02 July 2010

යුනිකෝඩ් ජංජාලේ...

දවස් දෙකකින් ලියන්න උනේ නැහැ.
යුනිකෝඩ් නැතිව මම නැත්තටම නැති වෙලා ගියා නෙව.

මොනවා කොරන්නදැයි කියලා හිත හිත ඉන්නකොට තමයි මගේ සිංහල ටැමිල් කිට් එකක් තිබුනා නේද කියලා මතක් උනේ.ඒත් මම ඒක වැඩිය පාවිච්චි නොකර හිටියේ ඒක දාගත්තම මල කරදරේ හින්දයි.
පාස්වර්ඩ් එකක් එහෙම දෙන්න ගියහම පුල් කොට උඩ.

ඒත් ඉතින් නොලියා ඉන්න ගියහම ඊට හපන්නේ.

හෙට වැඩට යන්න ඔනේ.අනිද්දා උදේ ගෙදර ඇවිත් පොඩි වැඩකට නිට්ටඹුවට යන්න තියෙනවා.ඊට පස්සේ ගෙදර ඇවිත් පැයක් විතර නිදාගෙන නැගිටලා කොල්ලා කෙළින්ම කතරගම බලා ගමනේ යා...

ගිහින් ඇවිත් තමයි ආයෙත් ලියන්න හිතාන ඉන්නේ.

දැනට යන ගමන් මාර්ගය..

ගෙදර සිට කිරිදිවැල හරහා පූගොඩ
පූගොඩ සිට අළුතින් සාදා ඇති පාලම හරහා කොස්ගමින් හයිලෙවල් පාරට වැටිලා එතැනින් කෙළින්ම රත්නපුරය හරහා පැල්මඩුල්ලේන් දකුණට දාලා ඇඹිළිපිටිය පාරේ උඩ වළව හන්දියෙන් උඩවළව ඩෑම් එක හරහා බෝදාගම හන්දියෙන් තණමල්විල පාරට වැටිලා එතනින් දකුණට දාලා කෙළින්ම ලුණු ගම්වෙහෙර හන්දියට..එතනින් වමට දාලා ලුණුගම්වෙහෙර ඩෑම් එක හරහා කොල්ලා කතරගම...

ඔන්න නොදැන යන ගමනක් කියලා හිතන්න එපා..

හැබැයි තාමත් මම හිතාගෙන ඉන්නේ යන පාර විතරයි..
එන්නේ කොයි පැත්තෙන්ද කියලා නම් තවම තීරණයක් නැහැ.
ඒක ඉතින් දන්නේ දෙයියෝම තමයි.

කතරගමට ගියාට පස්සේ දෙයියන්ගෙන්ම අහගෙන තමයි ආපහු එන්න වෙන්නේ...

18 comments:

  1. දැන් ඉතින් කොල්ලා තනියමෙයි ඔය ගමන යන්න හිතන් ඉන්නේ?

    ReplyDelete
  2. හොඳා හොඳා...පරිස්සමින් ගිහිං එමුකෝ...
    බයිසිකලෙන් වෙන්නැති නෙව යන්නේ... ඒක නිසා සිහි කල්පනාව ඇතුව ගියොතින් තමා හොඳ.

    අර උඩින්ම "මාරයා යනු" කියල දාගෙන තියෙන්නෙ දුර ගමනක් යන නිසා වෙන්නැති මයෙ හිතේ. :D

    ReplyDelete
  3. සුබ ගමන් කියල කියනවා. ඔය පැල්මඩුල්ලෙන් දකුණට දාල එනකොට හම්බවෙන ‘ගොඩකවෙල’ කියන හරියෙදි අපිටත් බැරියැයි මාරය බලාගන්න.

    ReplyDelete
  4. පරිස්සමින් ගිහින් එන්න අයියේ.. සුබ ගමන්!

    ReplyDelete
  5. මාරයිෙය,

    උඩවලව ඩෑම් ඒක ලගම තියන අෙප් ෙගදරටත් ෙගාඩෙවන්න අමතක කරන්න ඒපා.

    ReplyDelete
  6. subha gaman..!!
    (unicode awulak nisa mese type karami)

    ReplyDelete
  7. මචෝ, මාරයා,

    මේ යු.ආර්.එල් එකේ තියෙන්නෙ ඔෆ්ලයින් සින්ග්ලිශ් යුනිකෝඩ් කන්වර්ටර් එකක්ලු. මමනම් තාම ට්‍රයි කලේ නැහැ.

    http://singreesi.vndv.com/index.html

    ReplyDelete
  8. අයිය ගිහින් එන්ඩකො එහෙනම්

    ReplyDelete
  9. පරිස්සමින් ගිහින් වරෙන්.... මාර පානය කරල එහෙම ගමනේ යන්න එප ඉතින් ... :)

    ReplyDelete
  10. සිරාවට තනියෙන්ද යන්නේ???
    කොහොම හරි ඉතින් ගිහින් එන්න..සුබ ගමන්.

    ReplyDelete
  11. සුබ ගමන් අයියේ පරිස්සමින් ගිහින් එන්න තනමල් විල බිසිකලය නතර කරන්න එපා....


    එහරියෙන් යද්දී නහය වහගෙන යන්න......බයිසිකලය අතාරින්න එපා....

    ReplyDelete
  12. මටත් නම් උන ඔය යුනිකොඩ් අවුල,, දැන් නම් ශේප්,,, ,
    සුබ ගමන්,,

    ReplyDelete
  13. සුභ ගමන් අයියා........

    පරිස්සමින් ගිහින් එන්නකෝ එහෙනම්........

    ReplyDelete
  14. ඔබට සුභ ගමන්! එන කොට හම්බන්තොටින් කළු දොදොල් ගේන්න අමතක කරන්න එපා.

    ReplyDelete
  15. හොඳයි මල්ලියේ පරිස්සමින් ගිහින් එන්න...! ආයේ වෙලාවක හම්බ වෙලා ආගිය තැන් රසවිඳිමු... අපි කට්ටිය වෙනුවෙනුත් පඬුරු දමන්න...

    ReplyDelete
  16. ඔන්න අද ගෙදර අාව ගමන් තමයි මෙ ...

    තව ටික චෙලාවකින් වැඩ ටික පිළි චෙළක් කරලා මම පිටත් චෙන්නයි සූදානම..

    සියළු දෙනාටම බුදු සරණයි..!
    දෙවි පිහිටයි..! කිව්වා ඔන්න..

    ReplyDelete