10 May 2010

මම වෙමි කවි මඩුවෙ හිත හොඳ මරයියා..

සාමෙන් එන කලෙට මම වෙමි පරෙයියා..
ගේමට ගේම දෙන එළ කිරි හපුයියා..
කෙල්ලන් ඉන්න තැන කවදත් කොඛෙයියා..
මම වෙමි කවි මඩුවෙ හිත හොඳ මරයියා..

ඉන්නා සැවොම දැන් මෙ ටික අහන්න..
කොච්චර දැගළුවත් බැහැ නුඹලට දිනන්න..
කවියේ අසිපතින් හරඹය කොරන්න..
හැකි අය සිටී නම් සටනට වරෙන්න..

සිවුපද නොවෙ දෙපදින් වුව වැඩ පෙන්නා..
මාරය අයිය ඉස්සර ටොප් වැඩ දුන්නා..
ඒ කෙළි හරඹ නැවතත් සිහියට ගන්නා..
ඇටැඹිලි කොළුන් දැන් මා දැක දුව යන්නා..

82 comments:

  1. මොකද මේ අද මාරය ඇවිස්සිලා වගේ එක දිගටම පොස්ට් දාන්නෙ?

    හොදයි හොදයි ඔහොම යන් ඔහොම යන්...

    අපිත් එන්නම්කො විසිල් එකක් ගහල චියර් පාරක් දීලා, පද එහෙම අමතක උන වෙලාවට හොද හූවක් එහෙම දෙන්න.

    ReplyDelete
  2. නැතිඋව හැකියාව කවියට මෙන් ඇලපාත
    හිතුනා කවක් කියනට මට දැක මෙක
    සහයට නුබේ ආවොතින් මම එහෙම
    කැමතිද එක්ක යන්නට කවි මඩුව වෙත

    ReplyDelete
  3. නම ඇහුවම කාගෙත් ඇඟ සලිත වෙනා
    මාරය සහෝ කුලප්පු වී උඩපනිනා
    මම සුදත්ත හීරලු වෙමි නුඹ ලෙසිනා
    යුගලාසනෙන් කවිබණ කියමුද දෙදෙනා

    ReplyDelete
  4. අන්තිම පදේ මාත්‍රාවක් අඩුයි "දුව යන්නා" කිව්වනං හරි

    ReplyDelete
  5. යම් කිසි බිව් දෙයක් වැරදී ලද මන්දා
    මාරය ඇවිත් ඇත වීරය ලෙස අන්දා
    "ලූලා" නැති වලේ සැක බිය නැති හන්දා
    හොඳ හැටි උඩ පනින් නුඹ තව "කන" උන්දා

    :P

    ReplyDelete
  6. ගඩොල් මල්ලි මෙ ටික ඔබ අහගන්න..
    මෙ අයියා නැහැ එන්නේ පරදින්න..
    ඔබ හිටියත් මට වෙන තුරු වරදින්න
    ගඩොල් මොටද බ්ලොක් ගල් තියෙනව ඔන්න..

    ReplyDelete
  7. ගජමන් නෝනා නූනත් නූතන කවියේ..
    එක්කන් යන්න ආසයි මඩුවට මැණිකේ..
    එහි ගොස් දෙදෙන කවි කියනා විට හනිකේ..
    පැරදී නොයාවිද කවි රජවරු පිටියේ..

    ReplyDelete
  8. ඇල්මෙන් දයාවෙන් කරුණාබරිත උන..
    බැල්මෙන් කලාවෙන් පෙන්වා සැමට සෙත..
    සුදත්ත අපේ හීරළු නම පෙරටු කොට..
    මම පද බදිමි අද දින කවි සෑයේ කොත..

    ReplyDelete
  9. Anonymous...

    හැබෑව නේන්නම්.
    ඔන් හැදුවා.
    වරද පෙන්වා දුන් ඔබට තුති..

    ReplyDelete
  10. ලූලා මොටද කනයා ඇත්නම් වලට..
    ලූලට රජ කමක් දුන්නේ කවුරුන්ද..
    ලූලා උන්නැහේ කියලා හිතෙනවද..
    ලූලෝ ඉතින් ඇවිදින් පැනපං වලට..

    ReplyDelete
  11. පුළුවන් එකෙක් එනු සටනට කියමින්නේ
    මළකෑ කබල් කඩුවක් ගෙන හොළවන්නේ
    ඔය වැනි චණ්ඩි අපි ඕනෑ හැටි දන්නේ
    ලූලා මෙන්න ආවා දැන් බලපන්නේ

    ReplyDelete
  12. මාරයාගේ හෝරාව ට/

    තැන්කූ අයියේ සහයට මා ගත්තාට
    නෙලන්නටම වෙනවා මේ කොල්ලන්ට
    පදමට අනලා අරගන් මඩ තලි අතට
    හරියට බලලා ගහපං හරි ඉලක්කෙට

    ReplyDelete
  13. උන්නැහේ (පිලේ පැදුර) ට/

    පණ්ඩිත කමට මොන මොනවද දොඩවාලා
    කන්න යන්නේ ඉල්ලාගෙන මෙහි පැනලා
    දන්නෙ නැද්ද මාරයියගෙ වැඩ ඔහෙලා
    සහයට මමත් ඉන්නවා මේ වැට පැනලා

    ReplyDelete
  14. අය්යෝ මෙන්න කෙල්ලොත් ඇවිදින පොරට
    මාරය එක්ක සෙට් වීලා නෙලයි මට
    කවුරුත් නැතිද යන්නට මා හා මුරට
    තනි යම උවත් කම් නැත මම යමි පෙරට

    ReplyDelete
  15. රන්වන් කඩුපතක් මට මොකටද අතට..
    මලකෑ කඩුව හොදටම ඇති මෙ දෙයට..
    ලූලන් කොටන්නට මහ රෑ ඇළ ලගට..
    රන්වන් කගපතක් ගෙන යන්නේ කුමට..

    ReplyDelete
  16. දිල් මගේ නංගි නුඹ මා ළග සිටී නම්..
    යන්නේ නොමැත මා කිසිවිට බියේ නම්..

    ReplyDelete
  17. කෙල්ලන් මොටද උන්නැහෙ මම ගෙනෙන්නේ..
    නුඹ වන් අයට නැහැ කෙල්ලන් යොදන්නේ..
    බල්ලන් උනත් උසි ගන්නා බලන්නේ..
    එතරම් උවත් නුඹ නැහැ නොව වටින්නේ..

    ReplyDelete
  18. යන්තං හූර ගත්තොත් උඹ එය වනලා
    අපිනං නැතේ යයි පිට ගැස්මට හැරිලා
    ගොඩ අරගන්න වෙයි හොඳ බෙහෙතක් විදලා
    මේ ටික කිව්වෙ උඹ් ගැන මට දුක හිතිලා

    ReplyDelete
  19. උන්නැහේ (පිලේ පැදුර) ට/

    සහයට ඩැනී විලසින් හැම වෙලාවෙම
    මම ඉන්නවා මාරයියගෙ අත ලගම
    ඔය මොන උන්නැහේ ආවත් බය නැතුව
    දෙනවා ජම්බු ඇතිවෙනකම් හිටු ඔහොම

    :D

    ReplyDelete
  20. ගොර බීරම් හඩින් මහ නද පතුරවලා..
    උන්නැහෙ හිටිය මුත් අද මෙහි පැමිණීලා..
    යන්නට වෙවී තව ටිකකින් පැරදීලා..
    එතකම් ටිකක් ඉන්නට දෙන්නම් නටලා..

    ReplyDelete
  21. බල්ලන් දමන මන්තර නං දනිමි මම
    කෙල්ලන් උනත් ඒවායෙන් දමමි බිම
    බලු මන්තරේ අහන්නෙ නැති උණොත් හෙම
    බලු මැකි මන්තරත් ඇත ඕනෑ තරම

    ReplyDelete
  22. පොච්චියෙ තව ටිකෙන් වැඩ කොට උඩ යනවා..
    දිල් නංගියා දැන් කෝපෙන් දිලිහෙනවා..
    උන්නැහෙ ඉතින් තමුසේ යන්නට යනවා..
    නැත්නම් ඉතින් කෙස් ගස් ටික ගැලවෙනවා..

    ReplyDelete
  23. බල්ලන් වගේ නොව උන්නැහෙ අපෙ කෙල්ලන්..
    දැන් හරි වසයි දමනට බැහැ ඒ සෙල්ලන්..
    බලු මැකි මන්තරෙත් අල්ලාගෙන හොල්ලන්..
    උන්නැහෙ ඉතින් වෙන්නට යනවා සල්ලන්..

    ReplyDelete
  24. කවි මඩුවකට පෙර ප්‍රැක්ටිස් කරන්නට
    අගනා පොරක් ලෙස ඔබ සිතුවෙමි මුළට
    එනමුත් ටිකෙන් ටික පත් විලා බයට
    යන්නට කියයි නංගිව දාගෙන පෙරට

    ReplyDelete
  25. ප්‍රැක්ටිස් මොටද කවි මඩුවට උන්නැහෙට..
    කෙල්ලන් නැතිව මඩුවක් නෑ නොවෙද හැඩ..
    කෙල්ලන් පිරුණු කවි මඩුවෙ මුලසුනට..
    එන්නට හිතක් හෙම නැතිවද උන්නැහෙට..

    ReplyDelete
  26. අමාවකට හඳ පායනු දුටුවෙද..
    පසලොස්වක රෑ අහසේ තරු ඇතිද..
    කවි මඩුවට උන්නැහෙ නුඹ එන්නෙහිද..
    ඒ ඇවිදින් මට පැරදී නොයාවිද..

    ReplyDelete
  27. උන්නැහේ (පිලේ පැදුර)ට/

    කෙල්ලන් නැතත් මාරයියගෙ වැඩ ඉහලයි
    දන්නේ නැතුව උන්නැගෙ දගලනව හැඩයි
    දත් ටික නැතුව බත් කන්නට හිතලා වගෙයි
    උන්නැගෙ ඉතින් දැන් නම් බොට අබ සරණයි

    ReplyDelete
  28. එන්නට ගියා ගොස් ඉස්ටෝරුව පැත්තේ
    අපහට ඉසිඹුවක් නුඹළට වගෙ නැත්තේ
    හිතට දුකයි හරි දරුණුයි මෙහි තත්තේ
    එනමුත් තැබූ පය නෑ පස්සට ගත්තේ

    ReplyDelete
  29. දිල් කෙල්ලගෙ කවිවල හැඩ දුටුවෙ අදයි..
    ඒ හැඩ දැක තාමත් මගෙ හිතට බයයි..
    කවියෙන් උවත් පුපුරනවා බොහොම සැරයි..
    මින් පසු විහිළු නොකරමි නුඹ හරිම හොඳයි..

    ReplyDelete
  30. මම නම් කවි ලියන්න උත්සාහ කරල නෑ. නියම කවි ටික

    ReplyDelete
  31. උන්නැහේ (පිලේ පැදුර)ට,

    හිත හොඳ මාරයිය සමඟින් දිල් සෙට් වීලා
    උන්නැහේට දාගෙන නෙළනව දැකලා
    "අනේ අනිච්චං - දුක්ඛං" කියැවීලා,
    මං එන්නම් ඔබෙ සහයට උඩ පැනලා

    ReplyDelete
  32. Praසන්ன ...

    අමුවටම ඉන්නේ නැතිව ඔන්න ඔහේ ලියමු සහෝ..

    ReplyDelete
  33. දැකල නැතත් දිල් කිසිදින නුඹෙ මූණ
    කවි පද වලින් පළවෙයි එහි ඇති ගාණ
    ලොකු දත් විලිස්සන් දිව එලියට දාන
    වාගේ හිතෙයි මූණක් යකුමට ගේන

    ReplyDelete
  34. දිල් නංගියේ මෙන්න කවුරුද ඇවිදිල්ලා..
    උන්නැහෙ ගැන අසයි මක්කද මන්දා..

    ReplyDelete
  35. උන්නැහෙ ඔහොම නොකියන් මගෙ නංගාට..
    ලස්සන ඇගේ නුඹ නැත දැක කිසි කලෙක..
    පෝදා අහස් කුස පෑයූ සඳු විලස..
    ඇගෙ රුව දිසේ පායා බ්ලොග් අඹර තුල..

    ReplyDelete
  36. @ freedom

    අනේ වරෙව් කවුරුන් හරි පිං බෝම
    තනියම අමාරුයි ඇද ගන්නට ගේම
    හිත හොඳ එකා මුත් මාරය හැමදාම
    අර කෙල්ලගෙන් නොවැ බේරෙන්නට බැරිම

    ReplyDelete
  37. දිල් නංගියේ පව් අපෙ උන්නැහැ උන්දෑ...
    තනියට අරන් එනවා කවුරුද කැන්දා..
    ඒ එන කෙනා කවුරුන් වූවද අල්ලා..
    බන්දා දෙමුද උන්නැහැ අල්ලා අන්දා..

    ReplyDelete
  38. මක්කාවත් නොවේ අයියේ මං ඇසුවේ
    එක්කා සමඟ දෙන්නා හටනකි දුටුවේ
    (දැක්කා තරාදිය ගෑවෙනවා පොළොවේ)
    කොක්කා දමන්නට ඒකට ඇයි සිතුවේ

    ReplyDelete
  39. උඹ බය නොවී හිටපං නංගියෙ ප්‍රීඩම්
    මට හොඳහුරුයි ඔය වැනි බොරු නරි වාදම්
    හරකුන් අඬන්නේ ගැල වුන විට ලාඩම්
    අපි සෙට් වුණොත් උගනියි උන් හොඳ පාඩම්

    ReplyDelete
  40. එළ කිරි එළම කිරි නොවැ උන්නැහේ එය
    දෙන්නම එකතු වී කරවමු මුංව බය

    ReplyDelete
  41. කවියක් කියන්නට නුඹෙ නම ගෙන බන්දා..
    සිතුවත් කරන්නේ එය කෙලෙසද මන්දා..
    ආවත් ඉතින් සහයට තවකෙකු හන්දා..
    ඵ්‍රීඩොං නගේ දිව ටැපලෙයි නම හින්දා..

    ReplyDelete
  42. උන්නැහැ\ප්රීඩම්...

    දෙන්නට දෙන්න ගැලපෙනවා එක වාගේ..
    දෙන්නට හිතයි අල්ලා බන්දා දීගේ..
    පෝරුව නැතත් කරනට කටයුතු පෙරසේ..
    බානට බඳිමි විය ගහ යට නුඹෙ දීගේ..

    ReplyDelete
  43. උන්නැහේ (පිලේ පැදුර) ට/

    මම නැති වෙලාවේ මට සත්තම දමලා
    මොනවද උන්නැහේ කියවන්නේ ඔහෙලා
    මාරයා මගේ ලග බව අමතක කරලා
    කිව්වට ඔය කතා මම නෑ බය වීලා

    ReplyDelete
  44. හයියො මාරයා උඹ දැන් විනාසය
    උන්නැහැ ගහනවා ෆ්‍රීඩම් එකේ හය
    යාරය පනහ ගානේ සුදු රෙදි වේය
    දිල් නන්ගියේ මහපන් දැන් මුගෙ කොඩිය

    ReplyDelete
  45. සත්තයි දුටිමි මම සීනෙක පෙර දවස..
    නැගලා ගියා බානක් බැඳි කරත්තෙක..
    අම්මපා දැනුයි සී වෙන්නේ එය මිතුර..
    උන්නැහැ සමග ප්රීඩම් නොවෙදෑ බාන..

    ReplyDelete
  46. freedom ට/

    නිකම් ඉන්න බැරුවට ඇවිදින් මෙතන
    සහයට ඩැනී උවොතින් ඉවරයි ඔන්න
    උන්නැගෙ ඉතින් ඉන්නේ පැදුරත් හෙම අකුලාන
    තව ඩිංගකින් උන්දෑ ඉවරයි ඔන්න

    ReplyDelete
  47. Indika ට/

    ඔය මහ චන්ඩි මම කරනවා අද නොන්ඩී
    ආවොත් තවත් කවියෙන් එලවනවා චන්ඩී
    දාගෙන මහ උජාරුවෙ ආවට ඔය කින්ඩී
    අපි බය වෙයිද ඔය සද්දෙට අයියන්ඩී

    ReplyDelete
  48. උන්නැහැ සමග ‍ෆ්‍රීඩම් පමණක් නොවෙතී
    ඉන්දික කියා මහතෙක් මෙහි පැමිණ ඇතී
    දැන් එක පිලට අපගේ තුන් දෙනෙක් වෙතී
    මාරයො නුඹේ අවසානය පැමිණ ඇතී

    ReplyDelete
  49. ඒ හීනෙම තව කොටසක් මම දුටුවා..
    කුරු කුරු ගගා බලු කුරුවෙක් අප ගාවා..
    කරත්තයට ලං වී රිය සක ගාවා..
    පාදය උස්සලා මොන මොනවද කෙරුවා..

    දුප් බලුතඩිය කියමින් ඇද්දත් කෙවිට..
    දුටු විට මුහුණ මගෙ හදවත මෙලෙක් විය..
    දෙන්නේ කෙලෙසින් කුක්කට මම පාර..
    උන්නේ ඉන්දික මලය නෙව රිය සක ගාව..

    ReplyDelete
  50. අනෙ දිල් නංගි චුට්ටක් මේ අහපන්නේ
    මල පැන්නාට කවිපද නෑ ලියවෙන්නේ
    අදහස්, එලිසමය සහ මත් ‍රැකපන්නේ
    ෆවුල් කවි වලට නැහැ උත්තර දෙන්නේ

    ReplyDelete
  51. උන්නැහේ (පිලේ පැදුර)ට/

    නොකරනු තව කතා අපෙ මාරයියාට
    සහයට දිල්ලා ඉන්නවා ඔහු ලහින් සිට
    කවියෙන් අපේ වැඩ පෙන්නා අද යසට
    සීයක් එක්ක ආවත් බය නෑනෙ බොට

    :D අපි බය වෙයි ඕවට නේද මාරයියේ

    ReplyDelete
  52. මාරයො නුඹේ කවි දැන් කිසි කමක් නැත
    යක්සය ඇවිත් හිටවපු දත් වගේ ඇත
    දැන් හිඳිලනං කළියෙන් දා ගත්තු විත
    ආයෙත් ටිකක් දාගන්නා එකයි යුත

    ReplyDelete
  53. උන්නැහේ (පිලේ පැදුර) ට/

    යන්නට කලින් හදහන හෙම බලාගෙන
    නැකත් නැතත් ලණුවක් හෙම හොයාගෙන
    බදිනට කරත්තය ගොනෙකුත් හොයාගෙන
    උන්නොත් හොඳයි කවිමඩුවේ තැනින් තැන

    ReplyDelete
  54. උන්නැහේ (පිලේ පැදුර) ට/

    මාරයියගෙ ඇද හොයනා මේ උන්දා
    දන්නේ නැතුව බොරුවට දාගෙන සද්දා
    පැදුරත් අතේ හකුලන් ඉන්නා හින්දා
    අනේ අපොයි මොනවා උනාදැයි මන්දා

    ReplyDelete
  55. මොනවද කරන්නේ ඇහුවොත් මගෙ ලොක්කා
    හැංගෙනු මිසක අද මම කියමිද මක්කා
    කෙලෙසක කියන්නද ඇති සැටියෙන් දක්කා
    කවි කී බවක් සමඟින් මේ ඔළු බක්කා

    ReplyDelete
  56. කවි නොව දැන් ලියන්නට මට තිබෙන්නේ
    ගිලන් රථ දෙකක අඩුවක් පෙනෙන්නේ
    පමා වුනොත් දෙන්නෙක් එලොවට යන්නේ
    වන් වන් නයින් එකටයි මා කොටන්නේ

    ReplyDelete
  57. පැහැදිලි නැතත් එතරම් කියනා හදිය
    කුමක් හෝ දෙයක් සිදුවී ඇති සැටිය
    අය්ය නගෝ දෙන්නට රථයක් ඇතිය
    තවත් එකක් මොටදැයි ‍තෝරණු බැරිය.

    ReplyDelete
  58. නොකොටන් දිලේ නොකොටන් වන් වන් නයින
    එලොවට යන්නෙ නැහැ දැන්මම මේ දෙදෙන
    යතොත් යන්නෙ නුඹලා සැවොමත් රැගෙන
    එහෙයින් මුසා බස් නොදොඩන් ලොඹු කටින!


    රයිම් වෙන හන්දා ලීවේ තරහකට හෙම නෙවෙයි ඕං
    :-(

    ReplyDelete
  59. freedom ට/

    කවියක් හින්දා උන්නැහෙ මැදිවී හොදට
    තැලෙනවා අක්කෙ තැලෙනවා මිනිහා යසට
    මට බෑ තවත් බුරුලක් දෙන්නට ඔහුට
    යවනට හිතුවා ඔහු කුදලන් අපායට

    ReplyDelete
  60. පිස්සු හැදෙනවා මාරයියේ...අද ඔෆීස් එකේ බොස් නැති නිසාම හොදට ගියා. උදේ ඉදන්ම මෙතැන...හයියෝ..හිනා වෙලා පණ යනවා
    ;D

    ReplyDelete
  61. නගේ නගේ මාරයියා සොයා වරෙන්
    ඇඳ පල්ලේ සැංගී ඇත බලා වරෙන්
    අඬන බබුට නැළවෙන්නට කියා වරෙන්
    අදට ඇතේ හෙට ප්‍රැක්ටිස් එකට වරෙන්.
    :D

    ReplyDelete
  62. මාරයාගේ බ්ලොගයේ පිස්සු නැටීම ගැන මාගේ බලවත් මොකද්ද එක මාරයාට පළකර සිටිමි.

    ReplyDelete
  63. @දිල්,
    "යවනට හිතුවා ඔහු කුදලන් අපායට"
    කීවම ඔයත් යැවෙනව නොවැ අපායට
    තරඟෙට මට උන්නැහැ දී සහායට
    අනේ නගෝ නුඹ පලයන් අපායට

    ReplyDelete
  64. හපොයි මගේ පොන් රාජයාට පින් සිද්ධ වෙන්න උන්නැහැ මෙතන වීරයා වෙලා නෙව..
    ඒත් කොහෙද දිල් නගා ඔය දීලා තියෙන්නේ එළටම.

    ReplyDelete
  65. අපොයි දැන් ඇති නේද?

    කෝ මේ මාරයිය උන්නද මළාද නෑනෙ.

    කවි ලියන එක පොලිෂ් උන එකම මදැයි. ඔෆිස් එකෙන් එළෙව්වත් මොකෝ......
    බඩත් රිදෙනවා හිනා වෙලා. කට්ටියම නියම කවි කාරයොනෙ ඈ????

    ReplyDelete
  66. යන්නට උනත් ටිකකට මට මෙයින් පිට..
    ආවෙ නැවත දෙන්නට මුන්දලැට බැට..
    ඉන්නේ හිතාගෙන මහ වීරයො ලෙසට..
    උන්නැහැ ඔන්න මං ආවා ගේමකට..

    ReplyDelete
  67. හප්පා එපා වෙනවා දැන්නම්..
    මගේ පොන් එකේ බැටරි ලව් උනානේ..
    ඒකෙන් මෙකෙන් තව පෝස්ට් එකක් ලියලා දා ගත්තා..
    අද තව එකක් ලියන්න ඔනෑ කොහොම හරි..

    උන්නැහේ,
    ප්රීඩම් නගා,
    ඉන්දික සහෝ..
    බොහෝම ස්තූතියි මෙ පැත්තේ ඇවිත් නටපු නැටිල්ලට ඈ..

    දිල් ඉතින් මාර සප් එකක් නෙව දුන්නේ.. ජය වෙවා කිවුවා.

    ReplyDelete
  68. බොරුවට දුටුව දේ ගෙරි සමේ ඉන්දන්
    කෙරුවායයි කියා වාදන් නොදී ඉන්දින්
    ගෝපයි නුඹ, උරන ගෙරි ලේ කනේ ඉන්දන්
    කෙලෙසක බැට දේද කුරු බලු රජුට ඉතින්

    ReplyDelete
  69. තැන්කු මචා තැන්කු...තව ටිකක් කට්ටිය වඩෙ ඇදන් ගියානම් තමා එල. ඔහෙට මේ වැඩ ඉවර වෙන වෙලාව උනාට අපි ඉතින් දැන්නෙ වැඩ පටන් ගන්නෙ. හරි ආයි දවසක සෙට් වෙමු. උදේම මාර ආතල් එකක් ගත්තෙ...එල..එල

    ReplyDelete
  70. රයිටෝ..
    ජය වෙවා..කිවුවා.

    ReplyDelete
  71. wow නියමයි නියමයි අයියන්ඩි.ඔහොම යාන්...
    ආහා එක දෙයක් කියන්න ඕනා හිත හොද කමින්නම් මාරයා අයියා 1st තමා...
    අනේ හපොයි අයියේ ඔයා තමා දැන් අනිත් ඈයන්ගෙන් බේරගන්න ඕනා............

    ReplyDelete
  72. පැන පැන ගියෙමි මේ පැත්තෙන් හදිස්සියේ
    සද්දය මොකක්දැයි බැලුවෙමි හපොච්චියේ
    ඔබ අන් අයට බැඳි පද කියැවිමි අයියේ
    රන්කිරි කට ගෑවෙ කවුරුද නුඹේ අයියේ

    කට්ටිය සැවොම බැඳි පද කියවා බැලීමි
    කවුරුත් දෙවෙනි වෙන පාටක් නැති හැඩකී
    බැරි වැඩ කරා හාවිය මදකට නැවතී
    සැම පරදන්ට අයියට ශක්තිය පතමී.......

    මේ නෝන්ඩි එපා ඈ.....දන්නවනේ මං අහිංසකී රටක් වටී....... :) :)

    ReplyDelete
  73. මම...

    නුඹ බය වෙන්නෙ කුමටද නංගියේ 'මම'..
    ඉන්නව නේද මෙ අයියා නිතර ළග..

    ReplyDelete
  74. හා පැටික්කී...

    මගෙ සුදු නගේ නුඹ සිටියා නම් සවස..
    දෙන්නෙමි බැටෙ සිටි මා වට කර අවට..
    නුඹටත් එක්ක හරියන ලෙස කරට කර..
    දිල් අක්කා සිටියා නෙව තනි නොකර..

    මෙ කිවු කවි පදය දෙස බලනා කලට..
    තේරෙයි නුඹත් සුළුපටු නැති බව කවට..
    ඊ ළග දිනේ මම යනවිට කවි සබට..
    නුඹත් රැගෙන යන්නෙමි මගෙ තනිවාට..

    ReplyDelete
  75. මටදැයි සුදු නගා කීවේ අයියේ නුඹ
    තිහටත් කලින් හතිලිස් ඇඳිරියවත්ද
    දිල් අක්කණ්ඩි හොල්ලයි මඩුවම යසට
    මේ හාවිය මොකටදෑ අයියේ බැරි වැඩට........

    ReplyDelete
  76. හා පැටික්කී...

    කළු හාවියෝ මම නම් නෑ තව දැකලා..
    ඒකයි සුදූ කියලා කිවුවෙ පැනලා..
    මෙ කළු හාවි මෙතුවක් කල් කොහි ඉදලා..
    ආවද මන්ද මන් දන් නැහැ අනෙ මන්දා..

    ReplyDelete
  77. අනේ අයියේ ජංජාලේ බිඳ වැටිලා
    නෙට් යාමත් ගොළුබෙලි ගමනට වැටිලා
    තාමත් බැරිය දිග ඇරගන්නට පිටුවා
    මම යමි අයියේ මේ ගොළුබෙල්ලා දමලා.......

    වරදක් නැතේ අයියේ සුදු කිව්වාට
    අපෙ උක්කුන්ට වෙයි මම නම් කළුවාම
    අවනඩුවක් උනත් බැහැ නොවැ නඩු යන්ට
    උක්කුන් කියන දේ අහගෙන ඉඳිමි මම :( :( :( :(


    මේක එවන්නෙත් අයියේ
    පුල් ට්‍රයි එක දමලා....... :( :( :( :( :( :( :(

    ReplyDelete
  78. ජංජාලය කොයි කවදත් ඔහොම තමා..
    අපි නැග්ගොත් පුවක් ගහෙත් දෙබල් තමා..
    අමාරුවෙන් ආවත් ඔබ නොවී පමා..
    වටිනව නගෝ වටිනව ආ ගමන නොබා..

    සුදුද කළුද මට නැහැ එය වටින්නේ..
    පාට මොක උනත් අපෙ හා පැටික්කිනේ.
    කවියෙන් කවිය දැන් ඔබ පිමි ගහන්නේ..
    ඒකයි නගෝ මට වැඩියෙන් වටින්නේ..

    ReplyDelete
  79. දැන් නම් ඇතිය හාවියේ බැරි වැඩ කෙරුවා
    මගේ හිත හිමින් සීරුවෙ මා හට කිව්වා
    කලකින් කෙරූ වැඩකිය මේ පද බැඳුමා
    මම නවතිමි තරහා නොම වෙනු අයියා.....

    :D :D

    ReplyDelete
  80. කරදර ගොඩක සිත පැටලී සිටින වෙලේ
    දුටුවේ නැතිය මේ කවි පොර පිටිය බොලේ
    ඉසුඹුව ලැබුව මුත් අද දින හවස් වෙලේ
    කවි වාදෙකට දැන් කල් පැනලාය මලේ

    -කකා

    ReplyDelete
  81. දැන්මම රෙඩිපිට වගේ ...........

    ReplyDelete