30 April 2010

නිදි මතයි...

තවත් දවසක්..
වෙනදා වගේමයි..
ඒත් අද මට හරි නිදි මතයි.
ඒත් දැන් මෙ බ්ලොග් ලිවිල්ලත් ඇබ්බැහියක් වෙලා නිසා ඔක්කෝම දමලා ගහලා නිදා ගන්නත් බැහැ.

මොනවා හරි ටිකක් ලියලා නිදා ගන්න ඔන..
ඊයේ රෑම ඇහැරිලා හිටියේ..

එක පැත්තකින් වැස්සයි අකුණු ගැහිල්ලයි හින්ද වරින් වර සිදු වන විදුලිය බිඳ වැටීම්..
අනිත් පැත්තෙන් මහ රෑ කන්ටෙනර් දෙකක් ආවා..
ඒවා ගැන බලන්නත් උනා.

එපා වෙන වැඩෙ සැරින් සැරේ ලයිට් යන කොට ජෙනරේටරය ක්‍රියාත්මක කරන එකයි,
ටිප් ස්විච් ඔෆ් වෙන ගානේ එක එක අංශ වල යතුරු අරගෙන ඒ අංශ විවෘත කරලා ඔෆ් උන ස්විච් ඔන් කර කර ඉන්න එකයි.

ජෙනිය ඔන් කරන වැඩෙයි අනිත් කරන්ට් වැඩයි මමම කරනවා මිසක් මම අනිත් අයට කරන්න දෙන්නේ නැහැ.
එක හේතුවක් තමයි කොටලා පෙවුවත් නියම ක්‍රමයට ජෙනිය ඔන් කරන්න අපේ කට්ටියට තාමත් බැරි වීම..

අනික තමයි ඔය නොදන්න සගිස්කුරුත මෙ උන්දලා ලවා කරවන්න ගිහිල්ලා.. කෙලව ගත්තොත් මෙකලාගේ පවුල්වල උනුත් කලා හමාරයි නෙව.

ඔයින් මෙයින් මුළු රෑම ගෙවිලා ගියා..
දැන් නම් ඇස් දෙකට හරි සනීපයි...
ඇහි පිල්ලන් වලට කරු දෙකක් තියා ගන්න තරමට වැඩෙ දරුණුයි...

අද උදේ ඉවුවෙත් නැහැ.
උදේට කැන්ටින් එකෙන් පාන් කාලා ආවා.

ටිකක් නිදාගෙන ඉදලා නැගිටලා මොනවා හරි උයා ගන්නවා.

සමහර වෙලාවට මට මෙ ජීවිතේ එපා වෙනවා..

වැඩි කරදරයක් නැතිව ඔහේ ගෙවිලා යනවා තමයි..
ඒත් ...
අනේ මන්දා..?
මෙකෙ අවසානය කවදද?
එළිවෙනවා රෑවෙනවා...
ඉවරයක් නැහැ.
මහ කරුමයක්.

වෙලාවකට හිතෙනවා මෙ සේරම අතහැරලා දාලා ඔළුව හැරුන අතක යන්න...
දැනටත් මම බැදීම් ටිකක් වැඩි කරගෙන වගේ කියලා මට හිතෙනවා..

බයිසි මොටෝ එක..
කොම්පීටරේ..
නෙට් එක..
බ්ලොග් එක..
ගෙදර තියෙන මගේ පුංචි පුංචි කාර්මික උපකරණ ටික..
කේන්දර පොත් පත් ටික..


මෙවා මහා බැදීම්...

අනිත් දේවල් ගැනනම් මට ඒ හැටි ගාණක් නැහැ.
මමම හදා ගත්ත ඇඳ පොඩ්ඩ..
මෙස කෑල්ල...
ෆෑන් එක..
උයන පිහන උපකරණ ටික..
ඇදුම් කෑලි ටික...

මෙවා සුළු බැඳීම්..

සුළු උනත් විශාල උනත් බැදීම් කියන්නේ බැඳීම්..

බැංකු පොතේ ශේෂය මෙ කොයි ගොඩට දාන්නද කියලා මම දන්නේ නැහැ..
(රුපියල් 9541.60)

ඔන්න මගේ සියළු දේ...
ලබන මාසේ පඩිය 12වෙනිදා දිහාවෙ ලැඛෙවී..
මෙ පාර නම් අවුරුදු දීමනා එක්ක 19000ක් විතර ඇති...
නැත්නම් ඉතින් 16000-18000ක් වගේ තමයි.

අරයට මෙයාට දීලා තියෙන මුදල් නම් ලක්ෂ තුනක් විතර එන්න තියෙනවා උනත් මම හිතන්නේ නැහැ ඒවා ලැඛෙයි කියලා..

ඔච්චර තමයි මගේ සියළු වත්කම්...

ඔය ටික අතෑරල දාලා යන එක නම් ප්‍රශ්නයක් නෙවෙ..
ඒත් කොහේ කියලා යන්නද..?

එක අතකින් තාමත් මාළග තියෙන්නේ පැවිදි හැදුනුම්පත විතරයි..
ඒක වෙනස් කර ගන්න ලොකුහාමුදුරුවන්ගේ ලියුම් ගන්න ඔන ..
මොන දේ උනත් ආයෙමත් එයාලගේ කකුල්ගාවට යන්න මම කැමති නැහැ.
දඹදිව යන්න කියලා පාස්පෝට් එකත් හැදුව නිසා ඒකත් පැවිදි පාස්පෝට් එකක් වෙච්චි.
ඔවා වෙනස් කරන්න එහෙ මෙහෙ යන්න එපා වෙනවා..
ඒ ගිහිල්ලා අහන ප්‍රශ්න වලට උත්තර දිදී ඉන්නවට වඩා මෙහෙම ඉන්නවා හොදයි.

හිතට තියෙන එකම හයිය කොතැන ගියත් අහුවෙන ඔනම වැඩක් කරලා ජීවත් වෙන්න තාමත් තියෙන හැකියාව විතරයි.

පොඩි කාලේ ඉඳලා කාපු කටුවලට පින් සිද්ධ වෙන්න අදටත් මට අවුව වැස්ස බලන්නේ නැතිව එක දිගට වැඩ කරන්න පුළුවන්..
ඒත් කවුද දන්නේ ඉස්සරහ ගැන..
එක මොහොතකදී මෙ සියල්ලම වෙනස් වෙන්න පුළුවන්..
ලෙඩ දුක් අනතුරු කියන එක කොයි වෙලේ අපි සොයාගෙන එයිද දන්නේ නැහැ..

ඒ වගෙ මොහොතකදී ආයිබෝන් ටටා බායි කියලා යනවා ඇර වෙන කිසිම විකල්පයක් නැහැ.

දැන් මම ටිකක් නිදා ගන්න ඔන පස්සෙ ඇවිත් බැරියෑ වැඩක් ඇති දෙයක් ලියන්න..

මම දන්නවා මෙ ලිවුවෙ මෙලෝ වැඩකට ඇති දෙයක් නෙවෙයි කියලා..
ඒත් මෙතන මට ඔන දෙයක් ලියන්න කියන්න තියෙන එකම තැන නෙව..

පසු සටහන-
ලියලා ඉවර වෙද්දීම ලයිට් ගියා..
ඔන්න දැන් තමයි ආවෙ..

20 comments:

  1. හ්ම්ම්ම්ම් !
    මම වගේම බාගෙට කාලකන්නි උන ජීවිතයක්ද අයියටත් උරුම ? අපි දෙන්නම එකම බෝට්ටුවකද ?

    මන්දා..මටත් හොදටෝම නිදිමතයි.ඊයෙ මුළු රෑම ඇහැරිලා.හිතට දුක වැඩි උනාම මට නින්ද යන්නෙත් නෑ, කන්නත් බෑ.ඒක නම් කරුමයක්. උදේ ඔෆීස් ආවේ ගෙදරට වෙලා උන්නොත් පාලූව වැඩිවෙලා මාව මැරෙයි කියලා දැනුන හින්දා..උදේම මමත් මොනාදෝ හෑල්ලක් ලියලා දැම්ම අයියේ....හිතට දුක වැඩි උනාම ඒව මට ලියන්න ඕනෙ.එතකොට හිත පොඩ්ඩක් හරි සැනසෙනවා...නැත්තම් හරිම අමාරුයි.....

    මමත් ඉතින් රස්සාවක් කලාට අයියා වගේම තමා...කවුරු හරි ඉල්ලපු ගමන් දීලා දානවා මිසක් ආයේ ඉල්ලන්නෙ නෑ.දුන්නොත් ගන්නවා නැත්තම් නිකම් ඉන්නවා. ලග තියාගෙන ඉල්ලන එකෙක්ට " නෑ " කියන්න කට හැදෙන්නෙ නෑ.ඉතින් බොක්කෙ තියෙන දේ හරි දීලා දානවා..

    දුක අන්තයටම වින්ද අපි වගේ අයට උරුම ජීවිතය මේකද අයියේ ?

    ReplyDelete
  2. ඒකනේ බං කෙලිය...
    අපි මැරී ගෙන පොස්ට් දනවා...
    උඹ නිකංම ලියනවා...
    මේකට පොරවල් වහවැටෙනවා... බලපංකෝ...?
    අත් ගුනේ, අත් ගුනේ...
    තුහ් තුහ් කටවහ...

    ReplyDelete
  3. ID eka gana yanna one gramayaa langata naeda?
    Nayaka hamuduruvo?

    ReplyDelete
  4. දිල්...

    බාගෙට නෙවී දිල් එහෙම්පිටින්ම කාලකණ්නි උන ජීවිතයක්.

    මම බැළුවා ඔයාගේ සටහන..
    මොන වගේ ජීවිතයක්ද එයා ගෙවන්නේ කියලා මම තේරුම් ගත්තේ මීට කලින් ඔයා ලියපු දේවල් කියවලයි..
    ඒත් ඔයත් මං තරම්ම විඳවනවා කියලා අද ලිපියෙන් තමයි මම හුගක් තේරුම් ගත්තේ..

    හිතේ දුකින් ඉන්නකොට ඒක කායිකවත් බලපානවා කියන කාරණය මම හොදටම දන්නවා..
    සමහර දවස්වලට වමනෙ ගිහින් නවතින්නේ නැහැ..
    දවස් ගණන් නැගිටින්න බැරිව කතා කරන්න බැරිව ඇස් වලින් කඳුළු ගලාගෙන යන එක නවත්වන්න බැරිව ඉන්න වෙන වෙලා වල් මගේ ජීවිතෙත් ඔන තරම්..

    මෙ තමයි ජීවිතේ හැටි..

    ReplyDelete
  5. දිල් අක්කේ....
    අය්යෝ ඔයාත් මාරායියා වගේ ජිවිතේ ගැන කලකිරීමෙන් ඉන්නේ කියලා මං දැනුයි දැන ගත්තේ.අනේ මංදා අක්කේ,මරායියාට නම් තේරුම් කරන්න පුලුවන් කෙනෙක් මේ ලොකේ ඉදීවිද මංදා...
    ඒත් බලන්න ඔයා.ඇයි මේ බාගෙට කාලකන්නි උන ජිවිතයක් කියන්නේ,කාගෙවත් ජීවිත ඔය මතුපිටින් තියෙන තරම් ලස්සන නෑ අක්කා.හැමොගෙම ජිවිතවල මොනා හරි දුක් කරදර,හිත් පීඩා තියෙනවා.මං නම් හිතන්නේ නෑ මේ ලොකේ ජිවත් වෙන කිසිම මනුස්සයෙක් ජීවිතේ උපරිම සතුටින්,කිසිම කරදරයක් නැතිව ජිවත් වෙනවා කියලා.අපිට නොපෙනුනාට අපිට වඩා ගොඩාක් වේදන්නවෙන් වෙන්න ඇති ඔය සතුටින් ඉන්නවා කියන අය ජීවත් වෙන්නේ.ජිවිතේ කරුමයක්,කාලකන්නි කමක් කියලා ඔය දෙන්නට (මාරයා අයියාත්)විතරක් නෙවෙයි හිතෙන්නේ.ඒත් මිනිස්සු හැම වෙලේම උත්සහ කරන්නේ ජීවිතය විදවන එකෙන් මිදිලා විදින්න අක්කා.ඔයාලාගේ බ්ලොග් කියවන අපිත් කැමතියි ඔයාලා විදවන එක අමතක කරලා ජිවිතේ විදින්න පටන් ගන්නවනම්. මං කියන තරම් ඒ දේ ලේසී නෑ තමා.ඒත් අඩුම ගානේ උත්සහයක්වත් ගන්න.ඒ ඔයලාගෙ බ්ලොග් කියවන හිතවතුන් වෙනුවෙන්වත්.(මං මෙතන ලියලා තියෙන දේවල් වලින් හිත් රීදීමක් , අපහසුතාවක් ඇති උනානම් කරුණාකර මට සමා වෙන්න 2න්නම)

    මාරයා අයියේ දිල් අක්කා වෙනුවෙනුත් මෙතනින් ඉඩක් ගත්තාට අයියා තරහා නෑනේ...දෙන්නම එකතු වෙලා මට බනින්න එපා..මං මට දැනෙන දේයි කිව්වේ,තරහ වෙන්නත් එපා දිල් අක්කෙ, මාරායියේ

    ReplyDelete
  6. තිස්ස දොඩන්ගොඩ...

    අනේ මන්දා අයියේ ...
    දුක් විඳින ජීවිත කතා වලටද මිනිස්සු වහ වැටෙන්නේ නැත්නම්..
    අනේ මන්ද...

    ජීවිතේ කොයි තරම් දුක තිබුනත් ඒ දුක මම හංගගෙන ඉන්නයි කැමති.
    මා ළග ඉන්න කවුරුවත් දන්නේ නෑ මම මෙහෙමයි කියන්න..
    ඒ අය මාව දන්නේ නිතරම විහිළුවෙන් ජීවත් වෙන.. හිටි හැටියේ යක්ෂාවෙෂ වෙන එකෙක් කියලයි..

    අයියගේ පෝස්ට් එකක් නෑර මම බලනවා..
    ඒත් කමෙන්ට් කරනවා අඩුයි මම වාගේම හුගක් අය එහෙම තමයි.
    ඒ හින්දා අයියා හිතන්න එපා අයියගේ පෝස්ට් එකට වඩා මගේ ලිපි වලට මිනිස්සු වහ වැටෙනවා කියලා..

    අයියා බුලත් විට කනවා නේද ඉදලා හිටලවත්..

    ReplyDelete
  7. මාරයට /

    මම මේ ජීවිතේට කැමති නෑ අයියේ..මේ මම බලාපොරොත්තු උනවත් ,ප්‍රාර්ථනා කරපු ජීවිතයවත් නෙමේ...කොහේදෝ නැවතිලා වගේ හැගීමක් තමා දැනෙන්නේ...දැන්නම් ඇති කියලා හිතෙනවා...බැරිද මාරයාවෙලා එන්න...ඇත්තමයි

    ReplyDelete
  8. KK...

    පැවිදි හැදුනුම්පත වෙනස් කිරීමෙදී
    ලොකුහාමුදුරුවන්ගෙයි, පළාතේ නායක හාමුදුරු කෙනෙකුගේ ලිපියකුයි,ග්‍රාම සේවකගේ ලිපියකුයි අරගෙන නුවර ගිහින් මල්වතු මහා විහාරයීය ලේකම් හාමුදුරුවන්ට දීලා එතනින් ගන්න ලිපිය බෞද්ධ කටයුතු දෙපාර්ත මෙන්තුවට දීලා.. එහෙන් ගන්න ලිපියත් සමග තමයි අනිකුත් ලිපි සමග පුද්ගලයින් ලියාපදිංචි කිරීමෙ දෙපාර්තමෙන්තුවට දිය යුතු..

    ReplyDelete
  9. මම ට/

    මම ජීවිතේ කලකිරෙන්න බලාපොරොත්තු උන කෙනෙක්නම් නෙමේ.ඒත් එහෙම උනා.මගේ වරැද්දකිනුත් නෙමෙ. මම කරපු එකම වැරැද්ද හදවතින්ම කෙනෙක්ට ආදරේ කරපු එක විතරයි.එක්කෙනෙක් ගියාම තවත් කෙනෙක්ව හොයගෙන, එයත් ගියාම තවත් කෙනෙක් හොයාගෙ...ඔය වගේ ඉන්න පුළුවන් උනා නම්.......ජීවිතේ මීට වඩා සතුටින් ඉන්න තිබ්බා.ඒත් එහෙම හිතක් මට උරුම වෙලා නෑනෙ.එකෙක් මත්තෙම නැහෙන්න තරම් මම දරුණුවෙලා....හිතුවක්කාර වෙලා..ඒ හිතුවක්කර කම මාව අද මේ වගේ ත්තවයකට ඇදන් දාල.....

    ReplyDelete
  10. දිල් ...

    මටම මාවත් හොයා ගන්න බැරිව ඉන්නේ දිල්..

    මෙවා කියන්න ගියහම තව පොඩ්ඩකින් අර ලොකු බොසා අපිව කන්න හදයි..(අස්ස තියියා)

    ඔයාට බණ කියන්න මට කොහොමවත් බැහැ.. තේරෙනවා නේද..
    ඔවා දෙනු පරහට තමන් සම්මතයෙහි පිහිට..
    කියනවානේ..
    වෙන කෙනෙක් නම් මෙ වෙලාවට ජීවිතේ වටිනාකම ගැන ඔයාට කියාවි ඒත් මට ඒ දේ කරන්න බැහැ.
    ඒත් මට ඔයාට කියන්න බැහැ මම වගේම වෙන්න කියලා..
    කොහොම හරි හිත හදා ගන්න බලන්න..
    අඩුම ගානේ ඔයාට නංගියා හරි ඉන්නවා කියලාවත්..

    ReplyDelete
  11. මම...

    චුට්ටක්වත් තරහා නැහැ දරුවෝ..

    ReplyDelete
  12. ආදරය තරම් අපිව සනසන ඒ වාගේම විනාස කරන තවත් දෙයක් මෙ ලෝකෙ නැහැ දිල්..
    මාත් ඔය සන්තෑසියම උන කෙනෙක් තමයි..
    මට බැහැ දිල් ආදේශක හොයන්න..

    හිත රවට්ටගෙන ජීවත් වෙන්න මටත් බැහැ..
    මට ඔන දේ මම බලාපොරොත්තු උන දේ, මම ජීවිත කාලයම හොයාපු දේ එක් නිමේෂයකදී මගේ අතටම ලැබිලා..
    අසුරු සැණෙකින් විනාස වෙලා මගෙන් ඈතට යද්දී හිත කඩාගෙන වැටෙන එක නවත්වන්නේ කොහොමද..?

    ReplyDelete
  13. අම්මෝ..
    උඹට 18000 ක් ම හම්බ වෙනවද....
    වැඩී වැඩී....
    අනේ මටත් කොටහක් දියන්කෝ....

    ReplyDelete
  14. බිඟුවා...

    මදෑ කොලා...

    අනේ බං බිගුවෝ මට මාසෙකට බොන්නම ඔයින් තුනෙන් එකක් විතර යනවා

    (මෙ මගුලක් කියලා දැන් මාවත් ඉන්කම් ටැක්ස් කාරයෝ හොයාගෙන එයිද දන්නේ නෑ)

    ReplyDelete
  15. දුක ජීවිතේම කොටසක්....එකෙක්කෙනාට අඩු වැඩි වෙනවා...

    ReplyDelete
  16. ශිහ් ඇත්තටම බං ලඟ පාතක හිටියනං , කයියක් ගහලා සෙට් වෙන්න තිවුණා... සතියකට සැරයක් වත්... විටක් කාලා එහෙම... උඹේ නොනවතින, අපි කවදාවත් අත් විඳලා නැති, අත්දැකීම් අහන ගමන්...

    ReplyDelete
  17. තිස්ස දොඩන්ගොඩ...

    පොඩි අවුලක් මා විට කන්නේත් සිගරට් බොන්නේත් නැති මාරයෙක් වෙමි..
    මළා නේද..
    බුලත් විට කිවුවමයි මතක් උනේ ඒ ගැනත් මට පෝස්ට් එකක් ලියන්න පුළුවන් දෙයක් මතක් උනා නෙව..
    අපොයි එදා මට උන කෙළියක්...

    ReplyDelete
  18. හැදුනුම් පත නැති උනා කියල එකක් ගන්න බලන්න.

    ReplyDelete
  19. Dinesh_Silva...

    හරි යන්නේ නැහැ.

    ReplyDelete