19 May 2010

පන්සල් ජීවිතේ... පළමුවෙනි දවස...

සියළු අපේක්ෂාවන් හා බලාපොරොත්තු වල දමා අරමුණක් නැතිව යන ගමනේ මට හමු වූ මෙ අපූරු නවාතැනින් පිටව යාමට මට උවමනාවක් නොවීය...

එහි නැවතී සිටීමට මා කැමති වීමි.
විශේෂයෙන්ම සැපතක්යැයි කිව හැකි කිසියම්ම හෝ දෙයක් නොවුණද..? එහි මා වැන්නෙකුට අවැසිම වූ දෙය වූ විවෙකය හා සැනසීම තිබිණි.
කිසිදු බාහිර කරදරයක් නොවුණි.
කල යුතුවූයේ ලැඛෙනා දෙයකින් සැනසී පාඩුවෙ සිටීම පමණකි.
මා නැවතීමට තීරණය කළෙමි.

පළමු දිනය ගෙවී යමින් තිබිණි.
එක් දිනක් තුළ මා බොහෝ දේ උගෙන තිබිණි.
කොහොමටත් ඉතා පහසුවෙන් ඔනෑම දෙයක් බලා සිට එය ඉගෙන ගැනීම සඳහා වූ මා සතු හැකියාව මෙහිදීද මා හට උපකාරී විය.
දිනය ගතවී යන ලදි.

තවත් දිනක් උදා විණි.
මා පසු දින සිටම වැඩ බාර ගතිමි.

දින කීපයකින් මා විහාරස්ථානයේ සියළු ආවතේව කටයුතු මා වෙත පවරා ගතිමි.
එයින් විශේෂයෙන්ම සතුටට පත්ව සිටියේ කුඩා හිමිනමය..

සාමාන්‍ය දින චරියාව මෙසේ විය..

උදෑසන පහමාර හය වන විට මම අවදිවීමි..
පළමුකාර්යය වූයේ මුහුණ කට සෝදා ආවාස ගෘහය අතුපතුගා පිරිසිදු කරලීමය..

අනතුරුව බුද්ධ පූජාව තබන බන්දේසිය හා කුඩා පාත්‍රයත් පැන් වීදුරුවත්, බුද්ධ පූජාව ඛෙදන හැදි කිහිපයත් සෝදා කුඩා දාන ශාලාවෙ මෙසය මත තැන්පත් කර තැබීමය.
එසේම දායක ඇත්තන් විසින් ගෙන එනු ලබන දානය මාරු කරගත යුතු බඳුන් කිහිපයත් සෝධා පවිත්‍ර කර ඒ අසලම තැබිය යුතුවිය.
අනතුරුව හීටරය ගසා වතුර රත් කර සියළු දෙනා හටම තේ පිළියෙළ කළ යුතු විය.
පිළියෙළ කල තේ සියළුම හිමිවරුන්ගේ ඇඳ අද්දර තිඛෙනා වූ කනප්පු හෝ මෙස මත තබා පීරිසි වලින් වසා දමා උන්වහන්සේලාහට ගිලන්පසට ආරාධනා කල යුතුය.
නමුත් ඒ ආරාධනය උන්වහන්සේලාට නෑසෙන සේය...

උන්වහන්සේලා ආරාධනය පිළිගත්තත් නැතත් මා එම කර්තව්‍යය අවසන් කර මිදුල ඇමදීම සඳහා යන්නෙමි.

ටික වෙලාවක් යන විට උපාසක මහතෙකු හෝ මහත්මියක් විසින් උදෑසන දානය රැගෙන එන අතර මෙය දිනපතාම සිදු නොවන කටයුත්තකි.
ඒ දිනවල මාසයේ දින තිහෙන් දින දහ හතක් පමණක් ස්ථීර වශයෙන් දානය ලැබුනද..අන් දිනවල උදෑසන හීල්දානය නොලැබීම සාමාන්‍යය කරුණක් විය.
කෙසේ හෝ දානය ගෙන එන්නාත් සමගම ඒ එන කවුරුන් හෝ සමග දන් ගෙට ගොස් ගෙන ආ දාන භාජන විවෘත කර පිළියෙළ කර තැබූ බුද්ධ පූජා බන්දේසියට බුද්ධ පූජාව ඛෙදා පැමිණි දායක මහත්මා හෝ මහත්මිය අත තබා එය පූජා කිරීම සඳහා බුදු මැදුර වෙත යවා අනතුරුව වහ වහා ගෙන ආ දානය පන්සලේ භාජන වලට මාරු කර දානය රැගෙන ආ භාජන ටික සෝදා පවිත්‍රකර ගෙන යාමට සුදුසු පරිදි සකස් කර තබා දවසේ අසීරුම කාර්යයට යමි.

මුළින්ම චන්දවිමල පොඩි හාමුදුරුවන් ළගට ගොස්..

පොඩිහාමුදුරුවනේ...පොඩි හාමුදුරුවනේ...
ම්හ්....ඇයී.....
දානය ගෙනල්ලා.. ඇවිදින් පින් දුන්නානම්...
අනේ...අයියේ...මට නිදි මතයි...අර සුමෙද හාමුදුරුවන්ට කියන්නකෝ...

සුමෙද හාමුදුරුවෝ ළගටත් ගිහින්..

සුමෙද හාමුදුරුවෝ...දානය ගෙනල්ලා පින් දෙන්න වඩිනවද..?
අනේ මලයෝ නාරදට කියපන්කෝ...

මහ කාමරයේ නිදා සිටින නාරද හාමුදුරුවන් ළගට ගොස්..

නාරද හාමුදුරුවනේ..නාරද හාමුදුරුවනේ...
ඇයි.. මොකද...?
දානෙට පින් දෙන්න වඩිනවද..?අර දෙන්න තාම නිදි..
අනේ බං අර චන්දවිමලටම කියපන්කෝ...

ආයෙමත් පොඩිහාමුදුරුවන් ළගටම යෑමට සිදු වන අතර නැවතත්..

පොඩිහාමුදුරුවනේ...
යංකෝ දැන් උපාසක අම්මාත් ඇවිත් වාඩිවෙලා බලන් ඉන්නවා..
පටස්ගාලා පින් දීලා ඇවිත් ආපහු නිදා ගන්නකෝ...

මොන......මන්දා..

හැමදාමත් වගේ සිදුවන මෙම ක්‍රියාදාමය කෙළවර වන්නේ මෙලෙසිනි.
යන්තම් කට සෝදාගෙන විත් පින් වාක්‍යය පමණක් ඉක්මනින් කියා ආපසුගොස් ඇඳට වැටෙන පොඩිහාමුදුරුවෝ..
නැවත නැගිටින්නේ අන් දෙදෙනාත් සමගම තවත් පැය බාගයකින් පමණ පසුවය...

වචනයෙන් නොකීවද මෙ සෑම දෙයක්ම දානය ගෙන ආ අයට රහසක් නොවන බව ඔවුන්ගේ මුහුණු බලන කල මා හට කිව හැක.

දානය ගෙන ආ අය ගියාට පසු මිදුලේ ඉතිරි කොටසද ඇමද නිමවා..
ඇග සෝදා ගන්නා මා නැවත දාන ශාලාවට පැමිණ අප සියළු දෙනාගේම පිගන් සෝදා මෙසය මත පේළියට තබා ගෙන ආ දානය සමසේ ඛෙදන්නෙමි.
සමහර විට එක් අයකුට ඉඳිආප්ප පහක පමණ ප්‍රමාණය පමණක් ඛෙදෙන අවස්ථා ඔන තරම්ය..

දානය ඛෙදා අවසන මෙසය හා භාජන අස්පස් කර..
බුද්ධ පූජාව තැබූ බන්දේසිය රැගෙන විත් එහි ඇති දෑ අනා බලූ කුක්කන් කිහිප දෙනාට ඛෙදා දී භාජන සෝදා තබා අවසන් වන විටම වාගේ උදෑසන මා සකස් කර තැබූ ගිලන්පස කෝප්පය හිස් කරමින් අපේ හාමුදුරුවරුන් දාන ශාලාවට පැමිණ තිඛෙන දෙයක් ඔහේ වළදන අතර මාද මට හිමි පංගුව ගිල දමා..නැවත තේ වතුර ආදිය ඇවසිබව කවුරුන් හෝ පවසන ලදි නම් එම අවශ්‍යතාවයද ඉටු කරදී උන්වහන්සේලා දන් වැළදූ පලගාන්ද සෝදා පසෙක තැබීමෙන් පසුව උදෑසන රාජකාරි මුරය අවසන් වන අතර..

ඉන්පසු සමහර විට ආරම්භවන්නේ ක්‍රිකට් වසන්තයයි.

මිදුල මැද සිටවූ පෝර ලී තුනකින් සමන්විත කඩුල්ල ආරක්ෂා කර ගනිමින් පන්දුවට පහරදීමට සියල්ලන්ම පොර කයි.
පන්දු යැවීම මා හට අයත් කාරියකි.
නමුත් ඉතා ඉක්මනින්ම තිදෙනාම දවා ලු කල මාහට ලැඛෙන අවස්ථාවෙදී ඉතා සෙමින් පහරවල් එල්ල කරන්නට මා සැලකිළිමත් වන්නේ..පන්දුව පසුපස ඈත දිව යාමට හාමුදුරුවරුන්ට සිදුවූවහොත් එය එතරම් සුදුසු නොවන බැවිනි.
දහවල් එකොළහට ආසන්න වද්දීම මෙම කටයුත්තද අවසන් වන අතර දවසේ දෙවන වැඩ මුරය ආරම්භ වන්නේද වෙයි.

.............................................

"ඔබ කියන දේ පිළිබඳව තවත් වරක් සිතන්නේ නම් මැනවි.
ඇයි මෙවා අහලා කලකිරෙන්නේ..
යථාර්ථය තේරුම් ගන්ට ගන්ට මිනිස්සු කලකිරෙන්නේ නැහැ..
යම් සංහිඳියාවකට පත් වෙනවා මිස..
මෙ කතාව මම කවදා හරි කියලා ඉවර වෙන දවසට මට උවමනා මිනිසුන් අමුතුවෙන් මෙ දේවල් ගැන කල්පනා කරලා හැම දෙයක් පිළිබඳවවත් උපේක්ෂාවෙන් බලනවා දකින්නට විනා..කිසිවකුටත් පන්සල් පිළිබඳව හෝ ගිහි සමාජය පිළිබඳව හෝ කලකිරවීම නොවෙ.. "

49 comments:

  1. දැනුත් ඒ දවස්වල වගේම වැඩ මුර දෙක තුනක්ම කරල දානවා නේද?

    ReplyDelete
  2. කතන්දර...

    නැතුව නැතුව..

    ReplyDelete
  3. මාරයියේ මේකනම් අතරමග නවත්තන්න එපා.. දිගටම ලියමු...

    ReplyDelete
  4. නිශාචරයා ...

    ඔහොම කියන්න එපා මලේ..
    මම පුරුදු වෙලා තියෙන්නේ එපා කියන දේම කරන්න නෙව...

    ReplyDelete
  5. අපොයි එහෙමද??? එහෙනම් මේ කතාව ආයෙ ලියන්නම එපා.... :D :D

    ReplyDelete
  6. නිශාචරයා ...

    මට දැන් හිතෙනවා උඹ කියන එකත් අහලා බලන්න.

    ReplyDelete
  7. මම හිතුවා උඹ ඕක කියයි කියලා.. ඒකයි 'මේ කතාව' කිව්වේ. දැන් මේක කොහොමත් ලියලා ඉවර නිසා ආයෙ ලියන්න දෙයක් නෑනෙ. දැන් ලියමු ඉතුරු ටික... :D

    ReplyDelete
  8. ඔය කොටන්න කම්මැළියි කිව්වට දීල තියෙන්නෙ එලටම...

    මාරයාණෙනි,
    ඔයවැනි අත්දැකීම් තුලින් පන්නරය ලැබීමට තරම් සැමදෙනාම පින් කර නැත. අප කෙරෙහි අනුකම්පා උපදවා ඉතුරුටිකත් ලියාපං. :D


    ඊට පස්සෙ ඒ ටික එකතු කරළ පොතක් ගහමු... (විහිළු නෙවෙයි බං ෆුල් සිරා)

    ReplyDelete
  9. අපට ඔය වගේ අත්දැකීම් ලබාගන්න බැරි නිසා හුදී ජනයාගේ පහන් සංවේගය සඳහා අත්දැකීම බෙදා‍ගැනීම පිණිස දිගටම ලියමු.

    ReplyDelete
  10. පුංචි ප්‍රශ්නයක්. ඔබ ඔය පන්සල හොයා ගත්තේ කොහොමද? කලින් ඒ ගැන දැන සිටියාද නැතිනම් හිස හැරුණු අත යන ගමනක හමුවූ නවාතැනක්ද?

    ReplyDelete
  11. අපි වගේ ගැත්තනට අනුකම්පාව වදාරා මේ වගේ රස මුසු අද්දැකීම ලියන්න මාර අයියෙ.මේක නම් නියමයි****

    ReplyDelete
  12. කොහන් කොහන් ගිහින් හරි ඉතින් ඕනෙ තැනටම ගිහින් තියෙනවා නේද මාරයියේ.......

    ReplyDelete
  13. උදේ පාන්දරම නැගිටින එක පොඩි කාලේ ඉඳල මට ගෙදරින් පුරුදු කරල තිබ්බ. පන්සලේ උනත් ඔක්කොටම කලින් නැගිටල, ඝන්ටාරේ ගහල අනිත් අයව නගිට්ටල තේ හැදුවේ මමයි. අපේ හාමුදුරුවරු 100 විතර හිටිය. පින් දීම මටනම් හරි ලේසි වැඩක්. මම මුලින්ම හිටියේ සියම් නිකායේ පන්සලක නිසා පින් වාක්‍යයක් පාඩම් කරගෙන කියෙව්ව. බුද්ධ පූජාව තියන්න මම හරි කමතියි. අපි හාමුදුරුවරුන්ට මේ කන්න ලබෙන්නෙ ඉතින් බුදු හාමුදුරුවෝ නිසානෙ. ඒ නිසා බුද්ධ පූජාව උන්වහන්සේට කරන ස්තූති කිරීමක් විදියට මම සැලකුවා

    ReplyDelete
  14. මමත් මේක දිගටම කියවනවා... අදහස් ඉතින් පස්සෙ කියන්නම්....

    ReplyDelete
  15. ඔය ජිවෙතේ පිටුවෙන් පිටුව මම කියවනවා.....ගොඩක් ලොකු අත්දකිම් එකතු වෙනවා......සමහර එවා මගේ ජිවිතයත් එක්ක ගැලපෙනවා......

    ReplyDelete
  16. මුල් ලිපි දෙකයි මේකයි එක දිගට කියෙව්වා. දිගටම ලියමු, අපි එනවා කියවන්න.

    ReplyDelete
  17. හොද වැඩක්... ඒ වුනාට ප්‍රවේසමෙන් ලියන්න...අපි භික්ෂූන් ගැන ලියද්දි...ඕනවට වඩා පුද්ගලික දේ ලියන්න හොද නෑනේ.

    ReplyDelete
  18. හරිම සිත් ඇදගන්න කතාවක් වෙලා දැන් නම්,හැබයි මාර බොස් ඒ ටිකේ ආතල් එකේ ඉදලා වගේ, ඔහොම යමු

    ReplyDelete
  19. හෆෝයි, මම හොඳටම ප්‍රමාධයි නෙව. කතාවේ කොටස් කීපයක්ම ගිහින්. කොහෙද මට මේ උණක් බෝ වෙලා කෙළින් හිට ගන්න අමාරුවෙන් නෙව පහුගිය ටිකේ උන්නේ.
    :(

    ReplyDelete
  20. ade matath hithenawa mahana wenna... hodata eli wenakan nidagena...negitala kaala...cricket gahala inna puluwanne :D
    koheda oya pansala thiyenne?

    ReplyDelete
  21. Good Machan please write all....love this

    ReplyDelete
  22. ඔයාට ඕන උනත් දැන් මේක නවත්වනව බොරු අයියේ.......
    ලියන්න ලියන්න කම්මැලි වෙන්නැතුව දිගටම ලියන්න........

    පාඨක පිරිස දවසින් දවස ඉහලටම............

    ReplyDelete
  23. නිශාචරයා...

    හහ්..හහ්..හා...
    උඹ දිනුම්...

    ReplyDelete
  24. උන්නැහේ...

    මෙකත් දැන් පොතක් වගේම නෙව..
    බැරිද මට පෙරවදනක් ලියලා දෙන්ට..?

    ReplyDelete
  25. Praසන්ன...

    අත්දැකීම ගන්න එක මහ අමාරු නැහැ..
    ටිකක් ඈත පළාතක හරි කමක් නැහැ පන්සලක් සෙට් කර ගන්න එකයි තියෙන්නේ..

    ReplyDelete
  26. Taboo Subjects...

    නැහැ මම කළින් දන්නා පන්සලක් නෙවී..
    නමුත් එයට කිලෝමීටරයකට විතර ළගින් එක වතාවක් ගිහින් තියෙනවා..
    ඔළුව හැරුනු අතේ යන්න කියලා පිටකොටුවෙ බස්ටෑන්ඩ් එකේ ඉද්දී ආපු බස් එකකට නැගපු වෙලේ ඒ බස් එකේ ගමනාන්තය උනේ මෙ පන්සලට කිට්ටුම කුඩා නගරය.
    එතැන ඉඳන් පාර අහගෙන පයින්ම රෑ කළුවරෙ ඇවිත් තමයි හොයා ගත්තේ...

    ReplyDelete
  27. හසිත ජයසූරිය ...

    බලමු.. මලේ..

    ReplyDelete
  28. දිල්...

    මම හැමදාමත් හිතන දෙයක් තමයි..
    අපිට ඔන තැනට අපට යන්නටම වෙනවා කියන එක.

    ReplyDelete
  29. තරිඳු...

    ඇත්ත..
    ගහ දන්න අයට කොළ කඩාපාන්න ඔන නැහැනේ නැද්ද..?

    ReplyDelete
  30. kumaraya...

    හොඳායි... හොඳායි...

    ReplyDelete
  31. ඉලන්දාරියා...

    ඉතින් ඇයි අපටත් දැනගන්න එක්ක ඒවා ලියන්නේ නැත්තේ...

    ReplyDelete
  32. budhajeewa...

    බොහෝම සතුටුයි...

    ReplyDelete
  33. Ano...

    ඇත්ත..
    මාත් පිළිගන්නවා..
    ඒත් මම මෙතනදී හදන්නේ භික්ෂූන්ට හෝ සාසනයට පහර ගහන්න නෙවෙයි...
    භික්ෂූන් වහන්සේලා කියන්නේත් අනිත් අය වගේම සාමාන්‍යය මනුස්ස කොට්ඨාශයක් බව කියන්නත්..
    ඔවුන්ගෙන් අමුතු විජ්ජා බලන්න ලෑස්ති වෙන්න එපා කියන්නත්...
    ඒ වගේම ඔවුන් ගැන මීට වඩා අනුකම්පාවෙන් බලන්න පුරුදු වෙන්න කියන පණිවිඩයත් දෙන්න..
    මෙම ලිපි අවසානයේ මම ඒ පණිවිඩය දෙනවා.
    ස්තූතියි.

    ReplyDelete
  34. ItalyDilan...

    මම මගේ ජීවිතේ හැමදාමත් වින්ඳ මිනිහෙක්..
    විඳින දේ දුක උනත් සැප උනත් ඒ දේ උපරිමව මම විඳිනවා..

    ReplyDelete
  35. Ansh Lucky Sri Jay...

    දැන් සනීපද..ඔයාට..?

    ReplyDelete
  36. Grey...

    තවම දැක්කේ සැප විතරයිනේ...

    බණ, පිරිත්,පාංශුකූල එහෙම පෝලිමට එනකොට..?

    ReplyDelete
  37. හා පැටික්කී...

    මට බයෙත් බෑ...

    ReplyDelete
  38. හාමුදුරුවො දායකයන්ට කියන ආශිර්වාද ගාථවක් තියෙනව (චත්තාරෝ ධම්මං වන්ඩංථි) නේද? ඒක කිව්වහම දායකයො හාමුදුරුවන්ට කියන ගාථාව මොකද්ද කියල කියන්න පුලුවන්ද?

    ReplyDelete
  39. Dinesh_Silva...

    ඇත්තම කිවුවොත් මට මතකත් නැහැ ඔක..
    සීලවන්තං ගුණවන්තං..
    කියලා මුල් පද දෙක යන්තං මතකයි.අමතක වීමට හේතුව තමා ඉතිං ඒ ගාථාව දායකයොම කියනවා ඇර අපිට කියවෙන එකක් නෙවීනේ..
    බලමු තරිඳුගෙන් අහලා සමහර විට මිනිහට මතක තියේවී..

    ReplyDelete
  40. සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤංඛෙත්ථං අනුත්තරං
    දුල්ලභේන මයාදල්හං
    බුද්ධපුත්තං නමාමහං

    ඔය මතක හැටි තමා. වැරදි වෙන්න පුලුවන්

    ReplyDelete
  41. @ තරිඳු අයියා : "බුද්ධ පූජාව තියන්න මම හරි කමතියි. අපි හාමුදුරුවරුන්ට මේ කන්න ලබෙන්නෙ ඉතින් බුදු හාමුදුරුවෝ නිසානෙ. ඒ නිසා බුද්ධ පූජාව උන්වහන්සේට කරන ස්තූති කිරීමක් විදියට මම සැලකුවා" නියම කතාව. ඒ කතාවට මාත් එකඟයි.

    ඒ වගේම අයියේ ඔයා දක්වපු ඒ ගාථාවට තව ටිකක් එකතු කරලා තමා අපේ පන්සලේ උපාසක අම්මලා නම් කියන්නේ. මෙන්න ඒ සම්පූර්ණ ගාථාවම

    සීලවන්තං ගුණවන්තං
    පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං
    දුල්ලභේන මයා ලද්ධං
    පස්සිතුං වන්දිතුං වරං

    සාරිපුත්තාදි ථෙරානං
    ආගතං පටිපාටියා
    සද්ධා සීලං දයාවාසං
    බුද්ධ පුත්තං නමාමහං

    මාරයියාගේ කතාව නම් ඉතින් නියමෙටම නියමයි. අපි කතාව ගැන අවදානෙන් ඉන්නේ

    ReplyDelete
  42. මාරයා සහ තරිඳු ට බොහෝම පින්. කරුණාකරල දන්නවා නම් ඒකෙ සිංහල තෙරුමත් කියන්න පුලුවන්ද? . නැවත වරක් ඔබ දෙපලට ම මේ ගෞතම බුද්ධ ශාසනයේම නිවන් ලැබීමට හේතු වාසනා වේවා!

    ReplyDelete
  43. ඒකේ සිංහල තේරුම කවියකින් තිබ්බා පොතක මේ විදිහට

    සිල්වත් ගුණවත් පින් කෙත් වෙමිනි
    සදහම ගුරු කොට ඔවදන් දෙමිනි
    යහමඟ දක්වන සත් මිත් දමිනි
    පින්වත් හිමි සඳ පා යුග වඳිමි

    තෙරුවන් සරණයි ඔබට......

    ReplyDelete
  44. ඒ කවියේ ගාථාවේ තියෙන ඔක්කොම වගේ අදහස නැහැ වගෙයි නේද ?

    ඒ පොතේ මේ ගාථාවට පස්සෙයි ඒ කවිය තිබ්බේ. කොහොම වෙතත් කවියෙත් සම්පූර්ණයෙන්ම තේරුම නැති බවයි හැඟෙන්නේ.....

    ReplyDelete
  45. හසිත මැති තුමාට ත් බොහොම පින්.

    ReplyDelete
  46. හා ඔය වැඩෙ කෙරිලා තියෙන්නේ ටිප් ටොප් එකට..

    වැඩෙට සම්බන්ධ වූ තරිඳු මලයාටත් හසිත සහ දිනේෂ් සියළුම දෙනාටත් ස්තූතියි කිවුවා...

    ReplyDelete
  47. කතාවත් කමෙන්ට් ටිකත් ඔක්කෝම කියෙව්වා . . . .

    ReplyDelete
  48. දුකා...

    හොඳායි..
    හොඳායි.. ඔහොම යං...

    ReplyDelete