24 May 2010

පන්සලේ ජීවිතේ... සැදෑ අඳුර ලොව ගලන වෙලාවට...

හවස තේ පානයෙන් පසුව නැවත වතාවක් සියළුම දෙනා එකතුවී මිදුල අතු ගාන්න පටන් ගන්නවා..
ඒ අතර තුර නොයෙකුත් කතාබහ ඇදිලා යනවා..
ඒ අතරින් අපේ හාමුදුරුවරුන්ගේ පිරිවෙන් කාලයට අදාල නොයෙකුත් සිදුවීම් ගලාගෙන යනවා අසන්නට මා බොහෝමත්ම කැමති උනා...

පරිවෙනාධිපති හිමිවරුන්ගේ නොයෙකුත් දහංගැට මැද අසීරුවෙන් ඉගෙන ගනිමින් ඔවුන් මෙතෙක් කල් ආ ගමන් මග අසා සිටීමට ඉතා රසවත් කතා ගොන්නක් බව කිව යුතුයි..

මෙ සියළුම දෙනා තම තමන්ගේ ගුරු හාමුදුරුවරුන් අතින් අතෑරුන අය..නොයෙකුත් හේතූන් නිසා..

ඒ බිඳීම් සියල්ල යටින් නොකියා ගලා ගිය නොයෙකුත් සිදුවීම් තිබුනා..කෙසේ හෝ අද වන විට මෙ සියළුම දෙනා නිදහසේ දිවි ගෙවනවා.
චන්ද විමල හිමියන්ගේ ගුරු හාමුදුරුවන් පිළබඳ කියවෙන කතා ඉතා රසවත්..
විමල නම් වූ එම හාමුදුරුවන්ගේ සිහිනය වී තිබුනේ උන්වහන්සේගේ නමින් ගෝලයින් සීයයක් මහණ කිරීම පමනයි..
ඒ නිසාම කොහේ ගියත් අතට අහුවෙන ඔනම දරුවෙක් මහණ කරනු ලබන විමල හාමුදුරුවන් ඔහුගේ විමල නාමය සහිතව එම ගෝලයින්ට නම් තැබීම තුළින් අසීමිත සතුටක් ලද බව චන්දවිමල හිමියන් අතින් කියඋනා..

චන්දවිමල
විමලානන්ද
සිරි විමල
විමල සිරි මෙ ආකාර නම් රාශියකින් යුත් උන්වහන්සේගේ ගෝලයින් සෑහෙන ප්‍රමාණයක් පසුකාලීනව මට මුණ ගැසෙන්නටත් ලැබුනා..

ගෝලයින් හදා නම් තබා කොහේ හෝ පිරිවෙනකට දමනවා විනා විමල හාමුදුරුවන් අතින් කවදාවත්ම ඒ ගෝලයින්ගේ අනාගතය වෙනුවෙන් හරවත් යමක් සිදුවී තිබුනේම නැහැ.

මෙවැනි කතාබස් රාශියක් මැද සවස්වරුව ගෙවී යනවා...

වස් කාලයක් වූවද සැන්දෑ සමයේ දායකයින් පැමිණෙන බවක් දක්නට ලැබුනෙත් නැහැ.
නිතර යන එන දායක දෙපලක් මෙ අතර සිටි බවත් සඳහන් කරන්න කැමතියි.
එම දායක මහත්වරුන් පිළිබඳව වෙනමම පරිච්ඡේදයක් වෙන්විය යුතුම නිසා ඔවුන් පිළිබඳව පසුවට සඳහන් තබන්නට අදහස් කරමි.

බොහෝවිට මා මෙහි එන තෙක්ම පැවති ක්‍රමය වූයේ දහවල් ගෙන ආ දානයේ ඉතිරි වූ දෑ නරක් වීමට පෙර තිඛෙන හැටියට ඛෙදා හදා ගෙන වේලපහම භුක්ති විඳ තරමක් රෑ වන විට නෙස්ටමෝල්ට් හෝ කිරි කෝප්පයක් සාදා ගෙන
දහවල් ඉතිරි වූ කැවිලි හෝ විස්කෝතු සමග ආහාරයට ගැනීමයි.

ආවාසය පිටුපස කුස්සියක් වූවද එහි ඉවුම් පිහුම් කිරීම සඳහා හැකියාව ඇති කිසිවකු නොවූ බැවින්ම අපේ හිමිවරුන් පුරුදු වී තිබුණේ මා පෙර සඳහන් කල ආකාරයට රාත්‍රී වෙල පිරිමසා ගැනීමට වූ අතර එම ක්‍රමය සතියක් වැනි කාලයක් ඇතුළත මවිසින් වෙනස් කරන්නට යෙදුණි.

මුලින්ම කළ යුත්ත වූයේ කුස්සිය සකස් කර ගැනීමයි.
තැනින් තැන තෙමී ජරාවාස වී තිබූ එය වසා තැබීම සඳහා දොරක්වත් නොතිබූ අතර ලිප් ගල් කිහිපයක් තබා බිම සකස් කළ ලිපකින්ද, හිරමනා කොටයකින්ද, තරමක හැළියක් සහ එක් වළඳක්ද, පොල් කටු හැඳී දෙකකින්ද සමන්විත මුළුතැන් ගෙයි උපකරණ සහිතව තිබූ මෙහි එක් කොනක බිම සිය ගඩොල් පහක් පමණ වට කොට බැද තිබූ අඩි එකහමාරේ එක හමාරේ පමණ වූ ටැංකියක් වැනි තැනකට කරාමයක් යොදා තිබිණි.
දාන ශාලාව සඳහා වතුර ලබා ගත්තේද, තේ සකස් කිරීම සඳහා වතුර ලබා ගත්තේද මෙයින්ය..
වැසි දිනවල තේ ටිකක් බීමට අපමණ දුකක් විඳිය යුතු වූයේ මෙම කුස්සියට ඒමට තිබුණේ ආවාසය පිටුපස අගුව යටින් වීම නිසාය.
එහාට මෙහාට වතුර අදිමින් තේ සෑදීම අම්බ වහකි.(තේරුනාද මන්දා..නමුත් ඒ සඳහා ගැලපෙනම වචනය එයයි.)

කුස්සිය පුරා වූ දහ ජරාව ඉවත්කොට බිම සෝදා නැවත සුදුසු ලෙස ලිප් ගල් සකස් කර තිබූ ලිප වෙනුවට කුඩා ලිප් දෙකක්ම බැඳීම මවිසින් කරන්නට යෙදුණු අතර මෙ සඳහා අන් අයගේ කිසිදු සහයක් නොලැබූනු අතර මාද එම කටයුතු සඳහා යොදා ගත්තේ දහවල් කෑමෙන් පසු හිමිවරුන් නින්දට යන පැය කිහිපය වූයේ බාධා කිරීම් සහ වැඩි අවවාද අනුසාසනා නිසා මට අවශ්‍ය පරිද්දෙන් වැඩෙ නිම කර ගැනීමට නොහැකි වන නිසාය යන්න කිව යුතුය.

මෙ වන විට ඒ පිළිබඳව තරමක අත්දැකීම් මා වෙත වූයේ ආවාසය ඇතුළත ශුද්ධ පවිත්‍ර කිරීමට යාමෙදී විටින් විට එල්ල වූ බාධාවන්ය.
එපා කියනවාට වඩා ඕක මෙහෙම කලා නම් හොඳයි, අරක අරෙහෙම කරන්න ආදී වශයෙන් වූ අනුශාසනා නිසා කරන්නට ගිය වැඩය පසෙක තබා වෙනත් දෑ කරන්නට සිදුවීම නිසාය.

කොහොමටත් කුඩා කල සිටම වැඩක් කිරීමට පෙර ඒ වැඩය නිම වීමෙන් පසු මෙවැනි අන්දමෙන් තිබිය යුතුයැයි මූලික සැකැස්මක් සිත තුළ තබා ගෙන වැඩ කිරීමට පුරුදු වී සිටි මා හට සිතූ අන්දමින් පිළිවෙලකට වැඩක් කරන්නට නොදෙන විට කිසිවක් නොකර සිටීමට සිත් වූ වාර අනන්ත වූවද..

පිනට කකා සිටීම මහා බරක් කොට සැලකූ මා පන්සලෙන් කන එකදු බත් වෙලකටවත් ණය වීමට කැමති නොවීමි.
විශේෂයෙන්ම සාංඝිකය කෑම අපාගත වන අකුසලයක් බව මා අදද අදහනු ලබන්නකි.
එබැවින්ම කන බොන සෑම බත් මිටකටම සරිලන සේ සංඝයා වහන්සේලාටත්,විහාරස්ථානයටත් සේවය කිරීම මවිසින් කල යුතුබව මා තදින් සිහි තබා සිටියෙමි.

එනිසා සැමදාම පාහේ මා විසින් කුමන හෝ කටයුත්තක් කිරීමට පුරුදු වීමි.

කෙසේ හෝ කුස්සිය හා එහි වූ උපකරණ ශුද්ධ පවිත්‍ර කර අවසන..
වත්ත පුරා වැටී තිබූ දර පොල් කොළ හනසු ආදිය එකතු කර පසෙක වූ මඩුව තුළ අසුරන විට කරන්නට සූදානම් වන්නේ කුමක්ද යන්න ඔවුනට අවබෝධ වී තිබිණි.

පළමු පියවර වූයේ මෙතෙක් දවස් සීතල වූ හා නරක් වෙමින් පැවතුණ දහවල දානයෙන් ඉතිරි වී තිබූ දෙවල් ගිල දමමින් සිටි හිමිවරුනට එම ආහාර නරක් වීමට ප්‍රථම රත් කොට තබා ආහාරයට ගැනීමට සැලසීමයි.
තිබූ එකම වළද කිහිප වර සෝදමින් තිඛෙන සියළුම දෑ එකින් එක රත් කොට කුඩා භාජනවල අසුරා තබා දානය ගෙන ආ භාජන අස්පස් කොට සෝදා තබා රාත්‍රි ආහාරය තරමක් රස්නයකින් යුතුව පිළිගැන්වූ අතර..

සමහර දිනවල අපේ තාත්තා විසින් පුරුදු කර තිබූ ක්‍රමයකට ආහාර මිශ්‍ර කර සාදනු ලබන තෙම්පරාදු බතක් සකස් කර දෙන ලදි..

ඒ සඳහා අවශ්‍ය පොල්තෙල් නොමිලයේම වාගේ වරින්වර දානය ගෙන එනු ලබන අය විසින් ගෙනදී තිබූ නිසා තෙල් පිළිබඳව ගැටළුවක් නොවිණි.
ගැටළුව වූයේ බිත්තර සපයා ගැනීමය..

නමුත් මෙ වන විට සෑම දිනකම තුන්වරක් පමණ දුම්වැටි ගෙන ඒම සඳහා ළගපාත කඩයකට යෑමට මා හට සිදු වී තිබිණි. (මා දුම් පානය කරන්නකු නොවෙ..)

එවන් අවස්ථාවල වැඩිපුර මුදලක් ඉතිරි වූ විට එම මුදලින් බිත්තරයක් දෙකක් ගෙන විත් බත් තෙම්පරාදුව සඳහා යොදා ගතිමි.

කුස්සියේ වූ හැළිය මෙ සඳහා යොදා ගතිමි.

හැළිය සෝදා ලිප තබා රත්වීගෙන එන විට එයට පොල් තෙල් ටිකක් දමා රත් වූ විට වියළි මිරිස් කරල් දෙකක් කැබලිවලට කඩා දමා අබ ඇට කිහිපයක්ද එක්කර එයටම රතුළුණු ගෙඩියක් සුදුළුණු ගෙඩියක් සිහින්ව කපා දමා (මෙම දේවල්ද බිත්තර සපයා ගත් ආකාරයටම වරින් වර ගෙන ආ ඒවාය..) පන්සල් වත්තේ තිබූ කරපිංචා ගසෙන් කඩා ගත් කරපිංචා කොළ මිටක්ද, කොහේ හෝ වැවී තිබූ ගසකින් කඩා ගත් කොච්චි කරල් කිහිපයක්ද දමා එය බැදී ගෙන එන විටම එයටම බිත්තර දෙකක් පමණ කඩා එකතු කර බිත්තර යන්තම් බැෙඳන විට හැන්දෙන් කලවම් කිරීමට පටන් ගත් විට බිත්තර ලෙහී කලින් දැමූ කලමනා සමග මැනවින් මුසු වී සුවඳ හමන්නට පටන් ගනී..

මෙහිදී මුහුණ පාන ලොකුම ගැටළුව මෙම සුවඳ හැමීමයි. අවට පරිසරයට මෙම සුවඳ මුසු වීමට ඉඩ තැබීම භයංකරය..
පන්සලේ කොයි දේත් හොරෙන් කළ යුතු විය.

කෙසේ හෝ සුවඳ හමන විටම හැළිය කුමකින් හෝ තදින් වසා දමා මද වෙලාවකින් විවෘත කර සෑදී ඇති බිත්තර මිශ්‍රණයට දහවල ඉතිරි වී තිබූ හොදි මාළුපිණි එකක් බැගින් එකතු කරනු ලබන අතර එසේ එක් කිරීමට පෙර හැන්දක ආධාරයෙන් එම වෑංජනවල තිඛෙන ගොරකා කුරුඳු පොතු ආදිය ඉවත් කිරීමද කළ යුතුය.

එකතු කළ ව්‍යාංජන සියල්ල හොදින් මිශ්‍ර කර හොදින් රත් වූ විට ඉතිරිව තිබූ බත් සියල්ල එම මිශ්‍රණයටම එකතුකර කැට පොඩිවන අන්දමින් හැන්දකින් හොඳින් කලවම් කර බතද හොදින් රත් වූ පසු භාජනය ලිපෙන් බා ගත යුතුය.

මෙසේ සකස් කර ගත් තෙම්පරාදු බත පුදුමාකාර සුවඳකින් හා රසයකින් යුක්තය.

සියළුම හිමිවරුන් බොහෝ ආසාවෙන් මෙයට හුරු වූ අතර හැකි සෑම වෙලාවකදීම මෙය සෑදීම සඳහා අවැසි කලමනා ගෙන ඒම සඳහා කීයක් හෝ මුදලක් යොදවන ලදි.

රෑට නෙස්ටමෝල්ට් බී විස්කෝතු කා බාගෙට කුසගිනි නිවා ගැනීම නවතා දමා.. පිටි පැකට්ටුව මුදල් කර එයින් මිලදී ගත් කලමනා වලින් සුදු කැකුළු බත්, පොල් සම්බෝල, පරිප්පු වෑංජන, සමහර විටක කරවල කෑල්ලක් තෙලට දමා සකස් කර ගෙන ආදී වශයෙන් රෑ කෑම වෙල සකස් වීමට පටන් ගති.

එතැන් පටන් ක්‍රම ක්‍රමයෙන් පිළුණු බත් සම්ප්‍රදාය වෙනස් කර දෙයියනේ කියා උණු බත් කටක් කෑමට සියල්ලන්ටම හැකි විණි.

.............................................

"ඔබ කියන දේ පිළිබඳව තවත් වරක් සිතන්නේ නම් මැනවි.
ඇයි මෙවා අහලා කලකිරෙන්නේ..
යථාර්ථය තේරුම් ගන්ට ගන්ට මිනිස්සු කලකිරෙන්නේ නැහැ..
යම් සංහිඳියාවකට පත් වෙනවා මිස..
මෙ කතාව මම කවදා හරි කියලා ඉවර වෙන දවසට මට උවමනා මිනිසුන් අමුතුවෙන් මෙ දේවල් ගැන කල්පනා කරලා හැම දෙයක් පිළිබඳවවත් උපේක්ෂාවෙන් බලනවා දකින්නට විනා..කිසිවකුටත් පන්සල් පිළිබඳව හෝ ගිහි සමාජය පිළිබඳව හෝ කලකිරවීම නොවෙ.. "

56 comments:

  1. එක හුස්මට කියෙව්වා මාරයියේ....ඔයා ඔය කියාපු තෙම්පරාදු බත කන්න මාත් හරිම ආසයි. ඔය බත් ටික කද්දී තමා හිතෙන්නේ " ප්‍රයිඩ් රයිස් " මොනාද කියලා.

    ඒත් මට ගැටළුවක් තියෙනවා මාරයියේ...විකාල භෝජනය අකැප නම් ඇයි ඉතින් ඒක පිළි නොපදින්නේ ?

    ReplyDelete
  2. දිල්...

    මාත් මෙ ඔයාගේ කහ මල ගැන කියවලා මොනවා ලියන්නද කියලා හිතාගන්න බැරුව කොර වෙලා ඉන්න වෙලාවෙ ඔයාත් අහන එවුවා..

    විකාල භෝජනේ රකින කස්ටිය හොයා ගන්න නම් ඔයාට ලේසි වෙන්නේ නැහැ..
    විශේෂයෙන් කියන්න ඔන මෙ කතාව කියාගෙන යද්දී මට සමහර දේවල් වලට උත්තර දෙන්න අමාරුයි..
    උත්තර නැතිවා නෙවෙයි..
    ඒත් දෙන්න බැහැ.
    තේරුම් ගන්න බලන්න..

    තෙම්පරාදු බත නම් ඉතින් විශිෂ්ඨයි තමා..

    ReplyDelete
  3. කහ මල කියවලා මමත් කොර වෙලා ඉන්නෙ, මුකුත් කියන්න බැරි හින්දා මම සැපදුක ඇහැවුවා.... දිල් අක්කගෙන්... අපිතුන්දෙනා එක වෙලාවකදි සෙට් වුනාමයි නෙද මෙ...

    ReplyDelete
  4. මාරයාගේ හෝරාව ට/

    ඒක උත්තරයක් නෙමේ මාරයියේ...සාධාරණ හේතුවක් මතනම් ඒක පිළිගන්න තිබුනා..

    දැන් අපි තුන් දෙනාව සෙට් උන වෙලාවේ ඔය දෙන්නට මට කියනවද බලන්න මේ " කහ මලේ " කියවා කොර උනේ මොකද කියලා ?
    දැනගන්න ඕනෙ දෙයක්නෙ ඒක

    ReplyDelete
  5. රවා...

    ඒක නෙවෙන්නම්..
    එළම තමා...

    අන්න අර අහන පුස්නෙට මලයාටවත් පුළුවන් දෙයක් කියන්ට..
    (කොර නොවී තියේද..හිහ්..හිහ්..)

    ReplyDelete
  6. මාරයාගේ හෝරාව ට/

    අනේ කියන්නකෝ අනේ. කැතනම් කැතයි කියලා දන්න ඉතින්. මොකෝ එහෙම කිව්ව කියලා දිල් මාරයියව මරන්ඩ යෑ ...හික්ස්

    ReplyDelete
  7. දිල්...

    ෂෙල්ටන් පෙරෙරා ගයන බුදුනේ..
    කියන ගීතය අහලා තියෙනවද..?
    එහි තිඛෙන සමහර යෙදුම් සත පහක තරම් වත් බුදු සමය පිළිබඳව නොදැන ලියන ලද හෝ.. ගීත රසය ගැන පමණක් අරමුණු කරගෙන ලියා ඇති අතර..
    එහි එක තැනක කියවෙනවා.. මෙන්න මෙහෙම අදහසක් ඇති පදයක්..
    ඔබ දෙසූ දහම අදමිටු ජනයින් අතර අතර අනාථය කියලා..

    මට කියන්න තියෙන්නෙත් ඒකම තමා..

    අපිත් ඇතුළුව අදමිටුවන් අතින් විනාශ වෙමින් පවතින දහමක විකාල භෝජනය වැනි සාමාන්‍ය කරුණු ගැන කුමන කතාද..?

    ReplyDelete
  8. දිල්...

    හා හා ඔච්චරම කියන එකේ මෙහෙම කියන්නම් කෝ..

    අර ඔයා ඒ තරම් සැලකිලිමත් නොවන දේ කහ මලටත් වෙලා..

    ReplyDelete
  9. හපොයි හපොයි වාද බයිල පටං අරං තියෙන්නෙ.
    කියන්න ආපු දේත් අමතක වෙලා ගියා මට.

    ReplyDelete
  10. උන්නැහේ ...

    හිහ්..හිහ්..

    ReplyDelete
  11. මාරයාට/

    ඔන්න ඉතින් කිව්වා...මදෑ ඉදලා ඉදලා කවියක් ලිව්වා. ඒකත් මගෙ ගොඩටම දාලා....

    බලන්න මාරයියෙ උන්නැහේ පැදුරත් අරන්ම ගිහින්ද කියලා ...හික්ස්

    ReplyDelete
  12. දිල්...

    පැදුර පිලේම තියෙද්දී මායියා උන්නැහේව හේනට යවලා පැල් රකින්න..

    ReplyDelete
  13. මාරයාගේ හෝරාව ට/

    අන්න නංගා පොඩ්ඩ ඇවිත් මාරයියව හොයනවා. අපි නම් දන්නේ නෑ. තමු තමුන්ම බේරගන්නවා හොදයි

    ReplyDelete
  14. මමත් අද හීරලුවා කියල ආඩම්බරෙන් කියාගන්නෙ ඔලුව කෙලින් කරගෙන යන්නේ, මහණ වෙලා හිටපු කාලේ කාපු බත් කටක්වත් ණය නැති නිසා. බොහොම හරි මාර අයියේ.

    ReplyDelete
  15. දිල්...

    අනේ ඉතින් ඒ පොඩි එකී එක්ක මොනවා ඛෙරගන්ටද..?

    ඔන නම් මම එයාට කියන්නම් ඔයාගෙන් මට සිද්ධ වෙන කරදර හිරිහැර..ආයේ දෙකක් නෑ පුංචිත්තී මගේ පැත්ත ගන්නවාමයි..

    ReplyDelete
  16. තරිඳු...

    සත්තකින්ම මලේ..

    ReplyDelete
  17. විකාල බොජනා ගැනනම්..ඉතින් කවර කතාද...අර බත් එකේ නම් සුවද දනෙනවා වගේ.......

    විකාල බොජනා නැති අය හොයාගෙන ..

    ආරන්‍ය ගතොවා......
    රුක්ක මුලගතොවා...

    තාමා....

    ReplyDelete
  18. ඉලන්දාරියා...

    සුඥ්ඥාගාර ගතෝවා උනත් ඉතින්..සොරිම තමා..
    හම්බු වෙන්නේ නෑ...

    අනික ඉතින් දිල් දන්නේ නෑනේ දවල්ටත් බාගෙට කාලා..
    රෑ වෙන කොට බඩ කුරු කුරු ගාන කොට තියෙන සනීපේ..
    දවසක් දෙකක් නම් බැරියෑ..

    ReplyDelete
  19. මාරයා මලේ...

    මම උඹේ ජීවිතය කියවනවා....දැන් කාර්‍යාලයේත් බොසාට හොරෙන් මේ පැත්තෙ ඇවිල්ල ගියාහැකි....මම බලන්නෙ මොනාද කියල ඌට තේරෙන එකක් යෑ..දැක්කත් මොකෝ...මම කියනව මාරයත් එක්ක කතාවක් කියලා...

    මලේ..අර ළුුණු දාලා ලට්ට පට්ට එහෙමදාලා හදන බත නම් ඉඳල හිටල මං මෙහෙදිත් හදනවා...රහනම් ඉතින් දිව්‍යලෝක රහම තමා...

    අපිව බලාගන්න ඉතිං කවුරුත් නැහැනේ...

    සුලා..

    ReplyDelete
  20. සුලා...

    ඉතින් ආයුබෝවන් ගරු සුලාණෙනි..

    දැන් බලාගෙන ගියහම සෑහෙන පිරිසක් මෙ බතට වහ වැටිලා නෙව...
    කොහොමත් හොඳ දේ හොදම නොවෙන්නං..

    බොසාත් බ්ලොග් ලෝලියෙක් කරගන්න ඇහැක් උනානං වැඩෙ ගොඩ..

    බලා ගන්න කවුරුවත් නැතුවා විතරක්නං මදෑ..
    අපිට කොයින්ද බූල් බල්ලෝ කිවුවළු...

    ReplyDelete
  21. අප්ප කාල ආව විතරයි ආයේ බඩ පිරුන....... හිහ්..... ;)
    මං නම් ඉතින් උයනව කියල හදන්න දන්න එකම දේ ඔය කෑම. අම්ම උයල තියෙන එවුවයින් කන ජාති තෝරල ඔය විදියට හදාගෙන කන එක තමා වැඩි හරියක් කරන්නේ....
    (හැබැයි වෙනසකට තියෙන්නේ මම ඇන්කර් චුට්ටකුත් දානව.......)

    මට පුරුස්නයක් ආව ඒත් නාහ ඉන්න එක හොඳයි කියල හිතුන.

    ReplyDelete
  22. /*චන්දවිමල
    විමලානන්ද
    සිරි විමල
    විමල සිරි මෙ ආකාර නම් රාශියකින් යුත් උන්වහන්සේගේ ගෝලයින් සෑහෙන ප්‍රමාණයක් පසුකාලීනව මට මුණ ගැසෙන්නටත් ලැබුනා.
    */

    විමල කොටස එක්ක නං සීයක් දාන්න සිතීම ම අති ධෛර්යවන්ත වැඩකි.

    ReplyDelete
  23. ඌ දන්න හිංගලයක් නැහැ නොවෑ...ඌ කියන ඒවා මට තේරෙන්නෙ නැහැ...මං කියන ඒවා ඌට තේරෙන්නේ නැහැ..කොහොමින් කොහොමින් හරි දැන් අවුරුදු තුනක් තිස්සෙම එකට වැඩ...!
    මේ මලේ උඹ අර මේනු එක මේ කාන්තා පරාණ වලට ඇහෙන්න කිව්ව එකනම් හොඳ මදි හොඳේ...කසාද බඳින කරුමක්කාරයාට හැමදාම ළුණු බත්ම තමයි...

    සුලා

    ReplyDelete
  24. හා පැටික්කී...

    හොඳ නැහැ කියලා හිතුනනම් අහන්නම එපා..
    අප්පා මම අදයි දැනගත්තේ හා පැටික්කී බයියං කනවා කියලා..

    ReplyDelete
  25. කතන්දර...

    ඒකනම් එහෙම තමයි.
    ඒත් ඉතින් ඒ විමලලා අනාථ වෙලා ඉන්න හැටි දැක්කම..?

    ReplyDelete
  26. සුලා...

    අපොයි ඒකත් එහෙමද..?
    එහෙනං ලොක්කට උගේ පාඩුවෙ ඉන්න අරිමු.

    ඇත්තම නේන්නං.. අපේ පුරුස සංහතියටම මම කොලේ අසාධාරණයක්දෝ කියලා හිතෙනවා..

    හැබැයි ඉතින් අවුලක්මත් නැහැ.
    මෙ බත් එක හදන්න කලින් මොනවා නමුත් උයං ඉන්නත් එපැයි.

    ReplyDelete
  27. අයිය අදවත් දැනගත්තනම් මදෑ........ :P :P :P :P :P
    මට ඉතින් ඔයාගේ බෝද් ඩේ එකට දුන්නෙත් කැරට් අල දෙකයි කංකුං ගස් දෙකයිනේ...... (ඒක ලබන්න තරම් අනිත් අයට සාපේක්ෂව නම් මං වාසනාවන්තයි......) ;) ;)

    ReplyDelete
  28. හා පැටික්කී...

    අන්න ඒකනේ කියන්නේ..
    කොයි පොතේද මාරයාගෙන් මොනවා හරි ලැබුනා කියලා තියෙන්නේ..
    ඒ අතින් මෙ ළමයා වාසනාවන්තයි..

    ReplyDelete
  29. හා පැටික්කී...

    ආ බොරු කියන්න එපා...
    මම කන්කුන් ගස් පහක්ම දුන්නා..
    ඔයාමයි දෙකක් ඇති කිවුවෙ..

    ReplyDelete
  30. හිහ්....... මතකයිනේ.... එදා කාලක් ක්‍රියා නොකර ඉඳලද කොහෙද........ :P :P :P :P

    අනේ මංදා අයියා මාව දැක්ක දවසෙම අලි වට්ටක්කෙකුත් දුන්න. මාරය උනත් හා පැටික්කිට තෑගි දෙනව....

    සෑහෙන්න බීල උට්ටල හොයන්න ඕන පුස්නයක්................. :O :O :O :O

    ReplyDelete
  31. සුලා අයියට /

    අපරාදේ කියන්න බෑ සුලා අයියේ...මාරයියව බඳින කෙනා නම් සව්බෑ වාසනාවන්තයි. මැරීගෙන උයන්න ඕනෙ නෑනෙ....තියෙන ටික දැම්මා ලූණූ දාලා තෙම්බ කලා දුන්න....ෂා.... මොනතරම් සිම්පල් ප්ලෑන් එකක්ද බලන්නෙකො ...හික්ස්

    ReplyDelete
  32. හා පැටික්කී...

    කාලක් කිරියා කොරලා කාලකණ්නියෙක් වෙලා හිටියත්..
    බාගයක් කිරියා කරලා භාග්‍යවන්තයෙක් වෙලා හිටියත්..
    මෙ මාරයියට හොදට මතක හිටිනවා..
    හැබැයි ඉතින් ඔය තුන් කාලක් කිරියා කොරලා තුන් ලොවට අධිපති උන වෙලාවට කරන කියන දේවල් නම් මම දන්නේ නැහැ..

    ලේසියට ඉතින් බොධිසත්වයෙක් වෙන්න කියලා බෝතලයක් කිරියා කොරනවා අඩුයි නෙව මාරයියා..

    ReplyDelete
  33. දිල්...

    හපෝයි..
    ඊට මීට හොඳා මමම උයලා උන්දෑටත් කවුවනවා..

    ඊටත් වඩා හොඳයි නෙව මෙ ඉන්න විදියට ඉන්නවා..
    ඔය නොදන්න දීගෙට ගිහින් අත පය පුච්චා ගන්නේ නැතිව..
    අන්න සිම්පල් පැලෑන්..

    ReplyDelete
  34. සුලා...

    මට පේන විදියට දිල් කරන්න හදන්නේත් අර කිවු සිම්පල් ප්ලෑන් එක වගෙයි..
    අපොයි අසරණයා..

    ReplyDelete
  35. හාමුදුරුවරු නම් මට අරහං (අරහං කියන්නේ මොකක්ද හැබෑට)....

    ReplyDelete
  36. දිල් නගේ....

    අපි සිම්පල් ප්ලෑනක් ගහමුද මාරයා මලයාව කොටුකරන්න...කියමු බලන්න වෙසමුණියගෙ දූලා තුන්දෙනාගෙන් කව්ද හරියටම ගැලපෙන්නේ...ම්..ම්.තණ්හා...නැහැ...රතී....ම්හු..රඟා...නගේ අනේ තෝරපංකෝ...කේන්දර අරං යන්න වෙන්නෙත් මේ හාදයා ගාවටමනේ...

    සුලා..

    ReplyDelete
  37. මාරයා මලේ...

    මං හූනා කියන්නැහේ කීවා නෙව ...දැන් ඉතිං...

    සුලා..

    ReplyDelete
  38. මාරයා මලේ...

    මං හූනා කියන්නැහේ කීවා නෙව ...දැන් ඉතිං...

    සුලා..

    ReplyDelete
  39. අනේ ඇත්තට අයියටත් අර කිතුලට නැග්ග මිනිහට වගේ ඕන දේකට කියන්න දෙයක් තියනව........

    අයියගේ ඔය අතිජාත මිත්‍රය පාප මිත්‍රය කියල තේරෙනකොට ඉතින් වෙන්න ඕන එව්ව වෙලා තියෙයි..........

    ReplyDelete
  40. සුලා අයියට/

    අයියත් ඉතින් පිස්සු කියනවනෙ. මොකටද ඉතින් ඔච්චර අමාරුවෙන් එකෙක් තෝරන්නේ ......අහන්නකො දෙන්න 3 දෙනාවම..මාපේ මාරයිය එපා කියයිද බලන්නකො :p

    ReplyDelete
  41. wath...

    රහසත් පවු නොකොට..
    කෙලෙසරයනුත් දුරු කොට..
    නිසි වූයෙන් පුදට..
    අරහ යැයි නම කියති මුනිඳුට..

    ReplyDelete
  42. සුලා...

    ඇයි එකක් අරගන්නකො තුනක්.

    දිල්...

    අන්න දිල් දන්නවා මං ගැන..
    හොඳ දිල්..

    ReplyDelete
  43. හා පැටික්කී...

    කිවුවහමයි මතක් උනේ කිතුලේ බඩුත් නියමයි නගේ..හෙහ්..හෙහ්..

    ReplyDelete
  44. සුලා...

    වෙසමුණියටත් දුවලා හිටියද..?
    මළා..උන් ටික මට මිස් වෙලා නෙව
    අපරාදෙ..

    ReplyDelete
  45. සිහ්...... මං මොකෝ මේ අයියට වඩා මෙච්චර බාල උනේ.........

    මේ අපි ඉස්කෝලෙදි හැදුවෙ ඔර්ජිනල් එව්ව...... ඔය ඔයා ගුඩුස් කරන සීනි කර කොරල පාට කරපුව නෙමෙයි......
    අන්න ඒවයි සුවඳ හප්පේ............

    (මං එදා දවසටම වතුර උගුරක් වත් බිව්වෙ නෑ ඒ ගන්දස්කාරෙ අමතක කරන්න බැරුව. මතක් උනත් ඈක්ක..........කොහොමටත් මට ඔව්ව ඇලමජික් කැහැල මැරෙන්නේ ඔව්ව බීපු කෙනෙක් ලඟින් ගියත් ඇති.........)

    ReplyDelete
  46. අනේ අයියේ මං උට්ටරයක් දැම්ම ඒක වාස්ප වෙලානේ........

    ReplyDelete
  47. ඔන්න මමත් ආවා. හුඟ දවසකින් කමෙන්ටුවක් වත් දාන්න බැරි උනා නෙව.
    :D

    ReplyDelete
  48. අනේ මන්දා.... දැන් මෙයාල මාර ස්පීඩ් එකකින්නෙ ලියන්නේ. හැමෝම සෑහෙන්න දියුනු වෙලානෙ. දවස් දෙකක් මිස් උනොත් එහෙම අනාතයි. තුන් වෙන් දවසෙ නිවාඩුවක් දාන්න වෙනවා මිස් වෙච්ච ඒවා කියවන්න. අම්මෝ දැන් වෙලාව 2.50යි. දැන් ආතල් එකේ නැගිටගෙන හිටිය වගේ නෙවෙයි, උදේට නැගිටින්නත් එපැයි. නිදිමතවත් බලන්නෙ නැතුව මිස් වෙච්ච ලිපි සෙට් එකම කියවගෙන් කියවගෙන ගියා. එකින් එකට කමෙන්ට් දැම්මෙ නෑ. ඔන්න ඔක්කොම ටික අල්ලල මේක දාන්නේ. ඇත්තටම මාරයියෙ ඔයාට මතකද දන්නේ නෑ හුඟාක් ඉස්සර එක දවසක් මන් ඔයාට කිව්වා. ඔයාගේ ලිපි කියවද්දි ඕනම ප්‍රශ්ණයකට මුහුණ දෙන්න පුලුවන් ශක්තියක් හිතට එනවා කියලා. ඒ ශක්තිය මට අදත් දැනුනා. ඔයාගේ ඇත්දැකීම් නිකම්ම නිකන් කතාවක් නෙවෙයි. අපි වගේ අයට ජීවිතේ හඳුනගන්න ලොකු පන්නරයක්. ඉස්සරහට යන්න ලොකු ශක්තියක්. ගොඩාක් ස්තූතියි ඒකට.

    දිගටම මේක ලියන්න කම්මැලිනම් ඉඳලා හිටලා ඔය ජෝතිෂ්‍ය ගැනත් මොන මොනවා හරි ලියන්න.

    ReplyDelete
  49. හා පැටික්කී...

    ඒ ගමන මොකද වයස ගැටළුවක් වෙලා..

    ආ..ආ..
    හා පැටික්කිත් එහෙනම් යමක් කමක් දන්නවා..
    නරකද ස්වයං රැකියාවක් හැටියටවත් පටන් ගත්තොත්..
    හැබැයි ඉතින් මට නං සීනි කර කොරලා හදාපුවා හොඳා.

    ඔහොම ගිහින් ඔයත් වාස්ප වෙයිද මන්දා..?

    ReplyDelete
  50. Ansh Lucky Sri Jay...

    "මෙන්න බුදුනි මල්
    ඔන්න ගියා මං"
    කිවුවා වගේ නෙව..ආවා..ගියා..

    ReplyDelete
  51. අනුරාධ...

    මොකද මට මතක නැතිව..
    ඉස්ඉස්සෙල්ලම මගේ ලිපියක් පත්තරෙ ගිය විත්තිය මට කිවුවෙත් මළයම නේද..?

    මොකද මෙ ටිකේ එන්න බැරි උනේ..
    දැන් මෙකෙ මැරතන් දුවන්නෙත් පැයට කිලෝමීටර් හැටෙ වෙගයට නෙව..
    පොඩ්ඩ බැරි උනොත් මිස් උනා...

    ReplyDelete
  52. 'ඒ අතරින් අපේ හාමුදුරුවරුන්ගේ පිරිවෙන් කාලයට අදාල නොයෙකුත් සිදුවීම් ගලාගෙන යනවා අසන්නට මා බොහෝමත්ම කැමති උනා...' අපටත් ඒ වගේ තමයි. ඔයාගෙ කතාව අහන්න අපිත් බොහොම කැමතියි. (අර බත් එක හදන විස්තරේ නම් නියමෙට තියෙනව)

    ReplyDelete
  53. Praසන්ன...

    ඒක නිසාමනේ මෙ හති දදා ලියන්නේ..

    ReplyDelete
  54. ම් ම් ම් ම් බලමු ඉතුරු කතා ටිකත් එලියට ආ දවසක මීට වඩිය දෙයක් කියන්න තියෙයිද කියල . .

    ReplyDelete
  55. දුකා...
    බලමු බලමු..

    කලින් ලිපි ටිකත් බලාගෙන කමෙන්ට්ස් දාගෙන ඇවිත් තියෙනවා දැක්කා..
    ඔබගේ දිරි ගැන්වීම සතුටට කරුණක්...

    ReplyDelete