මටත් පිස්සු...
නිකං ඉන්න බැරුවට ගියා එයාව බලන්න.
උදේ ඇවිත් 100 වෙනි පෝස්ට් එක ලියලා දාලා.
බැංකුවට ගිහින් පඩියත් අරගෙන ආපහු එන්නේ නැතිව ගියානේ..අම්මපා මට පිස්සු..
හොඳටම පිස්සු..
ගිය පාර මගේ උපන් දිනේ ගෙවුනේ එයත් එක්ක ඉතින් මම කොහොමද මෙ අවුරුද්දේ එයා අමතක කරලා දාලා ඉන්නේ...
ඒත්...
එයා හිටියා ෂොප් එකේ...
දවස් ගාණකට පස්සේනේ ගියේ ෂොප් එක සෑහෙන වෙනස් කරලා..
මගේ හිතේ මෙ දවස් දෙක තුනේම ඒක වෙනස් කරමින් පවතිනවා...
මම යන කොටත් බාස් කෙනෙක් බංකුවක් උඩ නැගගෙන මොනවද සකස් කරමින් ඉන්නවා.
එයා සුපුරුදු විදියට මැෂින් එකක් ළග වාඩි වෙලා මැහුමක නිරත වෙලා ඉන්නවා...
මම බලාන හිටියා..
පාරෙ අනිත් පැත්තට වෙලා මම බලාන හිටියා..
ඇහි පිය නොහෙලා මම බලාන හිටියා..
දැන් බලයි..
දැන් බලයි.. මම හිතුවා...
එක් වරම ඈ නෙතු මා සිටින තැනට යොමු උනා...
විමතිය.. නැතහොත් භීතියද මටම සිතා ගත නොහැකි හැගුමකින් ඇය මොහොතක් බලා සිටියා..
මට ඇවසි වූයේ මාහට දුරකතන ඇමතුමක් දෙන මෙන් පණිවිඩයක් දෙන්නට පමණයි...
එහෙත් ඇය මා දෙස බැළු ඇසිල්ලේ එම සංඥාව ඇය වෙත ලබා දීමට මම අපොහොසත් උනා.
නැවත කොතෙක් වෙලා මා බලා සිටියාදැයි මා නොදනිතත් ඇය නම් නැවත මදෙස නොබැළු බව මා දනිමි.
නමුත් මා හට මෙන් නොව ඉවත බලා සිටියත් ඇයට මා සිටිනා අයුරු පෙනෙනා බව මා දනිමි.
කාලය ගත වී යයි..
ඈ මදෙස නොබලයි..
සිත පුපුරු ගසයි..
අතීතය සිහි වෙයි..
ඔයාගේ වැඩ කරන තැන අයට පුංචියට හරි සංග්රහයක් කරමු..
ඔයාට හොඳ විදියක්...
මිලදී ගත් කේක් ගෙඩියත්, බීම බෝතලූත් තුරුළු කරාන ඇය මා හා යතුරු පැදියේ නැගී විත් මා සගයන්ට සංග්රහ කළ අයුරු.. වසරක් තුල මා කෙසේ නම් අමතක කරන්නද..?
අහර පානයන්ගෙන් ලද සංග්රහයට වඩා ඇගේ සුන්දර සිනහවෙන් සැලකුම් ලද සගයින් සතුටු වූ අයුරු..
මා කෙසේ නම් අමතක කරම්ද..?
පණ හා බැඳී ජීවිතයම පුරවාළු.. ඇගේ මතකයන් වසරක් තුළ මා කෙසේ නම් වල දමන්නද..?
ආදරණීය.. ටානී....
ඇයි අපිට මෙහෙම උනේ..?
කාලය කෙතරම් නපුරුද.... හිත හදා ගන්න කොච්චර අමාරුද කියන එක මම හොදටම දන්නවා මාර අය්යේ... ඒත් ඒකම තමා විසදුම
ReplyDeleteඅයියේ වරදක් කරනවනම් සමාව දෙන්න....මට මතක් උනදේයි මං ලිව්වේ.......
ReplyDelete"දිවි හිමියෙන් කඳුළැලි පුරවාගෙන
රැකගත් ආලය උදුරාගෙන ගිය
කාලය කොතරම් නපුරුද සොඳුරිය.........."
දුක්වෙන්න එපා අයියේ...මට මතක් උනේ මේකයි...
ReplyDeleteවලාකුලට පුලුවන්නම් අහස වෙනස් කරන්න
වැහි බිදකට පුලුවන්නම් පොලව වෙනස් කරන්න
සිනහවකට පුලුවන්නම් කදුලක් දියකරන්න
ඔබට බැරිද පෑරුණු මගෙ සිත සුවපත් කරන්න
බැරිඋනාට කනාමැදිරි එලියෙන් ලොව දකින්න
ඒ එලියත් ඇති අදුරක් කෑලී වලට කපන්න
සාගර ජලයත් මදි මට කදුලු වලට ගලන්න
ඔබේ සෙනෙහස බිදුවක් ඇති මගෙ සිත දුක නිවන්න.
පිස්සා පලාමල්ල ...
ReplyDeleteකාලය ඔසුවක් උනත්..
සමහර තුවාල සදා කාලික කැළැල් ඇතිකරනවා...
හා පැටික්කී...
ReplyDeleteඅනේ අපේ කෙළි පැටික්කිටත් හරියටම දෙයක් කියන්න තේරෙනවා..
මම...
ReplyDeleteසිතක් බිදුනු පසු සුවපත් කෙරුමට ලොවෙ නොමැත කිසි තැනක ඔසූ..
ඔඛෙ නමින් නෙතුපුරා හඩනු මිස පෙම් නොකරමි මම මෙයින් මතූ..
අත්තටමද අයියේ????
ReplyDeleteඔයා මගේ ජීවිතේ මං ආසම කරන පද වැල "මම" අක්කට කියල තියෙන්නේ.......
ඒකට මං තව පද වැලක් කියන්නද????
"කවදාවත්ම ඔබ මට නොලැබෙන හින්දා
මුනිවත් හොඳයි දෙබසින් දුක වැඩි හින්දා......."
(මම හින්දි වලින් ආසම සිංදුවටත් ඔය වගේ තේරුමක් තමා තියෙන්නේ.........)
කියනවනම් පිටු ගනන් පිරෙන්න සිංදු පද ලියන්න තියෙනව........
හා පැටික්කී...
ReplyDeleteඇත්තම තමයි..
කඩමණ්ඩියේ දොල අයිනේ නුඹව පෙනී..
ගීතය මාත් ආසම මගේ සීමිත ගණනක් වූ ගීත එකතුවෙහි වන ගීතයක් අදත් දෙපාරක් විතර දවල් ඇහැවුවා..
ආ..... අමතක උනා අයියේ....
ReplyDeleteසිංදුව
"සෙනෙහෙ බිඳුනු සිත සුවපත් කෙරුමට ලොවෙහි නොමැත කිසි තැනක ඔසු........" :)
ඉහි ඉහි ඉහි මට මෙවා අහන් ඉන්න බෑ,,, :-(
ReplyDeleteහා පැටික්කී...
ReplyDeleteආ හරිම නේන්නං ඒ උනාට ඔවා මට ඔන හැටියට නෙව..මං කියන්නේ..
Bunny...
ReplyDeleteකලක් ඒවී නුඹටත් මෙහි හඩන්නට..
එතෙක් කඳුළු රැක ගනු මැන ඉතිරි කොට..
පොඩි වැඩක් තියෙනවා නාඩා ඉන්න නම්...කාටවත් කියන්න එපා මාරයියා නිසා මම කියන්නෙ...
ReplyDeleteකවදාවත් කෙල්ලෙක් එක්ක යාලූ නොවී ඉන්නවා :P
lol
මම නම් කියන්නේ බොට හොද වැඩේ෴ ගියා මෙතන ෴ තේරෙනව නේද කෙල්ලන්ගෙ හැටි෴
ReplyDeletewath...
ReplyDeleteමෙන්න තවත් එක්කෙනෙක්...
Bunny...
ReplyDeleteඒ අදහස නම් පංකාදුයි...
සන්සරසිඳු, පිස්සා ඔක්කොටම දීපු යෝජනාව ගේනවා... උස්සමු බං... උස්සලා රටින් පන්නවමු... මාසයක් යනකොට පරණ ලෝකෙට එයි...!
ReplyDeleteතිස්ස අයියා...
ReplyDeleteඅනේ උස්සන එක නම් මොනවද..?මම තනි අතට වඩාගෙන යන කෙල්ල...
ඒත් මම කැමති හැම දේම එපා කියලා මගේ අත් දෙක ගැන විතරක් විශ්වාස කරලා ඇදන් ඉන්න ඇඳුම පිටින් එළියට බැහැලා එන්න කැමති නම් විතරයි...
මාත් ඇවිල්ල ගියා....
ReplyDelete"ඒත් මම කැමති හැම දේම එපා කියලා මගේ අත් දෙක ගැන විතරක් විශ්වාස කරලා ඇදන් ඉන්න ඇඳුම පිටින් එළියට බැහැලා එන්න කැමති නම් විතරයි.."
ReplyDeleteමසුරන් වටින කතාව.
දිවි හිමියෙන් කඳුළැලි පුරවාගෙන
ReplyDeleteරැකගත් ආලය උදුරාගෙන ගිය
කාලය කොතරම් නපුරුද සොඳුරිය..........!!!