02 June 2010

පන්සල් ජීවිතේ... දහම් පාසල...

පන්සලක් පිළිබඳව කතා කිරීමෙදී අත නොහැරියම යුතු අංගයක් වන දහම් පාසල පිළිබඳව මෙතැන් සිට සඳහන් කිරීමට අදහස් කලෙමි.

මා යන විටත් පන්සලේ දහම් පාසල පැවතිණි.

ඒ සඳහා අවශ්‍ය භෞතික සම්පත් එනම් ඩෙස් බංකු සහ පොත් පත්..
ආදිය අඩු නැතිවම තිබුණි.
බණ මඩුව තරමක් විශාල ලෙස තනා තිබුනු නිසා ඉඩ කඩ ප්‍රශ්නයක්ද නොවීය..
බණ මඩුවෙ වහල දිරා පත් වී බාල්ක කැඩි ගොස් තිබූ නිසා එවැනි ස්ථාන දෙකකට පුවක් ලී ආදිය යොදා ගනිමින් මුක්කු ගසා තිබූ ස්ථාන දෙකෙහි ඇර අන් සෑම තැනක්ම පන්ති පැවැත් වීම සඳහා යොදා ගත හැකි විණි.

ඒ ආකාරයෙන් බලනා කල අවශ්‍ය පහසුකම් නොඅඩුව තිබිණි.

ගැටළුව වූයේ ගුරු හිගයත්..
සිටිනා ගුරුවරුන්ගේ පැමිණීමෙ දුර්වලතාවයත්ය..

එමෙන්ම තිබූ තවත් අර්බුධයක් වූයේ පන්සලට අයත්ව තිබූ දායක ප්‍රදේශවලට සරිලන අන්දමෙන් ළමුන් ඇතුලත්ව නොතිබීමයි.

ඒ කාලය වන විට ස්ථීර ලෙස දායක පවුල් සියයකට එකසිය විසිපහකට ආසන්න ප්‍රමාණයක් සිටියත් පසු කාලීනව මවිසින් ආරම්භ කල වැඩ කටයුතු හරහා එම ප්‍රමාණය පවුල් හාරසීයයකට ආසන්න මට්ටමට ළගා විය.

එවකට සිටි දායක පිරිස හා සසඳන කල ළමුන් සිටියේ ඉතා අවම මට්ටමකය..

වරක් මා පන්සලට ගොස් මාස දෙකකට පමණ පසු දිනක දහම් පාසලේ සියළුම පන්ති වල නාම ලේඛණයන් ගෙන එහි වූ සංඛ්‍යාවන් එකතු කර බැලීමි.
ඒ අනුව ලියාපදිංචි වී සිටි දරුවන් ගණන 54ක් වූ අතර පසුගිය මාසයක පමණ පැමිණිම් පරීක්ෂා කර බලනා කල ළමුන් 37කට වඩා දහම් පාසල් පැමිණි වගක් පෙනෙන්නට නොවුණි.

ගුරුවරුන්ද සීමිත විය.

නාරද හිමියන් ප්‍රධානාචාර්ය ධුරය හෙබවූ මුත් දහම් පාසලේ ඉගැන්වීම් කටයුතුවලට මැදිහත් වනවා අඩුය.
සියළුම පාලන කටයුතු ගෙන ගියේ එවකටත් ගුරු සේවයේ නිරත වෙමින් සිටි මෙ වන විට විශ්‍රාම ලබා ඇති නියෝජ්‍ය විදුහල් පතිනියක් වූ විමලා ටීචර්ය..
ඇය ඉතා උනන්දුවෙන් එම කටයුතු කරගෙන ගිය අතර ඒ සඳහා දක්ෂතාවයද ඇති ගුරුවරියක වූවාය.

වසර විස්සකට පමණ ආසන්න කාලයක් දහම් පාසලේ වරින් වර උගන්වා ඇති නමුත් මුලින්ම ඉගැන් වූ දින සිටම ගණනය කොට වසර විස්සක් මම උගන්වා තිඛෙනවායි නිතරම සඳහන් කරනු ලබන ඉන්ද්‍රා ටීචර් දෙවැන්නිය වූවාය..
ඇත්තෙන්ම පසුව මා විසින් ඈ ඉගැන් වූ කාල සීමාවන් එකතු කර බැලීමෙදී වසර දොළහක් වැනි කාලයක් ඇය උගන්වා තිබුණාය.
සෑමදාම පොඩි පන්තිවලම ඉගැන්වීමට රුචියක් දැක් වූ මැය ඒ සඳහා එතරම් දක්ෂතාවයක් දැක්වූ තැනැත්තියක නොවීය..
නමුත් පැමිණීම ඉතා උසස් මට්ටමක විය.
පසුව දහම් පාසලට දරුවන් ඇතුළත් කිරීමට මාපියන් අකමැති මන්දැයි යන්න සොයා බලනා කල සඳහන් වූ ප්‍රධාන කරුණක් වූයේ ඇයගේ ඉගැන්වීම බව හෙළි වූ අතර ඇත්තෙන්ම කුඩාම පන්ති ඇය වැන්නියකට භාර දීම නොසැලකිල්ල නිසාම සිදු වී ඇති වරදක් විය..

මීට අමතරව ඔවිටෙ ගෙදර ටීචර් නැමැති තැනැත්තියත් හොඳ මට්ටමෙ ගුරුවරියක් වූ අතර නිතරම ප්‍රසංසා බලාපොරොත්තු වීම හැර අන් යමක් බලාපොරොත්තු නොවූ තමන්ට පැවරෙන කොටස අඩු නැතිව ඉටු කරනු ලැබූ අයෙකි.
ඔවිටෙ ගෙදර ටීචර්ගේ නැගණියක්ද ඉගැන්වීම සිදු කල අතර දරුවන් නොමැති කාන්තාවක වූ ඇය විසින් දරුකමට හදා ගන්නට ගත් දරුවාද දහම් පාසලට ඇතුළත් කර තිබූ හෙයින් නොවරදවාම පැමිණෙන හොඳ මට්ටමෙ ගුරුවරියක විය.
සුවිමාලි නම් වූ දහම් පාසලේම උගෙන අවසන දහම් පාසලේ ගුරුවරියක ලෙස සේවය කල තරුණියක්ද විය.
ඉතා චාම් ඇවතුම් පැවතුම් ඇති මැය කිසිදු දිනෙක කිසිවකුගේ දෝෂාරෝපණයට ලක් නොවූ ඇත්තෙන්ම අවිහිංසක එකියක වූ අතර පවරනු ලබන ඔනෑම කටයුත්තක් නිශ්ශබ්දව ඉටුකරලන්නා වූ මැය කිසිවකුගේ විශේෂ අවධානය දිනා නොගන්නා අයෙකි.

තවත් වයසට වඩා තරබාරු වූ දර්ශනී අක්කා නැමැති මා හට වඩා වසරකින් වැඩිමහළු ගුරුවරියක්ද වූ අතර ඇයගේ උගැන්වීම් යහපත් මට්ටමක වූ අතර පැමිණිම දුර්වල විය.

පැමිණීම තරමක් දුර්වල මුත් ඉගැන්වීමට සමත්කම් ඇති මා හට වඩා වසර දෙක තුනකින් පමණ බාල තවත් තරුණයකුද සිටි අතර ඔහුද පාඩුවෙ තමන්ගේ කොටස ඉටු කරනු ලබන අයෙකි.
සෑම දිනකම දහම් පාසල ආරම්භ කලාට පසුව පැමිණෙන ඔහු දහම් පාසල අවසන් කිරීමට මොහොතක් හෝ කලින් පිටව යන අතර හාමුදුරුවරුන් සමග කිසිම ආකාරයක සම්බන්ධයක් නොවීය.
(මෙ ළගදී දවසක තිස්ස අයියා මා හට දුරකථනයෙන් ප්‍රථම වතාවට මා අමතන මොහොතෙහි මා සිටියේ මෙ තරුණයාත් ඇතුළු තවත් තරුණයන් කිහිප දෙනෙක් සමග බීමකට හවුල් වීගෙනය.. තිස්ස අයියේ..මතකයි නෙව..)

මෙ කියූ පිරිසට අමතරව තවත් එක් සුවිශේෂී චරිතයක් ගුරු මණ්ඩලයේ සිටියාය.
ආඛ්‍යාතය ස්ත්‍රී ලිංගයෙන් තබනවිට එම චරිතය ගැහැණියක වග අමුතුවෙන් කිව යුතු නොවෙය..

ඇත්තෙන්ම මෙලෝ ලස්සනක් නොමැති මුත් බුදුන් කල සිටි සුන්දරියගේ චරිත ලක්ෂන හා චිංචි මානවිකාවගේ යන දෙදෙනා හට තවත් එවැනි චරිත කිහිපයක් මුසු කොට තැනූවාක් බඳු වූ මැය රේණුකා අක්කා නම් විය.

එක් වරක් මා පන්සලේ ඉදිරිපස පඩියක් මත වාඩි වී සිටියදී එහි පැමිණි කුඩා කටකාර කොල්ලන් දෙදෙනෙකුගෙන් අයෙක්
"අයියේ ගදකිලිය කියන්නේ මොකේටදැයි"
මා විමසා සිටි අතර ඒ කුමක්ද යන වග හා ගන්ධ යන වචනයේ තේරුමත් පැහැදිලි කර දුන් අතර එසේ අසන්නට හේතුව කුමක්දැයි මා පෙරළා විමසූ විට පෙර කී කටකාර කොළු පැංචා කියා සිටියේ
"නෑ රේණු අක්කා කිවුවානේ ගදකිලිය කියන්නේ වැසිකිලියට කියලා..ඒත් ඉතින් අපි කල්පනා කලා බුදු හාමුදුරුවෝ කොයි වෙලෙත් ගද කිලියේ ඉඳලාම වඩින්නේ ඇයි කියලා.. ඒකයි අයියාගෙන් අහලා බැළුවෙ"
කියමින් සිනහා නගමින් පිටත්ව යන ලදි.

මෙවැනි වූ අපූරු ගැහැණියක වූ ඇය ගම පුරා ප්‍රසිද්ධව සිටියේ කාමාශක්ත තැනැත්තියක ලෙසිනි.
ඇගේ දරුවන් දෙදෙනකු වූ අතර එම පිරිමි දරුවන් දෙදෙනාම දහම් පාසලෙහි උගැන්ම ලැබූ නිසා ඔවුන්ව දහම් පාසල් රැගෙන විත් ඉගැන්වීමෙද යෙදුණු ඇය උගන්වනවාට වඩා ප්‍රිය කලේ ආවාසය පැත්තෙහි ගැවසීමටය..

ඇයගේ වටිනාකමක් තිබුණේ බාහිර වැඩ වලදීය..
දහම් පාසල් තරග, පෙරහැර සඳහා දරුවන් පුරුදු පුහුණු කරවීම, භක්ති ගීත තරග ආදියට දරුවන් ගෙන යාම ආදී වැඩට නම් ඇය නැතිවම බැරි තැනැත්තියක වූවාය..
එම වැඩවලදී සියළුම බර කරට ගෙන ඒ සඳහා මහන්සි වන ඇය නිසා අන් ගුරුවරුන්ට මහත් සහනයක් විය..

මා නොදන්නා අමතුම බයක් නාරද හිමියන් ඇය කෙරෙහි දැක්වූ අතර පන්සලේ පසු කාලීනව සිටි බොහෝ තරුණ භික්ෂුන් ඇයගේ බලපෑමට යටත් වී සිටි බව නම් තැනින් තැන කතා වෙනවා මා හටද අසන්නට ලැබුණි.

ගුරු මණ්ඩලය මෙබඳු විය...

සමහර පන්ති වල දරුවන් සිටියේ දෙදෙනකු පමණි.
දහම් පාසල් අවසාන පන්තියක් තිබුණේම නැත.
ඉහල පන්තිවල ළමුන් දැකිය හැක්කේ නාම ලේඛන වල පමණි.

දහම් පාසලේ ඉගැන්වීම සඳහා මා හට ඇරයුමක් ලැඛෙනුයේ තත්වය මෙසේ පවතින විටය.
එවකට අට වන ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ දරුවන් සිවු දෙනෙකු විය.
නාම ලේඛණයේ නව දෙනෙකුගේ නම් ලියවී තිබුණද පැමිණියේ පිරිමි දරුවන් දෙදෙනකු සහ ගැහැණු දරුවන් දෙදෙනකු පමණි.
මෙම පන්තිය ඉගැන්වීමට කිසිදු ගුරුවරයකු සෑහෙන කලකින් පැමිණ නැතත් එම දරුවන් සිවු දෙනා තවමත් දහම් පාසල් පැමිණි අතර බොහෝ විට ගුරුවරුන් නොමැති කුඩා පන්තිවලට ඉගැන්වීම පිණිස ගැහැණු දරුවන් දෙදෙනා යොමු කරවන අතර කොල්ලන් දෙදෙනා දහම් පාසල අහවර වන තෙක් පන්සල වටෙ ඇවිදිමින් කල් ගත කරනු ලබයි.

දිනක් කුමක් හෝ හේතුවක් නිසා කොල්ලන් දෙදෙනාට ඉගෙන ගැනීමට ඇවසිව විවෙක කාලයෙන් පසු පැමිණ
"අයියේ ඇවිත් අපේ පන්තියට උගන්වන්නකෝ"
යනුවෙන් මා හට ආරාධනා කරන ලදි.
ඇත්තෙන්ම ඉගෙන ගැනීමට මහා උනන්දුවක් නොමැති මුන් දෙන්නා මොකට මට කතා කලාදැයි දන්නේ උඩ ඉන්නා දෙයියන්ම පමණි.

............................................
"ඔබ කියන දේ පිළිබඳව තවත් වරක් සිතන්නේ නම් මැනවි.
ඇයි මෙවා අහලා කලකිරෙන්නේ..
යථාර්ථය තේරුම් ගන්ට ගන්ට මිනිස්සු කලකිරෙන්නේ නැහැ..
යම් සංහිඳියාවකට පත් වෙනවා මිස..
මෙ කතාව මම කවදා හරි කියලා ඉවර වෙන දවසට මට උවමනා මිනිසුන් අමුතුවෙන් මෙ දේවල් ගැන කල්පනා කරලා හැම දෙයක් පිළිබඳවවත් උපේක්ෂාවෙන් බලනවා දකින්නට විනා..කිසිවකුටත් පන්සල් පිළිබඳව හෝ ගිහි සමාජය පිළිබඳව හෝ කලකිරවීම නොවෙ.. "

28 comments:

  1. මචං උඹගේ වැඩෙහි යෙදවීමට මිනිසුන් තීරණය කිරීම නියමයි.
    U have personnel management skills'

    ReplyDelete
  2. ඔන්න අදත් මම ඇවිත් ගියා. මේ දවස් වල වැඩිය බ්ලොග් වලට හොට දානවා අඩු උනත් මේ විස්තරේ කියවන්න මම නෑවිත් කොහොමෙයි.
    :D
    පාන්දර තුනට ඔලුව දාලා කොටස් 3ක්ම කියෙව්වා.

    ReplyDelete
  3. මාත් ආවා. එහෙම කිව්වාට දිගටම ආවා, මොකුත් නොලියා ගියාට.

    ReplyDelete
  4. මිනිසුන් ගේ චරිත ලක්ෂණ මනාව ඔප් නංවමින් චිත්ත රූප මැවීමට ඔබ සතු හැකියාව ප්‍රසංශනීයි..

    ReplyDelete
  5. අයියා පන්සලේ ඉන්න හාමුදුරුවරු කවුරුත් දහම් පාසලේ උගන්වන්න ආවේ නැද්ද ? මට මටක විදිහට ඔයා කලින් දවසක කිව්වා නේද කවුරුහරි හාමුදුරු කෙනෙක් දහම් පාසලේ ඉගැන්වුවා කියලා.

    රේණු අක්කා ඉස්සරහට මොකක් හරි ජංජාලයක් කරන්න වගේ යන්නේ මට හිතෙන විදිහට :)

    ReplyDelete
  6. කළු...

    හරියටම පැහැදිලි මදි..

    ReplyDelete
  7. Ansh Lucky Sri Jay...

    මම දන්නවා..
    කොහොම හරි ඇවිත් යනවා කියලා ස්තූතියි නගේ..

    ReplyDelete
  8. වැම්පයර් ...

    මෙ වචන කොට කොට ඉන්න එකේ අමාරුව නැත්නං මීට වඩා හොඳට කරන්න තිබුනා නේද කියලා හිතෙන වාර අනන්තයි..

    ReplyDelete
  9. නාරද හාමුදුරුවන් ඉදහිට දවස්වල ඉගැන්නුවා..
    සුමෙද හාමුදුරුවෝ උගන්වන්න ගියේ නැහැ.
    චන්ද විමල පොඩි හාමුදුරුවෝ ඒ වැඩෙට හරි බයයි.

    ඔයාට මතක තිබුනේ අර ඉද හිට ඇවිත් යන විමලසිරි හාමුදුරුවෝ ගැනයි...

    එයා ආවම නම් උගන්වනවා..

    රෙණු අක්කා යනුම ජංජාලයකි..ඉස්සරහට බලමු.

    ReplyDelete
  10. ඔන්න ආයෙත් පාරක් මම ආවා. දහම් පාසල ගැන විස්තරේ නියමෙට කරල තියෙනවා.

    ReplyDelete
  11. මමත් ආවා, කියවන්න ආසා හිතෙන විදියට ලියල තියෙන නිසා දිගටම එනව කියවන්න.කමක් නැහැ නෙ.

    ReplyDelete
  12. ඔන්න මමත් ඇවිත් කියෙව්වා මාරයියේ. කෙල්ලට මේ ටිකේ සමාව දෙන්න. මොනවත්ම ඔළුව ඇතුලට යන තත්වයක් නම් නෑ......

    ReplyDelete
  13. මාරයිය මැරතන් දුවනව වගේ පෝස්ට් දාන්නේ. ඒකත් හොදයි ක්‍රමේ. කලින් ඒව සේරමත් කියෙව්වා. මේකට කලින් එකයි මේකයි එකට තමයි කියෙව්වේ! දෙකම එකට කියෙව්ව කියල ඔන්න ලිවුවා.

    අර ළමයි දෙන්නට කාලෙ කාලම එපා වෙලා වෙන්නැති ඔයාගෙන් ඉගෙන ගන්න හිතුනේ

    ReplyDelete
  14. මේක මම හැමදාම කියවන බ්ලොග් එකක්, මාරයාගේ ලියන ක්‍රමයට ගොඩක් කැමත්යි, දිගටම ලියමු සහෝදරයා

    ReplyDelete
  15. මාත් දැන් නම් ඔයාගේ කතා වලට ඇබ්බැහි වෙලා,නෙට් ආවොත් ඔයා අලුතෙන් කතාවක් දාලද කියලා බලන්නේ

    ReplyDelete
  16. ඕන් මාත් ආවා..

    " මම "

    ReplyDelete
  17. ඇත්තෙන්ම උඹ චරිත පැහැදිලි කරන්න විදිහට අපිට ආපහු ඒ අය ගන ඇහැට වත් දකින්න ඕන නෑ වගේ . . ඒ තරම්ම පැහැදිලියි . . ලියන හැටිත් හරිම අපූරුයි බන් . . බොහෝම සරලව . . නියමයි . . .

    ReplyDelete
  18. කතාවෙ මුලින් මට දැනුනු තරං පංසල ගමෙං අතෑරිල නෑ.

    ReplyDelete
  19. Praසන්ன...

    ආ දැක්කා දැක්කා..

    ReplyDelete
  20. isimbuwa...

    මෙ මොනවා කියනවාද..? මෙක ජනතා සන්තකේ වගේ..

    ReplyDelete
  21. දිල්...

    මම දන්නවා නංගියේ ..
    ඔයා ඔළුව උස්සලා ඉන්නකෝ..
    වත් මගෙන් ඔයාගේ දුරකථන අංකය ඉල්ලුවා..
    මම කිවුවා මිස්සකගෙන් අහලා බලන්න කියලා.
    පුළුවන් නම් එයාට කතා කරන්න..

    ReplyDelete
  22. ගයාන් තාරක...

    වෙන්න ඇති..
    හැබැයි උන් දෙන්නට ඊට පස්සේ ටොකු කාලත් එපා වෙන්න ඇති...
    අදටත් මා ගැන පුදුම ආදරයක් උං දෙන්නා ගාව තියෙන්නේ

    ReplyDelete
  23. රාවණ...

    මා කැමතිම නාමයක් ඔබ සතුයි.
    සාදරයෙන් පිළි ගනු ලබනවා..පන්සලට

    ReplyDelete
  24. ItalyDilan...

    මම දන්නවා නෙව ඒ ගැන..

    ReplyDelete
  25. මම...

    අද මොකද මෙ වෙලා තියෙන්නේ..

    ReplyDelete
  26. දුකා...

    ලෝබ නැතිව වර්ණනා කරන දුකාගේ හිත හොඳ කමට බොහොම පින්..

    ReplyDelete
  27. budhajeewa...

    මෙ තමයි පන්සලට ඉතිරි වෙලා තිබුනු අල්ප මාත්‍ර වූ සම්පත් වලින් වටිනම දේවල් ටික..

    ReplyDelete