21 July 2010

සිතා ඉන්නේ නැවත ඒයැයි..

දරා ගන්නට නොහැකි වූ සඳ..
ජීවිතේ රුදු වෙදනා..
නිමා වෙන්නට කලින් ප්‍රේමිය..
කොහේදෝ යන්නට ගියා..
සිතා ඉන්නේ නැවත ඒයැයි..
කෙදිනදි හෝ මා සොයා..
පිපෙන්නේ කවදාද මල් යළි..
වියළි අතුමත වී සිනා..

14 comments:

  1. මොකද මේ එකපාරට ආයිත් අතීතයට

    ReplyDelete
  2. වැප්...

    මා කවදත් හිටියේ අතීතයේ මිස වර්ථමානයේ නොවෙ...

    ReplyDelete
  3. වර්ථමානය අයියට තහනම් කලාපයක් නෙමේ නේද ? ඉතින් අතීතයෙන් එන්න පාර අමතක වෙලාද ?

    ReplyDelete
  4. දිල්...

    හ්ම්ම්ම්.. මරු..මරෙ මරු...
    ඔයා මෙ පැත්තේ ඇවිත් යන කොට මම ඔයාගේ පැත්තේ ඇවිත් ගියා.
    ඒත් ඉතින් දැන් මම ලියන ඒවා වැටුනද නැද්ද කියලවත් බලා ගන්න විදියක් නැති එක තමයි දුක.

    මම තාමත් අහුලනවනේ..ඔයාට මෙ දවස්වල වෙලාවක් නැති හින්දා අපිවත් කරන්න එපැයි.

    ReplyDelete
  5. මචෝ, මොකද එකපාරටම උනේ ? ෆුල් සික් ගහලා මොකද ?

    ReplyDelete
  6. ඇරඹුමම කදුලක් වෙලා
    මා බලා ඉද්දී ඒ දිහා
    ආ දුරත් දුර වැඩී නිසා
    අවසානයට පෙර ඈ ගියා. . .

    ReplyDelete
  7. අනාගතය...
    වර්තමානය වෙනවා
    වර්තමානය...
    අතීතය වෙනවා......
    හිත කොහේ හරි
    නවතිනවා......
    අපි අතරම්ං වෙනවා......

    ReplyDelete
  8. දුමී...

    එහෙම තමයි අප්පා..හිටි හැටියේ ප්ලේන් එක කඩං වැටෙනවා..

    ReplyDelete
  9. හසී රන් ...

    මෙ පැත්තට අළුත් වගේ..

    කොහොම උනත් හුගාක් දැනෙන ගීතයක්..ස්තූතියි.

    ReplyDelete
  10. Shadow/හේමලයා...

    අතීතය වර්ථමානය වෙලා තිබුණු ලස්සන දවස් ටිකක් විසින් එදා අනාගතය වෙලා තිබුණු අද වර්ථමානයේදී.. මාව රිදවනවා...

    ReplyDelete
  11. මොකක්ද මේ එකපාරටම උනේ....?

    ReplyDelete
  12. Praසන්ன...

    එක පාර නෙවෙයි..හැමදාම ඔහොම තමයි..
    ටිකක් ඔළුව හොඳ උනහම තමයි සාමාන්‍ය විදියට ඉන්නේ.. නැත්තං ඔහොමම තමයි.

    ReplyDelete
  13. මමත් මේ හිතාන ඉන්නෙ නැවත එයි කියලා තමයි.
    :(

    ReplyDelete
  14. Ansh Lucky Sri Jay...

    බලන් ඉමු නගේ..වෙන මොනවා කරන්නද..?

    ReplyDelete