01 May 2010

නාකි මන්ත්‍රීයාගේ පසු බෑම... සහ හුජ්ජ කොල්ලන්ගේ ආරක්ෂාව..

ඒ මැච් එකත් ඉවරයි..
අනිත් වැඩ ඔක්කෝම පැත්තකට දාලා බලා හිටියේ හරිම ආසාවෙන්.
අන්තිමට අපි පරාදයි.

හේතු සාධක නම් එමටයි.
මැච් පරදිනවා තමයි ඒත් මෙතන මැච් එකක් නෙමෙ තිබුනේ.
තම තමන්ගේ ජාම ඛෙරා ගන්නට කල උත්සහයන් විතරයි කියලයි මට හිතෙන්නේ..

ජයසූරිය කියන මහළු ඔටුවා(මා මෙසේ කියන විට සමහරුන්ට කේන්ති යයි. ඒත් වෙන කියන්න සුදුසු වචනයක් මට සිහියට එන්නේ නැහැ.) බොරුවට ගහන්න එන්න වගේ හිටියා මිස ආවෙ නෑ. විසිල් විතරයි බල්ටි නැත.

අන්තිම පන්දුවට පැමිණ අනිත් අන්තයට වී බලා සිටියා පමණි.
තීරණය සංඝාගේ විය හැකිව තිබුනත් මා සිතනා පරිදි තාමත් තමන් පන්දුවට පහර දෙන ස්ථානය පිළිබඳ යම් තීරණයක් ගැනීමෙ හැකියාව ජයසූරිය සතුව ඇති බව මට හිතෙනවා.
නමුත් අවශ්‍ය වෙලාවට නොපැමිණ අර කිසිම හේතුවක් නැතිව අසාමාන්‍ය ලෙස අවස්ථාවන් ලැඛෙන චාමර කපුගෙදරවත් පළමුව එවා ජයසූරිය හැගුනේ මන්දැයි මට නොතේරේ.
සමහර විට දැන් දැන් ඔහුගේ බැරිකම ඔහුටම හැගී යන නිසා විය හැක.

අනිත් ගොබිලා තමයි කපුගෙදර...
කටෙ කිරි සුවඳ යන්නටත් පෙර ජාත්‍යන්තර පිටියට එන්නට වාසනාව උදා වූ මොහුගේ පාසල් වාර්ථා සහ අන්තර් සමාජ වාර්ථා පිළිබඳව නම් මා එතරම් දැනුවත් නැත.
මාගේ දැනීම හැටියට නම් තරමක් තදින් පන්දුවට පහර දීමට උත්සහ කරන බව පෙනෙන්නට තිබුනත් ඔහුත් මෙ දක්වා විසිල් මිස බල්ටි ගැසූ බවක් නම් මා දැක නැත. ඉද හිට බඩ පිනුම් නම් පෙන්වා ඇත.
ඒත් කලාතුරකිනි.
කලක් රසල් ආර්නෝල්ඩ්ට තිබුනාක් මෙන් කුමක්දෝ අමුතු හස්තයකින් කපුගෙදරව ආරක්ෂා කරනවා යැයි මට සිතේ..

මොහුට වඩා හොඳ ක්‍රීඩකයින් ඇත්තටම නැද්ද..?

ඊ ළග බූරු වැඩෙ තමයි අළුත් කොල්ලාට දී තිබූ ස්ථානය...
පුදුමයි තවත් පස්සට දැම්මෙ නැතිවා.

ඩිල්ෂාන් ගැන කියන්න තව මැච් දෙකක් බලන කල් මම හදිස්සි වෙන්න කැමති නැහැ.

ජීවන්ත කුලතුංගලා ගෙදර දමා ගොස්...
කුලසේකර බංකුවෙ වාඩි කරවා තබා..
සුරාජ් රන්දිව් සගවා තබා ඔන් කට්ටිය කෙළියා..

අනේ අර මන්තිරියා දැන්වත් මෙහෙට වෙලා හිටුකෝ..
මෙකා තිබුනු නම්බුවත් නැති කරගන්නවා දවසින් දවස..
අර්ජුන වගේම තමයි...
කුම්භාණ්ඩ මල පෙරේත හැත්ත...

මාතර මිනිස්සු මෙකාට චන්දේ දුන්නේ දිනුවට පස්සෙවත් මෙ නාකි ක්‍රිකට් නවත්තලා ගෙදරට වෙලා පාඩුවෙ ඉන්ඩ කියලා මෙ ළගදී මාත් එක්ක කතා කරපු මනුස්සයෙක් කියපි.
ඇත්ත තමා බැරි කාලෙට බැරි දේ නොකර පුළුවන් දෙයක් බලාගෙන හිටුකෝ..
අවුරුදු ගාණක් තිස්සේ තරුණ කොල්ලෙකුට කීයක් හරි හොයා ගන්න දෙන්නේ නැතිව තාමත් හොටු පෙරාගෙන මෙක මත්තෙම නහිනවා.. නොදොමකින්...

අනිත් පොඩි උනුත් ගහනවට වඩා උත්සහ කලේ අවුට් නොවී ඉන්න කියලා බලන ඔන එකෙකුට පෙනෙනවා.
විටෝරිගේ කැපකිරීම දැක්කද..?
ඇත්තටම ඒ කැපකිරීම නොවෙන්න නවසීලන්ත කාරයෝ පරදින්නත් තිබුනා.
නමුත් අපේ අය...
අම්මපා පුදුම කේනතියක් එන්නේ...

මහේලට ස්තූතියි මෙහෙමවත් මැච් එක බලන්න තත්වයක් උදා කරලා දුන්නට...

අපරාදේ මුරලි මෙ පාර චන්දෙට ඉල්ලූව නම් සුරාජ්ට හරි කෞෂාල් ලොකුආරච්චිට හරිත් එන්න තිබුනා ටීම් එකට..
ඒත් මිනිහත් දිනලා අර ඔටුවා වගේ උනා නම් මගේ ඇගේ ලේ තවත් පිච්චෙනවා...
බම්බුව...

36 comments:

  1. මන්ත්‍රී කෙනෙක් වුනාම ඔහොම සෙල්ලම් කර කර ඉඳල හරි යනවද ?පූර්ණ කාලීනව මහජන සේවයට කැප වෙන්න ඕනෙ නේද ?

    ReplyDelete
  2. අනේ මන්දා මෙ යෝධයා මෙක කවද තේරුම් ගනීද කියලා...

    ReplyDelete
  3. දවසේ හොදම කියමන.

    ReplyDelete
  4. අද නම් මොනවා කරලාවත් නින්ද යන්නේ නැහැ වගේ, ඉන්න බැරුවට ආවා බ්ලොග් වල පොඩ්ඩක් කරක් ගහන්න. අප්පේ, මැච් එක පැරදුනාද?
    :O

    ReplyDelete
  5. පැරදුනාදත් අහනවා නගේ..
    මට එපාපාපාපා වෙලා ඉන්නේ..

    ReplyDelete
  6. හ්ම් මාත් යනවා නිදා ගන්න.
    4ටත් කිට්ටුයි.
    හෙට වැඩට යන්නත් එපැයි.
    පැය දෙකක් විතර නිදා ගන්න පුළුවන්...

    ReplyDelete
  7. මාරයියේ ,
    ඊයේ හොඳටම වැස්සනෙ....නෙට් එන්න බයයි අකුණු ගහද්දී.ඉතින් මම ආවේ නෑ මැච් එක බලන්නත් නෑ.උදේ ෆෝන් එකේ text එකක් තිබ්බ අපි පරාදයි කියලා.අනේ මන්ද...මම ක්‍රිකට් පිස්සෙක්.ඔයාල වගේ මහ මහ බර වචන දාලා විචාර දෙන්න නම් දන්නේ නෑ ඒත් පොඩි කාලේ ඉදන් ක්‍රිකට් මැච් බලන්න පුරුදුවෙලා උන්නා.අපේ උන් දින්නම රටක් දින්නා වගේ දැනුනා.පැරදුනාම දුකින් උන්නා....

    දැන් අපේ ටීම් එකට මොනාදෝ වෙලා කියලා විතරක් දැනෙනවා. ජයසූරීය අපේ පරිනත ක්‍රීඩකයෙක් තමා.එයාට අපි දිය යුතු හෞරවය දිය යුතු උනත්.....එයාගේ ශ්ක්තියෙන් උපරිම ප්‍රයෝජනයක් ගන්න බැරිනම් බෑ කියන එකත් තේරීම් කමිටුවක් තේරුම් ගන්න ඕන ඉස්සර ජයසූරියට බෝල් කරන්න බය උනු විටෝරිලා දැන් වගක්වත් නැතුව අර කිරි කොල්ලන්ට බෝල් කරනව වගේ බෝල් කරන්නේ...නේද ?

    ReplyDelete
  8. මාරයට මලම පැනලා!

    මල පනින්නෙ නැතිව තියේවියැ රෑ දෙගොඩහරි ජාමෙ පටං ගන්න මැච් එක බලන්න දත කට මැදගෙන ලැහැස්ති වෙලා ඉඳල මෙහෙව් විදියට පැරදුනාම?

    ඩිල්ෂාන්ට තව මැච් තුන හතරක් ලබා දිය යුතුයි, ඔහු සාර්ථක උනත් අසාර්ථක උනත්. මැච් තුනක් කිසි ප්‍රශ්නයක් නැතිව දෙන්න ඕන - හතරවැනි එක ගැන සලකලා බලන්න ඕන. හේතුව තමා ඔහ වැනි ප්‍රහාරාත්මක පිතිකරුවෙකු ෆෝම් එකට ගන්න එච්චර අවස්ථා ගණනක් ඔහුට දුන්නට පාඩු නැති නිසා.

    චන්දිමාල් එන්න ඕන වන් ඩවුන්.

    ReplyDelete
  9. මාරයෝ සංග මැච් එකේ අන්තිමට කිව්ව මුල් පන්දු වාර 6 තමයි මැච් එකේ තීරණය වෙනස් වුනේ කියල.. සනත්ට ඔය බැන්න කව්ද පන්දු වාර 4ක් ලකුණු 17 කට 1 විකට්‍ටුවක් දවා ගත්තේ හිතේ තියෙන තරහ නිකන් මෙහෙම පිට කරන්න එපා...

    ReplyDelete
  10. මාරායියේ මං නම් ඔය ක්‍රිකට් ගැන කොහොමත් දන්නෑ.එක දවසක් අපේ පොඩි මල්ලිලා ක්‍රිකට් ගහනවා දැකලා මාත් ගියා "අනේ මල්ලියෝ මාවත් ගන්නකෝ..."කියාගෙන. අනේ මුන් මාව ගත්තේ රකින පිලට නේ.රකින්න කියලා දැම්මෙත් හෙන කෑලැවකට.ඒ පැත්තට බෝල් එන්නෙත් නෑ.මං ඔහේ හිටන් ඉන්නවා බහිරව රූපයක් වගේ.උන් ඉතින් නා නාප්ප්‍රකාර වචන කියනවා.හපොයි දෙයියනේ ගෙදරට වෙලා ඉන්නේ නැතුව මාත් කරගත්තු දෙයක්...පොඩි උන් හැම වෙලේම කියනවා බවුන්සර්,වයිඩ්,නෝ බෝල් කියලා වචන.තව lbw ද lpw ද මන්දා කියලත් කියනවා.
    අනේ ඉතින් මං දන්නවයැ ඕවා..ඇහැව්වමත් උන් නක්කලේට වගේ හිනා වෙලා තෙරෙන්නේ නැති වෙන්නමයි කියන්නෙ.ටික වෙලාවක් ඉදලා මං යනවා මල්ලි ගෙදර කියලා මං ආවා.අනේ මගෙන් වැඩක් නැති හින්දමද කොහෙද එකෙක්වත් නිකන් කිව්වෙ නෑ නේ අයියෝ යන්න එපා අක්කේ ඉන්න කියලා.
    මට මේ මාරයියා මේ ලිපිය ලියලා තියෙන විදිහ දැක්කම හිනා ගියා.අනේ පව් ජයසූරිය මාමා දන්නවනම් වහාම sri lankan team එකෙන් ඉල්ලලා අස් වෙයි අප්පා...

    ReplyDelete
  11. නියම කියමන් ටික.

    ReplyDelete
  12. මචන් කපුව පුහුනු තරන්ගෙදි හොන්දට සෙල්ලම් කරා.සනත් එකෙ හොන්දට සෙල්ලම් කරා.එක නිසා තමා ඔය විදියට උනෙ.නොදන්න දෙවල් හොන්දට හොයල ලියන එක තමා හොන්ද.ඔය විදියට අපහාස නොකර

    ReplyDelete
  13. ඇත්තටම මචන් මම දකින විදිහට ජයසූරිය මත්තටම වැරද්ද දාන්න බැහැ. මිනිහා බැටින් නොකලට ඕවර්ස් හතරටම දුන්නෙ ලකුණු 17යි. සංඟා හරියට බෝලර්ස්ලව පාවිච්චි කලේ නැහැ. අනෙක් එක කට්ටියම ටීම් එකක් විදිහට සෙල්ලම් කලේ මාස ගාණකට පස්සෙනේ. ඒකයි ෆීල්ඩින් එහෙම සවුත්තු. ඩිල්ෂාන්ට රෙස්ට් එකක් දීලා ජයසූරියව උඩින් ගස්සන්න ඕනේ. සෙකන්ඩ් රවුන්ඩ් එකට පැන ගත්තොත් අපේ කට්ටිය ලොකු දෙයක් කරාවී. තියෙන පිට්චස් අපේ ස්පින් ඇටෑක් එකට නියෙමට ගැලපෙනවා.

    ReplyDelete
  14. මාරයියට මලම පැනලා නේන්නම්. :)

    ReplyDelete
  15. උබට උන්ට වැඩිය ගහන්න පුලුවන්න0 ගිහිල්ල ගහපන්කො, විවේචනය කරන්න ඕන මෝඩ හරකෙකුට පුලුවන් ඒක කරන්න තමයි අමාරු!!!!!!!!!!!!!!!

    මොඩ උනාට කමක් නෑ එක ප්‍රදර්ශණය කරන්න එපා!!!!!

    ReplyDelete
  16. හිතේ අමාරුවටම මම ඊයේ මේකට කමෙන්ට් එකක් නොකර ගියා. අපරාදෙ කියල හිතුන ඊයෙ මැච්එක.
    සනත්ව පිතිකරණයට යොදා ගැනීමට ප්‍රමාද කිරීම මටත් ප්‍රශ්නයක්. අනිත් එක අවසාන පන්දුවාර වලදී අපේ අය ලොකු පාරවල් ගැහුවෙ නෑ. 19 වෙනි ඕවරේ ගත්තෙත් ලකුණු 4යිද කොහෙදනෙ.
    මොනව උනත් නවසීලන්තකාරයො නිර්භීතව සෙල්ලම් කලා අවසාන හරියෙදි.

    ReplyDelete
  17. මොනවා වුනත් මාර අයියේ නාකි ඔටුවා (සනත් අයියා) හොදට පන්දු යැව්වා. මම දන්නා ආකාරයට පන්දුවට පහර දීමේ ස්ථානය පිළිබදව අවසාන තීරනය ගන්නේ නායකයා හා පුහුණුකරු. පුහුණු තරගයේදීත් ඔහු සාර්ථකව පන්දුවට පහරදුන්න නිසා මම හිතනව අඩුම තරමේ මැතිව්ස්ට කලින් බැට් කරන්න එවන්න තිබ්බා. එහෙම වුනා නම් තව ලකුණු 10ක් වත් ගන්න ඉඩ තිබ්බ කියලයි මම හිතන්නේ.

    ReplyDelete
  18. මාරයි!

    දේසපාලනයේදී 45 පැන්නාම නොවැ තරුණයි කියන්නේ.

    ReplyDelete
  19. මාරයියට නහුතෙටම මල පැනලා වගේ.

    ඇත්ත.. හැබැයි ඉතිං චන්දේ අරගෙන ගෙදරට වෙලා ඉදලා හරියන්නේ නෑ. කොහොමද දන්නෙ නෑ ජනතාවගෙ දුක සැප හොයල බලන්නෙ. අර ගීතා අක්ක මළ ගෙවල් වල යන්න දින දාගත්ත වගේ තියෙයිද මන්දා.

    ReplyDelete
  20. This comment has been removed by the author.

    ReplyDelete
  21. මට හිතෙන විදියට මේ ලිපිය ලියල තියෙන්නේ මැච් එක පටන් ගන්නත් කලින්.. හික් හික්.. නාකිය එක්ක පෞද්ගලික අමනාපයක් ලිපියෙන් පිට කරල තියෙන්නව කියලත් පේනව :P උඹල ඉතින් වයසට යන්නේ නැති මිනිස්සුනේ.. මේ මාරයෝ මම ස්පොන්සර් කරන්නම් ඔයා යන්නකෝ අපේ ක්‍රිකට් ටීම් එකට සෙල්ලම් කරන්න.. එතකොට අපිට අනිව කප් එක ලැබෙනවනේ.. හික් හික්...

    ReplyDelete
  22. මමත් දැක්ක අපේ ගොඩක් ක්‍රීඩකයො තමන්ගෙ ස්ථානය රැකගන්න විතරක් උත්සහ කරපු විදිය.
    ජයසූරිය කණ්ඩායමට නම් කරේ පුහුණු තරගයේ හොදට ගහපු නිසා තමයි. කපුගෙදරත් 60 ගාණක් ගැහුව පුහුණු තරගයේදි.
    ඒත් මැච් එක හරිය‍‍ට බැලුවනම් තේරෙයි ජයසුරිය අවසාන බෝලෙට කලින් බෝලෙ‍ට මැතිව්ට ගහගන්න බැරිවුනාම ජයසූරියට දුවන්න තිබුන ලකුනක් ගන්න. ඒත් අවුට්වෙයි කියන බයට දිව්වෙ නෑ. එතනදි අවුට් වුනත් කමක් නෑ කියල දුවන්න තිබ්බ. අපි දැක්ක විටෝරි තමන්ගෙ විකට්ටුව පරිත්‍යාග කරපු විදිය. අන්තිමට වුනේ අන්තිම බෝල දෙකටම ලකුණු ගන්න බැරිවුන එක. ඒකත් තරගයේ අවසාන තිරණයට‍ හේතුවක්.

    ReplyDelete
  23. to Pavithra's comment -
    එතන ජයසූරිය ඒ කලේ බොහොම පරිනත ක්‍රීඩකයෙක් කරන වැඩක්. එතන ලකුණක් තිබ්බේ නෑ. ඒ වෙලාවේ දිව්වානම් අනිවාර්යෙන්ම අවුට් වෙනවා. එහෙම වුනානම් අන්තිම පන්දුවට පහර දෙන්න වෙන්නෙ ඊලගට එන මාලින්ගට. ඊට වඩා මැතිව්ස්ම විකට් එකේ ඉදල ලකුණු ගන්න එකයි කරන්න ඕනේ. එතන වෙන පළපුරුදු ක්‍රීඩකයෙක් හිටියත් මම හිතන්නේ ඕකමයි කරන්නේ.

    ReplyDelete
  24. මේක මොකා ලියුවත් ඌ පලවෙනි වතාවට මැච් එකක් බලලා තියෙන්නෙ ඊයෙ.
    අපේ මේ පුංචි රට ලෝකෙට අරන් ගියේ ක්‍රිකට් වලින් ඒක එදා ඉඳලා මැච් බලන ඕන පොඩි එකෙක් දන්නවා. සමහර සුද්දො අපේ රට හඳුන ගත්තෙ "ජයසූරියගෙ රට" කියලා ඒක මේ මල් පොන්නයා දන්නෙ නැතිව ඇති.තාමත් ලංකවෙන් බිහි වුන හොඳම captain සනා(වැඩිම තරඟ දිනීමේ ප්‍රතිශතය) 2004,2005,2006 වගේ අවුරුදු වල 'සනත් ට වැදුනොත් විතරයි මැච් එකක් දිනන්නෙ' කියලා අපේ රටේ හැම දෙනාම වගේ කිව්වා.අපේ රටට එහෙම කීර්තියක් ගෙනාපු ක්‍රීඩකයට 'නාකි ඔටුවා' කියන්න මූ මව් කිරි බීපු එකෙක් නෙමෙයි ඔටු කිරි බීපු එකෙක් වෙන්න ඇති.
    ඊයෙ මැච් එක ගැන කියනවනම් සනා ඕවර 4ට ලකුනු 17 විතරක් දීලා විකට් එකකුත් ගත්තා ඒක t20 මැච් එකක විශිශ්ට පන්දු යැවීමක් අනෙක මැච් එකක පිතිකරුවො එවන තැන ගැන තීරනය කරන්නෙ captain & coach සනා කවදාවත් බයේ පැනල යන කෙනෙක් නොවන බව ඕන කෙනෙක් දන්නව. south africa එක්ක තිබිච්ච පුහුනු තරඟයෙදි අනෙක් පිතිකරුවො අඩුවෙන් out වෙනකොට ඒක ටිකක් හරි ගොඩ දැම්මෙ සනා & කපුවා අපේ කොල්ලො දිනනකොට හුරේ දාන්නෙත් පරදිනකොට බනින්නෙත් මූ වගෙ කොන්ද පන නැති බූරුවො තමයි.

    ReplyDelete
  25. මේක ඉතින් විවේචනයක්... ඉතින් විවේචනය කරන හැම මිනිහටම "ගිහිල්ල උඹ කරපන්කෝ" කියන්න ගියොත් ඉතින් කවුරුවත් කිසිම දෙයක් විවේචනය නොකර ඉඳී... මොකද මාරයා මේක අලුත් කැබිනට් එකට දාලා සම්මත කර ගන්නයෑ... මම නොරට ඉඳන් බැලුවා... නිවාඩු නිසා ලොග් වෙලත් හිටියේ.... මැච් එක ඉවර වෙලා තමා මාරයාගේ කොමෙන්ට් එක වැ‍ටුනේ... මැච් ඔක්කොම දිනන්නත් බෑ තමා... ඒ වුනාට විවේචනයක් කරහම මාරයට කරහං කියල කියන එක ඊට හපං....

    ReplyDelete
  26. ඇනෝ.. මාරයා කියපු දේ වරදියි කියමුකෝ... ඒ වුනාට ඔය උඩ තියන කොමෙන්ට් කරල තියන එවුන් ලස්සනට මාරයාගේ පොයින්ට් නිෂේධනය වෙන විදිහට කියලා තියෙන්නේ "මාරයාට වඩා හොඳට"...

    උඹ නමකුත් නැතුව හැංගිලා කරලා තියෙන්නෙත් ඊට අන්ත දෙයක් නේ බං ?

    ReplyDelete
  27. හප්පේ සෑහෙන තස්ටියක් සංවාදෙට එකතුවෙලා නෙව...
    අනුමත කරපු අය වගේම මට පළු යන්න බැනපු අයත් ඉන්නේ..
    ඒ විතරක් නම් මදෑ අපේ ලොකු අයියා මාව ඛෙර ගන්න ගේමට බැහැලා ඉන්නවා දැක්කම මාර හැපී..

    කෙටියෙන් කියමුකෝ...
    මම ඉතින් වෘතීය ක්‍රිකට් ක්‍රීඩකයෙක් නම් නෙවෙ..
    කවුරුවත් ගිහින් ගහපංකෝ කියලා කිවුව ගමන් මාව මැච්වලට දාන්නෙත් නැහැ නෙව.
    අනික මම වෙගවත් පිතිකරුවෙකුත් නෙවෙයි.
    බොහොම හිමීට ලෑල්ල දාලා විකට්ටුව ආරක්ෂා කර ගන්නා ගමන්නිතරම පැත්ත මාරු කර ගනිමින් ලකුණු එක දෙක ගන්නා ගමන් ඉදලා හිටලා හතරක් දෙකක් ගහලා ඉන්න බුවෙක්.
    මගෙ ජීවිතේටම මම ගහලා තියෙන හයේ පාරවල් ගණන අදටත් මට මතකයෙන් කියන්න පුළුවන්.. ඒ තරමට මගේ හයේ පාරවල් ගණන සීමිතයි.
    හුගාක් දුරට ඔපන් එන මම වැඩි හරියක් අන්තිම ක්‍රිඩකයා විදියට නොදැවී ඉතුරු වෙන එක තමයි වෙන්නේ..

    මගේ අංශය දකුණතින් පා දග පන්දු යැවීම..
    ඒ උනාට පිට දග පන්දුත් ඉතාමත් හොදින් යැවිය හැකියි.
    මුරලිදරන්ගේ පිට දග පන්දුවත්, ෂේන් වෝන්ගේ පාදග පන්දුවෙත් තියෙන දග කැවීම ඔනෑම තැනකදී අරගෙන පෙන්නන්න මට පුළුවන්.. ලෙදර්බොල් එකෙන් වගේම සැහැල්ලු පන්දුවෙනුත්.

    ඒ හැර කඩුල්ල ආසන්නයෙම ඉද පන්දු රැකීම තමයි මම කලේ හැමදාම. මොකද මට දුර ඉදලා පන්දුව විසී කිරීමෙ අපහසුවක් තියෙන නිසා.
    හැබැයි මගේ ක්‍රිකට් ගම්මට්ටමෙන් ඔබ්බට ගිහින් නැහැ.
    කොළඹ ප්‍රධාන පෙලේ විදුහලකට ගියත්, අතේ මිටෙ කාසිපනං හිග හින්දා ක්‍රිකට් ගහනවා තබා හිතන්නවත් මට හම්බ උනේ නැහැ.
    ඒත් ඉතින් පාසල් ඇරිලා ගෙදර නොගිහින් කණ්ඩායමෙ ක්‍රීඩකයින් පුහුණු වෙන ආකාරය බැලීමත්,ඉද හිට මා වෙත එන පන්දුවක් අහුලාදීමත් සිදු කලා.
    එකම එක වරක් අද අපේ ජාතික කණ්ඩායමෙ ඉන්න සුපිරිම පිතිකරුවකුට මම පන්දු දෙකක් යවා තිඛෙනවා.
    ඒ පන්දු දෙකත් දග කැවීම නිසා පිත්තේ නොවැදී පා ආවරණයේ වැදුනු ආකාරය මට තාමත් මතකයි.
    මට එදා රෑ නින්ද ගියෙත් නැහැ. ඒ ඇර මම දන්න ක්‍රිකට් ක්‍රීඩාවක් නැහැ නම් තමා

    ඔය තමයි මගේ ක්‍රිකට් දැනුම.

    හැබැයි ඉතින් මම දන්නවා මට පුළුවන් හරිය සහ මට උරුම හරිය..

    ReplyDelete
  28. මම මෙ ටික කිවුවෙ වෙන එකක් හින්දා නෙවෙයි... මම වගේම ජයසූරියත් තමන්ගේ තත්වය තේරුම් ගත යුතුයි කියන කාරණාව පැහැදිලි කරන්නයි.
    මං වගේ නෙවෙයිනේ ජයසූරිය..
    අපි දෙන්නව සංසංදනය කරන්න ගියොත් කන්දකුයි වැලි කැටයකුයි වගේ තියෙයි.

    නමුත් ජයසූරිය තේරුම් ගත යුතුව තිඛෙනවා තමන් වයසට යන විට නිසි කාලයේදී සමුගත යුතුබව..
    තමා කණ්ඩායමෙ වැඩිපුර රැදී රැදී සිටින දිනයක් පාසා හැකියාවන් තියෙන තරුණ ක්‍රීඩකයකු ක්‍රීඩාවෙන් ඉවතට විසිවී අකාලයේ පරවෙලා යනවා කියන කරුණ තේරුම් ගත යුතුයි.
    කාට හරි කියන්න පුළුවන්ද අද ලංකාවෙ තාමත් ජයසූරියගේ තැන ගන්න සුදුසු ක්‍රීඩකයින් බිහි වෙලා නැහැ කියලා.
    එහෙමත් නැතිනම් කවදාවත් බිහි නොවෙනවා කියලා..
    මම මෙතනදී අදහස් කරන්නේ හොද ආරම්භක පිතිකරුවකු ගැන මිසක් ජයසූරියගේ අනුකරණයක් ගැන නෙවෙයි.
    දක්ෂ ක්‍රීඩකයෝ අනන්තවත් ඉන්නවා..ඔවුන්ට ඔවුන්ටම ආවෙනික වූ රටාවක් තිඛෙනවා.
    සමහර විට අවස්ථාවක් දුන්නානම් අද ඔය ජයසූරිය ඉස්සර ගැහුව ගැහිලි බලලා අදටත් ඔහුව කණ්ඩායමෙ තබා ගත යුතුයි කියලා හිතන අයම අපරාදේ මීට කලින් මෙ ක්‍රීඩකයාට අවස්ථාවක් නොදුන්නේ කියලා හිතාවි.

    ජයසූරිය හැබෑම දක්ෂයෙක්..
    ඒත් දැන් ඔහු සමු ගත යුතු අයෙක් තව දුරටත් ඔහු ක්‍රීඩාවෙහි රැදී සිටීමෙන් වෙන්නේ ලංකාවෙ ක්‍රිකට් අනාගතය වනසා දැමීමක්. එය තේරුම් ගන්න උත්සහ කරන්න.
    මෙ තත්වය විචාරකයින් පෙන්වා දෙන්න පටන් අරන් දැන් සෑහෙන දවසක්.
    නමුත් එය නෑහුනා වගේ තව දුරටත් එල්ලී සිටීමෙන් ඔහු කරන දේ පිළිබදව කලකිරුනාම ඒ ාක්න්තිය පිට කරගන්න මං වගේ මිනිහෙකුට කරන්න තියෙන එකම දේ ඔටුවා කියලා හරි බනින එක හැර වෙන මොනවාද..?

    එදා තරගය ගැන කියනවා නම් ජයසූරියගේ පන්දු යැවීම හොද බව මාත් පිළිගන්නවා..
    නමුත් ජයසූරියව කණ්ඩායමට එකතු කලේ පන්දු යවන්නකු සේ සලකාද කියා මා අසන්න කැමතියි.
    ඒ කියන්නේ හය වැනි හෝ හත් වැනි ස්ථානයේ ක්‍රීඩා කරණ පන්දු යවන්නන් අතරින් දැනට ඉන්න හොදම තේරීම ජයසූරිය බවද..?
    අනේ මන්දා මට හිතෙන හැටියට එහෙම අයකු උවමනා වී තිබුනා නම්එතනට සුදුසු නවක ක්‍රීඩකයකු සොයා ගන්න බැරි තරමට ලංකාවෙ ක්‍රිකට් පිරිහිලාද..?
    කණ්ඩායමට එන්න සුදුසුකම් තිබිලත් එන්න විදියක් නැතිව වෙලි වෙලී ඉන්න සංචිතේ අයෙකුගෙන් ඇසුවා නම් හොද උත්තර ටිකක් අහගන්න නම් තිබුනා.

    ඉතින් අවසාන වශයෙන් කියන්න තියෙන්නේ
    මෙ ලිපිය මගේ දැනුමෙ හැටියට සහ තරගය අවසානයේ ඇති වූ ආවෙගයත් ආදී බොහෝ කරුණු මත ලියඋන ලිපියක්.
    මෙයින් කාගේ හෝ සිත රිදුනා නම් සමා වෙන්න නමුත් එහි සදහන් එකදු කරුණක්වත් ඉවත් කිරීමට මා සූදානම් නැති වගත් කියන්න කැමතියි.

    මෙම ලිපිය සදහා ප්‍රතිචාර දැක්වූ සියළු දෙනාටම ස්තූතියි.

    අර නමක් ගමක් නොදමා සටහනක් දමා උන්නැහේ තමා මෙ අවකාශයේ සැරි සරන නාමය ඉදිරිපත් කරමින්ම සංවාදයට ඉදිරිපත් උනානම් වඩාත් යෙහෙකි.
    මට බැන්නා උනත් ඒ සටහනත් ඔන්න ඔහේ තිබුනාදෙන්..
    අපි විරුද්ධ මතත් ඉවසන්න එපැයි.. නේද..?

    ReplyDelete
  29. මට පුංචි කතාවක් මතක් උනා. ඔන්න විචාරකයෙක් මොකද්දෝ චිත්තරපටියක් ගැන බොහෝම නරක විචාරයක් ලිව්වලු. මේක දැකලා කෙන්ති ගිය අධ්‍යක්ශකවරයා ගියාලු මේ විචාරකය හොයාගෙන. ගිහින් හොඳටම බැන්නලු. බැනල කිව්වලු.
    "තමුසෙ මේ අනුන්ගේ ඒවට බනින්නෙ එහෙනම් ඔහෙට පුලුවන් ඇතිනෙ ඔය අදුපාඩු මොකුත් නැති හොඳ ෆිල්ම් එකක් කරන්න. ඉතින් තමුසෙ කරනවකො. අනිත් එවුන්ට බනින්නෙ නැතුව."
    මේක අහලා විචාරකයා බොහෝම සන්සුන්ව මෙහෙම උත්තර දුන්නලු.
    "හරි දැන් ඔය කිකිලි ඉන්නව නේද. කිකිලි බිත්තර දානවනෙ.
    අපි බිත්තර කනවනෙ."
    " ඔව් ඉතින්"
    "හරි, දැකල තියෙනවද කොහේදි හරි කිකිලි බිත්තර කනවා. ඒ වගේම අපි බිත්තර දානවා. ඔහෙ කරන්නෙ ඔහෙගෙ රස්සාව. මන් කරන්නෙ මගේ රස්සාව. අපි මොකටෙයි මහත්තයෝ ඒ දෙක පටලව ගන්නෙ."
    බිම බලාගත්ත අධ්‍යක්ශකවරයා එහෙමම මාරු වෙලා යන්න ගියාලු.

    මේ වගේ විචාරෙකට තරහ යන්නෙ ඉතින් විචාරයක් කියන්නෙ මොකද්ද කියලා දන්නෙ නැති උදවියට තමයි. මොනවා කරන්නද මේ ලංකාවනෙ ඉතින්.

    විචාරෙ පැත්තක දාලා මැච් ගැන කියනවනම් ඉතින් මටනම් ක්‍රිකට් අරහන්. ක්‍රිකට් තරම් මිනිස්සුන්ගෙ කාලෙ කන වෙන දෙයක් නැද්ද කොහේද. මන්දා. ඒ මගේ හැටි. දැන් මට බනින්න එපා ශි... මූ වගේ මැච් බලන්නෙ නැති හරකෙක් කියලා. හොඳද.

    ReplyDelete
  30. මටනම් එපාම කරපු ක්‍රීඩාව තමයි ක්‍රිකට් කියන්නෙ. එකෙක් කොට කොටා ඉන්නවා. ආය එකෙක් දුවගෙන ඇවිත් බෝලෙ දානවා. අනික් උන් වටවෙලා ඉන්නවා බෝලෙ අල්ලන්න. කම්මැලි හිතෙනවා හලෝ...

    ReplyDelete
  31. අනුරාධ...

    නියම කතාව ලොක්කා...

    තමුන් අකමැති දේට අකමැතියි නොකියා වෙන මොනවා කරන්නද මලයා...

    ReplyDelete
  32. මිත්‍රයා...
    මම අකමැතිම දෙයක් තමයි කවුරුවත් අකමැති දෙයක් ඒ අය ලවා බලෙන් කරවන්න යන එක..
    ඔක මම ඉගෙන ගත්තේ දූරියන් නිසයි.

    දැන් අහයි ඒකෙයි මෙකෙයි අතර සම්බන්ධෙ මොකක්ද කියලා...

    මෙකනේ..
    මම ඉස්සර දූරියන් කන්නේ නැහැ.පස්සේ අපේ යාළුවන්ගේ දැඩි ඉල්ලීම මතම දූරියන් කෑවා ,ඊට පස්සේනේ මෙක රස වැටුනේ..
    ඊටත් පස්සේ මාත් වතාවක් දෙකක් මගේ දූරියන් නොකන අනිත් යාළුවන්ටත් බලෙන්ම වගේ ඔක පුරුදු කලා..
    හැබැයි ඊට පස්සේ දූරියන් ගෙඩියක් පලපුවහම අපිටත් වඩා උන්ගෙන් තමයි මෙක ඛෙර ගන්න අමාරු..
    ඒක හින්දා මම දැන් කවදාවත් අනුන්ට දූරියන් කවන්න යන්නේ නැහැ.

    මම මෙ කිවුව කතාව ටිකක් කල්පනා කරලා බලන්නකෝ..

    ReplyDelete
  33. මාරයියට කේන්ති ගිහින් නේ... කොහොම වුනත් මම මේ කමෙන්ට් කරන්න යන්නේ ක්‍රිකට් ගැන නම් නෙවෙයි. ඒ ගැන කමෙන්ට් කරන්න මම ක්‍රිකට් ගැන ඒ තරම් දන්නේ නැහැ. ඒත් මේ සමහර කමෙන්ට් වල ටෝන් එකට මම හරිම අකමැතියි. හැඟීම් එක්ක විවේචන කරන එක හොඳ නැහැ. එතකොට පක්ෂපාතී වෙනවා. අපහාසාත්මක වෙනවා. ඕනම කෙනෙක්ට විචාරය කරන්න සහ විවේචනය කරන්න නිදහස ත්යෙනවා, ඒත් නිදහසේ අපහාස කරන්න අයිතියක් නැහැ.

    මාරයියත් හොඳින් හුස්ම අරගෙන හුස්ම පිටකරලා 10 ට ගණන් කරන්න.... ;)

    ReplyDelete
  34. http://www.ex-designz.net/infotechquiz.asp

    ReplyDelete
  35. මු නම් ක්‍රිකට් ගන මොකුත් නොදන්න පොල් බූරුවෙක් කියලඉ මට හිතෙන්නෙ.මූ වගෙ මෙටි හරකෙක් මම දෙක්කමඉ.. ඩවසෙ වාසනාව නිසඉ එදා අනිත් උන් ඩිනුවෙ.
    මුගෙ මොලෙ මෙටි තියනවද මන්ද

    ReplyDelete