අද කරන්න ආවෙ එකක් අන්තිමට වෙන්න යන්නේ තව එකක්..
උදේම ඇවිත් පටන් ගත්තේ අද දවස ඇතුළත කොහොම හරි පෝස්ට් 5ක් ලියලා දාන්නයි.
ඒත් ඊට කළින් අනිත් අය මොනවැයි ලියලා තියෙන්නේ කියලා හොයලා බලනකොටම මෙන්න උඩින්ම තිබුනු ලාංකීය සිතිවිලි කවි මඩුව දැක්කා නෙව.
අන්තිමෙදී ලියන්න හිතපු ඔක්කෝම පැත්තක දාලා ලියපි නේද කවි.
මදැයි කොලා ඒක නැගලා ගියානේ..
කොහොමින් හරි ඒ අතර පතරින් එකක් ලියලා දැම්මා..
ඒත් ටකරං හට් දෙකක් ගහලා තාවකාලිකව දාපු කවි මඩුව අන්තිමට නැගලා යන්න පටන් ගත්තහම අතෑරලා දාන්නේ කොහොමෙයි.
මෙන්න දිල් පුටුවකුත් උස්සගෙන ආපි.
වැප් මල්ලී කොහෙන්ද මන්දා කැඩිච්ච මයික් එකකුත් අන්ඩ දාලා ගෙනත් කට ගාවින්ම තියලා මාරු උන පාර තාම මෙකා මෙ පැත්ත පළාතේ ආවෙ නෑ..
අනේ මලේ උඹ මෙ මයික් කට දුන්නා වගේ නෙවෙයි දැන් මගේ කටෙ කෙළත් නැහැ.කයි කියලම.
කොහොමින් කොහොම හරි ඔය අපේ ගං තුලානේ පරසිද්ධ කයි කතන්දර කාරයෝ කිහිපපොළක්ම ඇවිදින් බංකු කෑල්ලක වාඩි වෙලා පටන් ගත්තේ නැද්ද වාදේ..?
අන්තිමෙදී මගේ නොකියා3120 පෝන් රාජයාගේ බැටරි ලව් උනානේ..
ඒක නිසා ඒක ටිකක් චාජ් වෙන්නකියලා හයි කොරලා ආයෙත් ඔන්න ලියන්න ගත්තා.
අරෙහෙ අර උන්නැහේ ඇවිත් ප්රීඩම් කෙල්ලයි ඉන්දික මලයයි එක්ක එකතු වෙලා දැන් මාව පට්ට ගහනවා ඇති.
මක් කොරන්නද..?පෝන් එක ටිකක් චාජ් වෙයන්කෝ..
අනේ අපේ දිල් නගාව මුන් ටික බයිට් එකට ගනීද දන්නේ නැහැ මම නැති අතරේ..
ලේසි වෙන එකක් නැහැ..
දිල් නගාත් දස්සයි නෙව..
පොඩ්ඩක් ඉදින් නගේ අල්ලගෙන මම මෙ පෝන් එකේ කට්ට දෙකක් චාජ් කොර ගන්නකං.
එක පාරම කූක් කූක් ගාලා ඔෆ් වෙලා ගියානේ නැත්නං අපේ රවා මලයාට හරි අඩ ගහලා ටිකකට මුර ඩියුටිය බාර දීලාවත් එනවා.
දැන් ඉතින් මක්කා කරන්ටෙයි..
ඉතින් 2010 මැයි මාසේ මැද්දෑවටත් කිට්ටු කොළා..
කාලය ගතවෙනවා අපිට හිතා ගන්නත් බැරි තරම් වෙගෙන්.
අන්තිමට කරපු කෙළියකුත් නෑ..
අර මොකේද පළුවකුත් නෑ.
පහු ගිය ටිකේ අපේ ජුං අල මලයාට පින් සිද්ධ වෙන්න මතක් උන පරණ කතා කිහිපයක් ලියලා දැම්මැයින් ගමන වෙගවත් උනා.
ඒක නිසා තමා පොඩි අරමුණක් ඇතුව මෙ ටිකේ එක දිගට ලියන්න හිතුනේ..
හුගාක් වෙලාවට එක එක කාරණා ගැන ලියන්න හිතාගෙන හිටියත්..ලියන්න පටන් ගත්තාම කතාව වෙන පැත්තකට ඇදිලා ගිහිල්ලා ලියන්න හදපු දෙයින් පොඩ්ඩක්වත් ලිය වෙන්නේ නැහැ.
අන්තිමෙ බැළුවම තාම මම ලියන්න හිතපු කතා මොකවත්ම ලියලා නැහැ.
ඉදිරි දිනවලවත් බලමුකෝ..
කවි මඩුවත් හොද පොට් එකක් තමයි.
ඒත් ඉතින් මට කවි මඩුවට එන්ට වෙන්නේ අතරින් පතර තමයි.
ජොබ් එකේ හැටි තමා...
නමුත් ඒකටත් හරියන්න අද මදෑ...
කෝකටත් ලියා පදිංචියට නම දුන්නා.
බලමුකෝ මොකදැ කොරන්න වෙන්නේ කියලා.
ඒ මදිවට පෙරෙදා අපේ ආරක්ෂක භටයෙක් විනය විරෝධී හැසිරීමකට අහු උනා..
මිනිහා රාජකාරි වෙලාව තුල බීමත්ව හැසිරිලා..
මම ගෙදර ඉන්න දවසේ තමයි වෙලා තියෙන්නේ.
අන්තිමෙදී මිනිහව මාරු කරන්න නියෝගය හම්බ උනේ මට.
ඒත් මිනිහව මට සතියකට භාර දෙන්න කියලා මම කල ඉල්ලීම හින්දා, ආයතනයෙන් ඊට අවසර ලැබුනා.
කොහොමත් මාත් එක්ක රාජකාරී කරන කස්ටිය බොහෝම විනයානුකූලව කටයුතු කරනවා.
අර මෑන්ස් උනත් මගේ ළග ඉදලා අනිත් ෂිෆ්ට් එකට දාලා ටික දවසයි ගියේ..
ටිකක් නිදහස ලැබුනු ගමන් වැඩෙ අනා ගන්න එක අපේ මිනිස්සුන්ගේ පුරුද්දක් වෙලා...
මාත් එක්ක හිටියනම් තාමත් අවුලක් නැතිව ඉන්නවා.
කොහොම හරි මා ළගට ගත්තටත් පස්සේ මෙකා ඊයේ ඉදලා වැඩට ආවෙ නැහැ.
පෝන් එක හිටන් ඔෆ් කරලා.
දැන් එක බුවෙක් අඩුවෙන් පොයින්ට් එක දුවන්නේ.
අනිත් අයව කරකවලා දමමින් මෙ ගේම ගෙනියන්න හරි අමාරුයි.
කොහොමත් උපරිම පැය 24කට වඩා එක් අයකුව යොදවනවාට ආයතනය කැමති නැහැ.
දුර ඉදන් ඇවිත් පැය12ක් කරලා ගෙදර යන එක මිනිස්සුන්ට පාඩුයි.
කෑම වියදම් බස් ගාස්තු ඇරියම ඒ මිනිස්සුන්ට මොකුත් ඉතිරි වෙන්නේ නැහැ.
ඒ හින්දා හරි කලපනාවෙන් රාජකාරි සැලැස්ම පිළියෙල කරන්න ඔන.
ඒ මදිවට අනිත් අයටත් මගුල් ගෙවල්,කුඹුරු වැඩ..
අනේ මන්දා මෙක කොහොම කරන්නද කියලා.
දැන් හෙට වැඩට ගිය ගමන් විසදන්න ප්රශ්න කෝටියයි.
උද උදෙත් යන්තම් ගැට ගහලා ආවා.
බැහැයි කියලත් බැහැනේ..
කොහොම හරි මෙක කරවන්නත් එපැයි.
හ්ම් දැන්නම් පෝන් එක ටිකක් චාජ් උනා මදැයි.
මාරයාට අදම සෙන්චරිය ගැසීමට ශක්තිය ධෛර්යය ලැබේවායි පතමි.
ReplyDeleteඋන්නැහේ...
ReplyDeleteඅදට මට ඔන 99ක් ගහලා නවත්වන්නයි.
100 පස්සේ...
බොහෝම තැන්කූ..
අප්පා... සෙන්චරිය ගහන්න පුලුවන්නේ අදම..
ReplyDeleteනියමයි, නියමයි..
ආ.. මම දන්නවා.. ඕක බදාදා වෙනකම් කල් දාන්න නේද යන්නේ?
:P
බෝර්ද් එක කවද්ද අයියේ?????
ReplyDeleteපාර්ටියක් එහෙම තියෙනව ඇතිනේ..... ඇදුමක් ඇත්තෙත් නෑ ශිහ්......පාර්ටි ඇදුම් කොහෙද මට පාර්ටි අරහන් නේ කරුමෙට......... :( :( :( :( :( :( :( :( :( :(
ගහලා දාමු ඔන්න ඔහේ සැන්චොරිය
ReplyDeleteඅනේ..........ඔන්න ඉතින් අද මගෙන්නම් ඉතින් ෆුල් සප් එක දුන්නා. ඔයා තමා මාවත් දාල හැංගිලා උන්නෙ...
ReplyDeleteකෝ කෝ..ඉක්මන් කරමු ඉතින්
මාරයියේ...මෙන්න හැංගුන චැප් ඇවිල්ලෝ :D
ReplyDeleteහා පැටික්කී...
ReplyDeleteවෙලාවට දැන ගන්න ලැඛෙයි...
කාට නැතත් ඔයාට නම් පාටියක් දෙතෑකි..
වැඩෙ ලාභයි..
කැරට් අල දෙකයි.
කන්කුන් ගස් පහයි..
වැප්...
ReplyDeleteඅනිවා ගහනවා ඔළුවෙ පණ තිබුණොත්..
හැබැයි වෙලාවට කලාවට..
දිල්...
ReplyDeleteඇත්තටම මට සමා වෙන්න ඔන..වෙච්ච දේට මක් කොරන්නද..?
මම නෙට් එන්නේ මගේ ෆෝන් එක කොමාට ගහලා නෙව..
උපරිම පැය තුනයි එක දිගට ඉන්න පුළුවන් බැටරි බහිනවා.
නෙට් එකේ ඉන්න ගමන් චාර්ජ් කරන්න බැහැ..
ඒකයි උනේ..
ඔයා දුන්න සහයෝගේ නම් කියලා වැඩක් නැහැ.
මට ෆුල් සැටිස්...
දිල්...
ReplyDeleteඒක නෙවෙන්නං..
මෙකා මෙ මයික් කට්ටක් ළං කොරලා මාරු වෙලා අපිට කොල හදියක්...
මාරයාට/
ReplyDeleteඉතින් අනේ මාත් නෙට් එන්නේ ඔහොමම තමා. ගෝන් එකෙන්.මම නම් බැටරි එකට ගහගෙන තමා ඉන්නේ
දිල්...
ReplyDeleteමගේ ෆෝන් එක චාර්ජ් එකේ තියෙද්දී නෙට් එකට යන්න බැහැ..
ලයින් එක කට් වෙනවා..මළ කරුමෙ...
ෂහ්...... මලුනේ........
ReplyDeleteකංකුන් ගස් 5ක් වැඩියි...... 2ක් විතර ඇති...... :) :)
මේ මොනවද දන්නෑ මං දෙන්න ඕන........????
ඉක්මනින් සෙන්චරිය ගැසීමට ශක්තිය ලැෙබ්වා..
ReplyDelete