17 July 2010

පන්සලේ ජීවිතේ...අල්මාරිය...

ඥාණාලෝක හිමියන් සමග තවත් තරුණ හිමිනමක් හා වෑන් රථයේ රියදුරාද විය.
පන්සලේ වූයේ අප දෙදෙනා පමණි.

"ආ ලොකු හාමුදුරුවෝ මොකද මෙ රෑ වෙලා..." චන්දවිමල හිමියන් ඔවුන්ව පිළිගනිමින් අසනූ ලැබූ අතර අපහට ඥාණාලෝක හිමියන් පිළිබඳව අමුතු පැහැදීමක් නොවූවද ඔහු සමග ආරෝවක්ද නොතිබිණි.

"ආ..නෑ මෙ පොඩි හාමුදුරුවනේ මම මෙ ආවෙ පන්සලේ තියෙන පොත් පත් ටික අරගෙන යන්න කියලා..
ඊයේ ඔස්ට්රෙලියාවෙ ඉඳලා ලොකු හාමුදුරුවෝ කෝල් කරලා කිවුවා මෙහෙ තියෙන පොත් ටික එහෙ ගිහින් පරිස්සමට තියන්නයි කියලා...ඒකයි මෙ ආවෙ..."

"පොත්...?"

"ඔව් අර මහ අල්මාරියේ තියෙන ඒවා.."

ඇත්තෙන්ම පන්සලේ මහ අල්මාරියක් තිබිණි..

අල්මාරිය.. එය ඊට සුදුසුම වචනයදැයි මම නොදනිමි.
නමුත් එවැන්නක් තිබිණි. පන්සලේ භෞතික වශයෙන් වටිනා කියනු ලැබූ යම් දෙයක් වීද එය එම අල්මාරිය විය.

කොස් හෝ එවැනි තද ලී වර්ගයකින් සාදා තිබූ එය කොටස් දෙකකින් යුක්ත විය.
පොළවෙ සිට අඩි නවයක් හෝ දහයක් පමණ උස වූ එහි පළල අඩි දෙක හමාරක් පමණ විය..
දිගින් අඩිහයක් පමණි.

ශක්තිමත් අලංකාර කැටයමින් යුතු අගල් හයක පමණ කකුල් හයකින් එය පොළොව මත සිටුවා තිබූ අතර අල්මාරියේ උසින් හරි අඩක් පමණ වන ලෙස පහත කොටස තරමක් විශාල ලෙසද, එයින් උඩ අර්ධය පහළ කොටසට වඩා තරමක් කුඩා වන ලෙසද සැකසී තිබිණි.
පහත කොටසේ පියන් දෙකක් දෙපසට ඇරෙන සේ ප්‍රධාන කොටස විය.
ඒ පියන් දෙකින් ඇරෙන කොටස පියන් විවෘත කල විට ලී තට්ටු තුනකින් සමන්විත වූ අතර එහි සිවුරු පිරිකර ආදිය දමා තිබූ අතර එහි යතුරු පන්සලේ තිබූ යතුරු කැරැල්ලේ තිබිණි.
එම පියන් දෙකේ කොටසට ඉහළින් ඉදිරියට විවෘත කළ හැකි විශාල ප්‍රමාණයේ ලාච්චු තුනක් විය. එම කොටසේ යතුරු මෙතෙක් කා ළග විණිදැයි මා හෝ චන්ද විමල හිමියන් හෝ දැන සිටියේ නැතත් එහි යතුරු ඥාණාලෝක හිමියන් සතුව තිබූ බව නාරද හිමියන් කියා තිබුනද එය අප කිසිවකු හෝ හරියාකාරව දැනඋන්නේ නැත්තේ මෙතෙක් කලක් එම කොටස විවෘත කරනවා අප දැක නොතිබූ නිසාවෙනි.

එම ලාච්චු වලට උඩින් අල්මාරියේ දෙවන කොටස එනම් ඉහළ අර්ධය වූ අතර එයද වීදුරු දමා සකස් කල ප්‍රධාන පියන් දෙකකින් සමන්විත තට්ටු තුනකින් යුත් පොත් දමන කබඩයක ආකාරයේ විය.
ධාතූන් වහන්සේලා සහිත කරඩුව සහ පිරුවානා පොත් වහන්සේ මෙහි තැන්පත් කොට තිබූ අතරම පන්සලට අයත් පොත් අතරින් ඉතිරිව තිබූ පොත් කිහිපය මෙහි තබා තිබුණි.

මෙ කාලය වන විට පන්සලේ මහා පොත් ගොඩක් නොවූ නමුත් විලී අයියා අපහට පැවසූ අන්දමට මෙයට පෙර වකවානු වලදී පන්සලේ තිබූ පොත් පත් ප්‍රමාණය අතිවිශාල විය. දැනට පන්සලේ දාන ශාලාවෙ ඇති පැරණි රක්කයක් වූ අතර එහි පීරිසි කෝප්ප හා තේ පොච්චි ආදිය තබා තිබුණි. එහි තට්ටු අටක් පමණ තිබූ අතර සෑහෙන පළලකින් යුතු විය. එහි සෑම තට්ටුවක්ම මැද්දට වන්නට පහත් වී තිබුණි.
විලී අයියා පැවසූවෙ එහි තබා තිබූ පොත් වල බරට එම ලෑලි තට්ටු සියල්ල පහත් වී තිබූ බවය..
එසේ ලී තට්ටු පහත් වීමට නම් එහි පොත්වල බර කිලෝ පන්සීයයක් පමණ විය යුතු බව මගේ හැගීමයි...

එතරම් පොත් පත් තිබූ පන්සලේ අද වන විට ඇත්තේ කෑලි කැඩී ගිය පැරණි පොත් පත් කිහිපයක් වූ අතර ඒවාද කියවීමට බොහෝ දුෂ්කර වූයේ පිටුවක් දිග හරිනු ලබන වාරයක් පාසාම ඒවා ඉරීමට ලක්වන අන්දමට පොත් දිරා ගොස් තිබීමයි.

එම පොත් අතර සද්ධම්මරතනාවලිය නම් වූ පොතද වූ අතර මා එය නාරද හිමියන්ගේ අවසර සහිතව වරින් වර ගෙන මා සිටි කාමරය තුල තබාගෙන කියවීමි.

ඊට අමතරව දෙදහස් පන්සිය පණහේ බුද්ධ ජයන්තිය සමරා නිකුත් කළ ත්‍රිපිටක පොත් වහන්සේලා අතරින් කාණ්ඩ කිහිපයක්ද වූ අතර එයින්ද කියවීමට හැකිව තිබූ සංයුක්ත නිකායට අයත් එක් පොතක් විය..
මා මුළින්ම පටිච්චසමුප්පාද ධර්මය අඩංගු කොටස කියවූයේ එම පොතිනි.

පාලි භාෂාවෙන් ලියවුනු තවත් පොත් කිහිපයක්ද වූ අතර පාළි නොදත් මා හට ඒවා කියවීමට නොහැකි වූ අතර දහම් පාසල් පොත් පත් කිහිපයක් හා වරින් වර නාරද හිමියන්ට පිරිකර සදහා ලැබුනු මෑත කාලීනව නොයෙක් කතුවරුන් අතින් ලියවී ඇති පොත් පත්ද ස්වල්පයක් විය.

පිත්තලින් සෑදු කුඩා මල් බඳුන් දෙකක්ද වූ බව මා හට යන්තමින් මතකය.

පන්සලේ පොත් ගෙන යාමට පැමිණි බව ඥාණාලෝක හිමියන් පවසද්දී නම් මෙතෙක් වෙලා උන්වහන්සේ පිළිබඳව වූ මගේ මැදිහත් සිත බිඳ වැටුනු බව නම් අවංකවම කිව යුතුය.

මන්ද මෙතෙක් කලක් මා හට මෙහි සිටි සමීප මිතුරන් වූයේ මෙම පොත් පත් කිහිපය නිසාවෙනි.

කෙසේ නමුත් එම තීරණයට එරෙහිව කිසිවක් කීමට මට අවසර නැති බව දන්නා නිසාම මා මුනිවත රකින්නට යෙදුණි.

පන්සලේ අල්මාරිය තබා තිබූ කාමරයට ගිය ඥාණාලෝක හිමියන් තම උරමල්ලේ තිබූ යතුරු කැරැල්ලක් ගෙන මෙතෙක් දවස් වසා දමා තිබූ ලාච්චු තුන විවෘත කරන ලදි.. එසේනම් යතුරු උන්වහන්සේ සතු වූ බැව් නාරද හිමියන් කියූ කතාව ඇත්තකි.

එම ලාච්චුවල තිඛෙන්නේ මොනවාදැයි මහත් කුතුහලයක් මා හට මෙන්ම චන්ද විමල හිමියන්ටද වූ අතර අපද වහා ගොස් එයට එබී බැළුවෙමු.

...............................
"ඔබ කියන දේ පිළිබඳව තවත් වරක් සිතන්නේ නම් මැනවි.
ඇයි මෙවා අහලා කලකිරෙන්නේ..
යථාර්ථය තේරුම් ගන්ට ගන්ට මිනිස්සු කලකිරෙන්නේ නැහැ..
යම් සංහිඳියාවකට පත් වෙනවා මිස..
මෙ කතාව මම කවදා හරි කියලා ඉවර වෙන දවසට මට උවමනා මිනිසුන් අමුතුවෙන් මෙ දේවල් ගැන කල්පනා කරලා හැම දෙයක් පිළිබඳවවත් උපේක්ෂාවෙන් බලනවා දකින්නට විනා..කිසිවකුටත් පන්සල් පිළිබඳව හෝ ගිහි සමාජය පිළිබඳව හෝ කලකිරවීම නොවෙ.. "

28 comments:

  1. හරි දොර ඇරියා ඉතින් ඊටපසේ ඇතුලේ මොනවා තියෙන්නට ඇද්ද....සිවුරු ,පාත්තර,යන ආදිදේ ...ද?.....පරන පුස්කොල පොත් වහන්සේලාද..?

    ලච්චුව අරිනකම්ම බලාගෙන ඉන්න් වෙනවා දැන්.........හපොයි..

    ReplyDelete
  2. ඉතින් ඊට පස්සේ......???....:)

    ReplyDelete
  3. දොර අරිද්දිම නැවතුනා නේ, මොනාද හැබෑට ඇතුලේ තිබුනේ ,මොනවා උනත් වටිනා කියන දෙයක් තියෙන්න ඇති.......

    ReplyDelete
  4. ඔන්න මාත් ආවා මාරයියගෙ කතාව කියවන්න...කාලෙකට පස්සෙ...

    නිවාඩුවක් තිබ්බෙ නෑනෙ මේ පැත්තට එන්න.දිගටම ලියමු අයියේ....

    ReplyDelete
  5. ඊලඟ කොටසත් ඉක්මනට දාන්නෝ... :)

    ReplyDelete
  6. අපේ පන්සලේ කලින් හිටපු නායක හාමුදුරුවෝ අපවත් වුණු වෙලේ එයාගේ ආවාසේ අස් කරන්න ගිය එක මතක් වුණා මේ කතාව නිසා

    ReplyDelete
  7. මේක මේ ප්‍රෙෂර් නගින වැඩක් බං. මං ආයි තව සතියකට දෙකකකට මේ පැත්තෙ එන්නෙ නෑ. එතකොට එක පාර එපිසෝඩ් දෙකතුනක් බලාගත්තැකිනෙ. ( මගෙ මොක නැග්ගත් උඹ ඔහොම ලියන් පළයං. කවු කවුරුත් මේ ක්‍රමේට කැමතියි )

    ReplyDelete
  8. හෝව් හෝව්.... අර පොතේ තිබ්බ වගේ දේවල් නෙමෙයි නේද තිබ්බෙ.එහෙම දේවල් තිබ්බ නම් හිතාගන්න වෙන්නේ හැම පන්සලම එක වගෙයි කියලයි...

    ReplyDelete
  9. ඉලංදාරියා...

    දන්න ඉලංදාරියාට කොළ කඩපාන්නැහේ කිවුවළු...

    ReplyDelete
  10. Shadow/හේමලයා ...

    ඉතිං ඊට පස්සේ...
    ඔඛෙ රන් පිළි රූ..
    පාට පාට දේදුනු සේ..
    මා සිසාරා...

    ReplyDelete
  11. දිල්...

    අම්මා තාත්තා දැක්කා වගේ සංතෝෂයි ඔං..
    ඉතිං කොහොමද..?රස්සාව නැගලා යනවාද...?
    ඉරිදා නිවාඩු එහෙම නැතැයි. නුවර යන්නේ නැත්තං මට බලන්නත් එක්ක ලස්සනට මොනවා හරි ලියලා දාමු...
    හැබැයි ඉතිං මම නං හෙට වැඩ තමා.. ඒත් ඉතින් ආව ගමන් බලනවා නෙව.

    ReplyDelete
  12. GaŋGster♠™...

    දාන්නං ඔන..
    ලියන්න තමා බැරි..

    ReplyDelete
  13. Hasitha...

    මට හිතා ගත්තෑකි හම්බ වෙච්ච දේවල්...
    අලියා බීම බෝතල්, චෙයෝ කාපු සිවුරු,අඳන,
    පුස්කාපු ක්‍රීම් කැකර් බිස්කට්, කල් ඉකුත් වෙච්ච මාමයිට් බෝතල්, පිටි පැකට්..

    සාමාන්‍යයෙන් නායක හාමුදුරුවරුන්ගේ කාමර වලින් හම්බ වෙන කිව හැකි දේ ඔවා තමා, කිව නොහැකි දේ ඊට වඩා..

    ReplyDelete
  14. ඉන්දික උපශාන්ත...

    ඉවසන්න පින්වත.. ඉවසන්න...

    ReplyDelete
  15. wath...

    ඒ පන්සලට වඩා මෙ පන්සල වෙනස් කියලා හිතන්න එපා.
    ලංකාවෙ හුගාක් පන්සල් එක වගේ තමයි...

    ReplyDelete
  16. අනිවා... නිධානයක් නැතත් ඊට සමාන එකක්වත් තියෙන්ට ඇති මයෙ හිතේ....

    ReplyDelete
  17. අදත් ආවා, ආයේ හෙට විතර එන්නද?
    ඉතිරිය බලන්න???
    :)
    ඉක්මනට ඕනේ.

    ReplyDelete
  18. පුතා...

    ආයෙත් අහලා..මටනම් නිධානයක්.

    ReplyDelete
  19. charmi...

    එහෙනං ඉතින් දිගටම රැදෙනවා නෙව...

    ReplyDelete
  20. Ansh Lucky Sri Jay...

    ඔක්කෝමත් හරි මෙයාගෙන් ඛෙරෙන්ටනේ අමාරු..
    ඉවසලා ඉන්ට...දැන් දානවා...

    ReplyDelete
  21. නියමයි බං, නියමෙටම ලියනවා. උඹේ විස්තර කිරීම් වලින් හොඳට සීන් ටික හිතේ මැවිලා පේනවා හරියට ක්ලැසික් ෆිල්ම් එකක් බලන්වා වගේ. ඔන්න මචං මම අදනම් ටිකට් එකක් ගත්තා ගැලරියේ . . . !

    ReplyDelete
  22. balan giyama hema pansalama eka wage.nayaka hamuduruwange nidanana thamai thinne.

    kathawa nam hodata liyanwa mara aiya.digatama kiyeuwath ada thamai comment ekak damme....

    digatama liyanna.

    ReplyDelete
  23. දුමී...

    ආ.. ඒක මිසක් මම හිතුවා ටිකට් නැතිවම එල්ලිලා කියලා..

    ReplyDelete
  24. nasha...

    පන්සල්වල නිරායාසයෙන්ම ඔය තත්වය ඇතිවෙනවා.
    ස්තූතියි කොමෙන්ටුවට,
    දිගටම රැදී ඉන්න ආරාධනා කරනවා...

    ReplyDelete
  25. පත නයෙක් ඉන්න ඇති නේද?

    ReplyDelete