12 May 2010

ස්තූති කතාව...

ගෞරවනීය සියළුම බ්ලොග් අවකාශයේ හිතවතුන්ගෙන් හිතවතියන්ගෙන් අවසරයි,

ආදරනීය නැන්දේ මාමේ...
අයියේ අක්කේ..
නංගියේ මල්ලියේ..

ඉතින් මම මෙ තකහනියෙම ලක ලෑස්ති වෙන්නේ ආයේ අහවල් එකටවත් නොවෙය..

අද දින සියය පසුකොලා වූ මාරයාගේ බ්ලොග් කෙරුවාවටත්,
ඒ වාගේම මාරයා උපන්දා සිට මෙ දක්වා වසර තිස් එකක් සපිරෙනා වූ ඒ ෙඓතිහාසික මොහොතේ..ඒ උත්කර්ෂවත් අවස්ථාවට සපැමිණ මෙ අඳාළ කරුණු දෙකම අරභයා..
සත්ගුණවත්,
උගත්,
බීමත්.. මාරයා මහතා වෙත,

සිය හර්දයාංගයෙන්ම නැගුනා වූසතුටින් යුක්තව
සුභ පැතූ සියළුම හිංගල බොලොග කරුවන්ට හා කාරියන්ට මාරයාගේ හිත අබ්බයන්තරයෙන්ම බුර බුරා නැග එනු ලබන අවංක ආදර ඉස්තූතිය ප්‍රකාශ කර සිටීමටයි..
අහා..
ප්රීතී..
ප්රීතී...

එමෙන්ම මෙ අවස්ථාවෙ විශේෂයෙන්ම සිහි කටයුතු කිහිපදෙනෙක්ම සිටිනා බැවින් සුළු වශයෙන් හෝ ඒ අය පිළිබඳව සටහන් කර තැබීම මැනවැයි මා සිතමි.

ප්‍රථමයෙන්ම මෙවැනි බ්ලොගයක් හෝ අරඹා නිවා දැමීම පිණිස සදාකාලික වෙදනාවක් මා හට උරුම කර දුන් ඇයටත්...

එදා සිට අද දක්වා මගේ දුක සැප ඛෙදා හදා ගනිමින්..
මා අත නොහැර සෙවනැල්ලක් මෙන් ළගින් රැදී හුන්.. අදටත් මා අසලම රැදෙන අකලංක මිතුරා වන මා හිතවත් බෝතල් යාළුවාටත්..

අහම්බයෙන් මෙන් හදිසියේ කොහේදෝ දුටු සටහනක් නිසාවෙන් මෙවන් බ්ලොගයක් ආරම්භ කිරීමට මග පාදා දුන් සටහන් තබා තිබූ ශාකුන්තල සහ ප්‍රවීන් ඉන්දරේ සොයුරන්ටත්...

එතෙක් පටන් මා හා එක්ව මගේ අත්දැකීම් ඛෙදා හදා ගනිමින් මා තනි නොකර සිටිනා මගේ ළබැඳි සබැඳියන් කැලත්..

විශේෂයෙන්ම අද දින මෙ ස්වර්ණමය මොහොතේ බ්ලොග් සටහන් තැබීම තුලින් හා මූණු පොත හරහා මා හට සුභ පතන්නට එක් වූ විද්‍යුත් ලිපිනයට සුභ පැතුම් එවාළු.. හා..
මග දෙපස තොරණ් බැඳ පිළි ගැනීම් හා උත්සව සංවිධානය කළ සියළුම රට වැසියන්ටත්..
මෙන්න මගේ

සිත තුළ ඉපිද..
නිසලව සැලෙන..
අවංක ආදර..
ස්තුති ප්‍රණාම..

මෙයට කවදත් දුක සගවා සිනා සෙමින්.. මරුට කැපවු මහ සෙන්පති..
මාරයා...

37 comments:

  1. දිගටම ලියපන් මචන්.... අපි බලනවා.... මම නම් වැඩිය කොමෙන්ට් දාන්නේ නැහ... ඒත් බලනව උබේ බ්ලොග් එක...

    උබේ අනාගතයට සුබ පැතුම්.

    ReplyDelete
  2. සුබම සුබ උපන්දිනයකට සුබ පතනවා මාරයියේ.... මම වැඩියෙ කමෙන්ට් නොදැම්මට අමනාප වෙන්න එපා ඔන්න. :)

    දිගටම ලියන්න.....

    ReplyDelete
  3. මං දැනුයි උදේ ගිය ගමන් ආවේ.......

    අයිය ලියන එක පටන් ගත්තේ ඇය නිසා උනත් අයිය අපි හැමෝගෙම අයිය උනා කිව්වට කවුරුත් මං වැරදියි කියන එකක් නැහැ.......
    දිගටම ලියන්න සුභ පැතුම්.....
    (තාම උදේ කාපු ගමන් ඒත් දුවන් ආව..... ඔයාගේ අනිත් ලිපි බලන්න තාම ගියෙත් නැහැ....)

    ReplyDelete
  4. ඔන්න මම මූණු පොතේ ඔක්කොමටම කලින් සුභ පැතුවා. අපේ කාලයේ තාලයේ හැටියට ඉතින් මූණුපොතේ බිත්තියේ ලිව්ව කියන්නෙ හම්බවෙලා උම්ම එකක් දීල සුභ පැතුව වගේ තමා.

    චිරං රක්ඛන්තු ආවඩා

    ReplyDelete
  5. :D,,මං නම් ඉතින් මාරයියාගෙ මූනූපොතේ නම දන්නේ නෑ...ඒ නිසා එකෙන් සුභ පතන්න බැරිව ගියා

    ReplyDelete
  6. මගේ සුභ පැතුම්.

    ඔබ ලියූ දේශපාලන ලිපි හැර අන් සියලු දේම මා ඉතා ආසාවෙන් කියවා තිබේ.

    ඉදිරියටත් හොඳ හොඳ කතන්දර කියවීමට ලැබේවා යයි පතමි.

    ReplyDelete
  7. පෝස්ට් 100ටයි උපන්දිනේටයි දෙකටම උණුසුම් සුබ පැතුම්

    ReplyDelete
  8. සුබ පැතුම් මාරයෝ!!
    මෙහෙම නන්ස්ටොප් බ්ලොග් කොටන්න, ඇඟිලි වලට හයිය ලැබේවා!!

    ReplyDelete
  9. සුභ උපන් දිනක්, මම හිතුවෙ මට වඩා ලොකු එකෙක් කියල කෝ ....

    ReplyDelete
  10. අද දවසට සෙන්චරි දෙකයි... සුබ පැතුම් මාරයියේ...

    ReplyDelete
  11. හරිම සතුටුයි!!! ඔන්න සමනලීත් ආවා සුභ පතන්න අයියේ...
    මේ දවස්වල හපොයි පුදුම වැඩ කන්දරාවක් එක්ක සමනලි හිරවෙලා....
    දිගටම ලියන්න අයියේ... අපි ආසාවෙන් ඉන්නවා කියවන්න...

    ReplyDelete
  12. පිස්සා පලාමල්ල...

    තැන්කූ වෙවා..

    ReplyDelete
  13. roylyfernando ...

    මෙ මොනවා කියනවද..
    මම නොදන්නවැයි පුත්තරයා ගැන..

    ReplyDelete
  14. හැපි බර්ත් ඩේ ටූ යූ :D චිරන් ජීවතු මාරයියේ !! :D ඇත්තටම ඔයා මාරයි ඈ :D තවත් වැඩි වැඩියෙන් ලිපි ටයිප් කරන්න ඔය කීබොඩ් එකට ශක්තිය දෛර්‍ය ලැබේවායි පතනවා !!

    ReplyDelete
  15. Happy Birthday to You
    Happy Birthday to You
    Happy Birthday Dear Marayaaaa
    Happy Birthday to You!!!

    ReplyDelete
  16. හා පැටික්කී...

    කොයිකටත් කලින් කාලාම ආවා නම් තමයි මාරයියා සතුටු වෙන්නේ..

    ReplyDelete
  17. තරිඳු...

    අම්මේ උඹෙ උම්මා එකේ කෙළ තාම මගේ මූණේ..

    ReplyDelete
  18. මාරයා චිරාත් කාලයක් වැජ බේවා කියන්නේ කොහොමෙයි.ඊටත් මාරයා මරන්න ජගතෙක් මේ සක්වල ඉපදිලා නැහැ නෙව.

    ReplyDelete
  19. මම...

    ctkumara@gmail.com

    මෙ ලිපිනයෙන් අසා දැන ගන්න...

    ReplyDelete
  20. කතන්දර...

    කතන්දර ඔබ සතුය...
    මා සතු අතීත සැමරුම්ය..
    ස්තූතියි...

    දේසපාලනේ නම් මොකක්ද..අල්ලලා දාමු...

    ReplyDelete
  21. මිස්සක...

    තැන්කූ මලේ...

    ReplyDelete
  22. .::පිස්සා::. ...

    ඇගිළි වලට කොටන්නත් සිහියට එන්න එපැයි බාන්

    ReplyDelete
  23. BEAUTIFUL SRI LANKA...

    ඇයි අයියා අයියා හුගාක් ලොකුය..?
    මම නම් තාම ළපටි පහේ මං නෙව...

    ReplyDelete
  24. සුබ පැතුම් සහෝදරයා

    [කොච්චර සුබ පැතුවත් මං ඇත්තටම ඔය උපන් දිනේ කියන එක සලකන කෙනෙක් නෙමෙයි ........ මොකද මගේ උපන් දිනේ දැනගත්තොත් මට ඔෆිස් එකේ එවුන්ට කෙක් ගෙනියන්න වෙනවා හිකිස් ]

    ReplyDelete
  25. මින්දද...

    අනික අපේ "වත්"ගේ නෙවද..?

    ReplyDelete
  26. punchisamanalee...

    අප්පරමාණ සංතෝෂයි..
    සමණලිත් ආ එක ගැන..

    ReplyDelete
  27. Bunny...

    කී බොඩ් එක හොද හයියයි..

    ReplyDelete
  28. වැප්...

    අම්මපා මෙහෙමත් වැපෙක්...

    ReplyDelete
  29. Dinesh_Silva ...

    අන්න එහෙම තේරෙන සිංහලෙන් එපැයි විෂ් කොරන්ට..
    තැන්කූ.. තැන්කූ...

    ReplyDelete
  30. මාරයිනේ ! :0 ඔන්න මගෙනුත් සුබ පැතුම්

    ReplyDelete
  31. ඒ කියන්නේ මං ආපු එක ගැන සතුටු නැද්ද????? :( :( :( :( :( :( :(

    :D :D :D :D

    ReplyDelete
  32. හා පැටික්කී...

    උදේ ඉඳන් පන්ති ගානේ නැහිලා නැහිලා..
    බඩගින්නෙම දුවගෙන ඇවිත් මගේ බ්ලොග් එක බලන එක ගැන සතුටු වෙන්නේ කොහොමද..?
    වෙන අයට නම් මම දන්නේ නැහැ..
    මට නම් බැහැ..
    ඔන්න ගෙදර ඇවිත් කාලා බීලා ඊට පස්සේ ආවා නම් මම දන්නවානේ කෙල්ල යහතින් කියලා..
    අන්න එතකොට මට අම්බානකට සතුටුයි..
    නංගිලා බඩගින්නේ ඉද්දී සතුටු වෙන්න මට බැරියෝ...

    ReplyDelete
  33. ඔන්න මම දෙවෙනි පාරටත් සුභ පැතුවා....

    ReplyDelete
  34. ඔන්න මම දෙවෙනි පාරටත් සුභ පැතුවා....

    ReplyDelete
  35. ඕක මොකක්ද අයියේ......
    මට බඩගින්න දැන් පුරුදුයි කනවට වඩා......... :)

    කාල බීල එන්න ගියානම් පෙරහැර ගිහින් තියෙයි.... එද ඔයාගේ කවි මඩුවට මං ආවෙලාව මතකනේ.......... :( :( :( :(

    ReplyDelete