04 May 2010

ජුංඅල නොහොත් අපේ ඇම්ඩන්...

කළින් ලිපිය ලිවුව වෙලේ තමයි මට තවත් සීන් කෝන් එකක් මතකයට ආවෙ...
ඒ මගේ පොඩි කාලේ යාළු බුවෙක් ගැන..

මෙ හාදයා මට වඩා වසර කිහිපයක් බාලයි...
මට මතක විදියට මිනිහා ඉපදුනේ 1982 විතර.
මම ඉතින් 1979 යේ නෙව.. ඒකත් ලෝකයේ ශ්‍රෙෂ්ඨම තැනැත්තා බිහි වූ මාසයේම නෙව..

ඉතින් මෙ මගේ යාළු බුවාගේ නම ජුංඅල කියලා කියමුකෝ.. (අනිත් පැත්ත.. ඒත් අපි කතා කලෙ වැඩි හරියක්ම ඔය විදියටම තමයි)
ඔයාලා දන්නවා නේද ඇම්ඩන්ව..
අන්න මෑන්ස්ගේ පරපුරේ පොරක් තමා මෙයත්..
ඉතින් මම මුලින්ම කියලා ඉන්නම්කෝ මෑන්ස් සම්බන්ධ ලිපියේ කතාව..

අපේ ජුං එතකොට හිටියේ 4වසරෙ...
ඒ පන්තියේම හිටපු ගෑනු ළමයෙක් හිටියා.. කාන්චනා කියලා..
දැන් අපේ බුවා කෙල්ලට ෆුල් ලව්...
වයස පොඩි උනාට මිනිහාගේ වැඩ මහා පරිමාණෙන්..

කේස් එක මෙකයි..

දවසක් අපේ තවත් යාළුවෙක් විනෝද චාරිකාවක් යන්න කියලා ජුංගෙන් ඇදුම් පැළදුම්,සෙරෙප්පු,ආදී දේ විතරක් නෙවෙයි..මිනිහාගේ පර්ස් එකත් ඉල්ල ගත්තා...
ඒ දවස්වල නැගලා ගිය වැඩක් තමයි පර්ස් පිම්බිල්ල..(මම නම් කැමතිම නැහැ) ඒ කියන්නේ ඔය කඩදාසි ,පොකට් කැලැන්ඩර් එහෙම පුරවලා පර්ස් එක අලියන් සයිස් කරන එක.
ඊට පස්සේ තමයි ඒක සාක්කුවෙ දාගෙන යන්නේ..

ඉතින් කොහොමින් කොහොම හරි අපේ අනිත් යාළුවා (මිනිහා තරමක දුප්පතා..
ජුංඅලට ඒ දවස්වල සල්ලිය බාගේ ඔන තරම්..) ගමන යන්න කලින් අර පර්ස් එකේ පුරවලා තිබුනු සේරම ලට්ට පට්ට ටික අයින් කරලා පර්ස් එකත් අරන් ගමන ගියා..
මෙ අතරේ මිනිහාගේ අයියා කෙනෙක් අර අහක් කරලා දාලා මෙසයක් උඩ දාලා ගිය ලට්ට පට්ට ටික ඇදලා බලලා.
මල මගුලයි මෙන්න බොලේ ලියුමක්...? නිකං එකක් නෙවෙයි සෙනෙහෙ කොළයක්..

අපේ යාළුවා ගමන ගිහින් ආව ගමන් අයියා අර ලියුම පෙන්නලා මලයාට...
ඌ කෙලින්ම ඒකත් අරන් ආවෙ නැද්ද අපිව හොයාගෙන...
බඩු බනිස්... අපිටත් ඉතින් අනුන්ගේ ඔපයක් තියෙනවා නම් ඒ දවස් වල ඊට වඩා දෙයක් තියේයෑ..
අපි ඉතින් මෙක වැඩිය කාටවත් කියන්න ගියේ නැහැ...
මොනවා උනත් අපේ එකානේ නැද්ද..?
ඒත් ඉතින් දවස් දෙකක් යනකොට ජුංඅලගේ මහා ලිපි රාජයා ගැන නොදන්න කෙනෙක් හිටියා නං ඒ ජුංගේ දෙමාපියන් විතරයි මං හිතන හැටියට...
මොකද ඒ අයත් එක්ක අපේ වැඩි කතා බහක් නැහැනේ ඒකයි..(හිහ් හිහ්)

ඉතින් මම ජුංඅල ලියූ ලිපිය ඒ විදියටම ලියන්නම්.
මට අදටත් ඒ ලිපිය අද වාගේම මතකයි.
හැබැයි මෙ බ්ලොග් තුල ලියද්දි සංඥක රහිතව ලියන අක්ෂර පිළිබඳව ඒ තරම් අවධානයක් යොමු නොවුනත් මෙ ලිපිය කියවීමෙදී ඒ පිළිබඳවත් අවදානය යොමු කරනවා නම් තමා හොඳ...

අද්රනීය කංචන..
ඔබගේ සැප දුක්කේද? මම නම් සැපොත් සිටිමි.
මම ඔයාට අද්රෙයි. මම ඔයා බදිනවා.
මීට
අද්රනීය
අංජු

ඔන්න ලිපිය.. ෂෝට් ඇන්ඩ් ස්වීට්ස්...

හැබැයි දැන් උනත් මිනිහට මම නම් සැපොත් සිටිමි කිවුවොත්...
අහගන්න පුළුවන් නියම ටිකක්.
හරියට තව ටිකකින් දිල් මට කියන්න බලාපොරොත්තු වෙනවා වගේ...

49 comments:

  1. අපේ එක්කෙනා නම් මට ඔහොමවත් ලියුමක් ලියල නැති නිසා මේ ලියුම නම් හරි ශෝක් කියල තමා මාරයියේ කියන්න වෙන්නේ..... හි හි හි ඇත්තටම නියමයි.......

    ReplyDelete
  2. හෙහෙ..මැක්සා ලියුම. උපරිමයි.

    මට මුලින්ම ලවු ලෙටර් එකකට කියල කියවන්න ලැබුනෙ මං පොඩි කාලෙ අපේ ගෙදර නැවතිලා හිටපු අක්ක කෙනෙක් ලියපු එකක්.
    ඒකෙ ලියල තිබ්බෙ නම් මහ අ‍‍දෝනාවක් වගෙයි මතක. හැබැයි ලිපිය වටේටම අකුරුවලින් පොඩි ඩිසයින් එකක් දාල තිබ්බ හැටිනම් තාමත් මතකයි.
    ඒකෙ තිබ්බෙ

    ලඋ ලඋ ලඋ ලඋ කියල.

    ReplyDelete
  3. ආදරනීය මාරයියේ
    ඔබගේ සැප දුක්කේද? :P හි හි හී

    මාර ලියුමක් අප්පා...වැඩේ කියන්නේ මට හම්බ උනේ නෑනෙ මේ වගේ ලියුමක් ආසාවටවත් ලග තියාගන්න...
    මාරයියට බැරිවෙයිද ලියලා දෙන්න ?

    ReplyDelete
  4. ඉතින් ඊට පස්සෙ මොකද වුනේ කියලා කියලා නැහැනේ අයියා.. කාංචනාත් දැන්ගන්න ඇතිනේ සීන්කොන් එක...

    ( ලඟදිම උපන්දිනයත් එනවනේ නේද.. )

    ReplyDelete
  5. එල ලව් ලෙටර් එක. මම මට හම්බ වෙච්ච ලව් ලෙටර් ඔක්කොම අරං තියන් ඉන්නව. දැන් කියවනකොට හිනා යනව. ඒ උනත් එ දවස් වල ඒව සිරා කතා.

    ReplyDelete
  6. love letter kataawak matath tiyenawa welaawaka kiyannamkoo . .

    ReplyDelete
  7. සෙනෙහේ කොල ලියපු නැති කවුරුහරි ඉන්නවනම් අත උස්සන්න.
    හේ.හේ.. හොදම සෙනෙහෙ කොලයට හිමි සම්මානය දෙන්න වටිනවා මාරය්යේ.අනික 4 වසර කිව්වහම .
    ආදරෙට වයසක් නැහැනේ නේද ? :D :D :D

    ReplyDelete
  8. මේ මේ පබලු අක්කේ මං අත උස්සන් ඉන්නේ...මට නම් ඉතින් සෙනෙහෙකොල ලිය ලිය ඒවා හොරෙන් ගිහින් දෙන්න කරදර වෙන්න උනේ නෑ.අපි සෙනෙහෙ පාන දවස්වල ඉතින් කෙටි පනිවිඩ තමා...

    ReplyDelete
  9. කෙටි පණිවිඩ ආදරයන්ට වැඩි ආයුෂ නැ අනේ

    ReplyDelete
  10. මොන ලියුමක් උනත් කෙටියෙන් ලියන එක හොදයි.

    ReplyDelete
  11. විශ්මි...

    අනිච්චෙ දුක්කේ..
    අර RAVEN කොළුවා තියන්ට වටින්නේ නැහැ නෙව...

    ReplyDelete
  12. Raven...
    අක්කලගේ ලියුම් නෙවී..අන්න කනා මුට්ටියටම ගහලා...
    දැන් ඉතින් ලියපන්කෝ ලියුම්...

    ReplyDelete
  13. දිල්...

    හේ හේ..මම නම් සැපොත් සිටිමි.

    ඔච්චර කියනවා නම් මම ලියලා දෙන්නම්..
    හැබැයි පස්සේ අරවා මෙව්වා කියනවා එහෙම නෙවෙයි.

    ReplyDelete
  14. මින්දද...
    අනේ ඉතින් ඒ කෙල්ල ශිෂ්‍යත්වෙ පාස් වෙලා වෙන ඉස්කෝලෙකට ගියා අපේ බුවා..
    වෙන එවුන්ට ලව් කර කර ඒ ඉස්කෝලෙම හිටියා...

    ReplyDelete
  15. තරිඳු...

    අනේ අනේ පොඩි සාධූ...

    මා ගාවත් තිබුනා කියලා මතකයි දෙක තුනක්...
    හොයලා බලන්න ඔන..

    ReplyDelete
  16. දුකා...
    කියමු කියමු..

    ReplyDelete
  17. පබලු...

    අතක් තියා මට නම් ඇගිල්ලක්වත් උස්සන්න විදියක් නැහැ.
    හප්පේ මෙ පෝරිසාදයා කරපු වැඩ නම් ලොකු පන්තිවලට යන්න යන්න කරන තරමක් කලේ දෙකේ පන්තියේ වැඩම තමයි.

    ReplyDelete
  18. මම...

    අප්පච්චියේ දානවා දානවා අතපාත...
    කෙටි පණිවිඩ සාහිත්‍යයත් නරකම නැහැ...

    ReplyDelete
  19. Janaranga wijaindu Dewasurendra...

    එහෙමත් එකක්ද..?

    ReplyDelete
  20. ගීතික දිල්රුක්...

    ආ.. ඔයා බබා..

    ReplyDelete
  21. Praසන්ன...
    ඒත් සමහර දෙවල් කෙටියෙන් කියන්න අමාරුයිනේ...

    ReplyDelete
  22. මැක්සා කතාව බං මාරයෝ...දැන් නේ දැක්කේ..(ඔන්න ඔහොම හිනා වෙලා ඉමුකෝ...)

    ජුං අලය හරප්ප්පැටියෙක් නේ ඔයවගේ වැදගත් ලිපි ලේඛණ අතන මෙතන දාලා තියන්නේ.

    ඒක නෙවෙයි අර පර්ස් පිම්ම්බිල්ල නං මරු වැඩේ නේද?... මගේ කලිසං දෙක තුනක්ම ඉවර උනා ඔය වැඩෙන්.

    ReplyDelete
  23. මාරයියා- ලියුම් එකට දහයක් උනත් ලියන්න තිබ්බා බන් ඒ දවස් වල පොඩ්ඩක් ගණන් උස්සලා හිටියනම්. දැන් ඉතින් උන්දැ පසුතැවෙනව ඇති එකපාරටම බහ දීපු එක ගැන. ඔය හිතේ අමාරුවට කියන කතා. :D

    ReplyDelete
  24. මරු කතාව.. මටත් තියෙනවා මරු අත්දැකීමක් ඔය සෙනෙහෙ කොළ ගැන, වෙලාවක කියන්නම්කො.
    :D

    ReplyDelete
  25. උන්නැහේ...

    හා ඔය ඉන්නේ පර්ස් පුම්බපු තව උන්නැහේ කෙනෙක්...

    ReplyDelete
  26. Raven...

    පවු අප්පා විශ්මි නගා...
    මොකට හදිසි උනාද මන්දා...?ටිකක් ගණන් උස්සලා හිටියනම් මෙ ආඩපාලි අහන්න වෙන්නෙත් නෑ..
    ඒ වගේමයි හොද හොද ලිපි ටිකක හිමිකාරි වෙන්න තිබුනා නෙව..
    ඒ විතරක්යෑ එහෙනම් මෙ වෙනකොට සමහර විට වෙන පෙළවාසියක් කොරගෙන ලමෙක් බමෙක් එහෙම හදාගෙන ඉන්නත් තිබුනා..

    ReplyDelete
  27. Ansh Lucky Sri Jay...

    තවත් බලන් ඉන්න ඔනැන්නේ නැහැ.
    ඉක්මන් කොරලා කිවුවනම් බලන්න ..
    කොල්ලෝ කීයකට සෙනෙහේ කොළ ලිවුවාද කියලා...

    ReplyDelete
  28. පබලු අක්කේ මාත් අත උසන්ඥම්....... :D :D :D :D

    අයියා ඉතුරු වෙලා ඉන්නව මදැයි......
    ඒත් රවා අයිය ඇවිත් නැහැනෙ??????

    මටත් මතක් උනා මගේ යාළුවෙක්ව.
    මෙතනම කියන්නම්.....
    ඔන්න අපිත් 4 වසරෙදි යෙහෙළියට අපේ පංතියෙම හිටි කොලුස් කෙනෙක්ට හිත ගියා.... කට්ටියම එකතු වෙලා ඈ ලිව්ව ලියුම මියුසික් කාමරේදි දීගත්ත.... හත් ඉලවුවයි පන්තියට එද්දි මූ ඒක කියවල අවි අමෝරා (කොස්ස තමා) පෙරමග බලන් ඉන්නව.... කට්ටියම එකතු වෙලා යන්තම් බේරුව... මතක හැටියට කෙල්ල කොහු පාරක් කෑව.....

    හැබැයි පස්සේ කාලෙක ඒ දෙන්න යාළු උනා... (ඒත් කෙල්ලට කොල්ලො ගොඩයි පස්සේ තරහ උනා.... දැන් කොහොමද දන්නෑ....)

    ReplyDelete
  29. අනේ මටත් සෙනෙහෙ කොලයක් ලියන්න ඕනේ...දන්න කෙනෙක් කියලා දෙන්නකෝ....

    ReplyDelete
  30. හා පැටික්කි...

    දැන් අත රිදෙනවා ඇතිනේ..හා දාගන්න ඔයත් අත පාතට..
    හා පැටික්කියොත් නරකම නෑ නෙව..පෙනේද පුංචි කමට කොරලා තියෙන වැඩ..

    ReplyDelete
  31. මල්$han...

    ඔකත් මහ වැඩක්ය...
    පැණි බොතල් දෙක තුනක් වැක්කෙරෙන විදියට සුරංගනා ලෝක හතක් මවලා..
    පාට පාට මල් ගොමුවක හතර වටෙ කරකවලා..
    කවදාවත් කරන්න බැරි මුසාවාද කෝටියක් විතර එකතු කරලා රචනාවක් ලිවුවනං අන්න නියම සෙනෙහෙ කොළයක්...

    ReplyDelete
  32. අයිය කියනකම් බලන් හිටියේ අත පහත දාන්න.....
    තෑන්ක්ස් ඈ.....

    අනේ ඉතින් හා පැටික්කිත් කොල්ලො ගොඩ මැද්දේ හිටිය නොවැ වෙන කෙනෙක් කොල දේකට දඩුවමක් වසයෙන්.... හිටියේ පන්තියෙ හිටි පිස්සුම කොල්ල ලඟ..... හප්පේ.... හොඳ වෙලාවට මිස් ඇත්ත දැනගත්තම මට ආයේ මගේ තැන ලැබුන.....

    ෂිහ් ඉස්සර නම් මතක තිබ්බ ඒකේ ලියල තිබුනව දැන් මතක නැහැ.....

    ReplyDelete
  33. හා පැටික්කී...

    ඇත්තම කියමු බලන්න..
    ඒ පිස්සු කොල්ලා ලස්සනයි නේද..?

    ReplyDelete
  34. වෙන නැත්නම්.......
    හොඳටම මොන්ගල්.... මමයි එතන්ට ගියේ එයා බෑග් එකේ තිබ්බ ඔක්කොම පොත් අරන් ගැහුව බන්කරයක්... මෙන්න යකෝ ටිකකින් මට පැන්සල් වලින් වෙඩි තියනව....... හිහ් හිහ් හිහ්.........

    මොනව උනත් හිත හොඳ කොල්ල අපේ ඉස්කෝලෙන් ගියාට පස්සෙත් පාරෙදි දැක්කොත් හිනා වෙනව.....

    ReplyDelete
  35. හා පැටික්කී...

    ඔය ඔය මන් කිවුවෙ..
    හා පැටික්කිට හිත ගිහින් තමා..
    කෙල්ලෝ මුලින්ම කැමති වෙන්නේ ඔය වගේ පිස්සු වැඩවලට තමා..
    පස්සෙ තමා පිස්සුවෙ තරම තේරෙන්නේ..

    ReplyDelete
  36. අනේ ...... මගේ හිත ගිය තැන කඩන් වැටිල ටිකක් කල්....

    ඒක නෙමෙයි අයියේ මේ දවස් වල මට මාර කරදර බැරිවෙයිද අර මොකක්ද එක බලාගන්න.......

    ReplyDelete
  37. හරිම අද්රණීය ලියුමක්.
    මම ඉස්සෙල්ලම ඔහොම එකක් ලිව්වේ කොයි කාලෙදි විතරද දන්නවද ?

    ReplyDelete
  38. මිස්සක...

    ඈ මලයාත් එහෙනම් නිකංම ඉදලා නැහැ..
    හා හා යිමු කියමු බලන්න..
    ෂුවර් එකටම හෝඩියේ පන්තියේදී වෙන්න ඔන

    ReplyDelete
  39. හා පැටික්කී...

    මොකෝ උදුපියළිය කැරට් එහෙම ගණන් ගිහින්ද..?

    මොකක් මාර කරදර..

    මෙ නගෝ මාව ගාව ගන්න එපා ඔවට මම නැහැ නෙව කාටවත් කරදර කොලේ..
    වෙලාව කලාව එවලා තියන්නකෝ..
    මම පුළුවන් වෙලාවක බලලා දෙන්නම්.
    හැබැයි මම ඉස්කෝලේ යන ඉගෙන ගන්න දරුවන්ට පලාපල කියන්න එච්චර මනාප නැහැ.
    මොකද ළමයි ඔවා ගැන හිතනවා වැඩියි.
    කමක් නැහැ එවමුකෝ බලන්න..

    ReplyDelete
  40. මචෝ අංජුල අනිත් පැත්ත හැරෙව්වොත් අලජුං ‍වෙනවනෙ :D

    ReplyDelete
  41. මං ඕවයෙ එල්ලිල ඉන්න කෙනෙක් නෙමෙයි අයියේ. මං කලිනුත් කියල තියෙනවනේ.....
    අම්මට හොරා උස්ස ගන්න ලැබුනොත් එවන්නම්....... ;)

    ReplyDelete
  42. Ano...

    පද පෙරලන්න ඔයිට වැඩිය කල්පනා කරන්න ඔන මෙයා...

    ReplyDelete
  43. හා පැටික්කි...

    දැන් එහෙම කියයි..
    නමුත් වෙන්නේ ඔකේ අනිත් පැත්ත..
    මම දහම් පාසලේ ප්‍රධානාචාය්‍ය වෙලා ඉන්න කාලේ මගේ ගෝලයින්ටත් ටික ටික සාත්තරෙ කියලා දුන්නා..
    ඒත් පස්සේ මම ඒක නවත්තලා දැම්මා..
    ළමයි බොහොම ඉක්මනට කෙටි මාර්ග හොයන්න යොමු වෙන බව දැක්ක නිසා..
    ඒ කතාවයි මෙ කතාවයි පිළිබඳව හුගාක් දේවල් තියෙනවා කියනවා නම්..
    අපි පස්සේ කියමුකෝ..

    ReplyDelete
  44. හ්ම්ම්.....
    අයිය කැමති නැත්නම් ඕනි නැහැ අයියේ...... :D :D

    ReplyDelete
  45. අනේ නෑ දුක හිතෙන්න කිව්ව නෙමෙයි අයියේ.......

    බලමු...... මට දැන් ඕන්නෑ කියල හිතිල තියෙන්නේ......

    ReplyDelete
  46. හා පැටික්කී...
    හා හා ඔයාගේ කැමැත්තක්..

    ReplyDelete
  47. අපි නම් එස් එම් එස් යුගයෙ ඉන්නෙ.
    මුලින්ම txt කරල ආදරේ කියනව........
    ඊලගට txt කරල රන්ඩු වෙනව
    ඊට පස්සෙ තරහ වෙනව
    නම්බර් එක වෙනස් කරනව
    ආයිත් වෙන කාට හරි txt කරනවා
    ඕක තමයි ජීවිතේ

    ReplyDelete
  48. ගීතික දිල්රුක්...

    ඒ වගේද මල්ලියේ පොතකින් කඩා ගත්ත කොටු රූල් කොලේක,පැන්සල් කොටෙකින්..
    තඩි සයිස් අපැහැදිලි අකුරින් ලියන කොට එන ගතිය...

    ReplyDelete