04 May 2010

මාරයාගෙන් රවා වෙතයි...

ආදරණීය රවා මළයා වෙතයි...
මලේ උඹගේ සැපදුක් කෙසේද..? මම නම් සුවෙන් සිටිමි.
තකහනියෙම මෙවන් ලිපියක් ලියන්නට සිදු උනේ අපේ අර දිල් කෙල්ල නිසාවෙනි..
අන්න ඒකී ඇඩූ කඳුළින් නොකා නොබී බලා ගත්තු අත බලා ගෙන ඉන්නවා.
හේතුව ඇහුවට කියන්නෙත් නෑ. හිටි හැටියේ ඊරියෙක් වගේ විලාප තිය තිය අඩනවා.බලා ඉන්ට අමාරුයි මලේ..
යන්තම් ඔන් අද තමයි වදෙන් පොරෙන් කාරණාව දැන ගත්තේ..
උඹ ඒකිත් එක්ක තරහා වෙලයි කියලා කියන්නේ..
අනේ මලේ පින් සිද්ධ වෙනවා ගෙහුන් ඒකිගේ හිත හැදෙන්න වචනයක් දෙකක් දොඩලා වරෙන්.
මටත් මෙ ඒකි හොටු පෙරාගෙන අඩනවා බලා ඉදලා බැරිම තැන තමයි මෙහෙම ලිපියක් ලියන්න හිතුවෙ...
මොනවා උනත් අහිංසක කෙලී නෙව..
හරි හමන් විදියට කෑමක් බීමක් ගන්නෙවත් නැතුවා වාගෙයි..
සරීර කූඩුව නිකං ඉඩෝරෙට අහුඋන පිදුරු ගහක් ගානයි.
කොහොමටත් වැඩිය ඇග පතක් තිබුන කෙල්ලෙක් නෙවී නෙව.
යන්තම් අමාරුවෙන් වගේ දවසට බත් පිගන් දෙක තුනක් ගිල දාලා හදා ගත්තු ඇග..දැන් හොදටම දිරා පත් වෙලා ගොහින්..
අනේ මලේ මෙ ලිපිය දුටු වහාම ගෙහුන් බලලා වරෙන්.
ආයේ ඉතින් වහ ටිකක් කාලා කැලේ රිංගුවොත් කාට කියලා කියන්නද..
ඉතින් මම නවතින්නම්.උඹට බුදු සරණයි..
මෙයට
හිතවත් සුදු අයියා..
මාරයා..

66 comments:

  1. මට වැඩක් බාර දුන්නොත් ඉතින් කිරි ගහට මල්ටි බැරල් ගැහුවා වගේ තමයි ඉතින්..
    ඔන්න මම මගේ යුතුකොම ඉස්ට කොලා..

    ReplyDelete
  2. හෆොයි උඹේ මේ ලියුම නිසා වෙන්නේ රවාටයි දිල්ටයි දෙන්නටම වහ ටිකක් කාල කැලේට හුනංගු වෙන එක තමයි දැයි . .

    රජ බිසවට දොලදුක් කෑම ගෙන්න ගන්න අන්දරේට කිව්ව වගේ . . . හප්පොච්චියේ . . .

    මදැයි කොලා . . .හික් හික්

    ReplyDelete
  3. හපොයි අයියේ......

    අයියා ඉතුරු වෙයිනේ????? ;)

    ReplyDelete
  4. දුකා...

    හික් හික් අපි එහෙමයි...
    දැන් ඉතින් කාටවත් කියන්න බැහැනේ මම මගේ වැඩෙ පැහැර හැරියා කියලා..
    අයියටත් මොනවා හරි කෙරෙන්න තියේ නම් කියන්ට අයියා.. මම කොරලා දෙන්නං මල් හතට..

    ReplyDelete
  5. හා පැටික්කි...
    හොද වෙලාවට මම දන්න විදියට දිල්ට නම් සුදු වෑන් නැහැ..අර රෝද තුනේ පුංචි බයිසිකල් කට්ටක් ඇර..
    මට රවා තමයි ෂුවර් නැත්තේ ..
    මිනිහා පහුගිය දවස්වල තාප්පවල පාප්ප ගගා හිටියා නෙව..
    නිකමට හරි මිනිහා සපෝට් කරපු ගොබිලා දිනලා තිබුනොත් නං වැඩෙ බරපතළයි.. හික් හික්..

    ReplyDelete
  6. මාරයා තමංගෙ වැඩේනම් මාර කොලිටියට කරල තියනවා.හැබැයි ඉතිං දිල්ට නම් වහකන්න තමයි වෙන්නේ....පව් කෙල්ල....

    ReplyDelete
  7. sri...
    අපොයි මගේ දිල් නගා...
    මට බලෙන් වහ කැවුවත් උන්දෑ නං කයි වහ..

    Chanaka Aruna Munasinghe...

    lole lolz

    ReplyDelete
  8. හිකිස්
    [ මං කා එක්ද තරහ වෙන්නේ ............. ම් ම් කොහෙන්ද තරහ වෙන්න කෙල්ලෙක් හොයා ගන්නේ .........]

    ReplyDelete
  9. වැප්...
    ඇයි බං අර බස් එකේ යන එනකොට උඹ බැල්ම දාන් එන සුදු හීන්දෑරි ගැටිස්සිත් එක්ක තරහා වෙයන්කෝ...හික්ස්

    ReplyDelete
  10. @මාරයා
    එකී දැන් ඒ බස් එකේ එන්නේ නැහැ ...

    [ උබ මුකුත් එකීට කිව්වේ එහෙම නැහැ නේද? ...........
    {
    මාරයෝ මේකයි වැඩේ එකී මං දැක්ක දා ඉඳන් තරහයි ... කෝ ඉතින් උබවත් හිටියැ ලියුං කඩදාසියක් වත් ලියා ගන්ට
    }
    ]

    ReplyDelete
  11. හෑ..............මේ මොකද මේ ?
    මම නැතිවෙලාවේ මට ගහලා තියෙන මඩ බාල්දියෙ හැටියට මාරයියව ඉතුරු කරලා බෑ...දැන් ඉතින් ගනන් කර ගන්න ඔලුවෙ ඉතිඉවෙලා තියෙන කෙස් ටික ..අම්මාපල්ල අදනම් ඔය ටිකට ගිණි තියනවා..

    මේ මේ කට්ටිය අන්තීම සැරේට ඇවිත් මාරයියව බලා ගන්න...මොකද ඔය කවුරු කවුරුත් මං කාවි කියලා හිතපු වහ ටික අද මම කවන්නේ මාරයියට

    ReplyDelete
  12. This comment has been removed by the author.

    ReplyDelete
  13. හාපෝ නරියට කුකුල් කොටුව භාර දුන්න වගේ

    ReplyDelete
  14. හපොයි දෙයියනේ ඔන්න මං නම් ආවා අවසාන වතාවට මාරායියාව බලන්න. අනේ මාරයියේ මොකක්ද ,මේ කරගත්තු විපත්තිය.

    ReplyDelete
  15. මම ට/

    දැන් එන එකක් නෑ පැත්ත පලාතේ..මාරයා උනත් වහ කන්ඩ බයයි වගේ...හික්ස් ....

    ReplyDelete
  16. මාරයා කෙහෙල් ගහකට නේද කෙටුවෙ ඒ පාර

    ReplyDelete
  17. කියලා වැඩක් නෑ ඒ ගැන නම්. දිල්ගේ පරණ ටෙම්ප්ලේට් එකත් හොටු, කඳූළු වලටම දියවෙලා ගිහින්, ඒකයි ඔය අලුත් එකක් දාලා තියෙන්නේ.
    කිව්වට මොකද, දැන් දිල්ගේ වැඩේ මෙලෝ රහක් නැති දේවල් ඔහේ අප්පල්ලයක් වගේ කියවන එක. මේකට ඉසකුඩිච්චියක්වත් දාන්න වෙයිද කියලා අපි කල්පනා කරේ.
    රවා අයියට පුළුවන් නම් පොඩි බැල්මට් පාරක් දාලා වැඩේ ගොඩින් ෂේප් පාරක් දාලා බලන්න.
    ආත්ම හතකට ඒ පින ඇති....

    ReplyDelete
  18. මිස්සකට /

    දැන් මට කියන්නකෝ මම ඔයත් එක්ක කතා කරපු මෙලෝ රහක් නැති දේ මොකද්ද කියලා ?
    අනික මගෙ template වාෂ්ප කරපු හොරාගෙ නම අන්න පහලින්ම දාලා තියෙනවනෙ...

    අනික මිස්සක මල්ලෝ මොකද්ද මේ " අප්පල්ලයක් " කියන්නේ ? ජීවිතේ පළවෙනි පාරටනෙ ඇහුවෙ

    ReplyDelete
  19. අනේ පව් මාරයා අයියා

    ReplyDelete
  20. අප්පල්ලයක් කියන්නෙ කට ටිකක් විශාල පොඩි වළංවිශේෂයකටයි.. මම දන්න විදිහට නම්.. නුවර පළාතෙ තමයි ඔය වචනෙ භාවිතා වෙන්නෙ.
    සමා වෙන්න ඕන මම අයිති නැති සංවාදයකට හොට දැම්මනම්...

    ReplyDelete
  21. හික් හික් අයියෝ දිල් ඇත්තටම ‍හොටු පෙරාගෙන ඇඞුවද?

    ReplyDelete
  22. මම...

    අනේ බලන්නකෝ නගෝ කළ හොඳ පස්සෙන් එළවනවා නෙව...

    ReplyDelete
  23. වැප්...
    අනේ නැහැ බං අඩුම ගානේ උඹ ඒකිගේ යාළුවටත් පෙරන කතාව මම කිවුවෙම නැහැ...

    ලියුම් නම් මොනවද...? ලියලා දෙන්නම්කෝ කිලෝ ගාණට...
    ඔය දැන් ලිවුවා වගේ...

    ReplyDelete
  24. තරිඳු...
    කුක්කු කූක් කූ...

    ReplyDelete
  25. Outsider...
    ඒ... ඔහොම අහන්න එපා හලෝ...
    ඒ ළමයාට ලැජ්ජා හිතේවිනේ...

    ReplyDelete
  26. Chanaka Aruna Munasinghe...
    පොච්චියේ මටත් එහෙම හිතෙනවා...
    පේනවා නේද ගෙරවිලි අකුණු කෙටිලි පෝලිමයි..

    ReplyDelete
  27. මිස්සක...

    ඒයි මලයා ඔය නොතේරෙන වචන කියන්න එපා.
    නුවර කිවුවට ඒ ළමයා නුවරමත් නෙවීනේ...නුවරත් පහු කරන් ගිහින් පල්ලම බැස්සට පස්සේ හම්බවෙන අර ලොකු චෛත්‍යයක් එහෙම තියෙන්නේ..අන්න එහෙ කිට්ටුවනේ...
    ඉතින් ඔය නුවර පළාතේ වචන එයැයි දන්නවය...?

    ReplyDelete
  28. හසී...
    පවු අනේ මෙ අහිංසක මං...නේ..ද...?

    ReplyDelete
  29. kumaraya...
    බොහෝම පින් ඔය නොදන්න වචනේ තේරුම් කරලා දුන්නට...
    හැබැයි මට නම් නෙවෙයි...

    ReplyDelete
  30. දිල්...

    ඃ?ඃ්‍රඃ/(ෆ)(//ඃෟඃඃෟ?ඃ්‍ර/්‍ර/්‍රඃඃ?ෟඃඃඃෟ?ඃ

    ReplyDelete
  31. හපොයි කාඩ්‍ කුඩු...

    ReplyDelete
  32. ආ.......ඔය ඇවිත් ඉන්නෙ චන්ඩියා ....
    මේ දැන් ඉතින් මම රවා නෑ කියලා අඬුවලුනේ. හොටුත් පෙරුවලුනෙ. හොටු පිස්සෙත් ඔයාමනෙ......නේද මාරයියේ...

    අනේ ඇත්තට...බුදු පුතෙකුත් වෙලා ඉදලා කියන බොරු ගෙඩිවල තරම මම අහන්නේ .........................
    gRrrrrrrrrrrrrrrrrr

    ReplyDelete
  33. kumaraya ට/

    අයියෝ....ඔයා වැඩේ කාලනෙ අනේ...මම මේ මිස්සකව අමාරුවෙ දාන්න හපු දෙයක්නෙ... අර කාකා ලිව්ව කතාන්දරයක තිබ්බෙ මොනාදෝ රහවල් ගැන ..අන්න ඒ වගේ දෙයක්

    දැන් මොනා කරන්නද ඉතින්

    ReplyDelete
  34. අයියෝ මාරයියේ ගෙදරට යන පාර වැරදියටනෙ ඔයා කියලා තියෙන්නේ..ඔය කියලා තියෙන්නේ මාරයියා 4ක් විතර දාගෙන ගිය පාරක් ගැනනෙ...

    ඔය චෛත්‍යය එහා තියෙන පාරෙන් වමට හැරිල එතැනින් ආයේ වමටම හැරිලා ..අයේත් වමට හැරි හැරී ගිහින් තවත් මවටම හැරෙන්න ඕනෙනෙ..කොහෙද ඉතින් 4ක් දාගෙන ගිහින් මග නිදාගෙන ඉදන් ආව කෙනා පාර කියන්නේ කොහොමද :P

    ReplyDelete
  35. දිල්...

    අනේ මන්දා එයාමයි උදව් ඉල්ලන්නේ..
    අපේ තියෙන අර මෙකක්දෝ එක නිසා.. අපිත් ඉතින් බොක්කෙන්ම උදවු කරනවා.
    ඒ කරලත් අන්තිමට හොදක් නැහැ..
    ලෝකය දුෂ්ටයි අප්පා..

    පාර වැරදි නෑ...
    ඔයා අපිව එක්කන් ගියේ රෑ කාලෙක හින්ද තමයි හරියටම මතක නැත්තේ..
    කොහේ පාර මතක තියා ගන්නද..
    හුළු අතු පත්තු කරගෙන.. ඉටිපන්දම් පැකටේ දෙකයි..ලාම්පු තෙල් බෝතලෙයි කිහිලි ගන්නගෙන මොන තරම් අමාරුවෙන්ද එදා අපි ඔයාලගේ ගෙදර ගියේ..
    ඔය තරමටවත් පාර මතක තිබ්බා මදැයි.

    ReplyDelete
  36. හික්ස් ....හරි හරි...මාව බයිට් එකට ගන්නනෙ ඔක්කොම කරන්නේ...අනේ ඉතින් මගේ මොකෝ..කැමති දෙයක් කියාගන්න...රාවා නෑ කියලා මම ඇඬුවලු..හොදද...

    මොකද ඉතින් රවා මගේ සේනාධිපතිනෙ ;0

    ReplyDelete
  37. හෝව් හෝව් මාරයියේ...දෙයක් අහන්න මතක උනා..ඔයාල ඉටිපන්දම් පත්තු කරන්නේ භූමිතෙල් දාලද ?

    ReplyDelete
  38. @ දිල්

    අපෝ ඕකට හොටු පෙර පෙර අඬල හරි යන්නෙ නැහැ.
    ඕක කර ගන්න ඕනෙනම් පැණි හල හල හිනා වෙන්න ඕනෙ අරව 64ත් පාවිච්චි කරන ගමන්

    ReplyDelete
  39. අනේ හැබෑට මං මෙච්චර කල් හිතන් හිටියේ හැමෝම මිනිස්සු ,සත්තූ බය මාරයාට කියලානේ..අනේ බලද්දි මාරයත් බයයි නේ දිල් අක්කට...හපොයි දෙයියනේ..මාරයාම බාලාගන්න ඕනා ඉතින් මේ දේවල්. "අබුද්දස්ස කාලේ..ලබුත් තිත්තයිලු රාලේ" කිව්වලුනේ

    ReplyDelete
  40. අනේ ඉතින් අයියේ හොදක් කොරද්දීත් ටිකක් කලනා කොරලා එහෙම කොරන්න එපැයැ..දැන් ඉතින් මොන දෙයියන්ට කියන්නද මාරයාව බෙරන්නකියලා.මොනදෙයියන්ටනිතින් "දිල් දෙයියන්ට" මිසක නේ...

    ReplyDelete
  41. දිල්...

    හරි හරි ඔකට ඉතින් ඔහොම කියන්න ඔන නැහැ.

    මෙන්න විශේෂ නිවෙදනයක්...

    අපේ දිල් ඇඩුවෙත් නැත.
    දිල් ඇඩවිය හැකි කෙනෙක් මෙදියත ඉපදිලාත් නැත.
    දිල් යනු මහා බල සම්පන්න මහාම මහා පොරකි...ආ සොරි සොරි වැරදුනා පොරියකි.
    මගෙන් වරදක් උනා නම් සමාව භාජනයකට දමන මෙන් ඉල්ලා සිටිමි.

    (හා දැන්වත් නාඩා ඉන්නකෝ..
    කෝ ඔය කඳුළු පිහදාගන්න..හා..)
    මගෙ අම්මෙ මෙයා නලවගන්න තියෙන අමාරුවක්..)

    අපිනම් ඉටිපන්දම් පත්තු කරන්නේ භූමිතෙල් දාලා නෙවෙයි.
    හැබැයි ඉතින් කෙනෙකුගේ ගමකට යනකොට ඔය කොයි දේත් ඔන වෙනවා කියලා තමයි මම කිවුවෙ..

    ReplyDelete
  42. Chanaka Aruna Munasinghe...

    එන්න එපා අපේ දිල්ට අපහාස කරන්න..
    එයාගේ 64ක් නෙවෙයි 128ක්ම තියෙනවා...

    ReplyDelete
  43. මම...

    අනේ මගේ නංගියෝ මාරයා වගේද දිල්..

    දිල් දෙයියෝ... එළම තමා..

    ReplyDelete
  44. දිල් දෙයියන්ගේ ෆොටෝ එකක් ගන්න බැරි වෙයිද දන්නෙ නෑ. පහන් පැලේ කාලි අම්මගේ ෆොටෝ එක අයින් කරල ඒ වෙනුවට තියන්න. මාරයත් බය කෙනෙක් කිව්වම ඉතින් සුලු පටු දෙයක්ද ?

    ReplyDelete
  45. :D :D
    අද මොකද මේ දිල් දවසේ බයිට් එක වෙලා ?

    ReplyDelete
  46. තරිඳු...

    වැඩෙ ෆොටෝ එකක් ගන්න තරම් හිත හයිය කෙනෙක් හොයාගන්න එක තමයි...

    ReplyDelete
  47. මිස්සක...

    අනේ ඉතින් අපි නම් නෑ ඔවට...

    ReplyDelete
  48. දැන් ඉතින් මෙ මදෑ විහිළු කෙරුවා...
    ඇත්තටම අද දවසේ මෙ ලිපිය කියවා සතුටින් සැහැල්ලුවෙන් සිටි අපේ සියළුම සගයින්ට මම ස්තූති වන්ත වෙනවා.
    ඒ වගේම විහිළුවක් යනු කුමක්දැයි හොදින් හදුනන මගේ මිතුරිය..දිල්..නුඹ හැබෑම කෙල්ලෙකි..
    විහිළුවෙන් මුත් මා උත්සහ කල කාරි මෙ වනවිටත් ඉටු නොවූ එක පිළිබඳව කම් මා තුල නැගෙන්නේ කණගාටුවකි.

    රවා..
    උඹ කොහිද..?

    උඹෙ දිල් අක්කා ඇත්තටම උඹ ගැන සොයමින් සිටී...
    මුණු පොතේ සෙවූවත් අද දින මා හට නුඹ සම්භ නොවිණි.
    වහා ඇවිත් කතා කරපන් නැත්නම් ආයේ කවදාවත් කතා නොකරම හිටපන්..

    ReplyDelete
  49. හුක්කි හුක්කි හූ.............

    ReplyDelete
  50. ඔක තමා කියන්නෙ මාරයාටත් කල කම් ඵල දෙනවා කියලා :P මාරයාගේ අවසානය කියන්නෙ අපේ ජිවිත තව දික් වෙනවා කියන එක නේ ? හුටා...! දැන් කවුද අපිව මරන්න ඉන්නේ ?

    අයියෝ මාරයියේ ඔයත් මාර බකට් නෙවැ ඔලුවෙ නවා ගන්නේ...!!

    ReplyDelete
  51. කස්සා...

    මල්ලියේ ඔහොම නොකියන් උඹෙ අක්කාට..

    ReplyDelete
  52. Bunny...

    මෙ අනියත ලෝකේ.. මාරයා නියතයක් වෙන්නේ කොහොමද බනියෝ...

    ReplyDelete
  53. අනේ සාදු සාදු මේ වාගේ ප්‍රායෝගිකව උදව් දෙන කෙනෙක් සමනලී දැක්කමයි!!!!! හරී ෂෝක් අනේ..... දිල් අක්කා මීට පස්සේ සේරම උදව් අයියාගෙන්ම ඉල්ලාවි වගේ???? :D

    ReplyDelete
  54. punchisamanalee...

    ඔන්න ඔයාට විතරමයි පුංචි සමනළියේ මෙ මාරයා අයියගේ වටිනාකම තේරුනේ..
    ඔයාටත් තියේද ඔය වගේ මොනවා හරි රාජකාරියක් කරගන්න..

    ReplyDelete
  55. අනේ අනේ මාරයියේ....දැන් සනීපද ?
    දවසම මට මඩ ගහලා...:)

    කස්සට /

    අහුවෙන්නකෝ...ඔයා...

    මිස්සකට /

    පව් අනේ..අර මොකද්දෝ වචනයක් කියලා ගියා ගියාමයි...

    සමනලී/

    හික් මොකද කියන්නේ සමනලී..." අරයට ප්‍රපෝස් කරන වැඩෙත් මෙයාටම කියලා කරගන්නද ?

    ReplyDelete
  56. දිල්...

    හරී....සනීපයි..
    තරහා නැහැනේ...

    ReplyDelete
  57. උඹල ඔක්ෙකා්ටම පිස්සු බං අපරාෙද මෙග ෙවලාව.ෙකාෙහාම උනත් ඔය වෙග් ෙද්වල් රහෙස කර ගනිල්ලා ෙකල්ලට ෙහාද නෑ ෙන්. පව් දිල්.මාරයාට බුදුසරණයි.

    ReplyDelete
  58. දයියා...

    යකෝ මෙතන රහසේ කොරන්න මොකක්ද තිබුනේ..හරි මගුලක් නෙව..

    හා කමක් නෑ දයියාටත් ඌයියා නොවෙවා..

    ReplyDelete
  59. දිල් අක්කා/
    අනේ මන්දා දිල් අක්කා.... සමනලිගේ අයිතිකාරයා සමනලීට හිතේ තිබුනු දේ කියන්න සෑහෙන මහන්සි උනා ඒකාලේ.... මේ මාරයා අයියා ඒ දවස්වල අදුරගෙන උන්නා නම් නේද? :D

    මාරයා අයියා/
    ඔන්න සමනලීටත් ප්‍රසිද්ධ රහසිගත පණිවිඩයක් තියේ නම් දැන් මාරයා අයියා ඉන්නවනේ උදව් ගන්න. අයියා ඔය කට්ටිය කියන ඒවා ගනන් ගන්න එපා අනේ..... :-)

    ReplyDelete
  60. punchisamanalee...

    හ්ම් හ්ම්....
    බටර් පාරෙ තරමට නම් පොඩි එකීට මා ළවා කොස් ඇට බෑවිල්ලක් කරගන්න තියෙන හැඩයි...
    හොඳා.. ඉතින් කියමුකෝ බලන්න මක්කෙයි කෙරෙන්ට ඔනෑ...

    ReplyDelete
  61. හිකිස් හිකිස්....
    නෑ නෑ තාම නම් නෑ කෙරෙන්ට දෙයක්.... ඒත් ඕනා වෙයිනේ ඉස්සරහට නේද අයියේ? සමනලී ඉතින් තාම පොඩියිනේ... තාමත් ජීවිතේ අත්දැකීම් එකින් එක එකතු කරගන්න ගමන් පරිස්සමට පියාසලනවා....

    ReplyDelete
  62. හොඳයි හොඳයි...
    උවමනා උනාම කියමුකෝ...
    හැබැයි ඉතින් ඔය දිල් අක්කා වගේ තදින් ස්තූති එහෙම නොකෙරුවට කමක් නෑ.. හොඳේ...

    ReplyDelete
  63. හත්වලාමේ වැඩේ කියන්නේ මෙච්චර හරියක් වෙලත් රවා තාම පේන්නවත් නෑනෙ. හැබෑටම මූට මක් වෙලාද??????

    ReplyDelete
  64. අනුරාධ...

    ඒක නෙවෙන්නං..
    මෙකා අඳ ගොළු බිහිරිද මන්දා...

    ReplyDelete