30 May 2010

පන්සලේ ජීවිතේ... ආගන්තුකයෝ..

තත්වය මෙසේ විය..
පන්සල පවත්වාගෙන යාම සඳහා ලැඛෙනා දෙයට වඩා ඒ වෙනුවෙන් කල යුතු වියහියදම් වැඩි විය.
යම් තරමක හෝ සහනයක් ඇත්තේ දානයකට ගිය විට ලැඛෙන කිරි පැකට්ටුව සීනි කිලෝව පන්සලට එන මුස්ලිම් වෙළෙන්දන්හට තුට්ටු දෙකට දී ලබා ගන්නා මුදල පමණකි.
එම මුදලින්ද වැඩි හරියක්ද ධුම පානය සදහාම වෙන් කල පසු ඉතිරිවන් සොච්චමෙන් අන් සියළු කටයුතු කල යුතුය..

දානය නැති වෙලාවට දානය සපයා ගැනීම..
රාත්‍රී ආහාර වෙල..
බස් ගාස්තු..
ලයිට් බිල..
පන්සලට පැමිණෙන ආධාර පත්‍ර කාරයන්, අසරණයින්ට දීම පිණිස..
දහම් පාසලේ අවශ්‍යතා..
බෙහෙතක් හේතක් ගැනීම සඳහා..
වරින් වර පැමිණෙන ආගන්තුක හිමිවරුනට උපස්ථාන කිරීම..
මෙ ආදී දහසක් කටයුතු කිරීම පහසු නැත..

ඒ මදිවාට ආලවකයෙකුද වරින් වර පන්සලට පැමිණෙයි..
කොළඹ සිකුරිටි ජොබ් එකක් කරනු ලබන කෑගල්ල පළාතේ තරුණයකු මෙහි කලින් හිටි හිමිවරුන්ගේ සම්බන්ධකම් මත තවමත් සතියකට දවසක් දෙකක් මෙහි පැමිණෙයි.
ඒ පැමිණි විට පන්සලෙන්ම කා..නාරද හිමියන්ට ලැඛෙන්නාවූ තුවා, ඇද ඇතිරිලි ආදී යමක් වෙයිද එයද කපටිකමින් ඉල්වා ගන්නා මොහු වැඩට යාම සඳහා බස්ගාස්තුව පවා ඒ හිමියන්ගෙන් බලා පොරොත්තු වෙයි..
මෙ සියල්ලටම ප්‍රති උපකාර ලෙස ඔහු විසින් නාරද හිමියන්හට තණමල්විල කරක් ගසන්නට කියා දී තිබිණි. එයට තදින් ඇබ්බැහි වී සිටි එහිමියන් ඒ සදහා කලමනා ගෙන්වා ගැනීමට සරිලන සේ ඔනෑම දෙයක් ආලවකයාට දීමට හුරු වී සිටියහ.

මෙ සම්බන්ධව කිසිදු උපදෙස් දීමකින් පලක් නොවන නිසා අන් හිමිවරුන් මෙන්ම මාද නිහඩ වත පෑවෙමි.

මෙ ආලවකයා හැරුන කල නිතර පන්සලට පැමිණෙන තවත් කිහිප දෙනෙකුම විය..
චන්ද විමල හිමියන්ගේ පැවිදි සොයුරකුවන විමල සිරි හිමියන්.. මෙන්ම පැවිදි මිතුරකු වූ කුසල හිමි..
ආදි කුඩා හිමිවරුන් කීප පොලක්ම වූ අතර ඔවුන් පැමිණි පසු සතියක් පමණ නැවතී සිට අවට පන්සල් කිහිපයක දානාරාධනා කිහිපයක් ලැබ ඒවාට ගොස් ගැබෙන පිරිකර කාට හෝ විකුණා ලැඛෙන මුදලත් රැගෙන නැවත පිටත් වී යන්නේ සිටිනා දින කිහිපය තුලදී මහා ක්‍රිකට් ගැටුම් කිහිපයකටම තම දායකත්වය ලබාදීමෙන් අනතුරුවය..

මෙයින් 'විමලසිරි' හිමියන් අපූරු කියුම් කියනු ලබන මා සිත් ගත් එක් හිමි නමක් විය.
මාහට වඩා වසරකින් පමණ බාල වූවත් සිරුරින් මෙන්ම දැනුමින්ද පිරිපුන්ව තිබූ හෙතෙම නිතර නොයෙක් කරුණු මා හා සාකච්ඡා කරමින් විශාල ලෙස මගේ දැනුම පෝෂණය කර ගැන්මට මාහට උදවු වූ අතර..
ඉරිදා දිනවලදී දහම් පාසලේ ඉගැන්වීමටද ඉදිරිපත් වූ අයෙකි.

අනිත් පැමිණි සියළුම හිමිවරුන්ගේ වැඩි විශේෂයක් නොවූ අතර ඔවුන් සියළු දෙනාම පාහේ සිවුරු ඇරීමට රිසියෙන් සිටි හා එයින් පසු මුහුණ දිය හැකි ආර්ථීක හා සාමාජයීය ගැටළුවලට බියෙන් එම තීරණය ක්‍රියාත්මක කරලීම දිනෙන් දින කල් තබමින් දැඩි මානසික පීඩනයෙන් කල් යවන්නන් විය..

තවත් එක් සිවුරු හැරි 'අරුණ' නම් වූ පුද්ගලයකුද මෙ අතර වූ අතර ඔහුද පැමිණි පසු සති කිහිපයක්ම රැදී සිට පිටත් වී යන අතර මෙහි රැඳී සිටිනා කාලයේදී යම් තරමකින් හෝ පන්සලේ වැඩ කටයුතු වලට මා හට උදවු උපකාර කරනු ලබයි..
මොහුගේ දිනචර්යාව අපූරු විය..

සෑම දිනම බාධා නොකලහොත් සවස දෙක පමණ වන තෙක් කිසිදු අපහසුවකින් තොරව නිදා ගන්නා මොහු නිතරම පාවිච්චි කලේ පන්සලේ තිබූ කිසිදු ආලෝකයක් නොම වැටෙන්නා වූ කුඩා කාමරයකි.
එහි වූ වැල් ඇදකට වී වකුටු වී නිදා ගන්නා අරුණ අප කිසිවකු විසින් අවදි කරනු ලැබූවහොත් දහවල් දහයට පමණ අවදි කරවා ගත හැකි වූ මුත් ඊට ප්‍රථමයෙන් ඔහුව අවදි කිරීමට ගන්නා උත්සහය කෙබඳු වීදැයි දැන ගැන්මට නම් ඔබත් රාමායණය පොතෙහි සඳහන්වන රාවණ මහ රජුගේ සොයුරු වූ කුම්භකරණ නම් සෙනෙවියා අවදිකරලීම පිණිස ගනු ලබන උත්සහය සඳහන් පරිච්ඡේදය කියවිය යුතුමය..
නමුත් මා දන්නා පරිදි රාවණ රජුගේ සොයුරා අවදි කරලීම අරුණ අවදිකරලීම යන කාර්යයට වඩා පහසුය..

කෙසේ හෝ අවදි කල පසු කෙලින්ම දාන ශාලාව නම් වූ කුඩා කාමරයට යන මොහු එහි තිඛෙන ඔනෑම දෙයක් ගිල දමයි..
කවදාවත් ආහාරය සඳහා මැසිවිලි නොනැගූ මොහු තිඛෙන්නේ කෙසෙල් ගෙඩියක් වූවද එය ගිල දමා වතුර කෝප්පයක් බී අප කවුරුන් හෝ සාදා දෙනු ලබන තේ කෝප්පයක් වූවද එක උගුරට අවසන් කර ඉන් පසු ක්‍රීඩා කිරීමට එළියට බසී.
කිසිවකු හෝ ඒ සඳහා නොඑන්නේ නම් නැවත ගොස් නින්දට වැටෙයි.

නැවත කවුරුන් හෝ අවදි කලත් නැතත් දහවල් දෙක පමණ වන විට අවදිවන අරුණ දවසේ පළමු වතාවට දත් මැද මුහුණ සෝදා දන් ගෙයි ඉතිරිව තිඛෙන ඔනෑම දෙයක් ආහාරයට ගෙන දාන ශාලාවෙ වූ සියළුම භාජන සෝදා පවිත්‍ර කර ආවාස ගෙය අතු පතු ගා දමයි.

ඉන් පසු ඔහු සොයන්නේ දුම් කොළයකි..
දැහැත් වට්ටියක හෝ පන්සලේ කොහේ හෝ මුල්ලකින් දුම් කොළයක් සොයා ගන්නා ඔහු එය සිහින් තීරු වලට ඉරා දල්වන ලද ගිණිකූරක ආධාරයෙන් රත් කර ඉන්පසු සිහින් බීඩියක් ආකාරයට ඔතා එහි එක් කොනක් දල්වා දුම් ඇදීමට පටන් ගනී..

මෙතැන් පටන් මැදියම් රැය වන තෙක්ම මෙම දුම්කොල පන්දම නිතර ඔහුගේ මුව රැදෙයි..
දුම් ඉරීම අතර තුරම ක්‍රීඩා කිරීමට එක්වන මොහු එයට මහත් උනන්දුවක් හා ලැදියාවක් දැක්වූ අයෙකි.

සවස් වූ පසු උදැල්ලක් ගෙන පන්සල් මිදුල උදළු ගෑමත්, අතුපතු ගා පිරිසිදු කිරීමත් කරන අතර කඩෙ යාමටද ඉදිරිපත් වෙයි.
අරුණ පැමිණ සිටිනා බව ආරංචි වූවහොත් අවට පන්සල් වලින්ද සවස් වන විට ඇරයුම් ලැඛෙන්නේ ඔහු ලවා අවශ්‍ය කරන ඔනෑම දෙයක් ගෙන්වා ගැනීමට හැකි නිසාය..
එසේ ගෙන එනු ලබන දෙයින් තමන්ගේ පංගුව ලෙස මද පමණකින් සෑහි නැවත පන්සලට එනු ලබන අතර රාත්‍රී ආහාරය සදහා යමක් ලැබුනද නැතද පාඩුවෙ සිටියි.

අනතුරුව හිමිවරුන් සමග කතා බහෙහි යෙදීමෙන්ද..
රූපවාහිනිය නැරඹීමෙන්ද..
කාලය ගත කර කතා කිරීම පිණිස කිසිවකු නැතිවන තුරු හෝ..
නැරඹීමට කිසිවක් රූපවාහිනියේ නැතිවන තුරුම සිට නින්දට යයි.
මෙ ඔහුගේ දින චර්යාවයි...

මා විසින් මෙහි සඳහන් කල යුතුම අනිත් පුද්ගලයා වන්නේ 'විලී' අයියායි.
සුවිශේෂී චරිතයක් වන මොහු පිළිබඳව ඊළග පරිච්ඡේදය වෙන් කරනු කැමැත්තෙමි.

...........................................

"ඔබ කියන දේ පිළිබඳව තවත් වරක් සිතන්නේ නම් මැනවි.
ඇයි මෙවා අහලා කලකිරෙන්නේ..
යථාර්ථය තේරුම් ගන්ට ගන්ට මිනිස්සු කලකිරෙන්නේ නැහැ..
යම් සංහිඳියාවකට පත් වෙනවා මිස..
මෙ කතාව මම කවදා හරි කියලා ඉවර වෙන දවසට මට උවමනා මිනිසුන් අමුතුවෙන් මෙ දේවල් ගැන කල්පනා කරලා හැම දෙයක් පිළිබඳවවත් උපේක්ෂාවෙන් බලනවා දකින්නට විනා..කිසිවකුටත් පන්සල් පිළිබඳව හෝ ගිහි සමාජය පිළිබඳව හෝ කලකිරවීම නොවෙ.. "

26 comments:

  1. මං තරහ අයියත් එක්ක් උනාට කතාව එක්ක තරහ නැති නිසා ඔන්න ඔහේ කියෙව්වා.......

    අදත් අර ප්‍රශ්නය හිතට ආවත් ඇසීමට නොහිතුනෙමි.......

    (අර නින්දනම් කිසිම දෙයක් කිරීමට තරම් හිතට සහනයක් නැති දවසට මටත් කිරියාත්මක කල හැක්කකි........)

    ReplyDelete
  2. මතු දිනෙයක (මට ලැබෙන ඉසඹුව අනුව) මේ ලිපි පෙළ ඉංගිරිසියට පෙරළා පළ කිරීමට අවසර ඉල්ලා සිටිමි.

    කතාවේ ශෛලිය ගැන: ලියන ආකාරය ඔබේ කැමැත්තය. මා ඕනෑම බ්ලොග්කරුවකුට දෙන පොදු ඔවදන කමෙන්ටු ගැන කලබල වී කමෙන්ටු දාන්නන් සතුටු කිරීමට නොලිවිය යුතු බවයි. ඔබ ලිවිය යුත්තේ ඔබ සතුටු වීමට පමණෙකි.

    භාෂාව හැසිරවීමේ ඔබේ හැකියාව විශිෂ්ඨයි. අතිශය ගැඹුරු මානුෂීය හැසිරීම් සරලව ඉදිරිපත්කිරීමට ඔබට ඇති හැකියාව මා සිංහල බ්ලොගවකාශයේ දැක නැති තරම්ය.

    - Taboo

    ReplyDelete
  3. හා පැටික්කී...

    ආ.. එයත් තරහා වෙලාද..
    හා හා හොඳයි..ආයේ යාළු උන වෙලාවක දන්වලා එවන්නකෝ..
    (හිතන්න ඇති මම බය වෙයි කියලා)

    නිදිකුම්බර දේවතාවී..

    ReplyDelete
  4. මල්ලා...

    හ්ම්....ඕං මං තවත් දවසක් පංසලේ ගතකලා.....

    මල්ලියේ..ඔය උඹ ලියන කතාංගයට ඉහළින් හෝ අවසානයේ උඹ විසින්ම ලියන ලද මේ වැකිය සඳහන් කරනවානම් හරිම අගෙයි බං(හෝ ඊට සමාන අදහසක් එන පරිදි)
    .....තරහා නෑ නේද????

    "ඔබ කියන දේ පිළිබඳව තවත් වරක් සිතන්නේ නම් මැනවි.
    ඇයි මෙවා අහලා කලකිරෙන්නේ..
    යථාර්ථය තේරුම් ගන්ට ගන්ට මිනිස්සු කලකිරෙන්නේ නැහැ..
    යම් සංහිඳියාවකට පත් වෙනවා මිස..
    මෙ කතාව මම කවදා හරි කියලා ඉවර වෙන දවසට මට උවමනා මිනිසුන් අමුතුවෙන් මෙ දේවල් ගැන කල්පනා කරලා හැම දෙයක් පිළිබඳවවත් උපේක්ෂාවෙන් බලනවා දකින්නට විනා..කිසිවකුටත් පන්සල් පිළිබඳව හෝ ගිහි සමාජය පිළිබඳව හෝ කලකිරවීම නොවෙ.. "


    සුලා..

    ReplyDelete
  5. Taboo Subjects...

    ඔඛෙ ඉල්ලීම පිළිබඳව ස්තූතියි.
    නමුත් ඒ පිළිබඳව තව දුරටත් සිතා බැලීමට මා හට අවශ්‍යයි.
    එබැවින් මදක් කල් දෙන්නේ නම් මැනවි.

    ඔඛෙ විවෙචන සැමදාමත් මා නිසි මගට යොමු කිරීමට ඉවහල් වනු ඇත..

    ReplyDelete
  6. සුලා...

    ඇත්තෙන්ම ස්තූතියි.
    හොඳම යෝජනාවක්..

    පන්සල් ජීවිතේ යන ලේබලය යටතේ මා ලියනු ලබන ලිපි වලට පමණක් මෙම වදන් පෙළ එකතු වන සේ කල යුතු සකස් කිරීම් පිළිබඳව සොයා බැලිය යුතුයි.
    බලමු පුළුවන්ද කියලා..
    මගේ තාක්ෂනික දැනුම එච්චරම නැති නිසා ටිකක් හොයලා බලන්න ඔනෑ..

    ReplyDelete
  7. අඩුත් නැත... වැඩිත් නැත...
    අතින් දමා නැත... පයින් දමා නැත...
    කොරෝදයක් නැත... පණ්ඩිතකමත් නැත...
    ඔන්න මැදහත් සිතින් අත්දැකීම් ලියනවානම්...
    ආසාවෙන් කියවමි...
    මනුස්සකම ඇති ඔබේ හිත දන්නා මම....

    ReplyDelete
  8. තිස්ස අයියා...

    ලොකු අයියාත් ආවා එහෙනං..
    ලොකු දෙයක්.

    ReplyDelete
  9. ආහ් ....... ලොකු අයියල චූටි නංගිලා ඔක්කම ඈවිත්.. අනේ ඔන්න.. මට නම් කියවන්න වුනේ නැහැ දැන්...

    ReplyDelete
  10. ම්ම් ඕන් ඔයා මාත් එක්ක තරහාඋනත් මාත් ආවා...කමක් නෑ...මං තරහා නෑනේ...

    ReplyDelete
  11. මාරෙ,
    මම කොහොම මේක රස විඳිනව කියන්නද! ඒත් ආසාවෙන් කියවනව. හැබැයි දිගටම ලියන්න එපා, මිනිස්සුන්ට එක හුස්මට කියවල ඉවර කරන්න නෙම්යි, ඊට වඩා හිතන්න හිතෙන විදියට පෙල ගස්වන්න.

    ReplyDelete
  12. wath...

    හා ..හා...
    පුංචි අම්මත් ඇවිත් ගියා කියලා මම දා ගන්නම්කෝ..

    ReplyDelete
  13. මම...

    මොනවා කොරන්ටද.. දොර ඇරලානේ තිබුනේ..

    ReplyDelete
  14. ඉන්දික උපශාන්ත...

    තව එක ලිපියකින් පසුව කතාව ටිකක් හිමින් ගලාවි..
    ඒක මම කලින් ඉඳලම හිතලා තිබුනු දෙයක්.
    මෙ මාසෙට ලිපි 31ක් දාන්න හිතාගෙන හිටයේ දැන් තිහයි.
    හෙට වැඩට යන්න කලින් අනිත් එක දාලා යන්න ඔන.
    එතකොට මාසේ දින 31ට හරියන්න ලිපි 31ක් හරි.
    ආයේ කවදාවත් එහෙම ටාගට් එකකට යන්න හිතක් නැහැ.

    ReplyDelete
  15. මේක මන් දැන් ආසාම කතාවක් වෙලා, කොහොම උනත් හිමින් හිමින් කතාව යමු,හරිම හිතට වදින කතාවක් අපේ සමාජයේ එක පැත්තක් ගැන දැනගන්න පුලුවන්

    ReplyDelete
  16. හරි.. මේකත් කියෙව්වා!

    ReplyDelete
  17. ItalyDilan...

    සතුටුයි ඔඛෙ වදන් පිළිබඳව...

    ReplyDelete
  18. budhajeewa...

    කතාව තව ඉවර නෑ..

    ReplyDelete
  19. ඔයා බයවෙන්න එපා අයියා. මේක කියවලා කවුරුත් පන්සල් ජීවිතේ ගැන කලකිරෙයි කියලා මට නම් හිතෙන්නේ නැහැ. මේක කියවන හුඟක් අය දැනටමත් පන්සලේ ජිවිතේ නොපෙනෙන පැත්ත ගැන වැටහීමක් ඇති කරගෙන ඇතියි කියලයි මට නම් හිතෙන්නේ :)

    ReplyDelete
  20. බහුතරයක් පන්සල් ගැන කලකිරීමෙන් සිටින නිසා ඔ‍බේ කතාව කෙසේ වුවද ප්රශ්නයක් නොවෙනු ඇත. පන්සල් ජීවිතයේ ඇත්ත තත්වය දැනගැනීමෙන් ඔවුන් යමක් වටහාගනු ඇති.

    ReplyDelete
  21. පසුගිය කොටස් 3ම කියෙව්වේ අදයි අයියේ, මේ දවස් වල බ්ලොග් අවකාශයේ ගැවසෙනවා අඩුයි. අයියාගේ ලියන විලාශය අනුව අපේ කියවීමේ ආශාව තවත් වැඩි කරනවා, කිව්වොත් හරි. දිගටම ලියමු.
    :)

    ReplyDelete
  22. taboo සහෝදරයා කල ඉල්ලීම ගැන තව දුරටත් හිතා බැලීමට කල් ඉල්ලීම ඉතා නිවැරදි යැයි සිතමි. මගෙ පෞද්ගලික අදහස නම් එය නුසුදුසු බවයි. මෙය සිංහල බෞද්ධ හිමි වරුන් ගේ හෙළුව මුලු ලොවටම පෙන්වීමක් විය හැක.

    ReplyDelete
  23. Hasitha...

    අන්න ඒ දේ වෙනවා නම් එයයි විය යුත්තේ..

    Praසන්ன...

    බහුතරයක් කියලා එක පාරටම කියන්න අපිට අමාරුයි නේද..?

    Ansh Lucky Sri Jay...

    ස්තූතියි..

    Dinesh_Silva...

    හේතුව එය පමණක්ම නොවෙ..තවත් ඒ වාගේම සිතා බැළිය යුතුයි..
    ඒ වගේම මෙ ගැන කිහිප දෙනෙකුගෙන් අහලා බලන්නත් වෙනවා.
    තිස්ස අයියාගෙන් වගේ..

    ReplyDelete
  24. අරුණ ගැන කියවන්නයි මෙතනට ආවෙ. අරුණනම් මට හිතෙන හැටියට කාටවත් කරදරයක් නැති, තමන්ට වැටහෙන පමණින් අනුන්ටත් උදව් කරගෙන පාඩුවේ ජීවත් වෙන අහිංසකයෙක්.

    පන්සලක ජීවත් වෙන යෞවනයින් ගෙවන දිවිය ගැන බාහිර පුද්ගලයින් නොදකින පැති ගැන කතා කරන එක හොඳයි. සිවුරක් දාගත් පලියට ගිහි සමාජය මැද පන්සලක වෙසෙන හිමිනමකගෙන් අර්හත් ඵල ලාභී උතුමන්ගෙ චර්යාව බලාපොරොත්තු වීම අසාධාරනයි. සිවුරු හැර යාම ඊටත් වඩා මානසික පීඩාවක් එල්ල කරන තීරණයක්. නැවත ගිහි සමාජයට අනුගත වීමේදී, විශේෂයෙන් ළමාකලම මහණ වුණු කෙනෙකුට ලොකු අපහසුවක් ඇති. බාහිරින් ඒ සඳහා උපකාර වෙන අය නිසා වෙනත් කරදරවලටත් පැටළෙන්නට පුළුවනි.

    කියවන කෙනෙකුට තීරණය කිරීමට ඉඩ තබා, බැඳීම්වලින් ආවරණය නොකර වාර්තාමය ස්වරූපයෙන් ලියා ඇති නිසාම කියවන්නා හිතන්නට පෙළඹෙනවා.
    ජය!

    ReplyDelete
  25. නලිනි චන්දිමා...

    ස්තූතියි..විශේෂයෙන්ම වසරකටත් වඩා පැරණි පෝස්ටුවකට ප්‍රතිචාර දැක්වීමත්..කතාව ඇතුලතින්ම හිතීම ගැනත්...

    ReplyDelete
  26. කියන්නට කිසිත් නැත...පන්සල පන්සලම ය.
    අපි පන්සල් ආදා තිබූ පන්සල අදත් එසේ ම ය.
    වෙනස් කරන්නට නොව වෙනස් ලෙස දකින්නට බාධාවක් නොවේ
    මෙය....

    ReplyDelete