25 July 2010

පෝය ඩේ හොලිඩේ...

අද ඉතින් ඉරිදා නෙව..
කවුරුත් පාහේ කියන්නේ විවේකී ඉරිදා කියලානං තමයි..ඒත් ඉතින් ඒකේ ඇත්ත නැත්ත දන්නේ ඉරිදා තියෙන විවේකයේ තරම දන්න අයම තමයි.
කොහොම උනත් ඉරිදා ඉතින් රජයේ නිවාඩු දිනයක්නේ..
ඒත් ඔය නිවාඩුව පෞද්ගලික අංශයේ සේවක මහත්තුරුන්ටනම් දැන් බොහෝ විට අහිමිව ගිය වරප්‍රසාදයක් වෙලා කියලයි මට හිතෙන්නේ...
ඒත් අද නං ඒ ඇත්තන්ටත් ඉරිදා නිවාඩුව බොහෝ දුරට ලැබිලා ඇති..ඒකට හේතුව අද ඉරිදා විතරක් නෙවෙයි පෝයත් අදනේ..

"පෝය ඩේ හොලිඩේ" කියලා තමයි ඔං මං අහලා තියෙන්නේ...

මෙ ඉතින් ඇසළ පෝයනේ.. අපේ පන්සල්වල වස් වසන්නේත් ඉතින් මෙ පෝයට තමයි..

අර පන්සලේ ඉස්සරහ

"අයං වස්සාන කාලෝ "

කියලා පොඩි පහේ දැන්වීමක් එහෙම ගහන කාලේ..දැකලා ඇතිනේ නේද..
ඒක ගහන්නේ වස් වසපු හිමිවරුන්ට පන්සලෙන් බැහැරට වඩිනකොට මෙ වස් කාලය කියලා මතක් කරලා දෙන්නයි.
එතකොට ඒක දකින හිමිවරුන් වස් අධිෂ්ඨාන කොරගෙන තමයි බැහැරකට වඩින්නේ...

මං උන්නාන්සේත් හිටපු තැනම උන්නනං අද ඉතින් මෙ වෙන කොට වස් වසන්නට සූජානං වෙනවා නෙව..
ඇත්තටම කිවුවොත් වස් වසන්නේ අද නෙවෙයි හෙටයි.. අද කෙරෙන්නේ පළාත් වාසී මහ සඝරුවන පෝය සීමාවකට රැස් වෙලා ඇවැත් දෙසලා සිල් පිරිසිදු කොරාන ප්‍රාතිමෝක්ෂය එහෙම දේශනා කරන් හිටන් මූලික සූදානංවීම තමයි...

හිටියනං ඉතින් මගේ මෙ හයවෙනි වස් කාලය වෙන්ට ඔන මට මතක හැටියට...දැන් ඉතින් ඒවා සුං..සුනේ සුං..

ඉතින් පෝය ගෙයි විනය කර්ම කොරලා අහවර වෙලා..
ආපහු පන්සලට වැඩියට පස්සේ..ගම්මු එකතු වෙලා අර වස් වැසීම සඳහා සුදුසුකං ලබපු හිමියන්ට වස් ආරාධනාව කරනවා.

මෙක කරන්නේ සියළුම ගම්මුන් අතුරින් එක් අයකු විසින් තමයි..
ඊට පස්සේ ඉතින් හෙට හවස් වන්ට කළියෙන් ආරාධනාව බාරගත් උන්නාන්සේ බුදුන් වැඳලා වස් සමාදන් වෙනවා..

ඔය විස්තර පස්සේ කියමුකෝ..වස් වැසීම ගැන වෙනම ලිපියක් පහු කාලෙක ලියන්ට බැරියෑ..

ඉතින් අද මෙ මට විවෙකී ඉරිදා දවසේ ඔය බර බර කතාන්දර ලියන්ට බැහැ.. හැබැයි ඉතින් විවෙකී කිවුවට මාත් උදේ ඉඳලා ගෙදර දොරෙ වැඩ කටයුතු කම්මුතු කොරලා අහවර උනේ දැන් තමයි..

ලේසි වැඩක්ය..
උයන්ට පිහන්ට..
ගේ දොර අස්පස් කොරන්ට..
රෙදි හෝදන්ට..නාන්ට ගියහම වරුවක් ඉවරයි නෙව..

දැන් කල්පනාව මෙක කොටලා හමාර කොරලා දාලා ටිකක් නිදා ගන්ටයි කියලා තමයි.
ආ ඊට කළින් බාගෙට බලාපු චිත්තරපටි කෑල්ලකුත් තියෙනවා..ඒකත් බලලාම ටිකක් ඇල උනානම් හොඳා..

ඉතින් එහෙනං ඔං මං ගියා...

22 comments:

  1. දැන් නම් නිදි ඇති... ඒහන්දා මේ කමෙන්ට් එක එච්චර සද්ද නැතුව ඔන් මං දැම්මා :d

    ReplyDelete
  2. අහ්, විවේක සුවයෙන් ඉන්නවා වගේ.
    අනේ මන්දා මං ගැන නම් ඉතින් මොනවා කියන්නද අයියේ..
    ගින්දරෙන් තමයි එළි වෙනකම්.

    ReplyDelete
  3. ම්ම්.. මමත් අද චිත්‍රපටියක් බැලුව. කරාටේ කිඩ් 2010. අයිමැක්ස් ආවට ඒක අයිමැක්ස් නෙවෙයි වගේ. ‍ෆිල්ම් එක නම් අවුලක් නෑ, ජේසන් ස්මිත් තාත්ත වගේම හොඳට රඟපානව. ජැකී චෑනුත් එළ (අහ්හ් තාත්ත විල් ස්මිත්)

    ReplyDelete
  4. පෝය දවසේ වෙන මොකුත් තිබහටවත් කරන්න බැරි එකේ නිදා ගත්ත එක හොඳයි හික් හික්... දැන් නැගිටපන්....

    ReplyDelete
  5. රස්සාව කරල මහන්සි වෙලා ඇවිල්ල තව උයන පිහන,රෙදි හෝදන, ගෙවල් අස් කරන වැඩ එහෙම කරන එක හරි අමාරුයි නේද....නරකද කාව හරි හොයා ගත්තොත් උදව්වට?

    ReplyDelete
  6. අනේ පෞද්ගලික අංශය ගැන කුමන කතාද? ඕං අපි අදත් වැඩ.. මරන්න ගෙනියනවා වගේ වැඩට ගියේ..

    ReplyDelete
  7. වැප්...

    හොඳ මලයා..අන්න එහෙමනේ ඉන්න ඔන..

    ReplyDelete
  8. Ansh Lucky Sri Jay...

    මටත් දුකයි..ඒත් ඉතින්..?
    ටිකක් විවෙකයෙන් ඉන්න එපැයි..
    හැබැයි ගතට වගේම හිතටත්..
    මම හිතන්නේ ඔයාගේ හිතටත් විවෙකය අවශ්‍යයි..
    ඒත් ඒ විවෙකය ගන්න ඔයා සූදානම් වෙනකල් හිතේ ගින්දර නිවන්නනං විදියක් නැහැ.

    ඔයා ඔයාගේ හිත ගැන හිතලා තියෙනවද..?

    ReplyDelete
  9. Shadow/හේමලයා...

    අඩෙ මෙන්න හේමලයාත් නිදි..
    ඇත්ත නේන්නම් මම නිදි නම් උඹත් නිදන්න එපැයි අනිවාරියයෙන්ම...

    ReplyDelete
  10. වැම්පයර්...

    මාත් ළගදී බැළුවා..

    ඒත් ඉතින් අර අපිට පුරුදු ජැකී උන්නැහේ නෙවෙයි නෙවෙයි වගේ..
    චරිතය නිසා තමයි වෙනස..ඒත් ඉතින් ලොක්කාගේ කොමිට් කෑලි නැති ෆිල්ම් බලන්නත් නිකං බෑ බෑ වගේ...

    ReplyDelete
  11. පිස්සා පලාමල්ල...

    අපොයි ඔව්.. අද මම සීල් ගත්තනේ...

    ReplyDelete
  12. දිනිත්...

    අර තපසට ගිය එකා මී කරදරෙන් ඛෙරෙන්න බළලෙක් හැදුවා වගේ හිටී...අනෙ අම්මෝ...

    ReplyDelete
  13. ෆා ද බ්ලොගී...

    අනිච්ඡෙ දුක්ෙඛ්

    ReplyDelete
  14. ගෙදරට වෙලා නිදාගෙන කොහොමෙයි රටක් දියුණු කොරන්නෙ......
    අපි නං අදත් වැඩ!
    දැන් තමයි ඕං ගෙදර ආවෙ.
    ජයග්‍රාහී අඛණ්ඩ තෙවෙනි සතිය හෙට සිට!

    ReplyDelete
  15. උන්නැහේ...

    දැන් ඔය රට දියුණු කරනවාය කියලා උන්නැහේ මොකක්ද කොරන වැඩෙ..
    ඇත්තටම දියුණු වෙයිද..?
    ඈ ආයිබෝං ඔය දියුණුව කියන්නේ කොහොම එකක්ද..?
    මිනිස් වරිගේ එකාලාව රෝබෝලා කරනවා වගේ එකක්ද..?තරහා අවසර..හුහ්..හුහ්..

    ReplyDelete
  16. ඉතිං බැඳහල්ලකො උත්තර...

    දැං නිදිමතයි බාං... පස්සෙ දවසක කියන්නංකො අපි රට දියුණු කොරන හැටි.
    කිව්වට මොකෝ එපා වෙලා තියෙන්නෙ මේ සුමේ කොරලා. ඇත්තම රොබෝල උනානං මීට වඩා ලේසිවෙයි මයෙ හිතේ.

    ReplyDelete
  17. උන්නැහේ...

    අපොයි උන්නැහේ නිදා ගත්තම මෙක දියුණු කොරන්නේ අහවල් එකාද..?
    නිදන්ට එපා අයියා නිදන්ට එපා..

    ReplyDelete
  18. ෆුල් මූන් පෝය ‍ඩේ.

    ReplyDelete
  19. Praසන්ன...

    Half moon පෝය ඩෙ ඉතින් නිවාඩු නැහැනේ...

    ReplyDelete
  20. පොඩි ප්‍රශ්නයක් තියෙනව. "පෝය ගෙයි විනය කර්ම" කියන්නෙ මොකක්ද? සෑහෙන්න කාලෙක ඉදන් මට තියෙන ප්‍රශ්නයක් ඕක.

    ReplyDelete
  21. Uditha Umesh...

    කෙටියෙන් උත්තර දෙන්න අමාරු ප්‍රශ්නයක් මම වෙලාවක පෝස්ට් එකක් දාන්නම් ඒ ගැන.

    ReplyDelete