06 May 2010

තවත් එකක් කියලා දාමු... සිනමා දේවතාවා සහ ජුං...

මතක් වෙච්ච වෙලාවෙ එපැයි කියලා දාන්න.
කෙටියෙන්ම කියන්නම්කෝ..
මෙක පොඩි එකක්..

එතකොට මට වයස නැතෑ අවුරුදු 15ක් 16ක් විතර..
අපේ ජුංට.. 12ක් නැත්නම් 13ක් විතර ඇති..

ඔන්න ඉතින් දවසක් අපි සෙට් එක ගියා ෆිල්ම් එකක් බලන්න..
ඒ වෙන කොට මායි මල්ලියි නම් සෑහෙන්න ෆිල්ම් බලලා හිටියේ හොල් වලට ගිහිල්ලා...
ඔන්න කෙලිය කෙටියෙන් කියන්න ගියාට මට තව කතාවක් මතක් උනානේ...

එතකොට මට 11යි,
අපේමල්ලිට 9යි...
මං ඉතින් ඒ වෙනකොට පහේ විභාගේ එහෙම සමත් වෙලා කොඹල ඉස්කෝලේ ගාටන කාලේ නෙව..
බස්වල එහෙම යන්ට එන්ට පුළුවන් තනියම..
ඒ හින්දම දවසක් මායි මල්ලියි කතා උනා යං චිත්‍රපටියක් බලන්න කියලා...
ළගම හොල් එක ඉතින් වඩකත රුවනි එක තමා..

තාත්තත් ඉතින් වැඩි විරෝධයක් පෑවෙ නැහැ..
මොකද ඒ වෙනකොටත් අපි දෙන්නා හුගක් පැහිලා හිටියේ...

මීට කලින් තාත්තත් එක්ක ගිහින් පළපුරුද්දත් තියෙන නිසා අපි දෙන්නත් එක්ක ඉතින් කොහොමින් කොහොම හරි ගිහින් ෆිල්ම් එකත් බලපි..

හැබැයි එන්ට උනේ හරියටම කිලෝමීටර අටක් විතර මග ගෙවාගෙන පයින් තමයි..
හේතුව...
චිත්‍රපටියේ ඉන්ටවල් එකේදී අතේ තිබුනු ඔක්කෝම සල්ලි වලින් අපි දෙන්නා ටොපි,ලොසින්ජර,චොකලට් කාලා..
එකම එක රුපියලයි ඉතුරු.
ඒකෙන් අපි එක්කෙනෙකුට බාගේ ටිකට් එකක් අරන් එන්න පුළුවන් උනත්..
දෙන්නෙකුට බැහැනේ..
මට නම් ඉතින් ඒ දවස්වල බස් එකේ නිකං එන එක ගානක් නෑ..
ඉතින් මල්ලිට රුපියල දීලා බස් එකේ ටිකට් අරන් එන්න කිවුවත් ඌ නෙවෙයි ඒකට කැමති උනේ..
අන්තිමට දෙන්නත් එක්ක ඒ රුපියලෙත් ටොෆී දෙකක් අරන් කාලා පයින්ම ගෙදර ආපි..

ඉතින් අපි අපේ ප්‍රධාන කතාවට යන්කෝ...

ඉතින් අපේ මෙ මහා සිනමා දැක්මට පුරුදු කරුවන් වූ මාරයායි, මාර මල්ලීයි,
තවත් අපේ වැඩිහිටි ළමයෙකුවූ සිනජිරි යයි ජුංඅල සහ රතනයයි තමයි සෙට් උනේ..
මෙකට කැමති තවත් බුවාලා හිටියත් ගෙවල් වලින් බකට් හින්දා වැඩෙ හරිගියේ නැහැ.
ආ.. තව බුවෙක් ඉන්නවා..
අර කලින් ජුංගේ ලියුම් කතාවෙ සිටි පර්ස් එක ඉල්ලන් ගිය මීචන්ද යයි.
දැන් ඔක්කොම හයයි.

කොහොමින් කොහොම හරි අපිත් ගියා බරිකිත්ගොඩ හිමාලි එකට...
දැන් මෙතනින් තුන් දෙනෙක් පළපුරුදු උදවිය...
මාරයයි,මල්ලියි,සිනජිරියයි...

කෝඩු කාරයෝ තුන් දෙනයි..
මීචන්ද, ජුංඅල සහ රතන..
ඔතනින් මීචන්දයා දඩු කෝඩු.. ඒ කිවුවෙ ඒකා මටත් වැඩිය වැඩිමල් උනත් මෙතුවක් කාලෙකට සිනමා ශාලාවකට ගිහින් නැහැ..
ඒ උනාට ඌව අන්දන්න බැහැ..ටිකක් දැනුම් තේරුම් තියෙන එකා...

කොහොම හරි දුර කතර ගෙවාගෙන අවසරපත් එහෙම අරගෙන ගිහින් වාඩි උනේ නැතැයි..අපි

මෙන්න රතනයා කියනවා...

එළියෙ නම් ලයිට් තියෙනවා..ඇතුලේ ලයිට් ඩිම්නේ...
ලයිට් ගියොත් පෙන්නන එකක් නැද්ද.. කියලා

නැහැ බන් බය වෙන්න එපා කොහොම හරි පෙන්නයි...
වැඩෙ තියෙන්නේ හුළගට ඇන්ටනාව කැරකුනොත් තමයි වැඩෙ බකල් වෙන්නේ...සිනජිරියා කියපි.

තාම සිනමා ශාලාව අඩ අදුරේ තියෙන්නේ...
පසුබිමින් ජෝතිපාල ලතා වල්පොල සමග සුදුපාට මීදුම් ගලාලා...
ගයනවා..

දැන් ඉතින් අපි නොයිවසිල්ලෙන් බලන් ඉන්නවා..මෙක පටන් ගන්නකම්...
ඒ අතරේ දැන් ජුමා සහ රතනයා ඇස් ගෙඩි දෙක ලොකු කරන් තිරෙ දිහාව බලන් ඉන්නවා...

ඔන්න ඉතින් ඒක දැකපු මගේ ටිකිරි මොළේට ආවා පොඩි ජිල්මාට් එකක්...

මම හිමින් සීරුවෙ සින ජිරියගේ ඇගට ඇගිල්ලකිනුත් ඇනලා පටන් ගත්තා වැඩෙ...

ඒක නෙවෙයි ජුං දැන් උඹලා වදින හැටි එහෙම දන්නවා නේද..?

මොන වඳින විදියද..බං.. ජුමා මගෙන් අහනවා...

මම තරමක් විමතියෙන් මෙන්..
ඇයි බං සිනමා දේවතාවට වඳින විදිය...

අනේ ඒ කවුද..?ඒ රතනයාගේ බියපත් කටහඩ...

අනේ බං උඹලා දන්නේ නැද්ද..? මෙ චිත්‍රපටි හොල් වලට අධිපති දේවතාවෙක් ඉන්නවානේ..
මුලින්ම චිත්‍රපටියක් බලන්න එන හැම කෙනාම චිත්‍රපටිය පටන් ගන්න කොටම සාදු කියලා වදින්න ඔන..ඔය දෙන්නේ සිනජිරියා මටත් වඩා හොදට...

අනේ පලයන් යන්න..උඹලා බොරු කියනවද කොහෙද..?මම නං වඳී..ජුං වීරයා වගේ කියනවා.

හරි හරි උඹලාට වඳින්න බැරිනම් නිකං හිටපල්ලා.. හැබැයි අපි ගාව ඉන්න එපා අර ඈතින් ගිහින් වාඩි වෙයල්ලා.. නැත්නම් දේවතාවා අපිත් එක්කත් කෝප වෙලා අපිටත් කරදර කරාවි...

දැන් රතනයා කියනවා..
අනේ වදිමු බං..උඹ හින්දා මටත් මොනවා හරි වෙයිද දන්නේ නෑ...

අනේ පලයල්ලා යන්න.. මම නං වඳී..

ජුං දැන් රියල් වීරයා..

ඒත් එක්කම ටී්‍රංංංංං තුන් වන සීනුවත් සමගම මෙතෙක් වෙලා සිනමා තිරය වසාගෙන සිටි තිර රෙදි දෙක දෙපසට වෙන්න පටන් ගත්තා විතරයි...

සාධු..සාධු..සා...ධූ..
ජුමා නැගිටගෙනම වැඳපි නේද තිරයට...

වීරයා මැරිලා...

37 comments:

  1. ඔයාට ඔය ටික එකතු කරන් මැරතන් දුවන්න තිබුනනේ අයියේ හැබෑටම.......
    අම්මේ හිනාවෙල පනත් නෑ......
    ජුංඅල කතා ලෝකයක් වගේ........

    ReplyDelete
  2. හා පැටික්කී...

    දුවන්නනම් තිබුනා..
    ඒත් මට ඒක කරන්න විදියක් නැහැ.
    වැඩට යන්න තියෙනවනේ...
    කොහොමත් මට ඒ ගැන ඒ තරම් කැමැත්තක් තිබුනේ නැහැ.
    හදිසියට ලියලා පෝස්ට් ගාන නිකංම ඉහළ යනවට මම කැමති නැහැ.

    හිමින් යන්න තමයි මම කැමති.

    ReplyDelete
  3. හ්ම්ම්ම්........ හ්ම්ම්ම්......

    ReplyDelete
  4. හක් හක් හා...
    :D
    ඒකනම් මරු කතාව.
    මහ රෑ මට උන් හිටි තැන් සිහි නැතුව, මහ හයියෙන්ම හිනා වෙච්චි.

    ReplyDelete
  5. මාරයාටත් මාර කතානෙ තියෙන්නෙ. මෙන්න මේ වගේ ඒව කියන්නකෝ පිස්සු විකාර නොකියා. එල එල.. ඔහොම යං

    ReplyDelete
  6. Ansh Lucky Sri Jay...

    හා හා හිනාව නවත්තලා ගිහින් ජීමෙල් එකවුන්ට් එක බලන්න.

    තව ටිකක් එවන්නං.

    ReplyDelete
  7. තරිඳු...

    කියන දේ මට තවත් කතාවක් විතරයිනේ මලේ...
    බලන අය තමයි ඒවා තීරණය කරන්නේ..
    පිස්සු කතාද නැද්ද කියලා..
    මම කරන්නේ කියාගෙන යන එක විතරයිනේ...

    ReplyDelete
  8. ඔව්නේ අයියේ.., ඔයා ඊමේල් එක එවනකොට මම මෙතන තමයි හිටියේ.
    :D

    ReplyDelete
  9. හෙ හේ බලං ගියාම ජුංඅල කියන්නෙ කතා පෙට්ටගමක් නේ. එල එල තව එකකුත් ලියමුකො බලන්න :)

    ReplyDelete
  10. "වැඩෙ තියෙන්නේ හුළගට ඇන්ටනාව කැරකුනොත් තමයි වැඩෙ බකල් වෙන්නේ..."
    මරු සැට් 1.. :ඩී

    ReplyDelete
  11. Ansh Lucky Sri Jay...

    මට තේරුනා..
    ඒකනේ මම කිවුවෙ...

    ReplyDelete
  12. මල්$han...

    මෙකලා දෙන්නගේ හිතේ මෙකත් ලොකු ටෙලිවිසොන් එකක් වගේ කියලා නෙව..

    ReplyDelete
  13. roylyfernando...

    ඇත්ත ඇත්ත..
    අපේ ජුං ඒ දවස්වල පුවත් මවන්නෙක් නෙව..
    තාමත් හැබැයි ඔකා ඔහොමම වෙන්න ඇති...
    ඒත් ඉතින් දැන් අවුරුදු දහයකින් විතර මට මෑන්ස්ව හරියට ඇසුරු කරන්න ලැබුනේ නැහැ...

    ReplyDelete
  14. හපොයී........ ජුංඅල කතා සාගරයක්නේ..... අනේ හැබෑටම මාරයියේ ඔහොමත් රවට්ටන්න හොඳද කිරිකෝඩුකාරයන්ව......... හි හි ...... හොඳට හිනා වුනා........ තව ලියමූ..........

    ReplyDelete
  15. විශ්මි...
    ලියන්න කතා නම් එමටයි...

    ඒත් ලියන එකනේ එපා වෙන වැඩෙ...
    අනික තාම මම කිවුවෙ මීඩියම් සයිස් කතා ටික..
    මෑන්ස් ගැන ෂෝට් කතා වගේම මෙගා සයිස් කතාත් තියෙනවා...
    කොහොම කොටන්නද මන්දා...

    ReplyDelete
  16. බැරිද දන්නේ නෑ අර heading එක වෙනස් කරලා " මාරයාගේ හෝරාව " වෙනුවට " ජුං අල හෝරාව " කියලා වෙනස් කරන්න...මොකද මේක දැන් ජුං ජුං වෙලා නෙ :P

    ReplyDelete
  17. ජුං ගේ වැඩකිඩ කියලා පොතක් ලියන්න තියෙන්නේ......

    හිනා යනවා බඩ පැලෙන්න...... එල...
    තව ලියමු....

    ReplyDelete
  18. දිල්...

    හරි එහෙනම් මම මෙක නවත්තලා දාන්නම්කෝ...
    මට ජුං ගේ කතා වලට වඩා මාරයාගේ හෝරාව වටිනවා.
    දැන් සතුටුයිනේ..

    ReplyDelete
  19. ඉලන්දාරියා...

    කොහොමද අප්පා කරන්නේ අර දිල් දාපු බකට් එක පේන්නැද්ද..?

    ReplyDelete
  20. නියම සෙට්‍ එක. තව දිගටම ලියමු...

    ReplyDelete
  21. නියම කථා ටික.. තව කියන්න අයියේ

    ReplyDelete
  22. යකෝ පව් බං...!! හිනාකාල මැරෙනවා...හෙහ් හෙහ් හෙහ්...

    ReplyDelete
  23. ඉතින් ඊට පස්සෙ මොකද වුනේ කියන එක තමා වඩා වැදගත් වෙන්නේ...

    චිත්‍රපටිය බැලුවද?

    ReplyDelete
  24. :D :D :D :D හිනා වුන ඇති තරම්... ජුමා ගේ කතාවල රස වැඩි වෙනවා මාරය්යා කතාව පෙලගස්වන විදියට.. නියමයි!! නියමයි!!!

    ReplyDelete
  25. නියමයි අය්යෙ.. කතා ඔක්කොම..

    ReplyDelete
  26. මේක මේ එකදාස් නවසිය බර ගනන් වල වෙච්ච කතාවක්ද?

    ReplyDelete
  27. හිකිස් හිකිස්...... දේවතාවි හරි සතුටු වෙන්න ඇති නේද අයියේ????

    ReplyDelete
  28. අපොයි මාරායියේ පව් අප්පා ඒ අසරණ ජුං අයියා.ඒ හාදයා දන්නවනම් මාරයාවත් මරාගෙන මැරෙයි

    ReplyDelete
  29. හසී...
    මෙ දිල් අක්කා මට බකට් එකක් දැම්මා නෙව ජුංගේ කතා කියන්න එපා කියලා..
    මං ඉතින් නවත්තලා දාන්නයි හිතන් හිටියේ ..
    බලමුකෝ ඒකෙත් හැටි නේද..?

    ReplyDelete
  30. තිස්ස අයියා...

    පවු නම් තමා...
    ඒත් ඉතින්.. මිනිහත් අපිට දෙන ගේම් වල හැටියට..ඔවා මොනවද..?

    ReplyDelete
  31. තනෝජා රාජපක්ෂ...

    බැළුවා බැළුවා නොබලා කොහොමද...
    ඒත් ඉතින් හිනා වෙන එක නතර උනේ ඉන්ටවල් එකේදී තමා...

    ReplyDelete
  32. පබලු...
    බොහෝම ස්තූතියි නගා...

    ReplyDelete
  33. චේජනා...

    තව ටිකක් කියන්න තිබුනා..
    ඒත් මෙ සමහර අය බාල්දි පෙරළනවනේ..

    ReplyDelete
  34. අනුරාධ...

    අපෝ ඔවු එක්දහස් නවසිය නම් තමා..
    ඒත් 1994 අවුරුද්දේ විතර තමා...

    ReplyDelete
  35. punchisamanalee...

    දේවතාවී කෙසේ වෙතත් අපිට පිටි පස්සේ වාඩි වෙලා හිටිය ඇන්ටියී..දූලා දෙන්නයි නම් සතුටු උන බව තේරුනේ..
    උන් ටික හිනා උන හිනාවිල්ලට තමා...

    ReplyDelete
  36. මම...

    අන් නැහැ ජුං ඔවාට තරහා ගන්නේ නැහැ...
    මොකද බයිට් වීම යනු මිනිහාගේ උත්පත්තියෙන්ම ගෙන ආව සහජ දක්ෂතාවයක් බව ඒ වෙන කොට මිනිහටම අවබෝධ වෙලයි තිබුනේ...

    ReplyDelete