27 June 2010

ආවා.. ආවා... ඕන්න ආවා...

දවස් නවයක අති සාර්ථක දීර්ඝ රාජකාරි සමයක් නිම කරමින් ඕන්න අද උදේ ගෙදර ආවා.

යන්තම් අද දවස නිවාඩු.

උදේම ගෙදර ඇවිත් කාලා බීලා පටන් ගත්තා පහු ගිය ටිකේ මට මග ඇරුණු හිතවතුන්ගේ පොස්ට් ටික කියවලා ඉන්න.

ඒ අතරින් අපේ 'දුකා'ගේ වර්ෂ පූර්ණයට මගේ සීතල සුභ පැතුම් (මොනවා කරන්නද මම එනකොට පරක්කු වෙලා වැඩියිනේ.. දැන් උණුසුම ගිහිල්ලා නෙව..) පිරි නමන්නත් මම කැමතියි.

'තිස්ස අයියා'ගේ වසර දහතුනක සොඳුරු සිර දිවියටත් එලෙසින්ම සුභ පතනවා ඕං...ජය වෙවා..!

දුකා සහ තිස්ස අයියා දෙන්නටම කියන්න තියෙන්නේ එක දෙයයි..

"ඔය කොළා වගේ අමාරුවෙන් හරි ඉස්සරහටත් වැඩෙ ඇගෙන යං..."
(බනින්න එපෝ...)

ඔක්කෝම ලිපි ටික කියවගෙන ගියා..
හැබැයි කවුරුවත් තරහා වෙන්න එපා ප්‍රතිචාර දැක්වූවෙ නැහැ කියලා.
මට වෙලාවත් එක්ක පොඩි පුස්නයක් තියෙනවා ඕං..
පස්සේ හරි පුළුපුළුවන් හැටියකට කොටලා දාන්නංකෝ හොඳේ...

දිල්...
දුකා...
තිස්ස අයියා...
වත්...
කතන්දර...
අනුරාධ...
චෙජනා...
සැහැල්ලූව... ඇතුළුව සියළුම දෙනාගේ පෝස්ට් කියවන ලදි.

මගේ ලිපි වලට ප්‍රතිචාර දක්වා තිබූ සියළුම සහෘදයින්ටත් මගේ අවංක ආදර ස්තුතිය...
සියළු දෙනාටම ජය වේවා...!
මටත් ජය වේවා...!(මංමවත් කියාගෙන බලන්ට...)

20 comments:

  1. ඇති යාන්තම් ඇවිත්.....දැන් කතරගම යනවද ?

    ReplyDelete
  2. දිල්...

    ඉතින් කොහොමෙයි...දැකපු කල්..

    යනවා යනවා..
    ලබන මාසේ තුන් වැනිදා ඉඳලා අට වෙනිදා වෙනකල් මම නිවාඩු.
    තුන් වැනිදා සවස් යාමෙට මම ගමන පටන් ගන්නයි හිතාන ඉන්නේ...

    ReplyDelete
  3. ජයවෙවා එහෙනම්.............ඔන් මම් කිවුවා............

    කතරගම ගිහින් පරිස්සමින් එන්න ......මතක ඇතුව කතරගම දෙවියන්ට පොලක් බාරකරලා ගහන්න ..... (ආදරේට උදවු කරන් දෙවියොනේ) එකත් ජයසිරි මන්ගලම්............

    ReplyDelete
  4. අපේ මාරයියාට ජයවේවා... එහෙනම් කතරගමත් ගිහින් එන්නකෝ....

    ReplyDelete
  5. කතරගම යන්න කලියෙන් අලුතින් තව පෝස්ට් එකක් දාන්න අදහසක් නැතෙයි??

    ReplyDelete
  6. ඔන්න මාරයියේ කතරගම ගියාට කමක් නෑ මඟදි ඔය පේන තැබෑරුම් ගානෙ එහෙම නවතින්නෙ නැතුව හොඳද...අපි නොදන්වෑයි ඕව දැක්කම මාරයියට හිතෙන දේවල්...හික්ස්

    ReplyDelete
  7. ආහ්....... මේන ඇවිල්ල....... හැබැයි දවසක් හොරෙන් ඇවිත් ගියා නේ........????? මං දැක්ක......... මං දැක්ක.........

    අපෝ තුන් වෙනිද වෙන්න තව දවස් ගොඩක් තියේ.........
    ඔන්න අර කතරගම දෙයියන්ගෙන් ඉල්ලන්න තියන එව්ව ලිස්ට් එකක් ලියන් යන්න අමතක වෙයි නැත්නම්......... :P :P :P :P

    @ දිල් අක්කි
    නෑ නෑ මාරයියා තැබෑරුමක් දිහා ඇහැක් ඇරල බලන එකක් නෑ......... (වහල බැලුවොත් මිසක්......)

    ReplyDelete
  8. අප්පේ ඇති යංතං ඔය ඇවිත් ඉන්නෙ. කතරගම ගමනත් කරදරයකින් තොරව ගිහිං එන්න කියල ප්රාර්ථනා කරනවා.

    ReplyDelete
  9. දැනගෙන කතරගම යන්න අයියා, දන්නවානේ නොදැන ගියොත් අතරමඟ කියලා :)

    ReplyDelete
  10. හා පැටික්කි (MS)ට/

    වහලා බලලා විතරක් යෑ...දොරත් වහලද කියලා බලන්න යාවි.....හික්ස්

    ReplyDelete
  11. නියමයි අයියේ....මේ ටිකේ ලියමු එහෙනම්

    ReplyDelete
  12. දිල්...
    හා පැටික්කී...

    හා දෙන්නත් එක්ක මට මඩ ගහනවා වගේ නේද..?
    අහු වෙයල්ලකෝ මටත් පොටක්.. දෙන්නම් පලු යන්න..

    ReplyDelete
  13. හසී...

    තැන්කූ..තැන්කූ..

    ReplyDelete
  14. Ansh Lucky Sri Jay...

    දැම්මා..නගෝ..දැන් හරිනේ..

    ReplyDelete
  15. Praසන්ன...
    Hasitha...
    Hasitha ජයසූරිය...
    වැම්පයර් ...

    ************ටැංකියු කිවුවා කස්ටියටම..***************

    ReplyDelete
  16. දවස් දහයක් එක දිගට වැඩ! හිතා ගන්න පුලුවන් ( වැඩ කරපු හැටි නෙමෙයි ඇඟ පතට තීන අමාරුව ). ආයි දිග පෝස්ට් එකක් දැම්මෙ තව සුමානෙකට නෑවිදින් ඉන්නද? කමක් නෑ, පරිස්සමින් ගිහින් කතරගමත් වැඳන් මූදෙ ඉන්න වෙන ලස්සන මාලුවොත් බලල එන්න.

    ReplyDelete
  17. මගේ මුල් ජොබ් එකේ පැය දොලහක් වැඩ දවසට. ඉරිදා විතරයි නිවාඩු. සතියෙන් සතියට දෙන්නා මාරු වෙනවා. ඉඳලා ඉඳලා ඉරිදත් වැඩ නම් පැය 24 ක් අදින්න වෙනවා.

    දවස් නමයක් එක දිගට වැඩ කරන්න පුළුවන් මැද්දේ නිදා ගන්නවා විය යුතුයි!

    ReplyDelete
  18. ඉන්දික උපශාන්ත...

    නොබලා කොහොමෙයි...?

    ReplyDelete
  19. Sinuwara Hasuna...

    නින්දක් නෙවෙයි ඒකට කියන්නේ කුකුළා ගහනවා කියලා.

    ReplyDelete