02 May 2010

මෙලෝ රහක් නැති දවසක්...

අද නම් ඔනෑම නැහැ..
දවස ගෙවිලා ගියේ කොහොමදවත් කියලා හිතා ගන්න හම්බ උනේ නැහැ මෙන්න රෑත් වෙලා.

උදේම එන කොට ටිකක් පරක්කු උනා.
වැස්සට සුළු ගංවතුර තත්වයක් හින්දා කස්ටිය පරක්කු උන හින්දා ටිකක් ඉන්න උනා.
කොහොමින් කොහොම හරි දෙරට එනකොට වෙලාව 9යි.

උයලා පිහාලා රෙදි හෝදලා එහෙ මෙහෙ බලන කොටම 12ත් පහු උනා.
ඒ අතරෙම නෙට් එක පැත්තෙත් වරින් වර ගොඩ උනා.
නාලා කාලා දවල් 2කට විතර ටිකක් නිදා ගත්තා. පැය දෙකකින් විතර ඇහැරිලා ඇවිත් බැළුවාම එක්කෙනෙක් ගේ උපන් දිනෙයි වෙලාවයි එවලා තිබුනා.
ටිකක් ඒක බැළුවා.
අනේ මන්දා මම මෙ කේන්දර බලන වැඩෙට ඒ තරම් තදින් යොමු නොවෙන්න හේතුව තමා නරක කියන්න තියෙන අකමැත්ත.
ඒත් අපේ කේන්දර වැඩි හරියක තියෙන්නේ නරකම තමයි.
ඒ හින්දා හුගක් වෙලාවට වෙලාව හොද නැත්නම් ඒ කියන්නේ කේන්දරේ කියන්න තියෙන නරක වැඩියි වගේ නම් මග ඇරලා නිකම් ඉන්නවා.
ඔය හේතුව හින්දා මාත් එක්ක තරහා වෙච්ච අය ඔන තරම්.
ඒත් ඉතින් මම මොකද කරන්නේ..?

කොහොමින් කොහොම හරි අද නම් කේන්දරෙ බැළුවා මොකද මමම කියලා ගෙන්න ගත්ත හින්දා.

ඒත් ඒක බලලා යැවුවට පස්සෙ තමයි හිතුනේ ඒකත් නොයවා හිටිය නම් හොදයි කියලා අදාල කෙනා මාත් එක්ක තරහා උනත්.

හරි කතාව අනිත් පැත්තට හරවමු...

පෙරේදා පාන්දර වෙනකල් මැච් එක බලලා ඒක පරාද උනාට පස්සේ මට අසූ හාර දහට කේන්ති ගිහින් පාන්දර කියලා බලන්නේ නැතිව ඒ කේන්තිය අකුරු වලට හරවලා.
බ්ලොග් එකේ දාලා මම වැඩට ගියා නෙව.
කොහොමින් කොහොම හරි අද ඇවිත් බලනකොට එක්කෙනෙක් දෙන්නෙක් මට පළු යන්න බැනලා.
මොනවා කරන්නද..?
මට කේන්ති ගියහම මම බනිනවා වගේ තමයි ඒ උදවියට කෙන්ති ගියහම එයාලටත් බනින්න අයිතායක් තියෙනවා නෙව.

වැඩෙ තියෙන්නේ මෙ නිර්නාමිකව ඇවිත් බණින එකයි.
දැන් කෙනෙකුට කියන්න පුළුවන් අපි හැමෝම පාවිච්චි කරන්නේ වෙන වෙන නම් වලින් හදා ගත් බ්ලොග් අඩවිනේ කියලා..
ඒත් මෙ බ්ලොග් අවකාසේ අපිටම කියලා ආවෙනික නමක් තියෙනවා නෙව.
හරියට මෙ මගේ මාරයාගේ හෝරාව වගේ...
ඉතින් ඒ නම පාවිච්චි කරලාම බැන්නම මොකද වෙන්නේ..?
ඒත් එහෙම නැතිව තමන්ගේ බ්ලොග් අඩවියේ නම ඛෙර ගෙන අනුන්ට බණින්න ඉදිරිපත් වෙන උදවිය ගැන අනුකම්පා කරනවා ඇර වෙන මොනවා කරන්නද..?
අසභ්‍ය වචන කියලා සමහර අය හිතන වචන තිබුන නිසා ඒ බැණුම් ටික මකලා දාන්න තිබුනා උනත් මම ඔන්න ඔහේ ඒවා තියෙන්න ඇරියා.
හරි හෝ වෙවා වැරදි හෝ වෙවා මට කවුරු හරි බැන්නම ඒවා මම ඉවසා දරා ගන්න එපැයි.

ඒ අතරෙ වැදගත්ම දේ තමයි අපේ තිස්ස අයියා පිටියට පිවිසීම.
බලන්න එපායෑ මාරයා මලයා වෙනුවෙන් උන්නැහේ දීලා තියෙන හතරෙ හයේ පාරවල් ටික..

අයියා කෙනෙකුගේ වටිනාකම දැනුනා බොහෝම තදේට...

කරුමෙට වගේ මට හිටියේ මල්ලියෙක් විතරයි නෙව.
ඒකාත් මාරයාගෙත් මාරයෙක් වෙච්චි...

මට මෙකට සවුන්ඩ් ක්ලිප් එකක් එකතු කරන්නත් ඔන වෙලා තියෙනවා.
ඒක කරන්න මට තවම තේරුමක් නැහැ.
අද උත්සහ කරලා බලන්න ඔන.


හරි ගියොත් බලන්නකෝ අහලා...
ම්හ් වැඩෙ හරි ගියේ නැහැ.

36 comments:

  1. අපි නොදන්න කිරිකැට්..... නේද අයියේ......????
    අප්පෘස්ට වන්සීන් ඉන්නත් එපැයි ඉතින්.....

    හප්පේ තනියම ඉඳලත් ඔයාට තියෙන වැඩ ගොඩ.......
    ඩබල් උනාම වැඩ ගොඩ කොහොමද දන්නෑනේ.......????? :D :D :D :D

    ReplyDelete
  2. නැහ්නං නැහ්නං...
    උනුත් ඉන්න එපැයි..

    ඈ නගෝ ඩබල් උනාම කීවෙ...මක්කැයි..

    ඒ කියන්නේ ඩබලක් දා ගත්තහමද..?
    නැත්නං .. හික් හික්.. මට ලැජ්ජැයි හලෝ...

    ReplyDelete
  3. මම මාරයාගේ බ්ලොග් එකේ ඉස්සෙල්ලම දැක්ක පෝස්ට් එක ජයසූරිය ගැන දාලා තිබුනු පෝස්ට් එක. මමත් ඒකට ඔයා දරපු මතයට විරුද්ධ මතයක් ප්‍රකාශ කරලා ගියා...

    ඕවා ඔහොම තමයි මචන්... සයිබර් අවකාශයේ සැරි සරනකොට ඔය වගේ දේවල් වලට මුහුණ දෙන්න වෙනවා. සැලෙන්න එපා !

    ReplyDelete
  4. අනේ ඉතින් මට තේරෙන්නැතිව කියනව......
    මොකටෙයි ලැජ්ජ??????

    අනේ මේ ඕන එකක්.... මං දන්න ඉලවුවක් නෑ.....
    ලැජ්ජ නම් හැන්ගෙන්න.....

    ReplyDelete
  5. මින්දද...
    මොන පිස්සුද සහෝදරයා ඔවට සැලෙන්න ගියා නම් මම තාම සැලෙන ලෙලෙන දළුව වගේ ඉදියි..

    ReplyDelete
  6. හා පැටික්කි ...
    නෑ අප්පා මට හිතුනේ ඔයා කියන්නේ ...
    ඒ කියන්නේ මෙ...ඩබල් වෙනවා කියන්නේ මෙ..මෙ...මෙ...
    පෙළවාසියක් කොරගන්න එකටැයි කියලාද..?

    ReplyDelete
  7. ඔව් ඔව්.....
    ඇයි අයියට හිතුනෙ වෙන මුකුත්ද?????

    ReplyDelete
  8. හා පැටික්කි ...

    මෙහෙමත් හිතුනා..
    ආයෙමත් අඩියක් ගහන වෙලාවට අපි ඩබලක් ගහන වෙලාවල් තියෙනවනේ..
    එහෙමත් හිතුනා..

    කොහොමින් හරි කමක් නැහැ.
    දැන් හරිනේ..

    ඔයා කිවුවෙ ඔය විදියේ ඩබලක් වෙන එකද?
    බුදු සන්තෝ එහෙම උනානම් තව වැඩ කෝටියයිනේ..

    ReplyDelete
  9. කොහෙන් ගියත් නවතින්නේ අයියගේ (ජරා) අමෘතෙන්.......

    ඕව බීමෙන් ඇති වැඩේ මොකක්ද අයියේ?????

    ඒකත් එහෙමද???? හ්ම්ම්..... :( :(

    ReplyDelete
  10. අනේ මාරයියෙ තරහ නැතුව වෙලා තියෙන වෙලාවක මගේ කේන්දරෙත් බලල දෙන්නකො.

    ReplyDelete
  11. මගේ නම් ඉතින් කේන්දරේ බලන්න කියලා දයක් ඉතුරු වෙලා නැහැ මං හිතන්නේ. :D :D

    ගිය සැරේ පෝස්ට් එකට දාල තියෙන කමෙන්ටු දැක්කේ දැන් නේ.. ගනන් ගන්න එපා අයියේ, මිනිස්සුන්ගේ තියෙන්නේ එක එක මත නෙව. අපිට හැමෝම හිතන විදිහ වෙනස් කරන්න බැහැ.

    ReplyDelete
  12. බීමෙන් විනාශවෙනවට වඩා හොඳ නැද්ද සිහියෙන් කල්පනා කරකර ඉන්න එක?

    ReplyDelete
  13. kawuda kiyawwe bee bee winasha wenawaa kiyalaa.. naedhdha maarayiya... june lagama enawaa mage papuwa sIthala wenawaa... tissa ayiyaa araka genawaa..
    apaaye dhorawal aerenawaa..

    ReplyDelete
  14. හා පැටික්කි ...

    මෙ දැරිවිත් දැන් පැටික්කියෙක් නෙවී නෙව..
    සෑහෙන දැනුම් තේරුම් ඇති හා අම්මණ්ඩියෙක් නේ..

    සුමිහිරි පානේ.. පදමට ගහලා...

    අනේ මන්දා නගෝ මට තේරෙන්නෙත් නැහැ..

    ReplyDelete
  15. අනුරාධ...

    තොරතුරු ටික ඒ කිවුවෙ මෙ ..
    උපන් දිනය
    වෙලාව
    ස්ථානය..එහෙම මට එවලා තියන්නකෝ..

    හැබැයි මට පොරොන්දු වෙන්නනම් බැහැ..
    සමහර වෙලාවල් තියෙනවා කේන්දරයක් බලන්න හිතෙන එහෙම වෙලාවක අතට අහු උනොත් බලලා දෙන්නම්

    ReplyDelete
  16. Ansh Lucky Sri Jay...
    ඒ මොකෝ නගේ...
    කේන්දරෙ හොරු අරන්ද..?

    ඔයාලගේ ආගමෙ අය ඉස්සර නම් කේන්දර හදනවා අඩුයි.
    ඒහ් දැන් නම් එහෙම නැහැ.
    ඉස්සර මම මහණ වෙලා ඉන්න කාලේ හුගාක් ආගමෙ අය එනවා කේන්දර හදන්න,බලාගන්න..


    කවුද නගේ ඔය කෑ ගහන ඒවා ගණන් ගන්නේ..

    ReplyDelete
  17. මිත්‍රයා ...

    මම උත්තර නොදුන්නත් මොකෝ ඔය රවා දීලා තියෙන්නේ පහළින් එලකිරිස් එකට..

    අමුවටම කල්පනා කරනවා වගේද පොඩ්ඩක් ඇගට දාගෙන කල්පනා කරනකොට...

    ReplyDelete
  18. රවා...

    වැරදියි මලයා...
    අපායේ ඉන්න අපිට ස්වර්ගයේ දොරටු ඇරෙන දවස තමා ඒ...

    ReplyDelete
  19. කේන්දරේ තියෙන ඔක්කොම නරක ටික එකපාරම කියල දාන්න. එතකොට ඒ මනුස්සය ආයෙ කේන්දර බලන්න යන එකක් නෑ.

    ReplyDelete
  20. හදහන බලන එක ගැන ලිපියක් දාන්න අදහසක් නැත්ද ?

    ReplyDelete
  21. මාරයියගේ මෙලෝ රහක් නැති දවසින් ඉතින් මම නම් වැඩක් කරගත්තා...ඒකට පින් හොදද.....( වෙන දෙන්න දෙයක් නෑනෙ ) කියලා තිබ්බ ඒවට නම් තවමත් හිනා මට...ඒත් හුගාක් දේවල් ඇත්ත...

    හිත රිද්දෝගෙන උන්න මම ටිකක් හුස්මක් ඇරලා ඉන්නවා මේ දවස්වල. හැබැයි එක දෙයක් ගැන දුකයි...රවා නිකම්වත් මගෙ ඉසව්ව පැත්ත පලාතේ එන්නෙ නෑ. හේතුවක් නම් මම දන්නේ නෑ. ගිහින් බලපුවම අනිත් හැමෝගැනම බලන්න යනවා...මගේ පැත්තට විතරක් නැතුව. පුළුවන්නම් මාරයියා අහලා බලන්න හේතුවක්.මම දන්නේ නැති හේතුවට හිත රිදිලා නම්....මම ඒක දැන ගන්න ඕනෙනෙ....නේද ..

    ReplyDelete
  22. හ්ම්.. එහෙනම් අනිවා මගේ කෙන්දරෙත් අම්බානකට නරක වෙන්න ඇති තියෙන්නෙ. ඒක තමයි මාරයා අයියා ඒක බලන එක මග ඇරියෙ. බොරුද මම කියන්නේ? :-?

    ReplyDelete
  23. ඔන්න මාරයියේ මාත් ආවා ඇවිත් යන්න..

    ReplyDelete
  24. හරි හෝ වෙවා වැරදි හෝ වෙවා මට කවුරු හරි බැන්නම ඒවා මම ඉවසා දරා ගන්න එපැයි.." මේ වගේ ඉවසීමක් තියන එක හුඟාක් අගය කරනවා මාරේ..

    ReplyDelete
  25. දැරිවි ඔය ජරාව බීම කියනදේට ගොඩක් වෛර කරනව අයියේ ඒකයි......

    ඕකෙ සුමිහිරක් නම් මං දන්නැහැ.....

    ReplyDelete
  26. හප්පෝ....එක ලිවුවෙ අඩියක් ගහලද?...

    ReplyDelete
  27. Praසන්ன ...
    ඒ කියලත් වැඩක් උනේ නැහැ.


    ගීතික දිල්රුක්...
    මම මෙ බ්ලොග් එක පටන් ගන්නකොට හිතුව ප්‍රධානම දේ තමයි ඒක..
    ඒත් මගේ අතින් අඩුවෙන්ම කෙරුනු දේත් ඒක තමයි.
    බලමු ඉදිරියේදීවත්..

    ReplyDelete
  28. කෝ මේ මාරයියා ?

    ReplyDelete
  29. දිල්...
    එහෙම හරි කමක් නැහැ හිනා උනානම්..
    ඒකත් මදෑ...

    රවා ගැන අපි බලමු..
    හැබැයි ඉතින් ආරංචියේ හැටියට සේනාධිපති තනතුරට හිමි වැටුප් හා දීමනා පිළිබද ගැටළුවක්ය කියන්නේ...

    ReplyDelete
  30. Mark...
    ටිකිරි මොලේට යම් යම් දේවල් තේරෙනවා නේද..?
    නරකම නෙවෙයි..
    මලයාට හුගාක් දේවල් ලැඛෙනවා..ඒත් ඒ දේවල් මලයාට අගේ නැහැ.
    අගේම දේ පිළිබඳව තමයි ගැටළු තියෙන්නේ..
    මිනිහෙකුට විදවන්නත් මොනවාම හරි එපැයි නේද..?

    ReplyDelete
  31. මම ...
    ආව එකම මදෑ...
    නැත්නම් නිකං මෙක පරිප්පු නැති හෝටලේ වගේ..
    අස්සයා මැරිච්ච ජොකියා වගේ...

    ReplyDelete
  32. Naya...
    ඔය පුංචි පුංචි දේවල් වලට කේන්ති ගන්නවට වඩා මට තව වැඩ තියෙනවා නෙව.

    ReplyDelete
  33. හා පැටික්කි ...
    අපි ඔන්න ඔය මාතෘකාව අලල්ලා දාමු නගේ...
    වෙන දෙයක් කතා කරමුකෝ...ම් ම් ..
    උයාපු කැරට් හාවෝ කනවාද වගේ දෙයක්...

    ReplyDelete
  34. කස්සා...

    ඇත්තම කිවුවොත් මෙ බ්ලොග් එකේ වැඩි හරියක් ලිපි ලියන වෙලාවල් වල මම ඉදලා තියෙන්නේ අඩියක් දෙකක් ගහලාම තමයි..
    බොහෝම කිහිපයයි සිහි නිච්චි ඇතිව ලියලා ඇත්තේ...
    හැබැයි ඒක ලිවුවෙ නම් අමුවටම ඉදගෙන තමයි..

    ReplyDelete