19 July 2010

දවසේ විස්තරේ...

මෙ දවස්වල ජීවිතේ හරි අමාරුයි. වැඩට යනවා. දවල් තිස්සේ ඉවරයක් නැහැ. එක පිට එක වැඩ. යන්තම් රෑ දහය විතර වෙනකොට ටිකක් විතර කචල් වැඩ ටික ඉවරයි.
ඊට පස්සේ නාලා කියලා මොනවා හරි බඩට දාගෙන, පොත් පත් වල වැඩ ටික ඉවර කරලා දොළහ විතර වෙනකොට ටිකක් කුකුළා ගහනවා.
ඒත් රෑට දෙතුන් පාරක් මොනවා හරි අටමගලයක් කඩං පාත් වෙනවා.
එක්කෝ මැෂින් එකක් කැඩිලා රෙපෙයාර් එකට මොනවා හරි ගන්න ස්ටෝර්ස් ඇරලා දෙන්න වෙයි, එහෙමත් නැත්තං කොහේ හරි යන කන්ටෙනරයක් එයි පාන්දරට වෙන්න.
එහෙමත් නැත්තං අවුට් ස්ටෙෂන් ඩිලිවරි ගිය වාහනයක් කඩං පාත් වෙයි,
මොකක් හරි මගුලක් සෙට් වෙනවාමයි.

ඒකෙන් මෙකෙන් හරි හමන් නින්දක් නැහැ.
ගෙදර ආවට පස්සේ බල්ලට පොල්ලෙන් ගැහුවා වගේ නින්ද යනවා. හරි සනීපයි.

සමහර දවස්වල කන්නත් නැහැ. ඇයි ඉතින් උයන්නේ පොලෝසියෙන්යෑ..

නැගිට්ටට පස්සේ ආයේ පහලට බැහැලා කන්න මොනවා හරි ගේන්න යන එකත් මරනවා වගේ වැඩක්.

මොන කචල් එක තිබුනත් මෙ පැත්තේ නෑවිත් ඉන්නත් බැහැ.
පෝස්ට් එකක් දාන්න කියලා මොනවා හරි ලියන්නත් පැයක් හොයා ගන්න එක ඊට හපන් වැඩක්.
අනේ මම දන්නේ නැහැ පැය විසිහතර වාෂ්ප වෙනවද කියලා.

එහෙං කොටි වලිගේ වගේ පන්සල් කතාව..ලියලත් බැහැ. නොලියත් බැහැ.

ලියන්න ගියහම අතීත සිදුවීම් අඩුත් නැතිව, වැඩිත් නැතිව, හරියටම මතක් කරලා ලියන්නත් ඔන...
ලියන දෙයින් කාටවත් හානියක් නොවෙන විදියට දෙපැත්තටම සාධාරණ වෙන විදියට ලියන්නත් ඔන.
පුංචිම දෙයක් හරි අතෑරලා ලිවුවොත් ලියන එකේ තේරුමක් නැතිව යනවා.
එහෙම බලාගෙන යනකොට ලියන එකත් පණ යන වැඩක්.

නොලියා ඉන්න බැරි කියවන කට්ටිය බලන් ඉන්නවා කියලා දන්න හින්දයි.
පොඩ්ඩක් පරක්කු උනොත් කෑ ගහන පාඨක ජනතාවක් නෙව මට ඉන්නේ..ගෝරි ගොඩයි.
අනිත් එක බාගයක් ලියලා ඉතිරි ටික නොදී හිටියාම මට උනත් කේන්ති යනවානේ.. එහෙව් එකේ දැන දැන නොලියා ඉන්නත් බැහැ.

අර මොනවාද කාපු මොකාද එකාට වෙච්ච දේ තමයි මටත් වෙලා තියෙන්නේ.

මග හිටියොත් තෝ නසී.. ගෙදර ගියත් තෝ නසී..තමයි.(මොකද ගෙදර කියලා ආයේ නහින්න කවුරුවත් ඉන්නවා කියලයෑ..)

ජීවිතෙත් ඔහේ ගලාගෙන යනවා. මෙලෝ රහක් නැහැ.

එක්කෝටම වඩා ඇගටත් හරි නැහැ. හුග කාලෙකින් ඇන්ජිම ලෙඩ දීලා නැහැ. ඒත් දැන්නම් නිකං බැහැ බැහැ වගේ..

අද දවල් කටානට ගියා.
අපේ පුංචි අම්මාගේ බාල දූ..ඒ කිවුවෙ අපේ සුදු නංගී..(නංගි උනාට මොකද ඒකි මං වගේ දෙකක් විතර ඇති)
නිකං ඉන්න බැරිවට මෙ ළගදී මොකක්ද හුට්ටප්පර බයිසිකලයක් අරගෙන..

චීන ලොන්තයක් (ආ..ලොන්සින්ද කොහේද තමයි)
ඒක ගත්තත් හරි මට මළ කරදරේ..
ලෙඩ ගොඩක්..ස්කූටර් නම් එපා තිත්ත උනා මෙ මගුල හින්දා..
ඒක මහ ලෙඩ ගොඩක්..පහුගිය දවස් ටිකේ ඉඩ තියෙන තියෙන හැටියට ගිහින් ඒක මස් කරලා යන්තං ගොඩ දාලා දුන්නා. ඒත් තව කෑලි ටිකක් ගේන්න තියෙනවා.
ඕවට කෑලි කොහේ තියෙනවද කියලා දෙයියෝ තමයි දන්නේ..(මාරයා දන්නේ නැහැ..)
හැබැයි ඉතින් පුංචිලාගේ දිහා ගියහම එක වාසියක් තියෙනවා..
බත් ටික අතිං කන්න ඔන නැහැ පුංචි අම්මා අනලා කරලා කටෙම ඔබනවා.
මට තියෙන්නේ ගිල දාන්න විතරයි.(පුංචා බුදු වෙවා...)

අද ගියා ඒක ලයිසන් කරලා දෙන්න.
මෙවා ඉතින් අතින් වියදම් කරගෙන අනුන්ගේ හරක් බලනවා වගේ වැඩ තමයි.

මුල් ලියා පදිංචිය කටානට තිබුනේ ඒක හින්දා දවල් කටානේ ගියා.
මෙ බස්නාහිර පළාතේ කොහේ කොහේ රස්තියාදු වෙලා තිබුනත් අද තමයි හා හා පුරා කියලා මාරයා කටානේ ගියේ..

කොහොම හරි කටානට ගිහින් ඊට පස්සේ A.G. ඔෆිස් එක හොයා ගන්නවා කියලා හිතන් ගියේ..

අතර මගදී තැනක තැඹිළි ගෙඩියක් බොන්න කියලා බයික් එක නැවැත්තුවා..තැඹිළි ගෙඩිය බොන ගමන් තැඹිළි මුදලාලිගෙන් නිකමට වගේ "ඇහැවුවා කටානට තව දුරයිද කියලා.."

"ආ ඔවු මහත්තයෝ.. ඔහොම තව ටික දුරක් ගිහින් හම්බවෙන හතරමං හන්දියෙන් දකූණට දාලා දිගටම යන්න කටානට තමයි ඒ පාර වැටෙන්නේ.."

"ආ එහෙමද..මම මීට කලින් ඒ පැත්තේ ගිහින් නැහැ..මෙ අපේ නංගි කෙනෙකුගේ වැඩකට කටාන A.G.ඔෆීස් එකට යන ගමන්.. කටානට ගිහිල්ලම කාගෙන් හරි අහන්න ඔන..."

ඒක කිවුවා විතරයි මෙච්චර වෙලා තැඹිළි කඩෙට අල්ලපු ගෙදර ඉස්තෝප්පුවෙ මැෂිමක් තියන් මොනවද මහන ගමන් අපේ කතාව අහගෙන හිටිය ලස්සන හීන්දෑරි කෙලි පැටික්කී බක බක ගාලා හිනා වෙනවා...
මාත් නිකං කරකවලා අතඇරියා වගේ.. ඇයි යකෝ මම කුණු හරුපයක් කිවුවයෑ..?

ඒ ගමන අර ළමිස්සී මුදලාලිට කියනවා..
"ආයේ වෙන A.G.ඔෆීස් එකක් කටානට කොහේද.." කියලා.

"ඒක තමයි නේද දුවෙ කියපු තැඹිළි මුදලාලි.."

"මහත්තයෝ, A.G.ඔෆීස් එක තියෙන්නේ ඔය ඉස්සරහ කියලා මීටර් සීයයක් විතර ඉස්සරහ පෙන්නපි නේද..?"
තව පොඩ්ඩෙන් මළ කෙළියයි. කළුවා මාරපන ගියා වගේ.. මාරයා කටානේ යනවා.

ඔයින් ගියා මදෑ..පැස්ටෝල් ටිකත් ඉතිරියි.
මුදලාලිටයි අර සීදේවි කෙළි පොඩිත්තිටයි තැන්කූ කියලා මං යාන්තං ගිය වැඩෙ කොරාන ගෙදර ආවා.

එමින් ගමන් මිනුවන්ගොඩ මුස්ලිම් කඩෙකිං බයියං ටිකක් කාලා එන්නත් අමතක කෙරුවෙ නැහැ.
කොහොමත් මුස්ලිම් හෝටල් වලින් බයියං කන්න මං කැමතියි නෙව.

යන්තම් වැඩෙ කොරගෙන ගම්පහට ඇවිත් නංගි වැඩ කරන ෆාමසියට ගිහින් ලියකියවිලි ටික දීලා, මාත් යන්තං ගෙදරට සැපත් වෙච්චි.

ඊට පස්සේ ආයෙමත් වතාවක් නාලා කරලා.. දොයිය බබා වෙච්චි.

හවස තමයි නැගිට්ටෙ.

දැන් ඉතින් මෙතන රාජකාරි..

තව ටිකක් රෑ වෙලා හිතට ටිකක් ෆිට් උනොත් පන්සල් කතාවෙන් ටිකක් හරි කොටනවා..
කම්මැලි උනොත් අනිද්දාට කල් දානවා.
හ්ම්..දැන් මෙ මදෑ..

ආ.. තව එකක් ළමිස්සි කිවුවමයි මතක් උනේ..

"ගැටිස්සියන්ගෙයි, ළමිස්සීයන්ගෙයි, තරුණියන්ගෙයි..එතකොට ගැහැණුන්ගෙයි"වෙනස දන්නවැයි..?

30 comments:

  1. "ජීවිතෙත් ඔහේ ගලාගෙන යනවා. මෙලෝ රහක් නැහැ"...ඒකනම් අමූලික ඇත්ත....:(....

    ReplyDelete
  2. ආ අදත් පැයක් හොයා ගන්න බැරි වෙලාද කොහෙද මුකුත් ලියලා නැහැ අදත් :D


    [
    ගැට + ඉස්සී ?
    ළැම + ඉස්සී ?

    මෙහෙමද ........... මාරයියේ බොට විතරයි මේ කෑල්ල පෙන්නේ හොදෑ :D
    ]

    ReplyDelete
  3. අනේ මංද....... අයියටත් තියන වැඩ ගොඩ.........

    කන බොන වැඩ වත් හරි හැටි කෙරෙන්නෑනේ බලනකොට....... අනේ අපොයි තමයි කියන්න හිතෙන්නේ.......... :( :( :( :(

    ගැටිස්සි නම් දන්නෑ අනික්ව දන්නව මයෙ හිතේ........

    ReplyDelete
  4. Shadow/හේමලයා...

    ආ ඔය ඉන්නේ තවත් හාදයෙක්...

    ReplyDelete
  5. වැප්...

    හෙහ්..හෙහ්..
    මලයාත් යමක් කමක් දන්නවා එහෙනං..

    [එතකොට
    තරුණි..?
    ගැහැණි..? ඔන්න මාත් මළයාට පේන විදියට රහස් තීන්තෙන්ම ලීවා..]

    ReplyDelete
  6. හා පැටික්කී...

    අපි කන හැටි ලිපා දනී කිවුවළු නගේ...

    [ආ ඔයාලා ඒවා දැනගෙන ඉන්න එපැයි අනිවාර්යයෙන්ම..]

    ReplyDelete
  7. [
    @මාරයියා
    පොඩි එවුන්ට ලොකු කතා ඔනා නැහැ

    ]

    ReplyDelete
  8. අයියගේ ලිපාට නිවාඩු වැඩිහරියක් මං හිතන්නේ........

    තනියම ඉන්න එකත් මාර යුද්ධයක්නේද.......... හැබැයි තමන්ට ඕන විදියට ඉන්න පුලුවන්........

    [අනේ ඔව්ව දැනගත්ත කියල ඇති වැඩේ මොකක්ද....... ඔය දන්න ටිකවත් දන්නේ පොත් කියවල සහ අපේ සිංහල සර් කියපුවයින්..........]

    ReplyDelete
  9. වැප්...

    දැන් මෙතන කවුද පොඩි එකා...ආ මම වෙන්න ඇති නේද..?
    (අනේ අනේ මලේ..)

    ReplyDelete
  10. හා පැටික්කී...

    එහෙම නං තමයි නගේ වැඩට යන දවස්වලට කඩෙන් කනවා.
    අනිත් දවස් පහළොවෙ තමයි උයාගෙන කන්නේ.
    මෙ ටිකේ ඒකත් හරියට නැහැ. ඉතින් ලිපට නිචාඩු.

    ReplyDelete
  11. හැබෑට මොකක්ද බොල තරුණී, ගැහැණී කියන්නෙ? මම මේ ළඟදි ඉලන්දාරියගෙනුත් ඇහුව ඔය නමේ තේරුම දන්නවද කියල?

    ReplyDelete
  12. තනියම ඉන්න සීන් එකනම් මාර ෆන් වැඩේ.ඒ උනාට කෑම වෙලාවට තමා මල පනින්නෙ.සමහර වෙලාවට අම්ම බත් බෙදනව මැවිලත් පේනව.

    ReplyDelete
  13. වැම්පයර්...

    ඔන්න ඉතින් හුදී ජන පහන් සංවෙගය උදෙසා ලියලා දාන්නං

    ගැට + ඉස්සී = ගැටිස්සී
    ළැම + ඉස්සී = ළමිස්සී
    තර + උණි = තරුණි
    ගැහු + ණු = ගැහැණු

    දැන් ඉතින් වර්ගීකරණය කරගෙන බලන්නකෝ..
    [ඔතනින් පළවෙනි තුන් ගොල්ල දුටු පමණින් හඳුනතෑකි.
    අවසන් එක්කෙණානං ඉතින්..?]

    ReplyDelete
  14. නිකං ඉන්නැතිව පුරුද්දට වගේ මොනවහරි ලියල දාපු එක හොඳයි.

    ReplyDelete
  15. ජිවත් වෙනව කියන් ඇකනම් මෙ ඩවස්වල..අමරුඉ තම..හෙ..
    ඔන්න ඔබතුමාට වැදගත් වෙයි කියලා හිතුන දෙයක්...මම එවලා ඇති.....
    වැඩ කටයුතු පහසු වෙයි ඉතින් මෙකෙන්..

    ReplyDelete
  16. හපෝයි, මේ ටිකේ මටත් ඔය ආනිසංසෙම තමයි. කන්න බොන්නවත් වෙලාවක් නැහැ. නින්දකුත් නැහැ. වෙලාවකට එපා වෙනවා.
    :(
    ජාලය තමයි ටිකක් හරි පාලුව මහන්සිය නැති කර ගන්න දේකට කියලා තියෙන්නෙ.

    ReplyDelete
  17. ජීවිතේ නම් අයියෙ රහක් නැහ කියන්නේ... ඇත්තෙම නැහ... මොකට කියනවද...


    ඈ බන්... නොදන්න නිස මේ අහන්නේ..

    ළමිස්සි ගෙයි ගැටිස්සිගෙයි වෙනස මොකක්ද බන් ???

    ReplyDelete
  18. ඔය ඉස්සි කියන්නෙ උස්සනව කියන එකද ? ඔOO :D

    ReplyDelete
  19. ගැටිස්සි, ළමිස්සී, තරුණි. ගැහැණු
    අපොයි... මටනම් ඔය ඔක්කොම එක වගේ..

    ReplyDelete
  20. Praසන්ன...

    ඒක නේන්නම්...

    ReplyDelete
  21. ඉලංදාරියා...

    ආ ලැබුනා ලැබුනා..
    බොහෝම පින්..

    ReplyDelete
  22. Ansh Lucky Sri Jay...

    කියලා වැඩක් නැහැ..
    පවසලා පලක් නැහැ.. කිව්වළු...

    එකෙක්ගේ දුක දන්නේ ඒ දුක විඳින තවත් එකෙක්ම තමයි..නගෝ...

    ReplyDelete
  23. පිස්සා පලාමල්ල...

    අනේ මන්දා බං.. උඹත් අහන ඒවා..
    උත්තර දීලත් බැහැ..ඒත් ඉතින් නොදන්න දෙයක් කියා නොදිත් බැහැ..හෆෝයි...

    යන්තං ගැට මට්ටමට ඉස්සුනහම තමයි ඉතින් ගැටිස්සී වෙන්නේ..
    ඊට වඩා ඉස්සිලා පිරුණු මට්ටමට ආවම ඉතින් ළමිස්සී වෙනවා..
    හොඳට ආරලා කරලා තෙල් පෑදුණාම ඉතින් තරුණී තමා..
    මෙව්වා ඉතින් උඹ ළග පාතක උන්නානම් මීට වඩා සරලව පැහැදිලි කොරන්ට තිබ්බා..දැනට මදෑ..

    හැබැයි ඉතින් සමහරු මැරෙනකම්ම ගැටිස්සියෝ වෙන වෙලාවලුත් තියෙනවා..(තේරුනාද මන්දා..?)

    ReplyDelete
  24. Hasitha ජයසූරිය...

    ආ..මල්ලිත් ඔය උඩ ලියලා තියෙන ටික කියවන්ටකෝ..

    ReplyDelete
  25. අනුරාධ...

    එපාම උන වෙලාවට නං එහෙම තමයි..

    ReplyDelete
  26. උඩ පැන පැන හුස්ම ගන්න තරංම වැඩ ගොඩ ගැහිල තිබ්බත මේකට මොකුත් නොකිය කොහොමද!
    ඔය තියරියට කොලූ කියන්නෙ කොල+ඌ ද?
    දන්නවද රේඩියෝ එකෙයෙ ගැහැණුන්ගෙයි වෙනසයි ගිටාර් එකෙයි ගැහැණුන්ගෙයි වෙනසයි?

    ReplyDelete
  27. ඉන්දික උපශාන්ත...

    නැහැ..නැහැ..
    මා දන්නා පරිදි නම් කොළු කියන්නේ..

    කෙළින්නට හැකි වූ කියන අරුතින් තමා ඔං..

    අර රෙඩියෝ..ගිටාර්.. ගැනත් පැහැදිලි කරානං ආයිබෝං..

    ReplyDelete
  28. මාරයි + අනේ + ඔයා = මාරයා

    ReplyDelete
  29. කතන්දර...

    පොච්චියේ හැබෑට..එහෙමත් විග්ගරහ කොලෑකි නේද..?

    ReplyDelete