07 July 2010

පන්සලේ ජීවිතේ...හුදකලාවෙ ඇරඹුම...


නාරද හිමියන් වෙන්ව යාමෙන් පසු එළඹියේ වෙනස්ම කාල පරිච්ඡේදයකි. මෙතෙක් කලක් නාරද හිමියන් නිසා පැමිණි හිතවත් හිමිවරුන්ගේ පැමිණීම නැවතිණි. පන්සලේ සිටි ආලවකයාද කොළඹම නැවතී සිටියා මිස තව දුරටත් පන්සලට ඒම නැවතී ගියේ තවදුරටත් ඔහුහට සූරාගෙන කෑමට යමක් මෙහි ඉතිරිව නොතිබූ නිසාය.

චන්දවිමල පොඩිහාමුදුරුවනුත් මාත් ලැඛෙන දෙයක් ඛෙදා හදාගෙන කා පාඩුවෙ ජීවත් උනෙමු.
දානය ලැබීම පෙර දින වලටත් වඩා දුර්වල මට්ටමක පැවතිණි. ආහාර ප්‍රශ්නය අප දෙදෙනා හටම තදින් බල නොපෑවෙ අප දෙදෙනාම මෙම තත්වය බලාපොරොත්තුව සිටි නිසාමය.

තැඹිළි වතුර, බිස්කට්, ආදියෙන් පිරිමසා ගත් වෙල් ගණන අපමණය.පන්සල් වත්තේ තැනින් තැන අකලට වැවී තිබූ මඤ්ඤොක්කා ගස් කිහිපයත්, මෙවන විට මා විසින් වවා තිබූ කොච්චි ගස් හත අටත්, ගසකින් වැටෙන පොල් ගෙඩියත් අපට පිහිට වෙමින් තිබුණි. ඉදිරිය අවිනිශ්චිත විය.

නාරද හිමියන්ගේ අතුරුදන් වීම වැඩි දිනක් සගවා ගත නොහැකි විණි. දයාසේන අයියාත්,රූපරත්න අයියාත් එය ප්‍රථමව දැන ගත්තද එය ගමට යාමට ඊට වඩා දින කීපයක් ප්‍රමාද වීය. නගරයේ පන්සලේ සිටි හිමියන් වෙත එම ආරංචිය රූපරත්න අයියා විසින් කියා තිබිණ. උන්වහන්සේ පැමිණ ඒ පිළිබඳ විමසීමක් කලද ඉන් එහා යමක් සිදු නොකල අතර, පසුගිය කාලය තුළ උන්වහන්සේ විසින් පන්සල් වත්ත පුරා සිය මහන්සියෙන් සිටවා තිබූ කෙසෙල් පඳුරු ගොන්න දෙස බලා සිටින්නට විය.
පන්සල පිටුපස වත්ත අක්කරයකටත් වැඩිය. එහි තිස්ස නැමැති ගිහියකු විසින් අන්නාසි වවා තිබුණි. ඒ අතර මැද පේළි අතර නගරයේ පන්සලේ හිමියන් විසින් කෙසෙල් ගස් රාශියක් වවනු ලැබීය.
අන්නාසි කැපූ විට එයින් පන්සලට හිමි පංගුවත් කෙසෙල් වල ආදායම සම්පූර්ණයෙනුත් එම හිමියන් රැගෙන යන ලද අතර මෙතෙක් වැඩ සිටි නාරද හිමියන්ට ඒවායින් සත පහක මුදලක් හෝ නොලැබිණි.
මෙම තත්වය පිළිබඳව ගම්වාසීන් අතරත් නගරයේ පන්සලේ හිමියන් පිළිබඳ කලකිරීමක් ඉපිද තිබිණි. පන්සලට අයත් අනිකුත් ඉඩකඩම්ද මෙතෙක් බලහත්කාරයෙන් භුක්තිවිඳිමින් සිටි ගිහියන්ට එරෙහිව නීතිමය කටයුතු කරමින් එම හිමියන් විසින් එම ඉඩම්ද තම පාලනයට ගෙන ඒවාහිද වගා කටයුතු කරමින් තිබුණි.
පන්සලට දානය ගෙනා පසු දානය වළදා එම ඉඩම් වලට යන හේ අඳනකඩය පිටින් උදැල්ලක් ගෙන පොළොව කොටන්නට පටන් ගනී. එසේ සවස් වනතුරු පොළොව සමග ඔට්ටුවන උන්වහන්සේ කළුවර වැටෙන්නට පැයක් පමණ තබා නැවත පන්සලට වැඩම කරයි. ඔහු සමග සමහර දිනවල කොළු රැලක්ද පැමිණේ. ඒ දහම් පාසලේ සහ එම පන්සල අවට කොළු පිරිස වෙ.

ගොවිතැන් කටයුතු වලට මහත් උනන්දුවක් දැක්වූ නිසාම අවට පන්සල්වල හිමිවරුන් විහිළුවට මෙන් උන්වහන්සේ දුටු විට අමතන්නේ
"ආ ගොවි මහත්තයා කොහොමද".. යනුවෙනි. ඒ ගිහියන් නොමැති විට පමණි.

කෙසෙල් වගාවත්, අන්නාසි වගාවත් දෙස බලා උන් උන්වහන්සේ නැවත පන්සලට නික්ම යන ලදි.

නාරද හිමියන් පිළිබඳ පුවත දානය රැගෙන ආ කිහිප දෙනාගෙන් ගම තුළට ගොස් තිබිණි. නාරද හිමියන් නැවත නොපැමිණෙන බව මෙවන විට පැහැදිලි වූ නිසා එය සැගවීමට අපටද ඇවැසි වූයේ නැත.

තත්වය මෙසේ තිබියදී දිනක් සවස් වරුවෙ කුමක් හෝ අමුතු සිදුවීමක් සිදු වෙමින් පවතින බව අපහට තේරුම් ගියේ එකා දෙන්නා බැගින් ගම් වැසියන් පන්සල් බිමට ඒක රාශී වනු දැකීම නිසාය.
.................................
"ඔබ කියන දේ පිළිබඳව තවත් වරක් සිතන්නේ නම් මැනවි.
ඇයි මෙවා අහලා කලකිරෙන්නේ..
යථාර්ථය තේරුම් ගන්ට ගන්ට මිනිස්සු කලකිරෙන්නේ නැහැ..
යම් සංහිඳියාවකට පත් වෙනවා මිස..
මෙ කතාව මම කවදා හරි කියලා ඉවර වෙන දවසට මට උවමනා මිනිසුන් අමුතුවෙන් මෙ දේවල් ගැන කල්පනා කරලා හැම දෙයක් පිළිබඳවවත් උපේක්ෂාවෙන් බලනවා දකින්නට විනා..කිසිවකුටත් පන්සල් පිළිබඳව හෝ ගිහි සමාජය පිළිබඳව හෝ කලකිරවීම නොවෙ.. "

23 comments:

  1. අම්මෝ.. ඔන්න කතාව දාලා..
    ඉක්මනටම අනෙක් කොටසත් දාමු. හොඳම හරියට ඇවිත්නෙ නවත්තලා තියෙන්නෙ..
    :(

    ReplyDelete
  2. කියවව්වුවා එකදිගටම.....

    ගම්මුන් ‍රැස්වෙන්නෙනම් හොදකට වෙන්න බැහැ මගේ හිතේ ...අපි බලමුකෝ මොකදවෙන්නේ කියලා.....

    ReplyDelete
  3. ඕකනේ කියන්නේ...කුතුහලේ අවුස්සලා කතාව නතර කරලා...දැන් ඉතින් බලන් හිටපන්කෝ ඉතිරි කැල්ල එනකන් මොනව වෙයිද කියලා හිත හිත.
    ඉක්මනට ලියන්න.

    ReplyDelete
  4. හ්ම්ම්ම්ම්ම්ම් !
    නියමයි.......අයේ ලියන්න පටන් ගත්ත එක. ඔන්න ඉතින් රෑ යාමේ හරි ඇවිත් දිල් එබුනා මාරයියා බලන්න......
    දිගටම ලියන්න අයියේ

    ReplyDelete
  5. මොන වින්නැහියක්ද ඒ පාර වෙන්ට තනන්නෙ.

    ReplyDelete
  6. Ansh Lucky Sri Jay...

    හුගාක් ලියන්න ගියහම සමහර දේවල් මග ඇරෙනවා නගෝ ඒක හින්දා ටික ටික ලියන්න වෙන තැනුත් තියෙනවා.

    ReplyDelete
  7. ඉලංදාරියා...

    ඒක තමා කමිං කලර් නෝ ගුඩ්.

    ReplyDelete
  8. Grey...

    කෑලි කඩනවා නෙවෙ මචෝ..
    ටික ටික ලියනවා.

    ReplyDelete
  9. දිල්...

    තියෙන දාහක් වැඩ රාජකාරි අස්සේම මාවත් බලලා යන්න ආපු එකට ස්තූතියි.
    කොහොමද අර නකමුරාද, නගමුරාද කියන හාදයා..
    බෝඩිං පුස්නේ විසඳගත්තෙත් නැහැනේ තාම නේද..?

    ReplyDelete
  10. අනුරාධ...

    දෙයියෝ තමයි දන්නේ..ආ.. නෑ නෑ මාරයා තමයි දන්නේ...

    ReplyDelete
  11. මචෝ, නියමයි.

    හැබැයි රුපියල් 12 හේ ටිකට් එකක් අරන් රුපියල් 6 දුරින් බැහැල ගියා වගේ . . . . ! අඩුගානේ අන්නාසි ගෙඩියක් කපල මිරිස් කුඩුයි, ලුණු කුඩුයි එක්ක කෑල්ලක් කෑවනං . . . . !

    ReplyDelete
  12. දන්නෙම නැතුව ඔක්කොම කැවුනා!

    ReplyDelete
  13. පටං ගත්ත විදියට මාත් හිතුවෙ මාර දිගට ලියල ඇති කියල. කමක් නෑ...හිමීට ලියහං...ඒත් වැඩේ පබා කොරන්නනං එපා ඔන්න..

    ReplyDelete
  14. ආවා ආවා ඕන්න ආවා, මාරයියා කතාවත් අරගෙන ඕන්න ආවා!

    ReplyDelete
  15. පුදුමෙ කියන්නෙ අදනං කතාව කෙටියෙන් ඉවර කරල තියෙනවා මගින් හරි.

    ReplyDelete
  16. දුමී...

    ගමනාන්තෙට ටිකට් ගත්තනං බස් එක හෝල්ට්වල නැවත්තුව පළියට මොකට බැහැ ගත්තද..? තව ගමන ඉවර නැහැනේ..(දැන් ඉතිං වරකෝ පයිං)

    ReplyDelete
  17. උන්නැහේ...

    පිගානත් එක්කම..?

    ReplyDelete
  18. ඉන්දික උපශාන්ත ...

    පබා කිරිල්ල නරකයෑ..දැන් බලමුකෝ බබා ඉන්න තැන.

    ReplyDelete
  19. වැම්පයර්...

    හැමදාම නැහැ..
    හැමතැනම නැහැ...

    ReplyDelete
  20. Praසන්ன...

    පුදුම වෙන්න දේවළුත් තියෙන්න එපැයි.. නැද්ද මං අහන්නේ..?

    ReplyDelete
  21. @All...

    ආ කාට කාටත් කියන්නේ ඔය පින්තූරෙ තියෙන චෛත්‍යය මතක තියා ගන්න ඔන.

    ReplyDelete
  22. හරි මචං, උන්නත් දාහයි, මලත් දාහයි ඇවිද්ද පය දහස් වටී . . . ඔක්කොම තුන් දාහයි . . . පයින්ම එන්නං මචං. මටත් අන්නාසි කෑල්ලක් ඉතුරු කරපන්.

    ReplyDelete