03 June 2010

පන්සලේ ජීවිතේ...නොදන්න ටකරං...

දැන් කුමක් කරන්නද..?
මෙතුවක් කල් කිසි දින නොකල රාජකාරියක් කරන්නට ආරාධනාවක් ලැබී ඇත..
මා දෙපාරක් කල්පනා කල යුතු විය..
නොදන්නා දෙමළෙට ගොස් චරිගය නහ ගැනීම..?
එය කල නොහැක..
දරුවන්ට ධර්මය කියා දීමට මා කවුද..
කුඩා කල දහම් පාසල් තුනකට පමණ ගොස් තිබුණද ඒ එකකවත් එක දිගට මාසයකට වඩා රැදී සිටියේ නම් එකම එක දහම් පාසලක පමණි..ඒද මාස දෙකක් වැනි කාලයකි.
අනිත් දහම් පාසල් වල දින දෙකකට වඩා නොගිය මා..මෙය කෙසේ කරන්නද..?
ආරාධනා කල අන්දමට එය අතහැර දැමීමද අකරුණාවන්ත කමකි.
එකම සුදුසුකම වූයේ සාමාන්‍ය පෙළට බුද්ධ ධර්මයට ලැබී තිබූ විශිෂ්ඨ සාමාර්තය පමණි.
නමුත් විභාග නිර්දේශය යනු ඉතා සීමිත වපසරියකි..
ඒ තුළ ප්‍රශ්න පත්‍රයකින් ලද සාමාර්ථය මහා දෙයක් නොවන බව මා දැන උන්නෙමි.

නමුත් මෙ අළුත් වැඩෙට අතගසා බැලීමෙ කුමක්දෝ කැමැත්තක්ද සිතේ කොනක රැදී ඇති බවද දැනේ...

ඔන එකක් හාමුදුරුවන්ගෙන් අහලම ඉන්නවා..

නාරද හාමුදුරුවන් රූපවාහිනියට ඇස් අලවා සිටියි.
"හාමුදුරුවනේ අන්න අර ළමයි දෙන්නෙක් ඇවිත් මට උගන්වන්න කතා කරනවා..මොකද කරන්නේ..?"

"පුළුවන්ද..?"
"අනේ මන්දා.."
"ගිහින් බලන්නකෝ.. ඔය පොතේ පාඩමක් කියවලා ප්‍රශ්න දෙකතුනක් දීලා දාන්නකෝ.."
"හා හොඳයි.."

ඇඳ සිටි සරම තද කොට හැඳ කමිසයක් උඩින් දමාගෙන බණ මඩුව දෙසට පිය නැගීමි.

"ආ අයියා එනවා..
එන්න එන්න..."

පන්තිය අට වන ශ්‍රේණීය විය.

මුලින් කියූ පිරිමි ළමුන් දෙදෙනාත්, ගැහැණු ළමුන් දෙදෙනෙකුත් පන්තියේ වාඩි වී සිටිති.
පිරිමි ළමුන්ගෙන් අයෙක් තරමක් උසැති සෙග අයෙකි..
'මධුශංඛ'..
අහින්සක පෙනුමක් ඇති ඒ යටින් මතුව එන දගකාරකමක්ද සහිත ඉතා මලානික ලෙස සිනහා සෙන කොළුවෙකි.
අනිකා තරමක් තරබාරු රත් පැහැ ශරීරයෙන් යුත් මිටි සිරුරකින් හෙබි අයෙකි.
ඒ 'මධුශාන්ත'යි.

කෙල්ලන් දෙදෙනාගෙන් එකියක කලූම කලූය තරමක් පිරුණු ශරීරයකින් යුතු විටින් විට නගන මනමාල බැල්මක්ද සහිත ඇය 'ඩිලානි'ය..
'ධනුෂ්කා'..මගේ සුවච කීකරු ගෝලයින් අතර අදටත් රැදී සිටින්නියකි. සොමාරි ස්වරූපයෙන් යුත් ඇය ඉතා කෙසග සුදුමැලි පැහැයෙන් යුත් පියකරු සිනහාවකට උරුමකම් ඇත්තියකි..

"ඉතින්.. ඔයාලා දැන් පාඩම් කීයක් කරලා තියෙනවද..?"
පිරිස ලහි ලහියේ පාඩම් පොත් පෙරළමින් යමක් සොයනු පෙනේ...
"හත් වෙනි පාඩමත් කලා අට වෙනි එක තියෙන්නේ..
"කවුද මුල ටික කලේ.."

"එක්කෙනෙක් කියලා නැහැ..නාරද හාමුදුරුවොත් එකක් දෙකක් කලා..
විමලා ටීචරුත් කලා.."

"ආ එහෙමද..?"
ළමයි ටික හොදින් පිළිතුරු සපයයි.
සිතට තරමක හයියක් දැනෙනු දැනෙයි.

"ආ හොඳයි.."
"එහෙනම් පෙරළ ගන්නකෝ ඊළග පාඩම.."

මා හට මතක ඇති අන්දමට එය පටාචාරා කතා පුවත විය..
නාරද හිමියන් කියූ අන්දම ක්‍රියාත්මක කලෙමි..

"හොඳයි ළමයි දැන් පාඩම කියව ගන්නකෝ.."
"ඊට පස්සේ එක එක්කෙනා හැමෝටම ඇහෙන්න පාඩම කියවන්න ඔනෑ.."

පිරිස ඇගිල්ලත් ඇසත් එක තැන දුවවමින් කතාව කියවති.

මාද වහ වහා පන්සලේ පැත්තක දමා තිබී පන්තියට යන විට රැගෙන ගිය පොත පෙරළා පාඩම කියවන්නට පටන් ගතිමි..

අවුලක් නැහැ.. පටල ගන්නේ නැතිව ගොඩ දා ගන්න පුළුවන් වෙයි...

"හා හොඳයි කියවලා ඉවරද..?ඔය ළමයාගේ නම මොකක්ද.."
"මධුශාන්ත.."
හා ඔයා මුලින්ම කියවන්නකෝ..

කොල්ලා වැරදි වැරදී කියවාගෙන යයි..
අනික් තිදෙනා මෙකාට වරදින වරදින වචනයක් පාසා සිනා වෙන්නට බලා ගෙන සිටියි..
යමක් වරදාගත් වහාම

"හිකිහිකිස්.."

"ආ හිනා වෙන්න දෙයක් නැහැ..බලමුකෝ අනිත් අයත් කියවනකොට කොහොම හිටීවිද කියලා.."
ළමුන් නිහඩ වෙති..

"ආ.. ඇති දැන් ඔයා...නම මොකක්ද..?"
"ඩිලානි.."
"ආ හොඳයි ඩිලානි කියවන්නකෝ.."

වචන ඉතා පැහැදිලිය..
හොදින් කියවාගෙන යයි..
නමුත් පාඩම විහිළුවක් සේ සලකා හැසිරෙන අන්දමක් කෙල්ලගෙන් දිස් වෙයි..

කෙසේ හෝ හතර දෙනාම ලවා පාඩම කියවීමි..
වාක්‍යයෙන් වාක්‍යය වෙන වෙනම ගෙන මා දන්නා තරමින් පහදා දුනිමි.

අවසන ප්‍රශ්න කිහිපයක් දුන් අතර පාඩමෙ වූ ගාථාවක්ද පාඩම් කරන සේ දන්වා තව විනාඩි දහයකින් පාඩම් ගන්නා බවද දැන්වීමි.

"උභෝ පුත්තා කාල කතා..
.................
මාතා පිතාච භාතාච..
ඒක චිතකස්මිං ඩයිහරේ.."

දෙවන පදය මටද මෙ වන විට අමතකව ගොසිනි.

මද වෙලාවක් ඔවුනට දුන් අතර ඒ අතර තුර කාලයේදී පසෙක තබා තිබූ නාමලේඛණය ගෙන එහි නම් අඩ ගසා පැමිණීම සලකුණු කලෙමි.
'මධුශාන්ත'..
'මධුශංඛ'..
'ඩිලානි'..
'ධනුෂ්කා'... හැර තවත් නම් පහක් විණි.

"ඇයි මෙ අය එන්නේ නැත්තේ..?
හුග දවසකින් එක මාක් වෙලා නැහැනේ"...

"උගන්වන්න කවුරුවත් නැති නිසා එයාලා එන්නේ නැහැ."

"එයාළට එන්න කියන්න මීට පස්සේ මට පුළුවන් හැටියකට උගන්වන්නම්."

"හා දැන් ගාථාව පාඩම් දෙමු බලන්න"..?

ඉදිරිපස පේළියේ වාඩි වී හුන් කෙල්ලන් දෙදෙනා ගෙන් එක් අයකුට කීමි.

කෙල්ලන් දෙදෙනා අතරින් ඩිලානි කිසිදු අපහසුවකින් තොරව පාඩම් දී වාඩි වූයේ ඔවත් වැඩද යැයි මගෙන් අසන්නා වූ බැල්මක්ද නෙතු කොන රඳවා ගනිමිනි..
අන් අයත් වැරදි වැරදී හෝ පාඩම් දුන් අතර මධූශාන්ත ඉතා දුර්වල විය.

"හා හොඳයි ඊ ළග දවසේ එන කොට මෙ වැඩ ටිකත් කර ගෙන එන්න.."
"යාළුවෝ ටිකත් අඩ ගහන් එන්න.."

පළමු පාඩම ගෝලයින්ටත් ගුරාටත් ඉතා වැදගත් විය..

ඉගැන්වීම පිළිබඳව මූලික දැනුමක් ලබනා අතරම..උගන්වන ක්‍රමයේ දුර්වලතාද සෙමින් අවබෝධ වන්නට විය..

තව මෙ පිළිබඳව වෙනත් ක්‍රම යොදා ගත යුතු යැයි සිත පවසන ලදි.

ළමුන් ගිරවුන් කරවනා මෙම ක්‍රමයෙන් දෙපිරිසටම වන අගතිය මනාව පෙනෙන්නට තිබුණත් එය වෙනස් කරනුයේ කෙසේදැයි හරියටම සිතාගත නොහැකි විණි..

සතියක් ගෙවී ගොස් තිබුණි.
ඊ ළග ඉරුදිනට එළඹුණි..
වෙල පහම වැඩ ටික අහවර කර මා සූදානම්ව සිටියෙමි.
එක් ළමයකු වැඩි වී තිබිණි.

එදා ඉගැන්වීමත් වෙනස් විය..
පෙර ක්‍රමයෙන් ආරම්භය ලබා ගත්තද..
පාඩමෙ මැදදී මා කතන්දර කියන්නට පටන් ගතිමි.

මෙ වන විට පන්සලේ තිබූ පොත් කිහිපයෙන් මා හට වටිනාම පොත වී තිබුනේ සද්ධම්මරතනාවලිය වූ අතර උදේ හවස එය දෙතුන් වර කියවා තිබීම නිසා පාඩමට අදාළව කතා කිවීම එතරම් අපහසු වූයේ නැත..
එදින පාඩම වූ වෛරයෙන් වෛරය නොසන්සිදෙන බව කියවෙන නහි වෙරේන වෙරානි ගාථාවට නිමිත්ත වී තිබූ 'කාලි යකිනිය'ගේ කථා වස්තුව විස්තර සහිතව කියන්නට වූ අතර ළමුන් ඉතා ආසාවෙන් අසා සිටින්නට විණි..

කොහොමටත් මගේ කට හඩ ඉතා දැඩිය..
ගැඹුරුය..
පොඩි කාලේ දන්න දන්න හැම කෙනාම කිවුවෙ ඝාණ්ඨාර පූජා කරපු පින කියාය.
මා හට මෙන්ම මගේ මහප්පාගේ දියණිය වන මාගේ ඥාති නැගණියටද මෙ හැකියාව තිබිණි..

කියනු ලබන කතාවට අවදානය යොමු වී තිබීමත්, ළමුන් ආසාවෙන් හා බාධා කිරීමෙන් තොරව අසා සිටීමත් හේතු කරගෙන මගේ ශබ්දය සාමාන්‍ය ගණනට පැමිණ තිබුණි..
මගේ සාමාන්‍ය ගණන යනු සාමාන්‍ය අයෙක් කෑ ගසමින් කතා කරන විටත් වඩා අධික ශබ්ධයකි.

කතාව අවසන් විය..
හාත් පස කිසිදු හැළ හොල්මනක් නැත..
අවට බැලීමි..
අවට පන්ති සියල්ලේම වැඩ නවතා ගුරුවරුන්ද ඇතුළුව සියළු දෙනා කතාව ශ්‍රවණය කර තිබුණි.

අසල පන්තියක දරුවන්ට උගන්වමින් සිටි 'විමලා ටීචර්'ගේ මුවග මඳ සිනහවක් නැගී තිබුණි..

"ආ.. හරි හරි.. දැන් මෙ පැත්තට හැරෙන්න" ඒ 'රේණු අක්කා'ගේ විධානය තම පන්තියේ ළමුන්ටය..

මගේ පන්තියේ සිසුන්ට වැඩෙ අල්ලලා ගොස් තිබුණේ මගේ වදන්වල තිබූ තරමක් අප්සට් කියුම්ද හේතුවෙනි.

"ඉතින් ඒ තරුණයාට.. මුලින් ගෙනල්ලා දුන්න ගෑනු මනුස්සයාට ළමයි නැති හින්දා කොල්ලගේ අම්මා හිතුවා මෙක හරියන මගුලක් නෙවෙයි.. මෙහෙම ගියොත් එහෙම අපේ පරපුරත් ඉවරයි.. මට සැලකුම් ගන්න මුණුබුරෙක් වත් නැතිව යනවා ඒ නිසා තව මගුලක්කරලා දෙන්න ඔන කියලා.."
"හොදට හිටී නේද මධුශාන්තලගේ අම්මලත් ඒ වගේ උනොත්"..
"එපා කියයි"..

මාගේ ඉගැන්වීම මෙබඳු විය..
ළමුන්ගේ අවධානය බිඳුවකින්වත් අඩු නොවෙ..
අද කතා කරලා ඇහැවුවත් ළමයින්ට ඔය කතාවත් එහි ගත යුතු ආදර්ශත් මා එය ඉගැන් වූ අයුරුත් අනිවාර්යයෙන්ම කියන්නට තරම් හැකියාවක් ඇති බව මා දනිමි.

සති දෙක තුනක් ගත වන විට නාම ලේඛණයේ සිටි අයටත් වඩා සිසුන් පිරිසක් පැමිණ තිබිණි. එයට මීට පෙර වසරේදී දහම් පාසල ඇර ගොස් තිබූ දෙදෙනෙකුද ඇතුළ විය..
නව දෙනාගෙන් සමන්විත විය යුතු පන්තිය එකොළොස් දෙනෙකු විය..

ළමුන්ට කතාන්දර සමග පාඩම කියා දෙන නිසා පාඩම් යනු ආසාවෙන් උගත හැකි දෙයක් විණි.
පිළිතුරු ලිවීම සඳහා ප්‍රශ්න ලැබීම ඉතා සීමා සහිත විය.
අප්පමාදෝ අමත පදං ගාථාව කියා දීම සඳහා වූ පාඩම වෙනුවෙන් මා කතා රාශියක් කියා තිබුණි.

'උදේනි රජුගේ උත්පත්ති කතාව' ඇතුළු ජීවිත කතාව...
'වාසුල දත්තා බිසවගේ කතාව..'
'මාගන්ධියාගේ කථාව..'
'සාමාවතී කතා පුවත..'
'ඝොෂක සිටු ගේ කතා වස්තුව..'
'ඛුජ්ජ්ත්තරාවගේ කතාව..'
'සුදත්ත සිටු නොඑසේනම් අනේ පිඩු සිටුතුමා..'
'සුමන මාලාකාරයා..'

කතා රැසක් වෙහෙස නොබලා කියා දුනිමි.

මා කතා කියනා වෙලාවට අන් පන්තිවල අවධානය බිෙඳනා හෙයින් පන්තිය බෝධිය අසල බිමට ගෙන ගියද..
හැකි සෑම විටම අන් සිසුන්ද අපේ පන්තිය අසල ගැවසෙන්නට වූයේ කතා අසන්නටය..

ගුරුවරුන් නොමැති වෙලාවට අන් පන්තියකට ගොස් පාඩමක් කෙටියෙන් කියා දෙන්නට මා හට ලේසි නොවුණේ ඔවුන්ද කුඩා හෝ බණ කතාවක් අසන්නට රිසි වූ හෙයිනි.

මාස පහක පමණ කාලයක් පමණක් උගන්වන්නට සිදු වූයේ ඒ වන විට වසරේ සෑහෙන කොටසක් ගෙවී තිබූ හෙයිනි.

අවසානයේ වසර අවසානයේ බෞද්ධ කටයුතු දෙපාර්තමෙන්තුව සහ තරුණ බෞද්ධ සංගමය මගින් පවත්වනු ලබන විභාගයෙන් පන්තියේ සිසුන් සියළු දෙනාම ඉතා ඉහළින් සමත් වී තිබුණි.

විශේෂත්වය වූයේ ඊට පෙර වසර වල පේල් වූ ළමුන් තිදෙනෙක්ද ඒ අතර සිටීමයි..
ඊටත් වඩා විශේෂත්වය වූයේ එකඳු ළමයකු හටවත් විභාගයේදී ගුරුවරුන්ගේ උදවු ලබා ගැනීමට මා විසින් ඉඩ නොදීමයි.
අන් සියළුම ගුරුවරුන් විභාග දිනවල තම සිසුන්ට අනවශ්‍ය ලෙස අනිසි මාර්ග වලින් උදවු ලබා දීම පුරුද්දකට ගොස් තිබූ කලෙක මෙසේ විභාගයකට ලියද්දී ළමුන්ට බාහිරින් උදවු නොලැබූ එකම වසර වීමයි.

නොදන්නා දෙමළයට ගොස් මාගේ වරිගය නොනසා ගන්නට මට හැකිව තිබිණි...
~ටකරං දිරවා තිබුණි..~

..........................
"ඔබ කියන දේ පිළිබඳව තවත් වරක් සිතන්නේ නම් මැනවි.
ඇයි මෙවා අහලා කලකිරෙන්නේ..
යථාර්ථය තේරුම් ගන්ට ගන්ට මිනිස්සු කලකිරෙන්නේ නැහැ..
යම් සංහිඳියාවකට පත් වෙනවා මිස..
මෙ කතාව මම කවදා හරි කියලා ඉවර වෙන දවසට මට උවමනා මිනිසුන් අමුතුවෙන් මෙ දේවල් ගැන කල්පනා කරලා හැම දෙයක් පිළිබඳවවත් උපේක්ෂාවෙන් බලනවා දකින්නට විනා..කිසිවකුටත් පන්සල් පිළිබඳව හෝ ගිහි සමාජය පිළිබඳව හෝ කලකිරවීම නොවෙ.. "

36 comments:

  1. මම නම් ඔයා මේ කියන කතාවලින් පටාචාරා කතාව විතරයි දන්නේ අනිත් කතා නම් දන්නේ නෑ,,,මාරබොස් මේ උගන්නලා තියන ක්‍රමය අපේ රටට ගැලපෙන හොදම ක්‍රමයක්,,ඒ වගේ ක්‍රම වලින් තමා ඇත්තටම ඉගෙන ගන්න පුලුවන් වෙන්නෙ.කතාව නම් එලකිරි

    ReplyDelete
  2. ItalyDilan...

    දැන් ඉතින් පන්සල් කතා නවත්තලා බණ කතා කිය කිය ඉන්න වෙයිද මන්දා..?

    ReplyDelete
  3. නියම ගුරුවරයෙක් නොවැ.

    හැම විෂයකටම මේ ක්‍රමේ ගැළපෙන්නෙ නැති උනත්, අටවසර වගේ පංතියකට බුද්ධ ධර්මය ගැන අවබෝධයක් ලබාදෙන්න මේක සිරාම සිරා මෙතඩ් එකක් කියලා මට හිතෙනවා.

    ReplyDelete
  4. budhajeewa...

    මම හිතන්නේ බණ කතා නොකිවුවට හැම විෂයක් සම්බන්ධවම කතන්දර වලින් කියලා දෙන්න පුළුවන්..
    නමුත් ගැටළුව තියෙන්නේ හැම විෂය කරුණකටම හේතු පාදක වී ඇති කතාව අප දැන නොසිටීමයි...

    සරලම උදාහරණයක් වශයෙන් අපි ගුරුත්වාකර්ෂණය ගැන කියද්දී..අර නුවුටන් උන්නැහේගේ ඔළුවට පත බෑවෙච්ච ඇපල් ගෙඩියේ කතාව කියනවමනේ..

    අර යුරෙකා යුරෙකා කතාව උනත්...

    මම අහලා තියෙන විදියට පයිතගරස් බාප්පත් එයාගේ හැම සොයා ගැනීමකටම සම්බන්ධ කතාවක් තියෙනවා..

    ඒ විදියට බැළුවම ඔනම උගන්වනු ලබන විෂයකට සම්බන්ධ කතා නැතුව නෙවෙ..
    ඒවා අපි දන්නේ නැති එකයි වැඩෙ..

    හැබැයි ඉතින් කතන්දරත් එක්ක උගන්වද්දී කාලය සම්බන්ධ සෑහෙන ගැටළුවක් මතු වෙනවා.
    ඒත් ඒ හරහා අපි දෙන දේ ළමයාගේ බොක්කටම වදිනවා.හිතේ ඇලවෙනවා..
    ඇලෙවුවොත් ඇලෙවුවාම තමා..

    ReplyDelete
  5. කතාවක් කියලා පාඩමට එන්ටර් වෙන්න තිබ්බනං ළමයින්ගේ අවධානේ රැඳිල තියනවා.

    ඒ වගේම අපි හිතමු පාඩම යම් විද්‍යාත්මක සොයාගැනීමක් මත පදනම් වුනු දෙයක් කියලා, ඉතින් ඒ සොයාගැනීමට හේතු වුනු පරිසරය මොකක්ද කියන එක ළමයින්ට මේ වගේ කතාවක් ඇසුරින් දෙන්න පුලුවන් නම්, සොයාගැනීමේ පසුබිම ගැන යම් අදහසකුත් සමගම පාඩමට එන්න සිසුන්ට පුලුවන්. හැබැයි අර කිව්වත් වගේ දැං යන තරගකාරි රටාව එක්ක ඔහොම උගන්වන්න ගියොත්, ඉගැන්වීමට යන කාලය ඉතාම ඉහළ යයි.

    ReplyDelete
  6. budhajeewa...

    අන්න මල්ලි නියමෙට දීලා තියෙනවා.
    කාලය තමයි ගැටළුව..
    හැබැයි ඒ ක්‍රමයට ඉගෙන ගත්තොත් තමයි නියම චින්තනයක් සහිත බුද්ධිමතුන් බිහි වෙන්නේ...
    ගිරා පෝතකයින් බිහි නොවී..

    ReplyDelete
  7. @මාරයාගේ හෝරාව: ලංකාවට ඕනෑ ගිරවුන් මිස සිතන පතන මිනිසුන් නොවේ. :P

    ReplyDelete
  8. budhajeewa...

    ඒකනං සහතික ඇත්ත..

    ReplyDelete
  9. ඔයාගේ කතාවට මමත් සම්පූර්ණයෙන්ම එකඟයි. මමත් ගාථා ළමයින්ට කියලා කට පාඩම් කරවනවාට වඩා ඒකෙන් කියන අදහස ළමයාට අවබෝධ කරවලා ඒකෙන් එයාගේ ජීවිතයට වැදගත් යමක් දෙන්න තමා උත්සහා කරන්නේ.

    මොකද ලංකාවට දැන් ඉන්න ගිරව් ටික හොඳටම ඇති. කියන්නන් වාලේ කියනවා මිසක් කියන එකේ තේරුමක් දන්නේ නැත්නම් උගතෙක් මිසක් බුද්ධිමතෙක් බිහි කරන්න කවදාවත් බැහැ.

    ඒ වගේ කතාවක් මමත් දවසක් ලිව්වා. කියවලා බලන්නකෝ.

    http://aagiyakatha.blogspot.com/2010/03/blog-post_8720.html

    ඒ වගේම ඡත්ත මානවක ගාථා ගැනත් ලිව්වේ මේ වගේ ගැටළු නිසාම තමයි

    http://aagiyakatha.blogspot.com/2010/05/blog-post_29.html

    http://aagiyakatha.blogspot.com/2010/05/2_30.html

    ReplyDelete
  10. ජීවිතේ පුදුම අවබෝධයක් ඔයාට තියෙනව නෙ..
    නියමයි අය්යෙ....
    (ආහ්.. එදා ANO කමෙන්ට් එකක් දාල නම ලිව්වෙ මට ඒ වෙලාවෙ කම්මෙලි හිතුන නිසා ලොග් වෙන්න... ඒත් මම ඉතින් නම ලිව්ව නෙ.. කමක් නෑ නෙ ඒ හින්දා..:-)

    ReplyDelete
  11. බලාගෙන ගියහම මාර අයියත් හොද ගුරෙක්..නෙද්?......

    අපි දහම් පාසල් යනකොට හිටියේ නැහැනේ මෙවගේ ගුරුවරු....අපි බොහොම අමාරුවෙන් තමා ගොඩ දාගතේ.......


    මාර අයියා වැනි ගුරුවරු බොවෙවා!.......

    ReplyDelete
  12. චේජනා ...

    ඒකයි මෙ හේතුව..
    හරි හරි ඒකට කමක් නැහැ..
    අද ඔය නියම විදියටම ඇවිත් ඉන්නේ..

    ReplyDelete
  13. Hasitha...

    මම ඔයාගේ හැම ලිපියම වගේ කියවලා තියෙනවා..
    ඉතා හොඳ ලිපි පෙළක්..

    ReplyDelete
  14. ඉලංදාරියා...

    මාර ගුරු...

    ReplyDelete
  15. ස්තුතියි මාර ගුරුතුමනි අගය කිරීමට

    ReplyDelete
  16. Hasitha...

    ඇත්තටම කියවලා විතරක් මදි ඒ වගේ ලිපි..
    ඒත් ඔය වගේ තැන් වලදී හුගාක් අය වෙන වෙන දේවල් අරගෙන වාද කර කර ඉන්න පසුබිම වැඩි නිසා පුළුවන් තරම් පටලැවෙන්නේ නැතිව ඉන්න තමයි මම කැමති.
    මොකද පටලැවුනොත් අතර මග දාලා යන්න අකමැති නිසා..
    අර තරිඳු කිවුවා වගේ..

    ReplyDelete
  17. නියම ඉගැන්වීම් ක්රමයක් තමයි. පොතේ පාඩම ගිරව් වගේ කියවගෙන ගියාට කිසිම ළමයෙක් තේරුම් ගන්නෙ නෑ. ඔය විදිහට කරාම ළමයි හොදින් තේරුම් ගන්නවා.

    පිරිමි ළමයි දෙන්නගෙම නම මුලට ‘මධු’ කෑල්ල ආව කොහොමද දන්නෙ නෑ.

    ReplyDelete
  18. Praසන්ன...

    ළමයින්ගේ නම් විතරක් නෙවෙයි මෙ කතාවෙදී හුගාක් චරිත වල නම් මම මාරු කරලා තියෙන්නේ..

    සමහරුන්ගේ නම් වල අග කොටස් භාවිතා කරනවා.
    මෙ ළමයි හතර දෙනාගේම ඔය තියෙන්නේ නම් වල අග කොටස් විතරයි.
    ඒවා ඉතින් බොහෝ වෙලාවට සමාන ගතියක් ගන්නවා..
    හරියට 'කුමාර' කෑල්ල වගේ..
    ලංකාවෙ හුග දෙනෙක් කුමාර වරුනේ..
    මාත් ඇතුළුව..

    ReplyDelete
  19. මේ කොටස කියවද්දී මම අපේ දහම් පාසලේ මගේ පංතියට වෙලා තමයි කියෙව්වෙ. අනික තමයි විභාග වලදී ළමයින්ට බාහිරින් උදව් දෙන එක නවත්තපු එක ඒක හරිම වටිනව. මොකද ළමයෙක්ගෙ සැබෑ දක්ෂතා අදුරගන්න පුළුවන් වෙන්නෙ එතකොටනෙ.

    ReplyDelete
  20. අනේ බන් මගේ ජීවිතේත් පාසැල් දවස්ද දහම් පාසැල් දවස්ද සුන්දරම කියලා කීන්ක් ඇහුවොත් මම නම් පැනලා කියන්නේ දහම් පාසැල් දවස් කියලයි . . ඒකට හේතු මම මගේ බ්ලොග් එකේ මුල් කාලේ පෝස්ට් වල නම් ලියලා තියෙනවා . . . උඹ මෙහෙම කියාගෙන යනකොට ඔන්න ආපහු දහම් පාසැල් ජීවිතේට මනසින් යන්න පටන් ගත්තා මමත් . . .

    ReplyDelete
  21. ඉතිං දුකෝ උඹට දහම්පාසල සුන්දර නොවී තියෙයිද..?? උඹ එහෙ ගිහිල්ලත් කරේ මල් කඩපු එක නොවැ.. :P

    ReplyDelete
  22. අපූරුයි මිත්‍රයා! හදවතට තෙතමනයක් එනවා.

    ReplyDelete
  23. නියමයි .. ගොඩාක් දේවල් මැවිලා පෙනුනා.

    ReplyDelete
  24. isimbuwa...

    ඇත්තෙන්ම විභාගයකදී අනිසි ලෙස උදවු උපකාර කිරීම කියන්නේ ඒ ළමයින්ගේ අනාගත ජීවිතේ කාලකණ්නි කරන්න කරන දෙයක් විතරයි.

    ReplyDelete
  25. දුකා...

    ඔය මම නොකිවුවට පල්ලෙහා දීලා තියෙන්නේ ඇට්ටි හැලිලා බැට්ටි බහින්නම..

    ReplyDelete
  26. Buratheno...

    අනේද කියන්නේ කිවුවළු..හෙහ්..හෙහ්..

    ReplyDelete
  27. කාකා...

    තෙත්වන හදවත් ඇත්තන් බොහෝම අඩුයි අද සමාජයේ..

    ReplyDelete
  28. මහසෙන්...

    ලියන්න ගත්ත මහන්සිය අපතේ ගිහිල්ලා නැහැ එහෙනම්..ස්තූතියි...

    ReplyDelete
  29. අදත් හරි අපූරුවට ලියලා තියෙනවා. ලිවීමේ ස්ටයිල් එක නිසයි මේක වඩාත් රසවත් සහ අලංකාර වෙලා තියෙන්නේ කියලා මට හිතෙනවා.

    ReplyDelete
  30. Ansh Lucky Sri Jay...

    නිශාචර කෙල්ල අද මොකද දවාලේ...

    ReplyDelete
  31. එකදිගමට කියවගෙන යන්න පුලුවන්. කතා දෙක තුනක් එකතු කරලා මම නං කියවන්නෙ. එකින් එක කියවන්න වෙලා නැනති හින්දා. දැං නං හොදම හරිය වගේ පංසලේ නැගීම.

    ReplyDelete
  32. මේ දවස් ටිකේම, තුන් වේලට ටකරං, ඉතුරු කෑල්ලත් ලීවා නං ආයිබෝං....

    ReplyDelete
  33. කෝ අප්පා, අනෙක් කොටස් ටික??
    :(

    ReplyDelete
  34. ඕං කලිං දවසෙ ජුනි වෙනකන් ටික කියෙව්වා.. අද එතැන් සිට...
    මේකට නම් කමෙන්ටුවක් දාන්නම හිතුනා...මාරයියා නියම වැඩකාරයෙක් නොවැ...මාත් හරිම ආසයි කථන්දර අහන්න(ඔය රට්ටු කියන කථන්දර නම් නෙවි ).බණ කථා අහන්න තමා ගොඩක් කැමති..කළින් ගොඩාක් ඒවයි තිඹුණ අඩි ගහපුවා ගැන ලියපුවා නම් මට ඇල්ලුවේ නෑ..ජීවිතේ, ධර්මය ගැන අවබෝධයක් තියෙන මනුස්සයෙක් මෙච්චර බේබද්දෙක් වුනෙ කොහොමද කියලා මට හිතුනෙ..සමහර විට දැන් ජීවිතෙ වෙනස්වෙලා ඇති..මොකද තවම මම ඉන්නෙ අතීතයේ..
    ජයවේවා!!!

    ReplyDelete
  35. මමත් ඔන්න මේ වෙන කල් කියෙව්වා. පොස්ට් ඔක්කොම එල. කියන්න දෙයක් නෑ.

    ReplyDelete