දෙදහස් පන්සිය පනස් තුන් වසක්
ගෙවී ගොසින් එළඹෙන මොහොතේ..
ඔබේ දයාබර කුළුණු ගුණෙන් යුත්
බණ පදයක සුව නෑගෙන සේ..
තවත් ඉතින් කල් යවන්න සිදු විය
කල පවු වැඩි විය සසර මගේ..
සාර සංඛ කප් කෙලක් කල් පුරා
පෙරුම් පුරා බුදු වූ දවසේ..
රගත් රතී හා තණ්හා සපැමිණ
ඔබ මුව අභිමුව රැගුවා සේ..
තවත් බොහෝ දෙන අදටත් රගතිය
නිවන් පුරට අප යන අතරේ..
නිවන් දකින්නට කළ පින් මඳ විය
තවත් කලක් ඇවසිය සසරේ..
එතෙක් කලක් තව ඉවසා ඉන්නට
කෙලෙසින් හැකි වෙවිද සමිඳේ..
ඉන්න නොහැකි වූ ඔබ පය පාමුළ
කරුමක්කරු මම වෙමි නිබඳේ..
අපූරු අදහසක් මාරයියේ.....
ReplyDeleteකවියකින් පිළිතුරු දෙන්න තරම් හිත එකලාසයක් නෑ දිල්ගෙ...මේ දව්ස්වල බරපතල පුරස්ණයක...හීන් සීරුවේ විසඳගන්න දත කනවා...සමාවෙන්න ඉතින්
බුදුහාමුදුරුවො අපිත් දකින්නැති
ReplyDeleteබණත් අහන්නැති ඒ කාලේ
නිවන් දකින්නට පින් මදි වෙන්නැති
ඒකයි තවමත් සංසාරේ
නිවන් දකින්නට පින් මදි වෙන්නැති
ඒකයි තවමත් සංසාරේ
දෙව්රම් වෙහෙරට යන්න එන්න ඇති
බුදුන් වඳින්නට ඒ කාලේ
නිවන් දකින්නට පින් මදි වෙන්නැති
ඒකයි තව මා සංසාරේ
බුදුහාමුදුරුවො අපිත් දකින්නැති....
අපිත් එක්ක සිටි අපේම යාළුවො
නිවන් දකින්නැති ඒ කාලේ
මෙතේ බුදුන් දැක නිවන්දකින්නට
පින් පුරවමු අපි සංසාරේ
බුදුහාමුදුරුවො අපිත් දකින්නැති.....
╗ වික්ටර් රත්නායක ╔
සුලා..
උඔ විතරන් නෙවෙයි මාරයෝ අපි ඔක්කොම
ReplyDeleteදිල්...
ReplyDeleteමොකද වෙලා තියෙන්නේ කියලා කිවුවනම් ...
සමහර විට අදහසක් දෙන්න බැරි වෙන එකක් නැහැ.
හෙට උදේ හත හමාර වෙන කොට මම මගේ ඊමෙල් බලනවා..
ඊට කලින් කැමති නම් කියලා එවන්න.
සුලා...
ReplyDeleteඔකම තමයි මටත් කියන්න වෙන්නේ..
උන්නැහේ...
ReplyDeleteමෙ වෙසක් එකට වෙන මොනවා නම් කල්පනා කරන්ටද..?
පිහිටක් නැති සරණක් නැති
ReplyDeleteසතුටක් ඇති මුහුණක් නැති
මෙ සසර දනව්වෙ
අපි අසරණ වෙලා වගෙයි
හිතට දැනෙනවා
බුදු හාමුදුරුවනෙ..
මාරයා වෙසක් නෙද අද........... සුභ වෙසක් මංගල්‍යයක් වෙවා
බුදුරැස් කැටි වී නැගි ආලොකෙ.
ලස්සන ගිත කිපාක් මතක් වුනා ඔබගෙ කවිය දුටු විගස...
රවා...
ReplyDeleteතරහා නොවී කියහං මලේ මොකක්ද ඔය සුභ පැතුම කියලා..
තවත් වෙසක් සැමරුමක්, අවු.5 ක් වෙසක් සැමරුමක් දැක්කේ නෑ,,,,මතක් වෙනවා දන්සල් වදින්න ගිය හැටි, එක පාරක් අපි දන්සලක් දුන්නා පල්ලියේ තරුණ සමිතියෙන්,,මොනා කරන්නද යූරෝ පසු පස දුවලා හති වැටුන දවසට මොකක් වෙලා තියේවිද මන්දා, පින් ටිකක් නම් හදාගෙන යනවා....
ReplyDeleteසාග්ර වෙරලෙදි,,,සොඳුරු සැඳෑවක නොසිතු ලෙසින් අප වෙන් වූවා....දෙදහස් පන් සිය වසකට කලියෙන් ඔය දහමන් කියලා තිබුනා....
ReplyDeleteඔබේ සුමධුර හඩින් සවනත
ReplyDeleteපුරා රැව් දෙන බණ අසන්නට
ඔබේ දහමින් මගේ ගිණිගෙන
දැවෙන සිතුවිලි නිවා ලන්නට
පින් නොවූයෙන් සසර සරමින්
තවත් විඳවන දුක නසන්නට
දෙන්න සමිඳුනි නියත විවරණ
මෙතේ බුදු හිමි දැක නිවෙන්නට...
අනේ මංද මට නම් මුකුත් හිතාගන්න බෑ. හැබැයි පද ටික නම් ඇත්තටම ලස්සනයි........
ReplyDelete(හිතට ආපු සිංදුව රවා අයිය කියලා......)
තවත් එක් වෙසක් පොයක් ලැබිලා එත් අපිට අමතක වෙන දෙයක් තියනවා අපි මේ සන්සාරේ ඔහේ ඇවිදිනවා යනැන මන් නැතුව ....ඔහේ .......අපිට අමතක වෙලා අපිමේ ටික ටික ලන්වෙන්නේ සම්බුදු පියානන්ගේ ධාතු පරිනිර්වානයට නෙද කියලා....... මේ ලැබිලා තියෙන්නේ කුසල් වඩලා හිතපුරුදු කරගන්න හොද අවස් තාවක්....මේ මොහොත අපි අතින් ගිලිහී ගියොත්.....ඉලග අත් බවය්ක් ගැන හිතනවා බොරු එහෙම නෙද......?
ReplyDeleteඔබට තෙරුවන්සරණයි...!
සුභ වෙසක් මංගල්‍යයක් වේවා. අදහස නම් නියමයි.
ReplyDeleteඑළිකොට ගන අඳුරු අකුසල් සිත් පිරුණ
ReplyDeleteදුරුකොට අවිද්‍යාවේ කඩ ඉම හැඳින
ගරු කොට බුදු මඟම හැර වෙද මඟ කුමන
එක්කොට දෑත් වෙසඟේ යමු තුන් සරණ
වෙසක් දවසෙම උඹට ආපු අදහස නම් අපූරුයි . .
ReplyDeleteසුභ වෛශාඛ්‍ය මංගල්‍යයක් වේවා අයියා. කවිය නම් එල
ReplyDeleteමං බඩ්ඩක් එවල ඇති බලන්න......
ReplyDeleteඅයියෝ අයියා..මේ ලොකේම තමා අනේ හිටියේ .ඒත් පහුගිය ටිකේ හිතඑකලාසයක් නෑ..ඔයාලව බලන්න ආවා ඒත් comment එකක් දාන්න තරම්වත් හිතට හරි නෑ..
ReplyDeleteනිවන් දකින්නට කළ පින් මඳ විය
තවත් කලක් ඇවසිය සසරේ..
එතෙක් කලක් තව ඉවසා ඉන්නට
කෙලෙසින් හැකි වෙවිද සමිඳේ..
ඉන්න නොහැකි වූ ඔබ පය පාමුළ
කරුමක්කරු මම වෙමි නිබඳේ..
මං මේ කොටසටනම් ගොඩක් කැමතියි..මාත් හැම වෙලේම හිතන්නේ තව කොච්චර කල් ජීවත් වෙන්න වෙයිද කියලා අයියා,දැන් නම් මටත් හිතෙනවා හිටියා ඇති වගේ කියලා..
ItalyDilan ...
ReplyDeleteහිත තාමත් පිනට දහමටනේ..
දුර හිටියත් වරදින්නේ නැහැ...
indi...
ReplyDeleteහ්ම්.. හ්ම්..
තිබුනා නෙවෙන්නං..
නිශාචරයා Nishacharaya...
ReplyDeleteනියත වරම් දී සැනසුම ගෙන දේවා..
සසර දුක නසා ලන්නට හැකි වෙවා..
සියළු වරම් දී දෙවියොත් රැක දේවා..
නිශාචරගේ ඒ පැතුමත් ඉටු වෙවා..
හා පැටික්කී...
ReplyDeleteඒකනේ මෙ රවා කරන්නේ පුදුම වැඩනේ..
ඇයි මෙ කෙල්ලගේ හිතට ආපු දේ දාන්න ගියේ..
නංගියේ ඔයා එවපු බඩ්ඩ ලැබුනා..
අද නිවාඩු දවස හින්දද මන්දා ඉක්මනටම බා ගන්න ලැබුනා..
බොහෝම ස්තූතියි..
ලස්සන බඩ්ඩ..
ඉලංදාරියා...
ReplyDeleteඔබටත් තෙරුවණ් සරණයි...
Praසන්ன...
ReplyDeleteඔබටත් තෙරුවණ් සරණ පතමි...
විහඟ ගීතය...
ReplyDeleteයහපත් පැතුම් ඉටුවන බොදු දන පිබිද..
කරනා නෙක කුසල් බල මහිමෙන් නිබඳ..
සග මොක් සැපත් ලැබ සැනසුම ගෙන දෙවන..
නිවනත් ඔබට හිමි වෙවා සිඳ සසර..
දුකා...
ReplyDeleteමට වෙන්නෙ ඔහොමම නෙව..
Hasitha...
ReplyDeleteමල්ලීටත්..
වෙසගෙහි හද නිවන අරුත වැටහේවා..
මම...
ReplyDeleteමම තරහා වෙලානේ ඉන්නේ..
මාරයටත් නිවන් දකින්න ඕන වෙලාද. මාරයා නිවන් දැක්කොත් අපි අමරණීය වෙනවනෙ.
ReplyDeleteම්ම්ම් ඒකනේ මටත් හිතෙනවා මාරයා මා එක්ක තරහාවෙලා කියලා...ඉක්මනින් යාලුකරගන්න වෙනවා 64න් එකක් දලාවත් නේ ...හික්ස්
ReplyDeleteඒකනේ නේ....... මම පොඩි ඒකී කියන්න දන්නෙත් ඔච්චරයි......
ReplyDeleteඅයියේ ඔබ ලිවූ පිළිතුර මට ලැබුනා.
මම නවතිමි.
බුදුසරණයි!!!!
@ මම
අපෝ එච්චර ඕන්නෑ කාලක් ගෙනිහින් දෙන්නකෝ පටස් ගාල යාළුවෙයි....... හිහ් හිහ්........ :D :D :D :D :D
අනුරාධ...
ReplyDeleteආස ඇති නේද..ළග නමන්න..
මම...
ReplyDeleteඔය දැනටම 64න් එකක් දාලා තියෙන්නේ..
හා පැටික්කී...
ReplyDeleteමම කියන්නේ නෑ..කෙල්ලට..
කාලක්..හුහ්..
හා පැටික්කී...
ReplyDeleteෂා...නියම අදහස නොවැ පැටික්කියේ, ඔය වගක් කල්පනා උනේ නෑ නොවැ මට..
මම...
ReplyDeleteආ මට බඩු බනිස් වෙයි වගේ..
ඔය එකතුවෙලා තියෙන්නේ මහිලා සමිතිය..
ලාබයි ලේසියි........ කාලයි හිනාවයි.......
ReplyDeleteහිහ්....හිහ්.......
අයියෙ හිතට එකගව කියමු බලන්න මං බොරුද කිව්වෙ කියල???????
@ මම
ඒකනේ මං මතක් කරල දුන්නේ.......
(අනේ ආමන්ත්‍රනයක් නැතුව මොකක්ද වගේ..... එක වයසෙ උනාමත් නම දන්නැතුව හරි කරදරේ......)
හා පැටික්කි...
ReplyDeleteහිතට එකගව කියමි..
කාලකට නම් මා නම්මා ගත නොහැක.
හිනාවට නම් හැක..ඒත් ඔබලාට නම් නොහැක..මක් නිසාද යත්..
උල් දත්වලට බිය ඇත්තෙමි.
හා පැටික්කි....
ReplyDeleteඒ ගැන එච්චර හිතන්න එපා හාවියේ..ඔන්න ඔහෙ ඕන විදිහකට කතා කරන්න
මාරායියා....
අයියෝ අයියේ කාලකට වඩා දෙන්න නම් වත් කමක් අපට නෑ..ලද දෛන් සතුටු වෙන්නකො..මේ හැබෑටම අයියේ ඔයා මොකද හේතුවක් නැතිවම මාත් එක්ක තරහා වෙලා....
මම...
ReplyDeleteතරහ වෙන්නත් හේතු ඔනද..?
ඔනම නං ඉතින් හේතුත් දෙන්නං ගමකට..
කාලක් ගහලා කාලකණ්නි වෙන්නද ඔයා මට කියන්නේ..?
මං වගේ භාග්‍යවන්තයින් බාගෙන් මෙහා පාවිච්චියක් නැත.
හා පැටික්කී
මම කියන්නේ උත්තම පුරුෂ ඒක වචන නාමයනේ..
ඔයා මධ්‍යම පුරුෂ ඒක වචනයෙන් අමතන්න එතකොටවත් නමක් දාන්නේ නැතැයි.
හා හා බලන්න කියමුකෝ ඔය හේතු ටික...
ReplyDeleteහා පැටික්කි...
අනේ මට එහෙම කතාකරන්න එපා...මාරයියාට එහෙම කතාකලත් කමක් නෑ...
මම...
ReplyDeleteඔයාම කල්පනා කරලා බලන්න...
අපූරුයි . ...
ReplyDelete