10 May 2010

කවි මඩුවෙ මාරයා..

කවි පද බදින්නට ඒ පද කියවන්ට..
කවියක් කියන්නට කවි මඩුවට එන්ට..
ආසයි මටත් ඇහැකිද මෙහි ගොඩ වෙන්ට..
කොල්ලනි කෙල්ලෙනේ පලයව් දැන් යන්ට..

වැපා මල්ලි උඩ පැනගෙන ආවාට..
නුඹටත් බැරි වෙවී මා නම් පරදන්ට..
මගේ පැණි බූන්දිය මෙ ටික අහගන්ට..
අනෙ දිල් නගෝ නුඹ දැන් පලයන් යන්ට..

රට වට සතර අත කොයි තැන ගියත් එදා..
කවියට තියෙන කෑදරකම නිසා මෙදා..
කවි මඩුවට ගොඩ වෙන්නට සිතී සොඳා..
මාරයා ඇවිල්ලා කවියට සුපර් වෙදා..

එහෙනම් ඉතින් කවුරුත් හරි බරි ගැහිලා..
පාවඩ දමා කොඩි සේසත් නගපල්ලා..
ගේමට බහින්නට හැකි උන් ඉදපල්ලා..
වැඩබැරි දාසලා යන්නට පලයල්ලා..

34 comments:

  1. පහුගිය පෝයදා මෙහි ආ කට්ටියට
    මොනවා උනාවද මේකත් පාළුවට
    හිදලා හිටලා වත් නෑවිත් බැරිකමට
    ගොඩ වී යන්න නිකමට හෝ මේ අහට

    ReplyDelete
  2. කිව්වත් මාරයියා මුකරි කමට ලොකුම කතා
    බැහැ වගේ ලියන්නට කවියක් එකට ගොතා
    මක්කෙයි මැකුවේ උඩ කවියට මක්කා උනා
    එන්න එපා මඩු පැත්තේ බඩගාගෙන සුර් වෙලා

    ReplyDelete
  3. මාරයාට /

    දන්නාකියන වැඩ දැම්මත් ඉද හිට
    ඕව බොරුයි දන්නවා අපි චැපා ගැන
    හැන්ගිලා හිටියමුත් කවිමඩු ආ විට
    අල්ලාගමු මාරයියේ අපි දෙන්නා උන් ටික

    ReplyDelete
  4. ආ නංගියේ දිදුලන දිල්
    වාගෙයි පෝයට ගත්තා සිල්
    වාද මොටද ගන්නට ත්‍රිල්
    මඩු අවාත් වැඩක් නැහැනේ පල්

    ReplyDelete
  5. හිටගෙන කවි වගේ . . ආ එල එල . . .ඔහොම යන්

    ReplyDelete
  6. වැප් ට/

    ලෑස්ති වෙලා ඉන්නකෝ....හැබැයි මම අපේ මාරයියගෙ පැත්තේ .....:p

    ReplyDelete
  7. මේ එන කොට මට ගොලු බෙලි කට්ටක් අරන් එන්න හරිද ....
    මං ඔයාට කුල්ලක් අරන් එනන්ම් .....

    සහයෝගයෙන් වැඩේ කරමු නේද ...........

    අපි යාලුවෝනේ ............

    ReplyDelete
  8. චැප් ට/

    අයියෝ...ඔයා දැම්ම බය වෙලාද ? :P

    ReplyDelete
  9. යකඩෝ තාම මම ගේමට බහින්න හිතුවා විතරයි.

    අල්ලන් යන්න කුදලා ඛෙල්ලෙන් අල්ලා..
    මාරයා කොල්ලා එනවා ඔහෙ දැන ගල්ලා..
    ඉන්නා තවම අතපය දෙක හෙම හොල්ලා..
    එම්බා කොල්ල 'වැප්' හනිකට දුවපල්ලා..

    ReplyDelete
  10. හිහ් හිහ් හිහ් හුහ් හූ.................!
    "වැඩබැරි දාසලා යන්නට පලයල්ලා.." මැක්සා කතාව මාරයෝ.
    වැඩ බැරි දාස කවි ලියපු හැටි මෙන්න මෙතන තිබුණා.

    http://boondi4kids.blogspot.com/2010/03/blog-post_14.html

    ReplyDelete
  11. මගේ හප්පේ මාරයියා හරිම කවි කාරයා වෙලා නොවැ. ඔහොම යන් ඔහොම යන්

    ReplyDelete
  12. උන්නැහේ...

    බැළුවා නෙව මං මීට කලින්..
    මම පොඩි කාලේ බැළුව කතාන්දර වලින් ආසම ටිකක් නෙව ඔය...

    ReplyDelete
  13. මම...

    නගා එන්නෙ නැතෙයි...?

    ReplyDelete
  14. This comment has been removed by the author.

    ReplyDelete
  15. කවි පිට කවි ඇසෙන විට වාදෙක පැටලී
    හදවත කිචි කැවී කවි සිතුවිලි පුබුදි
    කොක්කක් අරන් මාරයියා එනවිටදි
    කවිපද බදිමි ඔබේ බ්ලොගයට ගොඩවි

    ReplyDelete
  16. මේ මරයියේ වැපා පණිවුඩයක් කිව්වා .... උබට කියන්න කියලා ...

    ඌ හැල්මේ දුවනවාලු ..... පස්ස නොබලා ..... හිකිස්

    ReplyDelete
  17. ආනේ අයියන්ඩියේ මට ඉතින් කවියක් ලියන්න තියා කියන්නවත් දන්න එකක්යැ...ඔන්න ඔහෙ මයෙ අයියා යන්ට.මං බලන් ඉන්නවා නොවැ මයෙ අයියා දිහා...

    ReplyDelete
  18. ඉලන්දාරියා...

    ඉලන්දාරිකම අරගෙන හිත තුලට..
    වරෙන් මලේ කවි කියන්න මාළගට..

    ReplyDelete
  19. මම...

    එහෙම කියන්ට එපා නගා..හදවතද වාවන්නේ නැතුවා..

    ReplyDelete
  20. බොල් බෙර වයන් එන්නේ වැඩ බැරි කොල්ලන්
    මිස පිරි පුන් කලසෙ නැහැ ඔය හැටි සලන්බලන්
    පදයක් දෙකක් ගැට ගැහගත් වදෙන් පොරෙන්
    ඕවා කවි කියයි කවි නෑසූ අමන බුවන්

    රසවත් වියත් වැකි උපමා පිරුනු බසින්
    ගෙතුමට කවි රිසින් යුතු සැම මේ අහගන්
    මී සහ විලද පිරි කවි පබදිනු කෙලෙසින්
    වත් ගෙන් කතන්දරගෙන් වත් ඉගෙන ගනින්

    ReplyDelete
  21. ඉන්දික මලය දැන් සබයට පැමිණෙන්නා..
    කවියෙන් හිමින් සීරුවෙ ටොක්කක් ඇන්නා..
    වත්ටත් කතන්දරටත් මම තැන දෙන්නා..
    ඒ මුත් නුඹට නම් බුරුලක් නොම දෙන්නා..

    ReplyDelete
  22. කවි පද බඳින්නට කවියන් හා කැටිව..
    නුඹ වැනි බුවන් සියයක් ආවත් මොටද..
    පිරුණත් නොපිරුණත් නුඹගේ මැටි කලය..
    එහි ඇති තරම් ඇත්තේ බොල් හා රොඩුය..

    ReplyDelete
  23. Praසන්ன...

    තැන්කූ.... තැන්කූ..

    ReplyDelete
  24. මාරය ඉතින් උඹ දැන් මගෙ ලොකු අයියා
    රිදුනද අයියෙ ටොකු පාරට දුන් මලයා
    මීපැනි සමග එලුබෙටි තම්බාන උයා
    ගාපන් අයියෙ හිස්, හිස් ගෙඩියෙ සිදුරු සොයා

    කවියන් කිවින්දියන් පිරි මා සිටිනා භවනේ
    කවි කිවි සටන් මිස නෑ ගරඩින් මැරුවේ
    ගැහුවේ ඇන්ගිලි විතරයි වගෙ වැටහෙන්නේ
    බොල්රොඩු පැකින්, හොන්ද බඩු ඇත ඒ මැද්දේ.

    ReplyDelete
  25. අගක් මුලක් නැති කවි ලියමින් නෙක..
    මලයා ඇවිත් මක්කා මෙහි කොරනවද..
    සක්කා ගසන්නට කවි කිවිඳියන් මැද..
    නුඹ තව පොඩි වැඩිය සොක්කෝ නිකං ඉඳ..

    ReplyDelete
  26. අතක් වනා අඩගැහුවා සොදුරු සිතින්
    ඒ දුටු මොහොතේම අවාසතුටු සිතින්
    අවසර මතක් කෙරුමට නුබට අමතකනන්
    පොස්ට් තුනකි 100 ම ගහප්න් වෙගෙන්.

    ReplyDelete
  27. තව පොඩ්ඩෙන් අමතක වෙනවා ඒක..
    තැන්කූ වෙවා එය සිහිකර දුන්නාට..

    ReplyDelete
  28. සක්කා, බාන්දුව නති බැමි බන්දිනු බැරී
    සොක්කෝ නැතිව ලොක්කො වැජඹෙනුද බැරී
    හක්කේ තබා සෙම අරිනට තැතදි බැරී
    ලොක්කෝ සැමව්ටම ඔයලෙස දුවති හැරී.

    ReplyDelete
  29. හක්කේ තබා සෙම අරිනට තබා මට..
    සොක්කෝ නුඹෙ ගඳ ඉවසනු නොහැක තව..
    ඉක්කා ගස ගසා තටමන කවි කැඩුන..
    ඉස්සා නුඹයි ඔළුවෙ ඇති ජරාවම..

    ReplyDelete
  30. කාටත් ඇහෙන්නට කියනෙමි හරි ගස්සා
    අස්සේ ඉන්දන් දගලන ඔබ ගොන් වස්සා
    පස්සේ මොලය, ඔලුවේ පිරි හිස් අස්සා
    ඔය ඔබ තුමා නොවැ බැලුවම දැන් ඉස්සා

    ReplyDelete