20 May 2010

පන්සල් ජීවිතේ...දහවල ගෙවී යයි...

පන්සල තුළ ජීවිතය ආරම්භ හැටි කියමින් සිටි මා පෙර ලිපිය අවසන් කරනු ලැබූවෙ උදෑසන කාලය ගතවන සාමාන්‍ය ආකාරය පිළිබඳව සටහන් තැබීමෙන් අනතුරුවය...
මීළගට කළ යුතුව ඇත්තේ දිවා කල ගෙවූ සැටි පිළිබඳ විස්තර කරලීමය..

නමුත් ඊට ප්‍රථමයෙන් තවත් වදනක් මෙයට එක්කල යුතුයැයි මා හට හැගී යයි...

ඇත්තෙන්ම මා මෙම කතාව කියන්නට පටන් ගත්තත් එක දිගටම එකම කථාව කියාගෙන යාමේදී එය මා හට වෙහෙසකර වන බව කිව මනාය.

කොහොමටත් ජීවිතයේ විවිධත්වය සැමදා ප්‍රිය කරන මා හට එකම කතාවක් එක දිගට කියමින් ඒ තුළ සිරවී සිටිය නොහැක.
එසේ කළ හැකි නම් මා මුළින්ම කරනුයේ පෙර මා විසින් ලියූ ජුංඅලගේ කතාන්දර තව තවත් කියා සිටීමය..
ජුංගේ කතා එපමණට ඇත..

පන්සල් දිවිය පිළිබඳ කිමට පෙර තව කිව යුතු කතා කොතෙක් ඇත්ද..?
ඒත් ඒ සියල්ලම වූවද එක දිගට ලියාගෙන යාමට මාහට හැකියාවක් නැත..
ඉඳින්... මෙම කතා පෙළටද එම සාධාරණයම ඉටුවිය යුතුය..

මෙය කියවන ඔබ සියළුදෙනාම එක දිගට මෙම ලිපි පෙළ කියවීමට කැමති බව අමුතුවෙන් කිව යුතු නොවුනද..

එක දිගට එම කතාව කීමට මා හට අපහසු බව කරුණාවෙන් සැලකුව මැනවි..

අනික් කාරණාව වන්නේ මෙ වන විට මෙම බ්ලොගය මාගේ ජීවිතයේ වැදගත් කොටසක් වී අවසන්ය..
එම නිසා මෙම බ්ලොග් කෙරුවාව අපහසුවෙන් කර ගෙන යාමට මාහට නොහැකිය..
සැමදා සැහැල්ලූවෙන් ජීවත් වන මාහට පොරොන්දු යනු මහා බරකි.
යම් අයකුට යම් පොරොන්දුවක් දුනි නම් එය දිවි දෙවැනි කොට ඉටු කළ යුතු බව මාගේ හැගීමයි..
එනිසාම සරලව සැහැල්ලූවෙන් කිසිම අයකුට පොරොන්දු දීම මා විසින් කරනු නොලබන්නේ බොහෝ කලක සිටමය..

දුන් පොරොන්දු ඉටු නොකර තව තවත් අළුතින් පොරොන්දු දීම මහා වදයකි...

කිසිවකු හට යම් පොරොන්දුවක් වූ පසු ඔහුට හෝ ඇයට වඩා ඒ පිළිබඳව සිහියේ තබා ගන්නා මා කෙදිනක හෝ එය ඉටු කරලීමට සමත්වන විට ඒ පොරොන්දුව ගත් තැනැත්තාහටත් එය අමතක වී තිබීම කිහිප විටක්ම මා අත්දුටු කාරණයකි.

පොරොන්දු යනු මහා ණයකි.

එබැවින් මෙම ලිපි මාලාව එක දිගටම ලියනවා යැයි මා කිසිවකුට පොරොන්දු වීමට නොකැමැත්තෙමි.
විශේෂයෙන්ම මා ලියනුයේ එදි නෙදා සිදුවන සිදුවීම් සමග මගේ සිත අතීතයට දිවයෑමෙදී මතකයට නැගෙන සිදුවීම්ය..
මගේ පැරණි ලිපි හරියාකාරව කියවා ඇති අයට නම් ඒ පිළිබඳව අවබෝධයක් ඇතැයි සිතමි.
එබැවින් තරිඳුට මෙන් මා හට දිගින් දිගටම මෙය පවත්වාගෙන යා හැකිදැයි මා නොදනිමි.
ඔහු අතරමග කතාව නවතා දැමූවත් නැවත කෙදිනක හෝ එය අරඹනු ඇත..
එතෙක් ඉවසිල්ලෙන් බලා සිටිනවා ඇර කුමක් කරමුද..?
මා පිළිබඳව සහ මෙම කතාව පිළිබඳවත් එලෙසම ඉවසා වදාරන මෙන් සියළු දෙනාගෙන් ඉල්ලා සිටිමි..

........................................................................................................

වෙලාව දහවල් එකොළහේ පැයට ආසන්නය...
මෙතෙක් ක්‍රිඩා කරමින් සිටි සියළු දෙනා එම කටයුත්තත නවතා දමා යුහුසුළුව ඇගපත සෝධා ගෙන පිළිවෙලක් වීමට පටන් ගන්නා මොහොතයි මෙ...

උදෑසන අවදි වූ වෙලෙහි යන්තම් මුව දොවා තේ පානය කිරීමෙන් දවස අරඹන අපේ තරුණ හාමුදුරුවරු කිහිපදෙනා පිළිවෙළකට දත් මැද මුහුණ කට සෝධා ස්නානය කිරීම් රැවුල් කැපීම්, ආදිය කරනු ලබන්නේ දැන්ය.

බොහෝ වෙලාවට එක නමකට හෝ දෙනමකට හෝ සමහර අවස්ථාවලදී තුන් නමටම හෝ පිටස්තර පන්සල් වලින් සාංඝික දානමය පින්කම් වලට ඇරයුම් ලැඛෙන බැවින් ඒ සඳහා යෑම සඳහා දහවල් එකොළහ හමාර පමණ වන විට සූදානම්ව සිටිය යුතුය.

දහවල් පන්සලට පේරුදානය ගෙන එන්නේ නම් ඊට පෙර දින සවස දානය බාරවී ඇති දායක නිවසේ කවුරුන් හෝ පැමිණ පන්සලේ තිඛෙන දානය ගෙන එනු ලබන විශාල බත් බාස්කට් එකත් කෑලි හතරකින් සැදුම් ලත් ව්‍යාංජන දමනු ලබන බාස්කට් එකත් රැගෙන යනු ලබයි.

මෙවැනි බඳුන් කට්ටල දෙකක් පන්සල සතුව තිබුණි.
මාරුවෙන් මාරුවට මෙම බඳුන් දායක නිවෙස්වලට ගෙන යාම සඳහා දෙනු ලබයි.

විය යුතු වතාවත් හරියාකාරයෙන් සිදු වන්නේ නම් මෙම භාජන රැගෙන යාමට පැමිණෙන අය විසින් නිස පරිදි සකස් කරනු ලැබූ දැහැත් වට්ටියක් ගිලන්පසට ඇවැසි දේද සමග ගෙන ආ යුතුය..
ඒ සඳහා දැහැත්(බුලත්), පුවක්, හුණු දුම්කොළ, සහ සීනි, තේකොළ, ගිනි පෙට්ටි, පොල්තෙල්,හදුන් කූරූ, ආදියද ඇතුළත් විය යුතුය.. සමහර විදුලි බලය නැති පෙදෙස්වල නම් ඉටිපන්දම් සහ භූමිතෙල්ද මෙම ලයිස්තුවට ඇතුළත් වෙයි.
විදුලි බලය තිඛෙන පෙදෙස්වල නම් විදුලි බිල සඳහා කීයක් හෝ මුදලක්ද දැහැත් වට්ටිය පසෙක තබනු ලබයි.

විය යුතු ආකාරය කෙසේ වෙතත් ඉදහිට සමහර දායකයකු අතින් මිස මෙම කටයුත්ත හරියාකාරව ඉටු වනු දැකිය නොහැකිය.
බොහෝ විට තේකොළ පණහක් සමග සීනි දෙසිය පණහක් කඩදාසි කැබැල්ලක ඔතාගෙන විත් එය දාන ශාලාවෙ මෙසය මත තබා දාන බාස්කට් රැගෙන යන අතර සමහරුන් විසින් එයද ඉටු කරනු නොලබයි.
ඒ අතරම ඉතා පිළිවෙළින් මෙම වතාවත් ඉටු කරනු ලබන දැයක මහත්වරුන් තිදෙනෙක් පමණක් මම මෙහිදී දුටිමි.

සමහර විටක මෙම වතාවත් ඉටු නොවනුයේ මිනිසුන්ගේ දුප්පත් කම නිසා විය හැකි බව සිතිය හැකි මුත් මා අර කළින් කී පිළිවෙලකට මෙම වතාවත් කරනු ලැබූ තිදෙනාගෙන් දෙදෙනෙකුම ඉතා දිළිඳු තත්වයේ පසු වන්නන් වීම නිසා එම තර්කයද බැහැර කරලීමට සිදු වෙයි.
බොහෝ විට මෙයට හේතුව උවමනාවක් නොමැති වීම සහ කළ පුරුද්දක් දැක පුරුද්දක් නොමැති වීමත් යන කාරණා බව පසුකාලීනව මා තේරුම් ගතිමි.

කෙසේ හෝ පෙර දින දාන භාජන රැගෙන ගොස් ඇත්නම් අනිවාර්යයෙන්ම දහවල දානය පන්සලට ලැඛෙන බව ස්ථීරය.
නොඑසේනම් දානය පිළිබඳව බලාපොරොත්තු අතහැර ගැන්මට සිදු වෙයි.
නමුත් සමහර විට පන්සලේ දාන භාජන ගෙන නොගියද නිවෙස්වල තිඛෙන කුමන හෝ භාජනයන් වල අසුරාගෙන හදිසියේ ගෙන එනු ලබන දානද අතරින් පතර විය.
එවැනි දාන තරමක් භයානක අත්දැකීම්වලට හේතුවෙ.
ඊට හේතුව වන්නේ...
පෙර දින දාන භාජන ගෙන නොයෑම නිසා පසු දින දානය නොලැඛෙ යැයි සිතා සමහර විට පන්සලේ සිටිනා සියළුම භික්ෂූන් වහන්සේලා පිටත පන්සල්වල දානයට වැඩම කරනු ලැබීමයි.
එවැනි විටක පන්සලේ සිටුනුයේ මා පමණකි.

හිටි හැටියේ හොර අල්ලන්න මෙන් ගෙන එනු ලබන එවන් දානයක් පිළි ගැනීම පන්සලේ භික්ෂූන්වහන්සේලා නොසිටියහොත්.. ගෝරි ගොඩකි.

හ්ම්..අපි මහන්සි වෙලා දානේ අරන් එනවා..මුන්දැලට බැහැ පන්සලේ ඉන්න..
මොකද අපි දානේ වරද්දන අයද..?
ආයේ නම් අපි දෙන්නේ නැහැ මෙ පන්සලට දානේ..

මෙ තරමක් හොඳ ආකාරයයි..
මීට වඩා නොසරුප් ලෙස හැසිරෙන අය ඔනෑ තරම් මම දැක ඇත්තෙමි.
ඇත්තටම මිනිසුන්ගේ ගති ස්වභාවයන් පිළිබඳව හොඳින් අත්දැකීමට නම් පන්සලකම ජීවත් වී බැලිය යුතුය.

මාස කීපයකට වරක් මතක් වූ විට පමණක් දානය ගෙන එනු ලබන මෙවැනි බොහෝ අය තමන්ට වෙන් කර ඇති දාන සීට්ටුව වෙන අයකුට දීමටද සතුටු නොවෙ..
එසේ දාන සීට්ටුව අන් අයකු සතුවීම තමාට කළ මහත් වූ මදිපුංචි කමක් සේ ඔවුහූ සලකති.

නමුත් භාරගෙන ඇති දානය නිසි පරිදි දීමද ඔවුන් අතින් සිදු නොවෙ..
අවසන් ප්‍රතිඵලය හාමුදුරුවරු පමණක් නොව පන්සලේ සිටින ඇබිත්ත කොල්ලාගේ පටන් බලූකුක්කා පටන් කුසගින්නේ සිටීමයි.. බුද්ධ පූජාව ගැන කුමන කතාද..?

මෙසේ දහවල් වන විට යම් සැලැස්මකට අනුව පිරිස සූදානම් වෙති.
කලින් දින දාන බාස්කට් රැගෙන ගොස් ඇත්නම් එක් නමක් පන්සලේ රැදී සිටීම අනිවාර්යය වෙ.
ඒ දානය පිළිගැනීමටය...

අන් හිමිවරුන් පිරිසිදු වී සිවුරු පොරවා තමන්වහන්සේලා වැඩමවීම සඳහා වාහන පැමිණෙන තෙක් බලා සිටින අතර..මා දාන ශාලාව පිරිසිදු කර බුද්ධ පූජා භාජන කට්ටලය පිරිසුදු කර සූදානමෙන් සිටිමි.

දානය ගෙන එනු ලබන සැදැහැවතුන් පැමිණි පසුව එම දාන භාජන පිළිවෙළකට තබා ඉතා පරිස්සමට බුද්ධ පූජාව ඛෙදා එම පැමිණි අය අතට දී බුදු මැදුර කරා යවන අතර ඔවුන් එහි ගොස් බුද්ධ පූජාව තැන්පත් කර,තමන් විසින්ම පන්සිල් සමාදන් වී බුද්ධ පූජාව පවත්වා නැවත දාන ශාලාවට පැමිණෙන අතර තුරදී සියළුම භාජන අස් පස් කර පිළිවෙළකට තබා බිමට පැදුරු එළා පන්සලේ රැඳී සිටින හිමි නමට පින් දීම සඳහා ඇරයුම් කර මා පසෙකට වී බලා සිටිමි.

ඉච්ඡිතං..පච්ඡීතං තුහියං..
පන්සලේ රැදී හුන් හිමි නම ලහි ලහියේ පින් වාක්‍යය කියනු ලබයි..

තුන්ලෝකාග්‍රවූ අප භාග්‍යවත් සම්මා සම්බුදුරජානන් වහන්සේ උදෙසා...ප්‍රථම කොටම සුවිශුද්ධ වූ ලෙස බුද්ධ පූජාව.. පවත්වා..
ඉක්බිති.. තත්පරයට වචන හැටෙ වෙගයෙන් හිමි නම පින් දෙයි...

ඇත්තෙන්ම මෙම වතාවත් කරනු ලබමින් සිටි කාලය තුල මා හට මෙම කටයුතු මෙයට වඩා කොතරම් හොඳින් කලහැකිදැයි දහස්වර සිතී ඇත.
මහන්සි වී ගෙන ආ දානයෙහි අග්‍රභාගය ඛෙදා ඔවුන්ටම බුද්ධ පූජාව පූජාකරගන්නට ඉඩ නොහැර බුදු ගෙයි හෝ දාන ශාලාව තුළදීම හෝ පිරිස පන්සිල් සමාදන් කර ගාථා කීපයක් කියා බුද්ධ පූජාව පවත්වා පින්දීම කළ හැකි නම්..

කෙසේ හෝ එක්ස්ප්‍රස් ආකාරයෙන් පින් වාක්‍යය කියා නිමවා පැමිණි පිරිස ඉක්මනින් තම තමන්ගේ ගෙවල් වලට යවා දමන අතර එයින් පසු උවමනා නම් දානය වැළදිය හැක...

මෙ සාමාන්‍ය ක්‍රමයයි..

නමුත් වැඩෙ මීට වඩා සංකීර්ණ වන අවස්ථා තිඛෙ..

දානය ගෙන ඒම සඳහා බාස්කට් ගෙන ගොස් තිබියදීම තුන්නමටම පිටත දානයකට වැඩම කිරීමට සිදුවන අවස්ථාව ඉතා සංකීර්ණය..

පන්සලට දානය ගෙන එන පිරිස හට පින් දී ඔවුන් ඉක්මනින් පිටත් කොට යවා ඔවුනට නොදැනෙනසේ..හා ඔවුනට නොපෙනෙන සේ..
වෙනත් දානයකට වැඩීම එතරම් පහසු නැත.

කොහොමටත් දානය ගෙන එනු ලබන උපාසක ඇත්තන් තමන්ගේ දානය නොවළදා හිමිවරුන් පිටස්තර දානයන් සඳහා වඩිනවාට එතරම් කැමැත්තක් නැත.

ඔවුන් කැමති සියළුම හිමිවරුන් පන්සලේ රැඳී සිට තම දානයම වළදනවාටය...

දානය ගෙන එන වෙලාවෙහි පන්සලේ මිදුලේ වාහනයක් නවතා ඇත්නම්.. එය වෙනත් දානයකට යෑමට හිමිවරුන්ගේ සූදානමක් ඇතැයි යන පණිවිඩය දායකයා අතට ගෙන යන්නේමය..

මෙවිට බොහෝ දායක ඇත්තන් කරනු ලබන්නේ දානය පූජා කර අවසන් වූ පසුවත් පන්සලෙන් නොගොස් අවට දැවටි දැවටී සිටීමයි...
එවිට ඔවුනට පෙනි පෙනී පන්සලෙන් සියළුම හිමිවරුන්ට පිටවී යා නොහැක..

දායකයින් පන්සලෙන් පිටව ගොස් අවසන් වූවද සමහර විට පන්සල අවට පාරෙ රෑදී සිටින අවස්ථාද ඇත..

එවැනි විටක දායකයින් ආපසු යන පාරෙ නොයා අන් මගකින් වැඩම කළ යුතුය..

මෙවැනි අවස්ථාවල වැඩිම කරදරයක වැටෙන්නේ ඇබිත්තයන් වන අපය..

අද මොකද වාහනයක් ඇවිත්.. දානයකටවත් යන්නද හාමුදුරුවරු...?
කවුද පන්සලේ ඉතිරි වෙන හාමුදුරුවෝ...?
කළින් කිවුවනම් මෙච්චර ගොඩාක් හදා ගෙන එන්නේ නැහැනේ...

කචල් ගොඩයි...
(මා මෙහි සඳහන් කරනු ලැබූවෙ මෙම අවුල් වලින් සීයයට එකකටත් අඩු ප්‍රමාණයක් බව සැලකුව මනාය)

රැවුලයි කැඳයි දෙකම ඛෙරා ගෙන වැඩ කිරීමට නම් එතරම් පහසු නැත. කෙසේ හෝ හැකි සෑම උප්පර වැට්ටියක්ම යොදවා රැවුල ඛෙරාගෙන කැ+ඳබීම හොඳ ඇබිත්තියකුට කළ හැකි විය යුතුමය...
මා සිතනා පරිදි මා මගේ මුළු ජීවිත කාලෙදීම වැඩිම බොරු තොගය කියන්නට ඇත්තේ මෙ ඇබිත්තකම් කල සමයේ විය යුතුය..

(මෙම ලිපි බලනා කවුරුන් හෝ ඇබිත්තයකු වීමට සූදානමෙන් සිටීනම් ඒ පිළිබඳ උසස් ඩිප්ලෝමාවක් මාගේ උපදෙස් මත ලබා ගත හැකි බව දැනුම් දීමට කැමැත්තෙමි.)

ඔයින් මෙයින් දහවල දානයේ අවුල ලිහා..
යන්තම් හුස්මක් එහෙම අරගෙන ඊට පස්සේ ඉන්න හාමුදුරුවරුනුට දානය පිළි ගන්වා අවසන මාත් සප්පායම් වී බලූ පැටවුන්ටද කන්නට දී අවසන තවත් දානය ඉතිරි වී ඇත්නම් එය රාත්‍රියට ප්‍රයෝජන පිණිස අරන් තබා අවසන් වූ දන් බඳුන් සෝදා වෙලෙන්නට තබා.. සියළුම දෙනා කෙටි නින්දකට වැටෙන්නෝය...

පන්සලේ සිටි කාලයේ මා විසින් පුරුදු වූ නරකම දේ මෙයයි...

දහවල් එකහමාරේ සිට දෙක හමාර පමණ වනතෙක් කොහේ බිම වැටී නිදා ගැන්ම සාමාන්‍යය දින චරියාවෙ තවත් කොටසක්ම විය..

දැඩි හිරුරැස් අවසන් වන්නට පටන් ගන්නා හාම නැවත නැගී සිට මිදුලට පිළිපන් විහාරවාසීන්..
නැවතත් ක්‍රිකට් ක්‍රිඩාවෙ යෙදීම හෝ ආවාසය ඉදිරිපිට සිමෙන්ති පඩියේ වාඩිවී අඹකයියක් ගසා සිටීම විනෝදජනකය..

නමුත් මා වඩාත් ප්‍රිය කරනු ලැබූවෙ පන්සලේ අහමුළුවල තිබූ විස්සකටත් අඩු පොත් පත් කිහිපය ගෙන ඒවා කියවා තේරුම් ගැනීමට උත්සහ කිරීමටය.

ඒ අතර තිබූ එක් විශාල කවි පොතක් නිසා ජොතිෂ්‍යය ඉගෙනීමෙ ආරම්භයද මෙහා සමගම වූ බව සනිටුහන් කිරීමට කැමැත්තෙමි.
ජාතකරතනාකරය නම් වූ එය පැරණි කාලයේ මුද්‍රණය කල එකක් විය.
එහි වූ කවි සියල්ල සරල සිංහලයට පෙරළාගෙන ඉගැන්ම සඳහා මා හට වර්ෂ දෙකක් පමණ කල් ගත විණි.

මෙලෙස සෑදෑ සමය ගෙවී යන අතර සවස තුනහමාරට පමණ මා විසින් තේ කහට වත්කර කෝප්පවලට දමා ගෙන එන අතර දහවල් දානයට වඩිනු ලැබූ හිමවරුන් රැගෙන විත් තිඛෙන අවුළුපත් පිරි සිලි මල්ලක්ද ලිහා සිමෙන්ති පඩිය මත තබා එහි වූ කැවිලි කමින් සීනි නොදැමූ කහට තේ පානය කරන්නෙමු.
දහවලත් ගෙවී ගොස් අවසන්ය...

......................................

"ඔබ කියන දේ පිළිබඳව තවත් වරක් සිතන්නේ නම් මැනවි.
ඇයි මෙවා අහලා කලකිරෙන්නේ..
යථාර්ථය තේරුම් ගන්ට ගන්ට මිනිස්සු කලකිරෙන්නේ නැහැ..
යම් සංහිඳියාවකට පත් වෙනවා මිස..
මෙ කතාව මම කවදා හරි කියලා ඉවර වෙන දවසට මට උවමනා මිනිසුන් අමුතුවෙන් මෙ දේවල් ගැන කල්පනා කරලා හැම දෙයක් පිළිබඳවවත් උපේක්ෂාවෙන් බලනවා දකින්නට විනා..කිසිවකුටත් පන්සල් පිළිබඳව හෝ ගිහි සමාජය පිළිබඳව හෝ කලකිරවීම නොවෙ.. "

54 comments:

  1. උඹ ගැන නම් මට කියන්න දෙයක් නෑ මචන්. එළ... දිගටම ලියපන්..

    ReplyDelete
  2. වැම්පයර්...

    ඔය කිවුවට මගේත් ලේ බිවුවොත් හෙම..

    ReplyDelete
  3. පාඨකයන්ගේ බලවත් ඉල්ලීම් නිසා ඔබට සිදුවන අපහසුතාවය ගැන අපේ කණගාටුව. ඒ උණත් එච්චර ඉල්ලීම් ලැබෙන්නෙ කතාවෙ තියෙන රසවත් බවත්, හරවත් බවත් නිසානේ. ඒ නිසා හැකි අවස්ථාවල මේ කතාව කොහොමහරි කියල දාන්න. ලියනව කියල පොරොන්දු වෙන්නම අවශ්ය නෑ.

    ReplyDelete
  4. Praසන්ன...

    අන්න හොඳයි..
    නැත්නම් තදින්ම ඉල්ලද්දි නොලියත් බැහැ.
    ඒත් එක දිගට ලියන්නත් බැහැ.
    නමුත් හැකි සෑම විටකම නොලියා ඉන්නෙත් නැහැ.

    ReplyDelete
  5. මොකක් හරි නව කතාවක්, ෆැන්ටසියක් වගේ නෙමේ අපි මේ ලියන්නෙ අපි හබැහින් අත්දැකපු අපේම ජීවිතේ කියල මේ දේවල් කියවන අයට තේරෙන්නෙ නෑනෙ මාර අයියේ. ඒ අයට මේක තවත් එක් එල කතාවක්. ඉතින් ඒ අයගේ පැත්තෙන් ගත්තම දිගටම ලියන්න කියන එක සාධාරණයි. ඒත් අපේ පැත්තෙන් බලනකොට ?
    මගේ කතාව නවත්තන්න හේතුව ඉස්සරහට ලියන්න තියෙන ඒව ලිවිය යුතුද නොලියවිය යුතුද කියල තීරණයකට එන්න බැරුව ඉන්න එක. මම කරපු පසුතැවෙන දේවල් කීපයකුත් ඒ අතර තියෙනව. තමන් ජයගත්තු හැටි මුලු ලෝකෙටම කියන එක කොච්චර ලේසි වැඩක්ද ? ඒත් තමන්ට වැරදුණු, ආපහු මතක් කරන්නවත් අකමැති දේවල් ප්‍රසිද්ධියේ බෙදා ගන්න එක එච්චර ලේසි වැඩක් නෙමේ.

    ReplyDelete
  6. අනේ මන්දා ඔච්චර බෑ කියද්දී දිගටම ලියන්න කියළ කියන්නත් මහ මොකද්ද වගේ...

    මොනව කරන්නද එහෙනං ඉතිං ඉතුරු ටික හෙටවත් ලියල දාමු...

    ReplyDelete
  7. තරිඳු...

    මම දන්නවා මල්ලී..
    ඒ ගැන මට තේරෙනවා..

    ReplyDelete
  8. උන්නැහේ...

    උන්නැහේ තමයි දවසකටවත් මිනිහා..

    ReplyDelete
  9. ඔබ පන්සලේ හැදුන කෙනෙක් විදිහට ඔබ දන්නව මනුස්ස ආත්මයක් ලැබීම කෙතරම් දුර්ලභද කියල....ඇයි ඔයා කරුමක්කාරයෙක් විදිහට හඳුන්වගන්නෙ....ඔයා ඔය පන්සලේම බලු ආත්මභාවයක් ලබල තිබුනනම් ඔය මුහුනදෙන කරුම කොච්චර ලොකුද??? බල්ලට අඩු තරමෙ වැදුන බූට් එක වෙන කෙනෙකුට කියල වත් සැනසෙන්න පුලුවනිද බෑ නෙව...

    අපි දවසට 1 බ්ලොගක් දැම්මත් උපරිම අවුරුද්දටම 365 කොයි තරම් සීමිත්ද කියල මටත් හිතෙනවා....

    ReplyDelete
  10. දැන් කට්ටිය මෙගා ටෙලි බලන්න වගේ හමදාම කොටසක් බලන්නනෙ හිතන් ඉන්නේ.....
    අයියේ අපි මෙහෙම කරමු සතියට කොටසක් හෝ දෙකක් විතරයි ඉතුරු දවස් වල අයියට වෙනස් දෙයක් අපිට කියන්න පුළුවන්......... එතකොට කියවන අය කියවයි හදිස්සි අයට ඉවසීමත් පුරුදු වෙයි අයියගේ විවිධත්වයත් අයියට තියෙනව......

    මුල ටික කියවද්දි මගේ හා මොලේට ආපු කාරනාව ඔන්න ඕකයි.........

    මං කිව්ව කතාව මැටි වගේ නෑනේ.........?????
    මට මේ හදිස්සි කාරයොන්ගෙන් ගුටි කන්න උනොත් අයිය ඉන්නවනේ.......

    ReplyDelete
  11. indi...

    කරුමය උරුමයක් කරගෙන උපන් නිසාම කරුමක්කාරයෙක් වීමි.

    මනුස්ස ජීවිතයක වටිනාකම දන්නා නිසා සහ එය ලබා ගැනීමෙ අසීරුවදන්නා නිසා විනා මෙතුවක් කල් මා ජීවත් නොවීමට ඉඩකඩ බොහෝ වැඩිබව සටහන් තබමි.

    ReplyDelete
  12. හා පැටික්කී...

    අන්න ඒ යෝජනාව නම් සෑහෙන්න හොඳයි වගේ ආයේ හිත හිත ඉන්න දෙයක් නැහැ..
    නගාගේ යෝජනාව ඒ විදියට කිරියාත්මක කොරන එක හොඳයි කියලා මටත් හිතෙනවා...

    හොඳ දේවල් අගය කරන්න එපැයි.
    ඒ යෝජනාව නම් මල් මසුරන්...

    ReplyDelete
  13. මල්ලියෝ.....

    දවස් දෙකයි මේ පැත්තට ගොඩ වෙන්න බැරි වුනේ....මේං උඹ මැරතන් දුවලා...මල්ලියෝ ඉගෙන ගන්න බොහොමයි.....මමත් හා පැටික්කී එක්ක එකඟයි...අපි මේ කතාව..(සමාවෙයං අයියෝ....මෙක කතාවක් නෙවි...ජීවිතයක්නේ...මටත් උඹත් එක්ක ජීවත් වෙන්නඕනා...) දවස් තුනකට සැරයක් දාමු...එතකොට සතියකට දෙවාරයයිනේ....මට හිතන්නත් වෙලාවක් තියෙනවා...


    සුලා..

    ReplyDelete
  14. ගිහියෙක් හැටියට මමත්....පන්සල්වල ජිවත් වෙලා තියෙනවා......

    සමහර වෙලාවල්වල්ට හිතේනවා....පංසල් ජිවිතේ මේ ගතකරන ජිවිතෙට වඩා ගොඩක්..සරලයි කියලා....

    ඔයා හිටිය පංසල් වලට ඔහොමවත් දාන හම්බ උනා.....එත් මහා විහාර අශ්‍රයේ තියන පංසල් වලට දායක දාන හරිම අඩුයි.....ඉතින් පංසලේම තමා බොහො වෙලාවට දානය සකස් කරගන්නේ.....

    ReplyDelete
  15. ඔය ජිවිතේ දිගටම කියවනවා...

    ReplyDelete
  16. යමුකෝ හෙමිහිට ඉස්සරහට...

    ReplyDelete
  17. සුලා...

    යන්තම් සතියට එකක් කියලා කිවුවා විතරයි ..
    දැන් දවස් තුනකට එකක්..අනේ මන්දා ..?
    කොහොම කොරන්නද..?
    වැඩට නම් යන්න වෙන එකක් නැහැ..

    ReplyDelete
  18. ඉලංදාරියා...

    මල්වතු මහා විහාරයද..?

    මම දන්නවා..

    ReplyDelete
  19. budhajeewa...

    ධීරෙ... ධීරෙ...
    චල් මෙරෙ භායී...

    ReplyDelete
  20. රවා...

    ඉතින් ඊට පස්සේ...
    ඔඛෙ රන් පිළිරූ...
    පාට පාට දේදුනු සේ ..
    මා සිසාරා...

    ReplyDelete
  21. මේ කතාව එක්ක අනිත් කතා යන එක තමා හොදම වැඩේ,එකම කතාව යද්දි අර මෙගා ටෙලි වගේ වෙනවා කොහොමත් ටික දවසක් යද්දි කම්මැලි වෙනවා,ඉතින් කලවමේ යමු..

    ReplyDelete
  22. ආහ් මල් මසුරන්දෑ හැබෑටම........
    කට්ටිය මට නෙලයි කියල බයෙන් ලිව්වෙ ඒත් තාම යහතින් මං......

    ඔය එකා දෙන්න දැන් කැමති වෙන්නේ කතාව මැදට ඇඩ් යනවට......... හැබැයි අර ටීවි එකේ වගේ කතාව විනාඩි 5යි ඇඩ් විනාඩි 15යි බෑ ඔන්න. ;) ;)

    ReplyDelete
  23. මාරයියෙ
    අත්දැකීම් ලියන එක සමහර විට වේදනාවක් උනාට ඒකට වැටෙන කමෙන්ට් වලින් ඔයාට සැනසීමක් ගෙන එන්න පුලුවන්.
    සමහර විට වේදනා දෙන මතකයන් තවත් කාත් එක්ක හරි බෙදා ගත්තම හිතට ලොකු සැනසීමක් දැනෙන වෙලාවලුත් තියෙනවා. බ්ලොග් කියවන්න වෙලාවක් නැති උනත්. මේක නම් මම අනිවා බලනවා.

    මම නම් ඉල්ලීමක් කරන්නෙ නැ. මොකද තීරණය ඔයාගේ අතේ නේ.. :) ඒත් ඔයාගේ අත්දැකීම් ගැන දැනගන්න මාත් ආසයි. මෙන්න මගේ ඊතලේ kpgtharaka@gmail.com කැමතිනම් ඊයක් විදින්න.

    ReplyDelete
  24. හා පැටික්කී...

    සමහර විට ඇඩ්ම මිස කතාව නොයන්නත් ඉඩ තියේ...

    ReplyDelete
  25. ගයාන් තාරක...

    මම විද්දොත් වදින්නේ පඳුරටම තමයි...
    බලමුකෝ...

    ReplyDelete
  26. ඔන්න කියෙව්වා අද කොටසත්.
    ඔව්, ඔව්.. සතියකට දවස් 3ක් විතර කතාව තිබ්බත් ඇති. පොරොන්දු නොවුනට කමක් නැහැ, හැබැයි අනිවා ලියන්න අවසානය තෙක්. එච්චරයි...!
    :)
    මම හිතන්නේ මේ තමයි මාරයියාගේ නියම එහෙමත් නැත්නම් ඔරිජිනල් පෝස්ට් ටික. සුපර්බ්..!!

    ReplyDelete
  27. Ansh Lucky Sri Jay...

    මොකක්ද අර කියලා තිබුනේ..?
    මට තාම උත්තරයක් ලැබුනේ නැහැ.

    ReplyDelete
  28. දිල් එහෙන් ලියනවා...මාරයියා මෙහෙන් ලියනවා.....දෙන්නගෙම කතාව....

    හැමදාම කියවනවා......ලියන්න අයියේ

    ReplyDelete
  29. මල්වතු මහාවිහාරය තමා.......

    ReplyDelete
  30. ඉලංදාරියා...

    මාත් උපසම්පදාව ලැබුවෙ මල්වත්තේ තමා...
    ආයේ දවසක යන්නත් වෙනවා ඒ පැත්තේ..
    දැන් ආස්සරයක් නැද්ද?

    ReplyDelete
  31. නියම කතාව. දිගටම ලියන්න.
    අපෙන් ෆුල් සපෝට් එක.

    ReplyDelete
  32. Ano...

    තෑන්ක්ස් කිවුවා...

    ReplyDelete
  33. අයියා හිටපු පන්සලේ පිරිවෙන් වඩින හාමුදුරුවරු එහෙම හිටියේ නැත්ද ? චන්දවිමල කියන හාමුදුරුවෝ අවුරුදු 18 ක විතර පොඩි හාමුදුරු කෙනෙක් කියලා කිව්වා වගේ තමා මතක

    ReplyDelete
  34. එහෙම ආශ්‍රයක් නැතුවම නෙමෙයි....එත හුග කාලයකින් ඒ පැත්තේ.....යන්න බැරිඋනා..දැන්නම්...යන්න විදිහක් නැහැ..ඉස්සරනම්......රඹුක්වැල්ලේ පංසල,දොරගමුවේ පංසල ........ එවාගෙම තමා හිටියේ......එත හුග කාලයකින් යන්න බැරිඋනා.....

    ReplyDelete
  35. මචං, ඔය බ්ලොග් කෙරුවාව එක දිගටම කරගෙන යන්න අමාරුයි. විශේෂයෙන්ම මං වගේ එවුන්ට. ඒත් උඹ ලියන style එක නිසා උඹේ කතා වලට ඇබ්බෙහි වෙනව. ඒකයි කට්ටිය කියන්නෙ දිගටම ලියන්න කියල.

    ටික කාලෙක ඉඳන් මම උඹගෙ එක කියවනව. එළම එළ.

    දිගටම ලියන්න බලපන්. වෙනස් වෙනස් කතා උනත් කමක් නැහැ. මගෙන් සුභ පැතුම්.

    ReplyDelete
  36. tharuna hamuduruwaru igenimata giye nedda? Pansale nayaka hamudurunamak hitiye nedda?

    ReplyDelete
  37. Hasitha ...

    නැහැ..
    පිරිවෙන් අවසානය කරලා ඉගෙන ගැනීමෙ වැඩ නවත්තලා දාලා තමයි චන්ද විමල හාමුදුරුවෝ හිටියේ..

    ReplyDelete
  38. ඉලංදාරියා ...

    එහෙමද..?
    දන්න කියන කවුරුවත් නැද්ද ලේකම් කාර්යාලයට සම්බන්ධ..

    ReplyDelete
  39. m3mad ...

    ටිකක් වෙනස් කරමින් යන්න ඔන නැත්නම් මටත් එපා වෙනවා...

    ReplyDelete
  40. Ano...

    නැහැ ඒ වන විට ඒ අය ඉගෙනීම නවත්තලා දාලා..
    නායක හාමුදුරුවරුත් නැහැ..
    ඒ ගැන දිග කතාවක් තියෙනවා ඉදිරියේදී බලමු...

    ReplyDelete
  41. මාරෙ,
    උඹ කවිත් ලියපන් කතාත් ලියපන්..මෙකත් ලියපන්, තව ඒවත් ලියපන්..කරමලේ සුදු වෙන්න නොදී පරිස්සමින් ඔය ආව වගේම ඉස්සරහට යමන්...

    ReplyDelete
  42. මාරේ මට උදව් ඕනේ...

    http://bingunada.blogspot.com/2010/05/blog-post_20.html

    ReplyDelete
  43. මම හොයලා බලන්නම්.....මොනවා හරි කරන්න පුලුවන්ද කියලා....

    මම දන්න හාමුදුරුවරු.....ලෙකම් කාර්යාලයත් එක්ක සම්මබඳ කම් තියනවද කියලා....

    මොනවගෙ වැඩක්ද කරගන්න තියෙන්නේ කියලා කියන්න පුලුවන්ද.....?

    මම දන්න හාමුදුරුවරුන්ගෙන් එගැන කියලා අහලා බලන්නම්....
    මෙන්න මගේ මෙල් එක
    ilandhariya@gmail.com

    ReplyDelete
  44. ඉලංදාරියා...

    මම ඊමෙල් එකක් එවලා ඇති..

    ReplyDelete
  45. Indika...

    ඒකම තමයි මටත් ඔන කරන්නේ..

    ReplyDelete
  46. බිඟුවා...

    මක්කැයි මගෙන් වෙන්ට ඔනෑ..

    ReplyDelete
  47. මාරායියේ අද මේවා කියවන්න වෙන්නෑ..සදුදා උදේම මං මේ ටික කියවන්න ගන්නම්...තරහා වෙන්න එපා හොදද?..

    ReplyDelete
  48. මම...

    අපොයි මම තරහම තරහයි...

    ReplyDelete
  49. මම නම් කතාවක් කියවන වට වඩිය දෙයක් මේ ලිපි මාලාව තුලින් ගන්න උත්සාහ කරනවා මාරයෝ . .

    අඩු තරමින් හාමුදුරුවරු දිහා උපේක්ෂාවෙන් බලන්න න්වත් . .

    ReplyDelete
  50. දුකා...

    අන්න එච්චරයි මටත් ඔනෑ කරන්නේ..

    ReplyDelete