06 July 2010

වැළපෙන සිතින්...

දිනක් නොව දෙකක් නොව
වසරක්ම ගතඋනා..
නුඹ මගෙන් වෙන්ව ගිය
අයුරු මට සිහි උනා..

ළගින් හිඳ පෙම් බැන්ද
දවස් යළි සිහි උනා..
ඒ මතක තුරුළුකර
මම අදත් වැළපුනා..

නිමාවක් නොතබාම
ඔබ වෙන්ව ගිය දිනේ..
සිත දැවී අළුඋනා
හද මගේ ගොළු උනා..

නැවත නොඑනා බවත්
වෙන අයකු සතු බවත්..
දැන දැනම බලා ඉමි
ඒවී යැයි මා සොයන්..

19 comments:

  1. අනේ මාරයෝ ඔන්න ඔය boot කවි පැත්තකින් තියල අර පන්සලේ විස්තරේ continue කරමු.

    ReplyDelete
  2. ජීවිතේ ඔහොමමයි
    සංසාරෙ දුක තමයි
    දුකත් භය සමගින් ම
    නිහඬ සිතුවිළි බිඳියි

    "ප්‍රේම‍තෝ ජායතී ශෝකෝ
    ප්‍රේම‍තෝ ජායතී භයං"

    එයින් මිදෙනා මඟක්
    සොයා ගැනුමද පළක්
    අඬන්නට, තැවෙන්නට,
    ඉන්පසුව නැහ ඉඩක්.

    "ප්‍රේමතො විප්ප මුත්තස්ස
    නත්ථි ශෝකෝ කු‍තෝ භයං"

    ReplyDelete
  3. ආදරය = වේදනව......තව වෙන මොනවද....:(

    ReplyDelete
  4. මේ නිසඳැස කියෙවුවම මට මතක් වුනා මරසිරි පීරිස් මහත්තයා කියන සින්දුවක කොටසක්...

    යලි කවදාවත් හමුනොවෙනා බව
    මදපවනක් හිස අතගා කීවද
    අදහා ගන්නට නොහැකිය කිසිදින
    ඇය යලි නොඑතැටි ගිම්හානෙට පෙර


    බලාපොරඔත්තුව අපිව ජීවත් කරවනව බං... ලස්සනයි කවිය...

    ReplyDelete
  5. Dinesh Silva...

    ඒක කොරන්ටත් හිත නිදහස් වෙන්ට එපාය...

    ReplyDelete
  6. විහග ගීතය...

    සසර බැමි ඇති බැඳී..
    දනිමි මම හොඳ හැටී..
    ඒ නමුත් කරුමෙකී..
    ලෙහා ගන්නට බැරී..

    ReplyDelete
  7. වැම්පයර්...

    මක්කා කියලා කියන්ටද..?
    මක්කා කියලා කොරන්ටද..?

    ReplyDelete
  8. Shadow/හේමලයා...

    ඇත්ත...
    සහතික ඇත්ත...

    ReplyDelete
  9. සෝරෝ...

    ස්තූතියි...
    තවත් ගීතයක් තියෙනවා මම ආසාම. අමරදේව මහත්මයාගේ..

    "වසන්තයේ මල් පොකුරු නෙලා..
    ඔබ මා දෝතට ගෙනෙන තුරා..
    මග බලමින් මා සිටියා..
    සොදුරු වසන්තය ගෙවෙන තුරා..
    සොදුරු වසන්තය ගෙවෙන තුරා.."

    කවදාහරි පණ යන මොහොත වෙනකල්ම බලන් ඉන්නවා ඇර වෙන මොනවා කරන්නද..?

    ReplyDelete
  10. මේ මොකක්ද මේ එකපාරටම උනේ.
    කතරගම ගමනෙයි මේකෙයි සම්බන්ධයක් නෑ නේද?

    ReplyDelete
  11. Praසන්ன...

    අපොයි නැහැ...

    ReplyDelete
  12. හ්හ්හ්හ්හ්හ්හ්හ්හ්ම්ම්ම්ම්ම්.....
    අනේ මන්දා...

    ReplyDelete
  13. එක්කෝ උබේ හිතේ සිතුවිලි ඉ‍ටුවෙන්න
    නැත්නම් අලුත් මල්සර හියක් වෙන්න
    ලව් අනියතයි බුට් නියතයි පිලිගන්න
    කෙල්ලො ඔහොමම්යි ඒබව පිලිගන්න

    අතමිට සරුද නිසරුද කියලා බලලා
    මොන්රුන්ගේ බරට උන්ගේ තරාදියෙන් කිරලා
    පිරිසිදු ආදරය පැත්තක විසිකරලා
    කෙල්ලන් ඔහොමමයි යන්වනේ අපි හැරලා

    ReplyDelete
  14. MAA RA AYIYE.. UBATA 1 YEARS DA.. MAMA THREE YEARS..

    DHENNATAMA 4 YEARS NAASTHIWELAA..... KAMAK NAEHAE MACHO.. EHEMA THAMAYI JIWITHE... EHEMA THAMAYI KIYALAA MEHEMA IDHALAA HARIYANNE NAEHAE.. SINHALA NAEHAE..

    ReplyDelete
  15. Ansh Lucky Sri Jay...

    මොකෝ නගේ මහන්සිය..?

    ReplyDelete
  16. ඉලංදාරියා...

    වරදක් කියන්න බැහැ.. අම්මාගේ තීරණය තමයි පරහා.
    ඇය මවට කීකරුයි. මට ඇගේ මවට එරෙහි වන්නත් බැහැ. අවුල් ජාලයක්.

    ReplyDelete
  17. රවා...

    ඒකත් එහෙමද...

    මම වසර දෙක සමරන දවසට කියන්නම් මලයටත් බැරියා හතර සමරන්න...

    ReplyDelete
  18. thuwaale aluth nam wedhanaawadha waediyi.

    kamak naehae awurudu 6 samaranna podi saadhayakuth dhaamu.

    ReplyDelete