07 June 2010

බෝතලයක් සහ අන්නාසි ගෙඩියක්...

හම්මේ...හොඳ පණ ගියා..
මෙ ටිකේම වැඩ..
දැන් දවස් දෙකක්ම එක දිගට දහවල් වරුව පමණක් රාජකාරි කලා.
රෑට යන්තම් ගෙදර ඇවිත් නිදා ගන්නවා.
හෙටත් වැඩ හැබැයි පැය විසිහතරෙම ඉදලා තමයි එන්න වෙන්නේ..
ඒ කියන්නේ අනිද්දා උදේ තමයි ආපහු එන්න වෙන්නේ.

පැය විසිහතරක් වැඩ කරලා පැය විසි හතරක් ඔෆ් වෙලා වැඩ කරන ක්‍රමය වඩාත් පහසුයි.
දිනපතාම දහවල් වරුව වැඩ කරන එක එපා වෙන වැඩක්.
දිගටම රෑ වැඩ මුරය උනත් එපා වෙනවා..ඒත් දහවල් තරම් නැහැ.
දවල් නම් ඔනම නැහැ.

අද නාදුනන අංකයකින් දුරකථන ඇමතුමක් ආවා..
මම හිටියේ වැඩ කරන ගමන්..
එතරම් හුරු පුරුදු නැති පිරිමි හඩක්..
මම ඉතින් කොහොමත් කතා කරන පුද්ගලයා මුලින්ම තමන් කවුද කියලා කිවුවෙ නැත්නම් වැඩි වෙලා කතා කරන්න යන්නේ නැහැ.
ඒත් තත්පර ගාණෙන් උත්තරය ලැබුනා..

"මම මෙ තිස්ස කියලා කෙනෙක්.."

හුට්ටප්පරි ජාලං කිවුවළු..
ලොක්කා ඇවිත් නෙව..
ආයේ ඉතින් ගත් කටටම ඇහැවුවෙ එක දෙයයි.
"අරක ගෙනාවද..?"
"බෝතලේ..බෝතලේ.."

"මොනවද මල්ලි කියන්නේ බඩු හෑව්..."

පිස්සු හැදෙයි කිවුවළු කෝ මෙ රවා..
ලෑස්ති වෙයන් ගේමට සෙට් වෙන්න..
ලොකු අයියා මෙරට කමිං..
බඩුම තමා..

ඉතින් ආගිය තොරතුරු ටිකක් කතා කරලා ළගදීම දවසක හමු වීමෙ අරමුණෙන් කතාව අවසන් කලා..
දැන් තියෙන්නේ රවා සෙට් කර ගැනීම..
අපරාදේ කියන්න බැහැ ඊට ටික වෙලාවකට පස්සේ වත් කතා කලා..එයත් හරි..

තිස්ස අක්කේ ලෑස්ති වෙන්න..
ගෙවල් හෝදන්න සිද්ධවෙයි රවා එනවා..
මාත් එනවා..
සොදුරු සිතත් එනවා..

ඔන්න ඔහොමයි අද දවස ගෙවිලා ගියේ..

ඊයේ රෑ වැඩ ඇරිලා ඇවිත් ගමෙ ගියා.
මගේ පරම්පරාවෙ ඉතුරු වෙලා හිටිය වැදගත්ම හා වැඩිහිටිම පුරුක ජීවන ගමන අවසන් කරලා යන්න ගිහින්.

තව කිහිප දෙනෙක්ගෙන් පස්සේ මගේ පරපුරේ අයට වාරේ එනවා.

අම්මා සෙනසුරාදා කතා කරලා කිවුවා..
"පුතේ .............අයියා නැතිවෙලා.."

මම ගමෙ යන්නේ නැති වග අමුතුවෙන් කියන්න ඔන නැහැනේ..
ඒත් ඉතින් මෙකට නොගිහින් ඉන්න මට බැහැ..

මට මුළින්ම පිරිත් පොත කියා දුන්නේ .............අයියායි.
ගිහි පිරිත් කණ්ඩායමක නායකයා වූ ඔහු ප්‍රමාණයෙන් ඉතා කුඩා පුද්ගලයෙක්..
මම හිතන විදියට අඩි හතර හමාරක්වත් උස නැහැ. ඒත් ඔහු ගමෙ සිටි මා ගරු කල පුද්ගලයින් කිහිප දෙනාගෙන් එක් අයෙක්..

මෙ වෙලාවෙ මට මතක් වෙනවා මට වයස අවුරුදු අටක් විතර කාලේ සිද්ධ උන දෙයක්.

ගමෙ කවුරුන් හෝ කෙනෙක් මිය ගිහින් තිබුනා..මට හරියටම මතක නැහැ ඒ කවුද කියලා..
කොහොම නමුත් මාත් තාත්තා පසුපස වැටී ගමෙ කනත්තට ගිහින් තිබුණා..

වෙලාව උදේ වරුවක්..

තාත්තා ගොස් තිබුනේ වල කපන අයට කෑම බීම ගෙන ගොස් දීමටයි.
තවත් කිහිප දෙනෙක්ම මෙ සමග ගිහින් තිබුනා..

ඒ ගිය අය පැරණි මිනී වලවල් පෙන්වමින් යම් යම් පැරණි මතකයන් අවදි කරමින් සිටියදී අප අතර සිටි නෑදෑ කමින් මටත් බාප්පා කෙනෙක් වන අයෙක් කෝටුවකින් යම් තැනක් සනිටුහන් කරමින්
"ඊ ළගට ඉතින් .........අයියා තමයි ඉන්නේ.."
"මෙතන තමයි වල දාන්න වෙන්නේ" කියා පවසන ලද අතර..
එතැනම සිටි .............අයියා එය කිවූ තැනැත්තා දෙස බලා අහිංසකව සිනාසුනා මට අදටත් මතකයි.
අපේ තාත්තා සහ තවත් අයෙක් අර කිවූ කෙනාට බැණ වැදුන මුත් ..............අයියා කිසිවක් කියනවා මට මතක නැත.

කාලය ගත වී යන ලද්දේ පුදුමාකාර අන්දමිනි..

............අයියා හට මිනීවල සනිටුහන් කල තැනැත්තා පවුලේ ප්‍රශ්නයක් නිසා..(ඒ කුමක්දැයි මා දන්නේ නැත) වස බී දිවි තොර කරගත් අතර..අර පෙන්වූ තැනම වල කපා මිහිදන් කරන ලදි..

.......... අයියා..එයින් වසර විසි තුනකට පමණ පසු එළඹි මොහොතක කිසිදු අපහසුවකින් තොරව ගේ පිටුපස සිට පැමිණ ඉස්තෝප්පුවෙ තිබූ පුටුවෙ වාඩිවී කතා කරමින් සිටි අතරම එක් වරම හුස්මක් ඉහලට අදිමින්ම එක් සැනෙන් මිය ගොස් තිබිණි.

එයයි මා හට කිව යුතු වූ කතාව...

......................අයියේ ඔබ කරගත්තා වූ පින් බලයෙන් නිවන් සුවයම අත් වෙවා...!

ඉතින් ඊයේ රෑ මම මළ ගෙදර ගියා..
මා උපැවිදි වූ පසු ගමෙ ප්‍රසිද්ධියේ හැසුරුණු පළවෙනි අවස්ථාව...

බයික් එක මිදුලේ නතර කොට කෙලින්ම මදුල මැද සිටි පිරිස් පසු කරමින් ගේ ඇතුළටම යන්නට මට හැකිවුනි..

නමුත් මද වෙලාවකින් පිටු පස හුන් අය මා හදුනා ගත් බව නැගුණු ශබ්ද වලින් මා හට පැහැදිලි විණි.

කෙසේ නමුත් ගෙට ඇතුළුවනවා හාම..
.............. අයියාගේ බාල දියණිය එක්වරම මා හදුනාගෙන ඉදිරියට පැමිණි අතර ඒ පසු පසම වැඩි මහළු දියණියත් පැමිණි අතර ඔවුනට ආචාර කරමින්ම සාලය මැද හොවා තිබූ දෙනට ආචාර කර ඔවුන් සමග වචන කීපයක් දොඩා එතැනට පැමිණි ඔවුනගේ මවද කිසිවක් විමසූවෙන් එයටද පිළිතුරු දී ඒ වන විටත් බීමත්ව ඉස්තෝප්පුවෙ කිසිවකු සමග තරමක් උස් හඩින් කතා කරමින් සිටි වැඩිමහළු පුත්‍රයා අසල වාඩි වූ අතර..ඒත් සමගම බාලයා වූ පිරිමි දරුවා නොඒසේනම් මගේ සුවච කීකරු ගොලයාද පැමිණි අතර ටික වෙලාවක් මරණය සිදු වූ ආකාරය පිළිබඳව කතා කරමින් සිට නැවත මරණයේ වැඩ අවසන් වන තෙක් නොබී සිටින පොරොන්දුව වැඩිමහළු පුද්ගලයාගෙන් රැගෙන (එය රකීද නැද්ද යන්න මා නොදන්නවා වූ මුත්..මා සිතනා අන්දමට නම් ඔහු පොරොන්දුව රකිනු ඇත) පිටත්ව ඒමට හැරුණු මුත්
"............ මෙහෙ එන්නකෝ"
යනුවෙන් නැගුණු හඩත් සමග පැමිණ සිටි මගේ පැරණි මිතුරන් කිහිප දෙනෙක් සමගද මඳ වෙලාවක් ගත කොට ඔවුනට දැන ගන්නට ඇවසිව තිබූ ගැටළුවලට කෙටියෙන් නමුත් පිළිතුරු සපයා එම ස්ථානයෙන් අසීරුවෙන් බැහැර වී පැමිණි අතර..
එකා පසු පස එකා මා හා දොඩමළු වීමට සූදානම් වූවත් ඉක්මනින් යෑමට අවශ්‍ය බව පවසා ඔවුනගෙන් සමු ගෙන පැමිණි අතර...

එන ගමන්ම මා නිවසටද පැමිණ අම්මා සහ නංගීත් පොඩි එකාත් බලා වහා යන බව පැවසුවෙ කෑම කෑමට රැදී සිටිය නොහැකි බව දන්වමින්ය...

මල්ලී ගෙතුල සිට නංගීට අඩ ගසා යමක් කියනු ඇසිණි..

ඒත් සමගම ඇය පැමිණියේ උරයකට යමක් දමමිනි.
"ආ අයියේ මෙකවත් ගෙනියන්නකෝ.."

"අනේ නංගියේ දැන් නම් ඒවා මෙවා අරගෙන යන්න බැහැ.."

එවිට ඇය හඩ බාල කර
"අරයා දෙන්න කීවෙ..."
"මෙ පාර වගාවෙන් කපපු මුල්ම මුරේ අන්නාසි.."
"හිත නරක් වෙයි.."
"ඒක නේන්නම්.."අම්මාද පවසයි..

"එහෙමද එහෙනම් දෙන්න.."

එයත් රැගත් මා ආපසු පැමිණියෙමි.
එන ගමන් තිහාරියට ගොස් මා නිතර යන එන කඩයෙන් කොත්තුවක්ද ගෙන නිවසට පැමිණියෙමි..
අන්නාසි ගෙඩිය තාමත් ගෙන ආ පරිද්දෙන්ම තිඛෙ..

ජීවිතේ පළවෙනි වතාවට මල්ලී විසින් හරි හම්බ කරපු දෙයකින් මා හට දුන් එයට කුමක් කරන්නදැයි මට තාමත් සිතා ගත නොහැක...

පටන් ගත්තේ කොතනින්ද දැන් ලියා අවසන්ව ඇත්තේ කොතනින්ද..?
ඔන්න මගේ ලිවීමෙ හැටි...
දැන් ඉතින් මාතෘකාවක් දාන්නත් එපැයි..

ආ ඒ අතරෙ මගේ පාඨක පිරිසත් ඔන්න 100ක් වෙලා..
ඒ සියළු දෙනාටමත් ස්තූතියි.

46 comments:

  1. චතුෂ කන්න එපා අන්නාසිය .........

    ReplyDelete
  2. අයිය පහුගිය දවස් දෙක තුනක් වත් නොබී හිටිය මදෑ නේ........

    මල්ලි අයියට දෙන්න කියලනේ දුන්නේ ඉතින් දැන් එයාගේ හිතේ ඔයා ගැන තරහක් නැතුව ඇති......... ඒක නිසා ඔන්න ඕක බලල කන්න......

    ReplyDelete
  3. මම මේ බ්ලොග් එකට අලුත් නිසා ප්‍රශ්න දෙකක් අහන්නද ?
    1. මොකද්ද ඔය රස්සාව
    2. මේ කථා අද ඊයේ උන ඒවද ? පරන ඒවද ?
    (තුන් වැනි ප්‍රශ්නය අහන්නේ නැත)
    අන්නාසි ගෙඩිය කන්නෙ නැතිනම් කාට හරි දෙන්න.

    ReplyDelete
  4. wath...

    මම ඇවිත් එපා කියන දේම කරන එකා බව දන්නේ නැද්ද..?

    ReplyDelete
  5. ඔබ කලක් බුද්ධ පුත්‍රයාණන් කෙනෙක් ව දිවි ගෙවූ නිසා වෛරී චේතනා වෙන් මනුශ්‍ය ආත්මයකට වෙන විනාශය ගැන මට වඩා හොඳින් දන්නවා ඇතැයි සිතමි. එම නිසා වෛරී සිතුවිලි ඉවතලා මෛත්‍රී සිතුවිල්ලෙන් ඔය අන්නාසි ගෙඩිය භුක්ති විඳ ඔබගේ ආත්මයට සැහැල්ලුවක් ලබා දෙන්න.

    ReplyDelete
  6. හා පැටික්කී...

    දෙහිත් එක්ක ටිකක්..
    ලුණු කුඩුත් එකක් තව ටිකක්..
    ගම්මිරිස් හා ලුණු සමග..
    මිරිස් කුඩුයි ලුණුයි එක්ක..ආදී ලෙස දැන් විනාඩි කිහිපයකට කලින් අන්නාසි ගෙඩියම යන්න ඔන තැනට ගියා..

    ReplyDelete
  7. මහසෙන්...

    1.මගේ කලින් පෝස්ට් එකක් ඇති බලන්න..

    http://ctkumara.blogspot.com/2010/03/blog-post_29.html

    2. මෙ දැන් වෙමින් පවතින දේ තමයි...

    ReplyDelete
  8. Dinesh_Silva...

    හරියට තේරුම් අරන් නැති පාටයි..
    වෛරයක් කොයින්ද..? මෙතන..

    ReplyDelete
  9. මම දන්නේ නැහැ ඔයගෙයි මල්ලි ගෙයි තියෙන ප්‍රශ්ණය. ඉතින් මන් හිතුවා මොකක් හරි වෛරී චේතනාවක් හිතෙ දරාගෙන් ඇති කියල ඔයයි මල්ලියි. ඒකයි එහෙම කිව්වෙ මොනවා උනත් අන්නාසි ගෙඩිය කාපු එක හොඳයි. ඒකයි මට කියන්න ඕන උනෙ. මගෙ පියගෙයි එයගෙ එක සහොදරයෙක් අතරත් ඔය වගෙ තරහක් තිබ්බා. අන්තිමට අපේ තාත්ත ගෙ මළ ගෙදරට වත් ඒ බාප්පා ආවේ නැහැ. මිනිස්සු තරහ මරහ මිනී වළලටත් අරගෙන යන්න අවශ්‍ය නැහැ නේ.

    ReplyDelete
  10. Dinesh_Silva...

    අපොයි නැහැ..
    මම මල්ලිගෙන් අහකට වෙලා ඉන්නේ මිනිහාගේ තණ්හාව නිසයි..
    ඒත් අදටත් මම මිනිහත් එක්ක තරහා නැහැ.
    කිවුවට හැදෙන්නේ නැති අයට මම නැවත නැවත කියන්න යන්නේ නැහැ.

    ReplyDelete
  11. මාත් බලන් හිටියේ මොකද මේ දවස් ටිකේ මේ පැත්තේ නිකම්වත් ආවේ නැත්තේ කියලා ? මම හිතුවා අයියට මොකක් හරි අසනීපයක්වත් වෙලා ද කියලා.

    ඔබේ මියගිය සහෝදරයාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා අයියේ.

    ඒ වගේම මම ඔයාට මුහුණු පොතෙන් request එකක් එව්වා. මම හිතනවා ඒ ඔයා වෙන්න ඕනේ කියලා :)

    ReplyDelete
  12. මමත් එහෙමයි. මන් හිතන්නේ අපි දෙන්නම ධනු ලග්නේ නිසා වෙන්න ඇති ඒ. ඕනෙම කෙනෙක් ට මන් කියන්නෙ එක පාරයි. හැබයි මගෙ ඒ theory එක එක්කෙනෙක් ට නම් අදාල නැහැ. වෙන කාටවත් නෙමෙයි මගේ පුතාට.

    ReplyDelete
  13. මට මතකයි ඔයා ඉස්සරම ලියපු ඒවා. පටන් ගන්නේ එකකින් ඉවර කරන්න වෙනම එකකින්. හැබැයි ඉතින් අපි එදත් හරිම ආසාවෙන් කියෙව්වා. දැන් ඉතින් පන්සල් කතා ලියන්න අරගෙන හෙන සාහිත්‍යධරයෙක් වෙලානේ.
    මන් හිතන්නේ තව වැඩිකලක් ඔහොම ගෙදරින් පිට ඉන්න වෙන එකක් නැති වෙයි. මොනව උනත් මල්ලිගෙ හිතෙත් ලොකු දුකක් තියෙන්න ඇති. ඉක්මනට ඔය ප්‍රශ්ණ සේරම විසඳිලා යයි. එතකොට හොර හොරෙන් යන්නෙ නැතුව එලිපිටම ගම පැත්තෙ යන්න බැරියැ.

    ReplyDelete
  14. මොකද්ද ජාතිය... කෑගැස්සෙනවා... කො මට කොල්, මෙල් එකක් වත් නැහැ තිස්ස අයියගෙන්.. නිවනක් නැහැ මෙ ටිකෙ.. එත් ඉතින් කැම බීම ගැන කියද්දි මම පස්ස ගහන්නෙ නැහැ. මගෙ මෙල් එක තිස්ස අයියා ගාව තියනවා.. මට කොහාටද එන්න ඔනා... කියටද එන්න ඔනා.. මොනවද අරන් එන්න ඔනා ... එච්චරයි.. මෙල් එකක් දාන්න.. හැබැයි චතුෂ පුතා එකක් තියනවා.. මට පණිවිඩයක් දෙන්න... අනිවා එනවා..

    ReplyDelete
  15. Hasitha...

    හරි මම මුණු පොත බලන්නම්.

    ReplyDelete
  16. Dinesh_Silva...

    මම ධනු නෙවෙයි...මෙෂ

    ReplyDelete
  17. අනුරාධ ...

    සාහිත්‍යය...?මළා..

    අපේ ජෙ.ආර්. උන්දෑ හිටියනම් අහගන්න තිබ්බා..

    ReplyDelete
  18. රවා...

    පොඩ්ඩක් ඉඳින් කලබල නොවී...
    මම දහතුන් වැනිදා අයියව හම්බ වෙනවා..
    ඒක නෙවෙයි තිස්ස අයියා උඹෙ දු.ක. හොයනවා..මම කිවුවා වත් ගේ ළග ඇති කියලා..
    කොහොම හරි කතා කරපන් මලයා..

    ජාතිය නම් මම දන්නෙත් නැහැ තාම..
    හැබැයි බෝතලේ ප්ලේන් එකේදී අස්ථානගත වූ බවට පොඩි ආරංචියකුත් ලැබුනා..මම ෂලොක් උන්දෑටවත් කියන්නයි හිතාන ඉන්නේ..ඇයි යකෝ ඒක එහෙමත් නැති වෙන්න දෙන්න පුළුවන්ද..?

    ReplyDelete
  19. මාරයට දෙයක් කියන්න ඕන ක්‍රමේ තමයි ඒ. කන්න එපා කීවොත් කනව නේ හිහ්...

    ReplyDelete
  20. කාපන් අන්නසී ...

    ReplyDelete
  21. දවස් දෙකකට පස්සෙ ඇවිල්ල බෝතලේකින් පටන් අරගෙන අන්නාසි ගෙඩියකින් ඉවර කරල තියෙන්නෙ. නියමයි. හැබැයි ඔය සහෝදර ප්රශ්න ගැන නම් මට තේරැමක් නැහැ.

    ReplyDelete
  22. කට්ටියම සෙට් වෙලා වගේ......

    මම එපා කියපුම දේ තිස්ස අයිය විසි නොකර අරන් ඇවිත වගේ...අල්ල ගන්නම්කො එයාවත්

    ReplyDelete
  23. මේ මචෝ තිසා හෙන බෙබා හොඳේ . . . බීල බීලා උඹලගේ ඇඟේම කබරයා දායි පොර ව මීට් වෙන්න යනකොට තව ඇඳුමක් අරන් පලයන් . . හික්ස්
    මගේ ආසම කෑම අන්නාසි . . . උඹ ට වගේ තමයි මටත් එක පාරට ගෙඩියකටම වග කියන්න පුලුවන් . . .

    ReplyDelete
  24. අහ් අර අයියට නිවන් සුව අත්වේවා . . .

    ReplyDelete
  25. මගේ ප්‍රියතම අන්නාසි පොල්ල.. නටුව එක්ක ඉතුරු වෙන්න කෑලී ටික කපල පොල්ල මට දුන්නෙ නැත්නම් පොඩි කාළේ ෆුල් කොක්ක..

    ගමේදි බොන්නෙ නෑ වෙන්ඩෑ... ආයිබොන්ඩ...

    ReplyDelete
  26. දිල් අක්කාගේ ඉල්ලිම පරිදි මෙය මෙසේ මෙහි පල කරමි. මාරයෝ මට කමා කරත්වා.

    ගමේ පිටිසර අඳුරු ලැහැබක
    එකා දෙන්නා ඇවිත් හෙමිහිට
    හොරෙන් වටපිට බලා සැකයෙන
    ගිල දමයි ගිනි වතුර හනිකට
    නගරේ පොහොසත් මැදුරෙ සුවිසල්
    එකතු වී වට මේසේ මිතුරන්
    බොනවා රහමෙර කරපු ලේබල්
    රජය අනුමත කරපු බෝතල්
    බිරිඳ හැදු කටගැස්ම සමඟින්
    කොහොම බිව්වත්
    එක නමම නොවුනත්
    මරුවා එනවා
    නොගොස් වැඩිකල්......

    ReplyDelete
  27. සුරාවෙහි අගයත්..
    එහි ඇති මනා ගුණයත්..
    බොන අය මිස වියත්..
    නොබොන අනුවන දනෝ නොදනිත්..

    බිව්වත් නොබිව්වත් මරුවා එනවා මල්ලි. වාහන ඇක්සිඩන්ට් වලින් මිනිස්සු මැරෙනවා කියලා අපි වාහනවල නොගිහින් ඉන්නෙ නෑ නේද.. :)

    ReplyDelete
  28. ඔය කවිය මම අහලා තියෙන්නේ මේ විදිහට

    සුරාවෙහි අගයත්
    එහි ඇති මනා ගුණයත්
    බොන සුදනෝ දනිත්
    නොබොන අනුවණ දනෝ නොදනිත් :) :) :)

    ReplyDelete
  29. wath...

    හරි හරි ඔයා දිනුම්..

    ReplyDelete
  30. වැප්...

    කෑවෙමි අන්නාසී..

    ReplyDelete
  31. Praසන්ன...

    සමහරු බෝතලෙන් පටන් අරන් ඉවර කරන තැන්වල හැටියට ඔහොම හොඳා..නැද්ද මං අහන්නේ..?

    ReplyDelete
  32. දිල්...

    අපොයි අපේ අයියා...

    ReplyDelete
  33. දුකා...

    තැන්කූ කිවුවා පෙර දැනුම් දීමට..
    රවාත් එහෙමමයි කියලා ඒකම කිවුවා...

    අපොයි දැන්නම් මට බයත් හිතෙනවා...

    ReplyDelete
  34. මාතලන්...

    අපොයි ඉස්සර ඉතින් බොන තරමක් බිවුවෙ ගමෙ තමා..
    ඒත් මළ ගෙදර ගියේ බොන්න නෙවී නෙව..

    අන්නාසි පොල්ල මට නම් එච්චර හරියන දෙයක් නෙවෙයි.

    ReplyDelete
  35. අනුරාධ...

    දිල් අක්කා කියන කියන ඒවා කරන්න යන්න එපා මලේ..
    උන්දෑ දුන්නොත් ලණුවක්..
    කලොත් මගෝඩි වැඩක්..හිහ් හිහ්..

    කොහොම උනත් කමක් නැහැ..

    දිල් කියන්න කලින් මම ඒ පැත්තෙ අවිත් ගිහින් හිටියේ..

    (දිල් ඔහොමම තමයි..)

    ReplyDelete
  36. Buratheno...

    ඇත්ත ඇත්ත..
    මැරෙන එක කවදත් වෙන්න පුළුවන් ඒත් මළාට පස්සේ බොන්න පුළුවන්යෑ..
    තැන්කූ ඈ..
    මගේ පැත්තටත් කවුරු හරි ඉන්න එක ලොකු දෙයක්..

    (@දිල්...ඇහුනදෝ....?)

    ReplyDelete
  37. Hasitha...
    Buratheno...

    සුරාවෙහි අගයත්..
    එහි ඇති මනා ගුණයත්..
    බොන සුදනෝ මිසක්..
    නොබොන අනුවණ දනෝ නොම දත්..

    ReplyDelete
  38. බීම බීම! බීම! අනේ මංදා මේ බීම කොහෙන් කෙළවර වෙයිද? සෙන්චරියට සුබ පැතුම්... ඔන්න මාත් දැන් ඔයාව ලුහුබඳින රුළට එකතු වෙනව

    ReplyDelete
  39. ෆා ද බ්ලොගී...

    බොහෝම සංතෝෂයි නගේ..
    බීම කිවුවහම ඉතින් ඔයත් දැන් ඒ පිළිබඳව යමක් කමක් දන්න කියන කෙනෙක් නෙව..
    හිහ් ..හිහ්...

    ReplyDelete
  40. කො.... කො.... කස්ටිය සෙට් වෙන්නෙ කවදාද කියා ඇගිලි ගැන ගැන ඉන්නෙ...... කො මෙ තිස්ස අයියා... දැන් කොල්ල ටිකක් දඟයි වගෙ.. මා ගාව තිස්ස අයියාගෙ නො එක නැහැ.. එත් මම මෙල් එකක් දැම්මා තිස්ස අයියට... මම සඳුදා හොමාගම යනවා...

    ReplyDelete
  41. අන්නාසි කැවානෙද?....

    ඔබේ සමිපතමයාට නිවන් සුව පතමි....

    ReplyDelete
  42. Sadu uba liyana ewwa godak hodai. Mata Sinhala type karanna beri hinda meka liyanne suddage keyboard eken. Suba pethum!!!

    ReplyDelete
  43. මට පේන්නේ පන්සල් කතන්දරයි, අංක 12 යි අතර මොකක්දෝ අප්සෙට් සම්බන්ධයක් තියෙනව වගේ. තරිඳු නැවැත්තුවෙ 12න්. මාරයත් ලඟ ලඟ ලියාගෙන ඇවිල්ල 12 න් පස්සෙ රෙස්ට් කරනව.

    අවුලක් නැහැ පුලුවන් වෙලාවක ලියහන්,එතකන් අපි blog එකට daily ඇවිල්ල බැන බැන යන්නම්...හික්ස්

    ReplyDelete
  44. කලින් මාසේ පරන ටකරං කන්න දුන්නට නුඹට බොහො පිං
    ඉදා කාපං ලෙලිත් එක්කම අන්නසී කියනවා නොවැ දැං
    තිස්ස අයියගෙ නැ‍ටුං තෙල සැර නිසා වැටිලාවත්ද බං
    මාරයා නැත මාර භවනේ අපායට වැකේෂන් ගොසිං

    ReplyDelete
  45. කොහෙද මේ අමුවෙන් ඉන්නකොට මේ කෙහෙම්මල් "එලිසමයම" පිහිටන්නෙ නෑ නොවැ. කාලක් ක්‍රියා කොලා විතරයි පටස් ගාල පිහි‍ටුනා මෙන්න මෙහෙම.

    තිස්ස අයියගෙ නැ‍ටුං තෙලෙ සැර වැඩිවෙලා වැටිලා වත්ද බං
    මාරයා නැත මාර භවනේ අපායට නෑගම් ගොහිං

    අනේ කොලුවා, තරහා නැතුව ඔයමොනවා හරි ලියාදාපන්

    ReplyDelete
  46. හ්හ්ම්ම්,අර අයියාට නිවන් සුව පතනවා..
    අන්නාසි නම් ගෙඩියක් මොකෝ, දෙකකටම හරි බැරියැ වග කියන්න..
    :D

    ReplyDelete