06 May 2010

අදත් එකක්... ජුංඅලගේ කතා...

අද ගෙදර එනකොට දවල් උනා...
ඒ ඇවිත් නාලා කරලා චුට්ටක් මෙ පැත්තේ ඇවිත්..
නින්දට වැටුනා..
ඊයේ රෑම ඇහැරිලා හිටියේ..

දැන් තමයි අළුතින් මුකුත් ලියන්න ගත්තේ..

අදත් ජුංඅල ගැනම ලියන්න හිතුව..
මොකද මෑන්ස් ගැන හුගාක් කතා මා ළග තියෙනවා.නිකම් හරි ට්‍රැක් පැන්නොත් ආයේ කවදාවත් ඒ කතා නොලියවෙන්න ඉඩ තියෙන නිසා...

මෙ කියන කාලේ බුවාට වයස අවුරුදු දහයක් විතර ඇති..
අර මම කළින් කිවුව සරුංගල් වෙළදාම සිද්ධ උන කාලේම වගේ තමයි..
පොරට වන් ඇන්ඩ් ඔන්ලි මල්ලි කෙනෙකුත් හිටියා අපි කියමුකෝ රතන කියලා...
මෙ රතන කියන්නේ නියම නම නෙවෙයි උනත් අපේ සුධම්ම හාමුදුරුවන්ට අනුව( දැන් බලයි ඒ කවුද කියලා සුධම්ම හාමුදුරුවෝ කියන්නෙත් නියම කතා නිමිත්තක් තමයි. ඒ කතා පස්සේ වෙලාවක කියන්නම්කෝ. මෙ සුධම්ම හාමුදුරුවෝ මම මහණ වෙලා හිටපු කාලේ හිටිය මගේ හිතවත් හාමුදුරු නමක්.. අපරාදේ කියන්න බැහැ ආසාවටවත් එකම එක සිල් පදයක්වත් රැක්කද කියලා එයාවත් දන්නේ නැහැ.. මෙ සුධම්ම හාමුදුරුවෝ බොහෝම දක්ෂයි පද පෙරලි වලට.. ඒ වගේම නම් වල අරුත් අනුව නම් වෙනස් කරන්න.) ඒකම තමයි..

මෙහෙම හිතාගන්නකෝ..
චන්දරතන කියන නම සඳරුවන් කියලා තමයි සුධම්ම හාමුදුරුවෝ වෙනස් කරන්නේ..
කල්පනා කරලා බලන්න වරදක් තියේද කියලා... හරි නේද..?

ඉතින් නැවතත් කතාවට එමු.

මෙ අපේ ජුංඅල වගේම තමයි, රතනයත්...

නියම බඩු දෙක...

දවසක් මුන් දෙන්නා එකතු වෙලා තාත්තගේ සාක්කුවට බැහැලා..(ආ.. මට දැන් පේනවා හුගාක් අය ලැජ්ජාවෙන් වට පිට බලනවා.. මොකද පරණ සිදුවීම් මතක් උනාවත්ද..කමක් නැහැ කමක් නැහැ... අපි නොදන්නවයෑ ඉතින් ඒ කාලේ අය වැය හිගය පියවන්න ගත හැකි හොදම ක්‍රියා මාර්ගය ඕක නෙව. මොකෝ විදේශ ආධාර ලැඛෙනවා කියලයෑ.. හැබැයි ඉතින් මම නම් කවදාවත් කරලා නැහැ.)
ලේසිත් නැහැ ගාන.. ගෙඩි රුපියල්ම දාහක් අරගෙන...
හැබැයි තාත්තට මෙක දැනිලත් නැහැ.
මොකද කියනවනම් මම අර කලින් කිවුව කතාවක තිබුනා වගේ ජුංගේ තාත්තා ගාව සල්ලි බාගේ යහමින් තිබුන කාලේ නෙව..
ඒ සල්ලි සාධාරණ වගේම අසාධාරණ ක්‍රම මගිනුත්.. (ඒ කියන්නේ ඔහු දක්ෂ සූදු කෙලින්නෙක්..) හම්බු කොරපුවා නිසාම සල්ලි ගැන වැඩි අරපරිස්සමක් තිබුනේ නැහැ.

කොහොමින් කොහොම හරි දැන් දෙන්නා මෙ දාහත් අහල පහල කඩෙකින් මාරු කරගෙන දැන් ෆුල් ෆන් එකේ කකා බිබී ඉන්නවා..
කොහොමින් කොහොම හරි සතියකට විතර පස්සේ..
ජුංඅලයා විසින් කරන ලද අසාධාරණ ක්‍රියාවක් හේතු කරගෙන මෙ කරපු හොර වැඩෙ රතනයා විසින් තාත්තාගේ කනේ තියපි නේද..(ඔකනේ කියන්නේ හවුලේ කැඳත් එපා කියලා)

මොකක්ද ජුංඅල රතනට කරපු අසාධාරණේ...

අයියා මලෝ දෙන්නා රුපියල් දාහ මාරු කලාට සියළුම මුදල් අයියා භාරයේ තමා තබාගෙන ඉදලා තියෙන්නේ...
හැබැයි මොනවා හරි ගත්තහම සම සමව තමයි අරගෙන කාලා තියෙන්නේ.. උදාහරණ වශයෙන් බනිස් නම් ගෙඩි දෙකක් අරගෙන දෙන්නා එක එක කනවා..

ඉතින් කොහොම හරි එක දවසක් මුන් දෙන්නා දූරියන් ගෙඩියක් අරගෙන ඇවිල්ලා..
කොහොමින් කොහොම හරි ගෙඩියත් පලාගෙන කන්න ගත්තම තමයි වැඩෙ වෙලා තියෙන්නේ..
කරුමෙට වගේ මෙ ගෙඩියේ තිබිලා තියෙන්නේ ඔත්තේ සංඛ්‍යාවකට අයත් මඳුළු ප්‍රමාණයක්නේ...
දැන් ඉතින් කොහොමද මෙක ඛෙදන්නේ...
ජුං මොකද කලේ උඹ බාලයි මම වැඩිමල්නේ කියලා කෙලලා ඇරලා අර වැඩිපුර මඳුළට...

දැන් රතනයට මලේ මල...

මිනිහා මොකද කලේ අපේ ජාතියේ අභිමානය ආරක්ෂා කරගනිමින්..
පරපුරෙන් පරපුරට රැකගෙන ආ නොවෙනස් ජාන ලක්ෂණ පෙන්වමින්..
කලා නේද මහා පාවාදීමක්....
ඉතින් කොහොම හරි වැඩෙ තාත්තගේ කනට ගියා...
හැබැයි තාත්තා නිකංම ගේමට බැස්සේ නැහැ..

මුලින්ම සල්ලි මාරු කරපු කඩෙ මුදලාලි එහෙම හම්බ වෙලා... සාක්ෂි විභාගේ එහෙම අවසන් කරලා පටන් ගත්තා ගේම...

ඔයාලා දන්නවා නේද..? අර පොල් අත්තෙන් පොල් කොළ ටික රැහැලා දැම්මාම ඉතිරි වෙන පොල් අග්ගිස්ස...
ඉතින් මෙ වගේ පොල් අතු නාරටියකුත් අරගෙන දැන් හිටු කියලා ජුමාට තලනවා..ඇත්ත කියපිය කියලා...
අපේ ජුමාත් පොඩි උනාට ලේසි පාසුයෑ.. මම ගත්තේ නැතෝ....ගහන්න එපෝ කිය කිය උඩ පනිනවා...

දැන් රතනයා පැත්තකට වෙලා බලන් ඉන්නවා හරියට රජයේ සාක්ෂි කාරයා වගේ..
ගුටි කන ගමන්ම ජුං ඌටත් තර්ජනය කරනවා.. හිටපිය කෝ තොට මම දෙන්නම්... කිය කියා...

කොහොමින් කොහොම හරි දැන් මෙ පහර දීමයි.. ලතෝනි දීමයි කෙරීගෙන යන අතරේ ඔතනින් ගියා ගමෙ හිටපු වැඩිහිටි ලොක්කෙක්..මිනිහාත් කොහොම හරි සීන් එකට එන්ටර් උනා...

මිනිහාගේ නම විමලේ අයියා...

ටිකක් වෙලා මෙ ගේම දෙස බලාගෙන හිටපු මෑන්ස්ට තේරුනා ජුමාගෙන් වචනයක් ගන්න නම් මෙ කොරමෙට මෙ සම්මජ්ජාතියේ බැරි වෙන වග..
මිනිහා මෙන්න මෙහෙම වැඩෙට බැස්සා...

උඹට පිස්සුද පසයාල...
ඔහොමත් ගහනවාද මෙ පොඩි එකාට...
නවත්තපන් ඔක..
අපේ ජුංඅල කවදාවත් ඔහොම වැඩ කරනවාද...?
නේද කොල්ලෝ..?
මෙන්න මෙහාට වරෙන්...

මෙහෙම කියලා ජුංව මුරුංගා අත්තේ හොදට හරි බරි ගස්සලා වාඩි කරවලා...
ඔළුව එහෙම පොඩ්ඩක් අතගාලා.. දැන් මෙන්න මෙහෙම කියනවා..

මම දන්නවනේ ජුංඅල හොද එකා කියලා..උඹ කවදාවත් ඔය වගේ වැඩ කරන්නේ නැහැනේ...
ඒක නෙවෙයි ජුං පුතේ උඹ දැක්කද බැරි වෙලා හරි ඔය සල්ලි ටික කවුරු හරි ගන්නවා..?

මෙන්න අපේ සූර වීර ජුං උත්තර දෙනවා...

අනේ නැහැ විමලේ මාමෙ..
මම නම් ගත්තේ නැහැ..
ඒත් මම දැක්කා...
අපේ ගේ පිටිපස්සේ අර කෙසෙල් පඳුර මැද වලක් හාරලා සල්ලි ටික තියලා.. පොල් කට්ටකින් වහලා..
ඒකට උඩින් පිදුරුත් දාලා වහලා තියෙනවා...

එතැන ඉදලා වෙච්ච ඉතිරි ටික මම අමුතුවෙන් කියන්න ඔන නැහැනේ...
පොල් අතු අග්ගිස්ස කෑලි කෑලි වලට කැඩුනු හැටිත් හිතා ගත්තැකි නේද...?

30 comments:

  1. ජුOඅල හෙමීට සල්ලිත් ගත්තා
    රතනය හා සෙට් වී ඌ උන්නා
    පස්සේ රතනය දුෂ්ඨය වෙනවා
    ජුOඅල පොල් නාරටියෙන් කනවා

    ReplyDelete
  2. අන්ජුල, යසපාල..
    එතකොට රතන කිව්වේ රුවන් කියන එකද??

    ReplyDelete
  3. රතන මල්ලි නම් බොහොම නරකයි නේ අයියේ........
    මදුලකට ඔච්චර පාවදෙන්නෙ චිකේයියා.......
    හැබැයි original සිරි ලාන්කික ගතිය පෙන්නුම් කරනව වගේ..... :D :D :D :D :D :D :D :D :D :D :D :D

    ReplyDelete
  4. හා පැටික්කී...

    මොනවා කරන්නද නගෝ..ආරෙ ගති නෑරෙ කිවුවළු..

    අන්න මම ඔයාට පලාඵල එවලා ඇති ලැබුනද කියලා බලන්න...

    ReplyDelete
  5. හ්ම්ම්ම්.....

    ඔයා කොම්පීතර වලටත් වඩා වේගෙන් බලල තියෙනව......

    ReplyDelete
  6. පිස්සු හැදයි කිවුවලු....මරු ඩබලක් නේ!

    ReplyDelete
  7. කස්සා...

    තව මෙ දෙන්නාගේ කතා අම්බානකට තියෙනවා..
    සෙස්ස පස්සට...

    ReplyDelete
  8. හි හි හි .... මේ ජුංඅල ඇම්ඩන් සහ උඩුරාවණලටත් වඩා හපන් වගේ......... නියමයි මාරයියේ........ තව කතා ටිකක් කියමු ..........

    ReplyDelete
  9. කොහොම උනත්.. අංජුලයා නියම එකා.. ඔහු රතනයාව මාට්ටු කළේ නැහැනෙ කොච්චර ගුටි කෑවත්....
    එහෙම උංට මං කැමතියි.....

    ReplyDelete
  10. විශ්මි...

    මෙ ඔක්කෝම කස්ටිය මගේ පුංචි කාලේ ඉදලා ගෝල බාලයෝ ටික තමා..
    දැන් ඉතින් හිතා ගන්නකෝ නොකිවුවා උනත් ගුරා කොහොමට ඇතිද කියලා...

    කියන්න නම් කතා ගොඩයි..
    බලමු .. බලමු...

    ReplyDelete
  11. මොන පිස්සුද...
    වැඩෙ ටක්කෙටම මාට්ටු උනාට පස්සේ රතනයාත් ගස්...
    ඌ හිතුවෙ රජයේ සාක්ෂි කාරයා වෙලා ඛෙරෙන්න උනත් ..
    ජුමා ඊට පස්සේ වමෑරුවා වමෑරිල්ලක්... රතනයා නැති වෙන්නම..

    ReplyDelete
  12. අන්තිමේ රතනයා හොඳ එකා උනා...අනේ...අනේ...

    ReplyDelete
  13. මාරයෝ..."ජුං කතා" වැඩේ නැගල යනව නෙව...එලකිරි ආ.... තව ලියමු...

    ReplyDelete
  14. සීසර්...

    ඔක අපේ රටෙ හැටියක්මනේ..

    ReplyDelete
  15. උන්නැහේ...

    එහෙම වෙන්න එපැයි...
    අපි ඒ දවස්වල මොන තරම් නං ආතල් ගත්තද බුවා නිසා...
    ඒ රසේ ඔයාලටත් දැනෙන්න එපැයි... නැද්ද මං අහන්නේ...?

    ReplyDelete
  16. මෙහි එන පසයාල දැන් රජතුමාය. ජුංඅල රසත් සෙන්ෆෝකායය, රතන ටගෝභාය, වැඩිහිටියා මවිල් වශංරවීය.

    ReplyDelete
  17. @අපරාදේ කියන්න බැහැ ආසාවටවත් එකම එක සිල් පදයක්වත් රැක්කද කියලා එයාවත් දන්නේ නැහැ
    ඒ කියන්නේ තුන් වෙනි සිල් පදෙත් කඩල තියනවද? මට නම් අමාරුම රකින්න ඒකයි පස් වෙනි එකයි තමයි.

    ReplyDelete
  18. මරු සින් එක....ලියමු තව .....කතා ගොඩාක්...උන්දෙන්නා ගැනම....
    තේල් ගාන්න බෙහෙත් දාන්න එහෙමත් තාත්තාට වියදන් කරන්න වෙන්න ඇති ...

    ReplyDelete
  19. නියම කතාව අයියේ..
    ජුංඅලගේ කතා නම් මරු..
    දිගටම ලියමු..
    :D

    ReplyDelete
  20. මාර ජුං කතානෙ මාරයියේ :)

    ReplyDelete
  21. ඕක තමයි කියන්නෙ කරන හොර වැඩක් තනියම කරන්න කියලා. ජුංඅලයටත් හොඳ පාඩම.

    ReplyDelete
  22. Dinesh Silva...

    අන්තිමෙදී තුන් වෙනි එක දහම් පාසලේ උගන්නන්න ආපු ගෑන් ළමයෙකුත් හවුල් කරගෙන බිඳලා..දැන් ඉන්නවා මෑන්ස් ඒකත් කරකාරෙට අරගෙන..

    ReplyDelete
  23. ඉලංදාරියා...

    තෙල් සාත්තුවට අහල පහළ හුගාක් කස්ටිය ඉන්නවා ජුංට...

    ReplyDelete
  24. Ansh Lucky Sri Jay...

    ලියමි නගෝ ලියමි...

    ReplyDelete
  25. දිල්...

    සුදු ෂෝට් කළු නංගීගේ කතා වගේ නම් නෙවෙයි ඔං...

    ReplyDelete
  26. අනුරාධ...

    කොහොමත් තිනියම කලා උනත් අපේ ජුං අන්තිමට නා ගන්නවාම තමයි...

    ReplyDelete
  27. විමලේ අයියා කියන්නේ අපේ වීරවංශ සහෝදරයද.

    ReplyDelete