16 May 2010

පන්සල් ජීවිතේ පළමු පිටුව... බඩගෝස්තරේ...

අමුතුවෙන් කියන්න ඔන නැහැනේ වෙනදා වගේම ගෙදර ඇවිත් අද ටිකක් නිදහසේ හිටියා.

පහු ගිය දවසක ලේ දන් දෙන්න කියලා ගිහින් හිමොග්ලොබින් අඩු උන නිසා දැන් පුළුවන් තරම් ට්‍රයි එක දෙන්නේ ඉක්මනට ෆිට් වෙලා ලේ ටිකක් දීලා දාන වැඩෙට තමයි.
ඒ හින්දා මෙ දවස්වල කොහොම හරි නිදා ගන්න උත්සහ කරනවා.

ඊට අමතරව ඉතින් වැඩි විශේෂයක් නැහැ.
උදේම පුංචි අම්මා කතා කරලා කුඹුරු වපුරනවා පුළුවන් නම් එන්න කියලා කිවුවා.
ඒත් උදේ වරුවෙ කලින් දා ගත්ත වැඩක් නිසා යන්න බැරි උනා..
හවස ඇට්ටි හැලෙන්න වැස්සා..
වැපිරිල්ලට යන්න තිබුනනම් මරෙ මරු.. මොනවා කරන්නද..?
හැබැයි ඉතින් මම වැඩිය කැමති ගොයම් කැපිල්ලට තමයි.
කොහොම හරි ඒ වැඩෙ චකබ්ලාස්...

ලියන්න කියලා මෙලෝ දෙයක් මතකෙට එන්නෙත් නැහැ.
මතකය ජනනය කරන්නාවූත්, ශක්තිය ලබා දෙන්නා වූත් ඒ අසිරිමත් පානයෙන් මඳ පමණට සප්පායම් වෙලා තිබියදීත් අනේ මන්දා..?

මතකයට එන්නේ නැතුවමත් නෙවී.. එනවා කප්පරකට එනවා...
ඒත් ඒ දේවල් අද ලියන්න එච්චර ෆිට් එකක් නැහැ.

වස කම්මැලියි..

හවස වැස්සෙම ගිහින් අර පොඩි බඩගින්නට කන ඒවයින් පැකට් එකක් ගෙනාවා.
ඒකෙන් දෙක තුනක් කාලා දවස අරඹන පානයෙන් වීදුරුවකුත් හදාගෙන බිවුව වෙලාවෙ මතක් උන දෙයක් කියන්නම්කෝ..

ඒ මම ගෙදරින් යන්න ගිය දවස..
එදා මම ගෙදරින් ගියේ හවස තුනට හතරට වගේ..
ඒ ගිහින් කොළඹ බස් නැවතුමෙ ඉදලා අහම්ඛෙන් වගේ හිතුනු බස් එකක නැගලා එම බස් රථයේ ගමනාන්තය වූ කුඩා නගරයෙන් බැහැලා. බස් නැවතුම් පොල ඉදිරි පිට කඩයකින් ආප්ප දෙක තුනක් කාලා තී්‍රරොද රථ නැවතුමෙ සිටි අයකුගෙන් අසා ගත් මං සළකුණු ඔස්සේ රාතී්‍ර දහයට පමණ නගරයේ සිට කිලෝ මීටරයකට වඩා මදක් වැඩි දුරකින් පිහිටි පන්සලට පැමිණියා..

තරමක් රෑ බෝවී තිබූ නිසාදෝ පන්සලේ සියළුම විදුලි පහන් නිවා දමා තිබූ අතර ආවාසයෙහි ඇතුළත පමණක් විදුලි එළියක් දැල්වෙමින් තිබුණා..

ටක්..ටක්..
ආවාසයෙහි දොරට දැමූ තට්ටුව නිසා දොර අසලම ජනේලය සෙමින් විවෘත කර වයස දහසයක දහහතක පමණ හිමි නමක්
ඇයි මොකද..? යනුවෙන් විමසූ අතර

අපේ හාමුදුරුවනේ මම මෙ ගෙදර පොඩි ප්‍රශ්නයක් වෙලා ගෙදරින් පිට වෙලා ආව ගමන්..
මට අද රෑ නවතින්න තැනක් හොයා ගෙනයි ආවෙ...යනුවෙන් පිළිතුරු දුනිමි.

එයින් පසු තවත් ස්වාමීන් වහන්සේලා දෙනමක් පැමිණි අතර ඔවුන් දෙදෙනාම වයස විසි පහකට ආසන්න පෙනුමක් තිබූ අය විණි.

අනතුරුව එම හිමිවරුන් තිදෙනාම විසින් අසනු ලැබූ ප්‍රශ්න පත්‍රයකටම පිළිතුරු දීමෙන් අනතුරුව එහි නැවතීම සඳහා වූ අවසරය මා හට ලැබුණේ මාගේ ගමන් මල්ලද විශේෂ පරීක්ෂාවට භාජනය කිරීමෙන් අනතුරුවය.

පසුව ආවාසයෙහි ඉදිරිපසම වූ කාමරය මට පෙන්වා එහි නිදා ගත හැකි බව දන්වා...
( එදා පටන් මා මහණ වූ පසුවත් මා විසින් දිගටම පරිහරණය කරනු ලැබූවෙ එම කාමරයම විය)
කළුවරේම මුහුණ කට සෝදා ගැනීමටත්, නෑමට සහ වැසිකිළි යාමට හැකි ස්ථානත් පෙන්වා දුන්නේ ඉහත කී පොඩි නම විසිනි.
උන් වහන්සේ චන්දවිමල නම් විය...

පසුව නිදා ගන්නා තෙක් රූපවාහිනිය නරඹන්නට කැමති නම් පැමිණෙන ලෙස දැන්වූ නමුදු මා හට ඇවසි වූයේ හැකි ඉක්මනින් වෙහෙසකර හා වේදනාත්මක වූ දිනය නිමා කර නිදා ගැනීමට වූවත් ආරාධනය පිළිකෙව් නොකළ හැකි නිසාම ඒ සඳහා වූ කාමරය වෙත ගියෙමි.

එම ආවාස ගෘහය තුල වූ හරිහමන් කාමරයක් යැයි කිව හැකිව තිබුනේ එම කාමරය පමණි.
තරමක් විශාල කාමරය තුළ පැරණි අල්මාරියක් තබා තිබූ අතර එහි කරඩුව සහ තවත් පොත් පත් කිහිපයක් පමණක් තිබුණි. (පසුව දැන ගත් පරිදි විහාරස්ථානය සතු සියළුම පොත් පත් ප්‍රමාණය එය විය.)

රූපවාහිනිය නරඹන අතරතුර කලින් කී පොඩි නම එතැනින් ඉවත්ව ගොස් පැය භාගයකින් පමණ පසුව පැමිණියේ තරමක් විශාල කෝප්ප තුනක් සහ සාමාන්‍ය ප්‍රමාණයේ කොප්පයකට කට ආසන්නය වන තෙක් නෙස්ටමෝල්ට් පුරවාගෙනය.

එම කෝප්ප අප සියළු දෙනා අතර ඛෙදා හැරුණු අතර මා හටද කුඩා කෝප්පය ලැබිණි.

එයින් නොනැවතුණු හිමි නම අල්මාරියේ යට තට්ටුවක් විවර කොට ක්‍රීම් ක්‍රැකර් පැකට්ටුවක් ගෙන එය කඩා සියළුම දෙනා හට එහි වූ බිස්කට් ඛෙදා දෙනු ලැබීය..

මා හට ලැබුනු විස්කෝතු කිහිපය පිළිගෙන ඉන් එකක් සෙමින් සපන්නට වීමි.

අයියේ ඔහොම නෙවී මෙන්න මෙහෙම කරන්න.. කියමින් පොඩි නම උන්වහන්සේ අතවූ කෝප්පයෙන් මදක් පානය කොට කෝප්පයේ ඉඩ කඩ සාදා ගෙන තමා අත වූ විස්කෝතු කිහිපය කුඩා කැබලිවලට කඩමින් නෙස්ටමෝල්ට් බඳුනට දමන්නට විය.. තරමක අපුලකින් වූවද මාද එලෙසින්ම කල අතර අන් හිමිවරුන්ද එම ක්‍රමයම අනුගමනය කරමින් හුන්නෝය..

විස්කෝතු කඩා බඳුනට දමා අවසන් වූ පසුව මඳ වෙලාවක් තබා පෙගුණු බිස්කට් කැබලි සමගම නෙස්ට මෝල්ට් කොප්පය පානය කිරීම ඊළග කර්තව්‍යය විණි.

අපහසුවෙන් වූවද එම ක්‍රියාව අනුගමනය කරන්නට මටද සිදු විණි.
ඇත්තෙන්ම පටන් ගැන්ම දුෂ්කර වූවද එය එතරම්ම අපහසු කාරණයක් නොවණ බව මඳ වෙලාවකින් මා හට වැටහී යන්නට විය.

මෙහෙම තමයි අයියේ අපේ ජීවිතේ..මොකෝ බඩගිනි නොවෙන්න අපි යකඩින් හැදිලැයෑ..
පොඩි නම කියනු ඇසිනි.

අද සවස බිස්කට් සපමින් නෙස්ටමෝල්ට් පානය කරනා අතරතුර මා හට මෙම පැරණි සිදුවීම යළිත් සිහිපත් විණි.

එදායින් පසුව යළිඳු කිසි දිනක එම අයුරින් රාත්‍රී ආහාරය පිරිමසා ගැනීමට උන්වහන්සේලාට සිදු නොවූයේ මවිසින් එතැන් පටන් ගත වූ සෑම දිනකම මා හට හැකි පමණින් රාත්‍රී ආහාරය සඳහා බතක් මාළුවක් පිළියෙළ කර දීම ආරම්භ කරනු ලැබීම නිසාවෙනි.

සුදු කැකුළු බත් සමග පන්සලේ වූ සරුවට වැඩුනු කරපිංචා ගසෙන් කඩා ගත් කරපිංචා කොළ විශාල ප්‍රමාණයක් යොදා සකස් කරනු ලබන පරිප්පු හොද්ද අප සියළු දෙනාගේම ප්‍රධාන ආහාර වේල විණි.
හැකි වූ විටක කරවල කැබැල්ලක් තෙල් දමා දීමත් පොල් සම්බෝලයක් තලා දීමත් මා අතින් සිදු වූ අතර..ඒ නැතත් පරිප්පු හොද්ද සමග පමණක් වූවද සුදු කැකුළු බත යහමින් අනුභව කල හැකිවීම නිසා එතැන් පටන් උන්වහන්සේලා හට කලින් සඳහන් කරනු ලැබූ නෙස්ට මෝල්ට් සහ ක්‍රීම්ක්‍රැකර් මිශ්‍ර තලපයක් වැනි වූ ආහාරයෙන් වැළකි සිටීමට හැකි විණි.

මෙයින් පසුව ආරම්භ වූයේ ගරා වැටෙමින් තිබූ විහාරස්ථානයක ස්වර්ණමය යුගයේ ආරම්භය වූ අතර එම කතාව ඉදිරියේදී හැකි අයුරින් සටහන් තැබීමට සිතේ ඇතත් ඉවීමට තරම් ලිවීමට කාර්යක්ෂම නොවන මගේ දෑගිළි එයට සහය දෙන්නේදැයි මා නොදනිමි.

................................

"ඔබ කියන දේ පිළිබඳව තවත් වරක් සිතන්නේ නම් මැනවි.
ඇයි මෙවා අහලා කලකිරෙන්නේ..
යථාර්ථය තේරුම් ගන්ට ගන්ට මිනිස්සු කලකිරෙන්නේ නැහැ..
යම් සංහිඳියාවකට පත් වෙනවා මිස..
මෙ කතාව මම කවදා හරි කියලා ඉවර වෙන දවසට මට උවමනා මිනිසුන් අමුතුවෙන් මෙ දේවල් ගැන කල්පනා කරලා හැම දෙයක් පිළිබඳවවත් උපේක්ෂාවෙන් බලනවා දකින්නට විනා..කිසිවකුටත් පන්සල් පිළිබඳව හෝ ගිහි සමාජය පිළිබඳව හෝ කලකිරවීම නොවෙ.. "

31 comments:

  1. මට පොඩි ප්‍රශ්නයක් තියනවා .........

    ඔන්න අහනවා......

    මහනදම් පුරන හාමුදුරුවරුන්ට රාත්‍රි ආහරය අකැපද?බුදු රජානන් වහන්සේ එසේ දේසනා කරතිබේද?පින්ඩ පාතය පමනක් තහනම් කලේද?

    මෙම ප්‍රශ්නයෙහි වැරැද්දක් ඇත්නම්...කියවන ඇත්තො කමාකරන සෙක්වා!

    ReplyDelete
  2. ඉලන්දාරියා...

    මෙක අහන්න ඔන අපේ තරිඳු මලයගෙනුත්..

    විකාල භෝජනා වෙරමණී කියලා කිවුවම ඉතින් වැඩෙ කම්මුතුයිම තමා...
    ඒත් ඉතින් බඩ කුරු කුරු ගාන කොට මොනවා කරන්නද..?

    හැබැයි මෙ ශික්ෂාපදය පනවන්න හේතු උන කාරණා අතර රෑ කාලේ පිණ්ඩ පාතේ වැඩිය අපේ රහතන්වහන්සේ නමකට වැඳුනු ඉඳුල් වතුර පාරක් වගේම..
    රෑට බඩපුරා වැළදුවම නින්දයන නිසා භාවනා කරන්න වෙන අපහසුතාවයත් බලපෑවා.
    ඒත් ඉතින් අද කාලේ රෑට භාවනා කරන ස්වාමීන් වහන්සේලා ඉන්නේ බොහෝම ටිකයි.
    ඒ වගේමයි එදා වගේ කළුවරෙ පිණ්ඩපාතේ යන්න දැන් ඔන නැහැ. විදුලි බලය තියෙනවා නෙව.
    අනික දැන් පිණ්ඩපාතේ යන්නේ එහෙමත් තැනක විතරයිනේ..

    ReplyDelete
  3. අනේ හනිච්චං.....කියවද්දි නම් මරු කියලා හිතුනට.ටානේ මන්දා..මම බුද්ධ පුත්‍රයෝ ගැන කලකිරීමෙන් කතා කරනව එහෙම නෙමේ,ඒත් මේ කාලයේනම් සිල්වත් බුද්ධ පුත්‍රයෙක් හොයාගන්න අමාරුයි...මාරයියත් මාත් එක්ක එකගයි කියලා මම හිතනවා.

    දැන්නම් ඔය විකාල භෝජනා ප්‍රයිඩ් රයිස් නේ

    ReplyDelete
  4. දිල්...

    සිල්වත් කම මනින්න කොරමයක් නම් නැහැ.
    අනිත් එක තමයි, මොකටද සිල්වත් බුදුපුතුන් සොයන්නේ..?

    ReplyDelete
  5. විහිලුවට නෙවේ අයියේ කියන්නේ. ඔයාගේ ඔය කතාවෙන් සිරා ෆිල්ම් එකක් හදන්න පුලුවන්. ඔයගෙ ඔය පැවදි ජීවිතේ සියලුම අත්දැකීම් එකතු කරලා සෑහෙන්න ලොකු දෙයක් කරන්න පුලුවන්. නරකද පිටපත ලියන්න පටන් ගත්තොත් දැන්මම. විහිලු නෙවේ සිරා කියන්නේ.

    ReplyDelete
  6. ඔය පටන්ගත්ත එක දිගමට ලියන්ඩකෝ. කියවන්න මාර ආසයි පිලිවෙලකට නැතත් කමක්නෑ. ලියන්න. මම තව පැය දෙක තුනකින් ලංකාවට එන්ඩ තියෙද්දිත් කමෙන්ට් කලේ ඔය කතාව දිගමට ලියන්න කියපා කොහොම හරි කියන්න ඕන හින්දයි! ඔය මැජික් අරිස්ටෙ දැන් නැවැත්තුවොත් මොකද? බුද්ධි - සයිබර් යාය

    ReplyDelete
  7. අනුරාධ...

    ඇත්තටම මට තියෙන හීනයක් තමයි සිනමාව...
    පිටපතක් වගේම අවශ්‍ය මට්ටමෙන් අධ්‍යක්ෂණයටත් ඇගිළි ගහන්න ලැඛෙ නම් මම කැමති අංශයක් තමයි.
    ඒත් ඉතින්.. නොකෙරෙන වැඩවලට මහන්සිවෙලා වැඩක් ඇතෑ..

    ReplyDelete
  8. බුද්ධි...

    අනේ අම්මෙ බඩියා දැක්ක කල්..අප්පරමාණ සංතෝෂයි.
    බලමු බලමු.. ලියන්නනං ගොඩාක් දේ තියේ...

    ReplyDelete
  9. අනේ මාරයියෙ දිගටම ලියන්න.
    අපි ඉන්නවනෙ කියවන්න.

    ReplyDelete
  10. මතක මංපෙත...

    ලියන්නනම් ආසයි ඒත් මෙක කොටන්න තමයි එපා වෙන්නේ...

    ReplyDelete
  11. ඒක නම් එහෙම තමයි. ලියන්න පටන් ගන්න හිත හදාහන්න තමයි අමාරු. ඒත් පතන් ගත්තට පස්සෙ නම් නවත්ත්ගන්න බෑ....
    පුලු පුලුවන් වෙලාවට ලියන්නකො. අපි මග බලාගෙන ඉන්නම්.......

    ReplyDelete
  12. සිරාවටම ඔය ඇත්තමෙයි. අයියට කියන්න මගෙත් තියෙන එකම හීනෙ ඒකම තමයි. මන් දැන් පුංචිම පුංචි දුරක් ඇවිදන් ඇවිල්ල තියෙනවා. ඒත් අප්පෝ තව යන්න තියෙනවා මහ ගොඩක් දුර.

    ReplyDelete
  13. අනුරාධ...

    ඔහොම යන්..
    ගිහිල්ලා පුළුවන් උන දවසක අපිටත් කතා කරන්න අපිත් එන්නං...

    ReplyDelete
  14. පටන් ගත්ත එක නවත්තන්න එපා අර තරිඳු මලය වගේ. දිගටම ලියන්න. අපි ආසයි කියවන්න.

    ReplyDelete
  15. මාරයියට /

    සිල්වත් බුද්ධ පුත්‍රයෝ ඉන්න ඕනෙනෙ අයියෙ. මහ කකුළුවො ඇදේට ගිහින් පොඩි එවුන්ව කෙලින් අරින්න බෑනෙ. ඒ නිසා

    ReplyDelete
  16. @මාරයියා
    අනේ ලියපන් අයියේ.. එතකොටවත් කට්ටිය මගේ ඔලුව කන එක නවත්තයිනේ සුදත්ත සාදුගේ කතාව ලියපන් කියල. විකාල භෝජනය ගැන ලිපියක් ලියන්න අදහසක් තියෙන නිසා ඒ ගැන මුකුත් කියන්නෙ නෑ මෙතන.

    @දිල්
    තරහ වෙන්න එපා මෙහෙම කිව්වට. අනිත් අයගේ සිල් අපට වැඩක් නෑ. හාමුදුරුවෝ සිල්වත් උනාට අපි නිවන් යන්නෙ නෑ. අනික අඩුම තරමේ පෝදා අටසිල් නිති පන්සිල් හරියට රකින්නෙ නැති අපි හාමුදුරුවන්ගේ සිල් ප්‍රශ්න කිරීම සදාචාරාත්මක නෑ.

    ReplyDelete
  17. අනිවා අනිවා. ශුවර් එකට කතා කරන්නම්.
    කරනවනම් මන් පුංචි වැඩක් කියන්නම්. කොහෙන් හරි පොඩි කැමර් කෑල්ලක් හොයාගෙන ශෝට් ෆිල්ම් හදන්න බලන්න.

    ReplyDelete
  18. මට හිතෙන හැටියට රෑට කන්න එපා කියන්න හේතුව වෙන්න පුලුවන් ලෙඩවලින් වැලකෙන එක. හාමුදූරුවරු ඇග වෙහෙසන්නේ නෑනේ. ඉතින් එහෙම වුනාම දිගුකාලිනව ඔය කොලෙස්ටරොල්, දියවැඩියාව වගේ ලෙඩ හැදෙන්න පුලුවන්නේ.ඕක වෙන්න බැරිද හේතුව?

    මාරයෝ ලියපාන්....අපි කියවන්න බලන් ඉන්නේ..

    ReplyDelete
  19. අයියේ ඔයා නම් කතා පොතක් අනේ..අයියේ ඔය ස්ටොරි දාලා ෆිල්ම් එකක් කලත් ඔයාට ඒක රිලීස් කරන්නනම් වෙන්නෑ.හමුදුරුවරු එකතු වෙලා ඔයාව කෝටු මස් කරයි, අනික ඔයා බුදුදහමට නිගාකලා කියලා දැඩි දඩුවමුත් විදින්න වේවි ඔන්න.දන්නවනේ අපේ රටේ ඉන්න බෞද්ද සැදැහැවතුන්ගේ තරම...

    ReplyDelete
  20. ගෙදරින් යන්න උන හේතුව මොකද්ද?

    ReplyDelete
  21. PrPraසන්ன...

    හෝව්.. හෝව්...
    මම තාම ලියනවද නැද්ද කියලා හරියටම හිතලා නැහැ..
    බලමු...

    ReplyDelete
  22. දිල් ...

    මම කියන්න ගිය දේ අන්න තරිඳු මලයා හරියටම කියලා තියෙනවා...
    අපේ හුගාක් අය බලන් ඉන්නේ සිල්වත් අයගේ කර උඩින් නිවන් යන්න...

    ReplyDelete
  23. තරිඳු...

    නියමයි මලේ...
    ඔය දීලා තියෙන්නේ රියල් එකට...

    මෙ මගේ ලිවිල්ලෙන් වැඩක් නැහැ උඹ පටන් ගත්ත කතාව ලියලා ඉවර කරපන්.. මාත් බලන් ඉන්නේ ඒක බලන්න..

    ReplyDelete
  24. අනුරාධ...

    බලන්ට ඔනේ..

    ReplyDelete
  25. Grey...

    ඒ කාරණාත් බලපාන්නට පුළුවන්...
    නමුත් හාමුදුරුවරුන්ට හොද ව්‍යායාමයක් තියෙනවා දැන් ඉන්න සමහරු කම්මැලි උනාට...

    මළුපෙත් මංපෙත් හැමදීම කියන්නේ..මනසට වගේම කයටත් ඉතා අනගි ව්‍යායාමයක්.

    ReplyDelete
  26. මම...

    කවදාවත් කාපූ පතේ පහරන්ට හොඳ නෑ නෙව නගේ...
    කොහොමත් මම හාමුදුරුවරුන්ව විවෙචනය කරනවට වඩා කැමති ඇයි ඒ අය ඒ වගේ තත්වයකට පත් උනේ කියන කාරණාව පිළිබඳව කතා කරන්ටයි..

    ReplyDelete
  27. මචෝ අර කලින් කියල තිබ්බ වගේ මේක මූවී (ෆිල්ම්) එකකටනම් මරු, ඒත් ලංකාවෙ කළොත් නම් වැඩේ අනාථයි. අර ඒකොන් ට වුන එකේ හොද එක තමා උඹට වෙන්නේ. පරිස්සමෙන් අපේ බුද්ධාලම්භන ප්‍රීතිය උතුරා ගිය හොර උපාසකලගෙන් ගුටි කන්න වෙයි.

    ReplyDelete
  28. KAS...

    ඒකනම් ඇත්ත.
    ඒත් ටිකක් පරිස්සමින් ලියන්න බලන්න ඔන...

    ReplyDelete
  29. අයියා කතාවේ ආරම්භය නම් නියමෙටම නියමයි. අපිට හාමුදුරුවරුන්ගේ ජීවිතේ ගැන අභ්‍යන්තරෙන් බලන්න ලැබෙන අවස්ථා හරිම අඩුයිනේ. මේ වගේ කතාවකින් ඒ අඩුව පිරිමැහෙයි කියලා තමා මට හිතෙන්නේ.

    කාලයක් තරිඳු අයීයා ලියපු සුදත්ත හාමුදුරුවන්ගේ කතව ආසාවෙන් කියෙව්වා. ඒත් කොහෙද ඒ යෝධයා ඒක අතරමඟ නැවැත්තුවානේ.

    ReplyDelete
  30. Hasitha ...

    තරිඳුට බනින්න එපා මල්ලී ඔවා ඔහොම තමයි..

    ReplyDelete
  31. මේ කොටස කලින් බැලුවත් අද ඉඳන් මේ කතාවේ ඔක්කෝම ටික පිලිවෙලට බලන්න ගත්තා කියලා කියන්න මෙන්න කොමෙන්ට් එකක් දැම්මා.

    ReplyDelete