23 July 2010

පන්සලේ ජීවිතේ...අතීතයෙන් කථාවක්...

බස්නාහිර පළාතේ පිහිටි පන්සලකි. මෙහි භූමි ලක්ෂණ කියන්නට ගියහොත් තැන කුමක්දැයි සොයා ගැන්ම අසීරු නැති බැවිනුත් ස්ථානය එළිදරවු කිරීම මාගේ අභිප්‍රායක් නොවන නිසාත් එම තොරතුරු සඳහන් කිරීම මා විසින් හිතා මතාම පැහැර හරිමි.

පැරණි පන්සලකි. ඊට සම්බන්ධ තවත් පන්සල් ගණනාවෙකි...ඉන් විකසනය වූ පන්සල්ද බොහෝමයකි.
නමුත් මෙම පන්සල ගරා වැටෙමින් පැවතිණි.

එයට අයත් දේපල බොහෝමයක් නිසාවෙන් අතහැරීමට අකමැති කමින් පන්සල පවත්වාගෙන ගියත් එහි විසීමට කිසිවකුත් කැමති නොවූයේ ස්වාභාවික ව්‍යසන හා නොයෙකුත් දුෂ්කරතා නිසා බව සිතිය හැක..

මා පවසන කාලය වර්ෂ 1910ත් 1920ත් අතර විය හැකි කාලයකි...

මෙම පන්සලේ නවතාලීමට සංඝයා වහන්සේ කෙනෙකු නැති බැවින් එවකට එහි හිමිකාරීත්වය දැරූ නායක හිමියන් ඊට විසදුමක් සොයමින් සිටි කාලයයි. ඒ වන විට උන් වහන්සේ වැඩ සිටියේ මෙම පන්සලට හැතැප්ම දෙකක් පමණ දුරින් පිහිටි තරමක් දියුණු තත්වයේ විහාරයක වීය.. මෙ වන විටත් උන්වහන්සේගේ ගෝලයින් හතරපස් නමක් සිටියද එම සියළුම හිමි වරුන්ට හොඳ තත්වයේ පැවති විහාර කිහිපයක්ම භාරදී තිබූ අතර මෙම පන්සලත් තවත් මෙයින් සැතපුම් විස්සක් පමණ ඈත පිහිටි පන්සලකටත් භාරකාර හිමිවරුන්ගේ පුරප්පාඩු තිබිණි.

අවසානයේදී තමාට හම්බඋන සුදුසු අයකු මහණ කර එම ඈත විහාරයෙහි නැවැත්වූ නායක හිමියන් මෙම විහාරයේ නවතා තැබීම සඳහා තම පන්සලෙහි මෙතෙක් කලක් සිටි අතවැසි කොල්ලකු පැවිදි කරන්නට යෙදුණේ මෙම ගැටළුවට තාවකාලාක විසදුමක් හො සෙවීම සඳහාය..

එම කොළුවා මෙතෙක් කල් කලේ විහාරස්ථානය සතු කරත්තය දැක්කීමත්..ඊට අමතරව පන්සලේ සිටිමින් තමාට හැකි ආකාරයෙන් මන්ත්‍ර ගුරුකම් ආදිය උගෙනුමත් පමණි..ඒ හැර ඔහු උගත් බණක් දහමක් පිළිබඳව නම් පැහැදිලි තොරතුරක් නොමැත...

කෙසේ වෙතත් අවසන කරත්තය බැඳි කොල්ලා පැවිදි කර මෙහි භාරකාරත්වය පවරන ලදි..
ඇත්තෙන්ම එය භාරකරුටත් වඩා මුරකරු යන නමින් හැදින්වීම වඩාත් උචිතයැයි සිතමි.

කවුරුන් හෝ ස්වකීය ආගමික අවශ්‍යතාවයක් පිළිබඳව දැන්වූ කල්හී පෙර කී නායක හාමුදුරුවන්ට ඒ පිළිබඳ දැනුවත් කිරීමත්..පන්සල සතු දේපල ආරක්ෂා කරගෙන සිටීමටත් එහා ගිය යමක් කෙරුමට එහිමියන්ට අවකාශ නොතිබිණි.

නායක හිමියන් විසින් දැනුවත් වූ පසුව අරකී දායකයාගේ ආගමික අවශ්‍යතාවය සුළුවෙන් ඉටුකර දීමත්..අඩුවක් නොකර පන්සලේ ආදායම් නියමිත වෙලාවට එකතුකර ගැනීමත් නිසි පරිදි සිදු විය..

මෙම තත්වය නොරිස්සූ ගම් වැසියන් කිහිපදෙනෙක් ගමෙහි සිටිනා ලදහ.

ඔවුන් පාරම්පරිකව මෙම පන්සලෙහි දායකයින් වූ අතර නිසි තෙරණුවන් කෙනෙකුගේ මූලිකත්වයක් නොමැති වීම නිසාම පන්සල දියුණු කිරීමට නොහැකිව බලා සිටි අය වූහ.

විශේෂයෙන්ම තම අවශ්‍යතාවයකදී එම අවශ්‍යතාවය තමනුට රිසි පරිදි ඉටුකර ගැනීමට නොහැකි වීම නිසා නොරිස්සුමෙන් සිටි අය වූහ..ඊට හේතුව නායක හිමියන් විසින් මෙම ගමෙහි ආගමික කටයුත්තකදී එය උඩින් පල්ලෙන් කරනවා විනා.. එයට වැඩි අනුග්‍රහයක් නොදක්වන ලදි. උදාහරණයක් ලෙසින් හත්නමක දානයක් දීමට උවමනා වූ අයට පස්නමක් හෝ හය නමකින් සෑහිමට සිදු වීම ආදියයි..
දායකයින්ට අවශ්‍ය පරිදි පිංකම් ආදිය සංවිධාන කිරීමට නොහැකි වීමත් ආදිය මීට බලපාන ලදි.

තත්වය මෙසේ වද්දී පන්සලට ලැබුණු නවක තෙරණුවන්ද ඔවුනට ගැටළුවක් විය..නායක හාමුදුරුවන්ගේ කරත්තය බැන්ද කොල්ලා මහණ කර තමන්ට වැඳුම් පිඳුම් කිරීම සඳහා ගමට එවීම මුළු ගමටම කරන ලද අවමානයක් සහ නොසලකා හැරීමක් ලෙස ගම්මුන් විසින් දක්නා ලදහ.

ටිකෙන් ටික කාලය ගත වී යන ලදි.

භාරකාර හිමියන් තම ගුරුකම් අතේ වැඩ වලින් ගම්මුන්ට යම් තරමින් හෝ සේවය කරමින් ..ආගමික කටයුතු නායක හිමියන්ට ඇවසි පරිදි කිරීමට හරිමින් කල් යවන ලදි..

කෙසේ වෙතත් එම හිමියන් තුල වූ නිරහංකාර කමත්.. සුහදශීලීබවත් කල් යද්දී ගම්මුන් විසින් හොඳින් හදුනා ගන්නා ලද අතර කෙමෙන් කෙමෙන් ගම් වැසියන් උන්වහන්සේව පූජ්‍යත්වයෙන් භාරගැනීමට හිත් හදා ගන්නා ලදි.

නමුත් පන්සලේ දියුණුවක් නම් නොවීය..කිසිදු විහාරාංගයක් හෝ අමුතු පින්කමක් නොවූ අතර..
පවතින තත්වය දිගටම රැගෙන යාම පමණක් විණි...

පන්සලේ වැඩසිටින භික්ෂූන් වහන්සේට පන්සල දියුණු කිරීමෙ උවමනාවක් ඇතත් එයට ඇවසි බලතල උන්වහන්සේ සතු නොවූ බව ගම්මුන් දැන සිටියහ..

මෙසේ කාලය ගත වන විට පන්සල පිහිටි බිමෙ නව වගා කටයුතුකිහිපයක් කරලීමට සිදුවූයේ එහි වූ පැරණි වගාව ඉවත් කිරීමට සිදු වූ බැවිනි..

ඒ අනුව එතෙක් පැවති රබර් වගාව ගලවා දමා නැවත අළුතින් රබර් වගාව සිදු කරලිය යුතු විය..

මෙහිදී උපදෙස් නායක හිමියන්ගෙන් වූ අතර වෙහෙස මහන්සිය පන්සලේ වැඩ සිටි හිමයන් හා කිට්ටුව පාත සිටි දායකයින්ගෙන් විය..

ගිනිකන්ද පුපුරා ගියේ රබර් වගාව ලොකුමහත් වීමත් සමගමය..

රබර් වගාව කිරි කැපීමට සුදුසු තත්වයට පැමිණ තිබුණි.

මෙ කාලය වන විට නායක හිමියන් අපවත් වී සිටි අතර එහිමියන්ගේ වැඩිමහළු ගෝලයා එම විහාරයන්හී භාරකාරීත්වයටත් නායක හිමියන් සතුව තිබූ නායක පදවියත් හිමි කරගෙන තිබුණි.එපමණක් නොව එම හිමියන් මෙ වන විට සිය පළමු ගෝලයාද තනා තිබුණි..

ඒ අනුව මෙ වන විට ගුරු හාමුදුරුවන් නොවූ අතර නායක පදවිය ලත් හිමියනුත්, මෙම පන්සලේ වැඩ සිටි හිමියනුත් පැවිදි සොහොයුරන් විය

මෙ වන විට කෙසේ හෝ අප පන්සලේ වැඩ සිටි හිමියන්ද සිය පළමු ගෝලයාද මහණ කර තිබුණි. නමුත් කිසියම් හිත්අමනාපකමක් නිසා එම ශිෂ්‍ය හිමියන් ගුරුවරයාගෙන් වෙන්ව ගොස් අධ්‍යාපනය ලබමින් උන්නේ ඉන්දියාවෙය..
ඉගෙනුමට උපන් හපනෙකු වූ ගෝලයා දෙස බලා සතුටු වූ පන්සලේ වැඩ සිටි හාමුදුරුවන් තරහා මරහා නොසිතා සිය ගෝලයා හට අවශ්‍ය වියදම් කෙසේ හෝ ලබා දුන්නේ තමන්ට නොවූ ගෞරවයක් ගෝලයා හෝ ලබනු රිසියෙනි.

මෙම පන්සලේ ගෝල හිමියන් අමනාපව සිටීම තම වාසියට හරවා ගැන්මට සිතූ නව නායක පදවිය ලත් හිමියන් සිය ගෝලයා මෙම පන්සලේ වැඩකටයුතු වලට එවීමට නිතර කටයුතු කල අතර උන්වහන්සේට උවමනා වූයේ ක්‍රමක්‍රමයෙන් පන්සලේ වැඩ සිටින හිමියන් අතට යන දායකයින්ගේ ආකර්ෂණය අඩුකොට පන්සලේ භුක්තිය තව දුරටත් සිය සන්තකයේ තබා ගැනීමයි..

ඒ අනුව එම තරුණ ගෝල හිමියන් නිතර මෙහි පැමිණ ආගමික වතාවත් ඉටු කරනු ලැබූ අතර කෙසේ හෝ දායකයින් සිය වසගයට ගැනීමට උත්සහ දැරීය...නමුත් ඒ වන විට ප්‍රශ්නය සිතූ තරම් පහසු නොවීය...

දිනක් පන්සලේ සවස් කාලයේ පැවති බෝධි පූජා පින්කමක් පැවැත්වීමට පෙර තරුණ හිමියන් විසින් කිසියම් ගම් දරුවකුට බැණ වැදී තිබුණු අතර එම බැණ වැදීම මහා ආරවුලක් වූයේ ගම් වැසියන් කෝපවී පොළු මුගුරු රැගෙන එම හිමියන්ට ගහන්ට එළවීමත් සමගය..
කෙසේ හෝ පොළු පහර නොකා වතු මැද්දෙන් ඇළවල් මැදින් පැන දිවූ එහිමියන් නැවතුණේ සිය පන්සලටම දුව ගොසින්ය..

ඇත්තෙන්ම මිනිසුන්ට ඇවසි වූයේ කෙසේ හෝ පන්සලේ බලය පන්සලේ වැඩ සිටිනා හිමියන්ට පැවරීමට වූ අතර..
අවට පන්සල් වලසිටි සංඝයා වහන්සේලා මෙයට අකමැති වූයේ මුරට එවූ තැනැත්තාට පන්සල නතු වීම බලා සිටීමට නොහැකි කුමක්දෝ ඉරිසියාවක් නිසාය..එම හිමිවරුන් නායක හිමියන්ට පක්ෂව සිටියේ මෙම පසුබිමත් සමගය...

ගම්වැසියන්ගේ උවමනාව කෙසේ වෙතත් අවට පන්සල්වල හිමිවරුන්ගේ සහය නැතිව පන්සලෙහි බලය පන්සලේ වැඩ සිටි හිමියන්ට නතු කර දීම පහසු නොවූ අතර ඊට බලපෑ තවත් හේතුවක්ද විය...

එය සංඝ සමාජයේ පවතින නීතියක් නිසාය...

එනම් ගිහි දේපල මෙන් නොව සඝ සතු දේපලවල අයිතිය පියාගේන පුතාට මෙන් යන ක්‍රමයක් නොව..

වැඩිහිටි ගෝලයාගෙන් වැඩිහිටි ගෝලයාට යන පරිදි සැලසුම් වී තිබීමයි.

ඒ අනුව යම් පන්සලක හිමිකාරීත්වය යම් අයකු සතු වූයේද..එම හිමියන්ගේ වැඩිමහළු ගොලයා හට ඊළග අයිතිවාසිකම හිමිවනු ලබයි..එම ගෝලයාගේද පළමු ගෝලයා හට එයින් පසු පන්සල සතු උරුමය ලැබේ...

මෙම ක්‍රමය නිසා එක හිමිවරයකු යටතේ ගෝලයින් කීප දෙනෙකු පැවිදි වූවද.. එයින් වැඩිමහළු ගෝලයාහට නායක හිමියන්ගේ අවෑමෙන් පන්සලත් එයට සම්බන්ධ අනිකුත් සියළු පන්සල් හා ඉඩකඩම්ද හිමිවන අතර අනිත් හිමිවරුන්ට එම සිය වැඩිමහළු පැවිදි සොයුරාගේ යටතේ සිටීමට සිදු වෙ.. එම වැඩිමහළු සොයුරාගේ ඇවෑමෙන් පසුවද එම දේපල ඔවුන්ට හිමි නොවන අතර වැඩිමහළු හිමියන්ගේ පළමු ගෝලයා හට එම සියළු දේපල හිමි වෙයි.

මෙම නීතිය අනුව නම් මෙම පන්සල හිමිවන්නේත් පෙර කී පන්සලේ දැනට වාසය කරනු ලබන හිමියන්ට වීම ගම් වැසියන්ගේ අරමුණ ඉටුකරලීමට බාධකයක් වී තිබූ අතර...
ගැටළුවට නීත්‍යානුකූල විසදුමක් නොතිබිණි.

රබර් වගාව කිරි කැපීමට සුදුසු වයස වන විට පන්සලේ තත්වයත් මෙබඳු වීය...

අළුත් වගාවෙ කිරි කැපීම සඳහා දිනක් නායක හාමුදුරුවන් විසින් පිරිසක් එවීමත් සමගම කුපිත වූ ගම් වැසියෝ ඔවුනට පහරදී එළවා දැමූහ...

මෙයට කුපිත වූ නායක හිමියන් විවිධ ආකාරයෙන් පන්සලේ වැඩ සිටි හිමියන්ට දෝෂාරෝපනය කල අතර එහිමියන් පැත්තක් ගත නොහැකිව අසරණ වී තිබුණි...

එක අතකින් තමාගේ වැඩිමහළු පැවිදි සොයුරාට එරෙහි විය නොහැකිවීමත්..

අනික් අතින් තමාට මෙතෙක් දාන මාන සපයමින් සැලකූ දායකයින්ට එරෙහිවීමත් කළ නොහැකි වූ අතරම තමාගෙන් පසු තම ගෝල හිමියන්ට උරුමයක් නැතිව යනවාට වන අකමැත්තත් විය..

නායක හිමියන් මෙම ගැටළුවට අවට පළාත්වාසී නායක හිමිවරුන්ගේ පිළිසරණ පැතූ අතර..පන්සලේ වැඩ සිටි හිමියන් උරණ වෙනවාටද තරමක් බියෙන් පසු වූයේ එහිමියන් සතු ගුරුකම් පිළිබඳව මෙ වන විට හොඳින් දැන සිටි නිසා වූ අතර..තරමක් හෝ සහනයකට තිබුණේ තදබල ලෙස කෝපවීමකදී හැර උන්වහන්සේ කිසිවකුටත් හානිවන අන්දමින් එම සාස්කරය පාවිච්චි නොකිරීමත් නිසාය..

නමුත් ඒ වන විටත් අවස්ථා කිහිපයකදී නොවැලක්විය හැකි තත්වයන් මත අප පන්සලේ හිමියන් විසින් නොහික්මුණු මිනිසුන් කිහිපදෙනෙකුට තම සාස්තරයෙන් දඩුවම් ලබා දී තිබූ නිසා.. පන්සල් වත්තේ කෙසෙල් කැන් කපමින් නොයෙකුත් අළාබ හානි කල අයටද.. බීමතින් පැමිණ හිමියන්ට පයින් ගැසීමට සැරසුන කාලකණ්ණි මිනිසකුටද ආදී වශයෙන් කිහිප දෙනෙකුට නිසි පිළියම් ලැබී තිබුණි..
කෙසෙල් කැපූ එකා කැපූ කෙසෙල් කැනත් කරේ තබාගෙන පසුදා එළිවන තුරුත් පන්සල් වත්ත වටෙ දුවමින් සිටි අතර..කකුල එසවූ පුද්ගලයාට නම් කකුල කුණු වීමෙ රෝගයකට ගොදුරු වී මාස ගණනාවක් එකතැන දුක් විඳීමට සිදු වූ අතර පසුව හිමියන්ගෙන් සමාව ගැනීමෙන් පසු සතියක් ඇතුළත තුවාලය සුව කර ගැනීමට හැකිව තිබුණි.

මෙම පසුබිම යටතේ කල්පනාකාරීව කටයුතු කල නායක හිමියන් පළාතේ නායක හිමිවරුන් සහ ලොකු හාමුදුරුවරු සෑහෙන පිරිසක්ද රැගෙන පන්සලට ආවෙ නැවත පන්සලේ බලය ලබා ගැනීම සඳහා වූ අතර..

ගම් වැසියන් සමග කල සාකච්ඡා අවසන් වූයේ තම අරමුණ ඉටු කරගත නොහැකි මට්ටමට පැමිණි පසුය...
ගම් වැසියන්ගේ අරමුණුවලට කිසිදු සැලකීමක් නොකල හිමිවරුන් පන්සල් පිළිබඳ නීති රීති පමණක් කතා කල අතර ඔවුන් සියළු දෙනාටම උවමනා වූයේ පන්සලේ සියළු අයිතිය නායක හිමියන් සතු කරවීමත් පන්සලේ වැඩ සිටින හිමියන්ට හා එහිමියන්ගේ ගෝලයා හට මුරකරු තනතුරින් එහාට යමක් නොදීමත්ය...
මෙනිසා තම අදහස්වලට කිසිදු වැදගත්කමක් හෝ දීමට සූදානම් නොවූ හිමිවරුන්ට ඇහුම්කන් නොදුන් අතර තත්වය තවත් බරපතළ වූයේ කෝපවූ තරුණ පිරිස් විසින් කලහකාරී ලෙස හැසිරීමත්ය...

අවසන බලාපොරොත්තු සුන් වූ හිමිවරුන් පිටව ගිය අතර හැතැප්මයක් පමණ යන තෙක් ඔවුනට භුක්ති විදීමට සිදු වූයේ ගම් වැසියන්ගේ හූ හඩ පමණි.

මෙ අතීත කථාවෙ එක් පරිච්ඡේදයක් පමණි..
මෙයින් පසු සිදු වූ දේ නැවත ලිපියකින් බලාපොරොත්තු වන්න.. සමහර විට ලියන්නට තිඛෙන මගේ කම්මැලිකම විසින් නැවත මෙ පිළිබඳව නොලියා සිටීමටද මා පොළඹවන්නට ඉඩ ඇත...

............................
"ඔබ කියන දේ පිළිබඳව තවත් වරක් සිතන්නේ නම් මැනවි.
ඇයි මෙවා අහලා කලකිරෙන්නේ..
යථාර්ථය තේරුම් ගන්ට ගන්ට මිනිස්සු කලකිරෙන්නේ නැහැ..
යම් සංහිඳියාවකට පත් වෙනවා මිස..
මෙ කතාව මම කවදා හරි කියලා ඉවර වෙන දවසට මට උවමනා මිනිසුන් අමුතුවෙන් මෙ දේවල් ගැන කල්පනා කරලා හැම දෙයක් පිළිබඳවවත් උපේක්ෂාවෙන් බලනවා දකින්නට විනා..කිසිවකුටත් පන්සල් පිළිබඳව හෝ ගිහි සමාජය පිළිබඳව හෝ කලකිරවීම නොවෙ.. "

32 comments:

  1. "ඉරිසියාව ක්‍රෝද රෝග හටගන්නේ විනාසෙටයි"....ඇත්තටම චීවරය දැරීමේ ප්‍රධන අර්මුණ ඉටුකොට ගන්නේ කීයෙන් කීදෙනාද?...ශෝකයක් ඇතිවුනා කියවත්දී.......:(

    ReplyDelete
  2. අපි නොදන්න ක්‍රෝදයත් පංසල ඇතුලෙ සැඟවිලා තිබිලා තියෙනවා නේද අයියේ.....

    ReplyDelete
  3. අය්යෙ, කතාවෙ බාගයක් කියල ඉතුරු ටික ලියන්න කම්මැලියි කියන එක නම් ලොකු අසාදාරනයක්...මට නම් බාගයක් කියවල ඉතිරි ටික නැති එක තමා ඉවසන්න ම අමාරු.. ඒ හින්ද ඉතින් ඉතිරි ටිකත් ලියන්න...

    ReplyDelete
  4. අතීත කතාව කියවද්දි වර්ථමාන කතාවට ඒකෙ පොඩි සම්බන්ධයක් තියේදෝ කියලා හිතුනා..

    ReplyDelete
  5. Shadow/හේමලයා...

    "ඇත්තටම චීවරය දැරීමේ ප්‍රධන අර්මුණ ඉටුකොට ගන්නේ කීයෙන් කීදෙනාද?..."

    අන්න කතා කරන්න හොඳ මාතෘකාවක්.

    ඇත්තෙන්ම චීවරය දරන අයගේ ඒ සඳහා යොමු වූ අරමුණු නොදැන අප කොහොමද එහෙම කියන්නේ..?

    පුංචි ළමයෙක්ව මහණ කරද්දී ඒ ළමයාගේ සිත තුල ඇති අරමුණු මොනවගේද කියලා කියන්න පුළුවන්ද..?

    ReplyDelete
  6. දිල්...

    අපි නොදන්නා නෙවෙයි දිල් අපිත් දන්නා...

    ReplyDelete
  7. චේජනා...

    ලියන්නේ නැතිවාම නෙවෙයි..
    පොරොන්දු වෙන එක භයානකයි.

    ReplyDelete
  8. සිවුරට මුවා වෙලා ඔහොම නම් සාමාන්‍ය සමාජය ගැන මොකට කතා කරනවද ?.
    අපි අර ඕනෙම දෙයක් කරලා අන්තිමට කියන වචන සෙට් එක දැම්මානම් හරි " අපි ඉතින් පෘතග්ජන මිනිස්සුනේ "

    ඊලඟ කොටසත් බලන්නම වෙයි වගේ

    ReplyDelete
  9. Buratheno...

    පොඩි නෙවෙයි පුතා, ලොකු සම්බන්ධයක්...

    ReplyDelete
  10. හෙළයා...

    මිනිස්සු හරියට නොදන්න හින්දයි ඔය වචනේ පාවිච්චි වෙන්නේ..

    පෘතග්ජන කියලා හැමෝටම කියන්න බැහැ.
    මාර්ගඵල ලාභී විතරක් නෙවෙයි..
    තිසරණ සරණ ගිය කෙනෙකුට පෘතග්ජන කියලා භාවිතා කරන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ.

    ReplyDelete
  11. මාරයියේ ඉතුරු ටික නොලියා නම් ඉන්න එපා! අයියගේ කතා ටික එක හුස්මට කියවා ගෙන යන්න මාර ආසාවක් තියෙන්නෙ. තව දවස් කීයක් බලන් ඉන්න වෙයිද?

    ReplyDelete
  12. හැමෝම කට ඇරන් බලන්නෙ කතාවක්...සැබෑ ජීවිතේ ගොඩක් දේවල් කතාන්දර නෙමෙයි...සිද්දි විතරයි

    ReplyDelete
  13. Amila, "සියපත් විල"...

    අප්පච්චියේ උඹලා මාව අමාරුවෙ දානවා බං..

    ReplyDelete
  14. indi...

    මෙවාත් සිද්ධි විතරයි..
    බලන කෙනාට තමයි පුළුවන් ඒවා කතා බවට හරවගන්න.

    ReplyDelete
  15. හ්හ්ම්ම්, ඔන්න ඔක්කොම තියෙද්දි මේ පැත්තට ආවා.
    :)

    ReplyDelete
  16. මචං, උඹ මේ කියන කතා අනිවාර්යයෙන්ම ඇත්ත වෙන්න ඕන. මොකද මමත් පංසල සමග ඉතා ලඟින් සම්භන්ධ වෙලා හිටියා. උඹ මේ කියන සමහර කතා ඇත්තටම මමත් අත්දැකල තියෙනවා අපේ ගමේ පංසලේදි.

    ReplyDelete
  17. අයියෙ... අනිත් සැරේ මේ වගේ කතා ලියද්දි හාමුදුරුවන් වහන්සේලාට නම් දාල ලියන්න. එතකොට ට්‍රැක් එකේ ඉන්න ලේසියි, මේ වගේ සිදුවීම් දෙක තුනක් මමත් අත්දැකල තියෙනවා.ඊට පස්සෙ මම ආරණ්‍යගත ස්වාමීන් වහන්සේල ඇසුරට යොමු වුණා, ඇත්තටම තාමත් එහෙමමයි. ම්ම්.. දැන් නම් ආරණ්‍යවලට යන්නෙම නෑ. කොහෙ යන්නද ඉතින්. ලංකාවට ආවම තමයි යන්නෙ.

    ReplyDelete
  18. Ansh Lucky Sri Jay...

    ආන්න හොඳයි...
    මමත් ඉස්සර හිත අවුල් උනහම කරන්නේ පන්සලේ බොධිය යටට වෙලා ඉන්න එකයි..
    හිත නිවෙන ආකාරය හිතා ගන්නවත් බැහැ...

    ReplyDelete
  19. දුමී...

    එහෙම කෙනෙක්ට මෙවා තේරුම් ගන්න හරි ලේසියි..

    ReplyDelete
  20. වැම්පයර් ...

    ඔවු නම් දාන්න නං ඔනේ තමයි.
    වැඩෙ තියෙන්නේ නම් දාලා ලියන්න ගියහම දන්නෙම නැතිව ඇත්ත නම ලියවෙනවා..එතකොට ඒවා මක මක ඉන්න ගියහම හුගක් වෙලා යනවා.

    වැම්පයර් මලේ...
    මම මෙ කියන දේ ගැනත් ටිකක් හිතලා බලන්න.
    ගම්මාන නා නාගරික පරිසරය ඇසුරෙ තිඛෙන පන්සල් වල ඉන්න හිමිවරු අතරෙ පමණක් මෙම තත්වය තියෙනවා කියලා හිතන්න එපා.
    ඔයාලා කොහොම හිතුවත් ආරණ්‍යවල කියලා මීට වඩා වෙනස් තත්වයක් නැහැ.
    වැඩෙ තියෙන්නේ අපේ පන්සල්වල ඉන්න හාමුදුරුවරු නිතරම සමාජයත් එක්ක ඉන්න නිසා ඒ අයගේ සැබෑ ස්වරූපය නිකංම අනිත් අයට පේනවා.
    නමුත් ආරණ්‍යවල ඉන්න හිමිවරුන්ගේ සමාජයට නිරාවරණය වූ පැතිකඩ අඩුයි ඒ පසුබිම මත ඔවුන්ගේ සිතිවිලි හා ජීවන රටාව අපට පේනවා අඩුයි. එතනදී අපි දකින්නේ අපිට පෙන්වන දේ විතරයි.
    මෙන්න මෙක හිතන්නකෝ නියම ආරණ්‍යවැසි භික්ෂුවක් ඔයාලට කතා බස් කරන්නවත් හම්බ වෙයි කියලා මම හිතන්නේ නැහැ.ඔයාලට ටිකක් හරි කතා කරලා බණ දහමක් අහගන්න වෙන්නේ ආරණ්‍යවල සිටින පිළිගැනීමෙ නිලධාරී මට්ටමෙ අයයි.
    ඔයාටම මම කියන එකේ ඇත්ත නැත්ත දැනගන්න ඔනනං මම ආරාධනා කරනවා එක අවුරුද්දක් මහණ වෙලා බලන්න කියලා..
    ඒක ජීවිතයට පාඩුවක් කියලා හිතන්න එපා.

    මම මීට පෙරත් ලියලා තියෙනවා ඔයාට මතක ඇති මට තාමත් ඔයාලා කියන අන්දමෙ සුපිරිසිදු ශීලය රකින භික්ෂූන් වහන්සේලා ඉන්නවා උනත් මට තාම හම්බවෙලා නැහැ කියලා..
    ඒකට හේතුව තමයි එහෙම ඉන්න අය සමාජයට එන්නේ නැහැ. අඩුම තරමෙ ආරණ්‍යවල පිළිගැනීමෙ නිලධාරී තනතුරුවත් කරන්නේ නැහැ. එහෙම සමාජය ඉදිරියට එන අය ඉක්මනටම ලාභාපේක්ෂාව නිසා පහත වැටෙන ආකාරය මම දැකලා තියෙනවා.
    අපි කියන තරම් කරනකොට ලේසි නැහැ.
    ඒක ඒ අයගේ වරදක් හැටියට මම දකින්නේ නැහැ. ඒ තමයි සිතේ ස්වභාවය..

    ReplyDelete
  21. දැන්නං සමහර පංසල් වල ඉන්න නායක හාමුදුරුවරැන්ට කරත්තයක් දක්කන මිනිහෙකුට තියෙන මොලේ වත් නෑ.
    ඉතිරි කොටසත් කොහොමහරි ලියන්න.

    ReplyDelete
  22. බුද්ධ චීවරේ දරාගෙන ධර්මය දැන දැනත් පැවිද්දාට තියා ගිහියෙක්ටවත් ඔබින නැති වැඩ කරලා මේ මෝඩ මිනිස්සු මොන ලෝකෙට යන්නද දන්නේ නැහැ හිතන් ඉන්නේ ?

    ReplyDelete
  23. පරමාදර්ශී සංඝ සමාජයක් නොමැතිවීම ගැන නිතරම නැගෙන චෝදනාව ගැන වෙන විදිහකට බලන්ඩ බැරිද?
    අපි කන්ඩ දෙනවනම්, ලෙඩට දුකට බලනවනම් අපිට ඕනෙ විදිහට සීලෙ රැකපල්ලා කියන එක ඒකෙ ඇතුලේ නැද්ද?

    උදාහරණයකට වස්තු තණ්හාව අපි තුල තියෙනවා. ඒක බුදු දහමට අනුකූල නෑ කියලත් අපි දන්නවා. ඒත් ඒක එහෙමම තියෙද්දි හාමුදුරුවරුන්ට වස්තු තණ්හාව තියෙනවා කියල චෝදනා කිරීම කුහක කමක් නෙමේද?
    සංඝ සමාජය කියන්නේ අපි වෙනුවෙන් සීලෙ රකින්ඩ යොදවපු පිරිසක්ද?
    (මේ 'අපි' කියන එක ඇතුලේ මමත් ඉන්නවා)
    (ඔබගේ ඉදිරිපත් කිරීම අගෙයි. මේ සිදුවීම් ඔබේ මතවාදී මැදිහත්වීමකින් තොරව ගලා යන්නට ඉඩ හරිනවා.)
    වටිනා සංවාදයක්.

    ReplyDelete
  24. තන්හාව කියන එක ඔය හැමෝම ගාව තියෙනවා... මහන උනා කියලා ලොකු වෙනසක් අද කාලේ දකින්න් නැහ.

    බන කියන්න ගාන ගන්න... හාමුදුරුවරු නේ ඉන්නෙ....

    මේ මාර අයියේ.. මාරය අවුස්සගන්නෙ නැතුව ඉතිරි ටික දැම්මනම් හික් හික්.

    ReplyDelete
  25. Praසන්ன...

    ඇයි තවත් එකක්..
    කරත්තෙ දක්කන මනුස්සයට මහණ වෙලා පන්සලක් බලා ගන්න පුළුවන් උනත්, නායක හාමුදුරුවන්ට සිවුර ඇරලා කරත්තේ දක්කන්න පුළුවන් වෙවිද..?

    ReplyDelete
  26. Hasitha...

    අපි කවුරුත් මෙ යන විදියට ගියොත් යන්නේ කොහේද කියලා කවුරු දනීද..?

    ReplyDelete
  27. charmi...

    ඇත්තටම මට ඔයාලව එක්ක යන්න ඔන තැනක් තමයි අන්න එතන..

    දෙපැත්ත දෙපැත්තට චෝදනා කරනවා විනා.. කවුරුවත් තමුන්ගේ වැරදි දකින්න සූදානම් නැති එක තමයි මූලිකම දේ...

    ReplyDelete
  28. පිස්සා පලාමල්ල...

    මෙ මම් හැර තවත් එවුන් සිටීද..?

    ReplyDelete
  29. තෙරුවන්සරණ වෙවා!
    මාරයාගෙ ලිපි හොඳයි. නමුත්, සෑම දයකම දපැත්තක්
    තිබෙන බව සිහිතබාගත යුතුයි නෙද ‚මරයො” අපෙa රටෙත්, හොඳ සිල්වත් ස්වාමින්වන්සෙලා ඉන්නා බව මාරයාට දන්වාසිටිමි• මරයො‚ නුඹ කළකිරුණු සිතින් අදහස් පකාශ කරන්නෙ නeතුව මෙපිළිබඳව සොයා බeලුවද• මා අවුරුදු 15කට වැඩි කාලයක්, බොහොම හොඳ ස්වාමින්වහන්සෙලා ඇසුරුකරමි. ඒ වගෙaම පන්සල්තුල අතලොස්සක් පමණ හොඳ ස්වමින්වහන්සෙලා ඇතිබව දනිමි, දකිමි, ඇසුරුදකරමි.
    අපෙa ලඟට ඒ ස්වමින්වහන්සෙලා එන්නෙ නeත. අවශය අය විසින් ඵවeනි උත්තමයන් සොයා ගතයුතුයි නෙaද ‚බොල මාරයො•
    මෙය පින්වත් මාරයා කෙරෙහි දවෙශයෙන් නොලියූ බව, මාරය තා විසින් අපවෙත කාරුණික වෙව. බුදු වදනකින් ඒ බව තට තහවුරු කරන්නෙමි. “අත්ථිකෙහි උපඤඤතො මග්ගො” එහි තෙරුම නම්, ‘සොයන්නාට මාවත ඇත’යන්නයි•
    පින්වත් මාරය තට යහපතක්ම වෙවා‚
    මිට‚
    වසවර්තියා
    2010-7-29

    ReplyDelete
  30. Ano හෙවත් වසවර්තියා...

    අපෝයි මම නැහැ කිව්වැයෑ.. ඉන්නවා ඉන්නවා..ඒත් මම කියලා තියෙන්නේ මට තවම හම්බ වෙලා නැහැ කියලා නෙව.
    මම නම් ඉතින් හුගාක් හොයාගෙන ගියේ නැහැ. ඒත් ඉතින් ඔය හිටපු අවුරුදු පහට හාමුදුරුවරු පණහක් හැටක් පමණ ඉතා ළගිනුත්, තවත් දෙතුන් සීයක් තරමක් අතේ දුරිනුත්, තවත් දහසකට වඩා වැඩි පිරිසක් දුරිනුත් ඇසුරු කරන්න ලැබුණා.
    ඒ අතර නායක පදවි නිසා බැබැළුන අයත්, සිල්වත් බව ප්‍රදර්ශනය කිරීම නිසා බැබළුන අයත් බොහෝම හිටියා.
    මම මෙ ලිපි පෙළ ලියන්න ගත්තේ කාටවත් පහර ගහන්න නෙවෙයි. නමුත් ඔබ ඉදිරිපත් කළ අදහස නිසා මට හිතෙනවා මම රටාව බිඳ දාලාදෝ කියලා...
    කොහොම උනත් මම ලියන්න කළින් තවත් පාරක් හිතන්නම්.
    හැබැයි මම කැමති නැහැ ඇතුළාන්තය සගවා තබා උඩින් සුදු හුණු ගාන්නනම්..
    මම කැමති වැරදි කෙළින්ම පෙන්වා දීලා..ඇයි ඒ දෙය එහෙම වෙන්නේ කියලා විග්‍රහ කරන්නයි...එවන් විග්‍රහයකට කියවන්නාගේ සිත යොමු කරවන්නයි.
    එහෙම නැතිව බුදු සමයට පහර ගහන්න බලාගෙන ඉන්න අන්තවාදීන්ට උඩ ගෙඩි දෙන්නවත්, සියල්ල නිවැරදිය කියලා හිතාගෙන කටයුතු කරන ශ්‍රමණ ප්‍රතිරූපකයින්හට ආවඩන්නවත් නෙවෙයි.
    සියල්ලෝ කමත්වා.

    ReplyDelete
  31. තෙරුවන් සරණ වෙවා
    පින්වත් මාරය‚ බය නොවි මෙහෙම යමු • සමහරවිට අeතුලත තිබෙන කුණු ඔක්කොම නeතත් ටිකක් හො එලියට ඵ්වි •
    පින්වත් මාරයො‚ මෙම සංවාදයට සිංහල නිවeරදිව කරන විදිය අනඅයටත් කියා දෙනවා නම්‚ මෙම සංවාදය අර්ථවත් වෙවි •
    කලින් වතාවෙ එවනලද අදහස් බොහොම අමාරුවෙන් තමයි ගලපාගත්තෙ, ඵ් නිසයි මෙහෙම ලියන්න හිතුනෙ •
    මිට
    වසවර්තියා
    2010-8-1

    ReplyDelete
  32. Ano හෙවත් වසවර්තියා...

    http://ucsc.cmb.ac.lk/ltrl/services/feconverter/?maps=s_dlm-u.xml

    පාවිච්චි කරලා බලමු.

    ReplyDelete