17 June 2010

ජීවිතයේ එක් විරාමයක නැවතී...

ඔන්න අද තමයි කාලෙකින් ලියන්න වෙලාවක් හම්බ උනේ..
පහු ගිය දවස්වල නහය ගාවටම එරිලා හිටියේ..

වැඩ කිවුවහම එක දිගට.
අද නම් උදේම ගෙදර ඇවිත් නාලා කරලා පොඩි නින්දක් එහෙම දැම්මා..
මොකද ඉතින් මම හෙට ඉදලා වාර්ථාගත ඩියුටියක් අදින්නයි හිතාගෙන ඉන්නේ..
එක දිගට දවස් නවයක්(09) අඛණ්ඩ රාජකාරී මුරයක් අඳින්නයි වෙලා තියෙන්නේ..

මම දැනට සේවය කරන තැන මම අනිවාර්යයෙන්ම දවසක් ඇර දවසක් වැඩ කරන්නම ඔනනේ..ඊට අමතරව මම අර කලින් වතාවක් සඳහන් කල මට මාරුව ලැබුන තැනත් දවස් කිහිපයක් වැඩ කරන්න වෙනවා..
හේතුව තමයි එතන දවසක් ඇර දවසක් වැඩ කරන මගේම සහෝදර නිලධාරියෙකුගේ දියණිය විවහා වන නිසා ඒ වෙනුවෙන් ඔහුට නිවාඩු ලබා දීමට අවශ්‍ය වීම.

ඉතින් මෙහෙ දවසයි එහෙ දවසයි ආදී වශයෙන් එක දිගට දවස් නවයක් ඇදලා තමයි මට ආපහු එන්න වෙන්නේ..
අපේ ඉතින් නිලධාරීන් අමතරව නැති හින්දා වෙන කරන්න දෙයක් නැහැ.
අනිත් එක මෙ ස්ථාන දෙකේම වැඩ කරන්න ස්ථාන භාර නිලධාරීවරු හතර දෙනෙක් ඔන.
ඉතින් එක්කෙනෙක් හරි නිවාඩු යනකොට තව කෙනෙක් ඒක ආවරණය කරන්නම එපැයි.
මමයි ඔය නිවාඩු යන ගුණසේකර අයියයි විතරයි මෙ ස්ථාන දෙකේම පළපුරුද්ද තියෙන අය විදියට ඉන්නේ.ඒ හින්දා අපි දෙන්නා නිතරම වාගේ ස්ථාන දෙකේ අඩුපාඩුවකදී ඉදිරිපත් වෙලා රාජකාරිය කළයුතුයි.
ඒ ගැන ඒ මදැයි..හෙට ඉදලා දවස් නවයකට පස්සේ හම්බ වෙමු.
...............................................................................................................

පහුගිය දවසක තිස්ස අයියා ආවා මාව බලන්න.
කලින් මම හිතාගෙන හිටියේ ගම්පහ පැත්තට ගිහිල්ලා හරි අයියව හම්බ වෙනවා කියලයි.
ඒත් නොවැලැක්විය හැකි හේතුවක් මත මට නිවාඩු දවසේ වැඩට යන්න උනා මම අර කියපු මාරුව ලැබුන තැනට.
උදේ තිස්ස අයියා කතා කලහම මම කිවුවා වෙච්ච දේ..

අපරාදේ කියන්න බැහැ..
තිස්ස අයියා මම ඉන්න තැනටම හොයාගෙන එන්නම් කිවුවා.
කිවුවා විතරක් නෙවෙයි ආවා නෙව.
තනියමත් නෙවී අපේ යෝගී සහෝදරයත් පංගාර්තු කොරානම ආවා නෙව.

හැබැයි ඉතින් මම රාජකාරි කලේ ආයෝජන කලාපෙ තැනක වෙච්ච හින්දා තිස්ස අයියලව ඇතුළට ගන්න විදියක් තිබුනෙත් නැහැ.
ඒත් වැඩපලේ ඉන්න සාමාන්‍ය සේවකයෙක් උන ජයා අයියාට පින් සිද්ධ වෙන්න යන්තම් තේ එකක් දී ගන්න හම්බ උනා. (ජයා අයියා නිවන් දකින්න ඔන)

ඒත් ඉතින් තිස්ස අයියා මම හිටිය තත්වෙ අවබෝධ වෙලා හිටිය නිසා අවුලක් නැහැයි කියලයි මම හිතන්නේ..

කොහොම හරි ටික වෙලාවක් අපි කතා කර කර හිටියා..හරිම සුන්දර මනුස්ස පරාණයක්..
යෝගීත් එහෙමයි. ලස්සන කොල්ලා..ආ තිස්ස අයියත් එහෙම තමයි.

ඔය හමුවීම අතරතුර තමයි අර අප්‍රසිද්ධ "වෙලේ" කතාව මතු උනෙත්..(අනේ බං තිස්ස අයියේ මගේ කට කහනවා කහනවා වගේ.. කියලා දාන්නමයි හිත..)
කොහොම හරි කතා බස් කරලා ඡායාරූප කිහිපයක් එහෙම අරගෙන තිස්ස අයියා පිටත්ව ගියා කියමුකෝ...

ඊට පස්සේ වෙච්ච වැඩෙ දන්නවද..?

මුලින්ම තිස්ස අයියා එද්දී මම මගට ආවානේ හම්බ වෙන්න.එතන ආයෝජන කලාපේ පධාන දොරටුවක් තියෙනවා.
තුන් දෙනෙක් පමණ වූ ආයෝජන කලාපයට අයත් ආරක්ෂක නිලධාරීන් එතන ඉන්නවා.

තිස්ස අයියා ගියා විතරයි අර අතන හිටපු එක ආරක්ෂක නිලධාරියෙක් මගෙන් අහනවා..

යාළුවා ගියා නේද..? එයා මුස්ලිම් කෙනෙක් නේද කියලා...?

අනේ නැහැ..අයියේ ඒ මොකද එහෙම කිවුවෙ..? කියලා මම ඇහැවුවා..

ඇයි "අස්වලාම් වලෙක්කුම්" කියාගෙන නේද කාර් එකෙන් බැස්සේ..?පෙනුමත් ඒ වගේ නේද..?

කාලා වරෙන්කෝ.. ඇත්ත නේන්නම්..එහෙම කියාගෙන නේන්නම් මෙ යෝධයා ආවෙ..
මට බඩ පැලෙන්න හිනා..ඔන්න තිස්ස අයියේ..උඹ නොදන්න ප/ලි සටහන..

ආ..අමතක උනා ඒ අතරතුරෙ මට තිස්ස අයියාගේ අර කලින් ලිපියේ සඳහන් උන තෑග්ගත් හම්බ උනා.
(රවා කතාවක් හිතින් මවාගෙන හිටියට එහෙම දෙයක් උනේ නැතෝ..)

කොහොම උනත් තිස්සී අනුරාධී දොඩන්ගොඩී අක්කාගෙන් එක ඉල්ලීමක් කිරීමට කැමැත්තෙමි..
අනේ අක්කේ තරහා නැතිව ඔය පුංචි පැටවු දෙන්නාට කයි කතන්දර කියා දෙන ගමන්ම අපේ ලොකු බබාටත් "වෙලක්"කියන්නේ මොකක්ද කියලා පහදලා දුන්නනම් බොහෝම පින්.
උන්නැහේ ඇත්තටම "වෙල්" අඳුරනවා නම් ඉක්මන් කරලා අර පාවිච්චි කරන උපැස් යුවලේ කාච දෙක මාරු කරලා දුන්නානම් තවත් පින්. හිහ් හිහ්..(ඔන්න මම මුකුත් කිවුවෙ නැහැ...හරී...)

ඉතින් දැනට මෙ මදෑ..

පහු ගිය දවස්වල අතෑරුන සියළුම ලිපි කියෙවුවා..
රවා..
දිල්..
වත්...
දුකා...
කතන්දර...
සැහැල්ලූව..
මධූ..
බ්ලොගී..
කසා පබ්බත...
මාතලන්..

ඇතුළුව තවත් බොහෝ ලිපි..
ඒත් ඒවාට කමෙන්ට්ස් දාන්න වෙලාවක් තිබුනේ නැහැ. සමා වෙන්න ඔන.

ඒ අතරින් රවා ලියපු ලිපියක් මගේ විශේෂ අවධානයට ලක් උනා කියලා කියන්නත් ඔන.
උන්නැහෙත් අසනීපෙන් නෙව මම ඔං උන්දැටත් සුව පතලා කයියක් ලියලා දැම්මා වගේ මතකයි.

ලොකුම විපත්තිය තමයි මම මෙ වැඩ අස්සෙත් පන්සල් ජීවිතේ ගැන ලිපියක් ලිවුවා..නමුත් පස්සේ ඒක පෝස්ට කරන්න බලන කොට වැඩෙ දෙල් වෙලා.

මම සාමාන්‍යයෙන් කරන්නේ වර්ඩ් පෑඩ් එකේ ලිපිය ලියලා පසුව යුනිකෝඩ් කන්වර්ටරය මගින් ලිපිය යුනි කෝඩ් වලට හරවලා පෝස්ට් කරන එක..
ඒත් මම ලියපු ලිපිය පසුව යුනිකෝඩ් වලට හරවන්න බලද්දී.. අකුරු ඔක්කෝම කොටු කොටු වෙලා..
මට ඔය විපත කිහිප වතාවක්ම උනා.
ඒත් හුගාක් වෙලා අරගෙන ලියපු දිග ලිපියකට එහෙම උනහම වෙන දේ හිතාගන්න පුළුවන්නේ..
මට ලිවිල්ලත් එපා උනා.

අනිත් ලෙඩෙ තමයි එක පාරක් ලියපු දෙයක් මට ආයෙත් ලියන්න තියෙන අමාරුව..
ඒත් ඉතින් මම ලියපු සටහන මගේ පන්සල් ජීවිතේ ගැන ලිපි මාලාවට නැතුවම බැරි ලිපියක්..
ඒ හින්දා පුළුවන් උනත් බැරි උනත් නැවත ලියන්න වෙනවා..
ඒත් මුල් ලිවීම තරම් ඒක සාර්ථක නොවෙවී කියලා මට හිතෙනවා..
ඒත් බලමුකෝ උත්සහ කරලා..

ආ දැන් මෙ මදෑ හොඳටෝම..
සිහියක් පතක් තිබුනොත් ඊළග ලිපියත් අදම ලියන්න බලමු.
ඔං මම නැවැත්තුවා.

31 comments:

  1. තවත් කාර්යබහුල රාජකාරියක ආරම්භය...
    හරි හරි සාර්ථකව නිමකොරන්නකෝ ඒකත්...
    ඊට පස්සේ නිවාඩුවකුත් තියනවනේ නේ...

    ආ...මාරයියේ...
    සිංහල ලියන්න මම පාවිචිකොරන්නෙ නම් මෙන්න මේක...මටනම් මරේ මරු...

    ReplyDelete
  2. හික්ස්...මේක කිව්වට ඒක දුන්නයෑ...හිහ්...
    මෙන්න මේක...
    http://www.madurax86.com/rsinglish/

    ReplyDelete
  3. අදත් ඔන්න ගොඩ වැදුනා බ්ලොග් එකට..
    මමත් බැලුවේ ඒක තමයි මොකෝ ලගදි පෝස්ට් එකක් නැත්තෙ කියලා.
    ඉක්මනටම පන්සල් කතාවේ ඉතිරිය කියවන්න බලාන ඉන්නවා.

    ReplyDelete
  4. අනේ අර වෙලේ කතාව කියන්ඩෝ

    ReplyDelete
  5. හික් හික්... එහෙනම් සිහිය තියෙන වෙලාවක දාන්නකෝ ඉතුරු ලිපි.
    වාර්තාගත වැඩකිරිල්ල කිසි ගින්නක් නැතිවෙයි කියල හිතනවා.

    ReplyDelete
  6. චමීදේවා...

    ඉස්තුතියි කිවුවා පාවිච්චි කොරලා බලලාම කියන්නම්කෝ රහ ගුණ..

    ReplyDelete
  7. Ansh Lucky Sri Jay...

    අද හවසට එකක් දෙනවා..බලාන ඉන්ටකෝ...

    ReplyDelete
  8. freedom...

    හෆොයි..අරකා මගේ ඔළුව කාවි..

    ReplyDelete
  9. Grey...

    එනවා..එනවා..
    ළග ළගම එනවා...

    ReplyDelete
  10. මාරයා , නියම වැඩක් තියෙනවා.

    අපේ ලොක්කව බ්ලැක්මේල් කලෑකි.
    "අයියේ - වෙලේ කතාව කියන්ඩද ?"

    ReplyDelete
  11. හපොයි දවස් 9 ක්.. මොකක්ද වෙලේ සීන් එක

    ReplyDelete
  12. යෝගී...

    අන්න මලේ වැඩෙ...(මරු යාළුවා නෙව ගමන් එක්ක යන්න..)

    ReplyDelete
  13. පිස්සා පලාමල්ල...

    අන්න යෝගී ඉන්නවා අහලා බැළුවනම්..
    මම නම් ඉතින් කියන්නේ නැහැ නෙව වෙච්ච දේ..

    ReplyDelete
  14. හෆොයි දවස් 9ක්?????? හොල්මන් තනියට ලඟ ඉඳීවා..........

    ReplyDelete
  15. අය්යෙ, ඔය නොකියපු කතාවට බ්ලැක්මේල් කරනවට වඩා ලේසියි නෙ ඉතින් කියපු කතාවට නාවන එක... අය්යව..අනික ඉතින් අය්ය එක්ක ගිහින් තියෙන්නෙ විශ්වාසවන්ත යාලුවෙක් නෙ..

    ආ අනික මට හිතෙන්නෙ ඔයාත් කන්නඩි දෙකක් ගත්ත නම් හොදයි වගෙ, ‍‍‍‍‍‍යෝගියි අය්යවයි ඔයා හොදට දැකල නෑ වගෙ.. නැත් නම් ඉතින් "යෝගීත් එහෙමයි. ලස්සන කොල්ලා..ආ තිස්ස අයියත් එහෙම තමයි." මෙහෙම කියයි යැ...

    ReplyDelete
  16. රුසියාවට වැඩී කියනවනෙ ඊරිසියාව..
    මොනව කොරන්ඩද අර කිව්ව‍ත් වගේ.

    ReplyDelete
  17. හා පැටික්කී...

    ඒ කියන්නේ ඔයා වගේ අයද..?

    ReplyDelete
  18. චේජනා...

    එහෙම කියන්න එපා නගේ..
    ඇත්තටම ලස්සන කොල්ලෝ දෙන්නෙක්..
    ආ ඔන නම් මෙහෙම හිතා ගන්නකෝ..ලස්සන කොල්ලෙකුයි,ලස්සන මාමා කෙනෙකුයි කියලා.
    දැන් අහන්න එපා මාමා කවුද..කොල්ලා කවුද කියලා..

    ReplyDelete
  19. යෝගී...

    නැතුව නැතුව...?
    පිරිසිදු ඉරිසියාව..

    ReplyDelete
  20. කැගැස්සෙනවා මට තිස්ස අයියා කතා කරලා කිව්වා, නමුත් කමක් නැහැ කස්ටියත් එක්ක මම හිතින් වෙලෙ සෙට් වුනා කියලා හිතන් හිටියෙ... වෙලාවක එහෙනම් වෙලක් ලඟ සෙට් වෙමු... තිස්ස අයියා ලඟදි ආපහු යනවා. තාම මම පොඩියි.. එක හින්දා සෙල්ලම් වැඩිය දාන්න බැහැ.. බයික් එකක් ගත්තු දවසකට අනිවා එනවා ඔයාව ඇස්දෙකෙන් බලන්න. හලාවත පැත්තෙ එනවා නම් මට අනිවා කියලා එන්න...

    ReplyDelete
  21. ඔව් ඔව්.....
    හොල්මන් වත් තනියට ලඟ ඉන්නම වටින කෙනා......... වැඩිහිටියෙක් නොවුනනම් දනී මං දෙන උත්තරේ.........

    ReplyDelete
  22. රවා...

    මොකක්ද බං උඹෙ ඔය කෑ ගැස්සිල්ල ඉවර වෙන්නෙම නැද්ද..

    කවුද බං මලේ පොඩි එකා..මළ හත්තිලවුවයි.උඹත් පොඩිද..?කාලා වරෙංකෝ..

    මම එන වෙලාවක ඇවිත් යන්නම්

    ReplyDelete
  23. හා පැටික්කී...

    අපොයි මෙන්න වැඩිහිටියන්ට ගරු සැලකිලි දක්වන හොල්මනක්...
    (ඒකත් හා හොල්මනක්..මම ඔය ඇහුවමයි..)

    ReplyDelete
  24. ඇයි හාවෝ හොල්මන් වෙන්න බැරිද??????

    අනේ ඇත්තට මේ වෙලාවට තමා හිතෙන්නේ මං මොකට මෙච්චර බාල උනාද කියල ශිහ්...............

    ReplyDelete
  25. හා පැටික්කී...

    මොකද නැතුව ඔය යස අගේට වෙලා තියෙන්නේ..ඒකනේ මම මුලිනුත් කිවුවෙ..

    ReplyDelete
  26. හා පැටික්කී...

    අද මොකද මෙයාට මෙ තරම් ඩෝං ගිහිල්ලා...

    ReplyDelete
  27. හ්ම්ම්ම්....... අයියටත් මාව ඒ විදියටම පෙනුන එහෙනම්........

    මට ඩෝං ගියාම ඔහොම නෙමෙයි ඉතින් අම්ම උනත් කියන්න ඕනදේ කියල දානව මූණටම........

    ReplyDelete
  28. හා පැටික්කී...

    සමාවෙන්ට ඔන..
    ඔයා මොකක් නමුත් හේතුවකට කේන්ති පිට ඉන්න අතරෙ විහිළු කලාට.
    කේන්ති යන්න මූලික හේතුව මම නෙවෙයි නේද..?

    ReplyDelete
  29. අනේ අයියේ සමාවක් ඉල්ලන්නේ ඇයි.... අයිය වරදක් කලායැ.......

    මං කිසි කේන්තියක් නැතුව ඉන්නේ අනේ අයියේ..........

    නිකමට පුරුදු පරිදි හිත ටිකක් රිද්දව ගෙන හිටියට කිසිම කේන්තියක් නැහැ හිතේ....... සත්තයි.......

    ReplyDelete
  30. දින නමයක රාජකාරිය නිමාකොට ඉක්මනින් පැමිණේවායි පතමි.

    ReplyDelete
  31. මෙන්න එසැනින් (පරණ) පුවත්:

    මාරයා , මාර වැඩමුරය ( දින නමයක -අඛණ්ධ) අරඹයි. අවිස්වාසදායක පපරාසී (ලිද ලග සංගම) ප්‍රව්ර්තියක් අනුව මාරයාත් දැන් ජංගම කොම්පියුටර් හිමියෙකි ( ලගදීම අපායටත් IT තාක්ෂණය )

    මේ අනුව පාඨක අප, වැඩ මුරය අවසානයේදී පංසල් ලිපි පේලියක් බලාපොරොත්තුව සිටිමු.

    ReplyDelete