15 May 2010

වැඩි වෙලා නැති නිසා... ග්‍රහ මාරු සහ අරන් මාරු...

පැය තිස් හයක සේවා මුරයකට පස්සේ ගෙදර ආවෙ ඊයේ රෑ වෙලා...
ඒ එන ගමන්ම රෑට කෑම එකත් අරන්මයි ආවෙ..
නාලා රෙදි ටික හෝදලා දාලා..
කෑමට පෙර ටිකක් අරන්...
කාලා නිදා ගත්තා...
සැප නින්ද...

දැන් ආයෙමත් යන්න ඔන...

අළුතින් දෙයක් ලියන්න තරම් වෙලාවක් නැති නිසා කරන්න දෙයක් නැහැ..

ආව එකේ මොනවා හරි ලියන්න ඔන නිසාම මෙ මාසේ සිදු වෙන වැදගත් ග්‍රහ මාරු දෙකක් ගැන කියන්නම්කෝ...

1. ගුරු ග්‍රහයාගේ මාරුවීම දැනටත් සිදු වෙලා හමාරයි..
ඒක සිදු උනෙ...2010-05-02 වෙනිදා..පෙරවරු 08.00 වගේ තමයි.
ගුරු පසුගිය වසරක් පමණ සිටිසෙනසුරුට අයත් කුම්භ රාශියෙන් ගුරුටම අයිති මීන රාශියට ගියා..
ඒක හරියට අළුගුත්තේරු අප්සට් බුවෙකුගේ ගෙදර අකමැත්තෙන් ලගා ගහගෙන දුක සේ ඉඳලා කාලෙකට පස්සේ තමන්ගේ ගෙදරට ගියා වගේ..කියලා හිතා ගන්නකෝ...

2.සිකුරු ග්‍රහයා මෙ මාසේ 15 වැනිදාඋදේ 06.40ට විතර තමන්ටම අයිති වෘෂභ රාශියේ ඉඳලා.. තමන්ගේ බාල සහෝදරීගේ ගෙදර වගේ තියෙන බුධට අයිති මිථුන රාශියට ගියා.. හැබැයි මෙ නංගී ටිකක් විතර අක්කාට කොක්ක දාන කෙනෙක් කියලා මතක තියා ගන්නකෝ..
ඒත් නරකම නෑ..හොඳ සුදුසු විදියට වැටුන අයට විවාහ සැප හරි ඔය අපි අනියම් සැප කියන්නේ අන්න එවුවා හරි ලැඛෙයි.. දැන් මගෙන් අහන්න එපා ඒ මොනවද කියලා.. දන්නෝ දනිත්.
නරකට වැටුනු අයට අර මම කිවුව පොඩි පහේ කොකු ඇදෙන කාලයක්..

3.කුජ මාරුව මෙ මස26 වැනිදා සවස 03.56ට විතර සිද්ධ වෙනවා.
මෙ වසරෙ මම දකින වැදගත්ම ග්‍රහ මාරුව මෙක තමයි..
මොකද මෙයා දැන් සෑහෙන කාලෙක ඉඳන් නීච වෙලා සදුට අයිති කටක රාශියේ හිටියේ..
දැන් ඔන්න එයා රවිට අයිති සිංහ රාශියට යන්නයි හදන්නේ..
ඒක හරියට හොඳ හයිය හත්තිය තියෙන කේන්තිකාර චණ්ඩි පුතෙක් අතපය බැඳලා අම්මාගේ ගෙදර ඇඳකට දාලා හිර කරලා තිබුනා වගේ..
දැන් එයා තමන්ට හිතවත් පියාගේ ගෙදරට යන්නයි හදන්නේ අතපය දිග ඇරලා දාලා... අපි බලමු දැන් මෙයා මොකද කරන්නේ කියලා..

කොටින්ම කිවුවොත් මමත් බල බල උන්නේ මෙයා කවදද මෙ අබග්ගයෙන් ගොඩ යන්නේ කියලා..
මොකද කුජ කොර කියන්නේ මාත් කොරම තමයි..
දැන් ඉතින් වැඩෙ ගොඩ.

මෙ මාරු වීම් කිහිපයට අමතරව හැමදාමත් වගේ රවිත් මාසයක් ගානේ සිය රාශිය වෙනස් කරමින් ඉදිරියට යනවා..
ඊට අමතරව දින දෙක හමාරෙන් දෙක හමාරට සඳුත් සිය රාශි අතර ගමන වෙනස් කරමින් යනවා..
නමුත් මම අර කිවුව මාරු වීම් හුග දෙනෙකුට තදින් හා ටිකක් දැනෙන විදියට බලපාන කරුණු..
විශේෂයෙන්ම අර කුජ මාරුව රටෙ දේශපාලන තත්වයටත් විශාල බලපෑම් කරනු ලබනවා.

ඉතින් මෙ මදෑ..

මොකුත්ම ලියන්න හිතාගෙන නාවත් දැන් ඉතින් මෙ ලිවුවා මදෑ..

22 comments:

  1. එක එක්කෙනාගේ මාරු ගැන ලියලා එයත් මාරු වගේ මට පේන්නේ. දිල් ඉතින් දත කට මැදන් උන්න මෙයත් එක්ක එකතුවෙලා අනිත් අයට මඩ ගහන්න.කොහෙද ඉතින් එයා මාරුවෙලානෙ...

    ඔය සෙනසුරුලා මාරු උනාට කමක් නෑ, ඔයා ඉක්මනින් එන්න. හොදද..ආ...අහන්නත් අමතක උනා. අර කන්න කලින් ගන්නේ පණු බේත් ද ?

    ReplyDelete
  2. ආ ඒ ඛෙත් පණුවන්ට හොදයි කියලා විද්‍යාත්මකවත් ඔප්පු කලා නෙව අර අපේ අමද්‍යප සංගමෙ රැස්වීමෙදී...දන්නවා නේද ඒ කතාව..

    ReplyDelete
  3. දේශපාලනෙත් වෙන්නේ එහාට මෙහාට මාරුවෙන එකනේ. ඒ හින්ද එච්චර බලපෑමක් වෙන එකක් නෑ.

    ReplyDelete
  4. මාරයාට/

    මගෙන් අහගන්න හදන්නේ මාරයියා ඉතින් :D

    ReplyDelete
  5. "මේ මාරු වීම් කිහිපයට අමතරව හැමදාමත් වගේ රවිත් මාසයක් ගානේ සිය රාශිය වෙනස් කරමින් ඉදිරියට යනවා.."
    හැබෑට මිනිහට පක්ෂයේ මොනවත් සැලකියයුතු තනතුරක් ලැබෙයිද....?
    මටනම් හිතෙන්නේ සජිත්ට දෙයි වාගේ...! අනේ මන්ද...!

    ReplyDelete
  6. "කාලා නිදා ගත්තා...
    සැප නින්ද..."


    ඉරිසියාවෙ බෑ බොල

    ReplyDelete
  7. මේ කියන විදිහට දැන් මගේ ගුරු 6 කොටුවටත්, සිකුරු 9ටත් , කුජ 11 ටත් ගිහින් ඉන්නව෴
    උපතේදී මෙයාල හිටියේ ගුරු 10ත් සිකුරු 7ත් කුජ 7ත් තමයි.මක්ක මක්ක වෙයිද...
    ලග්නය නම් තුලා නෙව..

    ReplyDelete
  8. @ වත්,

    මටනම හිතෙන්නෙ මන්ගල යෝජනාවක් කේන්දර කොපිය එක්කම දාල වගේ....!!!!!???!!

    ReplyDelete
  9. ඔන්න ඉතින් අයියා මෝනාද ලියලා තියෙන්නේ කියලා බලලා යන්න ආවා.මට නම් ඔය ගිරහයෝ ගැන වගක් නෑ අයියන්ඩී.අයියා විස්වාස කොරනවද ?ගිය අවෘද්දේනම් අර වෙලාවද මොකද්ද එක බලාගත්තා.මගෙ හප්පේ ඒකේ තියෙන බොරු අපරාදේ මගෙ 1600 .බඩට කෑවනම් දුක නෑ මාරයියා.අපේ මව් යානාවගේ කරදරේට විභාගේට කලින් ගිහින් බැලුවා.විභාගෙත් පේල් ඔන්න...

    ReplyDelete
  10. දිල්...

    අහන්න ආසයි කියන්න..ආ ආ.. වැරදුනා ගයන්න..

    ReplyDelete
  11. Praසන්ன...

    ඒ ඇවිත් නොකියා මාරු නෙව...

    ReplyDelete
  12. තිස්ස අයියා...

    මොන පිස්සුද අපේ රනිල් ලොක්ක ඉන්නකං ඒවා කොහෙද..?
    දෙන්න වගේ හැදුවට දෙන්නේ..නෑ...

    ReplyDelete
  13. උන්නැහේ...

    ඔක අර රුසියාවටත් වැඩිය ලොකුයි කියනවා නෙව..

    ReplyDelete
  14. wath...

    මන් ඉතින් ඊයේ පලා පලේ කිවුවා නෙව..
    ආයේ මක්කටද..?

    ReplyDelete
  15. මම...

    1600ක් දුන්නේ කේන්දරෙ බලන්නද..?
    නැත්නම්..යන්තරයකට වත්ද..?

    "මම" නම් ගගේ පනිනවා..වතුර බීලා මැරෙනවා..

    ReplyDelete
  16. Indika...

    මටත් පේන්නේ ඒ වගේ තමයි..

    ReplyDelete
  17. රනිල් මාරුවක් එහෙම නැද්ද ලඟදි?

    ReplyDelete
  18. nadeesthoughts...

    මොකට මාරු කරනවද..
    ජාතියේ පිනට ලැබුණු විපක්ෂ නායක තුමාව...

    උන්නැහේ නැත්නම් අපේ මහ රජතුමාට රටෙ ප්‍රශ්න මදිවට විපක්ෂයේ පුරස්න වලටත් උත්තර බැඳ බැඳ ඉන්න වෙනවා නෙව...

    දැන් එහෙම කරදරයක් තියෙනවා කියලයෑ..

    ReplyDelete
  19. මචං උඹ කේන්දර බලනවද? ඔෆිස් එකක් දාලද තියෙන්නෙ? කේන්දරේ බලාගන්න පුලුවන් තැනක් කියන්න.

    ReplyDelete
  20. Ano...

    ctkumara@gmail.com
    මෙ ලිපිනයට mail එකක් එවන්න...

    ReplyDelete
  21. මම අහලා තියෙනවා ඔය මාරු එහෙම එක එක රටවල ඉන්න අයට එක එක විදිහට කියලා බලපාන්නේ.. ඇත්තද කතාව?
    වෙලාවක මගේ කේන්දරෙත් බලන්න පුලුවන්ද?

    ReplyDelete
  22. Grey...

    ඒ කතාව ඇත්ත..
    උදාහරණයක් හැටියට කියනවා නම් ගුරු ග්‍රහයාගේ හොඳ පලාපල හොදින්ම ලැඛෙන්නේ යුරෝපාකරයට අයත් රටවල උදවියටයි...
    උඩින් තියෙන එකටම මෙල් එකක් එවලා තියන්නකෝ..
    මම පුළුවන් වෙලාවක බලන්නම්...

    ReplyDelete