12 May 2010

උපන්නොත් යම් කෙනෙක් මෙලොවෙ...

තවත් දවසක්...
ඇත්තටම තත්පර ගෙවිලා විනාඩි බවට පත් වෙමින්..
ඒ විනාඩි පැය වලට පෙරළිලා...
පැය දින වෙලා...
දින සති වෙලා...
සති මාස වෙලා...
මාස ගෙවිලා අවුරුදු බවට හැරිලා..
අවුරුදු එකින් එක ගෙවෙමින්...
අනේ මන්දා කොහෙන් නවතීද කියලා...

කොහොම උනත් තව දුරටත් කාලය ගලා යමින් තිඛෙන බව නම් මා දනිමි.
මා නැවතී ඇති මුත්, මා ද රැගෙන ජීවිතය ඉදිරියට ඇදෙමින් පවතී...
හෙට දවස කෙබඳු වෙදැයි නොදැනම මාද එම ප්‍රවාහයට හසුව ඇදී යයි..

ජීවිතය දෙස ආපසු හැරී බලන විට දක්නට ඇත්තේ පුදුමාකාර අත්දැකීම් මිස අන් යමක් නොවෙ..

සිදු වූ සෑම දෙයක්ම අතීතයේ ගල් කණු බවට පත් වී හමාරය...

ඒ තුල ආශ්වාදයෙන් යුක්තව සිහිපත් කළ හැකි මෙන්ම..
සිත දවා හළු කරමින් මතු වී එන පුපුරු ගසන මතකයන්ද බොහෝය...

ජීවන ගමනේ මෙතෙක් දුර පැමිණියේ බොහෝ ආයාසයෙනි.
තව දුරටත් ඉදිරියට යන්නට වී ඇත්තේද එවැනිම වූ ආයාසයෙනි..

තව කොතරම් කලක් නම් මෙසේ යන්නදැයි මට නොතේරේ...

කුමට යන්නේදැයි මට නොතේරේ...

අවසානයේ සිදු වන්නේ නම් එකම දෙයක් පමණක් බව දනිමි.

සැනසිය හැකි එකම බලාපොරොත්තුව එයම පමණි.

අවසානයේ මට එය හමුවන බව ඉඳුරාම දන්නා නිසාම යනවා විනා..
එයත් නොදැන සිටියානම්...

මිනිසාගේ පරම ආයුෂ මෙතෙකැයි කියා හරියාකාරව කිව හැකි නොවෙ...
එය අපට තීරණය කල හැක්කක්ද නොවෙ...

වරක් ජොතිෂ්‍යය ඇසුරින් යම් වගුවක් සකස් කිරීම මා ආරම්භ කරනු ලැබූවෙද සිතේ තිඛෙන පැනයට පිළිතුරක් ලැබ ගන්නා අපේක්ෂා වෙනි..
පසුව එය මා අතැර දැමුවෙ බොහෝ කරුණු කාරණා අවබෝධ වීමෙන් පසුය...

ඇත්තෙන්ම ජීවිතයේ බොහෝ මා නොදන්නා දෑ රාශියක් එම උත්සහය තුලින් මාහට අවබෝධ විය..

මෙලොව බිහි වූ දා පටන් මැරෙනතුරුම අප කරන්නේ කුමක්ද..?
කිසිදා පිළිතුරු නොසෙවිය හැකි පැනයකි එය.

ඉඳින් කිසිදා සමු නොවන පිළිතුරු පසු පස හඹා යනවාට වඩා..
වෙන දෙයක් වෙන්නට ඉඩ හැර බලා සිටීම යෙහෙකි...
අදවන් දිනයක ජීවිතයේ අනිත්‍යය සිහි කරනු විනා..
අන් කවරක් නම් කරන්නදැයි මට නොතේරේ...

23 comments:

  1. අතීතයේ සිදු වූ දෙය වෙනස් කළ නොහැකි වුවත් එයින් පාඩම් ඉගෙන ඉදිරි ජීවිතය ගොඩනගාගෙන ඉදිරියට යමු. සියවෙනි ලිපියට සුබ පැතුම්.

    ReplyDelete
  2. ජීවිතේ භාගයක් ගෙවිලා ගියත් තවත් ඒ වගේම ප්‍රමාණයක් තියනවා කියලයි මට නම් හැඟෙන්නෙ.ඉතින් ඒ ගෙවන්න වෙන කාලයත් හිතේ සතුටින් ගෙවන්න ලැබෙන්නයි මගේ පැතුම.
    (පෞද්ගලිකව සුභ පතන්න ක්‍රමයක් හොයාගන්න බැරි උනානේ...

    ReplyDelete
  3. ඔබට සුභ උපන් දිනයක් වේවා මාරයියේ

    ReplyDelete
  4. සුභ උපන් දිනයක් වේවා . . .. !!!!

    ReplyDelete
  5. ඔබට සුබ උපන්දිනයක් වේවා!! මැණික්(සුළඟ)May 12, 2010 at 10:11 AM

    ඔබට සුබ උපන්දිනයක් වේවා!!
    මැණික්(සුළඟ)

    ReplyDelete
  6. ඔයාගෙ ලිපි නිත් රම බලනව.එත් කමෙන්ට් කරන පලමු වතාව.දිගටම ලියන්න.100 පොස්ට් එකට සුභ පැතුම්.


    සුබ උපන්දිනයක් වෙවා!!!!!!!!!!!

    ReplyDelete
  7. උපන් දින සුබ පැතුම් සමග මාරයාගේ ශතකයට ජය පතමි

    ReplyDelete
  8. අනේ මාරයියේ සොරිම සොරි අප්පා...මං පරක්කු උනා නේ...
    ආ හා අපේ මාර කුමාරයට සුභම සුභ උපන්දිනයකට මුලු හදවතින්ම සුභ පතනවා මේ "මම" නංගිත් හොදේ.ඒත් එක්කම ඔය හිතේ තියෙන පිස්සු විකාර අදහස් නැතිවෙලා, නැවුම් යහපත් අදහස් නැවත ඇතිවෙලා , ජීවිතේ මොනතරම් සුන්දරයිද කියලා මාරයටම හිතෙන දවසක් උදාව්න්න කියලත් පතනවා.ආ හාඅ තව ඉවර නෑ අපේ මාරයියාගේ ලස්සනම ලස්සන මූණ ද? අපෝ නෑ අයියාගේ හදවත හදුනන අයියට ගෝඩාක් ආදරේ කරන ඔය පිස්සු කෝලන් මෝඩකන් ඉවසාදාරගතහැකි අයියටම ගැලපෙන ලස්සන හදවතකට උරුමකන් කියන මාර අක්කේක් මේ 31වෙනිද .32වෙනිද ඊටත් වැඩිද? ආ..කමක් නෑ උපන්දීනේදී ලැබෙන්න කියලත් මං ප්‍රාර්තනා කරනවා.අනේ තිස්තුන් කෝටියෙන් එක දෙයියෙක්වත් මේ අසරණ නංගීගේ ප්‍රාර්තනාව අසත්වා...අහෝ දේවියනේ....මාරයියා ඇහුවොත් නම් ඔයාලා නෑසුවට කමක් නෑ ඔන්න.

    ReplyDelete
  9. අනේ හප්පේ අයේත් අමතක උනානේ...ශතකයටත් උනුසුම් සුභ පැතුම් ඔන්න අයියේ..

    ReplyDelete
  10. සුභම සුභ උපන්දිනයක් වේවා..!
    සෙන්චරියට සුභ පතනවා.
    මේ බ්ලොගේ තව දුරටත් යෙහෙන් වැජඹේවා කියලාත් පතන ගමන් එහෙනම් මම යනවා. මේ වෙලාවේ ඉන්නේ කොළඹින් පිට, සිග්නලුත් හරියට නැහැ. උපන්දිනයට කේක් හෙම කාරිය බෙදනවා නම්, මගේ පංගුව තියන්න මතක ඇතුව.

    මොනවා කරන්නද අයියේ..
    ජීවිතං අනියතං..
    මරණං නියතං..
    එතකං ජීවිතං,
    ජොලියෙන් ගතකරං.....

    ReplyDelete
  11. මගෙන් උණුසුම් සුබ පැතුම් අයියේ !
    ඔහොම යන්...හැමදේම සාර්ථක වේවි

    ReplyDelete
  12. කෝ බං උඹ....??? ඒ පාර කොහෙද හැංගුණේ...
    ඇවිත් තැන්කිව් කියාපංකෝ....

    ReplyDelete
  13. හරිම සංසිද්ධියක්නේ....? වයස පනහ පිරෙනකොට පෝස්ට් සියයක් දාගත්තු එක මාරයා "අයියේ" ...?

    ReplyDelete
  14. සුබම සුබ උපන් දිනයක් වේවා!!!

    ReplyDelete
  15. සුභ උපන් දිනයක් වේවා!

    ReplyDelete
  16. සුබම සුබ උපන් දිනයක් වේවා මාර අය්යේ...

    ඉතින් මොකෝ කලේ උපන් දිනයට...

    ReplyDelete
  17. සුභම සුභ උපන්දිනයක් අයියේ.......

    "මම" අක්ක පතපු පැතුමටම මමත් එක්වෙනවා.......

    100වෙනි කඩඉම පසු කරල තව ගොඩක් දුර අපිවත් එක්කන් යන්න ලැබෙන්න කියල පතනව අයියේ........

    ReplyDelete
  18. සියළුම දෙනා හට...

    ස්තූතියි..
    හැම දෙනාටම ස්තූතියි...

    කොහොමින් කොහොම හරි තව අවුරුද්දකින් නාකි උන මගේ දුක සැප බලලා සුභ පතලා යන්න ආපු හැමෝටම ස්තූතියි.

    ඒත් එක්කම අද උදැහැනැක්කෙම මට සුභ පතන්න හිතාගෙන වෙන්න ඇති එක් කෙනෙක් කොල් එකක් ගත්තා මන් හිතන්නේ..
    මොනවා කරන්නද.. පාන්දර තුන හමාරට විතර පොඩි ඇලට් එකක් ගැහැවුවෙ..
    කෝල් එකට තමයි ඇහැරුනේ..
    ඒත් කබඩ් එකට අතදාලා ගන්න කොට කට් වෙලානේ..
    සොරි වෙවා...

    අනිත් එක්කෙනා තමයි අපේ නිවෙදිකාව...
    අර මම කළින් ලිපියකත් ලියලා තිබුනේ මගේ හිතවත් ගෝලියක් ගැන අන්න එයා තමයි කොහොම හරි උදේ හත වෙන කොට කතා කරලා සුභ පැතුවෙ...
    මම හිතුවෙ නැහැ ඒ ළමයාට මතක ඇතෙයි කියලා මගේ උපන් දිනේ..

    අම්මො අද මූණු පොත පිරෙන්න සුභ පැතුම්..
    විදුලි තැපෑලත් පිරිලා...
    ඒ අතරතුරෙ මෙ පැත්තත් එහෙම නෙව..

    කොහොම හරි ආව ගිය හැම දෙනාටම මම ස්තූති කරනවා...
    හැබැයි තාම අපේ ගෙදරින් කිසිම සද්දයක් නැහැ.
    අම්මට අමතක වෙලා ඇති..
    ඒ උනාට අපේ මහප්පාගේ දෝණියැන්දෑ ඒ කියන්නේ අපේ බාල නගා නම් උදේ පාන්දරම කැන්ගරු දේසේ ඉදලා සුභ පතලා තිබුනා..
    ඒ මදැයි...

    ReplyDelete
  19. Ansh Lucky Sri Jay ...

    මටත් අද කේක් නැහැ නගේ...

    ReplyDelete
  20. තිස්ස මල්ලී...

    කමක් නැහැ අන්කල්ලා කැමති ඇතිනේ අපිත් වයසට යන එකට...
    සතුටු වෙන්නකෝ ඔන්න මම දවසකට හරි අයියා උනා...

    ReplyDelete
  21. උන්නැහේ...

    ඔන්න කිවුවා..

    ReplyDelete
  22. පිස්සා පලා මල්ල...

    ඒ ගැන නම් අහන්න එපා...

    ReplyDelete