15 July 2010

පන්සල් ජීවිතේ... ගිණිකෙළිය...

කොළඹ පන්සලේ වැඩ සිටි හිමියන් පැමිණීමත් සමගම ඒක රාශි වූ තිහ හතළිහකින් පමණ යුතු දායක පිරිස යුහුසුළුව උන්වහන්සේ පිළිගැන්මට ලක ලෑස්තී වූහ. මාද ගිලන්පස සදහා තේ කහට පිළියෙළ කර දුනිමි. (කොළඔ හිමියන් අප මෙතැන් පටන් ඥාණාලෝක නමින් හඳුන්වමු.)

ඥාණාලෝක හිමියන් වැඩම කර ස්වල්ප වෙලාවකින් අසල නගරයේ වැඩ හුන් හිමියන් (ගුණරතන හිමියන් ලෙසින් හඳුන්වමු.)ද තුන්රෝද රථයකින් වැඩම කරන ලදින් සියළු දෙනාම එක්ව බණ මඩුවෙ රැස්වීමක් ආරම්භ කිරීමට සැරසිණි. රැස්වීම ආරම්භ වී පැය කාලක් වැනි කාලයක් ගත වන විට ගුණරතන හිමියෝ නැවත ආවාසය තුළට වැඩම කළ අතර ඥාණාලෝක හිමියන් ප්‍රධාන කරගෙන රැස්වීම දිගටම කරගෙන යනු දක්නට ලැබිණි.

ආවාසයට වැඩම කළ ගුණරතන හිමි චන්ද විමල හිමියන්ට හා මා හට කතා කරනු ලැබූයෙන් අප උන්වහන්සේ අසලට ගිය අතර එහිමියන් ඉතාමත් කලකිරීමෙන් යුතුව කථාකරන්නට විය.

"මෙ මිනිස්සුන්ට මුල මතක නැහැ පොඩි හාමුදුරුවෝ..
ලොකුහාමුදුරුවෝ රට පැන්නට පස්සේ මෙ පන්සල විකුණගෙන කන්න බැළුව උන් ටික ඔක්කෝම එකතු වෙලා අර මෝඩයව උඩින් තියාගෙන ආයෙත් පාරක් පන්සල වනසන්න හදන්නේ.
මෙච්චර දවසක් මෙ පැත්තේ ආවෙ ගියේ හරි මම විතරයි.
මටත් ඒ තරම් හයියක් නැති හින්දා මෙවා දියුණු නොකලට මම මෙවා බලාගෙන හරි හිටියා.
මෙ වතු ටික වගා කරගෙන මම ලෑස්ති උනේ කොනක ඉඳලා පටන් අරන් මෙවා හරි ගස්සලා ගන්න.
දැන් මුන් ටික ක්ෂණික නූඩ්ල්ස් වගේ මෙක ගොඩ දාන්න හදනවා.
අන්තිමට තියෙන ටිකත් නැතිවෙලා තමයි නවතින්නේ."

"මට ඔය විකාර අහගෙන ඉන්න බැහැ.ඒ හින්දා මම ආපහු ආවා."

"මෙන්න මෙ ටික මතක තියාගෙන ඔය දෙන්නම වැඩ කරන්න ඔන.
කිසිම හේතුවක් නිසාවත් පන්සල දාලා යන්න එපා.
ඔයාලට තියෙන අඩුපාඩුවක් මට කියන්න.මම පුළුවන් හැටියකට උදවු වෙන්නම්.
දැන් එයාලා හදන්නේ පන්සලට වෙන කොහෙන්ද හාමුදුරු කෙනෙක් ගෙනත් නවත්තන්න.
ඒ එන මිනිහා කවුද කොහොමද කියලා නොදැන මට මෙවා බාර දීලා අහක බලන්න බැහැ.
ඥාණාලොකත් දැන් ඔය උඩ පැනගෙන ආවාට මෙකෙන් ගන්න පුළුවන් ටික අරගෙන පැනලා යනවා.
අන්තිමට මෙ මෝඩ මිනිස්සුන්ට අල්ලපු අත්තයි පය ගහපු අත්තයි දෙකම නැතිව යනවා.
ඒ හින්දා දෙන්නත් එක්ක පන්සල බලාගෙන ඉන්න ඔන.
එන කෙනෙක් ආපුවාවෙ...
එයාට එයාට ඔන විදියක් කරගන්න දීලා ඔය දෙන්නත් පන්සලට වෙලා පාඩුවෙ ඉන්න.ඒකට මම කටයුතු පිළිවෙළ කරලා දෙන්නම්. මෙ වෙලාවෙ මට වෙන කියන්න දෙයක් නැහැ.
මම ආයේ මෙ පැත්තේ එන්නේ නැහැ." යි කියූ උන්වහන්සේ මට කතා කර

"අර පහළ තියෙන කෙසෙල් මම මගේ අත්දෙකෙන් හිටවපුවා. ඒවායේ ආදායම ඔයා ගන්න.
ඔයාට බැරිනම් කියන්න මම දැන්ම ගස්ටික ඔක්කෝම කපලා විසී කරලා යනවා."යි පැවසූ අතර

"අනේ හාමුදුරුවනේ මම ගස් ටික බලාගන්නම්..ඒත් මට සල්ලි එපා. කැමති කෙනෙක් කැමති දෙයක් කරගත්තාවෙයි" කියූ විට

"එහෙනම් කෙසෙල් විකුණලා සල්ලි ටික පොඩි හාමුදුරුවන්ට දෙන්න"යි කියූ අතර මා එයට එකග වීමි.

පැය එක හමාරකින් පමණ පසු රැස්වීම හමාර වූ අතර ඥාණාලෝක හිමියන් ආවාසයට වැඩම කරන ලදි.
මෙතෙක් වෙලා අප කතා බස් කරමින් උන් ආවාසයේ ඇතුළු කාමරයට පැමිණි උන්වහන්සේ සමග දයාසේන අයියාත්, රූපරතන අයියාත් ආවාසයට පැමිණි අතර එළියේ තවත් දායකයින් කිහිප පළක් තැන් තැන් වල කතා බස් කරමින් සිටිනු දක්නට ලැබිණි.

කෙළිය පටන් ගත්තේ මෙවිටය...

ඥාණාලෝක හිමියන් අප සියළු දෙනාටම ඇසෙන සේ..

"මම ලබන බදාදා මගේ හිතවත් ලොකු හාමුදුරු කෙනෙක් මෙහාට වඩමවා ගෙන ඇවිත් පන්සල බාර දෙනවා. මටත් පුළුපුළුවන් වෙලාවට ඇවිත් යනවා. ඔය දෙන්නා කොහේවත් යන්න එපා. පන්සලට වෙලා මෙවා බලා කියාගෙන..අර එන හාමුදුරුවන්ට උදවු කරගෙන ඉන්න ඔන. වතු පිටි ටික දායක සභාවෙන් වගා කරන්නයි කතාකරගෙන ඉන්නේ.."යි පවසනවාත් සමගම...

"මොකා මොක වගා කරගත්තත් මට කමක් නැහැ..හැබැයි මෙ තියෙන දේවල් කාටවත් එහෙ මෙහෙ අදින්න මම ඉන්නකන් හම්බ වෙන්නේ නැහැ. අන්න ඒක මතක තියාගන්නවා හොඳයි.."යනුවෙන් ගුණරතන හිමියන් සංවාදයට එළඹි අතර එතැන් පටන් ආරම්භ වූයේ බරපතල වාග් සංග්‍රාමයකි. උණුසුම් වචන හුවමාරුව අතරතුර මාත් චන්දවිමල හිමියනුත් නිශ්ෂබ්දව සිටියා විනා මැදිහත් නොවන්නට ගියේය.

ගුණරතන හිමියනුත්, ඥාණාලෝක හිමියනුත් පැවිදි සහෝදරයෝ වූ අතර වයසින් මෙන්ම මහණකමින් හා උපසම්පදාවෙන් ගුණරතන හිමියන් වැඩිමාළු වූ සේක.

නමුත් ගුණරතන හිමියන්ගේ ලොකුහාමුදුරුවන් හා අනිකුත් ගෝලයින් අතර ගුණරතන හිමියන්ට වූයේ අඩු සැලකීමක් විය.

එයට හේතුව වූයේ ගුණරතන හිමියන්ගේ මහණ කිරීම සම්බන්ධව වූ ගැටළුවක් විය.

ගුණරතන හිමියන් කුඩාකල පන්සලට පැමිණ තිබුණේ මහණ වීමට නොව පන්සලේ මහණ කිරීමට ගෙන ආ දරුවකුගේ තනි නොතනියට රැදී සිටීමට වූ අතර ඔවුන් දෙදෙනා අතර ඥාති සම්බන්ධයක් විණි.

මාස කිහිපයක් පන්සලේ රැදී සිටීමෙන් පසු මුළින් කී දරුවා මහණ කිරීමට ගිය මොහොතේ අයියාත් මහණ වෙන්..නැත්නම් මට බැහැ යනුවෙන් අනිත් දරුවා හඩන්නට වූ නිසා පසුව සිවුරු හරින්නට බැරියෑ යන අදහසින් ගුණරතන හිමියන්වද පැවිදි බිමට ඇතුළත් කරවා තිබිණි. නුමුත් වූයේ අනිකකි. මහණ කිරීමට ගෙන ආ දරුවා මහණ වී වසර කිහිපයකින් සිවුරු හැර ගිය අතර.. ගුණරතන හිමියන් මා ාමය ලියනා මෙ මොහොත වන විටත් සිවුරේ රැදී සිටී.

මෙම අහඹු සිදුවීම නිසා මහණ කරවන්නට යෙදුණු බැවින් ඔහුහට වැඩි අවදානයක් කිසිවකුගෙන් ලැබී නොතිබුණි. නමුත් කාලය කෙමෙන් කෙමෙන් ගලා යනවිට ගුණරතන හිමියන්ට වඩා පැවිද්දෙන් වැඩිමාළු සියළුම දෙනා සසුන අතැර ගොස් තිබූ අතර ගුණරතන හිමියන් නිරායාසයෙන්ම ලොකු හාමුදුරුවන්ගේ වැඩිමහළු ගෝලයා බවට පත් වී තිබිණි. මෙම නිසාම අනාගතයේ මෙම පන්සල් සියල්ලේම පාලනය ලැබීමට ඔහු සුදුස්සෙක් වී තිබිණි.

මෙය ලොකුහාමුදුරුවන්ටද ඉවසා සිටිය නොහැකි කරුණක් වූයේ ගුණරතන හාමුදුරුවන්ට නොව මෙම පන්සල්වල පාලනය තමා බාර දෙන්නට සිතා සිටියේ ගොලයකු ලෙස මහණ කරගෙන උන් තම අයියාගේ පුතා වන සුභූති හිමියන්ට වීමයි.

නමුත් ඔවුන් සියළුම දෙනා සිවුරු හැර යාම නිසා තමා නොපැතූ අයකුට උරුමය යෑම ලොකුහාමුදුරුවන්ටද ඉවසිය නොහැකි විය.මෙබැවින් ගුණරතන හිමියන් කපා දමා එතැනට ඥාණාලෝක හිමියන් ගෙන ඒමට ලොකුහාමුදුරුවන්ටද උවමනා විය.

නමුත් ඇත්ත වශයෙන්ම මෙ වන විට ප්‍රධානත්වය දිය යුතුව තිබුණේ ගුණරතන හිමියන්ට විනා ඥාණාලෝක හිමියන්ට නොවන බව අප දැන හුන් නිසාත් ඔවුන් දෙදෙනා පැවිදි සහෝදරයින් නිසාත් ආරවුලට අප අත නොදැමූ අතර තත්වය වඩා බරපතල වී ගුටි බැට හුවමාරුවක් දක්වා වර්ධනය වන්නට වූ විට අප දෙදෙනාත් දයාසේන අයියා සහ රූපරතන අයියාත් එක්ව දෙදෙනා දෙපසට ඇද දමන ලදි.

එයින් සුළු මොහොතකට පසු ගුණරතන හිමියන් පන්සලෙන් පිටව ගිය අතර ඥාණාලෝක හිමියන්ද පිටත්ව යන ලදි.

අප දෙදෙනා නැවතත් තනි වීමු.

දින කිහිපයක් ගතවිණි. අළුත් හිමිනම වැඩම කරවන දිනද ආසන්න විණි. ඒ අතර දිනක් රාත්‍රී කාලයේ වෑන් රථයක් පන්සලට ලගා වූ අතර එයින් බැස ගත්තේ ඥාණාලෝක හිමියන් විය.

ඒ තවත් අපූරු මෙහෙයුමකට විය.

...................................
"ඔබ කියන දේ පිළිබඳව තවත් වරක් සිතන්නේ නම් මැනවි.
ඇයි මෙවා අහලා කලකිරෙන්නේ..
යථාර්ථය තේරුම් ගන්ට ගන්ට මිනිස්සු කලකිරෙන්නේ නැහැ..
යම් සංහිඳියාවකට පත් වෙනවා මිස..
මෙ කතාව මම කවදා හරි කියලා ඉවර වෙන දවසට මට උවමනා මිනිසුන් අමුතුවෙන් මෙ දේවල් ගැන කල්පනා කරලා හැම දෙයක් පිළිබඳවවත් උපේක්ෂාවෙන් බලනවා දකින්නට විනා..කිසිවකුටත් පන්සල් පිළිබඳව හෝ ගිහි සමාජය පිළිබඳව හෝ කලකිරවීම නොවෙ.. "

20 comments:

  1. ඉතින් ඊට පස්සෙ..??

    ReplyDelete
  2. මේ දවස් වල මම වඩාත්ම කැමැත්තෙන් කියවන බ්ලොග් එක. මුකුත් නිසා නෙමෙයි, මේ කතාව නිසා. :)

    ReplyDelete
  3. Ansh Lucky Sri Jay...

    දේදුණු කැළුම් කතාවද අහන්නේ...?

    ReplyDelete
  4. පන්සල....
    හාමුදුරුවෝ...

    ReplyDelete
  5. බලමුකෝ ඊළඟ කොටස මොකද වෙන්නේ කියලා..

    ReplyDelete
  6. මදෑකොලා.. මෙන්න හාමුදුරුවොත් ගහගන්නවා...

    ReplyDelete
  7. දැන් අපි බලන් ඉන්නෙ ඥාණාලෝක හිමියො වාහනෙන් බැස්සට පස්සේ මොකද උනේ කියලා,,හැමදාම ඒ වගේ කුතුහලයක් තියලා තමා කතාව නවත්තන්නේ නේද බොස්,එලකිරි ඔහොම යමු....

    ReplyDelete
  8. ගිනි චිජ්ජුම්බරයක් තමයි වෙන්න යන්නෙ. බලමු, බලමු.

    ReplyDelete
  9. අඩේ...ඔන්න ගැන්ස්ටර් ත් අද ඉඳලා මේ කථාව කියවනවා.. :) ඉදිරියටත් ලියන්න මගේ සුභ පැතුම්.. :)

    ReplyDelete
  10. ඩැහ්ං දැං තමා පෙරහර එන්න අරං තීන්නෙ. මෙච්චර කල් මල් බයිසිකල් කාරයොයි කස සද්දෙයි විතරනෙ ආවෙ. එළ එළ...මුලටම අඩව්වක් සමඟ නැටුමක්...අගෙයි!

    ReplyDelete
  11. @wath...
    හා..හා..වැඩිය හිතන්න එපා.

    @හසී ...
    බලමු..බලමු...

    @Grey ...
    ඔකත් පුදුම වෙන්න දෙයක්ද..?

    @වැම්පයර් ...
    බය උනාවත්ද..?

    @ItalyDilan...
    මෙගා බැලීමෙ අහිතකර ආභාෂය තමා ඔං..

    @Praසන්ன...
    දැන් තියෙන්නේ මංකොල්ලයක්...

    @GaŋGster♠...
    සාදරයෙන් පිළි ගන්නවා. පරණ ටිකත් බලලාම ආවානං...

    @ඉන්දික උපශාන්ත...
    බල්ටි තාම නැහැ. මෙ විසිල් විතරයි...

    ReplyDelete
  12. ඉළ ඇදෙන සටන් සමග ත්‍රාස ජනකවිහිළු!

    ReplyDelete
  13. මාරයා මාරයිනේ.... සිංහල බ්ලොග් කියවන්ට පටන් ඇරගෙන මාසයක් විතර වුනා... මාර සීන් එක කියන්නේ මේක කොහොමද මිස් වුනේ කියන එක... කලින්ම දැක්කනම් මේ වෙනකොට ලියුම් ටික ඔක්කම කියවල දාල ඉවරයි...
    කාලෙකට පස්සේ පංසල් ගියා වගෙ.. ( මං දන්න පංසල් එක්ක මාරයාගේ පංසලට පංසලක් කියන්ට පුලුවන් වගෙ.... )
    නම මාරයාගේ හෝරාව වුනාට බ්ලොග් එකේ තියෙන ඒවානම් එකේ අනිත් පැත්තද කොහෙද ඕං... ( ඉතුරු ටිකත් කියවල බලන්ට ඕන කොහොමද මේක මාරයාගේ හෝරාව වුනේ කියලා...)
    එහෙනම් ජයවෙවා කිව්වා යාලු.....

    ReplyDelete
  14. @budhajeewa...
    හහ් හහ්..මලයා විතරයි අඩු වෙලා හිටියේ..

    @පුතා...
    ඒක නේන්නම්...කොහොම හරි කමක් නැහැ කියවලාම එමුකෝ බලන්න.
    හැබැයි ඉතිං මගේ බ්ලොග් එක එහෙම පිටින්ම අවුල් ජාලයක්. ඔකේ ඇති දේකුත් නැහැ..නැත් දේකුත් නැහැ...සාදරයෙන් පිළිගන්නවා..

    ReplyDelete
  15. නියමයි . . . ඔය දාල තියෙන්නෙ ඉන්ටසිටි බස් එකක් වගේ. කෙලින්ම නගරාන්තර . . . !

    ReplyDelete
  16. සඟ ගණ සොබනා කිව්වාලු :)

    ReplyDelete
  17. @දුමී...
    ටිකට් ගත්තද..? නැත්තං හොරටද යන්නේ..?

    @Hasitha...
    සොබනා නෙවෙයි.. ලොබිනා...

    ReplyDelete
  18. තෙරුවන්සරණවෙවා!
    කාලෙකට පසුව පින්වත් මාරයගෙ පැත්තට එබිබලන්නට ලැබුනෙ. මාරයා දැන් අමුතුම පැත්තකට යොමුවෙලා වගෙ.පන්සල්වල තතු එළිවෙන්න කළින් මාරයාගෙ වගතුග කළඑළි බැසිම ධර්මය දන්නා අයට අරුමයක් නොවෙනු ඇත.
    මාරයො, මින්පසු නුඹ අමතනවිට, ‘පින්වත්’ යන වචනය නොයොදමි. ඒ කුමක්නිසාදයත්‚ “පින්වත්”යන වචනයෙ පරිසමාප්තියෙන්ම යෙදියහැකිවන්නෙ ෙබෳද්ධ මිනිසුන්ට පමනි. මිනිසත්බවට නින්දාවන අයුරෙන් කටයුතුකර ඒවා පැතිරවිම නුසුදුසුය. ඒ නිසා මෙය සාධාරනිකණරය නොකර, නුඹට ඉන් ගැලවියනොහැකිනම් නුඹගෙ ඒ කටයුතු පලකිරිමෙන් නුඹගෙ නොහැකියාව,මනසෙ පහත් බව තහවුරු වනවා මිස නුවණැති අයගෙ අනුකම්පාව නොලැබෙන බව නොදන්නෙද? පර සුද්දන්ගෙ ජඩකම් නුඹටත් පුරුදුවිමෙන් වන්නෙ මිනිසත්බව නිවට කමින් යටවි අපායට නියමවිමය. උන්ට කියන්නෙ, කරුමය උරුමයක්කරගන්නො කියාය. මිටවඩා කුමක් ලියන්නද? නුඹගැන.අහො! ඛෙදයකි . මිට,
    වසවර්තියා
    2010-10-13

    ReplyDelete
  19. වසවර්තියා...

    පළමු කොටම ඔබ භාවිතා කරන වසවර්තියා යන නාමයට මා ප්‍රිය කරනා බව කිව යුතුය...
    ඒ හැර අන් අදහස් පිළිබඳව කිව යුතු තරම් දෙයක් නොවෙ...
    අනුකම්පාව..?
    කවුරු කාටද අනුකම්පාවක් බලාපොරොත්තු වන්නේ..? මා නම් නොවෙ..
    ඔබට එය ඇවසිද..?
    මා බ්ලොගය ලියන්නේ මගේ කාන්සිය මකා ගනු පිණිසත්..ඒ හැර සමාජයේ වැසී ඇති පැතිකඩක් දෙස අළුතින් බලා සිතන්නට මිනිසුන් යොමු කරවීමටත්ය..
    ඒ හැර ඹබ කියන්නාක් මෙන් වණැතියන්ගේ අනුකම්පාවක් මට මොටද..?
    නුවණැතියන් යැයි කීවෙ..ඔබ වැන්නන්ටද..?එසේ නම් එය කෙසේවත් මා හට ඇවසි නැත.

    මා කීවත් නොකීවත් අද සමාජය මෙ කරුණු ගැන අවිධිමත් ආකාරයට හෝ දැනුවත් වී ඇත.
    අප අපගේ වැරදි හදා නොගෙන එම වැරදි අඩුපාඩුකම් වසා ගනිමින් එම වැරදි පෙන්වා දෙනු ලබන අයවළුන්ට දොස් පැවරීම ඔබ ඔය කියනා නුවණැති ලක්ෂණයද..?
    එසේ නම් මා හට කමන්න..මා එවැනි නුවණැතියකු නොවෙමි.
    හැකිතාක් දුරට සමබරව මෙම ලියවිල්ල ඉදිරිපත් කිරීමට මා වෙහෙසෙමි..
    ඒ හැර සම්බුද්ධ ශාසනයට හෝ පුද්ගලයින්හට පෞද්ගලිකව පහර දීමට මා පෙළඹෙන්නේ නැත.
    යම් පුද්ගලයින්ගේ චරිත ලක්ෂණවල අඩුපාඩුකම් තිබීම මාගේ වරදක්ද..?
    සියළුම සමාජ සිදුවීම්වලට හේතු වන්නේ එක් අයකුගේ හෝ සමූහයකගේ ක්‍රියාකාරකම්ය..
    ඒ තුළින් විවිධ අවස්ථා ඇති වෙ...
    අප ඉදිරිපත් කරන්නේ යම් සමාජතලයක..එක්තරා කොට්ඨාශයකට අදාළ එවැනි සිදුවීම් මාලාවකි.
    කෙටියෙන් කියතොත් පන්සල් හා ඒ හා සබැඳුණු ගිහි පැවිදි විවිධාකාර චරිත අතරින් ගොඩ නැගුණු කථාවකි.
    මෙහිදී සැගවිය යුතු කරුණු ඇතැයි මා නොසිතමි.
    සගවනවාට වඩා එසේ නුසුදුසු ක්‍රියාකාරකම් ඇති නොවන්නට වග බලාගන්නවානම් එය වඩාත් සුදුසු නොවන්නේද..?

    පර සුද්දන් මෙයට ගෑවුනේ කෙසේද..?
    ඒකත් හරියටම අර සමහර වාමාංශිකයින් යැයි කියාගන්නා අයට කෝකටත් හේතුව ගෝලීයකරණයවීම යන්නට වඩ වෙනසක් මටනම් නොපෙනේ...

    පින්වත් කියන වචනයට ඔබ අර්ථ දක්වා ඇති අයුරුනම් අපූරුය...

    එම අර්ථකථනය ඔබගේ දැක්ම අනුවද..නොඑසේනම්.. දහමට අනුවද යන්න දැන ගැනීමටනම් මා කැමති වෙමි.
    පින්වත් යන වචනයෙන් ඔබ මා අමතන්නේ නැති තරමට යහපති..මන්ද ඔබ එසේ අමතන්නේ එහි ඇති තේරුම පවා හරි හැටි නොදැන වීම නිසයි.
    ඔබ හා විවාදයට මාහට උවමනාවක් නැත.
    විවෙචනය සාදරයෙන් භාර ගතිමි.
    කෙසේ වෙතත් විරුද්ධාකල්පයක් ඉදිරිපත් කරමින් ඔබ දැක් වූ සහයෝගයට ස්තූතියි.
    මෙසේ හෝ පිළිතුරක් ලියන්නට මා පෙළඹවූයේ ඔබගේ විවෙචනය එතරම් සාර්ථක නොවනා බැව් මා හට හැගී යාම නිසා හැර අන් යමක් නිසා නොවෙ...
    ස්තූතියි.

    ReplyDelete