08 May 2010

අතීතයෙන් තව දවසක්...

අද තාමත් මුකුත්ම ලියන්න බැරි උනානේ...
උදේ ගෙදර ආව වෙලාවෙම හදිසි කේන්දරයක් බලන්න තිබුනා.
ඒ නිසා මුලින්ම කලේ ඒක බලලා ඉන්න එකයි.

අද ඉවුවෙත් නැහැ..
දවසම කඩෙන් තමයි.
උයන්නත් කම්මැලි හිතුනා.

ටිකක් අප්සටි දවස් කිහිපයක් තමයි ගෙවෙන්නේ...

පහුගිය දවස් ටිකේ ජුංඅලගේ කතා ලිවුව නිසා තරමක් විතර සිත අතීතයට ගලා ගිහින් නතර උනේ සැහැල්ලූ මතකයන් අතර වීම නිසා ඇත්තටම සිතට තරමක සහනයක් තිබුනා...
ඒත්..
හැමදාමත් ඒවාම ලිය ලිය ඉන්නත් කම්මැලියි.
ආයේ පස්සේ දවසක ලියන්න ඔන..

දැනට ජුං කතා නවත්වන්න කියලා හිතුවා.

මෙ බ්ලොග් එක පටන් ගත්තේ ගිය අවුරුද්දේ නොවැම්බර් වගේ කියලයි මට මතක...

එදා ඉඳන් ලිපි අනූ ගණනක් ලියලා තියෙනවා..
සීයයට ආසන්නයි..

ටිකක් වෙගයෙන් පසු ගිය දවස් ටිකේ ලිපි කිහිපයක් ලියාගෙන ගියේ ඉක්මනට සීය ගහන්න හිතාගෙන උනත් මට අවශ්‍ය දිනයට ඒක කරන්න බැරි වෙයි වගේ ඒ හින්දා මම ඒ ගැන එච්චර නොහිතා ඉන්න කල්පනා කලා.

ඉක්මන් ලිපි සඳහා ජුං මට උපකාරී උනා කිවුවොත් ඒක සම්පූර්ණ ඇත්ත.

මගේ ජීවිතේ ලස්සනම දවස් ටික වෙුන ඒ අතීතය ඇත්තටම අදටත් මට සිහිනයක් වගෙයි.

ලල්ලා..කපිල.. බුරුස් චමින්ද සහ ජිරිස් චමින්ද.. හේමන්ත...
ජුංඅල සහ රතන.. චාමර..
රොෂාන්.. නිලන්ත..
සිනජිරි.. මල්ලී..
මම..

අපි ඔක්කෝම එකා වගේ හිටපු කාලේ..

ඔය අතරින්..
මාත් මල්ලීත්,
ලල්ලා සහ කපිලත්,
ජුංඅල සහ රතනත්,
බුරුස් චමින්ද සහ හේමන්තත්,
සොහොයුරු යුගල්...

අනිත් බුවාලා ටික තනි සෙට් එක ...
තනි සෙට් එක කිවුවට උන්ටත් සහෝදරියෝ හිටියා..
ඒත් අපේ ගැන් එකට නැහැ.
උදාහරණයක් වශයෙන් කිවුවොත්
ඔතනින් ජිරිස් චමින්ද කියන්නේ මගේ වෙන්න මස්සිනා වෙලා හිටිය බුවා..

මිනිහා ගැනත් මට වචනයක් කියන්න ඔනේ...

මම නංගි එක්ක යාළුයි කියලා දැන ගත්තට පස්සේ දවසක් මිනිහා කිවුවා
මචං මට උඹත් එක්ක පොඩ්ඩක් කතා කරන්න ඔන කියලා...
මට තාමයි අපි දෙන්නා වින්කලේ ඉස්සරහා අඹ බංකුවෙ වාඩි වෙලා හිටිය විදිය..

උඹ දන්නවනේ මම මොකක්ද කියන්න යන්නේ කියලා...
උඹ ඇත්තටම නංගිට කැමතිනම් මට එපා කියන්න බැහැ..
කොහොමත් මට කවදාවත් උඹට වචනයක් කියන්නත් බැහැ..
හැබැයි දන්නවනේ අපේ ෆාදර්කාරයාගේ හැටි..
මොනවා උනත් මම විරුද්ධ නැහැ..
මට ගෙදරින් ලෙඩ වැටෙන්න නම් තියන්න එපා.
උඹ කවුද කියලා කියන්න මම දන්නවනේ..
ඒ හින්දා මට අවුලක් නැහැ..
මොන දේ කලත් පරිස්සමින්..
පිස්සු කෙලින එක නවත්තලා ටිකක් පිළිවෙලක් වෙයන්..
එච්චරයි..

ඔය වචන ටික ඇර එදා මෙදා තුර වෙන එක වචනයක්වත් ඒ ගැන අපි දෙන්නා කතා කරලා නැහැ.

ඇත්තටම ඌ මාව හොදට තේරුම් අරන් හිටියා.
මිනිහා මට වඩා අවුරුදු දෙකක් වැඩිමල් ඒත් අපිත් එක්ක එකටම වැටීගෙන හිටියේ..

කොටින්ම අපි දෙන්නා ඉස්සර එකටමයි බොන්න පටන් ගත්තෙත්..

ඇලවල් වල පැනලා නාන්න යන්න උදෙන්ම ඉස්කෝලේ යන විදියට බයිසිකලෙත් අරන් ගෙදරින් ගිහින් ගිහින් වටෙ පාරකින් ආපහු ගෙදරට හෝ අපිත් එක්ක නාන් යන්න සෙට් වෙන එකා..

නාන් කිවුවමයි මතක් උනේ..
ඉස්සර අපි දෙන්නාම කරට කර පිහිනන දෙන්නා..
ඌ මාවවත් මම ඌවවත් කවදාවත් පරද්දලා නැහැ.

ඒ වගේම කියන්න ඔන..
මාව පරද්දලා පිහිනන්න පුළුවන් එකම එකයි අපේ සෙට් එකේ හිටියේ..
කවුද දන්නවද..
ඒ තමා අපේ ජුං..
ඇත්තටම මිනිහා ඒ වැඩෙට දක්ෂයා..
අපි හැමෝටම වතුර කියන්නේ ජීවිතය වගේ ඒ දවස්වල..

මම තමයි වැඩිම වෙලාවක් දිය යට ඉන්න පුළුවන් එකා...

අපේ මල්ලි දිය යටින් දුරටම පිහිනන්න පුළුවන් හාදයා...

මගේ වෙන්න මස්සිනා වෙලා හිටි චමින්දයා ඔනම උඩක ඉදලා වතුරට පනින්ද දක්ෂයා..

මමයි ජුමයි තමයි හිටිය හොදම බල්ටි ගහලා වතුරට පනින දෙන්නා..

හැබැයි මට පිටුපසට බල්ටි බැහැ.
චමින්දයි රතනයයි තමා ඒකට දක්ෂ..

ඒ දවස්වල වතුර කොහෙද අපි එතන..
පස්සේ ගමෙ කැඩිලා තිබුනු වැව් බැම්ම හදලා වතුර පිරෙවුවට පස්සේ නම් ඉතින් අපිට රජ කම හම්බ උනා වගේ තමයි.

දිය කෙළිය..
සරුංගල් ඇරිල්ල..
පායන කාලෙට වෙලේ එල්ලේ ගැහිල්ල..
පොල් වතු පුරා ක්‍රිකට් ගැහිල්ල..
සංගීත බැලිල්ල..
අවුරුදු උත්සව..
වෙසක් එකට දන්සැල් කන්න යන එක..
පෝයට පන්සල් ගිහින් සෙමාරිස්ලා වෙන එක...

මොන තරම් සුන්දර කාලයක්ද..
මතක් වෙන්න වෙන්න ලියන්න දේවල් ගොඩ ගැහෙනවා..
හැම මතකයක් එක්කම ලස්සන කතා ගොඩාක් තියෙනවා...
පුළුපුළුවන් වෙලාවට ලියලා දාන්න ඔන..
ඒත් දැන් නම් බැහැ...

33 comments:

  1. ෂීක් එක දිගට කියවගෙන ගියා ............

    කෑවා කෑවා .............. අන්තිමට බැහැ ........ හප්පා ...........

    එට එපාවෙනවා .............. හිකිස්

    ReplyDelete
  2. වැප්...

    මට හිතා ගත්තැකි..
    කියවිල්ල කෙසේ වෙතත් මට ලිවිල්ලත් එපා උනා...

    ReplyDelete
  3. අයියා කියන්න හිතන් ආපු දේ නෙවෙයි වෙන්න ඕන කිව්වේ. මොනව උනත් අපිට කොයින්ද ඔය වගේ අතීත ඔයාල කියන දේක ජීවත් වෙලා තමා රස විඳින්නේ......
    1 වසරේ ඉඳන් කලාස්......
    ගමේ ළමයෙක් එක්ක ආසාවට සෙල්ලම් කරල නැහැ.......
    අපි ඔටුවොද අපිට මේව නැත්තේ......... ඇඬෙනව මට..... ෂිහ්......

    ReplyDelete
  4. හා පැටික්කී...

    ඇත්ත නංගියේ...
    මුල කොහේවත්..අග කොහේවත්..

    කොහොමටත් මගේ හුගාක් ලිපි එහෙම තමා..ඒත් ඔයාලාට සමහර ඒවා එහෙම උනා කියලා තේරෙන්නෙත් නැහැ.
    කිහිපයක් ඇරෙන්න මම ලියපු හුගාක් ලිපි මම ලියන්න ගිය දේට හුගක් වෙනස් විදියට ලිවුන ඒවා..
    සමහර ලිපි පටන් ගන්න කොට මොනවද ලියන්නේ කියලා හිතලාවත් නෙවෙයි මම ලියන්නේ අතට අහුඋන..හිතට හිතුන ඔන දෙයක් මම ලියනවා..

    මට දුකයි ඔයාලා වගේ මෙ රටෙ හුගාක් දරුවෝ ගැන..
    ඇත්තටම අම්මලා තාත්තලා දරුවන්ගේ අනාගතේ සුරක්ෂිත කරන්න කරන වැඩ වලින් ඒ ළමයින්ගේ ළමා කාලය ඉතා සහාසික විදියට පැහැර ගන්න කාලයක් මෙක..
    අපේ තාත්තා බුදු වෙන්න ඔන අපිට අපේ ළමා කාලය විඳින්න දුන්න එකට..

    ReplyDelete
  5. මොකද මාරය බ්‍රෙක් එක පාගන්න අමතක වුණාවත්ද ?

    ඔයාටත් හරි යන්න එක්ක අද මමනම් ඉව්වා.අපේ පැත්තේ අවොත් බත් සමග සුදුළුණු පාන්නම් තියෙනවා ( හොදිත් තියෙනවා )

    ReplyDelete
  6. හා පැටික්කී...

    නංගි ගිය දේ ගණන් ගන්න එපා. තමා ඔයා ජීවත් වෙනවානේ.කරන්න බැරි උණ දේ දැන්වත් කරන්න අවුරුදු 23 ක් වෙච්ච මම හිටිය ගමන් තාමත් පිස්සු නටනවා පොඩි වුන් වගේ

    ReplyDelete
  7. මට නම් ගොඩක් දවසට දැනිල තියෙනව අයියගෙ වාහනේ ඔහේ යන බව...... ඒත් ඔයාගේ ලිවීමේ හකියාව නිසාම ඒදේවල් තේරෙනව අඩුයි......
    මගට යනකොට ඔයා කියන දේවල් ගැන හිතෙනව මිසක් මුල අරක ගැන කිව්ව දැන් මේක ගැන කියනව අඟ මේ මොකකද වගේ හැඟීම් අපිට එන්නැහැ...... ඒ අතින් නම් ඔයා හරි දක්ෂයි..........

    ගෙදරටම් කූඩු වෙලා හැදුන එකේ රඟේ තේරෙන්නේ අපිට කවදක හරි ගෙදරින් පිට ජීවත් වෙන්න උනාමයි අයියේ.......

    සමාජයේ කිසිවක් ගැන හරියට දන්නේ නැතිව, මිනිසුන්ව අඳුරන්නේ නැතිව, අම්මෝ මට නම් හිතන කොටත් බයයි.......... තනියම දේකට හරියට මූණ දෙන්න තරම්වත් තැලිල පොඩිවෙල නැතුව මොනව කරන්නද මංද........

    ReplyDelete
  8. @ v
    කොහේ කරන්නද අයියේ අපිත් තට්ට තනියම කිසි කෙනෙක් එක්ක කතාවක් නැතුව ඔහේ ඉන්න පුරුදුවෙලා.......
    ඔයාලගේ ජීවිත වල රහ අපි කවදාවත් දැකලවත් නැහැ.....

    ReplyDelete
  9. හා පැටික්කී...

    නංගි සමාජයට බය වෙන්න එපා.බය වුණ එකාට තමා ඔක්කොම ප්‍රහාර.විශ්වාෂ කරන්න.ඔයගේ බ්ලොග් එකේ තියෙන මෙන්න මේ පිංතුරේ (http://2.bp.blogspot.com/_qA-NURKuw4U/SgAoNgUxjCI/AAAAAAAAAJc/CYGBNawwLis/s320/VesakCard02.jpg) ගත්තාට කමක් නැද්ද ?

    ReplyDelete
  10. V...

    ආදරෙට රිවස් නෑ..
    ජීවිතේට බ්රෙක් නෑ..

    ම් ම් ..සුදුළුණු පාන් ගැන නම් මටත් පොඩි කැමැත්තක් ආවා..
    එන්ටද ඔය පැත්තේ..

    ReplyDelete
  11. ඕක මාතර පැත්තේ ඉස්කෝලයක්ද ?
    එන්න එන්න .මට මතකයි බයිට් එකට පාන් ගන්න ට්‍රයි එකක් දෙන්න ඔනේ කියල ඔයා කොහේ හරි කියලා තිබුණා කියලා.

    ReplyDelete
  12. හා පැටික්කී...
    නීති රීති දාගෙන.. රාමුවකට කොටුවෙලා ලියන්නේ මොකටෙයි නේද..?

    මෙ සින්ඩියේ නීති රීති නැතිනම් ඉතින් තවත් ලියන්න දේවල් බොහෝමයක් තියෙනවා...

    මට අපේ ජුං ටිකක් ලොකු මහත් වීගෙන එන කාලේ කරපු කථාවක් ලියන්න ඔන වෙලා තියෙනවා..
    ඒත් ඉතින් ඔයා වගේ පැටික්කියොත් මෙක වරද්දන්නේ නැතිව බලන නිසා ලියන්න කලින් චුට්ටක් කල්පනා කරන්න එපැයි...

    ඔයාට විඳින්න නොලැබුන අත්දැකීම් අපිත් එක්ක එකතු වෙලා විඳ ගන්නකෝ..

    ඔන්න අපේ කස්ටියට අර මම කලින් කිවුව අයට අමතරව හා පැටික්කියෙකුත් උන්නළු...
    හරිනේ...

    ReplyDelete
  13. @ v
    ඔයාට ඕන එකක් ගන්න අයියේ....
    මගේ හුරතලුන් ඇරෙන්න අනික්ව මං ජංජාලේ කාල් ගාල හොයාගතපුව........

    @ මාරයියා
    ලියල publish කරන්න කලින් මට කියන්න මං නෑවිත් ඉන්නම්........ ;) ;)

    යන්න හ...... අයියා ඒ පාර මව විහිලුවකට ගත්ත..........

    ReplyDelete
  14. මාරයියා මෙ කෙල්ල හාපැටික්කි පාඩම් කරන්නෙ නැද්ද.. මොනවද මෙයා උසස් පෙලට කරන්නෙ...

    ආදරෙට රිවස් නැත්නම් අපි හදමු රිවස් ගියර් එකක්..
    ජිවිතෙට බ්‍රෙක් නැත්තම් අපි හදමු බ්‍රෙක් එකක්..

    මොකද කියන්නෙ..ඔනා කමක් තියනවා නම් අපායෙ කෙළවරට හරි යන් කෑලි හොයන් එන්න

    ReplyDelete
  15. මම මේ ඒත් හිත හිත උන්නේ මොකෝ පෝස්ට් එක පරක්කු කියලා. ඊයෙත් තුන් වතාවක් විතර ඇවිත් ගියා, දාලද බලන්න. දැන් මේ නිදන්න යන්න කලින් අන්තිම වතාවට හොට දාන්න ආවේ. මොකෝ මේ එක පාරම උනේ? කියන්න ගිය දේ නම් නෙමෙයි මේ, ඒක ෂුවර්.. හෙහෙ..
    :D

    ReplyDelete
  16. ඔයාගේ උපන් දිනේ දවසට නේද 100 වෙනි පෝස්ට් එක ලියන්න ටාගටි කරේ...
    බැරි වෙන්නෙ නැහැ චතුෂ ලියමු...

    ReplyDelete
  17. මම එන වෙලාවට මෙතන කවුරුවත්ම නෑ...අපරාදේ...මෙච්චර රෑ වෙලා ආපූ මෝඩ කම කියලා හිතෙනවා...

    ම්ම් නම් පුංචිම කාලේ ඕනෙ තරම් දඩබ්බර කම් කලා. අම්මයි අප්පච්චියි ඉන්න කාලේ...මොන දේ කලත් එපා කියන්නේ නෑ. වැස්සක් පේන්න බෑ මිදුලට පැනලා නානවා...එපා කියද්දී ඉන්නේ ගස් මුදුනේ....ගමේම ඉන්න ළමයින් අපේ ගෙදර උදේ පාන්දර ඉදන්...කට්ටියටම පැදුරක් එලලා දාල අම්මා බත් කන්න දෙනවා....අම්මෝ මතක් වෙද්දිත් දුකයි...

    ReplyDelete
  18. හා පැටික්කී...

    එහෙමවත් කරමු නේද...?
    හොදට තියෙයි..
    මෙයා නෑවිත්ම ඉදියි.
    අර වැඩිහිටියන්ට පමණයි කියලා කියපු ගමන් පොඩිහිටියෝ ඔක්කෝම ඒක බලන්න දුවනවා වගේ...

    අනේ ඉතින් මම හා පැටික්කිව විහිළුවකට ගත්තේ නම් නෑ ඔං...

    ReplyDelete
  19. රවා...

    ආ... හා පැටික්කිද..
    මම එයාට කියලා තියෙන්නේ..
    එයා උසස් පෙළට කරන්න යන්නේ ජංජාලේ හරහානේ..
    කිවුව නාහන ගුරු..

    මොකද මෙ සැරින් සැරෙ ඇවිත් යන්නේ...?

    ReplyDelete
  20. Ansh Lucky Sri Jay ...
    හික්ස්..
    මොනවා කරන්නද..?
    අප්සැට්..අප්සැට්...

    ReplyDelete
  21. දිල්...

    චුට්ටෙන් මිස් උනේ...
    මාත් ඔං මෙ දැන් ආවෙ...
    ආවා නෙවෙයි මට එන්න උනා...

    හවස මෙකේ පදිංචි වෙලා ඉදලා.. රෑ 8.30ට විතර ඇහැ පියඋනා...
    රෑට කෑම එක ගේන්න යන්න හිතං හිටියේ 9යට විතර..
    කොහෙද..?මට නින්ද ගිහින් දැන් තමයි ඇහැරුනේ..මළ මගුලයි දැන් යන්න පුළුවන්ද මිනිස්සු ඇහැරවන්න...
    අද ඉතින් බඩ ගින්නේ තමයි...

    අන්න කෙල්ලට නම් අපේ බෝට්ටුවෙ ටික කලක් හරි ඉන්න හම්බවෙලා තියෙනවා...

    ඔයාට වගේම තමයි අපේ කතානායකයා ජුංටත්එයාගේ තාත්තා නැති උනා මිනිහට අවුරුදු 13ක් විතර වෙද්දී... මිනිහාගේ අම්මත් අපි දන්න කියන කාලේ ඉදලා උමතු රෝගයකින් පෙළෙනවා...
    ඒත් අපි මිනිහට වැටෙන්න දුන්නේ නැහැ...
    මම ඉස්සර ගෙදර ඉන්න දවස්වල මුළින්ම කරන්නේ නැගිටපු ගමන් තේ එක බීලා ගිහිල්ලා මිනිහම නැගිට්ටවන එක..
    මොකද මෑන්ස් නිදා ගැනීමෙ ගිනස් රෙකෝඩ් එකේ අයිතිකාරයා වෙලා හිටියේ...
    කොහොම හරි උදෙන්ම ගිහින් නින්ද කඩලා (වතුර බාල්දියක උදවුවෙන් හරි) මිනිහාව ඉස්කෝලේ යන්න හරි ගස්සලා තමයි අනිත් වැඩට බහින්නේ..

    අර ගස් යන එකනම් සංසාර පුරුද්දක්දෝ කියලා මට හිතෙනවා..
    මෙ දවස්වල නුගේගොඩ පැත්තේගෑනු ළමයෙක් ගස් බඩ ගාන කතාවක් මම පත්තරේකත් දැක්ක වගේ මතකයි..

    ReplyDelete
  22. wath...

    ඔයාත් එක්ක නම් බැහැ...

    ReplyDelete
  23. කිව්ව නාහන ගුරු.......
    :( :( :( :( :( :( :( :( :( :(

    ReplyDelete
  24. හා පැටික්කී...

    යකෝ මෙ කෙල්ල නම්..?
    ළග පාතක හිටිය නම් අල්ලලා ගහනවා පොලේ..

    ඔය පාඩං කරන හැටිද අම්මපා..?

    ReplyDelete
  25. මාරයා මාගේ මාරයා වී ඇත........ :) :) :) :)

    නිදාගන්න යන්න කලින් පොඩි රවුමක් දැම්මේ හ........ :(
    උදේ 8ට පංතිනේ ඉතින්....... :(

    ReplyDelete
  26. හා පැටික්කි...

    හා හා පන්ති යන්නකෝ..
    මාත් මෙ වැඩට යන්න හදන්නේ...

    අද සඳුදා නෙවීනේ නේද..?
    පරිස්සමින්...

    ReplyDelete
  27. 'දැනට ජුං කතා නවත්වන්න කියලා හිතුවා.' ඒ උනාට ලියල තියෙන්නේ.....

    ReplyDelete
  28. අනේ පව්..ජුං මගේම බෝට්ටුවෙ වගේ..

    මාරයියා දන්නවද අපේ නෑදෑයො ( මාමලා, නැන්දලා , පුංචිලා, බාප්පලා )ඔක්කොටම ඉන්නේ පිරිමි ළමයි. මායි මිනූ නංගයි විතරයි ගෑනූ ලමයින්ට ඉන්නේ. මිනු ඉතින් උන්නේ ඉතාලියෙනෙ. අනික එයා තමා අපේ බාලයා නොහොත් අවසානය...

    ඉතින් මේ මගේ මස්සිනාල එක්ක එකතුවෙලා මාත් චූටි කාලෙ කොල්ල වගේ තමා. කට්ටිය ආසාවට වෙලේ පැනගෙන මඩ කරියො වගේ තමා. රෑ වෙනකම් වෙලෙන් ගන්න බෑ. ගොයම් කපලා ඉවරවෙද්දී අපි වෙලට පැනලා ඉවරයි. මඩ නාගෙන...පිදුරු ගොඩවලවට නැගලා කාටු නාගෙන..අම්මෝ......

    නාන්න තැනක් තිබ්බා. මෙයාල කට්ටියම ඇවිත් මාවත් එක්ක යනවා. අම්මිත් ඉතින් පස්සෙන් එනවා. නාන්න වතුරට පැන්නම් පැය 5-6කට වතුරෙන් ගොඩ ගන්න බෑ. අම්ම ගෙදර දුවලා බත් ටිකත් අරන් ඇවිත් එතනම තියන් කවනවා...

    ReplyDelete
  29. Praසන්ன ...

    නවත්තනවා කිවුවට ඒකත් ලේසි නැහැ නෙව...

    ReplyDelete
  30. දිල් ආ මෙ ඉන්නේ අපේ නඩෙටම හරියන කෙල්ලෙක් තමා...

    අපිත් ඉතින් කුඹුරු වැඩ කාලෙට රජවරු වගේ තමා...

    හැබැයි ඉතින් ඔයාට වගේ බත් කවන්න අම්මා අපේ ළග හිටියේ නැහැනේ...
    මට අවුරුදු 5හේදී ඉදලා එයා හිටියේ රට ගිහින්...
    සැරින් සැරේ ටික දවසකට ලංකාවට ඇවිත් ගියත්..
    අන්තිමට එයා ඉන්නම බලා ගෙන ආවෙ මම O/L කරන අවුරුද්දේ තමයි...

    ReplyDelete
  31. ඈ බොලේ මේ මාරයියාට පෙම් පැටලවිලි වලනම් අඩුවක් නැති ගානනේ. හැබැටම අයියේ ඒ කාලේ ගෑණු දරුවො කීයක් එක්ක විතර ඔය වගේ පටැලිවිලි තිබුනද කියමුකෝ බලන්න.

    ReplyDelete