතේ...

පුරුදු විදියටම අදත් උදේ ගෙදර ඇවිත් නාලා කරලා ගියා පොඩි ගමන් කිහිපයක්..
මුලින්ම ගම්පහට..
අතේ සල්ලි ඉවර වෙලා හින්දා කාඩ් එක දාලා බැංකුවෙන් සල්ලි ටිකකුත් අරගෙන ගිහින් කුලී ගෙදර ලයිට් බිල ගෙවලා දාලා ආසාවටත් එක්ක ගම්පහ ගුවන් පාලම උඩ දෙතුන් පාරක් බයික් එකේ එහා මෙහා ගිහින් ආවා..
නරකම නෑ...

ඊට පස්සේ ගෙදර ඇවිත් අවශ්‍ය කරන කේන්දර කොපි සහ ඡායාරූප කිහිපයකුත් අරන් නිට්ටඹුවටත් ඌරාපොලටත් ගියා පොඩි මගුල් ඔත්තු දෙකක් සම්බන්ධ වැඩකට.

අන්තිමට වතුපිටිවල රෝහලට ආවෙ ලේ දෙන්න කියලා හිතාගෙන...

ඒත් අන්තිම වැඩෙ ගස් ගියා..

ලේ වල හිමොග්ලොබින් අඩුයි කියන්නේ..
නිදි මරනවද කියලා අහනවා..
ආයේ ඉතින් කියන්නත් දෙයක්යෑ...
මම කවදද දවසට පැය තුන හතරකට වඩා නිදා ගත්තේ...
මෙ දවස්වල ගෙදර ඉන්න දවසට නිදා ගන්නේ පාන්දර දෙකත් පහු උනාට පස්සේ තමයි..
යන්තම් ටිකක් හරි නිදා ගන්නේ වැඩට ගිය දවසටයි.
ඒත් පැය තුනක් වගේ තමයි.
එක දිගට පැය හත අටක් නිදා ගන්නේ මාස කිහිපයකට වරක් තමයි..

කොහොම හරි අන්තිමට ලේ ගත්තේ නැහැ.
මොනවා කරන්නද අපි පිනක් දහමක් කරගන්න ගියහම ඒකටත් බාධා..
කොහොමත් මම මාස හයකට වරක් ලේ දෙන්න පුරුදු වෙලා දැන් වසර කිහිපයක් වෙනවා..
මෙ දෙන්න ගියේ හයවෙනි පාරටද කොහෙද..?
ඒක හබක් උනා..
තව කොළ ජාති, ඇට ජාති කාලා මාස දෙකකින් විතර එන්න කියලා මිසී නෝනා කිවුවෙ නැද්ද..?

කොළ නම් මම කොහොමත් වැඩිපුර කනවා..
මට මැල්ලූම්, කොළ සම්බෝල එහෙම කනකොට පිගාන වැහෙන්න තියෙන්න ඔන..
ගොටුකොළ මිටිය එක වෙලට කන පුතා මමනේ..

ඒත් ඉතින් ඇට වර්ග නම් කැවෙනවා අඩුයි.
කඩල වලට නම් මම ආසාම නැහැ.
මුං ඇට, කවුපි නම් කැමතියි ඒත් හදන්න කම්මැලියි.
මෙ ලගදී නම් මුං ඇට හැදුවා.
අන්තිමට කවුපි කෑවෙ මීට මාස දෙකකට විතර කලින්..
හැබැයි ඉතින් ඇට ජාති නොකනවා කියන්නත් බැහැ.
බොන වෙලාවට බයිට් එකට බැදපු රට කජු,කඩල,ග්‍රීන්පීස් එහෙම හොදට කනවා නෙව..

කොහොම හරි ඉතින් ඒ වැඩෙ හරි නොගිය එක ගැන නම් පුදුම අප්සෙට්...

මම මුළින්ම ලේ දුන්නේ මහණ වෙලා ඉද්දියි..
ඊට පස්සේ මට ඒ ගැන ඇති උන කැමැත්ත නිසාම මම පන්සලේ ලේ දන් දීමක් ලෑස්ති කලා.
සම්පූර්ණ අනුග්‍රහය මා හැර ගිය ඇයගෙන්..
වරදවා හිතන්න එපා ඒ වන විට අපි අතර කිසිම ආකාරයක පටලැවිල්ලක් තිබුනේ නැහැ.

ඇයට ඒ සඳහා උවමනාවක් ඇති වී තිබුනේ..ඇය දුටු සිහිනයක් නිසාවෙන්..
ඒ අනුව ඇය ඇගේ මවට කළ ඉල්ලීමක් අනුව මගෙන් කළ ඉල්ලීමක් නිසාත් මට ඇතිවී තිබූ උවමනාව නිසාත් මවිසින් එම ලේ දන් දීම සංවිධානය කරනු ලැබුවා.

ඇත්තටම එය සාර්ථක වැඩ සටහනක්.
මට මතක විදියට එදින 70 වකට ආසන්න දෙනෙක් ලේ දන් දී තිබුණා.

ඊට පසුත් මා තනිවම රෝහල් කරා ගොස් ලේ දන් දීම පුරුද්දක් බවට පත් කර ගත්තත්..
මෙවර එය අහිමි වී යාම මට පුදුම දුකක් ගෙන ආවා...

බලමු ජීවත් වෙලා හිටියොත් තව මාස දෙකකින්වත්...

ඒ හිතේ අමාරුවත් එක්ක ගෙදර ආවා.
එන ගමන්ම කෑම එකක් අරන් ඇවිත් දෙකක් දාගෙන කෑවා.

හවස් වරුවම වැස්ස..

නෙට් එකේ එල්ලිලා පොඩි සෙවීම් පාරක් දැම්මා..
නමුත් වැඩෙ හරි ගියේ නැහැ.
සොයපු දේ සොයා ගන්න බැරි උනා.

මොකක්ද හෙවුවෙ...?

අපේ ආයතනයේ සේවක මහත්වරුන්ට හා නිලධාරීන්ට තේ පිළිගන්වන කාන්තාවක්ගේ ඉල්ලීමක් අනුව තමයි මම මෙ සෙවීම කලේ...

පරසතු මල් චිත්‍රපටයේ ගැයෙන කවි කිහිපයක් තමයි මට සොයා ගන්න අවශ්‍ය උනේ..
ඒ කවි කිහිපයම ගාමිණී ෆොන්සේකා මහා කලා කරුවාණන් මිය ගිය අවස්ථාවෙ.. සෑය දවන විටත් පසුබිමින් ගලා ගියා ඇයටත් මටත් මතකයි.
ඇත්තටම ඒ කවි කිහිපය සිහිනයක් වගේ සිතේ රැදිලා තිබුනත් හරියටම පදවැල් මට මතක නැහැ.

කොච්චර හෙවුවත් හම්බ උනේ සුජාතා අත්තනායක ගායනා කරන පරසතු මල් වල සුවඳ අතීතේ කියන ගීතය හා අමරදේව මහත්මා ගයන ගීයක් පමණයි.

අන්තිමට ඉතින් ඒ වැඩෙත් අතෑරලා දාලා ටිකක් නිදා ගන්න බැළුවා.(ලේ වල හිමොග්ලොබින් නග්ග ගන්නත් එපැයි)

යන්තම් පැය එක හමාරක් විතර නිදා ගත්තා.. එකත් බිත්ති ඔරලෝසුවට පින් සිද්ධ වෙන්න.

මගේ නින්දයි ඔරලෝසුවයි අතර සම්බන්ධය..

මම නිදා ගන්න කොට වෙලාව හවස තුන හමාරට විතර ඇති.
කොහොමත් මට එක දිගට හුග වෙලාවක් නින්ද යනවා අඩුයි.
ඉතින් එක පාරක් නැගිටලා බලන කොට වෙලාව 4යි.
ආයේ නිදා ගත්තා..
ආයෙත් නැගිටලා බැළුවා වෙලාව..
තාමත් හතරයි...
ආයෙත් නිදා ගත්තා..
නැගිට්ටා.. බැළුවා වෙලාව.. යකෝ.. මෙ මොන කරුමයක්ද තාමත් වෙලාව 4යි...
මළ පැන්නා අතපත ගාලා හොයා ගත්තා ෆෝන් එක කීයද වෙලාව... පහයි කාලයි.
ඒත් බිත්ති ඔරලෝසුවෙ වෙලාව හතරයි.
ඒකේ බැටරි බැහැලා.. වෙලාව හිටලානේ..
ඔන්න ඔකයි උනේ..
කොහොම හරි ඔරලෝසුවට පින් සිද්ධ වෙන්න ටිකක් නිදා ගත්තා.

ඊට පස්සේ..රෙදි ටික හෝදලා දාලා නා ගත්තා..
රෑට කන්න බත් ටිකක් උයලා අල ගෙඩියක් තෙලට හදා ගත්තා.
බිත්තරයකුත් තම්බ ගත්තා.. ඔය මදෑ..

බෝතලේ අඩියේ තව උගුරු දෙකක් විතර ඉතිරි වෙලා තියෙනවා දැක්කා ..
දා ගත්තා ඒකත් වීදුරුවකට.
බයිට් එකට කලින් ගෙනාව මුරුක්කුයි රට කජු කඩල ග්‍රීන් පීස් මික්ස් කරපු බයිට් මික්ස් ටිකක් තිබුනා.(ඇට ජාති කන්න කියලත් මිසී කිවුවා නෙව) ඒකත් පොඩි කප් එකකට දා ගත්තා වාඩි උනා, කොම්පීතර උන්නැහේ ගාව.. ලියලා දැම්මා මෙ සටහන... තව ටිකකින් කන්න ඔන..

ඔයාලට ඇහෙනවද දැන් මම මුමුණන ගීතය...

ෂා... අහලා බලන්න එපැයි ලස්සන...
කියලා වැඩක් නැහැ...
පවසලා පලක් නැහැ...
කණට නිකන් මී පැණි වත් කරනවා වගේ..(හැබැයි මගේ විතරයි.)

ඔයාලා දන්නවද බැරල් එකක් ඇතුලේ ඉදන් තොටුපල අයිනේ ගීතය කියන කොට නැගෙන හඩ කොයි වගේද කියලා...?

දැන් පැහැදිලියිනේ...

68 comments:

  1. කාලෙකින් මේ පැත්තෙ ආවෙ... කෑවට වැඩක්යැ කාපුව ඔක්කොම හේදිල යන්න දෙකක් දාගන්න කොට......

    කටු ගහන කොට රිදෙන්නැද්ද මාරයියේ?????? බොරු කියන්නෙ මොකටද හා පැටික්කි නම් තාම ඉන්ජස් කට්ටයි නර්ස් ඇන්ටියි දැක්කම හිමීට ලිස්සල යනව.... නැත්නම් බෙරිහන් දීල කට රිදෙනව නේ......

    ReplyDelete
  2. මාරයා අයියාගේ හිත හයියයිනේ හා පැටික්කියේ.
    කටු නෙවෙයි පිහි වලින් ඇන්නත් ඉවසන් හිටියහැකි.

    අනේ පවු කවුද හා පැටික්කිට ඉන්ජෙක්ෂන් ගහන්න ආවෙ..

    ReplyDelete
  3. මට (මාස 5කට විතර කලින්...)ලේ චැක් කොරන්න කියල ඩොට්ටර් අන්කල් ලියල දුන්න නෙ අයියේ,ඉතින් අම්මගෙ බර බරේ (තාමත් මතක් උනාම කතා කරනව...) අනේ ලෙඩ හැදිල මලත් මං ඕකට බයයි මං තාම ඒකට ගියේ නෑ.......
    ලේ දෙන්න ගිහින් ඇඬුවත් වස ලැජ්ජාවනේ වයසෙ හැටියට..... ඉතින් මං ගියේ නෑ....... :S

    ReplyDelete
  4. මොකටෙයි හා පැටික්කිගේ ලේ චැක් කොරන්නේ...
    ඔක බය වෙන්න කාරිනාවක් ඇති දෙයක් නෙවෙයි නගේ ඒ වෙලාවට හිත වෙන අරමුණකට යොදවන්න වැඩෙ උනාද කියලවත් දැනෙන්නේ නැතුවා.

    ReplyDelete
  5. කොන්ඩේ අසාමාන්ය ලෙස ගොඩක් යනව...... තව ටික දවසකින් තට්ටෙ පෑදෙන තරමට..... :D ඒකට.....

    මොනවට යොදවන්නද කටුව දැක්කම ඒකට මිසක්..... ඉස්කෝලෙදි රුබෙල්ල විද්දෙ ඉස්කෝලෙම දෙවනත් කරල මාව බිත්තියට හිර කොරල... දැන්නම් මතක් වෙනකොටත් ලැජ්ජයි..... :s :s

    ReplyDelete
  6. මට ලේ දෙන්න බෑනෙ දෙයියනේ. බර අඩුයිලු. අපේ අම්ම කියනව ලේ දෙන තනක් ලඟටවත් යන්න එපාලු. අල්ලල මට ලේ දෙයිලු දැක්කොත්.

    මම නිදාගන්න තරමට එහෙනම් මට හිමොග්ලොබින් උතුර උතුර යනව ඇති. අනේ එකෙත් හැටි

    ReplyDelete
  7. හා පැටික්කි ...

    අප්පච්චියේ තට්ටෙ පෑදිච්ච හා පැටික්කියෝ මම දැකලාම නෑ නෙව..

    විහිළු නෙවෙයි ඔකට හේතුව ඔය නංගලා පාවිච්චි කරන සබන් ෂැම්පු වර්ග..
    ඒවා පාවිච්චිය අඩු කොරලා දාලා..
    සතියකට වරක්වත් උළුහාල් තම්බපු වතුරෙන් හිස හෝදනවා හොදයි.
    හැබැයි වතුර මද රස්නෙන්..
    උණු වතුරත් නාන්ට අගණයි.

    ReplyDelete
  8. ත‍රිඳු...

    හරි අප්සැට් එක නෙව...
    අම්මත් නෝන්ඩිය දානවද..?

    ReplyDelete
  9. මෙහෙම යනකොට දකින්න ලැබෙයි.....

    ඒක නම් එහෙම තමා..... ඒත් පාවිච්චි නොකරන්නයැ....
    එතකොට මොකද වෙන්නේ?????
    විභාගෙ ඉවර වෙලා බලන්නම්.
    හිහ්.... හා පැටික්කි උණු වතුර නාන්න පෙරේතිනේ ඉතින්.....

    ReplyDelete
  10. හා පැටික්කි ...

    හා ඔය තියෙන්නේ රෝග නිධානය...
    උණු වතුර නාලා රටෙ තියෙන තරම් ෂැම්පු දාලා නා ගත්තම හරි යයි..
    දිගටම කරගෙන යන්න මට ඉක්මනටම ඇහැකි...
    තට්ට හාවියෙක්ව දකින්න..

    ReplyDelete
  11. හා පැටික්කි ...

    මොකෝ ඒ පාර D එක හිර වෙලාද..?

    ReplyDelete
  12. ඔව් ඔව් ...... :D

    ඔයාට බයිට් එකට දිල් අක්ක ඉන්නෙ මාව මොටද අල්ලගන්නෙ....... :D

    ReplyDelete
  13. අෆොයි දිල් අක්කා වගේද හාවියෙක්ව බයිට් එකට ගන්නවා කියන එක...

    ReplyDelete
  14. මෙ උඩින් තිඛෙන කොමෙන්ටුව දිල්ට නොපෙනේවා...
    නැත්තන් මගෙයි තට්ටෙ පෑදෙන්නේ..

    ReplyDelete
  15. පෙනේද අර කවුද කෙනෙක් වෙලත් සත්තුන්ට සළකන හැටි....... :O :O

    ReplyDelete
  16. ඉන්නකො මං ගිහිල්ල දිල් අක්කට ලින්ක් එක දීල එනව...... අදම තට්ටෙ පාදයි එතකොට...... :P

    ReplyDelete
  17. හා පැටික්කි ...

    කවුද කෙනා...?
    අනේ ඉතින් සත්තුන්ට නෙවෙයි සත්තුවියන්ට...
    (මෙ ස්ත්‍රී ලිංග පද හොයන එක තමා එපාවෙන වැඩෙ..)

    කවුද නගේ ඔය දිල් කියන්නේ එයා චණ්ඩියෙක්ද..?

    ReplyDelete
  18. මාරයා,
    කවුද කෙනා කියන්නෙ "හීරළුවා" ක්‍රින එකටයි මයෙ හිතේ.
    කකා

    ReplyDelete
  19. බොහොම ස්තූතියි කකා අයියේ.....

    ආන් එයා තමා....

    නෑ මයේ හිතේ අයියගෙ තට්ටෙ පාදයි කියල අයිය කිව් විදියටනම් මට හිතුනෙ බාබරියෙක් කියල....

    ReplyDelete
  20. කතන්දරකාරයා...

    ආ ආ ඒකටද..?
    එහෙම නම් කමක් නෑ...

    මගේ උදවුවට ආවද..? නැත්නම් හා පැටික්කිව ගොඩ දාන්න ආවද...?

    අනෙ අම්මපා මෙ කතන්දරත් ..

    ReplyDelete
  21. හා පැටික්කි ...

    කොහොම හරි කකා ගේ උදවුවෙන් ගොඩ ගියා නේද...?

    හපොයි බාබර්ලා හොදයි...
    දිල්ට අහු උනාම ඔළුවෙ කෙස් විතරක් නෙවෙයි කනේ මයිලුත් ගලවනවා..
    (අද නම් නිදිද කොහේද.. නැත්නම් මෙ වෙනකොට මෙතන ගෝරි ගොඩයි.)

    ReplyDelete
  22. කතන්දර අයියගෙ පඩුපුල් ආසනේ රත් වෙලා ඔයා මට කරපු අසාදාරනේට ඒකයි ඇවිත් ගියේ......

    ෂූ මං අද අවසන් වතාවට ඔයාගෙ මූණ බලාගන්නම් නේ හෙට පැලැස්තර දාන් ඉඳීනෙ දිල් අක්ක මේ පැත්තෙ ආවම......... :(
    හවස් වෙන්න හොස්සපිටැල් එන්නම් සුප් එකකුත් හදාගෙන බලල යන්න...... :D :D D :D

    ReplyDelete
  23. හා හා හොදයි හොදයි...
    කකාත් දෙයියෙක් උනා එහෙනම්...
    මදැයි කොලා...

    එන්න එන්න හැබැයි මම දන්නවා ඒ ගේන සුප් එකේ කැරට් නං නෑ...
    (මං දන්න කෙනෙක් ඉන්නවා කැරට්වලට පෙරෙත..හිහ් හිහ්)

    ReplyDelete
  24. ආ ආයෙත් කෙල්ලට එක හිරවෙලා....

    මෙ ඔය ළමයා පාඩං කරන හැටිද මෙ..?
    මෙ ළගදී මම දැක්කනේ එක්කෙනෙක් පාඩං කොරන්ටය කියලා මෙ පැත්තේ එන්නේ නැහැ කියලා ලියලා තියෙනවා එහෙම..
    ඒ ඔයා නෙවීනේ නේද...?

    ReplyDelete
  25. නැතුව ඔච්චර උදව්වක් දීපු කෙනාට වෙන මොනා කියන්නද......

    නෑ තියේවි. මොකද මං කැරට් කන්නෙ අමුවෙන් විතරයි...... :)
    මෙච්චර රෑ වෙලත් නිදාගන්නැතුව මොනවද අයියේ කරන්නෙ ???????

    ReplyDelete
  26. මාරයියා.. මම 5 පාරක් ලේ දිලා තියනවා.. අන්තිම පාර උදෙට මුකුත් නොකා දුන්නෙ.. මට කලන්තෙ ඇල්ලුවා.. මම දෙද්දිම දන්නවා දුන්නට පස්සෙ කලන්තෙ අල්ලනවා කියලා.. කොහෙද බුද්ධිය කිව්වට හදවත අහන දෙයක් ඇ... කොටුවෙ, කැම්පස් එකෙ , ගමෙ ඔය තැන් වලදි තමයි මම ලේ දුන්නෙ.. හරිම මිහිරි දෙයක් ලේ දිලා කලන්තෙ දම්ම ගන්න එක.. දවසක් මම ලේ දෙන්න හදද්දි එතනම එකෙක් වැටිලා දඟලන්න ගත්තා... මට බයත් හිතුනා.. පස්සෙ බය නැහැ වගෙ රඟපාන්න ගත්තා.. මාරයා මම අහලා තියනවා.. නිර්භීතකම කියන්නෙ බය නැති කමට නෙමෙ... බය නැහැ වගෙ රඟපාන්න පුළුවන් කමට කියලා... ලේ දිලා මාරයට මුකුත් වුණෙ නැද්ද...

    ReplyDelete
  27. ඇ බන් මාරයියෙ.. අපි කලුද අපිත් එක්කා ෆෙස් බුක් එකෙ චැට් කරන්න එන්නෙ නැත්තෙ.. ආ.. මම එ වෙලාවෙ යහලුවො 4 දෙනෙක් එක්ක යුද්ධෙක හිටියෙ.. උඹව දැක්ක හම කමක් නැහැ 5 ක් හැඩල් කරහැකි කියලා එකතු කරගත්තා...

    ඇයි අපි කලුද...

    ReplyDelete
  28. කෙල්ලෙ යමන් ගිහින් පාඩම් කරහන් ... මාර ෆෙස් බුක් එකට එන්න..

    ReplyDelete
  29. රවා...

    ලේ දීලා නම් මට මුකුත් වෙලා නැහැ.
    මාත් දෙපාරක් උදේට කාලා නැතුව ලේ දීලා තියෙනවා.
    ඒත් අවුලක් වෙලා නැහැ.
    සමහර වෙලාවට මම හෙල්මට් එක අතේ තියන්ම යන හින්දා එයාලා බයට ලේ නොගෙන ඉන්න හදනවා.
    තනියම බයික් එකේ ආපහු එන කොට මුකුත් වෙයි කියලා...
    ඒත් ඉතින් පොඩි ටෝකක් දීලා කොහොම හරි දීලාම තමයි එන්නේ..
    ඊයේ තමයි අවුලක් උනේ..

    ඇයි බං උඹ සුදුයි කියලද හිතන් ඉන්නේ..

    ReplyDelete
  30. හා පැටික්කි...

    වෙරි සොරි හොදේ...

    මගේ පෝන් එකේ බැටරි ලෝ උනා නෙව..
    ඉතින් නෙට් යාම අහවර කරන්න උනා අකමැත්තෙන් උනත්..
    දැන් තමයි ආයේ ආවෙ...

    ReplyDelete
  31. ඕකට ඉතින් අර මුරුංගා නියම අවුසදේ නොවෑ...
    හැබැයි රජෝ නිදි වැරීම සරීරයට ඔරොත්තු දෙන්නේ කාලයකට විතරයි...

    උඹ වගේ මිනිහෙක් අම්මපා... ඇට කාපං කිව්වහම බයිට් එකට ගන්න කඩල ග්‍රීන් පීස් නෙව මතක් වුනේ...

    නිදි මැරීම + එතනොල් = ලේ අඩුකම + සීනි + කොලෙස්ටොරොල් ---> උඹේ හෝරාව (විසි කරහන් අර කුප්පිය - බඩු මග එනවා)

    ReplyDelete
  32. තිස්ස දොඩන්ගොඩ...

    මම දැන් වැඩට යන්නයි හදන්නේ...
    නැත්තං දිග උත්තරයක් දෙනවා.
    ඇයි අයියා බයිට් කඩල ඇට නෙවීද..?

    ReplyDelete
  33. පහුගිය දවසකනම් මාත් ලේ දුන්නනෙ.හිතට හරි සනීපයක් දැනුන එහෙම කලාට පස්සෙ. පිං ගැන හිතලම නෙමේ.ඒත් මට දෙන්න හිතුනා...ආයේමත් මාස 4කට පස්සෙ ආයේත් දෙනවා..

    කොහෙද ඉතින් ලේ ටිකක් ඇගේ තියගන්න දන්න කෙනෙක් යෑ. අර සැර ජාතිවලින් ඔක්කොම ලේ ටික පිච්චිලා යනවා ඇති..

    ReplyDelete
  34. මාරයියට සහ හා පැටික්කිට /

    මොකද මේ දෙන්න ගජරාමෙට මා ගැන කතා කරලා තියෙන්නේ ?

    ReplyDelete
  35. පර සතු මල් වල තියෙනව කියුව කවිය කියන්නේ "සඳකත් මිනි දිය දියවී ගලනා සීතල කදු අතරේ " කියන එකද ?

    ReplyDelete
  36. ඉක්මනින් හිමොග්ලොබින් වැඩි කරගෙන දාන පාරමිතාව ඉටු කර ගැනීමට හැකි‍වේවා යි පතනවා.

    ReplyDelete
  37. මාත් ලේ දන්දීලා තියෙනව එකම එක පාරක්... එදා මම ගෙදර ඇවිත් අම්මට ඒ වග කීවම අම්ම හොඳටම බැන්න. එවෙලෙම කඩේ ගිහින් මස් කොළ එහෙම ගෙනැත් ලොකු බත් එකක් බෙදල දීල ඔක්කම කනකම් ළගට වෙලා බලන් හිටිය... අම්ම ගැන ආදරේ වැඩි වුන දවසක් තමයි ඒ. මගේ ලේ ඒ පොසිටිවු.. ඝනකමත් ගොඩක් අඩුයි. වතුර වගේ...

    ReplyDelete
  38. හී හී එහෙනම් හා පැටික්කිත් සමනලීගේ ජාතියේනේ..... ඔය නර්ස් නෝනා අතේ තියෙන ‍බේත් විදින ලේ ගන්න කටුව දැක්ක වෙලේ පටන් ගැහෙනවා....... කඳුලුත් ඇවිත් ඇස් ලොකු කරන් බලා හිටියම නර්ස් නෝනාටත් මොකක්ද මොකක්ද වගේලු!!!

    අයියා ලේ එන්න කියලා කාපුවා වැඩක් තියේද ඒවා සේදිලා යන්න බීවම?? පින් අතේ වැඩක් කරනවා කියලා හිතන් ඔය බීමත් ටිකක් අඩු කරන්නකෝ අයියේ....

    ReplyDelete
  39. හප්පේ! මාත් ලේ දෙන්න ගිහිල්ල තමා HB අඩුයි කියල දැනගත්තෙ. අඩු උනාට අපිට තේරෙන එකක්යැ. පල්මානික්කං වතුරම එපැයි ඕක කියල දෙන්න. ලේ ගන්න බැරිය කියල මට කිව්ව දොස්තරෙක් ගාවට යන්න කියල. වස ලැජ්ජාව.
    දොස්තර මාව චෙක් කරල ඔලුවෙ අත ගහගත්ත ඔයා කොහොමද කෙලින් කටින් ඉන්නෙ කියල.
    තඩි බෙහෙත් වට්ටොරුවක් මාස ගාණක් ගිල දාල යංතං ජනවාරියෙ ආයෙ ලේ දුන්න.

    මගේ උපදෙස්,
    අත්දුටුවයි ප්‍රත්‍යක්ෂයි.
    1.කහ පාට එළවළු පළතුරු කන්න.
    2.යකඩ අඩංගු කෑම වර්ග ගන්න.
    3.දොස්තරෙකුට පෙන්නන්න. එතකොට යකඩ පෙති සහ විටමින් වර්ග ලියා දෙනු ලැබේ.
    4.වහාම නිදි මැරීම නතර කරනු. දිනකට පැය 8ක්වත් (සුවය ලැබෙන තුරු) නිදා ගත යුතුයි.
    5.මත් වතුර බීම අතිශය භයානකය.
    6. හරියට වේලාවට කෑම ගත යුතුය.

    සෙල්ලමක් නොවේ.
    HB අඩුවීම දරුණු තත්වයට හැරුනොත් කලන්තය ඇතිවීම, මොලේ සෛල මැරී යාමේ සිට මරණය දක්වා පැතිරිය හැක.

    ඔබට වැඩිපුරම ආදරය කරන්නේ ඔබමය.
    ඔබේ සෞඛ්‍ය තත්වය යහපත්ව පවත්වා ගැනීමේ වගකීම ඔබ සතුය.
    මං වින්ද දුක මට හොඳට මතක හින්දයි මේ කියන්නෙ.

    ReplyDelete
  40. හොඳම එක මතක් උනේ දැන්. උදේට ඔය පොඩි පෙට්ටි කඩේකට ගොඩ වෙලා කොළ කැඳ එකක් දෙසා බාන්ට. Hb නගිනව පට ගාල. පිටරටවල නම් කෙලින්ම හරිතප්‍රද දියර, බොතලයක් ගැහුවම එක දවසෙන් ලෙඩේ හොඳයි. ඔයාගෙ බෝතල් වගේ නෙවි!!!

    ReplyDelete
  41. අනේ මටත් හරිම ආසයි ලේ දෙන්න, ඒත් තියෙන්න ඕනේ බර ප්‍රමාණයෙන් කිලෝ 12ක්ම අඩුයි නෙව. මම නම් හිතන්නේ මට කවදාවත්ම ලේ දෙන්න බැරි වෙයි. :( අයියා ලොකු පිනක් කර ගන්නේ ලේ දන් දීලා. හැබැයි ඔය Hb අඩු එක නම් ගොඩ දා ගන්න වෙයි.
    :)

    ReplyDelete
  42. දිල්...

    අන් මම නම් ඔන්න ඔයා ගැන මුකුත් කිවුවෙ නෑ..ඇත්තමයි..
    කියන තරමක් කිවුවෙ හා පැටික්කි තමයි..
    අඩුම ගානේ මම ඔයාට පැණි වළලු හදන්න බැරි එකවත් කිවුවෙ නෑ.
    ඒ විතරක්යෑ ඔයාගෙන් උපදෙස් ගත්තොත් වැලි තලප වලින් බිත්ති කපලාරු කරන්න පුළුවන් කියලවත් කිවුවෙ නෑ..

    ReplyDelete
  43. Ano...

    හරියටම කියන්න මතක නැහැ...ඒත් කියවගෙන යන කොට මතක් වෙන තැනක් තියෙන බව නම් දන්නවා..

    ReplyDelete
  44. Praසන්ன...

    තැන්කූ වෙවා..

    ReplyDelete
  45. wath...

    මගේ නම් AB+
    අපිට කොහෙන්ද බූල් බල්ලෝ කිවුවළු.
    ගිය පාර මම ලේ දීලා එන ගමන්ම බියර් එකක් ගෙනත් ගහලා මොනවද මන්දා හදාගෙන කාලා නිදා ගත්තා වගේ මතකයි.

    ඔය වගේ සලකනවා නම් ලේ දෙන්න බැරියෑ දවස ගානේම හරි...

    ඇයි අම්මා බැන්නේ ලේ දුන්නයි කියලා..?
    ලොකු දූ පන්සල්වත් යන් නැති එකේ එහෙම වත් පිනක් දහමක් කරගන්නවට අකමැතිද..?
    ළමයි නිවැරදි දේ කරනවා නම් ආත්මාර්ථයම උදෙසා ඒවාට අකුල් හෙලන එක මම නම් අනුමත කරන්නේ නැහැ.

    අපේ නම් ඉතින් ලේ කැපුවත් නිල් පාටයි කියලා අපේ තාත්තා කියනවා මට මතකයි..

    ReplyDelete
  46. punchisamanalee...

    ඔන්න ඔයා කිවුව හින්දම මම අද බොන්නේ නැහැ හොදද...?
    (පෝය හින්දා බාර් වහලා නිසා එහෙම කියලා හිතන්න එපා හරිද..)

    ReplyDelete
  47. freedom...

    ස්තූතියි කරුණු කාරණා කියා දීම පිළිබඳව..
    1. අනිවාර්යයෙන්ම කරනු ලැඛෙ.
    2.ඒ කිවුවෙ.. මෙ බයිසිකල් බෝල,ඇණ මුරිච්චි, ටොනික් පියන් වගේ දේවල්ද..? නැත්නම් රෙල් පීලි වගේ ලොකු ලොකු දේවල්ද..?
    3.අකමැතිම වැඩෙ තමයි ඩොකාලා ලග ගිහින් ලගා ගහන් ඉන්න එක..
    4.මගෙ ජොබ් එකත් ඉවර වෙන වැඩක් නෙව ඒක..හෆොයි...
    5. හිහ් හිහ්.. සොරිම තමයි..
    6.ඒකත් කල හැකියි..

    ඒ බෝතල් වගේද සහෝ මෙ බෝතලේ...

    (විහිළු කලා නෙවෙයි.. ඔබ කියූ දේවල් පිළි ගනිමි. නමුත් වැඩෙ තියෙන්නේ කිරියාත්මක කොරන එකේ තමයි.)
    කොළ කැඳ වැඩෙවත් බලමු.

    ReplyDelete
  48. Ansh Lucky Sri Jay...

    අනේ පින් සිද්ධ වෙයි නංගියේ ඔයා ලේ දෙනවා නම් ඒ වග මටත් කියලා දෙන්න..
    මම තව කාව කාව හරි හොයාගෙන එන්නම් ඔයාට ලේ දෙන්න පුළුවන් අය...

    (ගණන් ගන්න එපා මගේ අවලං කටෙ හැටි ඔහොමම තමයි.. ආ කටෙ නෙවෙ.. මෙක කියනවා නෙවෙනේ ලියනවා විතරයි නෙව..)
    දැන් බර කීයක් විතර තියෙනවද..?
    මම දන්න ගෑනු ළමයෙක් ඉන්නවා එයා විහිළුවට වගේ සාක්කු දෙකේ ගල් කැට දෙකක් දාගෙනත් ගියා බර කිරන තැනට..
    ඒත් මදි උනා..

    ReplyDelete
  49. පර වුනු මල් වල
    සුවඳ අතීතේ...
    පරසතු මල් ලග
    විසිර ගියාවේ...
    දුවගෙ මුවින් එන
    කැකුලු සිනාවේ...
    එලිය මැදින් හෙට
    දවස උදා වේ.........

    ReplyDelete
  50. ආදර කතාව...

    ඒක නෙවෙයි..
    අප්පා..

    ReplyDelete
  51. හක් හක් හා..
    :D
    ඒකනේ, ලේ මට දෙන්න වෙයි තමයි.
    මගෙත් තියෙන්නේ AB+ බර නම් දැන් 38ක් වෙනවා. 50ක් තියෙන්න ඕනේලු. (Kg)
    සොරි තමයි ඒ ගාන වැඩි වෙන සේයාවක් නම් නැත.
    :(

    ReplyDelete
  52. පොච්චියේ නගේ තුන් වෙලට කන්නේ හුළං වත්ද..?

    මොනවා කරන්නද අපි ඉක්මනට බයියං ගොඩක් කාලා ලොකු වෙලා යන් හොඳේ...

    අනිවාර්යයෙන්ම මම එනවා ලේ දෙන වෙලාවට..

    ReplyDelete
  53. @crazyansh

    ආපහු හක් හක් හා ගෑව.....

    @මාරයියා

    අපේ ලේ දන්දීමක් තියෙනවා 1 වෙනිද. ලේ දන් දෙන්න බැරි නිසා මම ඉතින් සංවිධාන කටයුතු කරනව. අර ඇස් දන් දෙන සීන් එකකුත් තියෙනව එදාට. ඒකනම් පුලුවන් මටත්. :-)

    ReplyDelete
  54. ත‍රිඳු...

    පින් සිද්ධ වෙච්චාවෙ..

    ReplyDelete
  55. freedom ට..
    අයියෝ අයියේ ඔයා මේ උපදෙස් දීලා තියෙන්නෙ මාරයියටද ආ....අපරදේ.කමක් නෑ ඉතින් ඔවා මරයියා නොහැව්වට වෙන කව්රු හරි කෙනෙක් වත් ප්‍රයොජනයක් ගනී නේ...
    ඔය මරයියා හවහට හවහට දා ගන්න ඒවා නවත්තලා,අඩුම ගානේ පැය 5ක් වත් එක දිගට නිදා ගන්න ඔනෑ කියලා ඒයාටම හිතෙන දවසක් අවොත් ඉර තියෙනවා නේ ආන්න ඒක විරුද්ද පැත්තෙන් පයාවී.නේ මාරායියේ...

    ReplyDelete
  56. හොඳ වෙලාවට ෆෝනෙ බැටරි බැස්සේ...... :P
    පෙනේද ඇඟට පතට නොදැනි බොරු කියන හැටි...... අප්පේ...... :O :O :O :O :O
    කට්ටියම ලේ වර්ග අධ්‍යනය කරල වගේ.....
    හැමෝම මට වඩා හොඳයි..... :)

    @ දිල්
    අනේ අක්කේ මේ මං අපේ මාරයිය කියපුවට උත්තර දුන්න විතරයි ඔන්න....... :)

    ReplyDelete
  57. මම...

    මොකක්ද කිවුවෙ..
    ඇහුන්නෑ...

    ReplyDelete
  58. හා පැටික්කි ...

    බොරු... මෙ මම..
    මගෙ අම්මෝ...
    මොනවද අනේ බොරු කියන්නේ...
    මම කියනවා තියා ඒවා අහලවත් නෑ..
    කන දෙයක්ද..?

    ReplyDelete
  59. නෑ ඔයාගෙ අර අමෘතේ ( ඒ ඔයා හිතන විදියනේ. හරි විදියට දහජරාව...)වගේ මහ භයානක දෙයක්....... :( :( :( :( :( :( :( :( :( :( :(

    ෆ්හු මූණු පොතේ ඉන්නව නිකන් කවුද වගේ නේ.......:P

    අයියේ මේ සින්ඩියෙ ඉන්න අයගේ කේන්දර ටික බැලුවනම් හොඳයි... ගොඩක් අය හිතේ දුකින්. ඉස්සෙල්ල චන්දික අයිය, ඊට පස්සෙ හෙළය අයිය පෝස්ට් එකක් දෑව දැන්........සන්සරසිදු අයිය. සන්සරසිදු අයිය දාපු පෝස්ට් එක බලන්න ගිහිල්ල. :( :( :( :( :( :( :( :( :( :( :(

    ReplyDelete
  60. හා පැටික්කි ...

    හා හා බලාගෙන සුමිහිරි පානේ...

    මෙ ඔයා වෙන කාගෙද ෆොටෝ එකක් බලලා තියෙන්නේ..
    මම නම් නිකං ඉන්න එපැයි ෂාරුක් ඛාන්ගේ බාප්පගේ පුතා වගේ...

    බලමු බලමු ළගදී මම ඔය කාගේ කාගේත් කේන්දර ටික බලනවා...

    ReplyDelete
  61. ඊඊඊඊඊඊඊඊඊය මල ජරාව මට ඕකෙ නම ඇහුවත් අප්පිරියයි...... :( :( :( :(

    අනේ නෑ හිතුවද මං කියවන්න අකුරු දන්නෑ කියල?????ෂාරුක් ගේ බාප්ප නෙමෙ තාත්තගේ පුතා වගේ හිටියේ......

    හැබැයි කේන්දරේම තමා සන්සරසිදු අයියට හෙනේට හිටල තියෙන්නේ...... බලන කෙනා අනුව ඔය ග්‍රහයො කොරන කියන දේවලුත් වෙනස් වෙනවද අයියේ?????

    මගේ නම් ඔය ගැන කිසි විශ්වාසයක් නෑ..... දැනගන්න ඇහුවේ......

    ReplyDelete
  62. හා පැටික්කි ...

    ඒ කියන්නේ ෂාරුක්ම නේ..
    හරි හරි ඔයා අදුරගත්තා..

    කේන්දරෙ කියන්නේ උපතින් ගෙනාව දේ පමණයි.
    මෙලෝවදී කරනු ලබන ක්රියා අනුව එයත් වෙනස් වෙනවා.
    උත්සහ කලොත් වෙනස් කරන්නත් පුළුවන්..

    ReplyDelete
  63. ඔය ගැන මගේ විශ්වාසයක් නෑ අයියේ. ඒත් මං ඒ ගැන අවතක්සේරු කරන්නැහැ. ඔය දේවල් හොර බොරුව කරන අය වැඩිවැඩියෙන් බිස්නස් වශයෙන් දැන් කාලෙ කරන්නෙ. ඒක ස්ටයිල් එකට බලන, ඕනදේටයි එපාදේටයි හැමදේටම ගාවගෙන මිනිස්සුම ඒකෙ තිබුන වටිනාකම නැති කර ගත්ත කියලයි මම හිතන්නේ.

    මට ඔහොම එකක් තියද දන්නෙත් නෑ..... ආ ඇති අපේ අම්ම මං පළවෙනි පාර විභාගෙ කරන්න කලින් තාත්තට හොරෙන් බලපු එකක් මං හොරෙන් කියෙව්ව ඒකෙ කියල තිබිච්ච දැකල මට පනයන්න හිනා...... :D :D

    ReplyDelete
  64. හා පැටික්කි ...

    හා හා මෙක හරියන්නේ නැහැ..
    ඉක්මන් කරලා දෙමු උපන් දිනෙයි ,ස්ථානෙයි,වෙලාවයි...
    මාත් බලන්න ඔයාගේ කේන්දරෙ හිනාවෙන්න තරම් දේවල් තියෙනවද කියලා...

    හැබැයි මම මෙ වෙන තෙක්ම මිනිස් සත්තුන්ට විතරයි අනාවැකි කිවුවෙ..
    මෙ හාවියෙකුට කියන පළවෙනි වතාව..

    ReplyDelete
  65. මාරයියට / හා පැටික්කිට /

    දෙන්නත් එක්ක එකතුවෙලා චුට්ටක් ඔට්ටුවෙන්න තරම් හිහ හරි නෑ මේ දවස්වල..සමාවෙන්න ඕනෙ...හිත හදාගත්තම එන්නම් ආයෙමත් මේ පැත්තට...මරයියගෙ ඔළුවෙ තියෙන කෙස් ටිකවත් ගලවලා දන්න

    ReplyDelete
  66. මට ඇත්තටම කේන්දරය බලවාගන්න ඕනෙ.විස්තර ටික email කරන්නම්.මාරයියට පුළුවන් වෙලාවක බලන්න...වෙන දෙයකට නෙමේ..මෙච්චර හිතට කරදර ඇයි කියලා බලාගන්න විතරයි...හිතට සැනසීමක් නෑ

    ReplyDelete
  67. දිල්...

    මගේ කෙස් ටික ගලවන්නද..? ඔයා...
    ඒත් කමක් නැහැ.. කෙස් ටික ගලවන්න හරි කමක් නැහැ කවුරු හරි ඔළුව අතගානවා නම් මට ඔහේ ඉවසන් හිටියහැකි..
    මම ලෝබම වැඩක් තමයි ඒක..

    අපිත් එක්ක ඔට්ටු වෙන්න පස්සේ බැරියෑ හිත චුට්ටක් කෙලින් කටින් කරන් ඉන්නකෝ ...

    විස්තරටික එවන්න මම බලන්නම් මොකද වෙලා තියෙන්නේ කියලා...

    ReplyDelete