26 May 2010

ඔබ නොමැති ලොව මට එපා..

සිත හැදූ සුරගනයි ඔබ..
නෙත නිවූ දෙවගනයි ඹබ..
දිවි මගේ සරතැස නිවා..
පෙර නුවූ සැනසුම් දෙවා..
මහද අරණෙහි නවාතැන් ගත්..
අහිංසක මුදු මුවැත්තිය ඔබ..

ලොවෙන් අපමණ ලැබුණු ගැරහුම්..
දමා පසෙකට නැගී සිටි ඔබ..
මහා පවුරක් ලෙසින් මා වට..
දමා නොගොසින් රැදී සිටි ඔබ..
අදත් මතකය දවා හළු කොට..
නැවත උපදින කිරිල්ලිය ඔබ..

කදුළු උල්පත මගේ නිවා..
සිතේ සහනය දුන් සදා..
සදාකාලික වෙදනාවක්..
ඇයිද දුන්නේ යළි මවා..

දුකින් පිරි දිවි මග පුරා..
ඔඛෙ සැමරුම් ඉදිවෙලා..
නැවත කිසිදා හමු නොවෙ නම්..
ඔබ නොමැති ලොව මට එපා..

35 comments:

  1. නිර්මාණය නම් ලස්සනයි මල්ලියේ....ඒත් කාලෙකදි බුද්ධ පුත්‍රයෙක්වුණු උඹ ඇයි මේ.......???

    සමාවෙයන් මලේ..

    සුලා..

    ReplyDelete
  2. මාර අයියේ පද ටිකනම්......හදවතේ පතුලටම දැනෙනවා..හරිම ලස්සනයි.....එත් මෙක ඇතුලේ හැන්ගිලා අතියන දේ ලස්සන නැහැනේ...
    හොදට හිටිය මාරයාට ...මොකද මේ උනේ...ඇත්තටම......

    ReplyDelete
  3. අපොයි .... මක්කද කෑවේ .... මඥ්ඥොක්කවත් කෑවද... හොඳට යස අගේට හිටි කොලුව..
    ආහ් .. හරි හරි සඳ පායන්න ළඟයි නෙව... ඊටත් වෙසක් සඳ නේ...

    මාරයටත් ගිය කලක් ...

    ඒක නෙමෙයි තැන්කූ හොඳේ සුබ පැතුවට.........

    ReplyDelete
  4. මට මතක් උනේ නම් මේ සිංදුවෙ පද ටික විතරමයි අයියේ........

    "බාධක බිද නුඹ ජය ගන්නට බැරිවුනි මට
    ඇයි දැයි දොස් පවරන සඳ සිත
    නුඹෙ වරදද මගේ වරදද එය මා දන්නේ නැත.....


    නුඹ මා ලොව කළුවර කර පැනැගිය පලියට
    කෙලෙසක දොස් පවරමි නුඹ හට
    කිසි කෙනෙකු නොදුන් ආදරයක් නුඹ මට දුන් කොට........"

    ReplyDelete
  5. සුලා...

    මොනවා කරන්නද පූරුවෙ කොල පවට...

    ReplyDelete
  6. ඉලංදාරියා ...

    මාරයා කවදාවත් හොදින් හිටියේ නැහැ මලේ...
    මලයා මා ගැන කල්පනා කරලා ඇත්තේ පහු ගිය ලිපි ටික විතරක් බලලා වෙන්ට ඔන..

    ReplyDelete
  7. Balanna: Menna mage adahasa.

    http://photos1.blogger.com/img/280/5092/1024/AvasanPethuma.jpg

    -Rasika

    ReplyDelete
  8. wath...

    එක්කෙනෙක් මඥ්ඥං ගැන කියනවා..
    මෙයා මඥ්ඥොක්කා ගැන කියනවා..
    මෙවා අහලා මම අන්දොස් වෙනවා..

    ටැංකියු පාරවල් අනවශ්‍යයි
    කේක් අවශ්‍යයි..

    ReplyDelete
  9. හා පැටික්කී...

    ඔයාට දැන් පුදුම දේවල් මතකයට එනවානේ..
    ඇත්තටම ගැලපෙන ගීතයක්..
    මම අහලා නැහැ වගේ..කාගෙද..?

    ReplyDelete
  10. මගේ හිත මොනදේ තිබුනත් ඕන තැනට ගැලපෙන (මං හිතන විදියට ) සිංදුවක අවශ්‍ය පදේ එලියට එනව......

    ටිකක් අලුත්. කරුනාරත්න දිවුල්ගනේ මහතාගේ.......
    ම්ම්ම්..... මං ලඟ තිබුන එවන්නද?????

    ReplyDelete
  11. රසික...

    මෙ බූන්දියේ රසිකද..?
    නොදන්නා නිසයි ඇහුවෙ..

    ඔබ දක්වා තිබූ කව බැලූවෙමි..

    ReplyDelete
  12. හා පැටික්කී...

    අහන්නත් ඔනද..?
    එවනවා මිසක...

    ReplyDelete
  13. කවුද දන්නේ........ :O :O
    එවුවට පස්සේ මොකටද එව්වෙ ඇහුවොත්.........

    ඔන්න එවුවෝ.......

    ReplyDelete
  14. හා පැටික්කී...

    කවදද දන්නෙ නෑ මම එහෙම කිවුවෙ..?

    බලලා එන්නම්..

    ReplyDelete
  15. අයියා එහෙම කිවුවට නෙමෙයි..... ඒත් ඉතින් අයියගෙන් අහන්නැතුව එවල බෑනේ.........

    හ්ම්ම්......

    ReplyDelete
  16. නියමයි අයියේ

    ReplyDelete
  17. හා පැටික්කී...

    හා..හා.. හොඳා..
    බාන්න දැම්මා කොච්චර වෙලා යයිද මන්දා.
    මොබිටෙල් සරණං ගච්චාමි..

    ReplyDelete
  18. හසී...

    ස්තූතියි නගේ..

    ReplyDelete
  19. ම්ම්ම් වෙනදා වගේම නියමයි තමා ඉතින්..

    ReplyDelete
  20. එහෙම නෙව්යි...මාරායියේ....... මේ දවස්වල ඉතින්....හොදින් හිටියනේ....පන්සලේ කතා කියකිය.....එත් එකපාරටම කරකලා ඇතැරියාවගෙනේ........එකයි....

    ReplyDelete
  21. මම...

    කොයි ලෝකෙද හිටියේ..

    ReplyDelete
  22. ඉලංදාරියා...

    ආ ඒක මිසක්..

    ReplyDelete
  23. මධු වීරකෝන්...

    මෙ කපේට බෑ..

    මම දන්න කාලේ ඉදන් අහලා පුරුදු වචන ටිකක්නේ නංගියේ ඔය..

    මුලින්ම ගෙදර අය කිවුවා..
    ඊළගට අහල පහල අය කිවුවා..
    ඉස්කෝලේ අයත් කිවුවා..
    තව එකී නොකී බොහෝ අය කිවුවා..
    අද ඔයාත් කියනවා..

    ReplyDelete
  24. හා පැටික්කී...

    ඒ ගැන නම් අහන්න එපා..

    ඔන්න ඉතින් බාන්න දැම්මයි කියමුකෝ..
    එක පාරක් ලයිට් ගියා..
    දත් මිටි කාගෙන තව පාරක් දැම්මා..
    ජංජාලේ දෙපාරක්ම විසන්ධි උනා..
    ඒත් ඉවසුවා..
    මොබිටෙල් කාරයාගේ මවු පාර්ශවෙ ගැන වචනයක්වත් අහිතක් නොහිතා ඉන්න උත්සහ ගන්න ගමන් හතරවෙනි පාරටත් බාන්න දැම්මා..
    ඒ පාර ෆෝන් එකේ බැටරිය බැහැලා ඒක ඔෆ් වෙලා ගියා...

    ඉස්සරට වඩා මම දැන් ඉවසන දනා හින්දාම මෙහෙමවත් ඉන්නවා මිස..
    එක්කෝ මෙ වෙන කොට කොම්පීටරයා පොළොවෙ ගහලා..
    ඒත් නැත්නම් ෆෝන් එක ස්වර්ගස්ථ වෙලා..
    ඒ එකක් වත් නැත්නම් මම උඩ තට්ටුවෙන් පහළට පැනලා..

    දැන් යන්තම් පොඩ්ඩක් චාර්ජ් කොරගෙන ආවෙ..
    දැන්නම් ආයේ උත්සහ කරන්නේ නැහැ..
    මෙ පාරත් වැඩෙ ගැස්සුනොත්..
    අර කිවුව ඒවායින් සුදුසුම එක හෝ සියල්ලම කිරියාත්මක වෙන්න ඉඩ තියේ..

    ReplyDelete
  25. අපොයි දෙයියනේ අයිය විඳල තියන දුකක්.......

    ReplyDelete
  26. හා පැටික්කී...

    යන්තම් ඔන්න රෑ 1ට විතර මම ගොඩ ගියා..
    නගාට බොහෝම පිං හොඳේ..

    ReplyDelete
  27. පද ටිකනම් නියමයි... ලස්සනයි.

    ReplyDelete
  28. ඔය වැඩ කරගන්න හොඳම වෙලාව පාන්දර 1-5 මොබිටෙල් එක චීටගෙ වේගෙන් ඒ වෙලාවට වැඩ........

    Well Come :) :)

    ReplyDelete
  29. Praසන්ன...

    ස්තූතියි..සහෝ..

    ReplyDelete
  30. හා පැටික්කී...

    ඒ වෙලාවට මගේ ඇහි පිල්ලනුත් සට සට ගාලා වැඩනේ..

    ReplyDelete
  31. මමත් මේ ඉන්නේ එපා කියලාම තමයි.
    :(
    හරිම ලස්සන නිර්මාණයක්..!!

    ReplyDelete