හොදටම වැඩි වෙලා ඉන්නේ..
වැඩිය දේවල් ලියන්න වෙන්නේ නැහැ.
තිස්ස අයියා මාව හොයාගෙන ආවා..
පුදුම මනුස්ස කමක්..
යෝගිත් ආවා..
වෙලේ කතාව මමකියන්නේ නැහැ.
හරියටම පැය 84ක් රාජකාරි කරලා ඇවිත් අද උදේම බයික් එක සර්විස් කරලා අඩු පාඩු හදා ගත්තා.
ලබන මාසේ මුල් සතියේ මම කතරගම යනවා.
රවා මට සමා වෙයන් මම තනියම වැඩෙ පටන් ගත්තා...
දිල්.. තිස්ස අයියාට බනින්න එපා.
වත්..
රබ්සෙ බනා දී ජෝඩි.
මම ආසාම කරන ෆිල්ම් එකේ සින්දු ටික පසුබිමෙන් ඇහෙනවා.
ටානි..................
ඇයි මට මෙහෙම කලේ.....
කමක් නැහැ මම ඔයාට ආදරෙයි මගේ ජීවිතේ තියෙන කල්ම
තිස්ස අයියේ..
මම උඹට පස්සේ ලියන්නම්.
ඔන්න මම වෙලේ කතාව ලිවුවෙ නැහැ.
හෙට ආයෙත් මම වැඩ.
අනිද්දානිවාඩු.
ඊට පස්සේ එක දිගට දවස් 10ක් මම අඛණ්ඩව වැඩ කරන්ඩ ඔන.
අපේ ගුණසේකර අයියාගේ දුව බඳිනවා...
ඒ හින්දා මට ගුණසේකර අයියාගේ ෂිෆ්ට් එකත් අදින්න වෙනවා.
ඒකට හිලවු වෙන්න මම ලබන මාසේ 3,4,5,6.7නිවාඩු....
මම කතරගම යනවා...
දැන් ඇති මට මීට වඩා ලියන්න බැහැ.
මම අනිවා පන්සල් කතා ලියනවා.
කවුරුවත් කලබල වෙන්න එපා.මම ලියනවා.ලියනවා කිවුවොත් ලියනවාමයි.
තිස්ස අයියේ භාණ්ඩෙ එළට වැඩ...
දැන් මට හොදටම වැදිලා ඉන්නේ.
අකුරු මක මකා හරි අමාරුවෙන් මෙ ටිකත් ලිවුවෙ.
මම දන්නේ එක දෙයයි..
මම ටානිට ආදරෙයි.
මගේ පණටත් වඩා ආදරෙයි.
එයා වෙන කෙනෙක් බැන්දා තමයි ...ඒත් මම ආදරෙයි.
මට වෙන කිසිම කෙනෙක් එපා.
ටානි මම ඔයා හින්දා මැරෙනවා.
මම දන්නේ එච්චරයි.
මම ඔයාට ආදරෙයි.
අපොයි අයියාට හොඳටම වැඩි වෙලා වගේ....
ReplyDeleteඅපොයි, මොකෝ මේ???
ReplyDeleteකාලෙකින් ආවා මේ පැත්තට ඔලුව දාන්න කියලා, මදැයි..
අප්පට සිරි ඔය වැදිලා තියෙන්නේ මාරයාට පවනෙම්ම........
ReplyDeleteසැප කනේ කන කලිසමේ වාටියේවගේ.....
අන්නාසි තියන්වා දදන්නේ නැහැ තව ඉතුරු වෙලා.....
දැන් කැවනම් හොදා........
සුර් හිදේවා....
ගර්.... ගර්.... ගර්... තිස්ස අයියා.....මාරයා... තරහම තරහයි.... කටුනායක පැත්තෙන්නෙ ආපහු යන්න එන්න ඔනා......... ගර්... ගර්... තිස්ස අයියා, අහිංසකයින්ට පොවලා..... යන්න කලින් මට කාලක්වත් පෙව්වෙ නැත්තන්.. තරහම තරහයි.. හික්ස්...
ReplyDeleteනියමෙට තියන්න ඇති. තුන්දෙනා වෙලෙ මඩ කාකා ඉන්න ඇති.. හා.. හා...
ඔන්න කෙල්ලව අමතක කරලා දාපන් බන්. මම කෙල්ලෙක් උනා නම් මම දන්නවා උඹව ඔය කෙල්ලගෙන් ගලවලා වෙන පැත්තකට තල්ලු කරන ක්‍රමෙ., වැඩෙ කියන්නෙ මම කොල්ලෙක් නෙ. උඹ හරි හිතුවක් කාරයිනෙ... කබරයා (වමනෙ) දැම්මද....? අනාතද.. ? කොහොමද ෆන් එකෙ තත්වෙ.. කකුල් හිරි වැටිලද...? මට ගත්තු ෆන් එකෙ රේටින්ග් එක වත් එවපල්ලකො...?
එළස්.. මට නිකං මැවිලා පේනවා ලොක්කා වැනි වැනි ටයිප් කරනවා..
ReplyDeleteඋපුටා ගැනීම...කතන්දරකාරයා ...
ReplyDelete"තවත් ලව් ලෙටර් එකක තවත් කතාවක්"
හදවත ඇතත් රත්තරනින් හදාලා
කොයි කෙල්ලත් එකයි බල, පෙම පුදලා
මේක නොදත් අපෙ අයියල අඬාලා
නොබැඳම මැරෙති එක කෙල්ලම පතාලා
උඹ බීල බීල ඔය අක්මාව පිත්තාශෙ උන දාට තේරෙයි. මෝඩයෙක් වෙන්න එපා ගොන් හරකො. අර මෝඩ තිස්සය කරල තීන බූරු වැඩේ නිසානෙ මේ අහිංසක පොල් බූරුවට මෙහෙම උනේ.. පුහ් මුං යාලුවොද? තොපි ඔක්කොම එකට රදාවාන හනිදියෙ තියල මැටි ගහන්න ඕන ඔය ගොන් ගති යනකල්. මෙතන මේ පොඩි උං යන එනව, නැත්තං මං දනී කියන දේ..
( හෝව් හෝව් මට බනින්න ඉස්සර මගේ බ්ලොග් එකේ දාල තීන කතාව කියවල හිටහන් පොඩ්ඩක්)
හික්ස්...
ReplyDeleteපටන් ගත්ත ගමන්ම මට තේරුනා ආදනම් ලියන්නේ වැඩිවෙලා තමා කියලා. මොකද අද ලියලා තියෙන්නේ මෙලෝ රහක් නැති කතාවක්නෙ...
කොහොම හරි තිස්ස අයියා එහෙනම් " අරකත් " අරන් ආවා නේද ? මට නම් පේන්නේ වැදිලා තියෙන්නේ " බොක්කටමයි " ...අයියෝ...මටත් අමතක වෙන හැටි...ඔය බිව්වා කියන ඒවා ඉතින් බොක්කට යන්නේ නැතුව වෙන කොහෙට යන්නද ? ( මටත් වෙවිද මන්දා :D )
හැදෙන්නෙ නෑ මේ ගොල්ලො...හදන්නත් බෑ වගේ...
ආදරේ....හ්ම්ම්ම්ම් ඔව් මාරයියේ ආදරේ කියන්නේ ඔය දුක තමා..හරි ගියොත් සතුට...නැති උනොත් දුක...
අපි උඹලට තියෙන්නේ අමුතු හිත්.ඒවා ලේසියෙන් වෙනස්වෙන්නෙත් නෑ..වෙනස් කරන්නත් බෑ...මේ දුක ඒ නිසානෙ...
ශක්තිමත් වෙයං මාරයියේ.......
:x :x :x :x :x :x
ReplyDeleteමේවට තමයි කියන්නේ
ReplyDeleteඋපන්නාට මේ ලොව වැනෙනවා විනා........
අනේ මන්ද ඉතින්... මැරෙනව සැපයි මාරයා ...
තිස්ස අයියා මාරයගේ ... අවසන් කැමැත්තද දන්නෙ නැහැ ඉටු කළේ
මේකද මේ ?
ReplyDeleteවැනි වැනී හරි ඉන්න එකම මදෑ. ඔව්වා ඔහොම තමා. සමහර වෙලාවට අපි වැටෙනවා තමා - පලමුව මානසිකව, ඊලගට බීලා වැඩිවෙලා. ඕක ලෝක ස්වභාවය. හැබැයි වැදගත්ම දේ අයෙ නැගිටින එක, මේන්න මේ වගේ
ReplyDeletehttp://www.youtube.com/watch?v=wOlTdkYXuzE
ඒක හොදයි, ගන්න පොඩි විවෙකයක්, ඔලුව සුද්ධ කරගන්න. ඊට පස්සෙ ලියන්න බැරියෑ.
පෝස්ට් එකක්ම නොලිව්වට කාරි නෑ. ඔය ඉදලා හිටලා "මං තාම කතරගම - අතරමග" කියලා පොස්ට් කෑල්ලක් දැම්මොත් ඇති.
තිස්ස අයියා ගෙනාපුවා බීලා වෙන්න ඇති.:P
ReplyDeleteතිස්ස අයිය ලංකාවට සැපත් උනත් හරි..යෝගියත් නැහැ තිස්ස අයියත් නැහැ ජංජාලේ.
ඇවිදිනවා වෙන්න ඇති රට වටේම:D
O.o
ReplyDeleteහෆොයි මෙන්න මාරයියට මූඩියක් පෑගිලා.....මුඩියක් පෑගිලා මෙහෙම නම් බෝතලයක් පෑගුනොත් එහෙම...
ReplyDeleteඅයියෝ මොකද්ද මේ වෙලා තියෙන්නෙ.
ReplyDeleteඉන්දික උපශාන්ත අයියට...
ReplyDeleteසුරාවෙහි රසයත්
එහි ඇති මනා ගුණයත්
බොන සුදනො මිසක්
නොබොන අනුවණ දනෝ නොදනිත්....
කතා කරලා වැඩක් නැහැ.. ඉන්දික අයියා මැද්දෙන් පැනලා තිස්ස අයියට එව්වා මෙව්වා කියන්න එන්න එපා හරි ද... මාරයටයි, මටයි ඔය බොතලය ගෙනාවෙ.. මාරයා තනියම බිව්වත් කමක් නැහැ මට නොදි.... හැබැයි එ බොතලෙ ගෙනත් දුන්න උත්තමයට නම් වචනයක් වත් කියන්නැහැ හරි...
ඔව්වා බොන්න තමයි තියන්නෙ. කඩවල් වල ඔය විකුනන්න තියන්නෙ යස අගෙට. ටිවි වල කොටු දැම්මට බාර් එක ඉස්සරා එක හුස්මට කාල ගහන උන් ඉන්න රටක්නෙ මෙ.. අපිට සල්ලි තියනවා නම් අපි පෙට්ටි අරක්කු ගෙනල්ලා බොනවා නැත්තම් ඉතින් උරෙ තමයි. ඉතින් අපි ටිකක් බිව්ව හම මොකද වෙන්නෙ.. ඉන්දික අයියව අදනෙ මාරයගෙ බ්ලොග් එකෙ දැක්කෙ.
දිල් අක්කට..
මෙ මෙයා මාරයට කිව්වට හැදෙන්නෙත් නැහැ, හදන්නත් බැහැ කියලා.. මෙයා හැදෙන්නෙත් නැහැ මම එක හොදට දන්නවා.. අනික මාරයට ශක්තිමත් වෙන්න දෙයක් නැහැ. තිස්ස අයියා රට පෙට්ටි අරක්කු බොතලයක් ගෙන්න ඇති. එක බානු අයියයි, මාරයයි. දෙන්නා බෙදන් බොන්න ඇති, තිස්ස අයියා වාහනෙ ඩ්රිව් කරන්න ඔනා හින්දා නොබී ඉන්න ඇති, ඉතින් බාගයක් රට අරක්කු බොතල් බාගයක් බිලා ඇවිල්ලා, වැනි වැනි කීබොර්ඩ් එකට කොටන්න පුළුවන් නම් තව ශක්තිය මොකටද... ?
අප්පද බොල... මේ මොකෑ මේ.
ReplyDeleteකතරගම ගියොත් අපිට දොදොල් අරන් එන්න හොඳේ.
කතරගම යන්නේ ... අපේ ගෙවල් පහු කරන් නෙව.. දෙන්නම් බැටේ....
ReplyDeleteබීල බීල අර මොකටෙයි කතරගම යන්නේ...
ReplyDeleteඅපෝයි මං ඉවරයි...
ReplyDeleteනාලා නෙද නියමෙට..මට තුවායක් දියෝ...
ප්‍රතිපත්තියක් හැටියට ලියපු දෙයක් මකන්නේ නැති නිසා මිස.. මෙක තියන්න වටින එකක් නම් නෙවෙයි.
ඒත් ඉතින් මක්කා කොරන්නද.. වෙරි පිට හරි මම කරපුවා මමම බාර ගන්න එපැයි.
මොකද්ද තිස්ස අයියා ගෙනාවේ? කලු මල්ලියෙක් ද ?(Black Label) ඒක නම් සිරාම සිරා පානය. මම නම් ආසම ඒක (වෙන කවුරු හරි අරන් දෙනවානම්)
ReplyDeleteGrants
ReplyDeletescotch whisky
පිස්සු හැදෙයි කිවුවළු..නේද..?
නිකං ඔඩිකොළොං ගහනවා වගේ..සැර විතරක් 43% ක්
ගල් පොල් ගහපු අපිට...විස්කි..
මත් ලෝලියකුට බෝතලයක් ගෙන ගොස් දීමෙන් තමන් මාර උදව්වක් කළාය කියා සමහරුන් ත්රිලක් ගන්නා බව පෙනේ.
ReplyDeleteඅපාය-සහාය මිත්රයින් ගැන මාරයා මට වඩා හොඳින් දන්නවා ඇතැයි සිතමි.
හෙහ්, අදනම් හොඳට වැදිල තියෙන පාටයි. කොච්චර වැඩි උනත් පන්සල් කතාව මතක් වෙච්ච එක හොඳයි.
ReplyDeleteකතරගම යන්නෙ රත්නපුර පැත්තෙන්ද?
මටත් ඔය වගේ කාලයක් තිබුනා. කෙල්ලෙක් මත්තෙම නැහුන. උඹ වගේ නෙවෙයි, මමනම් ක්ලබ් ගියා හැම සතිඅන්තෙම ගිහිල්ලා බිව්වා නැති වෙන්න. සමහර දාට MGM එක ළග පාරේ තමා එලිවෙනකල් වැටිලා හිටියේ. කෙල්ලොන්ට කරන්න පුලුවන් ජරාම වැඩ කළා ගෑණු ජාතියෙන්ම පලි ගන්න වගේ. හැම සතිඅන්තයකම මේ වැඩේ මම කළෘ. අන්තිමට මට තේරුණා මම පලිගන්නේ මගෙන්ම නේද කියලා.
ReplyDeleteMr. Kuma Iddamallena තමයි මට දවසක් වැඩිවෙලා ඉන්නකොට කියලා දුන්නේ ඒ කෙල්ලට දැනෙන්න කරන්න තියෙන හොදම දේ කෙල්ල මා ගැන හිතනවට වඩා හොදින් ඉන්න එක කියලා
ඒ කෙල්ල කවදාහරි කිව්වොත් මාව බැන්ද නැති එක හොදයි, බලන්න හැටි කිසිම වැදගැම්මකට නෑ කියලා මම පැරදිලා. කුමා සර්ගේ උපදේශය අරගෙන මම හැදුනා. හොදට ඉගෙනගත්තා, ජොබ් කීපයක්ම කළා, ඒ අතරේ බිව්වා, දුකට නෙමේ ෆන් එකට, අන්තිමට අවුරුදු 9 ක දී දැන් මම එයා හිතන්නෙවත් නැති තැනක, හොද Allion වාහනයක්, ගෙයක් මට කම්පැනි එකෙන්ම අරන් දීලා තියෙනවා. වියදම් කරන්න වැඩියෙනුත් සල්ලි තියෙනාවා. බැදලා ිපිට දැන් ළමයෙකුත් ලැබෙන්න ළගයි.
එයා මේ ළගදි ලංකාව ට ආපු වෙලාවක මාව හම්බවෙලා, ඇඩුවා, මාව තෝරගත්තේ නැති එක ගැන දුක්වෙලා. මම මේ පම්පෝරි ගහනවා නෙවෙයි, ඒත් ජීවිතේ කියන්නේ මේකට. ලැබෙනවා නැතිවෙනාවා ආයෙත් ලැබෙනවා. අපි මේකට පුරුදුවෙන්න ඕන.
ජීවිතේ යනු විදීමට ඇති දෙයක් මිස විදවීමට නොවේ
මාරයාට ආදරයෙනි.
ReplyDeleteඅද සිට Grants හැර අන් කිසිවක් නොබොන්නට සිතා ගන්න.
මෙමගින් ඔබට බීම පාලනය කර ගැනීමට ඉඩ ලැබෙනු ඇත.
මාත් දැන් කළු පාට ඒවා හැර අන් කිසිවක් නොබොමි.
ටානි ගැන ඔබේ සිතුවිල්ල ගැණ නං මට කියන්න තියෙන්නේ මං රී කන්ඩිෂන් කළ කවියේ ඔරිජිනල් එක පමණි!!!
අම්මප මම හිතුවෙ ලොක්කා කජ්ජ ගහලා කියලා සද්දයක් නැතිකොට, හ්ම්, ඕක නම් මරු පානේ තමා, දෙකක් නැව්වම පොළව හා දෙපා අතර ඇති අභිලම්බ ප්‍රතික්‍රියාව බින්දුවට ආසන්න වෙනවා..
ReplyDeleteකතන්දරගේ කතාවට සම්පූර්ණයෙන්ම එකඟ වෙමි!
ජය..
රවා මලේ,
ReplyDeleteමං කියපු දේට රවා බලන්න කලින් අර මගේ බ්ලොග් එකේ දාපු පෝස්ට් එක කියවන්නෙයි කියල ඉල්ලල හිටියට ඒක කියවල නැති හැඩයි, නැත්තං තේරුං ගත්තෙ නැති හැඩයි. හැම සසෙනසුරාදටම බෝතල් දෙක තුන්දෙනත් එක්ක එලිවෙනකල් බීල මුලු ඉරිදම නන්නත්තාර වෙලා හිටපු කාලයක් ලංකාවෙ ඉන්නකොටත්, විස්කි වලින් පටන් අරන් අන්තිමේ තීන හැම මඟුලම බීල වයින් වීදුරුවක් එක්ක මොකක් හරි කෑමක් ගිලල දාල බ්‍රහස්පතින්දයි සිකුරාදයි දෙකම ඉවරකරගතිපු කාලයක් පිටරට ආවමයි, මටත් තිබ්බ. ඒ වගේම හෙට අරක්කු තහනං වෙයි කියල බෝතලෙ ඉවරවෙනකල් නැඟිටින්නැති කාලෙකුත් තිබුන. ඒ ඔක්කොම කරල, අන්තිමෙ නිකමට වගේ හාමිනේගෙ පෙරැත්තෙට ඇඟ පරීක්ශාවක් කොරගත්තම ඔය ආපු ගියපු වෙලාවක, ඒකෙ තිබුන Liver transaminases & cholesterol elevated කියන එක දැකල දොස්තර මහත්තය කරපු දේශනාවයි මාස තුනක් බොන්න දීපු පෙති කන්දයි හින්ද කොහොම හරි මං ඒ උගුලෙන් ගොඩ ආව. එහෙව් මං බොලාට මේ කියන්නෙ පමණ දැන බොන්න කියල මිසක් කඩේ තීන පලියටයි, නිකං ලැබුන හින්දයි උගුඩුවො වගේ අඩිය බලල දවස් ගානක් විඳවල පස්සෙ මුලු ජීවිතේමත් විඳවන්න සිද්ධ නොවෙන්න කියල හිතලයි. උපදෙසක් දීම මගේ යුතුකමක්, පිළිපැදීම හෝ නොපැදීම ත තමන්ගෙ වගකීමක්.
මං තිස්සයට බැන්නෙ ඇයි කියන එක තිස්සම තිරුං අරන් තීනව. පැහැදිලිකරගන්න ඕනිනං මගේ කතාවට තිස්සය දාපු කමෙන්ට් එක බලහංකො.
මම නං මේ ලිපිය දැක්කේ අදයි....
ReplyDeleteමාරයා මොන ගොං හරකෙක්ද කියලා හිතෙනවා මේක දැකපුවහම..
(මමත් ඉස්සර එහෙමයි) ගල් බෝතලේ සැන්ඩි, බයිට් නැතුව එක හුස්මට බීපු කාලයක් තිබුණා ඔය වගේම ______යෙක් හින්දා....
පස්සේ මටම තේරිලා කරපු ගොංකම.. බීම සම්පූර්ණයෙන්ම අත් හැරියා... දැන් අවුරුදු තුනකට වැඩියි......
ඒකේ ප්‍රතිපලයක් විදිහට අද මට හම්බවෙලා ඉන්නවා දේවදූතියක් වගේ හොඳ බිරිඳක්...
මෝඩයෝ... බොනවනං බීපං ආතල් එකට... එහෙම නැතුව දඩාවතේ ගිය වේ____ හින්දා නෙවෙයි....
jeew...
ReplyDeleteහහ් හහ්..
තව ටිකක් බැනපං බං...මම ගොන් තඩියෙක් තමා..ඒත් ඉතින් ඒ මම කැමති විදියනේ.
අවුලක් නැහැ.