03 June 2010

ජීවිත ගග අදත් ගලයි...

අද ගෙදර එන්න දවල් උනා...
හරියටම කිවුවොත් ආවෙ දවල් එක විතර වෙලා..
ඒත් ඇවිත් නිදා ගත්තේ නෑ..එන ගමන් මම වැඩ කරන දවස්වලට කෑම කන ගෙදරින් දවල්ට කන්න බත් එකකුත් අරගෙන ඇවිත් නාලා රෙදි ටික හෝදලා දාලා අර නොපු බත් එකත් කොටා බාලා..
ගියා යක්කල පැත්තේ..

අද උදේ පොඩි ආරංචියක් ආවා පාවිච්චි කරපු ලැප් ටොප් තියෙනවා කියලා අඩු ගණන් වලට තැනක.
ඒ ආරංචිය ඇත්තද බලන්න තමයි යක්කල ගියේ..
වැඩෙ ඇත්ත...

යක්කල නියෝ විව් එකේ තමයි බඩු තිබුනේ..

හැබැයි මට ගැලපෙන විදියේ එකක් තිබුනේ නැහැ.

රුපියල් එකොළොස් දාහටත් එකක් තිබුණා.
හැබැයි ඉතින් පලේ පල්..

ටිකක් හරි මට ෆිට් වෙන එකකට තිබුනු එක විසිහත් දාහක්..
ඒත් ඉතින් ඒ තරම්ම හිතට මදි.

කොහොම උනත් අගෝස්තු වෙනකොට ලැප් සිහිනය හැබෑ කරගන්න එපැයි..

වැඩ ගොඩක් තියෙනවා මෙ දවස්වල කරගන්න..
ලැපක් ගැනීම....
බයික් එකේ ටයර් එකක් ගෙවිලා ඒක දාගන්න ඔන..
සර්විස් කරන්නත් තියෙනවා..
කොහොම හරි කතරගම පැත්තේ ගිහින් එන්නත් හිතේ තියෙනවා..
ඊට කලින් බයිසි මොටෝ එක ටිකක් පිළිවෙලක් කරගන්නත් තියෙනවා..

ඔය ඔක්කෝම කරන්න ලේසි නැහැනේ..

අතේ මිටෙ තියෙන විදියට මෙ දවස් ටික මෙහෙමම ගෙවා ගත්තොත් අගෝස්තු වෙන කොට ඔය ඔක්කෝම කර ගන්න බැරිත් නැහැ.

ඒත් පෙරේදා මම හිතුවා රස්සාවෙන් අස් වෙන්න කියලා.. ඒ තරමට එපා වෙලා හිටියේ..
කොච්චර කළත් ඉවරයකුත් නැහැ..හොඳකුත් නැහැ..
ඒ මදිවට නැති චෝදනාවක් ගෙනල්ලා මට විරුද්ධව පරීක්ෂණයක් කරන්න කියලා තීරණය කරලා කියලාත් පණිවිඩයක් ලැබිලා තිබුණා..

ඔය ඔක්කෝම එක්ක මම ඊයේ වැඩට ගියේ දෙකින් එකක් ඛෙර ගන්න හිතා ගෙන..

ඒත්... ගිහිල්ලා මට ලැබුනු පළවෙනි වතාවෙම දීලා ඇරියා වටෙටම..

මට විරුද්ධ චෝදනාව ගෙනාපු අය එහෙම කරන්න හේතුව මොකක්ද කියලා තේරුම් කරලා දීලා.. කැමති දෙයක් කරගන්න කියලා නිකා හිටියා..

හැබැයි කට්ටියට තේරුනා මම යන්න හදනවා කියලා..

පස්සේ චෝදනා ඔක්කෝම අනිත් පැත්ත කැරකැවුනා..

බොරු ගෙතුව අයියලා මොනවා කර ගත්තත් මම දන්නේ නැහැ..එයාලා දැනගන්න එපැයි දිට්ඨ ධම්ම වෙදනීය කර්මත් තියෙනවා කියලා...

ඒත් මම අස් වෙන්න තීරණය කරගෙන ඉන්න බව දැන ගෙන ලොක්කා කතා කරලා යන්න එපා ඔවා අමතක කරලා ඉම්මු කිවුවා.. ඒ උනත් ආයෙමත් මොකක් හරි අහක යන බකට් එකක් ආව ගමන් මෙකලා හොයන්නේ බලන්නේ නැතිව පිස්සු කෙලිනවා කියලා මම දන්නවා.

ඒ හින්දා මගේ අර උඩින් කිවුව සිම්පල් ප්ලෑන් ටික කිරියාත්මක කර ගන්නකං ටිකක් ඉවසලා බලන්න තීරණය කලා..
ඒත් ඉතින් හිත කැඩුනට පස්සේ දිගින් දිගට ඉන්න අමාරුයි...
ඒ හින්දා ඉක්මනටම වෙන අතක් බලා ගන්න ඔන..

අද දවල් වෙලා ආව නිසා හෙට ටිකක් දවල් වෙලා යන්න හිතන් ඉන්නේ..
ඒ හින්දා පන්සල් කතාවත් පස්සේ ලියනවා කියලා හිතුවා..

දැන් දවස් දෙක තුනකට කලින් අරයාගෙන් කෝල් එකක් ආවා.
හැබැයි මට පුළුවන් උනා ටිකක් ගණන් උස්සලා ඉන්න.
මමම දන්නේ නැහැ කොහොම හිටියද කියලා.. වෙනදට ලේසියෙන් කතාව අවසන් නොකරන ඇදගෙන යන්නේ මම උනත් මෙ පාර මමම කතාව නවත්තලා දැම්මා. මගේ හිතේ ඔය පළවෙනි වතාව වෙන්න ඔන මම එහෙම කල.

ඇත්තම කියන්න..පස්සේ මට ඉවසන්න බැරුව ගියා.. ඒත් ආයේ මම කතා කරන්න ගියේ නැහැ.

හැබැයි එදා ඉදලා මම තාම බිවුවෙත් නැහැ.
බොන්න හිතුනේත් නැහැ.

ඔහොම තමයි මෙ දවස්වල ජීවිතේ...
අවුලක් නැහැ.

ටිකක් දැන් නම් නිදා ගන්නත් ඔන...
රෑට කන්න මොනවා හරි ගේන්නත් ඔන..
ආ.. අද ඉඳිආප්ප බඩගිනියි වාගේ..ඔව් ඔව්..

එහෙම කියන කොටයි මට මතක් උනේ මම ඉස්සර බ්ලොග් එක ලිවුවෙ මෙහෙමම නෙවෙන්නං..
මම කරන කියන දේවල් ඔහේ ලිය ලියා උන්නා මිසක් වැඩි බරක්පතලක් ගත්තේ නැහැනේ..
හැබැයි ඒක හරි සැහැල්ලූයි..
මෙ පන්සල් කතා කියන්න ගියාම මෙ තරම් සැහැල්ලූවක් නැහැ.
හැම දේම මතක් කර කර ඒ විදියටම ලියන්න ගියහම ඔළුව බර වෙනවා..

තව ටිකකින් බයික් එකත් අරන් කොහේ හරි රවුමක් ගහලා.. එන ගමන් ඉඳිආප්ප ටිකකුත් අරන් ආවා නම් එළම තමා..
යන්න තැනක් තමයි නැත්තේ...
අනේ ඉතින් ඉස්සර නම් මෙ වෙලාවට කොහේ හරි පන්තියක් ඇරෙන තැනකට වෙලා සෙම සෙවල පාරක් දාගෙන ආතල් එකේ හිටියා නෙව..මටත් ගිය කලක්...

මිහිර මතක සිහින අතර..
පාව යමින් අතීතයේ..
ජීවිත ගග අදත් ගලයි..
රළු කළු ගල් පර අතරේ..

28 comments:

  1. "හැබැයි එදා ඉදලා මම තාම බිවුවෙත් නැහැ.
    බොන්න හිතුනේත් නැහැ."

    මගේ හොඳ මාරයියා........

    කතරගම යන ගමන් අපිවත් බලල යන්න එනවනේ ඔන්න....... ;)

    ReplyDelete
  2. කිව්වත් වගේ පන්සල් කතාව ලියද්දි මේ වගේ නෙමෙයි මොකද්දෝ ගැබුරක් තියෙනව වගේ දැනෙනව, ඒත් පන්සල් කතාව හරිම රසවත් මම හිතන්නෙ ඒ ගැබුරු කමත් එක්ක එකතු වෙලා එන සාහිත්‍ය රසයක් වෙන්න ඕන.

    ReplyDelete
  3. හා පැටික්කී...

    ආ එනවා එනවා..
    ඉතින් මම එනකොට මොනවැයි ගේන්න ඔන..
    කැරට්ද..? කන්කුන්ද..?

    අනේ හොඳයි කියන්න එපා අප්පා..මට දග කරන්නමයි හිතෙන්නේ..

    ReplyDelete
  4. isimbuwa...

    හුටා..ඒකේ දැන් සාහිත්‍යත් තියෙනවද..?
    ඒකෙත් හැටි.

    ReplyDelete
  5. මාරයියා හොඳ වෙලානෙ....අහන්නත් සතුටුයි. ඔන්න ඔහොමනෙ ඉන්න ඕනෙ. බීල ප්‍රශ්ණ විසඳන්න පුළුවන්නම් අද මම බොනවා කරටි කැඩෙන්න. මොකද මට ඒ තරම්ම හොඳ කාලයක් නෙමේනෙ මේක...
    මොන දේ මොන විදියට උනත් ජීවිතේ ගලාගෙන යනවා මාරයියේ. අපි බලෙන් නවත්තන්න ඕනෙ නෑනෙ...ඔහෙ යන්න දෙන්න...

    ReplyDelete
  6. ඔය මුකුත් නැතුවට මොකද පරිස්සමෙන් එන්නකෝ.......... :)

    නෑ නෑ අනේ හපොයි.......
    හොඳයි කිව්ව කියල දඟ කරන්න එපා....... :) :)

    ReplyDelete
  7. චැකෙ... චැකෙ... චැකෙ..... මාරයා බිව්වෙ නැහැ... මොනවද මෙ කතා... කැගැස්සෙනවා.. නැත්තම් මාරයා වහාම නම වෙනස් කරගන්න ඔනා.. කතරගම නම් නොගියත් කමක් නැහැ නමුත් කන බොන එවා පස්සට දාන්න එපා.. එව්වා හොද වැඩ නෙමෙ.....

    ReplyDelete
  8. හප්පේ ...මොනවා උනත් හිතේ තියන සියලු දේ සපුර ගන්න ලැබේවා....

    ඔය කියන අයගෙන් දු.ක පනිවිඩයක් දෙකක් අවානම්..ඉක්මනටම කතරගම ..යන එක හොදා...ආදරයට පොඩිපහේ සපොට් එකක් කතරගම දෙවියන් දෙනවා නොවැ...නෙද...?ජයවෙවා!!!!!!!

    ReplyDelete
  9. මොනවා උනත් රස්සාවෙන් අස්වෙන්න එපා, වෙන තැනක් හොයාගෙන තමයි අයින් වෙන්න ඕනෑ.

    ReplyDelete
  10. එහෙනම් යක්කල ගම්පහ පැත්තේ කරක් ගහනවා ආ......පාවිච්චි කරපු ලැප් ගන්න එක නම් එච්චර හොදවැඩක් නෙමේ ...

    ReplyDelete
  11. දිල්...

    අපෝයි දෙයියනේ මාරයියා හොඳ වෙන්නේ නෑ කවදාවත්ම..
    මහා එපා කරපු එකා..
    හරියන්නේ නෑ පාන් බාගයක් ගෙනත් අරක්කු වල පොගවලාවත් කන්න ඔන..
    බොන්නෑ කියලා විතරනේ කිවුවෙ.. කෑවට මොකෝ...

    ReplyDelete
  12. හා පැටික්කී..

    මම එමින් ගමන් හා කූඩුව පැත්තෙන් එන්න බලන්නම්කෝ..

    ReplyDelete
  13. රවා...

    යකෝ මාරයා කියන නම වෙනස් කරන්නේ මොකටද..?
    ඔන්න මම ඛෙබා කියලාවත් නම දා ගෙන හිටියනම් හිතලා බලන්න තිබුනා..

    හොයලා බලාපන් තිස්ස අයියා ආවද කියලා..
    මොනවා උනත් අර බෝතලේට වග කියන්න එපැයි.

    ReplyDelete
  14. ඉලංදාරියා...

    හප්පේ හිත හැදෙන කතාවක් කිවුවෙ ඉලංදාරියා විතරයි..

    ReplyDelete
  15. මහසෙන්...

    පස්මහ බැළුම් බල බල ඉන්න අමාරුයි අප්පා..

    ReplyDelete
  16. Ranga Kausahala weerasinghe...

    නැතුව නැතුව..
    ඒ මගේ ඒරියල් එක නෙව..

    අර උපදේසේට නම් ස්තූතියි.
    ඒත් ඉතින් අළුත් භාණ්ඩයක් ගැන හිතන එක ටිකක් අමාරු වැඩක්නේ පවතින මිල ගණන් එක්ක...

    පුළුවන් නම් මට කියනවද පාවිච්චි කරපු එකක් ගැනීමෙදී සැලකිලිමත් විය යුතු දේවල් මොනවද කියලා..?

    ReplyDelete
  17. මොන බාදා ආවත් බොන එක නතර කරන්න එපා බං, කොම්පැනි වැහෙයි!

    ජොබ ගැන නං කියන්න තියෙන්නේ, මේක කොරන ගමං තව එකකට රේඩාර් එක අල්ලගෙන ඉඳලා, අර සිම්පල් ප්ලෑන්ස් ටික කොම්ප්ලීට් උනු ගමං ජම්පිං පාරක් දැම්මනං හරි.

    ReplyDelete
  18. budhajeewa...

    ඒකත් ඇත්ත මෙ ආර්ථික අවපාතේද මොකක්ද හින්දා කොම්පැනි වැහෙන කාලේ අපි දේශීය කොම්පැනි ආරක්ෂා කොරගන්ට එපැයි..

    මල්ලි හරි මල්ලී...

    ReplyDelete
  19. බොන එක නවත්තලා කොම්පැනි වැහුවොත් ඒකෙන් පාඩු වෙන්නෙ ආණ්ඩුවට තමයි. රස්සාවෙන් අස්වෙන්න ඉස්සර දෙපාරක් හිතන්න.

    ReplyDelete
  20. Praසන්ன...

    අපොයි අපේ ආණ්ඩුව..
    මොනවා කරන්නත් ඒක ඛෙරගෙන ඉන්න එපැයි..
    අපේ පංචායුධට එහෙම කෙලඋනොත් මලා තමයි..

    රස්සාව ගැන නම් දෙපාරක් හිතන්න ඔන තමයි.
    ඒත් ඇත්තටම මගේම කියලා ජොතිෂ්‍ය කාර්යාලයක් දාගෙන ගමනක් යන්න පුළුවන් කම තියෙද්දී ..
    දවසින් දවස ඒක කල් දදා ඉන්නවා ඇර වෙන සුගතියක් නැහැනේ..

    මොන කට්ට කන්න හරි වැඩෙ පටන් ගන්න ඔන කියලා තමයි හිතාගෙන ඉන්නේ..
    ඒ සඳහා අවශ්‍ය භෞතික සම්පත් නැතිකම වගේ ගැටළු ටිකක් විසඳා ගන්න තිබුනා උනත්..

    ReplyDelete
  21. මේ ජීවන කතරේ ඒ . .. . ඒ . .. සැප දුක සමබර වේ කියනවනේ බන් . ..

    ReplyDelete
  22. අපේ ඒරියා එකත් ඕකම තමයි..
    මම කියන්නේ පරණ ලැප් අරගෙන ආයේ මොකක් හරි කැඩුනොත් ලොකු වියදමක් දරන්න වෙනවා මොකද ලැප් වල පාර්ට්ස් ගොඩක් ගනන් නේ...
    පුලුවන්නම් Netbook එකකට යන්න.. 35ක් විතර වෙද්දි ගන්න පුලුවන් වෙයි... ආහ්... අහපු එකට උත්තර දෙන්න බැරි වෙනවා තව පොඩ්ඩෙන්...
    Battery life time
    check weather any sign of disassemble b4.
    Condition (appearance)
    Ram,HDD, other facility (bluetooth)
    තව ඕනනම් මට මේල් එකක් දාන්න..

    ReplyDelete
  23. බොන්නෙ නැති මාරයත් මාරයෙක්ද?

    ReplyDelete
  24. දුකා...

    හිටපු ගමන් බැලන්ස් නැතුව යනවා අප්පා..

    ReplyDelete
  25. Ranga Kausahala weerasinghe...

    තැන්කූ..තැන්කූ..තොරතුරු ටිකට..

    ආ එකම ඒරියල් එකේනම් කොහේදී හරි අම්බ වෙන්නේ නැතෑ නැද්ද මං අහන්නේ..?

    ReplyDelete
  26. රාවණ...

    ඒකත් එහෙම තමයි...

    ReplyDelete
  27. මාරයියා හොඳ වෙලා..
    :D

    ReplyDelete
  28. Ansh Lucky Sri Jay...

    ඇයි දෙයියනේ එහෙම කියන්නේ..කවදද මම නරක් වෙලා හිටියේ...
    අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ...

    ReplyDelete