10 May 2010

දීර්ඝ කාලීන සමෘද්ධි ලාභීන්ට නඩු පැවරිය යුතුය...

වෙනදා කතා කරන අන්දමෙ මාතෘකාවක් නොවුනත්,
මට මෙ පිළිබඳව වචනයක් හරි ලියන්න කියලා හිතුනේ..
ඊයේ දවසේ ඇති වූ කතාබහක් නිසයි.

ඊයේ ඒ කියන්නේ ඉරු දින මා රාජකාරි කලත්,
සවස් වරුව වෙනකොට හුගාක් කටයුතු ඉවරයි.
කොහොම හරි හවස හත විතර වෙනකොට නාලා කරලා..
රෑ කන වෙලාව එනකල් අපේ අනිත් නිලධාරීන් කිහිපදෙනාත් සමග කයියක් ගගහ ඉන්න කොට තමයි මෙ මාතෘකාවත් ඇදිලා ආවෙ..

ඇත්තටම අපේ මාතෘකාව උනේ දේශපාලනය..
බොහෝ දෙනා අකමැති එකක් උනත් මා නම් කැමතිම මාතෘකාවක් තමයි.

මෙහිදී අප කතා බහ කලේ දැනට රටෙ තත්වය සහ රට වෙනස් විය යුතු විදිය පිළිබඳවයි.

ඒ වගේම මෙ සාකච්චාවට පවතින රජය හෝ විපක්ෂය පිළිබදව හොද නරක කිය කිය ඉන්නවාට වඩා..
රටෙ ඇතිවය යුතු පරිපාලන ප්‍රතිපත්ති ගැන අදහස් එකතු කිරීමයි සිදු උනේ...

ඉතින් එයින් එකක් තම මෙ දිළිදුකම පිටු දැකීම පිළිබදව වූ අතුරු කොටස...

ඒ සඳහා විය යුතු කරුනු ගණනාවක් සාකච්ඡා කරන අතරම..
දැනට රජය මගින් ඒ සදහා වූ වැඩ පිළිවෙලක් වන සමෘද්ධිය ගැනත් අපේ කතා බහ ඇදිලා ගියා.

ඇත්තටම පෙරමුණු රජය මගින් 1995ට ආසන්න වසරකදී මෙම ව්‍යාපෘතිය පටන් ගනු ලැබූවෙ ඒ වන විට තිබූ ජනසවිය හා ආහාර මුද්දර ක්‍රමයට සංශෝධන සහ නව විකල්පද එකතු කර ගනිමින්.

එහි මූලික පරමාර්ථය උනේ දිළිදු සහනයෙන් ඔබ්බට ගිය.. ක්‍රමානූකූලව මිනිසුන් රැකියා සහ ස්වයං රැකියාවන්ට යොමු කර ඒ මගින් දුප්පත් කම නැති කරලන වැඩ සටහනක් ඇති කිරීමයි.

අද වෙන කොට මෙම සමෘද්ධි වැඩ සටහන ආරම්භ කර වසර 15ක් පමණ වෙනවා.
ඇත්තටම දැන් මෙ පිළිබඳව ආපසු හැරී බලන්න සුදුසුම කාලයයි කියලා මට හිතෙනවා.

සමෘද්ධියේ මුලික හරයන් ක්‍රියාත්මක වූවානම් ඇත්ත වශයෙන්ම මෙ වන විට රටෙ සමෘද්ධි ආධාර ලබන්නන් අඩු වී තිබිය යුතු බවයි මගේ නම් හැගීම..

නමුත් එය එසේ සිදු වී ඇතිද..?
මෙ පිළිබදව අවට සමාජයේ ඇති සාක්ෂි විනා..නියම දත්ත ලබා ගැනීමට මා හට හැකියාවක් නැති වීම මට ලොකු පාඩුවක්.
නැත්නම් මෙ කරුණ පිළිබඳව මීටත් වඩා ගැඹුරින් කතා කරන්නට තිබුනා.
නමුත් කරුණු සොයා ගන්නට නැතැයි කියා නිකම්ම සිටින්න කියා නීතියක් නැති නිසා මාත් මට හිතෙන දේවල් ටික කියලා දාන්නම්.

මගේ දැක්මේ හැටියට මෙ වන විට සමෘද්ධියෙන් පල ප්‍රයෝජන ලබා දුප්පත් කමින් මිදුනු විශාල පිරිසක් රටෙ ඉන්නවා.
නමුත් සමස්ථ සමෘද්ධි ලාභීන් සමග සංසංදනය කරන විට එම විශාල පිරිස ඉතාම සුළු ප්‍රතිශතයක් පමණයි.
ඒ කියන්නේ මෙම ව්‍යාපාරයෙන් දියුණු වූ අයට වඩා අදටත් එදා සිටි තත්වයේම සිටිමින් දිගින් දිගටම සහනාධාර ලබන අයගේ ප්‍රමාණය වැඩියි.

සාමාන්‍යයෙන් මෙම සමෘද්ධි වැඩ සටහනේ මූලික හරයන්ට අනුව නිසි පරිදි කටයුතු කලා නම් සාමාන්‍යය තත්වය යටතේ දුප්පත් පවුලකට සහනාධාර නොලබන මට්ටමෙ ආර්ථීකයක් ගොඩ නංවා ගැනීම සඳහා වසර පහක කාලයක් හොදටම ප්‍රමාණවත් වෙන බවයි මගේ හැගීම..
මෙම ප්‍රකාශය මා කරනු ලබන්නේ මා දුටු කරුණු වලට අනුවයි.එනම් මා පැවිදිව සිටි කාලයේදී එසේ සමෘද්ධිය හරහා උපදෙස්, ආධාර සහ ණය සහන ලබාගත් පුද්ගලයින් කිහිප දෙනෙකුම වසර තුනක් වැනි කාලයක් තුල සමෘද්ධි සහනාධාර නැතිව ජීවත් වීම සදහා ඇවසි තරමෙ ආර්ථීක තත්වයක් ගොඩ නගා ගනු මා දුටු නිසාවෙනි.

එසේනම් සියළුම සමෘද්ධි ලාභීන්ට එම තත්වය අත්කර ගැන්මට නොහැකි වූයේ ඇයිදැයි යන කාරණය අප විසින් සොයා බැලිය යුතු නොවෙද...?
මෙ සඳහා විවිධ කරුණු ඉදිරිපත් විය හැකියි.

ආධාර ලබන පවුලේ ක්‍රියාකාරී පුද්ගලයින් අඩු වීම (වයස 18ත් 45ත් අතර උදවිය අඩුවීම,අධ්‍යාපනය ලබන දරුවන් වැඩි වීම)

සදාකාලික ආබාධිත තත්වයන් ඇති උදවියගෙන් සමන්විත පවුල් තිබීම.

අවශ්‍ය තරම් මූලික මට්ටමෙ වත් දැනුමක් නොතිබීම.(කෙලින්ම කියනවා නම් පට්ට පල් මෝඩ)

උනන්දුවක් සහ උත්සහයක් නොතිබීම.

ආදායම් තිබියදී සමෘද්ධි සහනාධාරය වංචනිකව ලබා ගත්තවුන්.(මෙවැන්නන් කෙසේවත් සමෘද්ධිය අතහරින්නේ නැත)

අඳාළ පෙදෙසේ සමෘද්ධි නිලධාරීන් පල් හොරුන් වීම.

මෙවැනි හේතු කිහිපයක්ම මෙ සඳහා හේතු විය හැක. නමුත් මෙහි පළමුව සදහන් කල කරුණු 3හි සඳහන් අය පිළිබඳව සානුකම්පිතව බැලිය යුතු බව මගේ හැගීමයි.
ඒ හැර 4වන සහ 5වන කරුණුවලට අදාළ වන අයවළුන්ට නම් දැඩි නීති ක්‍රියා මාර්ග ගත යුතුය.
( අංක 6ට අඳාළ වුවන්ට ගල් ගැසූවත් මට කම් නැත)

කෙසේ වෙතත් මෙම ලිපිය ලිවීමෙදී මා මූලිකවම සිතූ දෙය නම් සමෘද්ධි ලාභීන් ගැන සොයා බැලීමට විශේෂ කමිටුවක් ඇති කල යුතුය යන්නයි.
මෙ සදහා විපක්ෂ දේශපාලකයින්ද, විශ්‍රාම ලත් විනිසුරුවරුන් කිහිප දෙනෙකුද යොදවා ගැනීමත් නරක නැත.

එසේ කොට වසර පහකට වඩා කාලයක සිට මෙ දක්වා සමෘද්ධි සහනය ලබන සියළුම පිරිස ගැන විධිමත් පරීක්ෂණ පවත්වා කිසිදු සාධාරණ හේතුවක් නැතිව මෙ තාක් දක්වා ආධාර ලබන සියළුම අයවළුන්ට සුදුසු අන්දමෙ දඩුවම් ලබා දිය යුතු බවය.
මක් නිසාද යත් මෙ සඳහා වැය කරන රටෙ වැඩ කරන මිනිසුන් මහන්සියෙන් හරි හම්බ කරන දෙයින් ගෙවනු ලබන බදු මුදලින් මොවුන්ව නඩත්තු කිරීම රටෙ අවංකව වෙහෙසෙන මිනිසුන්ට කරනු ලබන අසාධාරණයක් හෙයිනි.

හැකියාව තිබියදීත්..දිගින් දිගටම සමෘද්ධිය ලබාගන්නා අයත්,
උත්සහය හා උනන්දුව නොමැති කම නිසාවෙන්ම හා අධික බීමත් කම නිසා වෙහෙස වී වැඩ කර දියුණු වීමට තැත් නොකරන අයටත්,
තම සේවා දායකයින් සඳහා නිසි සේවයක් ලබා නොදෙන්නා වූද, පඩියට පමණක් වැඩ කරන්නා වූ, දේශපාලනය පමණක් කරපින්නා ගත් ඇතැම් අමන සමෘද්ධි නිලධාරීන්ටත්,
එවැනි නිලධාරීන් පිළිබඳව නිසි ක්‍රියාමාර්ග නොගෙන කටයුතු කරනු ලබන සියළුම උසස් නිලධාරීන්ට හා ඒ සම්බන්ධ සියළු දේශපාලකයන් හටද ඉතා දැඩි දඩුවම් ලබා දිය යුතුය.

එම දඩුවම් කුමන ආකාරයේද යන්න මම කීමට නොයමි.
නමුත් එකක් කිව යුතුය.
රටෙ වැඩ කරන මිනිසුන්ගේ ශ්‍රමයෙන් හේතුවක් නැතිව පිනට කන සියළුම වරදකරුවන්ගේ දේපල නැවත එම වැඩ කරන මහ ජනතාවගේ ප්‍රයෝජනය සදහා යෙදවෙන අන්දමෙ දඩුවම් ක්‍රමයක් නිර්මාණය කල යුතුය.

මෙම ලිපියේ විශාල අඩුපාඩුවක් ලෙස මාද දකින නිසි සංඛ්‍ය ලේඛණ ලබා දිය හැකි අයෙක් වෙතොත් එම දත්ත ලබා දෙන මෙන් ඉල්ලා සිටිමි.
වැඩි දෙයක් නොව..
ආරම්භයේ සිට මෙ දක්වා වසරින් වසර සමෘද්ධි සහනාධාර ලබන්න්ගේ ප්‍රමාණයත්, හැකිනම් ඒ ඒ වසරට සාපේක්ෂව මුළු ජනගහණයෙන් සහනාධාර ලබන්නන්ගේ ප්‍රතිශතය කොපමණ වනවාදැයි යන්නත් ලබා දිය හැකි නම් සෑහෙන වටිනා උදව්වක් බවත් සටහන් තැබීමට කැමැත්තෙමි.

14 comments:

  1. අලුත් post එකක් දලා නේ. දැන් නම් පොඩි ගමනක් යන්න වෙලා.ගිහින් ඇවිත්ම එන්නම් කො අයියාව අයේත් බලලා යන්න.මේ ම්දවස් ටිකේ එන්න බැරි උනු නිසා මෙච්චර වෙලා කරේ පරන post කියවපු එක

    ReplyDelete
  2. මාරයියේ....දන්නේ නැති හින්දයි අහන්න හිතුනේ. ඔය සමෘද්ධි සහනාධාර එක පවුලකට කොච්චරක් හම්බ වෙනවද ?

    ReplyDelete
  3. මම...

    එනකොට මට ටොපීයක් ගේන්න...

    ReplyDelete
  4. දිල්...

    එක ගාණක් කියලා නැහැ දිල්.
    පවුලෙන් පවුලට ඒක වෙනස් වෙනවා.
    රුපියල් දෙසීයේ ඉඳලා දාහ දෙදහා වෙනකල් තියෙනවා.

    ReplyDelete
  5. මාරයාගේ හෝරාව ට/

    රුපියල් 200 කින් මොනාද ගන්න පුළුවන් කියලත් කියනවද ?

    ReplyDelete
  6. දිල්...

    මෙතන ගණන නෙවෙයි වැදගත්...
    ඇයි එහෙම විය යුත්තේ කියන එකයි.

    ReplyDelete
  7. මුන්ට දෙන්න ඕන රජකාලෙ දඩුවම්.

    ReplyDelete
  8. Praසන්ன...

    ඒවා දීලා වැඩක් නැහැ.
    කොහොම හරි අනිත් මිනිස්සුන්ගෙන් හොරකම් කරපුවා ආපහු ගන්නම ඔන...

    ReplyDelete
  9. ඔය පන්සීයක් දාහක් ගත්තොත් ගන්නෙ නැති කමටනෙ.ඔහෙ ගත්තාවෙ.

    ReplyDelete
  10. රු 250ට ශ්‍රමදාන වලට යන්න ඔ්න රැස්වීම් වලට යන්න ඔ්න අන්තිමට පොදු පෙරමුණට ඡන්දය දෙන්නත් ඹ්න.

    ගමක සමෘද්ධිලාභීන් 100 කට 250 බැගින් 25000යි.
    වසමකට සමෘද්ධි නිළධාරීන් 2කට 20000 බැගින් 40000යි.

    ගමක 2න්නෙක් දියුණු වෙනවා.

    ReplyDelete
  11. මාර ලොක්කා,,මම ඔයාගේ ලිපි මම සින්ඩියට ආපු දා ඉදලා බලන කෙනෙක් ඒත් කමෙන්ට් නම් දාලා නෑ,ඒත් අද නම් දානව මේ ලිපියට,
    අපේ ගමේ මීට අවු. 4, 5 ඉස්සල්ල හිටිය මේ ආධාර ගන්න අය,,එයාලා මේ සල්ලි වලින් සමූපකාරෙන් අරන් ආවේ ප්ලාස්ටික් බඩු,ඇලුමීනියම් බඩු වගේ දේවල්,එයාලගෙන් සමහර අයට ගෙවල්, වාහන පවා තිබුන උදවිය,කොහොම හරි ටික දවසකින් එයාලට ආධාර නැවතුනා,අනිත් අය පෙත්සම් ගහලා,පස්සෙ නියම වැඩේ කියන්නේ,පෙත්සම් වැඩේ දුර දිග ගිහින් ලොකු වලියකුත් ගියා......

    ReplyDelete
  12. සෑහෙන කාලෙකට පස්සේ හොද ලිපියක් කියවන්න ලැබුනා. ඔබ කිව්වා වගේ සත්‍ය සංඛ්‍යාලේඛන සහිතව ලියන්න තිබුනනම් වඩාත් වටිනවා. ඒත් මේ ටිකත් හොදටම ඇති යමක් හිතල බලන්න.

    මමනම් දකින් විදිහට මේ සමෘධි සහනාධාරයෙන් 80% ක් ම අපතේ යනවා. බොහොමයක් පුද්ගලයන් සලකන්නෙ මේ සහනාධාරය ඒ අයට ලැබිය යුතුම දෙයක් කියලයි. ඒ නිසාම මහන්සි වෙලා වැඩක් කරලා දියුනු වෙන්න බලන්නේ නැතුව රජයෙන්ද බලාපොරොත්තු වෙනවා. මේ වගේ අයට යම් කිසි කාලයක් දීලා ඒත් ප්‍රගතියක් නැත්නම් මේක නවත්තලා වෙනත් වැඩ පිළිවෙලකට යන්න ඕනෙ ඔවුන්ව නගා සිටවන්න. එහෙම නැතුව හැමදාම සහනාධාර දීල රට දියුණු කරන්න බැහැ. අනිත් එක තේරුම් ගන්න ඕනෙ දෙයක් තමයි මේ වියදම් කරන සල්ලි මේ රටේ මහන්සියෙන් වැඩ කරන ජනතාවගේ සල්ලි. ආණ්ඩුවට වුනත් සදාචාරාත්මක අයිතියක් නැහැ දිගින් දිගටම වැඩ කරන මිනිසුන්ගේ සල්ලි වැඩ නොකරන කම්මැලියන්ව නඩත්තු කරන්න යොදවන්න.

    මේකට ප්‍රධානම හේතුව හැම රජයකම නොසැලකිලිමත් කම. ව්‍යාපෘති පටන් ගන්නවා විතරයි. ඉන් එහාට ඒවා අධීක්ෂණයක්වත් වෙනත් ඇගයීමක්වත් කිසිම දෙයක් නැහැ.

    හැබැයි මුලින් කියපු විදිහේ ඉගෙන ගන්න ළමයි ඉන්න හෝ පූර්ණ ආබාධිත අය ඉන්න පවුල් වලටනම් මේක තව ටිකක් වැඩි කරලා හරි දුන්නට කමක් නැහැ, මොකද මම හැබැහින්ම දැකලා තියෙනවා අන්තිම දුප්පත් ළමයි ඉගෙන ගන්න විදින දුක. ඒ වගේ දෙයක් නම් අපතේ යන්නේ නැහැ මොකද ඒක ආයොජනයක්.

    ReplyDelete
  13. මචෝ ....කොහොමත් අපෙ රටේ ඉන්නෙ පිනට කන්න බලාගෙන ඉන්න සෙට් එකක්.මතකද ප්‍රේමදාස මහත්තයගෙ කාලෙ ජනසවිය දෙනකොට., මචන් මමනම් කියන්නෙ ඔය පිනට දෙන සියලුම දීමනා අයින් කරල දාන්න ඕනෙ කියල.ඒ විතරක් නෙමේ..,ඔය රජයේ ජොබ් කරන අයටත් දෙන පඩියනම් ගොඩක් වැඩියි.මමනම් හිතන්නෙ ඊට වඩා වැඩි පඩියක් ගාමන්ට් එකක වැඩ කරන කෙල්ලෙකුට ගෙවන්න ඕනෙ.මොකද ඒ කෙල්ල තමයි රටට සල්ලි කීයක් හරි හොයල දෙන්නෙ.යමක් කමක් තියෙනෙ එකෙක් මචන් ඔය දීමනාව ගන්නව කියන්නෙ ඌට හෙන ගහන්න ඕනෙ.

    ReplyDelete
    Replies
    1. Machan..garment ekaka wada karana kellekta keeyak wadipura dunnath kamak nam naa thamai...habai umba kiyana widihata government jobs karana kagewath padinam kapala danna tharam wadinama naa..mamath piligannawa wada karyakshama na kiyalanam..a wagema shramaya hariyata proyojanawath widihata yoda ganne na kiyala..ekata uththare a padiya garment ekaka kelekta dena ekanam nemei. mokada oka gana oya widihata digin digatama tharka koroth adyapanay (education) kiyana dea oni nathiwei ratata..O/L karala hoda padiyakuth ganna puluwan wei...meka padi ganna harak innna ratak wei...samaharawita umba wage..???

      Delete