04 May 2010

මගේ බිසිනොස්.. සහ ජුංඅල..

ඉතින් අද දවසේ තුන්වන ලිපියත් ලියන්න හිතුනා.
මෙකත් මම අර කලින් කතාවෙ කියපු සූර වීර ජුංඅල ගැනම තමයි.
හැබැයි මෙක කියවලා ඔයාලා මට බනීද දන්නෙත් නෑ අසාධාරණ වෙළෙන්දෙක් කියලා.
ඇත්තම කිවුවොත් මම මගේ ජීවිත කාලෙටම කරපු අසාධාරණම සහ අධිකම ලාභ ප්‍රතිශතයක් ලබපු ගණු දෙනුව මෙක තමයි.

ඒත් එක අතකින් අදටත් මට මෙ පිළිබඳව මතක තියෙන්නේ එදා මම කරපු වැඩෙ හරි නැහැ කියලා අදටත් මටම හිතෙන නිසයි.
මට මගේ ජීවිත කාලෙදී කරපු වැරදි හුගාක් මතකයි.
මගේ අතින් සිද්ධ උන පවු වැඩ කිහිපයත් අදටත් අමතක නෑ.
නමුත් මම උත්සහ කරනවා මගේ මරණ මංචකයේදී ඒ සුළු අඩුපාඩුකම් වැහෙන තරමට කරලා තියෙන පින්කම් මතක් කරගන්න.
මෙ මතකයත් හරියටම මනුතාපය කථාවෙ එන සිදුවීමක් මට සිහිපත් කරනවා..
මනුතාපය කතාව මතක තියෙන අය දන්නවා..
පුංචි ගුරුවා ගැන..
ඔහු ජිප්සි කොළුවෙක්..
මෙ කොළුවාට අයත් ප්‍රෑන්ක දෙකේ කාසියක් කල්පනාවෙ නිරතව සිටින ජනවර්ජන (ජෝන් වැල් ජෝන් නොහොත් ෂාවල්ෂා) ගේ පයට පෑගීමෙන් පසු මෙ පුංචි ගුරුවා විසින් එය ලබා ගැනීමට උත්සහ කලත් එය හරි යන්නේ නැහැ.
නමුත් පසුව කොළුවා පිටත්ව යෑමෙන් පසු පියවි සිහියට එන ජනවර්ජන මෙ කාසිය දැක එය ආපසු දීමට පුංචි ගුරුවා නැමැති ජිප්සි කොළුවාව සෙවූවත් ඒ වන විට ඔහු අසලකවත් සිටියේ නැහැ.
එදා පටන්ම අර පුංචි කාසිය ආපසු දීම සදහා ඔහු හැමදාමත් බලා සිටිනවා..
මුළු ජීවිත කාලය තුලම ජිප්සි කොළුවන් හමුවූ සෑම විටකම ඔවුනට ආධාර උපකාර කරනවා...

මෙන්න මෙ කතාවෙ පුංචි ගුරුවාගේ කතාව හරි වැදගත් සංධිස්ථානයක්.

මට අපේ මෙ ජුංඅල සම්බන්ධ කතාව සිහිපත් වන වාරයක් පාසා අර ප්‍රෑන්කු දෙකේ කාසියත්,පුංචි ගුරුවාවත් සිහිපත් වන එක වළක්වන්න බැහැ.

ඉතින් දැන් කියමුකෝ කතාව...

ඒ දවස්වල.. ඒකියන්නේ මට අවුරුදු10ක් 12ක් විතර කාලේ..
ජුංඅලටත් වයස 8ක් 9ක් විතර ඇති..
ඉතින් ඔය කාලේ වෙන කොට මගේ ලොකුම රාජකාරිය උනේ සරුංගල් හදන එකත් වෙල් යාය පුරාම දුවමින් ඒවා උඩ අරින එකත් තමයි.

ඉතින් මෙ හදන හැම සරුංගලයක්ම උඩ යන්නෙත් නෑ නෙව...
කූරියා ගහනවා එහෙමත් නැත්නම් කොම්බු ගහනවා කියලා කියන දේත් සිද්ධ වෙනවා.
හොද සරුංගල් නිෂ්පාදකයෙකුට මීට වඩා තවත් ලජ්ජාවක් නැහැ.
මොන දේ හරි කරලා එම තත්වයෙන් සරුංගලය මුදා ගැන්මට උත්සහ කලත් නොහැකිවන වෙලාවළුත් ඔන තරම් තියෙනවා.
ඒ වෙලාවට ඉතින් කරන්න තියෙන්නේ එකම දෙයයි.
ඒ තමා ගලවා ගත හැකි සෑම දෙයක්ම..ඒකියන්නේ රැළි වගේ දේවල් ගලවාගෙන සරුංගලය මඩෙ දමා පෑගීමයි.
එයින් පසු හිත හදාගෙන ගෙදර ගිහින් නැවත අළුතින් සරුංගලයක් හදනවා ඇර වෙන මොනවා කරන්නද..?

ඒ දවස්වල සුදු සව් කොළයක් ශත 75 යි.
පාට සව් කොළයක් රුපියල් 1 යි.
සුදු නූල් බෝලයක් ශත 50 යි.

ඉතින් ඔන්න දවසක් මම හැදුවා පුංචි සරුංගලයක්.
ඒ වර්ගයට කියන්නේ කොම්බුවා කියලයි.
විශේෂත්වය තමයි හොට දිගට දාන එක.
මෙක හදන්න ටිකක් අමාරුයි. කොහොම හැදුවත් කොම්බු ගහන්න බලනවා.

ඉතින් එදා මම හදපු කොම්බුවාත් අරන් වෙලට ගිහින් උඩ ඇරියට මොකද..උඩ යනවට වඩා වෙගයෙන් ආපහු පහළට එනවා..
ඒ කියන්නේ කොම්බු ගහනවා.
අන්තිමෙ බැරිම තැන ඉක්මනට ගෙදර ඇවිත් කැඩුවා හොට..
දැම්මා වලිගයට ලොකු රැලි දෙක තුනක්..
ආ දැන් ඔය ඉන්නේ නියම වවුල් පැටියෙක්..
අරන් ගියා වෙලට...
හම්මේ ඇති.. දැන් ඔය උඩ යන්නේ බබා වගේ..

යන්තම් සරුංගලේ උඩ ඇරලා විනාඩි පහක් ගියේ නැහැ මෙන්න එනවා අපේ කතා නායකයා...
ටන්ටනා...ජුංඅල...

මිනිහා එන්නෙත් නිකං නෙවෙයි.
බ්රූම්..... පීප්. පීප්...
අළුත්ම අළුත් මර්සිඩීස් ඛෙන්ස් වර්ගයේ පොල් කොට කරත්තයකුත් පදවාගෙන තමයි.
අම්මද බොල මෙකා මාවයි සරුංගලෙයි දැක්කා විතරයි.. පොල් කොට කරත්තේ වෙල පල්ලේ දාලා දුවන් ආවෙ නැද්ද කලිසං කොටෙත් අතකින් උස්සගෙනම.

මෙ වෙන කොට මගේ රීකන්ඩිෂන් වවුල් රාජයා ගවන සිසාරා වැජඹෙනවා..

අනේ මාරයා අයියේ.. මට දීපන්කෝ සරුංගලේ..
අනේ දීපන්කෝ...

පිස්සුද බන් මම මෙක බොහොම අමාරුවෙන් හදා ගත්තේ..
සෑහෙන වියදමකුත් ගියා.

අනේ බන් කීය උනත් කමක් නැහැ මට දීපන් කෝ...
මම සල්ලි දෙන්නම්..

දැන් ඔන්න මම සරුංගලේ අරින ගමන්ම කල්පනා කරනවා..
බොහොම බැරෑරුම් පෙනුමකුත් ආරූඩ කරගෙන.
කොහොමත් ඒ දවස්වල මම සරුංගල් හද හදා විකුණනවා.
ඒක තමයි මගේ ආදායම් මාර්ගය..
නැත්නම් තාත්තගෙන් සල්ලි ඉල්ල ගන්න අමාරුයි මගේ සරුංගල් හැදිල්ලට.
ඇයි ඉතින් සමහර දවස්වල එක දවසට සරුංගල් පහ හය හදන වෙලාවලූත් තියෙනවනේ..

හ්ම්...
මෙකට සව් කොළයක්ම වගේ ගියා..
ඇයි නූල්..
ඉරටු..
හා කමක් නැහැ උඹට හින්දා රුපියල් දෙකකට දෙන්නම්කෝ..

ආ හරි හරි..මම දැන්ම ගේන්නම්..
මෙන්න මෙකා වෙල මැද්දෙන් ෂෝට් කට් එකක් දාලා ගෙදර දුවපි..වාහනෙත් දාලා..

විනාඩි පහෙන් මෑන්ස් මං ගාව..

අනේ මාරයා අයියේ..
මෙච්චරයි බං අම්මා දුන්නේ..
තාත්තා ගෙදර ආවහම මම තව සල්ලි ගෙනත් දෙන්නම්.
අනේ බං මෙ කාසිය අරගෙන මට සරුංගලේ දීපන්කෝ..
වෙන සල්ලි නෑ බං...

කෝ කීයක්ද තියෙන්නේ..?

මම බැළුවා ජුංඅලගේ අත දිහාව...
හිහ් හිහ්.. අළුත්ම අළුත් රුපියල් පහේ කාසියක්..

ඒ දවස්වල මට මතක හැටියට පහේ කාසි ආපු අළුත..

මගේ මිත්තරයාට ඒ කාලේ ලොකුම සල්ලිය තමයි දෙකේ කාසිය..
ඇයි අත පිරෙන්නම තියෙනවනේ..
පහේ කාසිය පුංචි උනාට වටිනා කමෙන් වැඩියි කියන්න මෙකා දන්නේ නෑ නෙව.

හ්ම්... මොනවා කරන්නද..? හා කමක් නැහැ ඔකවත් දීපන්කෝ..
මෙකනම් මදි තමයි ඒත් ඉතින් උඹට නොදිත් බැහැනේ...

අනේ මාරයා අයියේ උඹ හරි හොඳා බං..
මම තාත්තා ආපු ගමන් තව කීයක් හරි උඹට ගෙනත් දෙනවාමයි..

මම නොදන්න පුතයා..
ඔහොම කිවුවට ආයේ නම් කීයක්වත් දෙන්නේ නෑ කියලා මම හොදටම දන්නවා.
ඔයිට කලින් මම මිනිහාගේ දෙන්නම් කාසිවලට සරුංගල් ඔන තරම් දීලා තිබුනානේ..
ඒ සල්ලි හම්බු උනානම් මටත් වාහනයක් ගන්න තිබුනා.

මාත් ඉතින් අකමැත්තෙන් වගේඅර රුපියල් පහත් කලිසං සාක්කුවෙ ඔබා ගන්න ගමන් සරුංගලේ ගලවලා මිනිහට දුන්නා..

මතක ඇතුව පස්සේ මට ඉතුරු සල්ලි දීපන් හරිද ජුං...

මිනිහා වෙලේ මම ගෙදර...

පස්සේ කාලෙක මම මෙ කතාව මිනිහාට කිවුවම අඩෙ උඹ ඒ දවස්වල මාව අන්දලා තියෙනවා නියමෙට නේද කියපි.

ඒකා දන්නවයෑ ඒ කියන කොටත් මම ඌව අන්දනවා කියලා...
හියැහ් පුහ්...

34 comments:

  1. මම දකින විදිහට නම් ඉතාම සාර්ථක බිසිනස් එකක්. හැබැයි ඒකට හරියන බිස්නස් මයින්ඩි එකක් මාරයාට නැහැ නෙව...

    ඒ නිසා සිකියුරිටි රැකියාව හොඳයි

    ReplyDelete
  2. බුදු අම්මෝ.....පෙනේද තිබිලා තියෙන කපටිකම.....
    ඔය බිස්නස් එකම දිගටම කලානම් මේ වෙද්දී කෝටිපතියෙක් වෙන්න තිබ්බා.....

    පුංචි කාලේ කරන සමහර දග වැඩ ..ඒවා කරන්නේ හිතලා මතලම නෙමේ උනත් දැන් ඒ ගැන හිතද්දී පසුතැවිල්ලක් දැනෙනවා නේද?

    හැබැයි දැන් කාලේ ඉන්න පුංචි ඈයො තරම්ම නම් ඔයා ඉස්සර කපටි නෑ වගේ මාරයියේ

    ReplyDelete
  3. හා පැටික්කී...

    මොක්කද අප්පා කීනවා...

    ReplyDelete
  4. Wath...

    හා බොහෝම කලෙකට පස්සේ..
    දැන වෙළදං නොදැන මුරකං කිවුවළුනේ..

    මෙ දවස්වල හරි ගිහින් කියලා ආරංචියි..

    ReplyDelete
  5. දිල්...

    කපටිකම් නොකර බැරි අවස්ථාවලදී කලා උනත් පස්සේ දහස් වාරයක් හිත කඩා වැටෙන කොට අරෙහෙම නොකලා නං කියලා හිතෙන නිසාම පුළුවන් තරම් උත්සහ ගන්නවා කපටිකම් නොකර ඉන්න..

    ReplyDelete
  6. මට හිනා තම්මා යනව.....

    අපේ අයිය ඉස්සර ඉස්කෝලෙ යන කාලෙ කරපු එවුව ඇහුවොත් අයියට හිතෙයි ඔව්ව මොනවද කියල.....

    ReplyDelete
  7. හා පැටික්කී...
    ඉතින් තවත් බල බල ඉන්නේ නැතිව වහාම ලියනවා හොදයි..
    අනුන්ගේ ලිපි කියව කියව ඉන්න විතරද කල්පනාව..
    හා හා ලියමු ලියමු...
    අපිත් බලා ගන්න ආසයි නෙව අයියණ්ඩිගේ තරම...

    ReplyDelete
  8. ඒව ලියන්න නම් මගේ කිසිම අදහසක් නැතෝ.....

    මිනිහ මාර බිස්නස් මයින්ඩඩ් මං සිස්සත්වෙ කරන කාලේ මට පේපර් එකක් කරනවට එයා තාත්තගෙන් රුපියල් 20ක් අය කරා.....
    ඉතින් මට පන යනව පැය 3න් 3නට විතර පේපර්..... හවසට තාත්ත ගෙදර ආවම කරවපු පේපර් ගාන පෙන්නුව ගාන කඩා ගත්ත....

    ඇයි පුංචි කාලෙ මං පණ කඩන් කැටේ එකතු කරනව.... එයා බටර් පාර දාල දෙකට බෙදල තමා බැංකුවට යන්නේ....

    හැබැයි රස්සවට යන්න ගත්තම එයාගෙ පොතේ තිබුන ඔක්කොම මගේ පොතට හැරෙව්ව..... මට ඩබල් උනා.... :D

    ReplyDelete
  9. අම්මෝ මේ මාරයියා නම් පුදුම කපටියෙක් නේ.කපටියෙක් නෑ නෑ කපටි රජෙක්. අනේ අර අහිංසක ජුං කොලුවා.කොලුවා කිව්වට දැන්නම් තාත්තෙක් වෙන්න ඇති නොවැ.

    ReplyDelete
  10. හා පැටික්කී...

    නරක් වෙලා තියෙයි එහෙම අයියෙක්...

    ReplyDelete
  11. මම...

    රපටි කජා..
    අම්මෝ ඔවු උං ඔක්කෝම තාත්තලා මං විතරයි තාම පුතා..

    ReplyDelete
  12. උඹ නියමෙට පුංචි ගුරුවාගේ කථාව සම්බන්ධ කලා...
    ඊරියගොල්ල මහත්තයාගේ පරිවර්තනය එව්වා කාවැද්දුවා නේ හිතට...?
    උඹත් කරුණාවන්ත බිස්කූන් කෙනෙක් වෙලා ඉන්නෑති නේ ඒ කාලේ...?

    ReplyDelete
  13. තිස්ස අයියා...

    හැකිතාක් උපරිමයෙන්...

    හැබැයි වෙලාවකට මාරයෙක්ම තමයි...

    ReplyDelete
  14. තිස්ස අයියා...

    "ඊරියගොල්ල මහත්තයාගේ පරිවර්තනය එව්වා කාවැද්දුවා නේ හිතට...? "

    මට හරියට තේරුනේ නැහැ.

    ReplyDelete
  15. මාත් කැමතියි පුංචි ගුරුවා සම්බන්ධ කළ ව්දිහට.. ඒක නියමෙටම කරලා තියෙනවා.. මට නම් මේ කතාවෙ වැදගත්ම කොටස ඒකයි...

    ReplyDelete
  16. හොර ගෙඩියෙක් නේ. :-)

    ReplyDelete
  17. ඊරියගොල්ල මහත්තයා නේද බං වික්ටර් හියුගෝ ගේ "ලෙ මිසරබ්ලෙ" (Les Misérables 1862) ---> "මනුතාපය" කියලා පරිවර්තනය කලේ...?

    ReplyDelete
  18. නරක් වෙලා තියෙයි.....
    ඒකා මේ ලැපත් මට වික්ක එකක් නෙවැ..... :( :( මුලින් නිකන් දෙනව කිව්ව පස්සේ ගාන කඩා ගත්ත..... (අම්ම තමා සල්ලි දුන්නේ...)
    බංකුවටම තමා හරියන්නේ.....

    ReplyDelete
  19. ඊරියගොල්ල මහත්තයා නේද බං වික්ටර් හියුගෝ ගේ "ලෙ මිසරබ්ලෙ" (Les Misérables 1862) ---> "මනුතාපය" කියලා පරිවර්තනය කලේ...?

    ඔවු තිස්ස අයිය හරි. එයා තමයි පරිවර්තනය කරේ...

    දේවතාපය මනුතාපය තරම් ලස්සන නැහැ...

    @ මාරයා

    මට හරි ගිහින් කියල ආරංචිද? දැන් ඉතින් මගේ ගෙවල් පැත්තෙ එන්නෙ නැහැනෙ.ආරංචි වලින්ම තමයි ඔක්කම දැන ගන්න වෙන්නේ......

    Bad news has wings ලුනේ

    ReplyDelete
  20. මං බාලේ හිට දැන සිටි කොලු පැටියා
    වෙල්යායේ සෙල්ලම් කරමින් හිටියා
    මේ මරුවා ඒ කොලුවට කල හදියා
    අනේ අපොයි රුපියල් පහ! කොලුපැටියා

    ReplyDelete
  21. හපොයි මාරයියාත් කරන වැඩ......ඔය බිසිනොස් මයින්ඩ් එක දිගටම පාවිච්චි කරානම් අද ලොකු පෝසතෙක්නෙ අප්පා.....

    (එහෙම නොවුන එකමයි හොඳ........ පෝසතෙක් වුනානම් අපිට මේව කියවලා හිනා වෙන්න වෙන්නේ නෑනෙ....... එහෙම වුනා නම් මෙයා සල්ලි ගැන ගැන ඉඳියි බ්ලොග් නොලියා :D .......... )

    ReplyDelete
  22. biz mehema karanna giyoth ithin waedi dhura yanna hamba wenne naehae.. mama me awurudhu 25 tama horakam karalaa thiyannne 10 Rs witharayi.. eka mathak unaa methanata aapu haama... ithin kohomadha jiwithe maarayiyaa. amathaka welaa nemeyi.. enna ekak nahea

    ReplyDelete
  23. නියෙමට අන්දලා තියෙනවා. පවු ජුං කොලුවා....

    ReplyDelete
  24. රවා ...

    මෙහෙ මොකද කරන්නේ වහාම යන්න දිල් අක්කා බලාසිටී...

    ReplyDelete
  25. තිස්ස අයියා...

    ඔවු තිස්ස අයියා.. ඊරියගොල්ල මහත්තයා තමයි පොතේ පරිවර්ථකයා..
    හැබැයි අර නම් වෙනස් කරපු විදියට මම ඇත්තටම එතරම් කැමැත්තක් නැහැ.
    ෂාවල්ෂා ඒ විදියට යෙදුවනම් මම කැමතියි..

    ReplyDelete
  26. kumaraya...

    ජීවිත පොත තවත් පොතකට සම්බන්ධ කිරීම හරිම පහසුයි..

    ReplyDelete
  27. තරිඳු...

    වරදක් කලත් සිතකින් නොවෙ..

    ReplyDelete
  28. හා පැටික්කි ...

    නගා වගේම නැතෑ ඉතින් අයියණ්ඩිත්..

    ReplyDelete
  29. wath...

    මොකෝ මම නෑවිත්..
    සෑම පැයකටම වරක් බලනවා...
    ඇයි දෙයියනේ කොයි වෙලාවෙ අපිටත් නොකියා යයිද දන්නේ නැහැනේ...

    ReplyDelete
  30. Praසන්ன ...

    ඔයිට වඩා ඇන්දුව දවසක් තියෙනවා මම කියන්නම්කෝ ඒකත්..

    ReplyDelete
  31. විශ්මි...

    ඒකත් ඇත්ත තමා...

    ReplyDelete
  32. විහග ගීතය...

    මෙහෙමත් අපහාස කරනට හොද වෙද..
    ඒකා නොවෙද ඉල්ලන් කෑවෙ ගුලිය..
    වරදක් කලත් සිතකින්හෙම නොම නේද..
    මාමෙ අනේ මට කියලා දෙනවාද...

    ReplyDelete
  33. ඔන්න දැනුයි මේක දැක්කේ

    ReplyDelete