09 May 2010

තාත්තාගේ ආදර්ශය සහ ජුංගේ මළයා...

මටත් උනේ මාරම වැඩෙ තමයි...
ටෙලිවිසොන් එකත් බල බල ඉදලා අටහමාරට විතර චුට්ටක් ඇහැ පියා ගත්තේ..
නවයට විතර ගිහින් රෑ කෑම එකත් ගේන්න කියලා හිතාගෙන..
මදැයි කොලා..

නැගිටලා බලනකොට වෙලාව රෑ දොළහා හමාරයි..
දැන් ඉතින් මොන කෑමද..
ඉවසපන් පපුව..ආ වැරදුනා බඩ..
කියලා නිකා හිටියා..
ඔන්න මාරයාටත් කෙළවෙන තැන්...

ඒ ගමන්ම බැරියෑ මොනවා හරි ලියලා දාන්නත්...

මෙ දීරඝ කතාවක් නෙවෙයි.. කෙටි කතාවක්..

ජුං ගැනත් නෙවෙයි.. මිනිහාගේ මල්ලී ගැන.
දන්නවනේ කවුද කියලා..ඔව් ඔව් රතනයා තමා...

මට තියෙන ලොකුම ප්‍රශ්නේ තමයි කතා කියන්න ගියහම කියන කතාවට අදාල පරිසරය හා පසුබිම ගැන ලියන්න තියෙන අමාරුව.
ඇත්තටම කතාව සම්පූර්ණ වෙන්න නම් පසුබිම ගැන පැහැදිලි දසුනක් ඔයාලගේ හිතේ මැවෙන්න ඔනේ..
ඒත් ඒක කරන්න ගියහම..
සෑහෙන්න වචන කොටන්න ඔනේ..
දන්නවනේ මම කම්මැලියා කියලා..ඒ මදිවට බඩගින්නේ...

කොහොම හරි මෙ කතාවෙ පරිසරය මෙන්න මෙහෙම තැනක්..
අපේ ගමෙ තියෙනවා බෝක්කුවක් ප්‍රසිද්ධ..
ඉතින් මෙ බෝක්කුව ගාව ඇළ පාර ටිකක් විසාලයි..
ඒ වගේම එතන අලි නාවන්න පුළුවන් තරමෙ ඇළ පළල් වීමෙන් හැදුනු වලකුත් තියෙනවා..
සමහර විට අලි නෑවීම නිසාම තමයි මෙක හැදෙන්න ඇත්තේ..

කොහොම හරි එම ස්ථානයට මීටර එකසිය පණහක් විතර දුරින් වෙල් යාය හරහා වැටුනු පරණ වෑ කණ්ඩියක් තියෙනවා.
මෙ වෑකණ්ඩිය ටිකක් කෑලෑවක් වගේ උනත් මිනිස්සු ටිකක් මෙ වෑ කණ්ඩිය දිගට කුඩා පැල්පත් වගේ නිවාස කිහිපයක් තනාගෙන ජීවත් උනා.

ඉතින් අපි කස්ටිය දවසක් අර කියපු අලි නාවන වලට ගිහින් සුවසේ දිය කෙළමින් ඉන්න අතරේ..
පොඩි අවුලක් උනා..
ඇත්තටම එදා ඉස්කෝලේ දවසක්..
ඒත් ඉතින් උදේම පුංචි වැස්සක් ගියා.
දන්නවනේ ඉතින් අඩන්න ඉන්න එකාගේ ඇහැට ඇගිල්ලෙන් ඇන්නාම වෙන දේ..

අපිත් ඉතින් තෙමෙන්න හොද නෑ..වැස්සේ ඉස්කෝලේ ගිහිල්ලා කියන පදනම තර්කානුකූලව ඉදිරිපත් කරලා ඉස්කෝලේ නොගිහින් හිටියට උදේ නවය දහය වෙන කොට පොද වැස්සේම සෙට් වෙලා දුවනවා ඇලේ නාන්න..
එදාත් එහෙම දවසක්..

එක එකා වෙන වෙනම බොරු කියලා ගෙදර නැවතිලා නාන්න ගියා.

ජුං සහ රතනත් තෙමෙන්න හොද නැහැ හෙම්බිරිස්සාව යන මාතෘකාව මත තමයි නැවතිලා හිටියේ..
ඉතින් පසයාල මහප්පා..ඒ කියන්නේ රතනලගේ තාත්තත් උදේ පාන්දරම කොල්ලෝ දෙන්නට ඉගෙනීමෙ ඇති වැදගත්කම ගැන සහ හොද මිනිසුන් වීම පිළිබඳද දේශනාවක් එහෙම කරලා කඩෙ පැත්තට යන්න කියලා ගිය ගමන් අපේ මෙ හොඳ පුත්තු දෙන්නා අපිත් එක්කම නාන්න ගියා.

දැන් ඉතින් නානවා..පීනනවා..දියබුං ගහනවා..
බෝක්කු කට උඩට නැගලා ඇළට බල්ටි ගහනවා..
වතුර ගහ ගන්නවා..
දිය යටින් ගිහින් අනිත් එවුන්ගේ අරවා මෙවුවා මිරිකලා මාරු වෙනවා..
වැඩ කෝටියයි..
මෙ අතරෙ අපිට වඩා ටිකක් වැඩිමල් තරමක් ඔළුව හොද නැති ගමෙ බුවෙකුත් මෙතනට සෙට් වෙච්චි.
එක පාරටම අපේ රතනයා අපේ එකෙකුට කියලා හිතලා ගහපු වැලි පාරක් වැදුනේ නැද්ද අර මෑන්ස්ගේ පිට හරහාට..
මළා ජෝන්..
මෙකාට මල පැනලා රතනයා පස්සෙන්ම පන්නන්න ගත්තේ නැතෑ..
රතනයාත් ඇළෙන් ගොඩට පැනලා හුරේ රන් එක දෙනවා..
අපිට හිතා ගන්නවත් වෙලාවක් උනේ නැහැ..අර බුවාත් අංගුලිමාලයා වගේ පස්සෙන් පන්නනවා..
බල්ටියක් ගහන්න වතුරෙන් ගොඩ වෙලා හිටිය ජුංඅලයත් මුන් දෙන්නා පස්සේ පන්නනවා..
තුන් දෙනාම දිවුවෙ අර මම කළින් කිවුව වෑ කණ්ඩිය පැත්තට..
අපි වතුරෙන් ගොඩට පනිනකොට මුං තුන් දෙනාම සුවාස්..ඒ කියන්නේ හොයන්නවත් නැහැ.
ඒත් ඉතින් බය වෙන්න දෙයක් නැහැ.
මොකද දුවලා නම් අපේ ජුං සහ රතනයා අල්ලන්න පුළුවන් එකෙක් ඒ දවස්වල අපේ ගමෙ හිටියේ නැහැ.
ඒ තරමට මුන් දෙන්නා දුවන්න දක්ෂයි.
අනික පස්සෙන් එළවපු බුවාත් හෙන මැන්ටලේ..මෑන්ස්ට අරූව අල්ලන්න නම් හයර් එකට වාහනයක්වත් හොයාගෙන යන්න වෙනවා.
කොහොම හරි විනාඩියක් යන්න කළින් අපේ එවුන් දෙන්නා වෑ කණ්ඩිය හරහා ගිහින් වංගු දෙකක් එහෙම නවලා..
ආපහු අපි ඉන්න පැත්තටම දුවගෙන එනවා දැකපු අපි ටික දැන් වෙල මැද්දෙම නැවතුනා.

අවුලක් නැහැ..
අර බුවා පේන්න නැහැ.
අපේ බඩු දෙකම සුවසේ හිනා වෙවී ඉන්නවා.

මොකද බං උඹලා හිනාවෙන්නේ.. අපේ එකෙක් ඇහැවුවා..
මාර මගුලක්නේ බං උනේ..

ඇයි මොකද..?

ඔන්න ඉතින් දැන් දෙන්නත් එක්ක කතාව කියනවා..

මොකද හැබෑටම වෙලා තියෙන්නේ...?

අපේ රතනයා දුවගෙන දුවගෙන යන ගමන් කෙලින්ම වෑ කණ්ඩියට ගොඩ වෙලා මුලින්ම හම්බ උන ගෙදරට රිංගලා..
පස්සේ දොරින් රිංගලා ඉස්සරහා දොරින් එළියට දුවලා රිංගුවෙ නැද්ද ඒ කෙළින්ම තිබුනු දෙවෙනි ගෙදරටත්..

මෙන්න වැඩෙ.. ගේ මැද්දෑවෙ..අර උදේ ආදර්ශවත් දේශනාවක් එහෙම දීලා ගෙදරින් ආපු රතනයාගේ පියතුමා තවත් ඔල්ඩ් මෑන්ස්ලා ටිකක් එක්ක බූරුවා ගහනවා..

හිතන්නකෝ පොලිසියෙන් පනී කියලා මර බයෙන් බූරු ගගහා ඉන්න තැනට අපේ එකා වතුර පෙරාගෙන..හති දාගෙන දුවගෙන ගියහම වෙන වැඩෙ..

ඊට එහා උදේ හෙම්බිරිස්සාව නිසා ඉස්කෝලේ නොගිය එකා..දැන්වතුර පෙරාගෙන ඉන්නවා දැක්කම තාත්තාට ඇති වෙන හැගීම...
ඊටත් හපන් වැඩෙ ධර්ම දේශනාව දීපූ එකාම ධර්මය කඩන එක අතටම අහු උනාම ඇතිවන තත්වය..

කොහොම හරි..රතනයා ඇතුලට දුවනවාත් සමගම එතැන හිටිය උන්ගෙන් දෙන්නෙක් ආතබූත කඩාගෙන දුවපි.
එතනින් එකෙක් ඒ ළග කසිප්පු විකුනන එකෙක්..අනිකා නම් මර බයටම දුවපු එකෙක්..

අනිත් උනුත් දුවන්න හදනකොටම ආවේ රතනයා කියලා අදුර ගත්ත නිසා පොඩ්ඩක් නැවතිලා..
ඒ අතරෙ ලොක් වෙලා වගේ හිටිය පසයාල මහප්පා..
කට ඇරලා..

ආ..ආ...රතන උඹ මොකද මෙහෙ කරන්නේ..
කෝ අයියා..?

පිටි පස්සෙන් එනවා..
මං මං පස්සේ කියන්නං..
මම යනවා..

මෙහෙම කියලා රතනයා ආ වෙගෙටම දුවපි.
ඒත් එක්කම ඇතුලට ආවෙ පස්සෙන් එළවපු මෑන්..
ඌට මොකද උනේ කියලා අපි දැන ගත්තේ පස්සේ..මිනිහත් බූරු ගහන්න සෙට් වෙලා එහෙමම..

තුන් වෙනුවට දුවගෙන ගිය ජුංඅල අර ගෙට රිං ගන්න කලින් අපේ රතනය ගේ වටෙන් දුවලා ඇවිත් මිනිහාව නතර කරගෙන ආපහු අපි එන පැත්තට දුවගෙන ඇවිල්ලා...

ඔන්න වෙච්ච වැඩේ...

හැබැයි වෙනදාට මෙහෙම හොර වැඩක් කරලා අහු උනාම කොල්ලෝ දෙන්නව පට්ට ගහන පසයාල මහප්පා එදා නම් හවස් වෙලා ගෙදර ඇවිත් තියෙන්නේ කොල්ලෝ දෙන්නට ආප්ප උරයකුත් අරගෙනම තමයි.

27 comments:

  1. අපෙ උනුත් බුරු ගහනවා 10 , 15 ඔට්ටු දාලා.. හැබැයි එකෙක් ඉන්නවා ඌ මගෙ වයසෙ ඌ පොඩි පොඩි තැන් වල බුරු ගහන්නෙ නැහැ.. කෙලින්ම 2000, 5000 ඔට්ටු අල්ලන තැන්වල ඉන්නෙ.. ලක්ෂෙ දෙකෙ තැන් වල ගැවසෙන්න බැහැ.. මොකද එහෙම තැන් නැහැ.. බුරුවා ගැහිල්ලෙත් මාරම හොර ටිකක් තියනවා.. එකෙක් මට කියලා දුන්නා ගණන් තියලා ගහන හැටි.. මතක නැහැ .. ප්‍රායොගික භාවිතයක් නැහැනෙ..

    දැන් කොහොමද සහොදරයා කන්නෙ.. මමත් මල්ලිට තියලා පොඩ්ඩයි කැවෙ.. එත් මූ තාම නැහැනෙ .. සංගීතයක් බලන්න කියලා ගියා.. තනියම ගියෙ.. මු කරටි කඩා ගෙන කාණුවකද දන්නෙ නැහැ.. තව ටිකක් බලලා මම එ ටිකත් කාලා දානවා.. නැත්තම් දෙන්නම් තේ ටිකක් හදාගෙන බොමුද.. :D

    ReplyDelete
  2. රවා...
    අවුලක් නැහැ..
    දැන් තේ බොන්න බැහැ බං.
    ඉතිරි උන බයිට් පැකට් එකක් තිබුනා..
    ඒකත් නිකං කන්න බැරි හින්දා පාන්දර කියලා බලන්නේ නැතිව..දන්නවනේ..

    ReplyDelete
  3. අප්පේ, පාන්දර කියලා නොබලා පෝස්ට් එකකුත් දාලා..
    :D
    නිදන්න කියලා ගියාට අද මටත් නින්ද ගියේ නැහැ නෙව. තාම ඇහැරිලා නිසා මේ පැත්තට ආවා. දැන් ඉතින් නිදා ගන්න විදියකුත් නැහැනේ, උදෙන්ම පන්ති යන්නත් තියේ. ඔන්න ඔහේ ඇහැරිලාම ඉන්නවා.

    ආ... ජුංඅලගේ කතා නම් මරු. :D
    මමත් එක පාරක් නිකමට වගේ ඔය ක්‍රීඩාව කරලා තියෙනවා. දැන් නම් මතක නැහැ.

    ReplyDelete
  4. ජුං අලයයි රතනයටයි උන ඇබැද්දි හරි කෝ එතකොට අපේ මාරයා අයියට වෙච්ච ඇබැද්දි නැද්ද??????
    මේ පෙම්වතාට උනත් පිල්ම් එකේ දුස්ට කෑලි දෙකතුනක් තියෙනව රඟන්න..... ම්ම්ම්...... අපේ මාරයිය කොහොමෙයි............???????

    ReplyDelete
  5. Ansh Lucky Sri Jay...

    ඇත්තම කිවුවොත් ඔයා ගැන දුක හිතිලමයි පාන්දර ලියලා දැම්මෙ..
    කලින් ලිපියට දාපු කමෙන්ට්ස් කියවපුවම දුක හිතුනා..
    මොනවා හරි බලන්න එන කොට බලන්න දෙයක් නැති වෙච්චි කොට එපා වෙනවානේ..
    ඔන්න මම ලියලා දැම්මා...

    ReplyDelete
  6. හා පැටික්කී...

    හනේ හනේ...

    මෙයා හදන්නේ මං ලව්වාම මට ගස්සවන්නයි..
    එව්වා කොහේද මාත් එක්ක..

    මාරයාට වැරදුන තැන් කොහෙද තියෙන්නේ..
    එකම එක පාරක් මීට වසර 14කට පමණ කලින් කියවපු අශෝක මාළිමගේ මහත්තයාගේ පොතක නම් මම ඒ වගේ කතාවක් දැක්කා..
    මතක් උනොත් පස්සේ කියන්නම්කෝ..

    ReplyDelete
  7. කෙටි කතාව මෙහෙම නම්‍ දිග කතාවක් ලිවුවොත් කොහොම ති‍යෙයිද....

    ReplyDelete
  8. අර හා පැටික්කිගෙ කතාවට මාත් එකගයි. අරයටයි මෙයාටයි වෙච්ච දේවල් දානවා මිසක් ආසාවට මඩ පාරක් ගහන්න මෙයාට වෙච්ච ඇබැද්දියක් දන්නේ නෑනෙ...මාරයියේ පොඩි වැඩක් කරන්නකෝ...මට ඔය රතනය හරි ජුං හරි ඉන්න තැන කියන්නකෝ...දෙන්නව අල්ලගත්තනම් මෙයාගෙ වැඩ ටිකක් ඉබේම හොයාගන්න තිබ්බා ගේමක් නැතිවම... ෂෝයි මඩ පාරකුත් යන්න තිබ්බා.... හික්ස්...

    මොකද කියන්නේ හා පැටික්කි අපි දෙන්න ජුංව හොයමුද ?

    ReplyDelete
  9. පිස්සුම පිස්සු...!!
    ඔ‍ෆිස් එකෙන් දොට්ට දානවා කොයි වෙලාවේ හරි... මෙව්වා එක දිහා බලාගෙන තනියෙන් හිනා වෙනවා දැකලා...
    ඔලුව කචල් එකේ ඉන්න වෙලාවේ හිතට සැහල්ලුවක් ගෙනාවාට තුති....

    ReplyDelete
  10. ජුං අල ,පසයාල මාරය්යටත් එනවනේ මාර නම්.
    මොනිටර් එක දිහා බලාගෙන හිනාවෙලා දවසක මාව මානසික රෝහලකට යවාවිද දන්නේ නැහැ ...

    ReplyDelete
  11. @ දිල්
    මාත් එනව අක්කේ......

    මෙයා මේ ලොක්ක වෙලා...... ජුං අයියව කඩේ යවනව වගේ වැඩක් නේ කරන්නේ........
    හොයාගන්නම ඕනෙ ඔය ජුං අයියයි, රතනයයි......

    @ පබලු
    මටත් ලඟදීම වෙන්නේ ඕක තමයි අක්කේ....... වෙන තියා පාරෙ යද්දි මතක් උනත් හිනායනව.......

    ReplyDelete
  12. අපි දෙන්නම blog පටන් ගත්තේ එකම අවුරුද්දෙ එකම මාසෙ... ඒ වගේම template එකත් එකමයි . තාම ඔයා එහෙමමයි. මම නම් ගොඩක් වෙනස් වුනා. template එක විතරක් නෙමෙයි හැමදේම...

    ඉතින් උපන් දිනේට 100 ලියන්න. මගේ උපන් දිනේ ඔයාට පස්සෙ නෙ....

    ReplyDelete
  13. හා පැටික්කිට/

    අනේද කියන්නේ....,පව් අර අසරණ ජුංඅල. මිනිහා මේ වගක් දන්නවානම් අදම මැරෙයි. මැරෙන්නෙ කොහෙද ඒකටත් මිනිහට මාරයියගෙ සහය ඕනෙ වෙනවනෙ.... :D

    ReplyDelete
  14. @ දිල්
    ජුංඅල අයිය මේව දැක්කොත් අපේ මාරයියට තමා මාරය පේන්නේ........

    ReplyDelete
  15. අංජුලය මේක දැක්කොත් මාරයියට පොලව පලන් යන්න වෙයිද දන්නෑ. ඔය දෙන්නටම බිල දාල මාරයට වෙචිච දේවල් ලියන්නත් පුලුවන් නෙව

    ReplyDelete
  16. බලාගෙන ගියාම ජුංඅල මල්ලිත් ඇම්ඩන් වගේ පොරක්නේ....අපේ මාරයා මලයා මොකාටද දන්නෑ අඳින්නේ....???

    සුලා

    ReplyDelete
  17. Praසන්ன ...

    ඔක වෙන්නේ මෙහෙමයි..
    මට කවදාවත් කරන්න හිතන එක කරන්න වෙන්නේ නැහැ.
    දිග කතාවක් ලියන්න ගිය වෙලාවට තමයි අර ඉදලා හිටලා ලියවෙන පුංචි ලිපි ලියවෙන්නේ..

    ReplyDelete
  18. දිල්...

    ඇත්තම කිවුවොත් මෙ මාරයියට වරදිනවා හුගක් අඩුයි.
    ඒකට හේතුව වෙන මොකවත් නෙවෙයි, පුංචි කාලේ ඉඳලා හුගාක් පොත් පත් කියවීම.
    ඒවායේ තියෙන කතා වැඩි හරියක සිදුවෙන කරදර වලට මුල නොසැලකිල්ල.
    ඒ නිසාම මම මට යන්තම් තේරෙන කාලේ ඉදලා හුගාක් පරිස්සම් වෙනවා..
    කරන හැම දේම හුගාක් සීරු මාරුවට කරන්න පුරුදු උන නිසාම වරදින්න තියෙන ඉඩ කඩ හුගාක් අඩුයි.
    වැඩක් කරන්න ගියහම පුංචිම දේ ගැනත් මම හරියට හොයාබලනවා.

    මට වරදින්නේ බොක්කෙන්ම ලව් කරන්න ගියහම විතරයි..
    ඒ කතන්දර ඔයාලා දන්නවනේ..
    ඔනම නම් ඒකක්වත් අල්ලන් මඩ ගහන්න.

    ReplyDelete
  19. තිස්ස අයියා...

    මොකද ඔළුව කචල්..
    ගෙදර එන්න දවස් ලං වෙන කොට එහෙම වෙනවාද...

    මෙන්න අක්කේ...

    ReplyDelete
  20. පබලු...

    මම එහෙනම් ලිපිවලට යටින් මෙහෙම දාන්නම්.

    අවවාදයයි...
    මෙව්වා කියවලා පිස්සු හැදුනොත් ඒ පිළබඳව වගකියනු නොලැඛෙ..

    ReplyDelete
  21. හා පැටික්කී...

    හා හා හරි හාවී..මට ගේමක් දෙන්න වගෙයි නේද..?අක්කලා ටිකත් අල්ලගෙන...

    ඔයාව පිස්සන්කොටු යවන්න අමුතුවෙන් මම කතා කියන්න ඔනද..?

    ReplyDelete
  22. wath...

    හැබෑටම..
    ඔකනේ කියන්නේ ගෑනු ළමයි ඉක්මනට වෙනස් වෙනවා කියලා...
    ඒකට අපි..පුහ්

    ReplyDelete
  23. හා පැටික්කී...
    දිල්...
    ගයාන් තාරක...

    අපොයි දෙයියනේ..මෙ ගහක් ගලක් වගේ ඉන්න මට කෙළවාලන්නට මෙකලාට තියෙන ගායක මහිම ඔබ වහන්සේටවත් පේන්නේ නැතුවාද..අහෝ...

    ReplyDelete
  24. සුලා...

    මම ඉතින් කවදත් මහ දැන මුත්තා නෙව...

    ReplyDelete
  25. ඔන්න මාත් බලලා යන්න ආවෝ......................................

    ReplyDelete
  26. මම...

    මම දන්නේ නැතුවැයි...

    ReplyDelete
  27. අපේ අයියා බහුස්‍රැත හා හා....... අපි හිතාගන්නම් එහෙම........

    ඇයි මට පිස්සු වගේ පේනවද අයියට??????

    අර කියපු එක අල්ලන් මඩ ගහන්න අපි පිස්සෝ නෙමෙයි...... ඒවට මඩ ගහන අයනම් පිස්සෝ කියලයි හා පැටික්කිනම් හිතන්නේ.......

    ReplyDelete